ලිංගිකත්වය යනු පොදු ලක්ෂණයකි.. මිනිසාගේ මූලික අවශ්‍යතා අතුරින් එකකි. නමුත් මෙම පොදු කාරණාව සමාජයට දැනෙන්නට සලස්වන්නේ කෙසේද යමකුගේ කල්පනාවන් හැඟීම් හැසිරීම් මෙන්ම ස්ත්‍රී ද පුරුෂ ද යන්න ප්‍රකාශ කිරීම තුළින් බාහිර ලෝකයට කෙරෙන ප්‍රකාශය නැතහොත් හැඳින්වීම් ලිංගිකත්වය ලෙස හැදින්විය හැක.
මෙම ලිංගිකත්වය සහ ළමා මනස යන කාරණාව අධ්‍යතනය වන විට ප්‍රබල සමාජ ගැටළුවක් බවට පත්වී ඇත. නමුත් මෙය කෙතරම් සමාජය තුළ කතා බහට ලක් කරනු ලැබුවද තවදුරටත් සමාජය තුළ සිදුවන විවිධාකාරයේ ක්‍රියාදාමයන් වැළැක්වීම උදෙසා එය අපොහොසත් වී ඇත. ලිංගිකත්වය සහ ළමා මනස යන කාරණාව පිළිබඳව විමර්ශනය කිරීමෙහි දී ළමයා යන්න වැදගත්ය. අව්‍යාජත්වයේ හා සුන්දරත්වයේ විශ්වමය සංකේතය වශයෙන් ළමයා හඳුනාගත හැකිය. ළමා මනස සෑම අවස්ථාවකදීම කුතුහලයෙන් පෙළේ. 1970 දශකයේ Michael Rutter ගේ පර්යේෂණ කටයුතු හේතුකොට ගනිමින් ළමා මනෝවිද්‍යාවේ විශාල වෙනසක් 1980 වකවානුවේ සිදු විය. මේ සඳහා පළමු සමීක්ෂණය 1970 දී ලන්ඩන් සහ Isle of wight නගරවල වයස 9 සිට 11 දක්වා වූ ළමුන් මගින් සිදු කෙරිණි. මේ මගින් ළමා මනෝ විද්‍යාවට අදාළ වැදගත් ප්‍රශ්න රාශියක් කේන්ද්‍ර ගත කර තිබිණ.
ලිංගිකත්වය සම්බන්ධයෙන් ළමා මනස පිළිබඳව අධ්‍යනය කරන විට දී බෙහෙවින් කුතුහලය ජනනය කරනු ලබන මානසිකත්වයක් ඔවුන් සතුවේ. පාසල් අධ්‍යාපනය සහ පවුල තුළින් දරුවාට නිසි ලිංගික අධ්‍යාපනයක් මඟින් ලිංගිකත්වය පිළිබඳව ස්ථිරසාර ප්‍රථුල සංජානනයක් ලබා දෙන්නේද යන්න පිළිබඳව අධ්‍යතනය වන විට ප්‍රබල ගැටළුවක් මතුවී තිබේ.
පාසල් අධ්‍යාපනය මඟින් විවිධ විෂයයන් හරහා ළමුන් වෙත ලිංගික අධ්‍යාපනය ලබාදීම සඳහා උත්සාහ දරා ඇත. එහිදී ළමුන් තුළ ඇති කුතුහලය කෙතරම්දයත් එම කෘති තමා අත පත් විගස එම ළමුන් සැනින් අවධානය යොමු කරන්නේ තමනට කුතුහලය ගෙන තුන් එම පරිච්ඡේදය වෙතය. නමුත් වත්මන් ගුරුවරුන් සිය අවධානය අවම වශයෙන් යොමු කරන්නේ ද අදාළ පරිච්ඡේදය වෙතටය. මේ සමාජය තුළ කතාබහට ලොක් නොකළ ද ප්‍රබල ගැටළුවකි.
මෙම ලිංගික අධ්‍යාපනය නිසි පරිදි ළමුනට නොලැබීම හේතු කර ගනිමින් ළමා අපචාර යන ට සහ ලිංගික හිංසන වලට හිංසන වලට ළමුන් වැඩි වශයෙන් ගොදුරු වීම වළක්වා වලක්වා ගත නොහැක. ළමා අපචාර යනු ළමයාගේ කායික මානසික වර්ධනයට මෙන්ම සෞඛ්‍යයට හානි වන ලෙස ළමයා වේදනාවට පත් කරවන අයහපත් ක්‍රියාවන් ය. ළමා අපචාරයන් අතුරින් ළමයාට මානසික වශයෙන් ප්‍රබල බලපෑමක් කළ හැකි වන්නේ ලිංගික අපචාර හරහා ය. එය එම දරැවාගේ ජීවිත කාලය තුළටම වලංගු විය හැකි කාරණාවක් විය හැක. ලිංගිකත්වය සම්බන්ධයෙන් සහානුභූතිය ළමයා තුළ ගොඩනැඟීම වැදගත් වේ. එමගින් සමාජය තුළ ළමයා සම්බන්ධයෙන් නිර්මාණය වන ගැටලු රැසක් අවම කර ගැනීමට හැකියාව ඇතිවේ.
ඩබ්.ඒ.කේ.එන් විජේසිංහ
ජනමාධ්‍ය අධ්‍යනාංශය
කොළඹ විශ්වවිද්‍යාලය
ශ්‍රී පාලි මණ්ඩපය
No comments:
Post a Comment