අද්‍යතන වසංගත තත්වයන් හමුවේ සාම්ප්‍රදායික දැනුම හා මිත්‍යාව
මිනිසා කාර්මික විප්ලවයට පෙර යුගය තුළදී ආධ්‍යාත්මක සංකල්පය උදෙසා නැඹුරු වී සිටි අතර සහ කාර්මික විප්ලවය නැගීමත් සමගම පුනරුදය මගින් මිනිසාගේ සිතීමේ අවකාශය පෘථුල විය. කාල් යාමේදී විද්‍යාව සහ තාක්ෂණයේ දියුණුවත් සිදුවූ පෙරළියත් සමගම විද්‍යාඥයන් පර්යේෂකයින්ගේ විවිධ පර්යේෂණ සහ අත්හදා බැලීම් ක්‍රමවේදයන් මගින් වෛද්‍ය විද්‍යාව තුළ දැඩි ලෙස වෙනස්කම් රැසක් සිදු වීම දක්නට ලැබේ. එහිදී එක් එක් සංස්කෘතියට එක් එක් රාජයන්ට ආවේණික වූ දේශීය වෛද්‍ය සම්ප්‍රදාය මගින් ගොඩනැගුණු සාම්ප්‍රදායික දැනුම අභියෝගයට ලක් වීමක් සිදුවිය.
වසංගත තත්වයන් ආරම්භ වීමත් සමඟම මිනිසා මෙම ක්‍රම ද්විත්ව ඔස්සේම එම වසංගතයට අදාළ ප්‍රතිකාර අපේක්ෂාවෙන් පෙළුනු අතර කෙසේ වෙතත් මෙම කොරෝනා වසන්ගතය මැඩපැවැත්වීමට අදාළ නිශ්චිත ඖෂධයක් තවමත් සොයාගෙන නොමැත. සොයා ගනු ලැබූ ඖෂධයන් ද මගින් සිදු වන්නේ වසංගතය පාලනය කිරීමක් පමණි.
ඉංග්‍රීසි වෙදකම තුළ කොරෝන වසංගතය මැඩපැවැත්වීමට අදාල ඹෟෂධ රැසක් සොයා ගනු ලැබූ අතර එම එන්නත් කරන ක්‍රියාවලිය මගින් සිදුවන්නේ වසංගත තත්වය පාලනය කිරීමක් පමණි. මෙම වසංගතය ලෝකයේ ව්‍යාප්තියත් සමග ම එය ලෝක ව්‍යාප්ත වසංගතයක් බවට පත් වී ඇත. ව්‍යාප්ත වසංගතයක් ලෙස හඳුන්වන්නේ රාජ්‍යයන් ගණනාවකම එකම අවස්ථාවේ පැතිර යන රෝගයකි. කොරොනා වෛරසය පැතිරයාම ලෝක ව්‍යාප්ති වසංගතයක් (pandemic) බවට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත.
මෙම වසංගත තත්වයන් හමුවේ ආසියාතික රාජ්‍යයන් (Asian Countries) පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වනුයේ දේශීය වෛද්‍ය ක්‍රම සහ සාම්ප්‍රදායික දැනුම පදනම් කර ගනිමින් රෝගයට ප්‍රතිකාර කරනු ලබන රාජයන් හඳුනා ගැනීමට ලැබීම ය. විශේෂයෙන් ම සාම්ප්‍රදායික දැනුම තුළ රෝගය පාළනය කළ හැකි ක්‍රම හඳුනා ගැනීමට හැකියාව ලැබේ. නමුත් එමගින් ද වෛරස කෙතරම් දුරට මැඩ පැවැත්විය හැකිද යන්න ගැටුමක් ඉස්මතු වී තිබේ.
සොයාගන්නා ලද දත්තයන් අනුව පැවසිය හැක්කේ මෙම සම්ප්‍රදායික දැනුම මගින්ද සිදු වන්නේ වසංගත තත්ත්වයන් පාලනය කිරීම හරහා මිනිසාගේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ඉහළ දැමීමක් සිදු වන බවයි.
විවිධ බෙහෙත් කැඳ පාන වර්ග මගින් මිනිසාගේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ඉහළ නැංවීමට අදාළව සාම්ප්‍රදායික දැනුම මගින් ප්‍රතිකාර සිදු කරනු ලබයි.
කෙසේ වෙතත් මිනිසාගේ මෙම අධ්‍යතන වසංගත තත්වයන් හමුවේ ඇතැම් අවස්ථාවන්හිදී අසරණභාවයට ලක්වීමේ ප්‍රතිඵලයක් ලෙස අන්ධ භක්තිකයෙක් ලෙස ක්‍රියා කරන ආකාරය හඳුනා ගැනීමට ලැබී ඇත. නවීන විද්‍යාත්මක ක්‍රම ඔස්සේ වසංගත ක්‍රියාවලියට අදාළ ප්‍රතිකාර සොයා ගනු ලැබුවද දේශීය වෛද්‍ය ප්‍රතිකාර මඟින් ම වසංගතයට පිළියම් සොයා ගනු ලැබුවද මිනිසා තවමත් පෙර තිබූ ගල් යුගය තුළම එල්බ ගෙන සිටින මානසික මට්ටමක ක්‍රියා කරනු ලබන ආකාරය පෙනී යයි.
මෙලෙස මිනිසා මිත්‍යාව පසුපස හඹායන්නේ ඇයි ද යන වග ප්‍රශ්න කිරීමට කාලය එළඹී තිබේ. විශේෂයෙන්ම පසුගිය කාල වකවානුව තුළ ඉන්දියාවේ කොව්ඩ් 19 වෛරසයක් ආරක්ෂා වීම සඳහා ඇතැම් ජනයා ගවයින්ගේ මළ සහ මුත්‍රා ශරීරයේ තවරා ගැනීම සහ භාවිතා කිරීම හැඳින්විය හැක.
එහිදී වෛද්‍යවරුන් සදහන් කර ඇත්තේ කොව්ඩ් වෛරසයෙන් ආරක්ෂාව ලැබීම සඳහා සිදු කරනු ලබන එවැනි ක්‍රියාවන් හි දී කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බවයි.බටහිර ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ ඇතැම් පුද්ගලයින් සතියකට වරක් ගව ගොම හා මුත්‍රා මළ මගින් සිරුර ආවරණය කර ගැනීමට ගවගාල් වෙත යන්නේ එය ඔවුන්ගේ ප්‍රතිශක්තිය ඉහළ නංවනු ඇතැයි බවට සහ කොරෝනා වෛරසයෙන් සුවය ලබා ගැනීමට උපකාරී වනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි.
එමගින් මිනිසා තුළ තුළ අන්තර්ගත වනු ලබන මිත්‍යාව සහ ගෝත්‍රික මානසික චර්යාවෙන් මුදවා ගැනීමට අධිකාරිත්ව යක් සහිත මැදිහත්වීමක් අවශ්‍ය වනු ඇත.
කොව්ඩ් ව්‍යාප්තිය සඳහා විකල්ප ප්‍රතිකාර ලබා ගැනීමට එරෙහිව ඉන්දියාවේ සහ ලොව පුරා සිටින වෛද්‍ය විශේෂඥයන් විසින් නැවත නැවතත් අනතුරු අඟවා ඇත්තේ මිත්‍යා විශ්වාස ව්‍යාජ ඖෂධ සඳහා නැඹුරු වීම මගින් වෙනත් රෝග තත්ත්වයන් හෝ අතුරු ආබාධ ඇති විය හැකි බවයි. එසේම කොව්ඩ් 19 වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිය ඉහල නැංවීම සඳහා ගවමළ හෝ මුත්‍රා ක්‍රියාකරන බවට ස්ථිර විද්‍යාත්මක සාක්ෂි නොමැති බවත් මෙමගින් වෙනත් රෝග සතුන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වීමට හැකියාවක් ඇති බවත් වෛද්‍යවරු පෙන්වා දෙයි.
විශේෂයෙන්ම මෙරට කොරෝනා සුව කිරීම සඳහා වෛද්‍ය එලියන්ත වයිට් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද ගංගාවලට පැන් කල දැමීම මිත්‍යා සහගත ක්‍රියාවකි. එහිදී මෙරට සිටි ප්‍රධාන පෙළේ මැති ඇමැතිවරුන් විසින් එම එවන් කටයුතු සඳහා දායකත්වය සැපයීම සමස්ථ සමාජය ඉදිරියේ ම මිත්‍යාව වැපිරීමකි.
විද්‍යාත්මක පදනමක පිහිටා සාකච්ඡා කරන කළ කලයක් ජලයට දමා ලෙඩ සුව කළ හැකි නම් එවන් අවස්ථා ප්‍රකාශ කරන ලෙස ප්‍රශ්න කළ හැක. කෙසේ වෙතත් විද්‍යාව හා තාක්ෂණය මෙතරම් ප්‍රමුඛ වී ඇති යුගයක මිනිසා ගෝත්‍රික මානසිකත්වය තුළ තවමත් ජීවත් වන්නේ ඇයි දැයි තවදුරටත් ප්‍රශ්න කළ හැකිය. ආදි ජනයා ජීවත් වූ ගස් ගල් වන්දනා මාන කරන යුගයකට අප නැවතත් ගමන් කරන්නේ ඇයිද.
කෙසේ වෙතත් අවසානයේ ඉස්මතු කළ හැක්කේ මිනිසා මෙලෙස මිත්‍යාව පසුපස හඹායන්නේ ආධ්‍යාත්මික ජීවිතය සුවපත් කර ගැනීම උදෙසා විය හැකි බවයි. එනම් රෝගී පුද්ගලයකු හට කායික මෙන්ම මානසික සුවය ද අත්‍යවශ්‍ය වේ. මෙලෙස අන්ධ භක්තික ක්‍රියාවලින් හරහා ඔවුන් මානසික සැනසීමක් අපේක්ෂා කෙරේ.
ඩබ්.ඒ.කේ.එන් විජේසිංහ