Tuesday, 7 December 2021

සංහතික මාධ්‍යයේ ප්‍රභවය හා විකාශය

සංහතික මාධ්‍යයේ ප්‍රභවය හා විකාශය

සංහතික මාධ්‍යයේ ප්‍රභවය හා විකාශය මානව  ප්‍රගමනයට  බලපාන ආකාරය
ප්‍රාග් ඓතිහාසික යුගයේ දී  මානවයා සිය සන්නිවේදන කටයුතු අවාචික සංඥා සංකේත යොදා ගනිමින් එකිනෙකා සමග සන්නිවේදනය කර ගන්නා ලදී. මානවයා තම දේශගුණික හා කාලගුණික තොරතුරු ශ්‍රාවකයෙකුට හෝ තමාට ම සන්නිවේදනය කර ගනු ලැබුවේ භාෂාවේ ප්‍රභවය ට පෙරාතුව සිට ය. එනම් ප්‍රාථමික සංඥා සංකේත ආරම්භ වී  වාචික සන්නිවේදනය ද බිහිවී දියුණු විය. මේ ජීව  විද්‍යාත්මකව හඳුන්වන්නේ උත්තේජන ප්‍රතිචාර තත්වයක් ලෙසය. මුල් කාලයේ දී  දී මෙහි පැවති අතිශය ප්‍රාථමික ස්වරූපයකි එනම් අංගචලන , විවිධ ශබ්ද ගිනිමැලය , වන සන්නිවේදන උපක්‍රමයි. එ නම් සතුන් භාවිතා කරමින් අතීතයේ පැවති දූත සන්නිවේදනය අඩබෙර , හූ කීම කොළඅතු ඒල්ලිම , ඝණ්ඨාව විවිධ පාට වර්ග වලින් කරනු ලැබූ සංඥා , හංවඩු ගැසීම ආදි ය ප්‍රාථමික සන්නිවේදන ස්වරූප යෙදී සන්නිවේදන කාර්යය ඉටු කරන්නට විය. තව දුරටත් අතීතයේදී අල්තමීරා ලැස්කෝ ගල් ගුහා ආදියෙහි අඳින ලද සිතුවම් පිළිබඳ විමර්ශනය කිරීමේ දී අතීතයේ ප්‍රාග් මානවයා තම සිතෙහි හටගත් සිතුවිලි සන්නිවේදනය හරහා අනිකාට ප්‍රකාශ කිරීමට ගත් උත්සාහය අගනේ ය. 

සංහතික මාධ්‍යයේ ප්‍රභවය පිළිබඳ විමසා බැලීමේදී වටහා ගත හැකි කරුණ නම් ඒ සැනකින් සංවර්ධනය නොවූවක් යන්නයි. අතීතයේ සිට වර්තමානය දක්වා ගමන් කිරීමේදී සංනිවේදනය යනු විවිධාකාරයෙන් වෙනස් වෙමින් විවේචනයට ලක් වෙමින් විවිධ විද්වතුන්ගේ විවිධ අදහස් තුළට තුළට භාජනය වෙමින් පැමිණි සංකල්පයකි. මෙම සන්නිවේදන යන සංකල්පය හරහා "සංහතික මාධ්‍ය මාධ්‍ය" සුවිශේෂී අංග නිර්මාණය වී ඇත. 

ඒ අනුව සන්නිවේදනය පිළිබඳව විවිධ විද්වතුන් විවිධ අදහස් පලකොට ඇත මෙහිදී නිර්වචන කෙරෙහි අවධානය යොමු කිරීමට ප්‍රථම සන්නිවේදනය අර්ථ විමසා බැලීම වැදගත් වේ සන්නිවේදන යන්න හැඳින්වීම සඳහා ඉංග්‍රීසි භාෂාවේ "communication" යන අර්ථය භාවිතා කෙරේ මෙහිදී වචනය ඛණ්ඩනය කර බැලීමේදී , munis යනු කිසියම් කාර්යයක් කරන්නා හැඳින්වීමට ලතින් භාෂාවේ එන වචනයකි. Communis යනු වෙන් ගම්‍ය කෙ රෙන්නේ බොහෝ පිරිසක් අතර රැඳී  ඇත යන්නයි. එමෙන් ම විකාශනය යන අර්ථය උද්දීපනය කරයි. Communicare යන්නෙන් හුවමාරු කරගැනීම බෙදාගැනීම හෝ පොදු බවට පත් පත් කිරීම ඇමැතීම යන ආදිය අරැත් ගම්‍යවේ. ඉහත අර්ථය වර්ධනය බිම ආශ්‍රිතව communication  යන්න බිහි වී ඇත. සිංහල භාෂාවේදී මෙය විඥාපනය සම්ප්‍රේෂණ යනාදී ලෙස ද හඳුන්වනු ලබයි. 

තව දුරටත් විග්‍රහ කිරීමේ දී සං - නි යන උපසර්ග දෙකෙන් නිර්මාණය වී ඇති පදයක් බව පෙනේ. "විද්" වේදනය යන ධාතුවෙන්  සකස් වී ඇති අතර "සං" යන උපසර්ගයෙන් සම්බන්ධ වූ ඒකා බද්ධ වූ යන අර්ථයත් ප්‍රක්ෂේපණය වේ. මෙහි සරල අර්ථය වන්නේ අදහස් තොරතුරු මත හා දැනුම යනාදිය  මනා ලෙස හුවමාරු කර ගැනීමේ නැතිනම් සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රියාවලිය යන්න යි. මෙය අතීතයේදී සංඥා සංකේත නිර්මාණය නිර්මාණ සන්නිවේදනය ඔස්සේ ද සිදුවිය. 

සන්නිවේදනය පිළිබඳ නිර්වචන රැසක් නිර්මාණය වී ඇත  
"Who said it , what was said , in what channel it was said to whom it was said and with what effect"  
  
Harold Lasswell 

"ඔබ්බට ගොස් සුරක්ෂිත කර ගැනීමත් උපකාරවන උපක්‍රම සන්නිවේදන ඇතුලට වැටේ" 
සමාජ විද්‍යාඥ චාල්ස් කුලී 

පුද්ගලයන් දෙදෙනෙකු අතර එක සමාන මනෝ වෘත්තයක් ඇතිකරලීම සන්නිවේදනයයි 
මහාචාර්ය විල්බර් ශ්‍රාම්


සන්නිවේදන යනු කුමක්ද යන්න  පිලිබඳව ගැඹුරින් විග්‍රහ කිරීමේ දී පෙනී යන්නේ එය අදාළ සමාජ වපසරියට අනුකූල වන බැවින් මිනිස්සුන්ගේ භෞතික හා අධ්‍යාත්මික ක්‍රියාකාරීත්වය සමඟ බද්ධ වී ඇති බවත්ය.

ඉතිහාසය විමසන විට දුර හා වාචක වාසකම් ගැන ගැන ආරම්භව සන්නිවේදන ශඛ්‍යතාවය පසුකාලීනව මාධ්‍යයක් බිහිවීම දක්වා පරිවර්තනය වූ වා යැයි පැවසිය හැකිය . 
සංහතික මාධ්‍ය පිළිබඳ විමසීමට ප්‍රථම මාධ්‍ය යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න විමසා බැලිය හැක. ග්‍රාහකයා හා යථාර්ථයට මැදිහත් වන ඕනෑම දෙයක් මාධ්‍ය ලෙස හඳුන්වනු ලබයි. 16 වන සියවසේ දී මෙය සන්නිවේදනයට එකතු වී ඇති අතර අප සාමාන්‍ය ජීවිතයේදී භාවිතා කර ලබන මාධ්‍යය වන්නේ පංචේන්ද්‍රිය යි. 

සංහතික මාධ්‍යයේ ප්‍රභවය හා විකාශනය මානව ප්‍රගමනයට බලපාන ආකාරය 

ජනමාධ්‍ය සංහතික මාධ්‍ය බවට පරිවර්තනය 

මිනිස් සමාජය පරිණාමය හා විකාශනයත් සමඟ සන්නිවේදන මාධ්‍යන් ද ක්‍රමයෙන් විකාශනය විය. ඒ අනුව මානව සමාජ පරිණාමය යුග හතරක් ඔස්සේ දැක්විය හැක . 

පූර්ව නූතන යුගය 
මධ්‍යතන යුගය 
නූතන යුගය 
පශ්චාත් නූතන යුගය 


මේ රාජාණ්ඩු ක්‍රමයක් පැවැති පූර්ව නූතන යුගයේ දී මානවයාගේ අවශ්‍යතා ඉතා සරල විය. එමෙන් ම අදෘශ්‍යමාන බලවේග පිළිබඳව දැඩිව විශ්වාස කරමින් දේව ධර්ම වාදය ප්‍රචලිතව පැවතුණි. වැඩවසම් ආර්ථික ක්‍රමයක් පවතින මෙම අවධිය තුළ ජන කථා ගැමි නාටක කෝලම් සොකරි ශාන්තිකර්ම වැනි ජන මාධ්‍ය (falk media)පැවතුණි 

පසුකාලීනව ක්‍රමක්‍රමයෙන් සමාජය සංවර්ධනය වීමත් සමඟ ම මානව සමාජය ද ක්‍රම ක්‍රමයෙන් වෙනස් විය. 
ජනග්‍රහනය සීඝ්‍රයෙන් වර්ධනය වීමත් සමඟම එතෙක් භාවිතා කළ සන්නිවේදන ස්වරූප තවදුරටත් ප්‍රමාණවත් නොවුනි. යනු ක්‍රම ක්‍රමයෙන් විවිධ භාෂාවන් බිහි කර ගනිමින් එය හා සම්බන්ධ අක්ෂර මාලාවන් ගොඩනගා ගනිමින් ලිඛිත සන්නිවේදනයට මුල පිරිය. තවද සායි ලූන්  වැන්නන් කඩදාසි සොයා ගැනීම වැනි වැදගත් සොයාගැනීම් ද මෙම යුගයේ දී සිදුවිය. ඉන් පසු යුගය මධ්‍යතන යුගය යි. 
මෙම යුගයේදී ආගම විසින් මානව ක්‍රියාකාරකම් නියාමනය කිරීමේ දී හා හැසිරවීමේ දී දැවැන්ත භූමිකාවක් ඉසිලීය. මිනිසුන්ගේ පාරභෞතික ජීවිතයට සම්බන්ධ යම් යම් ගතිකයන් සහ අභිප්‍රේරණයන් මෙහෙය වන පාලනය කරන සාධකයක් ලෙස කතෝලික ආගම එකල පැවතිණි . සරල නිෂ්පාදන ක්‍රියාවලියක් පැවති මෙම යුගයේදී මුද්‍රිත සන්නිවේදනයට මූලාරම්භයක් ලැබිණි. ඒ ක්‍රි.ව 1447 දී ගුටෙන්බර්ග් විසින් මුද්‍රණ තාක්ෂණය සොයා ගැනීමත් සමගය. (ඇමුණුම-2) මෙසේ ජනමාධ්‍ය යන ක්‍රම ක්‍රමයෙන් ප්‍රසාරණය වන්නට පටන් ගැනිණි . මානව සන්නිවේදනය හැරවුම් ලක්ෂයක් සනිටුහන් වන්නේ මධ්‍යතන යුගයේ සිට නූතන යුගය දක්වා පරිණාමය වීමේ දී ය. එනම් පුනරුද අවධියේ 16 වෙන සත වර්ෂයේ අග භාගයේ සිට  17 වන ශතවර්ෂය ශතවර්ෂය කාලය තුළ විශාල වශයෙන් වෙනස් වෙනස්කම් ලොව පුරා ඇති විය. ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වීමත් සමඟ සරල නිෂ්පාදන මාදිලිය අභාවයට යමින් ඒ වෙනුවට සංකීර්ණ ධනේශ්වර නිෂ්පාදන මාධ්‍යයක් බිහිවන්නට පටන් ගැනුනි. පෙර ආගමකට තිබූ තිබූ තැනම එකල දර්ශනයට විද්‍යාවට හා තර්කයට හිමි විය. ආර්ථික දේශපාලනික වශයෙන් අත්තනෝමතික රාජ්‍ය පාලනය වෙනුවට යම්කිසි යම් කිසි ආකාරයක නිදහස් ලිබරල් හෝ අඩු වැඩි වශයෙන් ප්‍රජාතාන්ත්‍රික ගත ලක්ෂණ ඇති දේශපාලන රාජ්‍යයක් පැවති මෙම යුගයේ චින්තනය මර්දනය කිරීම හා නිදහස් සිතිවිලි විනාශ කිරීම වෙනුවට නව අදහස් ඇති කරන නව චින්තනයන් බිහිවිය. ඒ අනුව රූසෝ ජෝන් ලොක් වෝල්ටෙයාර් ආදී නිදහස් චින්තකයන් සමාජයට ප්‍රවිෂ්ඨ විය. මෙම නූතන යුගයේ ආරම්භයත් සමඟම "සංහතිකත්වය" (massness) යන සංකල්පය බිහි වන්නට විය. මේ කාර්මික විප්ලවය සහ යුරෝපයේ නිෂ්පාදන මාධ්‍යයන්ගේ වර්ධනය විද්‍යාව හා තාක්ෂණ ප්‍රගතිය හා සංස්කෘතික නවෝදය මුල්කරගෙන බිහි විය. මේ සමගම එතෙක් පැවති ජන මාධ්‍යයන් (Falk media) තව දුරටත් ප්‍රමාණවත් නොවීය. එසේ සංකීර්ණ මානව සමාජ පද්ධතියක පද්ධතියක සාම ස්වභාවය ආරක්ෂා කර ගැනීමට නූතන යුගයේ සඳහා නවම මාධ්‍යන්ගේ අවශ්‍යතාවය මතුවිය. එම නව මාධ්‍ය ලෙස "සංහතික මාධ්‍ය" (mass media) සංකල්පය වර්ධනය විය. ඒත් සමගම පුවත්පත සඟරාව මුද්‍රිත මාධ්‍යයන් මෙන්ම රූපවාහිනිය ගුවන්විදුලිය යන විද්‍යුත් මාධ්‍ය ලොවට දායාද විය. යුරෝපයේ සංවර්ධනයේ පැතිකඩයන් සංකල්පීකරණය කිරීමේදී හා න්‍යාය ගත කිරීමේ දී මෙම Mass යන සංකල්පය මතු විය. Mass යන්න ජනයා හෙවත් පුද්ගලයන් නොවේ. එය එකට ඒකරාශී වූ ගොනු ගොනු වූ තමන්ගේ ආත්මය අහිමි කරගත් කරගත් ආත්මය සමාජය කරණයට හසුවූ හසු වූ සංහතියක් හෝඩිය රොත්තක් ලෙස හැඳින්විය හැකිය. මෙම නූතන යුගයේ බිහිවූ masses ට පවතින්නේ මධ්‍යතන යුගයේ සිටි ජනයාට මෙන් යාන්ත්‍රික සබඳතාවක් නො වේ. ඔවුන් ගේ සබඳතාවන් ඓන්ද්‍රිය වශයෙන් එකිනෙකාගේ ක්‍රියාකාරීත්වය අනෙකාට සම්බන්ධ වේ. ජනයා තුළ පුද්ගල වශයෙන් (individual) සිටියත් සහතිකයන් තුළ පුද්ගල සාධකය ඉතා අවම මට්ටමක පවතී. එහි දී වැඩිපුර ඉස්මතු වන්නේ සමූහය (Group)  වේ. පුද්ගලික ගුණාංග අලපීකරණය  වී සංහතික ගුණාංග බහුලීකරණය විය. විශේෂයෙන් සංහතිකයන්  අතර වෙනස්කම් අවම වේ. ඔවුන්ගේ පරිභෝජනය, හැසිරීම්, චින්තනය එකම මට්ටමක පවතී එම නිසා පෙරකී ජනයාගේ සංහතිකයන් සම්පූර්ණයෙන් වෙනස් වේ. සිය තත්වය , ස්ථිර ක්‍රියාකාරීත්වයෙන් පරිබාහිරව තමන් පිළිබඳවම ආ කල්පනය කිරීමට සමත් ය. 

ඒ අනුව අතීතයේ දී  ජනයා එකිනෙකා අතර තොරතුරු හුවමාරු කරගැනීම සඳහා ජානම ගැනීම සඳහා ජනමාධ්‍ය භාවිතා කළ ද පසුකාලීන කාලීනව සමාජ සංකීර්ණයන් ගේ ප්‍රතිඵලයක් ලෙස සංහතික යන සංකල්පය නිර්මාණය විය. එනම් විශාල ප්‍රජාවකට ආමන්ත්‍රණය කරනු ලබන මාධ්‍ය සංහතික මාධ්‍ය නමින් අරුත් ගන්වයි. එනම් අතීතයේදී සන්නිවේදන ක්‍රම සඳහා භාවිතා කළ විවිධ ජන ජන සන්නිවේදන ක්‍රම යනු සන්නිවේදන ක්‍රමයන් වර්තමානයට ප්‍රායෝගික නොවේ . එනම් පූර්ව නූතන යුගයේදී ඇතිවූ Falk song , Falk media , Falk Dance,  Falk drama එනම් ජන ගී ජන කතා ජන නැටුම් ජන නාට්‍ය වලට එහා ගිය පුළුල් වූත් සංකීර්ණ වූත් ප්‍රබල වූත් මාධ්‍ය මාධ්‍ය රැසක් නූතන යුගයේ දී හා පශ්චාත් නූතන යුගයේදී බිහි වී තිබේ . 
සංහතික සන්නිවේදනය හේතුකොට ගෙන සංහතික මාධ්‍ය නිර්මාණය විය. 

මහාචාර්ය විමල් දිසානායකයන් දක්වන පරිදි විසිරී පැතිරී සිටින අති විශාල ග්‍රාහක පිරිසක් වෙත සැනෙකින් ළඟාවීමේ හැකියාව සංහතික සන්නිවේදනය සතු ය. 


කසුනි විජේසිංහ 
⁣ජනමාධ්‍ය අධ්‍යනාංශය 
කොළඹ විශ්වවිද්‍යාලය 

No comments:

Post a Comment

ගවේෂණාත්මක වාර්තාකරණය

ගවේෂණාත්මක වාර්තාකරණය ගවේශනාත්මක වාර්තාකරණය යනු කිසියම් සිද්ධියක්, අවස්ථාවක් හෝ පුද්ගලයෙකු පිලිබඳ ගැඹුරින් සොයා බලා වාර්තා කිරීම...