ආර්ථිකය අතින් ශ්‍රී ලංකාව මේ වන විටත් දුෂ්කරතා රැසකට මුහුණ දී තිබෙනවා. ඒ පිළිබඳව සමාජය තුළ විවිධ අදහස් මතිමතාන්තර ඉදිරිපත් වෙමින් ද පවතිනවා. මේ ඒ පිළිබඳව බැංකු ක්ෂේත්‍රයේ විධායක නිළධාරියෙක් වන චානුක ජයසිංහ මහතා දැක්වූ අදහස්
ආයුබෝවන් ඔබතුමන්ට
ආයුබෝවන්
ඔබතුමන්ගේ සම්පූර්ණ නම මොකද්ද?
මහතන්ත්‍රි විදනගේ මලික් චානුක ජයසංක
ඔබේ සේවා කාලය වසර කීයක්ද සහ මෙම ක්ෂේත්‍රය තුළ ඔබට ඇති අත්දැකීම් මොනවගේද?
දැනට මේ ක්ෂේත්‍රයේ අවුරුදු පහක පමන සේවා කාලයක් කටයුතු කරනව, මගේ සේවා කාලයෙන් වැඩි කාලයක් යොමු වෙන්නෙ ණය අයකිරීම් අංශය වෙත.
ආර්ථික ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වෙන ඔබ, මෙරට ආර්ථික ක්‍රියාවලිය සම්බන්ධයෙන් දරන අදහස මොනවගේද?
1978 විවෘත ආර්ථිකයකට පිවිසෙන අපි ගෙවුනු දශක තුනක පමණ කාලයක විවිධ පාලකයක් විවිධ දේශපාලන පක්ෂ තුලින් පාලනය වෙමින් අද වෙන විටත් දියුණු වෙමින් පවතින රටක් ලෙස තවමත් ඉදිරියට ගමන් කරන රටක්. රට තුල පවතින ආර්ථික ක්‍රියාවලිය තුල අපිට සතුටුදායක මට්ටමක එය ක්‍රියත්මකවන බවක් අපට පෙනෙන්නට නැහැ.
අපේ රටේ අර්ථිකය විදේශ ණය මත යැපෙන තත්වයක් මේ වන විට දක්නට ලැබෙන්නෙ. ඒ වගේම රට තුල නිශ්පාදනයට වඩා ආනයනය කිරීමට විශාල නැඹුරුවක් පෙන්නනව. මේ කරුණු රටේ ඉදිරි ආර්ථිකයට විශාල ලෙස බලපෑම් එල්ල කරාවි.
කොරෝනා ව්‍යාප්තියත් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වයට දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතිනවා ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ මතය මොකද්ද?
අනිවාර්යෙන්ම කොරෝනා ව්‍යාප්තිය ලංකාවේ අර්ථිකයට පමනක් නොවේ, ගෝලිය ආර්ථිකයටත් එය විශාල බලපෑමක් එල්ල කලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ නැත්නම් MHF ඇස්තමේන්තු කරන විදියට ගෝලිය අර්ථිකය 4% 4.5 % පමණ පහත වැටී තියනව. ලොකයේ විශාල නිශ්පාදන ආර්ථික තියන රටවල් විදියට ඉතාලිය බ්‍රිතාන්‍ය වගේ රටවලුත් එයට මුහුන දෙනව. මේ ගෝලිය වශයෙන් එල්ල වන බලපෑම අපිටද රටක් වශයෙන් මේ වන විට එල්ල වෙනව. අපි හැමෝටම දකින්න ලැබෙන විශාල උද්දමනය ඒකට හොදම උදාහරණයක්. සංචාරක ක්ෂේත්‍රයේ දීර්ඝ කාලින පසුබෑම තව තවත් අපේ අර්ථිකය පහලට ඇද යාමට ප්‍රදාන හේතුවක්
කොරෝනා වෛරසය හමුවේ දකුණු ආසියාවේ ආර්ථිකය බරපතළ පසුබෑමකට ලක්ව තිබෙන බව ලෝක බැංකුව අනතුරු අඟවලා තිබෙනවා. ඔබතුමන් සිතන පරිදි ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය එම ක්‍රියාවලියට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවද?
ඔව් අපි කලින් කතා කලා වගේම මේ ගොලීය වශයෙන් පවතින අර්බුදය දකුනු ආසියානු කාලපය ද ඒ අයුරින් ගිලගත්තා. දැන් අපි බැලුවොත් දකුණු ආසියාවේ විශාලම ආර්ථිකය හිමි ඉන්දියාව දිහා, ඉන්දියාව මේ ප්‍රශ්නෙදි මහජන සෞඛ්‍ය හා ආර්ථික වශයෙන් විශාල අර්බුදයකට මුහුන දෙනවා. අපේ රටේ ආර්ථිකයද මේ වෙලාවේ විශාල අර්ථික පසුබෑමක තියනවා. අපිට තියන ඩොලර් හිඟය මේ කරුනු මනාව පැහැදිලි කරනව. අපිට ආනයන පවා සීමා කිරීමට සිදුවුනා මේ තත්වය මත. මේ වගේ තත්ව තුල අපි තේරුම් ගන්න ඕන අපි රටක් වශයෙන් කොතනද ඉන්නෙ කියන එක, රටේ අපනයන මීට වඩා ශක්තිමක් කල යුතුයි. ඉදිරි ආර්ථික ගමනකට.
ආර්ථික ක්ෂේත්‍රයේ වෘත්තිකයෙකු ලෙස ණය ගැනීම යන කාරණාව රටක් වශයෙන් දකින්නේ කොහොමද? ණය ගැනීමේ ක්‍රියාවලිය හොඳද?
ඔබ අහනව ණය ගැනිමේ ක්‍රියාවලිය හොදද කියලා, ඇත්තටම මෙම ණය ගැනීමේ ක්‍රියාවලිය ආර්ථිකයක් පවත්වා ගැනීමට අතවශ්‍ය ක්‍රියාවලියක් ලෙස මම හදුනගන්නෙ.
ආර්ථික නිශ්පාදන ක්‍රීයාවලිය ඉදිරියට ගෙනයාමට මෙය ප්‍රබල සාදකයක්. මහ බැංකුව පසුගිය කාලය තුල ප්‍රතිපත්ති අනුපාත වෙනස් කරමින් මේ ආර්ථික ඉදිරියට ගෙනයාමට අවස්ථා ඇතිකලා. ඒ තුල සුලු හා මද්‍ය පරීමාණ ව්‍යාපාරිකයින් ණය ක්‍රියාවලිය තුලින් තමන්ගෙ ව්‍යාපාර කටයුතු දියණු කිරීමට විශාල නැඹුරුවක් පෙන්නුම් කලා.
මෙතනදි වැදගත් කාරනය තමයි අපි ලබා ගන්න ණය යොදයවන්නෙ කුමක් සදහාද යන්න, අපි රටක් වශයෙන් අද විශාල ණය බරක් දරනව. එතකොට අපිට නැවත හැරිල බලන්න වෙනව ඒ ණය යොදවල තියෙන්නෙ කොතනටද.. අපි ඒ තුලින් ආර්ථික දියුණුවක් ලබලා තියනවද? අද අපේ රටේ ආර්ථිකය මේ වගේ තත්වයකට පත්වෙන්න හේතුවක් වෙලා තියනව මේ තත්වයන්, අපි මේ වන විට රටක් වශයෙන් පරිභෝජනයට පවා ණය ගන්න ත්ත්වයකට පත්වෙලා තියනව. රටක් වශයෙන් අපි ලබාගත් ණය හරි නියාමනයක් විය යුතුයි. කෙසේ නමුත් රට තුල ව්‍යපාරික ක්ෂේත්‍රයෙන් ආර්ථිකයට ලැබෙන දායකත්වයට මේ ණය ක්‍රියාවලිය ඉතාමත්වැදගත්.
ඩොලර්යෙහි අගයත් සමග ණය ගැනීමේ ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික පසුබෑමකට ලක් වීමේ අවදානම මොනවගේද?
සරලවම අපි මේ තත්වය තුල විශාල අවධානමකට ගමන් කරනවා. ඩොලරයේ අගය අපිට පාලනය කල නොහැකි ලෙස ඉහල යනවා. මේ තත්වය වළක්වා ගන්න කෙටි කාලීන හා දිගු කාලින සැලසුම් වලට අපි යා යුතුයි. සංචාරක කර්මාන්තයෙන් මේ සදහා පිළිතුරු සෙවිය යුතුයි. ඒ වගේම ආනයන මත යැපීම සහ අපනයන වර්ධනය කෙරෙහි අපි අවදානය යොමු කරන්න ඕන.
ඇයි ශ්‍රී ලංකාව තුළ අපනයන කෙරෙහි අවධානය අවම මට්ටමක පවතින්නෙ
මේකට ප්‍රධාන හේතුවක් විදියට දකින්න පුලුවන් අපි අපනයන වැඩි කරන්න දීර්ඝ කාලයක ඉදන් සැලසුම් කරල නෑ, අපි එකම විදියට ඉදිරියට යන්න ගියාම අපිට අනිත් රටවල් වල තරගකාරීත්වයට මුහුන දෙන්න බැරි වෙලා තියනව. විශේෂයෙන් අපි අලුත් තාක්ෂණය උපයෝගී කරගන්න ඕන අපේ අපනයන ආර්ථිකය ශක්තිමත් කරගන්න.
අපි තාක්ෂණය උපයෝගී කරගෙන අපේ නිෂ්පාදන පිරිවැය අවම කරගන්න ඕන, අනිත් රටවල් අපිට වඩා අඩු පිරිවැයකින් නිෂ්පාදනය කරනව නම් අපි ඒකට මුහුන දෙන්න සූදානම් වෙන්න ඕන. අපනයන කෙරෙහි ව්‍යපාරිකයන් දිරිමත් කල යුතුයි. ඒ සඳහා අදාල අයතනයන් සැලසුම් එක්ක යන්න වෙනව. අනෙක් රටවල් කෘෂිකාර්මාන්තයට යොදා ගන්න තාක්ෂණය අපි තවමත් භාවිත කරන් නෑ. අපනයන අවම මට්ටමක පවතින්න මේ වගේ කරුනු බලපාල තියනව.
ඉදිරියට අපි අපේ ශක්තීන් හඳුනාගෙන ඒ ඒ අපනයන ක්ෂේත්‍රයන්ට ගැලපෙන විදියට සැලසුම් එක්ක කටයුතු කිරීම වැදගත් වේවි.
ඔබතුමන්ට හැඟෙන පරිදි ශ්‍රී ලංකාවේ ආර්ථිකය අතින් පසුබෑමකට ලක් වන්නේ මෙම ණය ගැනීමේ ක්‍රියාවලිය හරහා පමණක්ම ද?
රටක් විදියට ආර්ථික අතින් මෙවැනි තත්වයක පසුවීමට හේතුව ණය ගැනීමේ ක්‍රියාවලියම කියන්න අපට බෑ, රටක් වශයෙන් ලබාගත් ණය අපි හරි ප්‍රතිපත්තියක් ඇතුව යෙදවිය යුතුයි.
අපේ රට නිෂ්පාදන හා සේවා අර්ථිකයක් පිලිබඳව මීට වඩා සැලසුම් සහගතව ක්‍රියාමාර්ග ගත යුතුයි. අපි රටේ සම්පත් වලිනුත් හරියාකර ප්‍රයෝජනයක් ගන්නෙ නෑ. කෘෂිකාර්මික පැත්තෙන් ගත්තත් අපි ඉන්න ඕන තැන නෙමෙයි ඉන්නෙ කියන එක අපිට පෙනෙන්න තියන දෙයක්. ආර්ථික වශයෙන් පසුබෑමක ඉන්නෙ, එදා සිට අද දක්වා අපි ආර්ථිකයට හසුරවපු ආකාරය මේ කරුනුත් එක්ක බලපාල තියනව.
ණය මත ක්‍රියාත්මක වන පරිභෝජන ආර්ථිකයක් තමයි මෙරට ක්‍රියාත්මක වන්නේ , එහිදී ආනයනයට ඇබ්බැහිවීම තුළදී කොරෝනාසමයේ මෙරට ජනයාට යම් යම් අපහසුතා සඳහා මුහුණ දීමට සිදුවුණා ඔබතුමන් කොහොමද එම ක්‍රියාවලිය දකින්නේ.
ඔව් අපි අද දවස වන විටත් මේ ප්‍රශ්නෙට මූහුන දෙනව. අපි මේ කරුන දිහා එක උදාහරණයක් අරන් බැලුවොත්, ඇත්තටම අපි සහල් ආනයනය කල යුතු රටක්ද? ඒ වගේ එකින් එක බැලුවොත් අපි මෙතරන් ආනයන මත යැපිය යුතුද යන්න ගැන ප්‍රශ්නාර්ථයක් මතු වෙනවා.
රටේ නිශ්පාදන ආර්ථිකයට ගැන හිතන් නැතුන ආනයන මත තව දුරටත් යැපෙනව නම් මේ වගෙ තත්ත්ව වලට ඉතිරියේදීත් මුහුන පාන්න වෙනවා.
අවසාන වශයෙන් ඔබතුමා වගකීමක් සහිත පුරවැසියෙක් ලෙස මෙරට ජනතාවට දියහැකි උපදෙසක් තිබෙනවද?
ඒක ඇත්තටම ප්‍රශ්නයකට සීමා කරන්න පුලුවන් දෙයක් නෙමේ, රටේ පුරවැසියන් ගත්තොත් එක් එක් අය එක් එක් ක්ෂේත්‍රයන් වල තමයි නිරත වෙන්නෙ. මේ එක් එක් පුරවැසියගෙ වගකීම එකිනෙකට වෙනස් වෙන්න පුලුවන් ,නමුත් වැදගත් වෙන්නෙ මේ හැමෝගෙම එකතුව රටක් විදියට ශක්තිමත් වෙන තැනකට ඉලක්කගත විය යුතුයි. ඒ දේ වෙන්න නම් ඒ සදහා හරි නියාමන යාන්ත්‍රනයකුත් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. දැනට පවතින තත්ත්වයක් එක්ක ගත්තම අපනයන ක්ෂේත්‍රයන් ,සංචාරක කර්මාන්තය, නිෂ්පාදන ක්ෂේත්‍රයන් ඉදිරියට ගෙනියන්න කටයුතු කල යුතුයි. අවසාන වශයෙන් අපි එකිනෙකා තමා තුලින් අවශ්‍ය වගකීම් ඉටුකරමින් එක් අරමුණකට කටයුතු කල යුතුයි. ඒ සදහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම බලධාරීන් සතු වගකීමක්.
🖋සටහන
කසුනි විජේසිංහ