සංස්කෘතික වේදය සහ එහි විවිධ එළඹුම්
සංස්කෘතික වේදය මගින් සංස්කෘතිය පිළිබඳ විද්‍යාත්මක පදනමක් ඔස්සේ හැදෑරීම සිදු වේ. මේ හරහා සංස්කෘවේදය මගින් සංස්කෘතිය පැවැත්ම රටාවන් අඛණ්ඩතාව පර්යේෂණාත්මක ලෙස හැදෑරීම සිදුවේ. සංස්කෘතිකවේදය මගින් සංස්කෘතිය පිළිබඳව විද්‍යාත්මක අවබෝධය විශ්ලේෂණය සහ පුරෝකථනය කිරීමට හැකියාව ලැබෙන අතර සංස්කෘතික අංශයන් පිළිබඳව පමණක් අවධානය යොමු කළ හැකි විනයක අවශ්‍යතාව හඳුනා ගනු ලැබුවේ සංස්කෘතිකවේදය විසිනි.
Culturlogy යන පදය තුළ logy යන විවරණය එක්වීම මගින් විද්‍යාත්මක එළඹුමක් (Scientific Approach) ලැබී ඇත.
සමකාලීන සමාජ විද්‍යාවන් ගත් විට සංස්කෘතික වේදය යන වචනය භාවිතයට ගෙන ඇත්තේ ඇමරිකානු මානව විද්‍යාඥ ලෙස්ලි වයිට් විසිනි. ඔහු එය සංස්කෘතික ක්ෂේත්‍රයක් ලෙස සංස්කෘතික අධ්‍යයනය කරනු ලබන විද්‍යා ශාස්ත්‍රයක් ලෙස අර්ථ දක්වා ඇත.
සංස්කෘතික වේදය මානව වර්ගයා තුළ පාරදෘශ්‍යයක් ලෙස සංස්කෘතීන්හි විවිධත්වය සහ ඒවාගේ අන්තර් ක්‍රියාකාරීත්වයන් පිළිබඳව විමර්ශනය කරනු ලබයි. වයිට්ගේ නිරීක්ෂණයන්ට අනුව ටයිලර් විසින් 1872 දී primitive culture යන කෘතියෙන් සංස්කෘතිකවේදය අර්ථ දක්වා ඇත්තේ සංස්කෘතික විද්‍යාව (Science of culture) වශයෙනි.
කල්පයක අඳින්න
මෙම සංස්කෘතික වේදය විවිධ එළඹුම් ඔස්සේ සාකච්ඡා කළ හැකිය එහිදී මානව විද්‍යාත්මක ප්‍රවේශය ( Antropological Approach) , දාර්ශනික ප්‍රවේශය , සමාජ විද්‍යාත්මක ක්‍රමය , මනෝවිද්‍යාත්මක එළඹුම් සෞන්දර්යාත්මක එළඹුම් , යටතේ විමසිය හැක. මෙම එක් එක් එළඹුම් තුලදි විවිධාකාරයේ සංස්කෘතිකවේදය පිළිබඳ ව සාකච්ඡා කර ඇත.
මානව විද්‍යාත්මක එළඹුමක් සමඟ කෙසේද සංස්කෘතිය බැඳී තිබෙන ආකාරය වැදගත් වේ. ග්‍රීක භාෂාවෙන් උපුටාගත් Antropos යන වචනයෙහි අර්ථය මානව යන්නයි. Logy යන්න අධ්‍යයනය යන අදහසයි.
Antropology මානවයා පිළිබඳ හැදෑරීම
මානවයා එසේ නැතිනම් මනුෂ්‍යයා පිළිබඳව හැදෑරීම මානව විද්‍යාව ලෙස අර්ථ දැක්විය හැකිය. එනම් අතීත ආද්‍යතන මිනිසාගේ මානව හැසිරීම සහ මානවයාගේ සමාජ ක්‍රියාකාරීත්වය පිළිබඳව විද්‍යාත්මක අධ්‍යනය කිරීමක් මෙහිදී සිදුවේ.
මානවයා එක් එක් සංස්කෘතියට අයත් යැයි විශේෂ කළ නොහැකිය. ඔහු මේ මොහොතේ ජීවත් වන්නාවූ සංස්කෘතිය කුමක්ද එයට අනුගත වනු ඇත. මානව විද්‍යාව තුළ සංස්කෘතියේ එළඹුම් කුමන ආකාරයට වර්ධනය වී ඇති ද යන කාරණාව මෙහිදී වැදගත් වනු ඇත. එමගින් මානවයා පිළිබඳ අධ්‍යනයක් වනු ලබයි. මිනිසා යනු සංස්කෘතික සත්වයෙකි.සංස්කෘතියෙන් තොර පැවැත්මක් ඔහුට හිමි නොවේ. ඔහු කොතැනක වාසය කරනු ලැබුවද කුමන හෝ සංස්කෘතික පරිසරයකට අයත් වනු ඇත. මානවයා සහ සංස්කෘතිය ලෙස එම අංගයන් ද්විත්වය එකිනෙක විභේදනය කළ නොහැකිය.
මෙම එළඹුම් මගින් භාෂාවෙ වැදගත්කම මෙන්ම සංස්කෘතිය විසින් මානවයා සහ විශ්වය සමග පවත්නා අන්තර් සබඳතාව කෙසේ නිර්වචනය කර ඇති කාරණාව වැදගත් වේ. මානවයන් සංස්කෘතියෙන් වෙන් කර හඳුනා ගත නොහැකි කල්හී මානව සම්භවය සිට සමකාලීන සංස්කෘතික සහ සමාජ ජීවිතය දක්වා මානව අත්දැකීම් එහි සමස්ථය ගවේෂණය කිරීම සංස්කෘතිය තුළ මානව විද්‍යාත්මක එළඹුම් සාකච්ඡාවට බඳුන් කරනු ලබයි.
මානව විද්‍යාඥයන් විසින් ආනුභාවික පර්යේෂණ (Emperical Research) නිරත වීමේදී සංස්කෘතිය යන කාරණාව බෙහෙවින් වැදගත් වනු ඇත.
මානව චරිතයේ සියළු ක්‍රියාවලියන් සහ හැසිරීම් සංස්කෘතියේ අන්තර්ගත වන්නාසේම සංස්කෘතියෙන් තොරව භාෂාවන් ද උත්පාදනය වන්නේ නැත.
මානව විද්‍යාව එළඹුම් තුලදී සංස්කෘතික අධ්‍යනය කිරීම උදෙසා ජෛව විද්‍යාත්මක සමාජීය සංස්කෘතික ඓතිහාසික භාෂාමය සංචාරණය ද්‍රව්‍යමය තාක්ෂණික ප්‍රවේශයන් ආදිය වැදගත් වේ.
සංස්කෘතික මානව විද්‍යාව මගින් සංස්කෘතියේ අන්තර්ගත වන්නේ කුමන අංශයෙන්ද ඒ සෑම අංශයක් පිළිබඳවම මෙම එළඹුම් ඔස්සේ සාකච්ඡා කරයි. මෙහිදී සම්මතයන් වටිනාකම් මෙන්ම සාරධර්ම පිළිබඳව ද අධ්‍යයනය කරයි.
භාෂාමය මානව විද්‍යාව මගින් දැන් මෙම ක්ෂේත්‍රය යටතේ සාකච්ඡා කළ හැකිය. එනම් භාෂාව යන කාරණාව තුළින් ලෝකයේ මිනිසුන් වුවද වර්ගයන් වලට කණ්ඩනය වී ඇත.
කොරියන් භාෂාව කොරියන් මිනිසුන්
දෙමළ භාෂාව දෙමළ මිනිසුන්
මානවයා පිළිබඳ සාකච්ඡා කිරීමේ දී භාෂාව මූලික මේ භාෂාව යනු සංස්කෘතික අංගයකි. සිග්මන් ෆ්‍රොයිඩ් පවසන පරිදි සංස්කෘතියක් නොමැති නම් අප තිරිසන් සතුන් විය හැකිය. මිනිසුන් කණ්ඩායමක් ලෙස සංස්කෘතිය බෙදා ගැනීම සිදුවෙයි. තනි පුද්ගලයෙක් මගින් සංස්කෘතියක් ගොඩ නැංවිය නොහැක. ඒ සඳහා පුද්ගල කණ්ඩායමක් අත්‍යාවශ්‍ය වනු ඇත. මානවයා වෙනස් වීමේ දී එය හරහා බැඳුණු සංස්කෘතික කාරණා ද වෙනස් වනු ඇත. විශේෂයෙන් මෙම මානවයා විසින් සංස්කෘතිය යම් යම් කොටස් වෙනස් කරන්නේ යම් සේද ඒ සඳහා අන්තර් සම්බන්ධ වූ අනෙක් සියලුම කොටස් වෙනස් වනු ඇත.
මානව විද්‍යාත්මක එළඹුම යටතේ ඇති ප්‍රධානතම උපකුලකයක් ලෙස සංස්කෘතික මානව විද්‍යාව පිළිබඳ එළඹුම මේ ආකාරයෙන් විමසිය හැක.
සංස්කෘතිය යන කාරණාව මානව මානවවිද්‍යා අන්තර්ගතයෙහි බෙදීම් සහගතය. සංස්කෘතිය පිළිබඳව හදාරන මානව විද්‍යාඥයින් මේ පිළිබඳව එකඟතාවයක් නොමැත. ඇතැම් මානව විද්‍යාඥයන් සංස්කෘතිය යන ද්‍රව්‍යමය කාරණාවක් මුල්කරගනිමින් සාකච්ඡා කරයි.
ජීව විද්‍යාත්මක එළඹුම ද වැදගත් වේ. මේ තුළ මානව පරිණාමයත් සමඟ සංස්කෘතිය වෙනස්වීම වෙනස් වීම යන කාරණය සාකච්ඡා කරනු ලබයි. මිනිසා සංස්කෘතික මිනිසෙක් වීමට ජීව විද්‍යාත්මක බලපෑමක් වන්නේ කෙසේද යන්න අධ්‍යනය කරයි.
අතීත මුතුන් මිත්තන් කෙසේද ඔවුන්ගේ හැසිරීම කෙසේද ඔවුන් ජීවන රටාව තුළ ඔවුන් ආහාර අනුභව කර ඇත්තේ කෙසේද ජීවන වපසරිය තුළ ට පැමිණියේ කෙසේ ද යන්ද යන්න පිළිබඳව මෙම ලොවම තුළ වැදගත් වේ. අවසානයේ මේ සියලුම කාරණාවන් ඔස්සේ අපගේ සංස්කෘතිය පිළිබඳව අනන්‍ය සාධක ඉස්මතු වේ. නිදසුන් ලෙස පාහියන් වැනි ලෙන් අසලින් ධාන්‍ය ඇටයක් , භාවිතා කරන ලද ලී ආයුධයක් හෝ හමු වූ විට විද්‍යාඥයන් විසින් ඒවා රැගෙන ගොස් කාලය නිර්ණය කර බලයි.
එම අවස්ථාවේදී ඔවුන් පර්යේෂණ මගින් සොයා ගන්නේ මානවයා ආහාර ගනු ඇත්තේ මොනවාද වගා කටයුතු සඳහා යොදාගෙන ඇති ආයුධ මොනවාද යන්නයි. එමගින් මානවයාගේ හැසිරීම නිර්ණය කළහැකි මෙවැනි දෑ ඔස්සේද අවසානයේ නිර්ණය වන්නේ ඔවුන්ගේ සංස්කෘතිය යි.
ජීව විද්‍යාත්මක එළඹුම් ඔස්සේ තවදුරටත් සංස්කෘතිය පිළිබඳව අධ්‍යනය කිරීමේදී එක් එක් සංස්කෘතින් හමේ වර්ණය අනුව මුහුණේ හැඩය අනුව යනාදී සාධක මත සංස්කෘතික ලක්ෂණ ඉස්මතු වේ.
චීන ජාතිකයින් , අප්‍රිකන් කළු ජාතිකයන් , අප්‍රිකන් කළු ජාතිකයින්
මෙවැනි එළඹුම ඔස්සේ සංස්කෘතිය පිළිබඳව විවිධ කාරණා ඉස්මතු කරගත හැක.
සංස්කෘතිකවේදය ආධ්‍යනය කිරීමේ තවත් එළඹුමක් ලෙස භාෂාමය එළඹුම වැදගත් වේ. මානවයා හට ආවේණික ආවේනික අනන්‍යතාවක් ලෙස භාෂාව හැඳින්විය හැකිය. එදාමෙදා තුර ඉතිහාසයේ මිනිසා සොයාගත් අපූර්වතම මෙවලම භාෂාවයි. ලෝකය තුළ විවිධ භාෂාවන් කතා කරන ද සංස්කෘතියට අයත් විශාල මිනිසුන් කොට්ඨාසයක් ජීවත් වෙයි.
නිදසුන් ලෙස ජපන් භාෂාව ජපන් ජාතිකයින්
ජමන් භාෂාව ජමන් ජාතිකයින්
මෙම එක් එක් ජාතීන් ඒ ඒ ගොඩනඟා ගත් සංස්කෘතික අංගයන් තුළ ජීවත් වේ. මෙම එළඹුම ඔස්සේ භාෂාව මගින් මානවයාට මානවයෙක් ලෙස සමාජගත වීමට අන්‍යතාව කෙසේ බලපාන්නේද ලෝකයේ අදහස් බිහිවීම උදෙසා භාෂාව හේතුව ඇති ආකාරය භාෂාව ඒ ඒ තැන පුද්ගලයාගේ ජීවිතයට පෞද්ගලිකව බලපා ඇති ආකාරය මෙම එලැඹුමේ දී අධ්‍යයනය කරයි.
විශේෂම කාරණාව වන්නේ පවතින සංස්කෘතිය වෙනස් කිරීමේ හැකියාව භාෂාවට ඇත. ඒ පිළිබඳව මෙම ප්‍රවේශය ඔස්සේ වැඩිදුර විමසීමට භාජනය කෙරේ.
නිදසුන් ලෙස යාපනයේ දෙමළ ප්‍රජාව සහ කඳුකරයේ දෙමළ ප්‍රජාව අතර භාවිතාවන දෙමළ භාෂාව තුළ විවිධත්වයක් දක්නට ලැබෙන අතර ඔවුන් භාෂාව භාවිතා කිරීමේ දී එය මනාව හඳුනාගත හැකිය. ඒ කොට්ඨාස දෙක අතර සංස්කෘතියේද විවිධ තා හඳුනාගත හැක. තවදුරටත් ශ්‍රී ලංකාවේ එකෙක් ප්‍රදේශයන්ගේ් එක් ප්‍රදේශයන්ගේ පිහිටීම එනම් උඩරට පහතරට ආදී වෙනස් කම් ඔස්සේ භාෂා වෙනස්කම් හඳුනා ගත හැක. (නුවර - යන්ඩ , එන්ඩ , කන්ඩ, මාළු , මාතර - ඔහේ , ව්‍යංජන)
සංස්කෘතික වේදය පිළිබඳව සාකච්ඡා කළ හැකි තවත් එළඹුමක් ලෙස මනෝවිද්‍යාත්මක ප්‍රවේශය හඳුනාගත හැක. මෙම එළඹුම මගින් සංස්කෘතික Cultural ice burg සංකල්පය වැදගත් වේ.
මිනිසුන්ගේ සිතිවිලි හැඟීම් කෙලෙස සංස්කෘතියට බලපාන්නේ ද යන්න මෙම එළඹුම ඔස්සේ සාකච්ඡා කරයි. සංස්කෘතිය තුල මනෝ විද්‍යාවේ ප්‍රධානතම කාරණාව වන්නේ මනස සංස්කෘතියෙන් වෙන් කළ නොහැකි කාරණාවක් ලෙස දැකීමයි.
නිදසුන් ලෙස සිග්මන් ෆ්‍රොයිඩ් කරුණු ඉදිරිපත් කර ඇති ආකාරය අනුව මනසේ Id සංස්කාරය තුළ තුළ අවිඥාණික ත්ත්වය ක්‍රියාත්මක වේ. එය හරහා මිනිසාගේ Id මගින් කාමාසක්ත හැඟීම් සාක්ෂාත් කර කරගැනීමට පෙළඹුන ද ඇතැම් අවස්ථාවන්හිදී සංස්කෘතිය යන කාරණාව මගින් Id පාලනය විය හැකියි.
එනම් සංස්කෘතිය යන සාධකය තුළ id යටපත් වීම සිදු වේ. මෙහිදී Id , Ego ,supper ego යන මනස ඉස්සර තුන හරහා සංස්කෘතිය තුළ මිනිසා හැසිරිය යුතු ආකාරය ආයාසයෙන් පාලනය වීමක් සිදුවෙයි.
එහිදී සංස්කෘතිය යන කාරණය ප්‍රබල වේ.
රිචඩ්ට අනුව මනෝවිද්‍යාත්මක ප්‍රවේශයේදී සංස්කෘතික සම්ප්‍රදායන් සහ සමාජ භාවිතයක් මගින් මිනිස් මනස නියාමනය කරලීම හා පරිවර්තනය සිදු කරන ආකාරය අධ්‍යනය කරනු ලබයි.
සංස්කෘතික භේදය පිළිබඳව එහි විවිධ එළඹුම් ඔස්සේ අධ්‍යනය කිරීමේ දී සමාජ විද්‍යාත්මක එළඹුම ද වැදගත් වේ. මෙම එළඹුම ඔස්සේ සංස්කෘතිය සහ සමාජය අතර පවතින සබඳතාව වැදගත් වේ. සමාජ විද්‍යාත්මක ක්ෂේත්‍රය තුළ සංස්කෘතිය විශ්ලේෂණය කරන්නේ මිනිසුන්ගේ ජීවන රටාව අනන්‍යතාවයන් චින්තනයන් පද්ධතියන් ගෙන් එක්වූ ප්‍රපංචයක් ලෙස ය. සමාජයේ බිහි වීම උදෙසා සංස්කෘතිය බලපා ඇත.
නිදසුන් ලෙස සමලිංගික ප්‍රජාවට අනන්‍ය වූ සංස්කෘතියක් දක්නට ලැබෙන අතර ඔවුන් සමාජය තුළ වෙන්කර වෙන් කර හඳුනා ගැනීම උදෙසා මෙම සංස්කෘතික ලක්ෂණයන් වැදගත් වේ. සංස්කෘතිය සහ සමාජය එකිනෙක වෙන් කළ නොහැකිය. එය ගසට පොත්ත මෙන් අනුපූරකය.
ඉහත කාරණාවන් පිළිබඳව තවදුරටත් විමසීමේදී සෞන්දර්යාත්මක එළඹුම ද වැදගත් වේ. (Aeathetic Approach)
සංස්කෘතිය
සාරධර්ම
සිරිත් විරිත්
ඇඳුම් පැළදුම්
කලාව
සෞන්දර්ය හා සංස්කෘතිය අතර අවියෝජනීය සම්බන්ධතාවක් දක්නට ලැබේ. ඒ හරහා සෞන්දර්යය තුළ අන්තර්ගත කලාව හා සංස්කෘතිය තුළ සෞන්දර්යය පිළිබඳව පුළුල් වපසරියක් කරා සාකච්ඡා කළ හැක.
නිදසුන් ලෙස සතියේ දී නිර්මාණය වන්නා වූ විහාර බිතු සිතුවම් සීගිරි බිතු සිතුවම් මගින් ඓතිහාසිකව පිළිබිඹු වන කාරණා සමකාලීනව අධ්‍යනය කළ හැකිය. එමඟින් එකල සංස්කෘතික රටාවන් කලාවන් සෞන්දර්ය යොදාගෙන ඇති ආකාරය හඳුනාගත හැක.