නිර්මාණාත්මක රචනය යනු අද්විතීය චින්තන ශෛලියකි එසේම අර්ථ ගොඩනගන හෝ ප්‍රකාශ කරන ක්‍රමයකි. නිර්මාණාත්මක රචනයේ දී පුද්ගලදී පුද්ගල අදහස් දියුණු කිරීම සොයාගැනීම විශේෂයෙන්ම අපේක්ෂිත ය. එසේ ම නොයෙක් ආකාරයේ විවිධාකාරයෙන් ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න මෙහිදී විශේෂයෙන් සැලකිල්ලට ගැනේ.
ඕනෑම නිර්මාණයක දී අදාළ රචකයා මුලින්ම අදාල නිර්මාණය සඳහා යෝග්‍ය වස්තුවිෂය සොයා ගනී නම් ප්‍රේමය , විප්‍රයෝග දේශානුරාගය පරිසර වර්ණය භක්තිය ජීවන දෘෂ්ටිය ස්වභාව සෞන්දර්යය ආදිය කෙරේ අවධානය යොමු කෙරේ. පසුව තෝරාගන්නා වස්තු විෂය වස්තුවිෂය ස්වකීය ප්‍රතිභාව අනුව නිරවුල් වූ නිවැරදි භාෂා භාවිතය තුළින් තුළින් මනාව ඉදිරිපත් කරයි. ඉදිරිපත්කරයි මෙහිදී භාවපූර්ණ වචනය යොදා ගැනීම අදාල නිර්මාණය අලංකාරත්වය ට හේතුවේ.
එහෙනම් අපි සාකච්ඡා කරමු කවිය කියන්නේ මොකක්ද කියලා.
"රසය ආත්මය කොටගත් වැකිය කවියයි"
විශ්වනාථ පඬිවරයානම් භාරතීය පඬිවරයෙක් මෙම වදන ප්‍රකාශ කොට ඇත.
"රමණීය අර්ථ ප්‍රතිපාදනය කරන වචනය කවියයි"
මෙම වදන ප්‍රකාශ කර ඇත්තේ ජගත් නාථ නම් භාරතීය පඬිවරයෙකි.
සාහිත්‍යයේ කලා නිර්මාණ ක්ෂේත්‍රයේ දැඩි අවධානයකින් යුතුව හා බහුල වශයෙන් කතාබහට ලක්වන ඒකකය කවියයි. පුරාණයේ පටන්ම වැඩි අවධානයකින් යුතුව වූ මෙම කාව්‍ය නම් නිර්මාණාත්මක සන්නිවේදන මාධ්‍ය ශ්‍රව්‍ය මාධ්‍යයකින් ශබ්ද මාධ්‍යයන් මගින් ගායනා කෙරෙන විට ශ්‍රව්‍ය මාධ්‍යයක් වුවත් ලිඛිත මාධ්‍යක් වශයෙන් ලේඛනගත වී මුද්‍රණයට පත් වූ විට මුද්‍රිත මාධ්‍යයක් වෙයි. සෙසු මාධ්‍ය අතරින් ගීතයට යම් ඥාතීත්වයක් ඇත්තේ කවියට බව සැබෑවකි. ඊට හේතුව ගීතයක් නිර්මාණය වීම සඳහා හැමවිටම කාව්‍යාත්මක වචනයක් යොදා ගැනීමයි. (Poetry , verse) සහ ගීතය (lyrics) අතර පවත්නා වෙනස්කම් කීපයක් ද සරලව පිඬු කළ හැකිය.
එසේ නම් එය කවිය සහ ගීතය අතර තිබෙන අන්‍යෝන්‍ය ස්වාධීනත්වය කෙසේද යන්න විමසා බලමු.
ඒක පුද්ගල කලා මාධ්‍යයක් ලෙස මේ කවිය අර්ථකථනය කළ හැකි අතරම භාව කේන්ද්‍රය හා බුද්ධි කේන්ද්‍රීය සඳහා වූ කලාවක් ලෙස අර්ථකථනය කළ හැකි ය.
කවිය හරහා අර්ථ ධ්වනිය ට ප්‍රමුඛත්වයක් හිමිවේ . එසේම භාෂා භාවිතයට සීමා මායිම් නොමැති කමක් කවිය තුළ දක්නට ලැබේ.
තමන්ට සුදුසු ආකෘතියක් භාවිතා කිරීම කවියා සතුව ඇත . කවිය තුළ ධ්‍රැවපදය හෙවත් පුනපුනා ගයන කොටස අනිවාර්ය නැත. එසේම දිගු බව හෝ කෙටි බව වශයෙන් ප්‍රමාණය පිළිබඳව සම්මතයක් කවිය තුළ දක්නට නොලැබේ. ඒ සඳහා සංකීර්ණ ගැඹුරු අනුභූතියෙන් වහල් කරගත හැක.
ගීතය ප්‍රධාන වශයෙන් ම සාමූහික කලා මාධ්‍යකි. ශ්‍රවණේන්ද්‍රිය පළමුවද භාවේන්ද්‍රීය හා බුද්දේන්ද්‍රීය දෙවනුව ද සලකා බලන කලා මාධ්‍යකි. එසේම ගීතය තුළ ශබ්ද ධ්වනියට මුල්තැන හිමිවේ.
භාෂාව භාවිතයට සපුරාම සීමාසහිතය ඔවුන්ට භාවිතය සඳහා අවසර ලැබී ඇත්තේ සුගේය හෙවත් මැනවින් ගැයිය හැකි බස්වහරක් පමණි. ආකෘතිය සංගීතඥයා සතු වෙයි. ධ්‍රැවපදය හෙවත් පුන පුනා (refrain ) ගැහෙන කොටස අනිවාර්යය වේ.
නාට්‍ය කර්තෘවරුන්ට හැර ලේය කාව්‍ය රචකයාට ප්‍රමාණය ගැන සම්මතයක් ඇත. ගේය කාව්‍ය සරල අත්දැකීම් පාදක කොට ගනී.
Wijesinghe WAKN
Arts (sp) Mass Media
University of Colombo
No comments:
Post a Comment