ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි මාධ්‍යයේ ආරම්භය
බ්‍රිතානයේ ගුවන් විදුලි සේවාවක් ආරම්භ කරන ලද්දේ 1920 වසරේදී ය. ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි විකාශනයක් ආරම්භ වන්නේ වසරේදීය. එයට මුලිඛත්වය ගනු ලැබුවේ එඩිවඩ් හාපර් මහතාය. බ්‍රිතානය යටත් විජිත අතර මුලින්ම ගුවන් විදුලි සේවාවක් ආරම්භ කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ යැයි කියනු ලැබේ. ශ්‍රී ලංකාවේ ගුවන් විදුලිය ආරම්භව ඇත්තේ 1924 ජුනි මස 27 වන දිනයි. ශ්‍රීමත් විලියම් මැනිං ආණ්ඩුකාරතුමා ලංකා ඉන්ජනේරැ කාර්යාලයට නිකුත් කරන ලද පණිවිඩයක් මුල්වරට විදුරැවා හරින ලදි. ඒ මධ්‍යම විදුලි සන්දේශ කාර්යාලයේ සවිකරන ලද ට්‍රාන්ස්මීටරයක් මගිනි. එය 1925 ජුනි 16 දින වැඩිදියුනු කොට භාවිතා කරන්නට විය. එහි තරංගමාලා මීටර් 800 ක් දුරට විකාශය කරන ලදී. කෙමෙන් ගුවන් විදුලිය භාවිතයට ජනතාව යොමු වු අතර 1930 දෙසැම්බර් වන විට ගුවන් විදුලි බිල්පත් සංඛ්‍යාව 1408ක් පමණ විය. 1949 ඔක්තෝම්බර් 15 දා ලංකාවේ ගුවන් විදුලි සේවාව රේඩියෝ සිලෝන් යනුවෙන් වෙනම දෙපාර්තුමේනතුවක් බවට පත් කරන ලදී. ඉන් අනතුරැව ශ්‍රී ලංකා ගුවන් විදුලියේ වැදගත්ම සිදුවීම නම් එය දෙවන ලෝක යුධ සමයේ බ්‍රිතාන්‍ය සෙබළුන් භාවිතා කරන ලද ගොඩනැගිල්ලක් වෙත ගෙනයාමයි. ඒ අනුව ටොරින්ටන් චතුරඝ්‍ර භූමියේ පුර්ණ ශබ්ද පාලන පහසුකම් සහිතව මැදිරි 10කින් යුත් නව මැදිරි සංකීර්ණයක විකාශන කටයුතු ආරම්භ කළේය. 1967 ජනවාරි මස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව නමින් ස්ථාපිත විය. 1977 මැයි 22 සින එය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව නමින් යලී නම් කරන ලදී.
1979 අප්‍රේල් 12 දින ප්‍රථම ප්‍රදේශිය සේවාව ලෙස රජරට සේවය ආරම්භ විය. 1980 පෙබරවාරි 05 වන දින රැහුණු සේවාව ද 1981 මාර්තු 12 දින මහවැලි ප්‍රජා ගුවන් විදුලිය ද 1983 අප්‍රේල් 13 දින මහනුවර සේවයද ආරම්භ කරන්නට විය. 1977 න් පසුව මෙරටට විවෘත ආර්ථික ප්‍රතිපකත්ති හදුන්වාදීමෙන් අනතුරැව පෙ!ද්ගලික FM නාලිකා ආරම්භ විය. ප්‍රථම පෙ!ද්ගලික FM නාලිකාව ලෙස සිරස FM විකාශන කටයුතු ආරම්භ කළේය. ඊට පෙර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව City FM නාලිකාව ආරම්භ කර තිබුණි.
කසුනි විජේසිංහ
ජනමාධ්‍ය අධ්‍යනාංශය
කොළඹ විශ්වවිද්‍යාලය
ශ්‍රී පාලි මණ්ඩපය
No comments:
Post a Comment