Sunday, 14 November 2021

අසම්මත ⁣පෙම

අසම්මත පෙම

රසක් අග මුතු ඇමිණු අඩසඳක සේයාව 
හිතක් මත පිණි පිපුණ මතක පද ඡායාව 
අසම්මත හිත ඇතුලේ රසක් මත වියරැව 
හිත ඇතුලෙ කටු ඇණින නොදැන නොදැනිව

මලේ රේණු බිඳී විසිරී ගියා  
ගතේ රැහිරැ දැවි දැවී මියැදුනා 
ළබැඳි ඈ තව තවත් අමාවක සඳ වුනා 
ජීවන යාතිකා බැමි බිඳී බොර වුනා 

සිතට සිත නොදැනීව එක සිතක මත් වුනා 
කිරි රැහිරැ ළමැද මැද ගුලි වෙවී බොඳ වුනා
නාඳුනන ආලයට කනකොකා හැඬළුවා 
හිමිදිරියෙ පිපුණ පිණි සැනින් විසිරී ගියා

කසුනි විජේසිංහ 

Saturday, 30 October 2021

රටක් විදියට ආර්ථිකය අතින් ⁣මෙවැනි පසුබෑමකට ලක්වීමට ණය ගැනී⁣ම් ක්‍රියාවලියම කියන්න අපට බෑ

ආර්ථිකය අතින් ශ්‍රී ලංකාව මේ වන විටත් දුෂ්කරතා රැසකට මුහුණ දී තිබෙනවා. ඒ පිළිබඳව සමාජය තුළ විවිධ අදහස් මතිමතාන්තර ඉදිරිපත් වෙමින් ද  පවතිනවා.  මේ ඒ පිළිබඳව බැංකු ක්ෂේත්‍රයේ විධායක නිළධාරියෙක් වන චානුක ජයසිංහ මහතා දැක්වූ අදහස්

ආයුබෝවන් ඔබතුමන්ට
ආයුබෝවන්

ඔබතුමන්ගේ  සම්පූර්ණ නම මොකද්ද?
මහතන්ත්‍රි විදනගේ මලික් චානුක ජයසංක

ඔබේ  සේවා කාලය වසර කීයක්ද සහ මෙම ක්ෂේත්‍රය තුළ ඔබට ඇති අත්දැකීම් මොනවගේද?

දැනට මේ ක්ෂේත්‍රයේ අවුරුදු පහක පමන සේවා කාලයක් කටයුතු කරනව, මගේ සේවා කාලයෙන් වැඩි කාලයක් යොමු වෙන්නෙ  ණය අයකිරීම් අංශය වෙත.

ආර්ථික ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වෙන ඔබ, මෙරට ආර්ථික ක්‍රියාවලිය සම්බන්ධයෙන් දරන අදහස මොනවගේද?
1978 විවෘත ආර්ථිකයකට පිවිසෙන අපි ගෙවුනු දශක තුනක පමණ කාලයක විවිධ පාලකයක් විවිධ දේශපාලන පක්ෂ තුලින් පාලනය වෙමින් අද වෙන විටත් දියුණු වෙමින් පවතින රටක් ලෙස තවමත් ඉදිරියට ගමන් කරන රටක්. රට තුල පවතින ආර්ථික ක්‍රියාවලිය තුල අපිට සතුටුදායක මට්ටමක එය ක්‍රියත්මකවන බවක් අපට පෙනෙන්නට නැහැ.
අපේ රටේ අර්ථිකය විදේශ ණය මත යැපෙන තත්වයක් මේ වන විට දක්නට ලැබෙන්නෙ. ඒ වගේම රට තුල නිශ්පාදනයට වඩා ආනයනය කිරීමට විශාල නැඹුරුවක් පෙන්නනව. මේ කරුණු රටේ ඉදිරි ආර්ථිකයට විශාල ලෙස බලපෑම් එල්ල කරාවි.


කොරෝනා ව්‍යාප්තියත් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වයට දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතිනවා ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ මතය මොකද්ද?

අනිවාර්යෙන්ම කොරෝනා ව්‍යාප්තිය  ලංකාවේ අර්ථිකයට පමනක් නොවේ, ගෝලිය ආර්ථිකයටත් එය විශාල බලපෑමක් එල්ල කලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ නැත්නම් MHF ඇස්තමේන්තු කරන විදියට ගෝලිය අර්ථිකය 4% 4.5 % පමණ පහත වැටී තියනව. ලොකයේ විශාල නිශ්පාදන ආර්ථික තියන රටවල් විදියට ඉතාලිය බ්‍රිතාන්‍ය  වගේ රටවලුත් එයට මුහුන දෙනව. මේ ගෝලිය වශයෙන් එල්ල වන බලපෑම අපිටද රටක් වශයෙන් මේ වන විට එල්ල වෙනව. අපි හැමෝටම දකින්න ලැබෙන විශාල උද්දමනය ඒකට හොදම උදාහරණයක්. සංචාරක ක්ෂේත්‍රයේ දීර්ඝ කාලින පසුබෑම තව තවත් අපේ අර්ථිකය පහලට ඇද යාමට ප්‍රදාන හේතුවක්


කොරෝනා වෛරසය හමුවේ දකුණු ආසියාවේ ආර්ථිකය බරපතළ පසුබෑමකට ලක්ව තිබෙන බව ලෝක බැංකුව අනතුරු අඟවලා තිබෙනවා. ඔබතුමන් සිතන පරිදි ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය එම ක්‍රියාවලියට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවද?

ඔව් අපි කලින් කතා කලා වගේම මේ ගොලීය වශයෙන් පවතින අර්බුදය දකුනු ආසියානු කාලපය ද ඒ අයුරින් ගිලගත්තා. දැන් අපි බැලුවොත් දකුණු ආසියාවේ විශාලම ආර්ථිකය හිමි ඉන්දියාව දිහා, ඉන්දියාව මේ ප්‍රශ්නෙදි මහජන සෞඛ්‍ය හා ආර්ථික වශයෙන් විශාල අර්බුදයකට මුහුන දෙනවා. අපේ රටේ ආර්ථිකයද  මේ වෙලාවේ විශාල අර්ථික පසුබෑමක තියනවා. අපිට තියන ඩොලර් හිඟය මේ කරුනු මනාව පැහැදිලි කරනව. අපිට ආනයන පවා සීමා කිරීමට සිදුවුනා මේ තත්වය මත. මේ වගේ තත්ව තුල අපි තේරුම් ගන්න ඕන අපි රටක් වශයෙන් කොතනද ඉන්නෙ කියන එක, රටේ අපනයන මීට වඩා ශක්තිමක් කල යුතුයි. ඉදිරි ආර්ථික ගමනකට.


ආර්ථික ක්ෂේත්‍රයේ වෘත්තිකයෙකු ලෙස ණය ගැනීම යන කාරණාව රටක් වශයෙන්  දකින්නේ කොහොමද? ණය ගැනීමේ ක්‍රියාවලිය හොඳද?

ඔබ අහනව ණය ගැනිමේ ක්‍රියාවලිය හොදද කියලා, ඇත්තටම මෙම ණය ගැනීමේ ක්‍රියාවලිය ආර්ථිකයක් පවත්වා ගැනීමට අතවශ්‍ය ක්‍රියාවලියක් ලෙස මම හදුනගන්නෙ.
ආර්ථික  නිශ්පාදන ක්‍රීයාවලිය ඉදිරියට ගෙනයාමට මෙය ප්‍රබල සාදකයක්. මහ බැංකුව පසුගිය කාලය තුල ප්‍රතිපත්ති අනුපාත වෙනස් කරමින් මේ ආර්ථික ඉදිරියට ගෙනයාමට අවස්ථා ඇතිකලා. ඒ තුල සුලු හා මද්‍ය පරීමාණ ව්‍යාපාරිකයින් ණය ක්‍රියාවලිය තුලින් තමන්ගෙ ව්‍යාපාර කටයුතු දියණු කිරීමට විශාල නැඹුරුවක් පෙන්නුම් කලා.
මෙතනදි වැදගත් කාරනය තමයි අපි ලබා ගන්න ණය යොදයවන්නෙ කුමක් සදහාද යන්න, අපි රටක් වශයෙන් අද විශාල ණය බරක් දරනව. එතකොට අපිට නැවත හැරිල බලන්න වෙනව ඒ ණය යොදවල තියෙන්නෙ කොතනටද.. අපි ඒ තුලින් ආර්ථික දියුණුවක් ලබලා තියනවද? අද අපේ රටේ ආර්ථිකය මේ වගේ තත්වයකට පත්වෙන්න හේතුවක් වෙලා තියනව මේ තත්වයන්, අපි මේ වන විට රටක් වශයෙන් පරිභෝජනයට පවා ණය ගන්න ත්ත්වයකට පත්වෙලා තියනව. රටක් වශයෙන් අපි ලබාගත් ණය හරි නියාමනයක් විය යුතුයි. කෙසේ නමුත් රට තුල ව්‍යපාරික ක්ෂේත්‍රයෙන් ආර්ථිකයට ලැබෙන දායකත්වයට මේ ණය ක්‍රියාවලිය ඉතාමත්වැදගත්.
ඩොලර්යෙහි අගයත් සමග ණය ගැනීමේ ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික පසුබෑමකට ලක් වීමේ අවදානම මොනවගේද?

සරලවම අපි මේ තත්වය තුල විශාල අවධානමකට ගමන් කරනවා. ඩොලරයේ අගය අපිට පාලනය කල නොහැකි ලෙස ඉහල යනවා. මේ තත්වය වළක්වා ගන්න කෙටි කාලීන හා දිගු කාලින සැලසුම් වලට අපි යා යුතුයි. සංචාරක කර්මාන්තයෙන් මේ සදහා පිළිතුරු සෙවිය යුතුයි. ඒ වගේම ආනයන මත යැපීම සහ අපනයන වර්ධනය කෙරෙහි අපි අවදානය යොමු කරන්න ඕන.

ඇයි ශ්‍රී ලංකාව  තුළ අපනයන කෙරෙහි අවධානය අවම මට්ටමක පවතින්නෙ

මේකට ප්‍රධාන හේතුවක් විදියට දකින්න පුලුවන් අපි අපනයන වැඩි කරන්න දීර්ඝ කාලයක ඉදන් සැලසුම් කරල නෑ, අපි එකම විදියට ඉදිරියට යන්න ගියාම අපිට අනිත් රටවල් වල තරගකාරීත්වයට මුහුන දෙන්න බැරි වෙලා තියනව. විශේෂයෙන් අපි අලුත් තාක්ෂණය උපයෝගී කරගන්න ඕන අපේ අපනයන ආර්ථිකය ශක්තිමත් කරගන්න.
අපි තාක්ෂණය උපයෝගී කරගෙන අපේ නිෂ්පාදන පිරිවැය අවම කරගන්න ඕන, අනිත් රටවල් අපිට වඩා අඩු පිරිවැයකින් නිෂ්පාදනය කරනව නම් අපි ඒකට මුහුන දෙන්න සූදානම් වෙන්න ඕන. අපනයන කෙරෙහි  ව්‍යපාරිකයන් දිරිමත් කල යුතුයි. ඒ සඳහා අදාල අයතනයන් සැලසුම් එක්ක යන්න වෙනව. අනෙක් රටවල් කෘෂිකාර්මාන්තයට යොදා ගන්න තාක්ෂණය අපි තවමත් භාවිත කරන් නෑ. අපනයන අවම මට්ටමක පවතින්න මේ වගේ කරුනු බලපාල තියනව.
ඉදිරියට අපි අපේ ශක්තීන් හඳුනාගෙන ඒ ඒ අපනයන ක්ෂේත්‍රයන්ට ගැලපෙන විදියට සැලසුම් එක්ක කටයුතු කිරීම වැදගත් වේවි.

ඔබතුමන්ට හැඟෙන පරිදි ශ්‍රී ලංකාවේ ආර්ථිකය අතින් පසුබෑමකට ලක් වන්නේ මෙම ණය ගැනීමේ ක්‍රියාවලිය හරහා පමණක්ම ද?

රටක් විදියට ආර්ථික අතින් මෙවැනි තත්වයක පසුවීමට හේතුව ණය ගැනීමේ ක්‍රියාවලියම කියන්න අපට බෑ, රටක් වශයෙන් ලබාගත් ණය අපි හරි ප්‍රතිපත්තියක් ඇතුව යෙදවිය යුතුයි.
අපේ රට නිෂ්පාදන හා සේවා අර්ථිකයක් පිලිබඳව මීට වඩා සැලසුම් සහගතව ක්‍රියාමාර්ග ගත යුතුයි. අපි රටේ සම්පත් වලිනුත් හරියාකර ප්‍රයෝජනයක් ගන්නෙ නෑ. කෘෂිකාර්මික පැත්තෙන් ගත්තත් අපි ඉන්න ඕන තැන නෙමෙයි ඉන්නෙ කියන එක අපිට පෙනෙන්න තියන දෙයක්. ආර්ථික වශයෙන් පසුබෑමක ඉන්නෙ, එදා සිට අද දක්වා අපි ආර්ථිකයට හසුරවපු ආකාරය මේ කරුනුත් එක්ක බලපාල තියනව.


ණය මත ක්‍රියාත්මක වන පරිභෝජන ආර්ථිකයක් තමයි මෙරට ක්‍රියාත්මක වන්නේ , එහිදී ආනයනයට ඇබ්බැහිවීම තුළදී කොරෝනාසමයේ  මෙරට ජනයාට යම් යම් අපහසුතා සඳහා මුහුණ දීමට සිදුවුණා ඔබතුමන්  කොහොමද එම ක්‍රියාවලිය දකින්නේ.

ඔව් අපි අද දවස වන විටත් මේ ප්‍රශ්නෙට මූහුන දෙනව. අපි මේ කරුන දිහා එක උදාහරණයක් අරන් බැලුවොත්, ඇත්තටම අපි සහල් ආනයනය කල යුතු රටක්ද? ඒ වගේ එකින් එක බැලුවොත් අපි මෙතරන් ආනයන මත යැපිය යුතුද යන්න ගැන ප්‍රශ්නාර්ථයක් මතු වෙනවා.
රටේ නිශ්පාදන ආර්ථිකයට ගැන හිතන් නැතුන ආනයන මත තව දුරටත් යැපෙනව නම් මේ වගෙ තත්ත්ව වලට ඉතිරියේදීත් මුහුන පාන්න වෙනවා.

අවසාන වශයෙන් ඔබතුමා වගකීමක් සහිත පුරවැසියෙක් ලෙස මෙරට ජනතාවට දියහැකි උපදෙසක් තිබෙනවද?

ඒක ඇත්තටම ප්‍රශ්නයකට සීමා කරන්න පුලුවන් දෙයක් නෙමේ, රටේ පුරවැසියන් ගත්තොත් එක් එක් අය එක් එක් ක්ෂේත්‍රයන් වල තමයි නිරත වෙන්නෙ. මේ එක් එක් පුරවැසියගෙ වගකීම එකිනෙකට වෙනස් වෙන්න පුලුවන් ,නමුත් වැදගත් වෙන්නෙ මේ හැමෝගෙම එකතුව රටක් විදියට ශක්තිමත් වෙන තැනකට ඉලක්කගත විය යුතුයි. ඒ දේ වෙන්න නම් ඒ සදහා හරි නියාමන යාන්ත්‍රනයකුත් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. දැනට පවතින තත්ත්වයක් එක්ක ගත්තම අපනයන ක්ෂේත්‍රයන් ,සංචාරක කර්මාන්තය, නිෂ්පාදන ක්ෂේත්‍රයන් ඉදිරියට ගෙනියන්න කටයුතු කල යුතුයි. අවසාන වශයෙන් අපි එකිනෙකා තමා තුලින් අවශ්‍ය වගකීම් ඉටුකරමින් එක් අරමුණකට කටයුතු කල යුතුයි. ඒ සදහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම බලධාරීන් සතු වගකීමක්.


                                      🖋සටහන
                                      කසුනි විජේසිංහ

Friday, 24 September 2021

සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය සමාජයේ සමාජ ආර්ථික පසුබිම සහ එහි මාධ්‍ය හා සන්නිවේදන ක්‍රියාවලිය

සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය සමාජයේ සමාජ ආර්ථික පසුබිම සහ එහි මාධ්‍ය හා සන්නිවේදන ක්‍රියාවලිය

සමාජයක් යනු සංකීර්ණ ජන සබඳතා හා ආයතනික රටාවන්ගෙන් ගැවසී ගත් සාරවත් ඒකකයකිග එනම් යම් සමාජ ක්‍රියාවන් හා ඒවායේ ප්‍රතිඵල ලෙසින් ගොඩ නැගී පවතින සංධිස්ථානයේ සමස්ත සමස්ථ සංකලනයකිග මෙම ක්‍රියාවන් හා සබඳතා වල එක්තරා පෙළ ගැස්මක් දැකිය හැකි වේග එම සමාජ සංකූලතා පදනම් කර ගනිමින් සමාජයේ නිර්මාණය වේග අතීතයේ දී ලාංකීය ජන සමාජය තුළ තුලදී භාවිතා කරන දේ සාම්ප්‍රදායික මාධ්‍ය එහිදී සාම්ප්‍රදායික සමාජය තුළදී මිනිසුන් සිය මූලික අවශ්‍යතා පමණක් පරිපූර්ණත්වයට පත්කර ගැනීමට උත්සාහ කර ගැනීමට උත්සාහ ගන්නා ලදීග සාම්ප්‍රදායික ශ්‍රී ලංකා ජන සමාජයේ කැපී පෙනෙන ත්‍රිත්වයක් ලෙස යටත් විජිත යුගයට පෙර යටත් විජිත යුගය යටත් යටත් විජිත යුගයට පසු හැඳින්විය හැකිය.


එම යුගයන් ත්‍රිත්වය අභ්‍යන්තරය ශ්‍රී ලාංකීය සමාජයේ සමාජ ආර්ථික පසුබිම සහ එහි මාධ්‍ය හා සන්නිවේදන ක්‍රියාවලිය අධ්‍යයනය කළ හ සීමාව බිඳවැටීම දක්වා එය ලංකාවට පැමිණි ප්‍රථම ආර්යයන් පිරිස විෂය අතුරු කණ්ඩායම පෙන්නමු විජය පැමිණීමට ප්‍රථම මෙහි මානවයා වාසය කළ බව සඳහන් වේග අනෙක් තොරතුරු නම් රාවණා සම්බන්ධයෙන් ගොඩ නැගී තිබු කතා පුවත්ය එසේම බුදුන් වහන්සේ ලංකාවට තෙවන වරට වැඩම කිරීම සිදු වීම හරහා එකල මෙරට ගෝත්‍ර වශයෙන් ගස් ගල් වන්දනාමාන කරන මිනිසුන් කොට්ඨාස සිටි බව ඓතිහාසික සාක්ෂි හරහා සාක්ෂාත් කරගත හැකියග

එසේම විජයකුමරු මෙරටට පැමිණීමට ප්‍රථම ඉන්දු-ආර්ය සම්ප්‍රදායක් මෙහි පැවති බව සෙල්ලිපි හි සඳහන් වේ. සාම්ප්‍රදායික සමාජය පිළිබඳව තවදුරටත් විග්‍රහ කිරීමේ දී ජනවාස බිහි වීම සහ පඬුවස් දෙව් භද්දකච්චානා යන ආර්යයන්ගේ පැමිණීම සඳහන් කළ හැකිය. 


එහිදී මෙම සාම්ප්‍රදායික සමාජය තුළ මුල් බැසගත් සම්ප්‍රදායන් ඇදහිලි හා විශ්වාස ශූන්‍ය වී යන ලද්දේ මහින්දා ගමනයත් සමඟයග එහිදී මෙරට බුදු දහම පැමිණීම හරහා බෞද්ධ පුනර්ජීවයක් ඇති වියග එතෙක් ගස් ගල් වන්දනා මාන කරන  මිනිසුන් හට ජාතික ආගමක් හිමිවියග එසේම බුදුදහමට අනුග්‍රහය දැක්වීමට රාජත්වය ලබා ගැනීමට හේතුවක් විජය ඉන්පසුව මෙම සමාජ තුල ආර්ය ජනාවාස පරිවර්තනය විය.



ඉන් පසු සංඝමිත්තා තෙරණින් පැමිණීමත් සමඟම ශ්‍රෙි්ණි  සහ කුල ක්‍රමය සාම්ප්‍රදායික සමාජය තුළ මුල් බැස ගන්නා ලදීග කුල ක්‍රමය හරහා රාජකාරි ක්‍රමය ආරම්භ වියග එසේම කලාව ගෘහ නිර්මාණ ශිල්පය සාහිත්‍ය යන සංකල්පයක් දියුණු වීම දියුණුවීම මෙකල ආරම්භ වීයග ඒ හරහා සන්නිවේදන ක්‍රියාවලිය ආරම්භ විය.


 එසේම අක්ෂර කලාව දියුණු වීම හරහා සන්නිවේදනයට රුකුලක් විය. එපමනක් නොව සමාජ ආර්ථිකය පිළිබඳ විග්‍රහ කිරීමේ දී කෘෂිකර්මාන්තය  ආරම්භ වීය. ගමයි පන්සලයි වැවයි දා ගැබයි  යන සංකල්පය පෝෂණය කරන අත්තිවාරම නිර්මාණය වූයේ මෙම කාල වකවානුව තුළ යග මුල් කාලීනව ඉතිහාසඥයන්ගේ මතය වූයේ ඓතිහාසික වශයෙන් සිංහල කුල ක්‍රමය හින්දු කුල ක්‍රමය මගින් බිඳී ආවක් බවයිග බෞද්ධ වංශ කතා වල කතා වල රජ පාර්ශව පිළිබඳව වංශය කුලයින් ගැන ද ඇතැම් අවස්ථාවල චණ්ඩාලයන් පිළිබඳ ව සඳහන්  වියග කුල ක්‍රමය මතවාදයෙන් නිර්මාතෘවරයන් ලෙස සැලකෙන බ්‍රහ්මයන් විටින් විට ලංකාවේ සිටි බවට නොයෙක් උදාහරණ ඇතග කලබලකාරී දේශපාලන පසුතලය යටතේ සංක්‍රමණිකයින් ගෝත්‍ර වන ක්‍රියාකාරීත්වය හා දකුණු ඉන්දීය බලපෑම් නිසා කුලවාදය ක්‍රමයෙන් ලාංකීය සමාජයේ මුල් බැසගන්නට ඇතැයි  එම්ගයුගද සිල්වා පවසයිග (ද සිල්වා 1998 . 76) එහිදී සංඝමිත්තා තෙරණින් ආගමනය පෙන්වා දිය හැකිය.


පැරණි සාහිත්‍ය මූලාශ්‍ර හා සෙල්ලිපි වැනි ඓතිහාසික මූලාශ්‍ර විමසීමෙන් පසුව වත්මන් ඉතිහාසඥයන් වැඩි දෙනෙක් ඉදිරිපත් කර ඇති නිගමනය නම් සිංහල කුල ක්‍රමය ඇතැම් උතුරු හා දකුණු ඉන්දීය බලපෑම් සහිත ව එනමුත් ලංකාවේ සමාජ දේශපාලන පක්ෂ වලට අනුරූප ලෙස ස්වාධීනව වර්ධනය වී ඇති බවයිග (ද සිල්වා 1998 . 147) 


මෙයාකාරයට කුල පදනම ලාංකීය සාම්ප්‍රදායික සමාජය තුළ ගොඩ නැගුණද වඩාත් විධිමත් අයුරින් කුලය පදනම් වූ වැඩවසම් සමාජ ක්‍රමයක් බිහි වූයේ මහනුවර අවධියේ බව පෙනේ රජ මාළිගාවේ හා රාජ්‍යයේ විවිධ අවශ්‍යතාවන් සඳහා සේවාවන් ලබා ගැනීම පිණිස කුල යොදා ගනු ලැබීම මහනුවර යුගයේදී වඩාත් දක්නට ලැබේග සේවා ලබාගැනීම සඳහා ඒ ඒ කුල ”කුල බද්ද” නම් සංවිධානයකට අනුයුක්ත කර තිබුණි උදාහරණ ලෙස කොට්ටල් බද්ද ල බඩහැල බද්දදැක්විය හැකියග (පීරිස් .ල  2001 . 189)  මේ හරහා සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය සමාජයේ සමාජ ආර්ථික පසුබිම විග්‍රහ කළ හැකි යග


එකල කුල ක්‍රමය හා ඉඩම් භුක්තිය අතර කිට්ටු සබඳතාවක් පැවතුණි. වී කුඹුරු භුක්තිය රාජකාරී ක්‍රමයට දේ සිදුවියග කුලහීනයන් තම කුල කාර්යය ඉෂ්ඨ කළේ එම කාර්යය ඉඩම් භුක්තිය වෙනුවට කළ යුත්තක් වශයෙන් සලකා ගෙනයග එකෙක් කුලයෙන් සාපේක්ෂ සමාජ තත්වය පැහැදිලි තත්ත්වය පැහැදිලිව දැක්විණි (යාල්මාන්ල.2004. 106) 


එසේම එකල පැවති රජුගේ සිට වැසියාට එල්ල වන ඒක මාර්ග මාර්ග සන්නිවේදන ක්‍රියාවලියක් පමණි මිහිඳු හිමියන් විසින් මෙරටට ගෙන එන ලද්දේ තේරවාදී බුදු දහමයිග  පසුකාලීනව වළගම්බා රජු දවස මාතලේ අළු විහාරයේ දී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන ලදී.

එහිදී  සන්නිවේදන ක්‍රියාවලිය පිළිබඳ විමසීමේ දී ආගම සංස්කෘතිය සාහිත්‍ය අවශ්‍යතා උදෙසා සන්නිවේදනය අවශ්‍ය වියග අවශ්‍යවිය එම කාලවකවානුව කාල වකවානුවට පෙර මෙරට ප්‍රාග් මානවයා වාසය කරල ද බව කරල ද පුරාවිද්‍යා කැණීම්වලින් හෙළි එහිදී මෙරට ගල්ගුහා පිළිබඳව විමර්ශනයක යෙදුණු බෙල් මහතා සහ ඩී ජී සෙලිග්මාන් ල බෙන්ඩා සෙලිග්මාන් විසින් ඉදිරිපත් කරන ලද දෑ වැදගත් වේග එහිදී ගල් ගුහා දෙවර්ගයක් හඳුනා ගත හැකග එය වැද්දන් විසින් නිර්මාණය කරන ලද ගල් ගුහා සහ ප්‍රාග් මානවයා විසින් නිර්මාණය කරන ලද ගල් ගුහාය. 


එහිදී මහා බ්‍රාහ්මණ සමාජය තුළ දී දක්නට ලැබුණු සාක්ෂියක් වන්නේ කාන්තාවන් ළමුන් සහ වයස්ගත මිනිසුන් වැඩි වශයෙන් ගල් ගුහා තුළ ජීවත් වූ බවයිග හොඳට වැටුණු ශක්තිමත් පිරිමි නිරන්තරයෙන් සිදු කරන ලද්දේ දඩයම් කිරීමයි එම ගල් ගුහා සිතුවම් හි දක්නට ලැබෙන දඩයම් කිරීම විදහාපාන දුණු ඊතල රුවා ගත්  ගත් දඩයම්කරුවන් බැරි ස්වරූප ඇති විවිධ නිර්මාණයන් යග එහිදී අපට විද්‍යාමාන වන්නේ එකල භාවිත සමාජ ජීවන රටාවයි. 


එහිදී ප්‍රාථමික ජන සමාජය සමාජය ට මුද්‍රණය බලපෑම අවශ්‍ය වූයේ ඇයිද ඇයි ද යන ගැටලුව සඳහා කාරණා හතරක් වැදගත් වේග ඒවා නම් ආගමික අවශ්‍යතා ල අධ්‍යාපනය අවශ්‍යතා ල සාහිත්‍ය අවශ්‍යතා එදිනෙදා  ජීවිත අවශ්‍යතාය. 


යටත්විජිත යුගයේදී නූතන මාධ්‍යයන්ගෙන් ආගමනය සිදුවිය. එහිදී එයට පෙර එනම් යටත් යටත්විජිත යුගයට පෙර අවධිය තවදුරටත් විග්‍රහ කිරීමේ දී සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය සමාජය සමාජ ආර්ථික පසුබිම සහ එහි මාධ්‍ය හා සන්නිවේදන ක්‍රියාවලිය වැදගත් වේග


එකල ඉහළ සිට පහළට සන්නිවේදනයක් පැවතිණි පැවැතිණි. රජු විසින් එකල සමාජයෙහි දී බුදුදහමට රාජ අනුග්‍රහය ලබා දිය යුතුය යෙදී ආගම විසින්ද රාජත්වයට අවශ්‍ය සහාය ලබාදීම එකල කැපී පෙනෙන ලක්ෂණයකි. වර්තමානයේ ද එම ලක්ෂණ අඩු වැඩි වශයෙන් දක්නට ලැබේ.


සත්ව ලෝකයේ අන්‍ය ජීවීන්ගෙන් මානව වර්ගයා වෙසෙසා හඳුනා ගැනීමේ මුඛ්‍ය ලක්ෂණය භාෂාවයි. මිනිසාගේ අපරිමිත අනුභූතියට විෂය වන කවර අත්දැකීමක් වුව ප්‍රකාශනය උදෙසා භාවිත වන භාෂාව සංස්කෘතික වූ අර්ථාන්විත සංකේත පද්ධතියකි. එය භාෂණය හා ලේඛනය වශයෙන් දෙවැදෑරුම් වන්නකි. 


ලේඛනය බිහි වනුයේ භාෂණයේ පශ්චාත් ඵලයක් වශයෙනිග භාෂාවේ චිරස්ථිතිය තහවුරු කරන ලේඛනය මානව චින්තනයේ අග්‍රගණ්‍ය සංස්කෘතික ඵලයයිග ලේඛනයේ ආදිතම සාධක පිළිබඳ මතාන්තර විවාදාපන්න වේග බැබිලෝනියාවල මිසරයල ස්පාඤ්ඤය වැනි රටවල ඉපැරණි බිතුසිතුවම්වල නිරූපිත චිත්‍රාක්ෂර ලේඛනයේ ආදිතම ස්වරූපය ප්‍රකට කරන බව පුරාවිද්‍යාඥ මතයකිග පසුව සංකේතාක්ෂරල ශබ්දාක්ෂරල කූඤ්ඤාක්ෂර වැනි අක්ෂර ක්‍රමවේද භාවිත වූ බව සැලකේග එමෙන්ම තවත් මතයකට අනුව මොහෙන්ජදාරෝ හරප්පා ශිෂ්ටාචාරයෙන් හමුවන ක්‍රිගපූග 3000 ට වඩා පැරණි චිත්‍රාක්ෂර විශ්වීය. ලේඛනයේ ප්‍රාරම්භය බවද දැක්වේග ශ්‍රීමත් සර්වපල්ලි රාධක්‍රිෂ්ණ දක්වන පරිදි ජ්‍යෝතිශ්ශාස්ත්‍රයේ සහ මායා ශාස්ත්‍රයේ මෙන්ම ලේඛනයේද ආරම්භය ආසියාවයි.


ඉන්දු යුරෝපීය භාෂා පවුලෙහි ආර්ය හෙවත් ඉන්දු ඓරාණීය ශාඛාගත නූතන ඉන්දු ආර්ය යුගයට අයත් භාෂාවක් වන සිංහලය ප්‍රාකෘත භාෂා සම්භවයකින් යුක්ත වන්නකිග මහා වංශානුගතව ක්‍රිගපූග 06 වන සියවසේ සිදු වූ විජයාගමනයත් සමඟ සිංහල වංශයේ ප්‍රවෘත්තිය මෙරට සංස්ථාපිත වියග සිංහල භාෂාවේ භාවිතය ද එවක පටන්ම සිදු වන්නට ඇති බව සාහිත්‍යමය මූලාශ්‍ර මඟින් පැහැදිළි වේග නමුදු සිංහල භාෂාවේ ලේඛනාත්මක සාධක ප්‍රාථමිකව හා ස්ථාවරව ප්‍රකට වනුයේ මහින්දාගමනයෙන් පසුව ඇති වූ සංස්කෘතික ප්‍රබෝධයත් සමඟයග


ක්‍රි.පූ 03 වන සියවසට අයත් ලාංකේය පුරා ලේඛනයන්හි ආදිතම සාධක පිරික්සීමෙන් ප්‍රකට වනුයේ මෙම අක්ෂර බ්‍රාහ්මී අක්ෂර හෙවත් අශෝකාක්ෂර හා සාමිප්‍ය බවයිග බ්‍රහ්ම දේශයේ හෙවත් බ්‍රහ්මාවර්තයේ ඇති වුණු හෙයින් බ්‍රාහ්මී නම් වූ මෙම අකුරු ක්‍රමයෙන් දියුණු වී මනුෂ්‍යයාගේ පැතිරීමත් සමඟ ඒ ඒ රටවලට සංක්‍රමණය වී යෑයිද කලින් කල රටින් රට ඒ අක්ෂරවල ස්වරූපයද වෙනස් වීමෙන් නා නා ප්‍රකාර අක්ෂර විශේෂ ඇති වී යෑයිද පුරාවිද්‍යා මතයයිග සිංහලය ද එවැන්නක් බැව් විල්හෙල්ම් ගෛගර් විසින් ආදි සිංහල භාෂාව සිංහල ප්‍රාකෘත විශේෂයක් යෑයි හැඳින්වීමෙන් පෙනේ.


පුරාවිද්‍යාඥ මතයනට අනුව මානව ඉතිහාසයේ මූලාරම්භයේ පටන්ම මිනිසා භාෂණයට අමතරව විවිධ ලි‘ත ක්‍රම භාවිත කළ බවට ක්‍රිගපූග 03 වන සියවසට එහා ගිය සාධක ලංකාවෙන් හමු වන බව සඳහන් වේ.


පුරා ශිලා යුගයට තරම් ඈතට දිවෙන ලේඛන කලාවක් පිළිබඳ අවිධිමත් තොරතුරු එහි දක්නට ලැබෙන බව සඳහන් වේග දැදුරු ඔය මධ්‍ය නිම්නයේ පිහිටි අරන්කැලේ සහ ගනේවිහාර යන පුරා විද්‍යා ස්ථානවල තිබූ ගල් ලෙන් සහ තවත් එබඳු ස්ථාන කිහිපයක චිත්‍ර සටහන් හමු වී ඇත. එමෙන්ම දොරවක කන්ද කැණීමේදී නව ශිලා යුගයට අයත් සංකේත රූප හමු වී ඇත. එමෙන්ම ප්‍රොටෝ ඓතිහාසික යුගයේ බවට අනුමාන කළ හැකි මුද්‍ර සහිත වළං කැබලි හමුවීමෙන්ද පැරණි තඹ කාසිවල දැක්වෙන සංකේත නිරූපණයෙන්ද ලේඛන කලාවක ප්‍රාථමික අවස්ථා ලාංකේය ප්‍රාග් ශිෂ්ටාචාර යුගයේ පැවති බව පෙනේ.


කෙසේ වතුදු සිංහල ලේඛන කලාව පිළිබඳ ප්‍රත්‍යක්ෂ සාධක හමු වනුයේ මහින්දාගමනයත් සමඟ රචිත පුරා ලිපි මඟින් ඇරඹි ලේඛන සම්ප්‍රදායය තුළයග ශිලා පුවරු හා මැටි පුවරු වැනි ස්ථාවර මාධ්‍යයන් හැරුණු කොට සිංහල ලේඛනය උදෙසා භාවිත ජංගම මාධ්‍යයන් වනුයේ තල් කොළල ලී පතුරුල වළංල තහඩුල උණ පතුරුල රෙදිල වැටකේ සහ ගඩොල් ආදියයිග මෙයිනුදු පෘතුගීසි සමයේ මුද්‍රණ කර්මාන්තය ඇරඹෙන තුරු ලංකාවේ බහුල ව්‍යාප්ත ලේඛන මාධ්‍යය වූයේ තල් කොළ ආශ්‍රයෙන් නිර්මිත වූ පුස් කොළ ලේඛනයයි.


එකල සාම්ප්‍රදායික සමාජයේ සන්නිවේදන ක්‍රියාවලිය සඳහා දායක වූ එක් මාධ්‍යයක් ලෙස පුස්කොළ පොත් ලේඛන කලාව හැඳින්විය හැකිය.


මලයානම් භාෂාවෙන් ඕනා ලෙස හඳුන්වනු හදුන්වනු ලබයි. මෙහි ඉතිහාසය වළගම්බා රජ දවස දක්වා දිවයයි පුස්කොළ පොත යනු වැලිපිල්ලේ අකුරු ලිවීමේ කලාව තවදුරටත් දිගු වීමකි භානක පරපුර මුඛ පරම්පරාගතව පැවත ගෙන ආ ථෙරවාදී බුදු දහම මාතලේ අලුවිහාරයේ දී ග්‍රන්ථාරූඩ කරන ලදී. එලෙස ග්‍රන්ථාරූඪ කිරීම සඳහා සඳහාද මෙම පුස්කොළ පොත් යොදා ගන්නා ලදී.


එපමනක් නොව නක්ෂත්‍රය සටහන් යන්ත්‍ර මන්ත්‍ර ආයුර්වේද බුද්ධ දේශනාවන් රාජ්‍යත්වයට අදාළ තොරතුරු සංරක්ෂණය කිරීම සඳහා පුස්කොළ පොත් ලේඛන කලාව භාවිතා කොට ඇතග උතුරු ඉන්දියාවේ මේවා නිර්මාණය කිරීම සඳහා කුජ පත්‍ර නමින් හඳුන්වන ලද ශාක විශේෂක් භාවිතා කර ඇතග එය පී ඩී එෆ් වීරසූරිය මහතා එතුමා විසින් රචිත ලේඛන පුරාණය යන කෘතිය සඳහන් කර ඇත.


තවද ඒවා නිර්මාණය කිරීම අතීතයේදී වැටකෙයියා ශාක පත්‍ර යොදාගෙන ඇතග එසේම පුද්ගල පුතා තිබෙන වාර ගණන අනුව විවිධාකාරයේ විවිධාකාරයේ නිර්වචන සන්නිවේදන ඉදිරිපත් කර ඇතග :ගුරුවරැන් හට වාට හයකි  ල  රජුනට වට හතකි ල විරසක පුද්ගලයිනට වට එකකි*


චුල්ලවග්ග විනය පොත පැරණිතම පුස්කොළ පොත වේ පොත වේග එම පොත ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇතග විජය කුමරා විසින් මදුරා පුරයට අසුන වීමේ දී වීමේ දී හසුන් භාවිතා කර ඇත ඒ සඳහා මෙම තල් පත් භාවිතා කොට ඇතග එසේම පණ්ඩුකාභය රජු හට අභය රජ්ජුරුවන් විසින් මෙවැනි එක හසුන්පත් ලියා එවා ඇති බව ඉතිහාසය පිරික්සීමෙන් වටහා ගත හැකියග මෙරට පැමිණ තිබූ පුස්කොළ පොත වන්නේ දඹදෙණි යුගයේ ලියා ඇති විසුද්ධිමාර්ග සන්නස බව ඇතැම් කෘති තුළ සඳහන් වේග එම පුස්කොළ පොත් වහන්සේ වසර අටසියක් පැරණිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාපීඨයෙහි එය ආරක්ෂිතව පවතීග එය අතීතයේදී මෙන් වර්තමානයේ පුස්කොළ ලේඛණ කලාව ව්‍යාප්ත ව පවතින්නේ නැතග

පොත් කම්බාරි පුස්කොළ පොතක නිමාව විචිත්‍රවත් වන්නේ කම්බා යුගලයෙනිග පිට කවරයක් ලෙසට භාවිත වන එය පුස්කොළ පොතට අලංකාරයක් සේම ආරක්ෂාවක්ද සපයයිග මේ සඳහා බොහෝවිට දැව භාවිත කළද සතුන්ගේ හම්ල ඇත් දත්ල රන්ල රිදීල පිත්තලල වැනි ද්‍රව්‍යයන්ගෙන්ද නිර්මාණය වනු දක්නට ලැබෙයිග පාරම්පරික මෝස්තරල කැටයම්ල සැරසිලි ක්‍රම සහ වර්ණ ගැන්වූ විචිත්‍රවත් චිත්‍රවලින් පොත් කම්බාව අලංකාර වනු දක්නට ලැබෙයිග එසේම සමහර පුස්තකයන්හි වටිනා මැණික් වර්ග ඔබ්බවා කළ කම්බාවන්ගෙන් ඒ ඒ පොත්වල වටිනාකම තීව්‍ර කිරීමට ශිල්පීහු උත්සාහ කළ බවක්ද පෙනෙයිග

මිනිසා තම දැනුම සංරක්ෂණය කිරීම උදෙසා භාවිත කළ ප්‍රධානතම ක්‍රමවේදය ලේඛනයයිග පාරිසරික සාධක මත එක් එක් භාෂාගත ලේඛනයන්හි මාධ්‍යයන් විවිධ වියග ඒ අතර ඉන්දියාවල ලංකාවල බුරුමයල තායිලන්තය වැනි ඝර්ම කලාපීය රටවල මේ සඳහා භාවිත කළ ප්‍රමුඛ මාධ්‍යය වූයේ තල සහ තල් වෘක්ෂ පත්‍රයිග ලේඛන කාර්යයේ දී තල කොළය හඳුන්වන්නේ පුස් කොළය නමිනිගිපුස් කොළය‘ පිළිබඳව වියතුන් විවිධ අදහස් පළ කරනු ලැබෙයිග ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයේිපුස්‘ යන ධාතුවට අර්ථකතන සපයනුයේිකිසිවක් නොලියන ලද හිස් තල් කොළය‘ යනුවෙනිග


ර්‍ණපුස්කොළ පොත් ලිවීමේ කාර්යය සඳහා ලබා ගනු ලබන ද්‍රව්‍යය තල ගොබයයිග පත්‍ර අසූවක් සියයක් පමණ ඇති තල ගොබයේ එක් එක් පත්‍රයේ ඉරටුව ඉවත් කොට කොළය දැවටුමක් ලෙස ඔතනු ලබේග එමිදැවටුම‘ ලොකු දිය හැලියක තබා පැය කිහිපයක් මද ගින්නේ තම්බනු ලැබේග ඒ අරුතින් තැම්බූ කොළය පිසූ කොළයල පුස් කොළය වන්නට ඇතැයි සිතන්නට කිසිවකු පෙළඹෙන්නට බැරි නැතග ර්‍ණ


පිස දැමීමෙහි හෙවත් පිරිසිදු කිරීමාර්ථයේදිපුස්‘ යන්න යෙදෙන බවට මතයකිග එමෙන්ම කිසිවක් නොලියූ හෙයින් හෝ අපිරිසිදු දෑ ඉවත් කොට පිරිසිදු කරන ලද හෙයින්ිපුස්‘ යන්නට හිස් යන අර්ථයද හිමි වන බව සඳහන් වේග 19 වන සියවසේ මුල් භාගයේ සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂය සැපයූ බෙන්ජමින් ක්ලප් දේවගැති තුමා පුස්කොළය යන්නට අර්ථ දක්වන්නේිලිවීමට හෝ උල් කටුවෙන් සිරීමට පිළියෙල කරගන්නා හිස් කොළය‘ යන්නයිග


පුස්කොළ ලේඛනය පිළිබඳ ආදිතම සාධක හමුවනුයේ දෙවනපෑතිස් සමයේ සිදු වූ මහින්දාගමනයෙන් පසුවයග ශ්‍රී මහා බෝධි ශාඛාගමනයේදී සිදු වූ අටළොස් කුලයන්ගේ සම්ප්‍රාප්තියේදී ග්‍රන්ථකරණයේ විශේෂඥයින්ද මෙරටට පැමිණෙන්ට ඇති අතර පුස්කොළ ලේඛන සම්ප්‍රදායයද ඒ හරහා ආරම්භ වන්නට ඇතග ආදියේ පටන් මුඛ්‍ය වශයෙන් බෞද්ධාගමික ධර්ම පරිවහනයෙහි ලා උපයුක්ත වූ පුස්කොළ පොත් ලේඛනය පිළිබඳ මූලිකත්වය දැරුවේ භික්ෂූන් වහන්සේලායග


ර්‍ණආදියේ සිංහල රජුන් සන්නස් දීම සඳහා බෙහෙවින් ගත්තේ තල් පතයිග එහෙත් නිශ්ශංක මල්ල රජතුමා එබඳු දීමනාවක් සඳහා තල්පත නොමනා යෑයි කියා රන්ල රිදීල තඹ ඈ පත් භාවිතය ඇරඹීයග තල්පත වේයන් මීයන් කන හෙයිනුත් සන්නස ලබන්නාට වැඩි සැලකිළි දැක්විය යුතු හෙයිනුත් එසේ කිරීම මනා බවයි රජුගේ හැඟීම වූයේග ර්‍ණ


මහනුවර යුගයේ දී එනම් කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේ දී පන්හිඳල විජිනිපත් වැනි භාණ්ඩ භික්ෂූන්ට පූජා කළ බවත් නරේන්ද්‍රසිංහ රජතුමා නියමකන්ද විද්‍යාස්ථානය පිහිටුවා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයටම තුන් මසකට වරක් පොත් ලිවීම සඳහා පුස්කොළ පන්සියය බැගින් සැපයූ බවත් කාන්තාවන්ගේ සහායද මේ සඳහා ලැබුණු බවත් ඉතිහාසයේ සඳහන් වේග මෙලෙස ලාංකේය ලේඛන කලාවේ ප්‍රමුඛ මාධ්‍යය වූ පුස්කොළ පොත් ලේඛනය ලන්දේසි යටත් විජිත සමයේදී මුද්‍රණ කර්මාන්තය ඇති වීමත් සමඟ යල් පැන ගිය සම්ප්‍රදායයක් ලෙස අක්‍රීය වියග පුස්කොළ පොත් නිර්මාණකරණය සහ ලේඛනය උදෙසා පුස් කොළය සකස් කර ගැනීම සංකීර්ණ ක්‍රියාවලියක ප්‍රතිඵලයකිග ශාස්ත්‍රානුකූල ක්‍රියාවලියක් වන තල පත්‍ර සකස් කිරීම හා දේශීය වූ සංස්කෘතික ලක්ෂණ නොමදව බද්ධ වී ඇතග තත් ක්‍රියාවලිය මෙසේ පටිපාටිගත කළ හැකියග


තවද එකල සන්නිවේදනය කරන ද තවත් ආකාරයකි සීගිරි කුරුටු ගීත මුල් මුල්කාලීනව ප්‍රබෝධ පරිහරණය කිරීමට පමණක් නිර්මාණය කරන ලද සීගිරි කුරැටු ගීත  පසුකාලීනව සාමාන්‍ය හුදී ජනයාට  අධ්‍යනය කිරීමට පහසු වන ආකාරයට රචනා කරන ලදීග 1956 දි සෙනරත් පරණවිතාන මහතා එම සීගිරි කුරුටු ගීත පරිවර්තනය කර ලදීග ක්‍රිස්තු වර්ෂ 473 සිට 491 දක්වා රජ කළ මහා කාශ්‍යප රජ සමයේ දී කල සීගිරියේ චිත්‍ර පසුව ජගත් පූජිත කලා නිර්මාණ බවට පත් වියග සීගිරිය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සුවිශේෂ ස්ථානයක් ගනු ලබන අතර ම සිංහල සාහිත්‍යය හා භාෂාව ගැන කතා කරන විට සුවිශේෂ ස්ථානයක් සීගිරි කුරුටු ගීවලට හිමි වේග මෙම ගීවලින් බොහොමයක් 8ල 9 හා10 වැනි සියවස්වලට අයත් වේග සීගිරි ගී ලියා ඇත්තේ සීගිරියේ කැටපත් පවුර මත යග


පැරණි සිංහල සාහිත්‍යය අතුරින් විශිෂ්ට කවීත්වයක් හා අපුර්ව ප්‍රතිභා ශක්තියක් සීගිරි ගී තුළින් පිළිබිඹු වේග මේ තුළින් එකළ කවීන්ගේ අව්‍යාජ කවීත්වය හා අනූන ස්වාධීනත්වය හෙළි වේග මතුපිටින් පෙනෙන අදහසට වඩා ගැඹුරු අදහසක් මෙම ගී තුළින් මතු වේග සීගිරි ගී බොහොමයක් අපුර්ව චමත්කාරයක් ද විශිෂ්ට කවීත්වයක් ද ඉමහත් ප්‍රතිභා ශක්තියක් ද ගැබ් වී ඇතග සීගිරි බිතුසිතුවම්වලින් විචිත්‍රණය කොට ඇති කතුන් ද අවට පරිසරය ආදී විවිධ තේමාවන් ද යොදා ගෙන මේ ගී රචනා කොට ඇතග මෙකල කවීන් තම සිත් තුළ පහළ වූ අදහස් කෙටි කොට පිඬු කොට දක්වා ඇත්තේ සීගිරි කැටපත් පවුරේ ගී ලිවීම අතිශයින් ම දුෂ්කර හෙයිනිග කවිය පිළිබඳ මහා පරිචයක් කාව්‍යකරණයේ ඉමහත් හැකියාවක් හා භාෂා පටුත්වයක් මින් හෙළි වේග ව්‍යංගාර්ථයෙන් හා වක්ක්‍රෝක්තියෙන් ද පිරිපුන් ගී විශේෂයක් ලෙස සිගිරි ගී හැදින්වේග


මෙම සිගිරි ගීවලින් වැඩි කොටසක් ම ගීති නම් ඡන්දස් අලංකාරවලින් රචනා කරන ලද පද්‍ය යයිග යහ ගී පියුම් ගී මත්වල ගී කව් ගී උමතු ගී දුවඟ ගී යොන් ගී ආදී විවිධ විරිත්වලින් බැඳි මේ සීගිරි ගී පද්‍ය සංහ්‍රයක් ලෙස විභාග කර බැලිය හැකග එසේ සීගීරි ගී රචකයෝ තමන් ලියූ ගීවලට යටින් තමන්ගේ නම් ගොත් හා ග්‍රාම නාම සඳහන් කළහග තවෙකෙක් සිය නාමය යෙදීමට ප්‍රථම තම රැකියාව පවා සඳහන් කර ඇතග මෙසේ රචිත වූ සීගීරි ගී මෙරට විශිෂ්ට පුරා විද්‍යා ඉතිහාසඥයකු වන සෙනරත් පරණ විතාන ශුරීන් දශක දෙකක පමණ කාලයක් තුළ කියන සීගීරි ගී 685න් මුද්‍රණය කොට ඇතග

එපමණක් නොව එකල බහුල වශයෙන් සන්නිවේදනය සඳහා යොදාගන්නා ද තවත් අංගයක් වන්නේ තල්පත් වෙනුවට රන්පත් රිදී පත් තඹ පත් භාවිතා කිරීමයිග වල්ලිපුරම් රන්පත වන්නේ දැනට සොයාගෙන ඇති පැරණිතම රන්පත වේග ශුද්ධ වූ ලේඛනයක් රන්පත් හි එහි ගැබ් කොට ඇත තවදුරටත් නිදසුන් ලෙස පනා කඩුව තඹ සන්නස හැදින්විය හැකියග


සාම්ප්‍රදායික ජන සමාජයේ තවදුරටත් යොදා ගන්නා ලද සන්නිවේදන අංගයක් වන්නේ සෙල්ලිපි කලාවයිග මෙම සෙල්ලිපි බ්‍රාහ්මිය අක්ෂර යොදාගෙන නිර්මාණය කර ඇත මෙම සෙල්ලිපි වර්ග ගණනාවකි එනම්  ලෙන්ලිපි ගිරිලිපි පුවරුලිපි ටැම්ලිපි දැක්විය හැකියග ලෙන් ලිපි උදාහරණ ලෙස  රිටිගල මිහින්තලේ දැක්විය හැකියග ඒවා ලෙන් දොරටුවෙහි හා ලෙන් කටාරම් එහි නිර්මාණය කර ඇතග ගිරි ලිපි යනු විශාලතම පිහිටි ගල් පර්වත වල ලියන ලද ලිපි වේග නිදසුන් ලෙස තෝරගෙන දඹුල්ල සිතුල්පව්ව අම්පාර රජගල රජ කළ දැක්විය හැකියග


පුවරුලිපි හරහා බ්‍රාහ්මී අක්ෂර කලාවේ වර්ධනය සිදු විය සිදුවියග ඒ තුළ ප්‍රභූන්ගේ තොරතුරු නිර්මානාත්මක දේවල් අන්තර්ගත වේග නිදසුන් ලෙස මිහින්තලය පුවරු ලිපිය හඳුන්වා දිය හැකියග

එලෙසම ටැම් ලිපි සහ ආසන ලිපි දැක්විය හැකි යග ටැම් ලිපි යනු ගල් කණු ආශ්‍රය කරකණු ආශ්‍රය කර ගනිමින් නිර්මාණය කරන ලද සෙල්ලිපි විශේෂයකි නිදසුන් ලෙස බදුලු ටැම්ලිපිය කොන්ඩුවටුවාන බුද්ධංගල හෙළ ටැම් ලිපි දැක්විය හැකි ය ආසන ලිපි යනු මල් ආසන ආශ්‍රය කොට ගනිමින් නිර්මාණය කරන ලද සෙල් ලිපි විශේෂයකිග

මේ සෙල්ලිපි තුළ වැඩි වශයෙන් අන්තර්ගත වෙන්නේ වීම වැනි බෞද්ධාගමික තොරතුරුයග උදාහරණ ලෙස සිව්වනක් පිරිසගේ තොරතුරු විවිධ විහාරස්ථාන සම්බන්ධ තොරතුරු සිරිත් විරිත් පුද පූජා ආදිය පිළිබඳ තොරතුරු ආරාම පරිපාලනය කිරීම පිළිබඳව තොරතුරු ඇතුලත් වේග බදුලු ටැම් ටැම් ලිපිය නිර්මාණය කොට ඇත්තේ වෙළෙඳ අරමුණක් උදෙසා යග


තව දුරටත් විවිධ යුගයන් වලදී වලදී ලියැවී ඇ දී ලියවී ඇති පොත්පත් සාම්ප්‍රදායික සමාජය තුල සන්නිවේදනය ක්‍රියාවලිය පිළිබඳව විදහා පාන අපූරු අංගයන් යග අනුරාධපුර යුගයේ පිළිබඳව කතා කරන විට දීපවංශය සියවස  කර සිංහල අට්ඨකථා ධම්පියාඅටුවාගැටපදය මහාවංශය වැනි පුස්තකයන් හඳුන්වා දිය හැකග පොළොන්නරු යුගයේ පිළිබඳව කතිකා කරන විට ද්‍රවිඩ ආක්‍රමණ ඇරඹෙන්නේ මෙම කාල වකවානුවේ තුළයග දඹදෙණි යුගයෙහි දී කවිසිළුමිණ සද්ධර්ම රත්නාවලිය වැනි කෘතීන් හඳුන්වා දිය හැකි යග ගම්පොළ යුගය වන විට මයුර සන්දේශය තිසර සන්දේශය සද්ධර්මලංකාරය වැනි එසේම කෝට්ටේ යුගය වන විට  සිංහල සාහිත්යය ඉතිහාසය සාහිත්‍ය ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස එම යුගය හැඳින් වේග


එහිදී සාම්ප්‍රදායික ලංකා සමාජය තුල මිනිසළ මිනිසුන් විසින් ආගම සන්නිවේදනය කිරීම සඳහා ද නිර්මාණාත්මක නිමැවුම් නිර්මාණය කිරීම සඳහා ද සඳහා ද දේශපාලනික සන්නිවේදනය සඳහා ද මිනිසුන් තමන්ගේ එදිනෙදා ජන ජීවිතය හසුරුවා ගැනීම සඳහා ද මෙම සන්නිවේදන ය භාවිතා කොට ගෙන ඇතග ඒ සඳහා ඉහත සඳහන් කරන ලද කාරණාවන් වැදගත් වේ. 


වි⁣ජේසිංහ ඩබ්.ඒ.කේ.එන් 

University of colombo 




Saturday, 21 August 2021

අද්‍යතන වසංගත තත්වයන් හමුවේ සාම්ප්‍රදායික දැනුම හා මිත්‍යාව

අද්‍යතන වසංගත තත්වයන් හමුවේ සාම්ප්‍රදායික දැනුම හා මිත්‍යාව 


මිනිසා කාර්මික විප්ලවයට පෙර යුගය තුළදී ආධ්‍යාත්මක සංකල්පය උදෙසා නැඹුරු වී සිටි අතර සහ කාර්මික විප්ලවය නැගීමත් සමගම පුනරුදය මගින් මිනිසාගේ සිතීමේ අවකාශය පෘථුල විය. කාල් යාමේදී විද්‍යාව සහ  තාක්ෂණයේ දියුණුවත් සිදුවූ පෙරළියත් සමගම විද්‍යාඥයන් පර්යේෂකයින්ගේ විවිධ පර්යේෂණ සහ අත්හදා බැලීම් ක්‍රමවේදයන් මගින් වෛද්‍ය විද්‍යාව තුළ දැඩි ලෙස වෙනස්කම් රැසක් සිදු වීම දක්නට ලැබේ. එහිදී එක් එක් සංස්කෘතියට එක් එක් රාජයන්ට ආවේණික වූ දේශීය වෛද්‍ය සම්ප්‍රදාය මගින් ගොඩනැගුණු සාම්ප්‍රදායික දැනුම අභියෝගයට ලක් වීමක් සිදුවිය. 



වසංගත තත්වයන් ආරම්භ වීමත් සමඟම මිනිසා මෙම ක්‍රම ද්විත්ව ඔස්සේම එම වසංගතයට අදාළ ප්‍රතිකාර අපේක්ෂාවෙන් පෙළුනු අතර කෙසේ වෙතත් මෙම කොරෝනා වසන්ගතය මැඩපැවැත්වීමට අදාළ නිශ්චිත ඖෂධයක් තවමත් සොයාගෙන නොමැත. සොයා ගනු ලැබූ ඖෂධයන් ද මගින් සිදු වන්නේ වසංගතය පාලනය කිරීමක් පමණි. 



ඉංග්‍රීසි වෙදකම තුළ  කොරෝන වසංගතය මැඩපැවැත්වීමට  අදාල ඹෟෂධ රැසක් සොයා ගනු ලැබූ අතර  එම එන්නත් කරන ක්‍රියාවලිය මගින් සිදුවන්නේ වසංගත තත්වය පාලනය කිරීමක් පමණි. මෙම වසංගතය ලෝකයේ ව්‍යාප්තියත් සමග ම එය ලෝක ව්‍යාප්ත වසංගතයක් බවට පත් වී ඇත.  ව්‍යාප්ත වසංගතයක් ලෙස හඳුන්වන්නේ රාජ්‍යයන් ගණනාවකම එකම අවස්ථාවේ පැතිර යන රෝගයකි. කොරොනා වෛරසය පැතිරයාම ලෝක ව්‍යාප්ති වසංගතයක් (pandemic) බවට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත. 


මෙම වසංගත තත්වයන් හමුවේ ආසියාතික රාජ්‍යයන් (Asian Countries)  පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වනුයේ දේශීය වෛද්‍ය ක්‍රම සහ සාම්ප්‍රදායික දැනුම පදනම් කර ගනිමින් රෝගයට ප්‍රතිකාර කරනු ලබන රාජයන් හඳුනා ගැනීමට ලැබීම ය. විශේෂයෙන් ම සාම්ප්‍රදායික දැනුම තුළ රෝගය පාළනය කළ හැකි ක්‍රම හඳුනා ගැනීමට හැකියාව ලැබේ. නමුත් එමගින් ද වෛරස කෙතරම් දුරට මැඩ පැවැත්විය හැකිද යන්න ගැටුමක් ඉස්මතු වී තිබේ. 

සොයාගන්නා  ලද  දත්තයන් අනුව පැවසිය හැක්කේ මෙම සම්ප්‍රදායික දැනුම මගින්ද සිදු වන්නේ වසංගත තත්ත්වයන් පාලනය කිරීම හරහා මිනිසාගේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ඉහළ දැමීමක් සිදු වන බවයි. 

විවිධ බෙහෙත් කැඳ පාන වර්ග මගින් මිනිසාගේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ඉහළ නැංවීමට අදාළව සාම්ප්‍රදායික දැනුම මගින් ප්‍රතිකාර සිදු කරනු ලබයි. 

කෙසේ වෙතත් මිනිසාගේ මෙම අධ්‍යතන  වසංගත තත්වයන් හමුවේ ඇතැම් අවස්ථාවන්හිදී අසරණභාවයට ලක්වීමේ ප්‍රතිඵලයක් ලෙස අන්ධ භක්තිකයෙක් ලෙස ක්‍රියා කරන ආකාරය හඳුනා ගැනීමට ලැබී ඇත. නවීන විද්‍යාත්මක ක්‍රම ඔස්සේ වසංගත ක්‍රියාවලියට අදාළ ප්‍රතිකාර සොයා ගනු ලැබුවද දේශීය වෛද්‍ය  ප්‍රතිකාර මඟින් ම වසංගතයට පිළියම් සොයා ගනු ලැබුවද මිනිසා තවමත් පෙර තිබූ ගල් යුගය තුළම එල්බ ගෙන සිටින මානසික මට්ටමක ක්‍රියා කරනු ලබන ආකාරය පෙනී යයි. 

මෙලෙස මිනිසා මිත්‍යාව පසුපස හඹායන්නේ ඇයි ද යන වග ප්‍රශ්න කිරීමට කාලය එළඹී තිබේ.  විශේෂයෙන්ම පසුගිය කාල වකවානුව තුළ ඉන්දියාවේ කොව්ඩ් 19  වෛරසයක් ආරක්ෂා වීම සඳහා ඇතැම් ජනයා ගවයින්ගේ මළ සහ මුත්‍රා ශරීරයේ තවරා ගැනීම සහ භාවිතා කිරීම හැඳින්විය හැක. 

එහිදී වෛද්‍යවරුන් සදහන් කර ඇත්තේ කොව්ඩ් වෛරසයෙන්  ආරක්ෂාව ලැබීම සඳහා  සිදු කරනු ලබන එවැනි ක්‍රියාවන් හි දී කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බවයි.


 බටහිර ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ ඇතැම් පුද්ගලයින් සතියකට වරක් ගව ගොම හා මුත්‍රා මළ මගින් සිරුර ආවරණය කර ගැනීමට ගවගාල් වෙත යන්නේ  එය ඔවුන්ගේ ප්‍රතිශක්තිය ඉහළ නංවනු ඇතැයි බවට සහ කොරෝනා වෛරසයෙන් සුවය ලබා ගැනීමට උපකාරී වනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි. 


එමගින් මිනිසා තුළ තුළ අන්තර්ගත වනු ලබන මිත්‍යාව සහ ගෝත්‍රික මානසික චර්යාවෙන් මුදවා ගැනීමට අධිකාරිත්ව යක් සහිත මැදිහත්වීමක් අවශ්‍ය වනු ඇත. 

කොව්ඩ් ව්‍යාප්තිය සඳහා විකල්ප ප්‍රතිකාර ලබා ගැනීමට එරෙහිව ඉන්දියාවේ සහ ලොව පුරා සිටින වෛද්‍ය විශේෂඥයන් විසින් නැවත නැවතත් අනතුරු අඟවා ඇත්තේ මිත්‍යා විශ්වාස ව්‍යාජ ඖෂධ සඳහා නැඹුරු වීම මගින් වෙනත් රෝග තත්ත්වයන් හෝ අතුරු ආබාධ ඇති විය හැකි බවයි. එසේම කොව්ඩ් 19  වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිය ඉහල නැංවීම සඳහා ගවමළ හෝ මුත්‍රා ක්‍රියාකරන බවට ස්ථිර විද්‍යාත්මක සාක්ෂි නොමැති බවත් මෙමගින් වෙනත් රෝග සතුන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වීමට හැකියාවක් ඇති බවත් වෛද්‍යවරු පෙන්වා දෙයි. 

විශේෂයෙන්ම මෙරට කොරෝනා සුව කිරීම සඳහා වෛද්‍ය එලියන්ත වයිට් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද ගංගාවලට පැන් කල දැමීම මිත්‍යා සහගත ක්‍රියාවකි. එහිදී මෙරට සිටි ප්‍රධාන පෙළේ මැති ඇමැතිවරුන් විසින් එම එවන් කටයුතු සඳහා දායකත්වය සැපයීම සමස්ථ සමාජය ඉදිරියේ ම මිත්‍යාව වැපිරීමකි. 


මෙවන් කටයුතු මගින් පෙනී යන්නේ පාලකයන් පවා වසංගත තත්වයන් හමුවේ අන්ධ විශ්වාසයන්ගෙන් පසු වන බවයි. මෙමගින් වසංගතය හමුවේ සමස්ත සමාජයම අසරණභාවයට පත් වනු ඇත. 

විද්‍යාත්මක පදනමක පිහිටා සාකච්ඡා කරන කළ කලයක්  ජලයට දමා ලෙඩ සුව කළ හැකි නම් එවන් අවස්ථා ප්‍රකාශ කරන ලෙස ප්‍රශ්න කළ හැක. කෙසේ වෙතත්  විද්‍යාව හා තාක්ෂණය මෙතරම් ප්‍රමුඛ වී ඇති යුගයක මිනිසා ගෝත්‍රික මානසිකත්වය තුළ තවමත් ජීවත් වන්නේ ඇයි දැයි තවදුරටත් ප්‍රශ්න කළ හැකිය. ආදි ජනයා ජීවත් වූ ගස් ගල් වන්දනා මාන කරන යුගයකට අප නැවතත් ගමන් කරන්නේ ඇයිද. 

කෙසේ වෙතත් අවසානයේ ඉස්මතු කළ හැක්කේ මිනිසා මෙලෙස මිත්‍යාව පසුපස හඹායන්නේ ආධ්‍යාත්මික  ජීවිතය සුවපත් කර ගැනීම උදෙසා විය හැකි බවයි. එනම් රෝගී පුද්ගලයකු හට කායික මෙන්ම මානසික සුවය ද අත්‍යවශ්‍ය වේ. මෙලෙස අන්ධ භක්තික ක්‍රියාවලින් හරහා ඔවුන් මානසික සැනසීමක් අපේක්ෂා කෙරේ. 

ඩබ්.ඒ.කේ.එන් විජේසිංහ 
ඩබ්.ටී.එම්.ඩී දිල්හානි
ජනමාධ්‍ය අධ්‍යනාංශය 
කොළඹ විශ්වවිද්‍යාලය 

Saturday, 15 May 2021

සාර්ථක වෙන්න නම් හණමිටි අදහස් අතාරින්න

සාර්ථක වෙන්න නම් හණමිටි අදහස් අතාරින්න 
සාමාන්‍ය ජීවිතයේදී අප ගත කරන ජීවිතය කටුක වුවද එම කටුක ජීවිතය තුළ සැපවත් යැයි හංවඩු ගසනා මිනිසුන් ජීවත් වන ජීවත්වන ජීවිතයට වඩා සැපපහසු මානසික නිදහසක් තිබිය හැකිය. සාර්ථකත්වය කියලා මා හඳුන්වන්නේ කෙනකුට තම ජීවිතයේ තමා තෘප්තිමත් වන මට්ටම කරා පැමිණීමයි. නැතහොත් අනෙකා පසෙකලා තරගකාරී ජීවන රටාවක නිරත වන්නක් නොවේ. එසේනම් සාර්ථකවීමට ඇති ප්‍රබලතම අවිය වන්නේ තමා තුළ පවතින ධනාත්මක සිතිවිලි ය. ඍණාත්මක සිතිවිලි මඟින් පුද්ගලයා පසුබෑමට ලක් කිරීමට හැකිවන අතරම ධනාත්මක සිතුවිලි මගින් මඟින් පුගින් පුද්ගලයා පවතින තත්වයෙන් ඉහලට රැගෙන යාමේ ශක්තියක් ඇත. 

ප්‍රධාන වශයෙන් අපගේ සාර්ථකත්වයට පහර එල්ල කරනු ලබන්නේ අප අවට සිටින ලබන අප දන්නා හඳුනන සමීපතමයින්  විය හැකිය. කෙසේවෙතත් මා පවසන්නේ ධනාත්මක සිතිවිලි ඇති පුද්ගලයා හට එවැනි පුද්ගලයින් මඟහැර සාර්ථකත්වයේ හිනි පෙත්තට ගමන් කිරීමට හැකියාව ඇති බවයි. 

සැම පුද්ගලයකු සතුව ම දුර්වල  ශක්තියෙන් මෙන්ම ධනාත්මක ශක්තිය ද ඇත. නමුදු ස්වංව  මනස පාලනය මගින් දුර්වල සිතුවිලි පසෙක ලා සාර්ථකත්වයට ළඟා විය හැක. 

එක් ආකාරයකින් ගත්කල සාර්ථකත්වය යනු අප ජීවිතයේ අප අපේක්ෂා කරනු ලබන ඉලක්ක කරා ළඟා වීමයි. නමුත් සඵලදායී  සාර්ථකත්වය යනු අනෙකා විවේචනය කරමින් අනෙකා හෙළා දකිමින් අනෙකා දුර්වල කරමින් හා අනෙකා පාගා ගනිමින් ගමන් කරන සාර්ථකත්වය ගමන් මාර්ගය නොවේ. 

එවැනි මිනිසුන් ඕනෑම ස්ථානයක සමාජය හඳුනා ගත හැකිය. එසේම සාර්ථකත්වයට ලක්වීමෙන් ලබාගන්නා පුහු මාන්නය තුළින් ඔබගේ සෘණාත්මක දුර්වල සිතිවිලි අනෙකාට දිස්වේ. 
නමුත් ජීවිතයේ සාර්ථකත්වය යනුවෙන් මා අදහස් කරන්නේ භෞතික සම්පත් හෝ මිල මුදල් හෝ නොවන අතර මානසික නිදහස සතුට රැගත් ආද්‍යත්මික සුවය යි. කෙනෙක් යම් අවස්ථාවකදී මුදල් පසුපස තරයේ හඹායන්නේ නම් එතන පුද්ගලයා සතුව සාර්ථකත්වයට පත් වීමේ අවශ්‍යතාවයක් ඇති වූද සඵලදායී  සාර්ථකත්වයක් ලඟා නොකර ගන්නා පුද්ගලයෙකු බවට හැදින්විය හැක. 


ඩබ්.ඒ.කේ.එන් විජේසිංහ 
ජනමාධ්‍ය අධ්‍යනාංශය 
කොළඹ විශ්වවිද්‍යාලය 
ශ්‍රී පාලි මණ්ඩපය 


Friday, 14 May 2021

මෙම රෝගය ඔබටත් තිබේද? OCD - Obsessive Compulsive Disorder යනු කුමක්ද?

⁣මෙම රෝගය ඔබටත් තිබේද? OCD - obsessive compulsive disorder යනු කුමක්ද? 


 මානසික රෝග අතුරින්  OCD එසේත් නැතිනම් obsessive compulsive disorder යනු සමාජයේ බොහෝ දෙනෙක් සතුව පවතින මානසික රෝගයකි. මෙම මානසික රෝගය ඇති සුවිශේෂීතාව වන්නේ නිතර නිතර එකම පුරුද්දක් තුළ  අනවශ්‍ය ලෙස යෙදී සිටීමයි. එසේත් නැතිනම් පිරිසිදුකම ආරක්ෂාව යන ආදී පමණට වඩා සිතීම පමණට වඩා පිළිකුල් බව මෙම මානසික රෝගයේ දක්නට ලැබෙන රෝග ලක්ෂණ වෙයි. 


මෙම තත්ත්වයට මුහුණ දීමට ඔබට හෝ ඔබගේ සමීපතම කෙනෙකුට සිදුවිය හැක. නමුදු විශේෂත්වය වන්නේ සමාජයේ බොහෝ දෙනෙක් මෙය  රෝගී තත්ත්වයක් ලෙස හඳුනා ගෙන නොතිබීමයි. 

මෙම මානසික රෝගයෙන් පෙළෙන්නෙකු සිදු කරනු ලබන විවිධාකාරයේ චර්යාවන් මෙම රෝගී තත්ත්වය හරියාකාරව හඳුනා ගැනීමට බෙහෙවින් වැදගත් වේ. 

1) තම දෑත් දෙපා නිතර නිතර සේදීමට සිතීම. 


අපිරිසිදු වූ විට තම දෑත් දෙපා සේදීම සාමාන්‍ය කටයුතත්කි. එය හොඳ සෞඛ්‍ය පුරැද්දකි.  නමුත් මෙම රෝග ලක්ෂණය තුළ දවසට විසි තිස් වතාවක් තම දෑත් දෙපා සේදීම දක්නට ලැබේ. එසේම පොදු ස්ථාන තුළ ගැවසුන පමණින් තමන් විස බීජ වලින් වැසී ඇති බවයි එන හැඟීමක් ඔහුට හෝ ඇයට දැනේ. එය සාමාන්‍ය නොවන මානසික තත්ත්වයකි. කුණු විසබීජ තමන් අවට නොමැති පරිසරයක් නිරන්තරයෙන් පවත්වා ගැනීම මෙම මානසික රෝගී තත්වයේ මූලික ලක්ෂණයයි. 


2) සාමාන්‍ය ජීවිතයේදී මෙන්ම තම නිවස පිලිවෙලට පවත්වාගෙන යාම සාමාන්‍ය කාර්යභාරයකි. නමුත් හැඩතල වර්ණ අනවශ්‍ය ලෙස ගැලපීම සඳහා ඇති දැඩි අවශ්‍යතාවය. තමා යම් දෙයක් සිදු කළ විට එම කාර්යභාරය අවුල් වී ඇති නම් එනම් පිළිවෙළෙහි යම් වෙනස්කමක් සිදු වී ඇති නම් දැඩි නොරිස්සුම් කමකින් කටයුතු කිරීම මෙම OCD මානසික රෝගී තත්ත්වයේ ලක්ෂණයකි 


මෙම රෝගී ලක්ෂණය මෙම මානසික වගේ මුල් අවධිය තුළ දක්නට ලැබේ. නමුත් කල් යත්ම මෙම මානසික රෝගයක් උග්‍ර දෙසට නැඹුරු විය හැක. 

3) වසා ඇති දොරවල් සත්‍ය වශයෙන්ම වසා ඇති දෙ යන්න බව නිතර නිතර ප්‍රත්‍යක්ෂ කර ගැනීම.

වසා ඇති දොරක් එය සත්‍යවශයෙන්ම අවස්ථා ඇත ඇතැයි නිතර නිතර පිරික්සුම් කර බැලීම. මෙම රෝගයේ තවත් ලක්ෂණයකි. එපමනක් නොව නිවා දැමූ විදුලි බුබුළු ගෑස් ලිප් සත්‍ය වශයෙන්ම විසන්ධි කර ඇත්ද යන බව නිතර නිතර සොයා බැලීම මෙහිදී දක්නට ලැබේ. 


4) තමා ආදරය කරන දෙයකට හෝ පුද්ගලයකුට කුමක් හෝ හානියක් සිදුවී ඇතැයි සිතින් මවාගත් චිත්‍රයකට අනුව එම පුද්ගලයා හෝ දේ පිළිබඳව නිතර නිතර සොයා බැලීම 

නිදසුන් ලෙස රථවාහන ක ගමන් ගන්නා පුද්ගලයකුට නිතර නිතර දුරකතන ඇමතුම් ලබාදෙමින් ලබා දෙමින් ඔහු හූ හය හොඳින් සිටීදැයි නිතර නිතර විමසිලිමත් වීම. එපමණක් නොව තමා එක්රැස් කරන ලද මුදල් කවුරුන් හෝ විසින් සොරකම් කර ඇතැයි සිතා එම මුදල් නිතර නිතර ගණනය කිරීම මෙම රෝග ලක්ෂණය තුළ දක්නට ලැබේ. 


5) කෘමි සතුන්ට ඇතිවන අනවශ්‍ය බිය ඔවුන් සහමුලින්ම විනාශ කළ යුතුයැයි ඇතිවෙන හැඟීම. 


මෙහිදී මෙම OCD රෝගී තත්ත්වය ඇතිවීමට හේතු කවරේ ද යන්න පිළිබඳව විමසා බැලීම වැදගත් වේ. මෙම රෝගය ඇතිවීමට  හේතුව කුමක්ද යන ආකාරය පිළිබඳව නිශ්චිත හේතුවක් නැතත් ජාන මගින් නැතිනම්  පාරිසරික හෝ  තම මනස විසින්ම මෙහෙයවන්න බව අද්‍යතනය වන විට නිගමනය කර ඇත. 

මෙම රෝගී තත්ත්වය මැඩ පවත්වා ගැනීම සඳහා අදාල ප්‍රතිකාර ක්‍රම වැදගත් වේ. මෙම රෝගය ඖෂධීය ප්‍රතිකාරවලින් තොරව පහසුවෙන් සමනය කරගත හැකි මානසික රෝගයක් වේ. මෙහිදී ඵලදායි ප්‍රතිකාර ක්‍රමයක් ලෙස exposures and reassurance යන ප්‍රායෝගික ක්‍රියාදාමය හඳුනාගත හැක. මෙහිදී සිදුවන්නේ පුද්ගලයා සැකය බිය සිදුවන දේවල් හට එම පුද්ගලයා නිරාවරණය වීමට හැර එම කාරණය තුළ සත්‍ය වශයෙන්ම බියවීමට කිසිදු හේතුවක් නැති බව එම පුද්ගලයාට පසක් කර දීමයි. නිදසුන් ලෙස නිරන්තරයෙන් අතපය සෝදන පුද්ගලයෙකු නම් ඔහුට නිරන්තරයෙන් අතපය අත පය සේදීමට තරම් තම දෑත් දෙපා තුළ විසබීජ එක්රැස් වී නොමැති බව සත්‍ය වශයෙන්ම ඔහුටම පසක් වීමට අවස්ථාව සලසා ලබාදීමයි. එමෙන්ම හකරැල්ලන් කැරපොත්තන් වැනි සතුන් මගින් හානියක් නොවන බව ඔවුනට පසක් වීමට අවස්ථාව සලසා දීම. වසා ඇති දුර වල් පිළිබදොරවල් පිළිබදව නැවත නැවත පරික්ෂා කිරීමට අවශ්‍යතාවක් නොමැති බව ස්වයංව අවබෝධයක් ලබා දීම වැනි කාරණා හරහා මෙම රෝගී තත්ත්වයෙන් අදාළ පුද්ගලයා ගලවා ගැනීමට උපකාර වේ. 

මෙවැනි රෝග සඳහා සමාජයේ අවධානය අවම වීම හේතු කර ගනිමින් අදාල පුද්ගලයා මානසික වශයෙන් වඩාත් ව්‍යාකූල තත්ත්වයකට පත්වීම වලක්වා ගත නොහැක. නමුත් නිසි අවධානයකින් යුක්තව කටයුතු කිරීම මගින් එම පුද්ගලයන් මෙම මානසික රෝගී තත්වයෙන් ගලවා ගැනීමට හැකි වනු ඇත. මෙවැනි රෝග ඔබේ සමීපතමයන්ට ඇති නම් වඩාත් අවධානයකින් යුක්තව කටයුතු කිරීම ඔබ සතු වගකීමකි. මෙවැනි රෝග ලක්ෂණ ඔබටත් ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු යොමුවීම මගින් හෝ උපදේශක වරයෙකු හරහා ඔබේ මානසික හා සෞඛ්‍යය මට්ටම සුවදායී තත්ත්වයට පත්කර ගැනීම ඔබ සතු වගකීමකි.



ඩබ්.ඒ.කේ.එන්.විජේසිංහ 
ජනමාධ්‍ය අධ්‍යනාංශය 
කොළඹ විශ්වවිද්‍යාලය 
ශ්‍රී පාලි මණ්ඩපය

Sunday, 4 April 2021

ළමුන්ගේ චර්යාව කෙරෙහි රූපවාහිනියේ බලපෑම

ළමුන්ගේ  චර්යාව කෙරෙහි රූපවාහිනියේ බලපෑම 


     එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තියට අනුව වයස අවුරුදු 18 ට අඩු අයවලුන් ළමුන් ලෙස අර්ථකථනය කර ඇත. ළමයා යනු සෑම අවස්ථාවකම අත්හදා බලන්නෝ  වෙති. ළමයා කුඩා කල සිටම සමාජානුයෝජනය වනු ලබන්නේ කුටුම්භය හරහා ය. නමුදු අද්‍යතනය වන විට රූපවාහිනිය යනු නිවසේ ප්‍රධාන ස්ථානයක් අත්පත් කරගන්නා ලද ප්‍රබල සංහතික මාධ්‍යයක් (Mass Media) ලෙස හැඳින්විය හැක.  


නමුදු ළමයාගේ සමාජානුයෝජන ක්‍රියාවලිය පවුල තුළින් ගොඩ නැංවීම පසෙකලා එම කර්තව්‍ය සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ රූපවාහිනියයි. ළමයාගේ චර්යාව කෙරෙහි ප්‍රබල වශයෙන් සමාජානුයෝජන ක්‍රියාවලිය ඉවහල් වේ. වර්තමානයේ රූපවාහිනිය ඉතා තදබල ලෙස ළමයාගේ ජීවිතයට බද්ධ වී ඇත. බොහෝවිට ඔවුන් රූපවාහිනිය නරඹන්නේ වැඩිහිටි මගපෙන්වීම කින් හෝ අධීක්ෂණයකින් තොරව ය. ළමයා මහා සමාජය වෙත ගමන් කිරීමෙහිදී  සමාජානුයෝජන මාධ්‍යයක් ලෙස අද්‍යතන සමාජය තුළ රූපවාහිනියට ප්‍රබල ස්ථානයක් හිමිව ඇත.  


"පවුලක් තුළ සිටි නව පරම්පරාවක් සමාජානුයෝජනය වූ මාධ්‍යයන් රූපවාහිනී මාධ්‍ය සමඟ වෙනස් වී ඇත"  (විජේසිංහ, 2007). එහිදී පවුලට පැවතී තිබූ සමාජානුයෝජන කාර්යය සිදු කිරීමේ වගකීම අද්‍යතනය වන වන විට රූපවාහිනිය මගින් සිදු කරයි. 


දරුවා සමාජානුයෝජනය වීමේදී ඔහුගේ හෝ ඇයගේ චර්යාව වැදගත් වේ. බොහෝවිට නූතනයේ දරුවන් සමාජයට අනුගත වන්නේ රූපවාහිනිය  මගින් විකාශය කරනු ලබන විවිධ චරිතයට අනුගත වන ආකාරයට බව හඳුනාගත හැක.  මෙහිදී මාධ්‍යවේදියා අද ප්‍රබල වගකීමක් ඇත්තේ දරුවා එළඹෙන සමාජයට සදාචාර සම්පන්න පුරවැසියෙක් බවට පත් කිරීමයි. 


එහිදී මාධ්‍ය ආයතනය ද එළඹෙන  ලෝකයට අවාසිදායක නොවන අයුරින් කටයුතු කළ යුතු වන්නේ ළමයා සමස්ත සමාජයේ මූලබීජය වන බැවිනි. "අවුරුදු දෙකකට අඩු දරුවන් රූපවාහිනියෙන් නරඹන සෑම පැයකටම ඔවුන් උපතින් ලද කිසියම් දෙයකට අවධානය යොමු කිරීමේ ශක්තිය 10% කින් අඩු වන බව සියයට රෝහලේ වෛද්‍ය දිවිත්‍රි ක්‍රිස්ටාස් පීඩියට්‍රිස් වෛද්‍ය සඟරාවට ප්‍රකාශ කර තිබේ (ප්‍රනාන්දු, 2004). 


මේ හරහා හඳුනාගත හැක්කේ රූපවාහිනිය මගින් දරුවාට ප්‍රබල අවාසි සහගත තත්වයන් හට මුහුණ දීමට සිදුවන  ආකාරයයි. මේ අනුව දරුවාගේ වර්ධන අවධියේ වැදගත්ම කාල සීමාව මේ ලෙස මෙය හඳුනාගත හැකිය. අද්‍යතනය වන විට රූපවාහිනී නාලිකා ළමා මනසට නුසුදුසු ආකාරයට වැඩසටහන් නිෂ්පාදනය නොකිරීම ළමයාගේ අයහපත් චර්යා වලට බෙහෙවින් බලපා ඇත. එය දරුවාගේ මනසේ වර්ධනයට ද බෙහෙවින් අහිතකර ලෙස බලපෑම් ඇති කරනු ලබයි. 


රූපවාහිනියේ දිස්වන බොහොමයක් චරිත ළමයා අනුකරණය කිරීමට පෙළඹී ඇත. එහිදී දරුවා නිවැරැදි දෑ නොව වැරදි දෑ ක්ෂණිකව වැළඳ ගැනීමට පෙළඹේ. එක්සත් ජනපදයේ පෙන්වූ "බැට් මෑන්"  චිත්‍රපටයේ එම බැට්මෑන් චරිතය අනුකරණය කරනට යෑමෙන් ළමෝ 12 ක් මියගියහ. මලයාසියානු රූපවාහිනියෙ දුටු සුපර්මෑන් නම් වීරයාගේ චරිතය අනුකරණය කළ දරුවන් හතක් කඳු ගොඩනැගිලි වලින් බිමට පැනීමෙන් මියගිය බව තවත් ළමයෙක් සුපර්මැන් මෙන් මෝටර් රථයක් ඔසවන්නට ගොස් යන්තමින් දිවිගලවා ගත් බවත් ඉවාන් නැමැති තුන් හැවිරිදි ළමයෙකු සුපර්මෑන් අනුකරණය කරනට ගොස්  ඉහළ මාලයේ සිට බිමට පැන මිය ගිය බවත් ආදී ශෝචනීය පුවත්  මෑතක දී හඳුනා ගත හැක. මේ මඟින් හඳුනාගත හැක්කේ රූපවාහිනිය ළමයාගේ චර්යාව කෙරෙහි කෙතරම් බලපෑමක් ඇත කරනවාද යන්නයි. 


රූපවාහිනී විකාශනයන් හා එය දරුවන්ගේ දරුවන්ගේ චර්යාවන් වලට කෙතරම් බලපෑම් ඇති කරනවාද යන්න සමාජ විද්‍යාඥයන් සහ අධ්‍යාපනික විද්‍යාඥයෝ පර්යේෂණ සිදුකර ඇත. ප්‍රධාන වශයෙන්ම ළමයාගේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සඳහා හේතු වී ඇත්තේ රූපවාහිනිය බව නවතම පර්යේෂණ වාර්තාවන් අනූව හෙළිවී ඇත. 


ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා සම්බන්ධයෙන් අධ්‍යයනය කර බලන විට ඒවායෙහි ප්‍රචාරය වන බොහොමයක් වැඩසටහන් විදේශ රටවලින් ආනයනය කරන ලද වැඩසටහන් බව හඳුනාගත හැකි අතරම ඒවා මෙරට සංස්කෘතියට සහ සමාජ ක්‍රියාවලියට කෙලෙස බලපෑම් ඇති කරන්නේ ද යන්න පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ. බටහිර රටක ළමයකු හැදී වැඩෙන පරිසරය මෙරට හා සැසදීමේදී ප්‍රබල වෙනස්කම් හඳුනා ගත හැක. ඇමෙරිකන් ශිෂ්ටාචාරයට මිනීමැරීම විනෝදයකි. ඔවුන්ගේ ශිෂ්ටාචාරය ආරම්භ වන්නේ රතු ඉන්දියානුවන් මරා දැමීමෙනි. මේ නිසා ඔවුන් වන්දනාමාන කරන්නේ ගිනි අවියට ය. නමුත් උසස් සංස්කෘතියකට ආගමකට උරුමකම් කියන මේ රට වැසියන් මිනීමැරුම් අපරාධ භීෂණ ආදී සමාජය තුළ උසස් කොට නොසලකයි. මෙරට විකාශය කරවන  බොහොමයක් බටහිර වැඩසටහන් එරට සංස්කෘතියට සදාචාරයට අනුගත වන ආකාරයට නිර්මාණය කරන ලද්දාවූ වැඩසටහන්ය. නමුත් එම වැඩසටහන් මෙරට සදාචාරයට හා සංස්කෘතියට නොගැලපී හැක. මනෝ විද්‍යාඥයන් පවසන ආකාරයට ලමයින්ගේ චර්යාව කෙරෙහි සහ ළමුන්ගේ මනසට වඩාත් බලපෑම් ඇති කර හැකි වාරණයට ලක් කළ යුතු ප්‍රබල වැඩසටහනක් ලෙස කාටූන් වැඩසටහන් හැඳින්විය හැක. මුල්කාලයේදී මනෝවිද්‍යාඥයින්ගේ ත් අධ්‍යාපනඥයින්ගේ උපදෙස් පිට කාටුන් චිත්‍රපට නිපදවීම සිදු කළ ද අද්‍යතනයේ එවන් ක්‍රියාවලියක් හඳුනාගත නොහැක. පසුගිය කාල වකවානුව තුළ මෙරට සමාජ මාධ්‍යන්හි ළමුන් ප්‍රචණ්ඩත්වයක් ආරෝපණය කරගනිමින් විවිධ ආයුධයක් අතැතිව එකිනෙකාට තර්ජනාත්මකව බැන වැදීමට රූපවාහිනිය  මගින් ලබාදෙන සන්දේශයන් වක්‍රාකාරව හේතු වී ඇත. විශේෂයෙන්ම දරුවන්ගේ ලෝකයේ වීරයන් බවට පත්වී ඇත්තේ රූපවාහිනිය මගින් ඉදිරිපත් කරන ප්‍රචණ්ඩකාරී චරිතයන්ය. නූතනයේ දරුවන් වීරත්වය මනන ලබන්නේ ප්‍රචණ්ඩත්වය මතය. සිව්වන ආණ්ඩුව ලෙස අර්ථකථනය කරමින් මාධ්‍යයට එවැනි ආකාරයට ආමන්ත්‍රණය කරනු ලබන්නේ වගකීමක් සහිතව  සමාජය තුල  කටයුතු කළ යුතු බැවිනි. "හොඳම දේ දරුවන්ටයි" යනුවෙන්  වී. අයි ලෙනින් සඳහන් කර ඇත. මේ අනුව මාධ්‍ය හරහා හොඳම දේ පමණක් දරුවන් හට ලබා දීම වැදගත් වේ. එම වගකීම  රූපවාහිනියට පමණක් නොව සමස්ත මාධ්‍ය ක්‍රියාවලිය සතු වගකීමක් මෙන්ම යුතුකමක් ද වේ. 


විජේසිංහ ඩබ්.ඒ.කේ.එන්

ජනමාධ්‍ය අධ්‍යනාංශය 

කොළඹ විශ්වවිද්‍යාලය 

ශ්‍රී පාලි මණ්ඩපය 



මූලාශ්‍ර 

බණ්ඩාර ධම්මික ඩී.එම්.එස් , සිව්වන ආණ්ඩුව සහ අපරාධ , (2015) , ගොඩගේ සහ සහෝදරයෝ.

ගවේෂණාත්මක වාර්තාකරණය

ගවේෂණාත්මක වාර්තාකරණය ගවේශනාත්මක වාර්තාකරණය යනු කිසියම් සිද්ධියක්, අවස්ථාවක් හෝ පුද්ගලයෙකු පිලිබඳ ගැඹුරින් සොයා බලා වාර්තා කිරීම...