Saturday, 23 January 2021

ගුවන්විදුලි ඉත්හාසය

ගුවන් විදුලි ඉතිහාසය 

              ඉතාලි ජාතික ගුග්ලි ගුග්ලි එල්මෝ මාර්කෝනි විසින් 1897 දී ගුවන් විදුලි සංඥා සමාගම එංගලන්තයේ ආරම්භ කරන ලදී 1906 වන විට සැතපුම් සියයක් දුරට ගුවන්විදුලි පණිවිඩ යැවිය හැකි විය. විධිමත් ගුවන් ගුවන්විදුලි වැඩසටහ විදුලි වැඩසටහනක් මුල්වරට ඉදිරිපත් කර ඇත්තේ 1920 දී රුසියාවේ පීටර්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ ය. 
                     1923  අවසන් වන විට ඇමරිකාවේ හයසියයකට අධික ගුවන්විදුලි සේවා පැවතිණි මහා විධානය තුල මෙන්ම ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට ඉතුරු ගුවන්විදුලි සේවයක් ඇරඹෙනුයේ 1922 දී ය එහි සියලුම උපකරණ වල අයිතිය මාකෝනි සමාගම සතු විය 1930 දශකයේ බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සංස්ථාවේ ස්වර්ණමය යුගය ලෙස සමාජ විද්‍යාඥයෝ අවධාරණය කරති. මේ පසුබිම වැදගත් වන්නේ ශ්‍රී ලංකාවේ ද ගුවන් විදුලිය ආරම්භ වූයේ එකම කාලයකදී බව තේරුම් ගැනීම සඳහාය.  
                      1922 දී ලංකා ආධුනික ගුවන්විදුලි  සමාජය නම් වූ මහජන සංවිධානයක් විසින් ගුවන් විදුලිය පිළිබඳ අත්හදා බැලීම් ආරම්භ කර ඇත. පළමු වරට ගුවන් විදුලි ප්‍රචාරයක් අත්හදා බලන ලද්දේ රජයේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව විසිනි . ඒ සඳහා යොදා ගන්නා ලද්දේ  ජර්මන් සබ්මැරීනයකින්  ගලවා ගන්නා ගුවන් විදුලි සංදේශ උපකරණ තොගයකි. 

                      ඒ අනුව ප්‍රධාන විදුලි සංදේශ යෙදී ඉංජිනේරු විහාර මහතාගේ මෙහෙයවීමෙන් 1924 ජූනි පළවෙනි දින කරලා ද ගුවන් විදුලි ප්‍රචාරය ප්‍රථම නිල ගුවන් ගුවන් විදුලි ප්‍රචාරය ලෙස සැලකේ එය අනුව මුල් කාලයේදීම ගුවන්විදුලි මාධ්‍ය රාජ්‍යයට හමි  වූ බව පෙනේ 1925 දෙසැම්බර් 10 වැනි දින ලංකාවේ ගුවන් විදුලි රාජ්‍ය ආයතනයක් වශයෙන් විවෘත කරනු ලැබීය මේ ආසියාවේ ප්‍රථම ගුවන් ගුවන්විදුලි සේවයයි.

කසුනි නිමල්කා විජේසිංහ 
ජනමාධ්‍ය අඅධ්‍යනාංශය 
කොළඹ විශ්වවිද්‍යාලය

 සන්නිවේදනයේ අරමුණු කවර කලෙකටත් පොදු වූවකි


 සන්නිවේදනයේ අරමුණු කවර කලෙකටත් පොදු වූවකි.

                                                   මිනිසා මිහිතලය මත පරිණාමයත් සමඟ සන්නිවේදනය බිහිවිය. සන්නිවේදනය මිනිසාගේ සහජ ක්‍රියාවකි. ක්‍රියාවකින් පුද්ගලයෙක් උදේ නින්දෙන් අවදි වූ තැන් පටන් යළිත් නින්දට යනතුරු සිදුවන හා  සිදුකරන සෑම ක්‍රියාවලියක්ම සන්නිවේදනයට අදාළ වේ. සරලව පැවසුවොත් මිනිසාගේ උපතේ සිට මරණය දක්වා සිදුකරන විවිධ ක්‍රියාකාරකම් සන්නිවේදනයට බැඳී පවතී. මේ අයුරින් ගත්විට අදහස් හැඟීම් දැනුම හා තොරතුරු එකිනෙකා අතර හුවමාරු කරගැනීම සන්නිවේදනය ලෙස ලෙස ඉතා සරලව කිව හැක. 
 සන්නිවේදනය යන්න පසුගිය දශක තුනහමාරකට පමණ පෙර සිංහල භාෂාවට එකතු වූ විෂයකි. 
                                             
 එමෙන්ම මෙය සිංහල භාෂාවේදී භාෂා විශාරදයින්  අර්ථදක්වා ඇත. ඒ අනුව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් පවසන්නේ මෙයට විඥාපනය යන යෙදුම ගැළපෙන බවයි. එමෙන්ම විමල් දිසානායකයන් මෙයට සන්නිවේදනය යන යෙදුම ගැළපෙන බව පවසයි. කෙසේ වෙතත් සන්නිවේදනය යන්නෙහි තේරුම අදහස්, හැඟීම් ප්‍රකාශ කිරීම, හුවමාරු කිරීම යන්නයි. සිංහල භාෂාවේ සන්නිවේදනය යන සකස් වී ඇත්තේ සං+ නි+ විද්+ වේදනය යන වචනය එක්වීමෙනි.  මනා වූ ඒකාබද්ධ වූ දැනුම වින්දනය යන්න එහි අර්ථයයි.  එමෙන්ම සං යන උපසර්ගය නිවේදනය යන වචනය හා එක්ව යමක් මනාකොට දැනුම් දීම යන අර්ථ දැක්වීම සන්නිවේදනය යන සිංහල වචනය සකස් වී ඇති බව තවත් මතයකි. 
 සන්නිවේදන යන මිනිසාගේ මූලික මූලික අවශ්‍යතාවයකි. මිනිසාට මූලික අවශ්‍යතා ද ද්විතීයක අවශ්‍යතා ද ඇත. ආහාර ඇතැම් ආහාරපාන, වාසස්ථාන, ආරක්ෂාව, සෞඛ්‍යය, ලිංගික ක්‍රියාවලිය ආදිය මූලික මිනිස් අවශ්‍යතා ලෙස දිගු කාලයක සිට පිළිගනියි. වර්තමානයේ මානව සමාජ විද්‍යාඥයින් පෙන්වාදෙන ආකාරයට සන්නිවේදනය ද මිනිස් ජීවිතය අනිවාර්යයෙන් අවශ්‍ය වේ. හැඟීම් තොරතුරු හුවමාරු කර නොගෙන පුද්ගලයින්ට ජීවිතය පවත්වාගෙන යාමට අපහසුය. 
 එමෙන්ම සන්නිවේදනය නොකර සිටීමට කිසිම පුද්ගලයකුට නොහැකිය. උදාහරණයක් ලෙස යම් අයෙක්ප්‍රශ්නයක් ඇසූවිට එයට පිළිතුරු නොදී නිහඬව සිටීමට ද එක්තරා ආකාරයක සන්නිවේදනයකි.බ්එමෙන්ම සන්නිවේදනය නොමැති නම් මුලින් සඳහන් කළ මූලික අවශ්‍යතා වුවද සපුරා ගැනීමට නොහැකි වේ.


මෙය ඉංග්‍රීසි භාෂාවේදී ජදපපමබසජ්එසදබ  නම් වශයෙන් හඳුන්වයි. මෙය ලතින් භාෂාවෙන් ලද දායාදයකි. ලතින් භාෂාවෙන් :පමබසි* කිසියම් කාර්යයක්  කරන්නා යන්නයි. ජනයා අතර රැඳී යන අදහස දෙන වචනයකි.  ක්‍දපපමබසජ්රු යනු පොදු බවට පත් කිරීම, බෙදාහැරීම, ආමන්ත්‍රණය කිරීම,සාකච්ඡා කිරීම, ආදී අර්ථ ගන්වයි. භාෂාවේ ජදපපමබසජ්එැ  නම් වචනයෙන්  ඉංග්‍රීසි භාෂාවේ ජදපපමබසජ්එසදබ යන වචනය සකස් විය. මෙහි අර්ථය වන්නේ පොදුවේ ආරංචි පැතිර වීම, අදහස් හුවමාරු කරගැනීම, රහස්‍ය භාවයෙන් තොර වීම, තොරතුරු සම්ප්‍රේෂණය කිරීම යන අදහසයි. 
 සමාජයක අන්තර් සම්බන්ධතාවය ගොඩ නැගෙන්නේද සන්නිවේදනය යන ලක්ෂණ මතයි මානවයන් සමාජශීලි සත්ත්වයකු ලෙස බොහෝ කාලයක් පැවත එන්නේ කුමන ක්‍රමයකට හෝ සමාජ අන්තර් ක්‍රියාවන් සිදුකරමින්ය. එය  ඔහු සන්නිවේදනය මත සිදු කරයි  මානව සන්නිවේදන ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගයේ සන්නිවේදන ක්‍රම ලෙස මිනිසා යොදා ගත්තේ ශබ්ද සංඥා හා දෘශ්‍ය සංඥා වේ.  ශබ්ද සංඥා ලෙස හූව, විවිධ ශබ්ද විවිධ, සතුන්ගේ හඬ, නලා හඬ, අණ බෙර, මේ ආදී දේද දෘශ්‍ය සංඥා ලෙස ගිනිමැලය, කොළ අතු එල්ලීම, චිත්‍ර, ආදිය දැකගත හැකිය. නමුත් නූතන මිනිසා සන්නිවේදනයේ ඇදහිය නොහැකි තරම් පරතරයකට ගොස් තිබේ දිනෙන් දින සංවර්ධනය වන ආකාරයක් දකින්නට ලැබේ අද ඉතා දියුණු මෙවලම් තුළින් ලෝකයේ කෙළවරකට ගමන් කරමින් සැනෙකින් පිළිතුරු ලබා ගන්නා අවධියක් ලෝකය පසුකර සිටි.  
 සන්නිවේදනය ආරම්භ වන්නේ තොරතුරු - අදහස් හුවමාරු කර ගැනීම සඳහා ය. එහෙත් පසු ව මානව සමාජය සංවර්ධනය වන විට එහි කාර්ය පුළුල් විය. සන්නිවේදනයේ කාර්යයක් ලෙස අධ්‍යාපනය එක් වන්නේ එවිට ය. විනෝදාස්වාදය ද තවත් කාර්යයක් බවට පත් වේ. මේ ආකාරයෙන් සන්නිවේදනයේ කාර්යයන් විවිධාකාරයෙන් වර්ග කළ හැකි ය. සන්නිවේදනය අධ්‍යයනය ආරම්භ කරන ඔබගේ පහසුව සඳහා පහත සඳහන් ලෙස සන්නිවේදනයේ මූලික කාර්යයන් දක්වන්නට පුළුවන. මේවා සන්නිවේදනයේ අරමුණු වශයෙන් දැක්වීමේ ද වරදක් නැත.







  සන්නිවේදනයේ අරමුණු කවර කලෙකටත් පොදු වූවකි.
 සන්නිවේදනය යනු යමක් යම් පණිවිඩයක් යම් මාධ්‍යයක් උපයෝගී කරගෙන තවත් කෙනෙකුට ප්‍රකාශ කිරීම හෝ එකිනෙකා අතර තොරතුරු හා අදහස් හුවමාරු කර ගැනීමයි.  එය මානව සමාජයේ ක්‍රියාකාරී ලක්ෂණයකි. සන්නිවේදනයෙන් තොරව මිනිසාට තම අවශ්‍යතාවයන් සපුරා ගැනීම පිළිබඳව සිතීමටවත් නොහැකිය. එබැවින් මිනිසාගේ මූලික අවශ්‍යතාවක් ලෙස සන්නිවේදනය හැඳින්විය හැකිය. සමාජය පවත්වාගෙන යාමටත් මානව චින්තනය ගොඩනැංවීම සඳහා සන්නිවේදනය අත්‍යාවශ්‍ය වෙයි. සන්නිවේදනය පුද්ගලබද්ධය.  පොදු මෙන්ම පෞද්ගලික අඛණ්ඩ වූ සමාජ ක්‍රියාවලියක් ලෙස හැඳින්විය හැකිය. සන්නිවේදනය ක්‍රියාවලිය වර්තමානය වන විට පුළුල් මට්ටමක මෙන්ම නවීන ක්‍රමයන් ඔස්සේ ව්‍යාප්ත වෙයි. සත්වයින් ඇතුළු සියලූම මනුෂ්‍යයන් සන්නිවේදන කටයුතු කරන අතර මිනිසුන් ඉන් ප්‍රබල වෙයි. මනසින් උසස් තත්ත්වයක් ඇති මිනිසා සන්නිවේදනයේ දී නව තාක්ෂණික ක්‍රම විධි උපයෝගී කරගනු ලැබේ. වර්තමානය වන විට මුළු ලෝකයම එකම ගම්මානයකින් සංකල්පය බිහි වී තිබේ.  මුළු ලෝකයේම සිටින පුද්ගලයින් යම් යම් තොරතුරු ආදිය හුවමාරු කරගනිමින් සන්නිවේදනය කටයුතු කරනු ලබයි. 
එකම අවස්ථාවකදී විවිධ පුද්ගලයන් විවිධ අරමුණු සඳහා සන්නිවේදනය කරනු පෙනේ.  ඒ අනුව සන්නිවේදනය විවිධ කාර්යයන් රැසක් ඉටු කරනු ලබයි. සන්නිවේදනය කාර්යභාරය කුමක්ද යන දීර්ඝ කාලීනව විද්වතුන්ගේ අවධානයට පාත්‍ර වී ඇත. මිනිස් ශිෂ්ටාචාරය දෙස බලන විට සන්නිවේදනය මිනිසාට ඉතාමත් වැදගත් වේ. විවිධ කාර්යයන් සඳහා මානවයාට සන්නිවේදනය උදව් වේ.  බොහෝ දෙනෙක් සිතන්නේ සන්නිවේදනයේ කාර්යය වන්නේ තොරතුරු හා අදහස් හුවමාරු කිරීම පමණක් වන බවය. නමුත් එය පරිබාහිර කාර්යයන් රැසක් සන්නිවේදනය තුළින් ඉටු වේ. ඒවා ප්‍රධාන කාර්යයන් කිහිපයක් ලෙස දැක්විය හැකිය.එලෙසින් පවතින සන්නිවේදන කාර්යයේ අරමුනු පවති. එම අරමුණු මොනවාද යන්න සොයා බැලීම වැදගත්ය. සන්නිවේදනය අරමුණු ලෙස, 
 තොරතුරු සම්පාදනය
 අධ්‍යාපනික හා සංස්කෘතික ප්‍රගමනය
 විනෝදාස්වාද සම්පාදනය 
 සමාජානුයෝජනය
 සංවාද හා සාකච්ඡා කාරයන්
 පෙළඹවීමේ කාර්ය
 සමාජ ඒකාබද්ධතාව කාර්ය
යනාදී කාර්යයන් අරමුණු දැක්විය හැකිය. මෙම නිබන්ධනය තුළින් උක්ත දක්වා දක්වන ලද සන්නිවේදන අරමුණු මාතෘකාවට අනුචිත වන පරිදි කවර කලකටත් පොදු වන්නේ කෙසේදැයි විග්‍රහ කර දක්වයි. 

 තොරතුරු සම්පාදනය

 තොරතුරු සැපයීම සන්නිවේදනය සන්නිවේදන ක්‍රියාවලියේ මූලික අරමුණකි. ලෝකයේ විවිධ ප්‍රදේශවල සිදුවන හෝ සිදුවිය හැකි දේ පිළිබඳ ආරංචි දැනගැනීමේ කුතුහලය මිනිසාට ඇත. එමෙන්ම අපට අපගේ ජීවිත සැලසුම් කරගැනීමට අපේ රටේ සිදුවීම් මොනවාදැයි දැන ගැනීම අත්‍යාවශ්‍ය වේ. සෑම සන්නිවේදන ක්‍රියාවලියකම සාරය වන්නේ තොරතුරු ප්‍රකාශනයයි. ජනමාධ්‍යය හරහා දෙස් විදෙස් තොරතුරු ග්‍රාහක ගතවෙයි. වර්තමානයේ අප ජීවත් වන්නේ තොරතුරු වලින් පිරුණු සමාජයකයි. මිනිසා සැමවිටම තොරතුරු පිළිබඳව පිපාසයෙන් පසුවෙයි. සෑම ග්‍රාහකයෙක්ම නව ලොව තොරතුරු කෙරෙහි වඩා උනන්දුවක් දක්වයි. ඒ නිසා ලෝකයේ සෑම ජන මාධ්‍ය ආයතනයක්ම පැය 24 පුරාම අලුත් තොරතුරු ග්‍රාහකයන්ට ඉදිරිපත් කිරීමට උත්සාහ දරයි. තොරතුරු සම්පාදනය කෙතරම් වැදගත් ද කිව්වොත් ඒ සඳහා පුවත්පත් ආයතන හෙවත් ප්‍රවෘත්ති ඒජන්සි පවා ලෝකයේ බොහෝ රටවල පිහිටුවා ඇත. ඒ අතර බීබීසී සීඑන්එන් ලංකා පුවත්පත් ආදී ආයතන ප්‍රධාන තැනක් ගනියි. මෙම ආයතන මගින් ලොව විවිධ රටවලින් පුවත්පත් ලබාගැනීම සහ බෙදා හැරීම සිදු කරයි. මෙම ආයතන මගින් ලොව විවිධ රටවලින් පුවත්පත් ලබාගැනීම සහ බෙදා හැරීම සිදු කරයි. මේ අනුව පැහැදිලි වන්නේ ලොව සෑම රටකම ජන මාධ්‍ය ආයතනයකම ප්‍රධාන අරමුණ තොරතුරු සම්පාදනය වන බවයි. වර්තමානයේ පමණක් නොව අතීතයේ ද මෙම තොරතුරු සම්පාදනය සිදු කර තිබේ. අණබෙරකරුවන් ඉටුකර ඇත්තේ එම කාර්යයි. තාක්ෂණයේ දියුණුවත් සමඟ ජනමාධ්‍ය තුළින් තොරතුරු සම්පාදනය ආරම්භ විය. මෙලෙස විධිමත් ව ඉදිරිපත් කරන ප්‍රවෘත්ති මෙන්ම කටවචනයෙන් අවදිමත් ව පැතිර යන තොරතුරු ද දක්නට ලැබේ. ඒවා කටකතා නම් වේ. සන්නිවේදන ක්‍රියාවලියේ දී තොරතුරු බෙදාහැරීම කාර්යයේදී  විධිමත්ව සිදුවන ප්‍රවෘත්ති මෙන්ම කටකතාද වැදගත් වේ. මෙලෙස බලන විට සන්නිවේදනයේ තොරතුරු සැපයීමේ කාර්යය තුළින් විධිමත්ව සමාජයේ පුද්ගලයන්ට ඔවුන් ජීවත්වන පරිසරය තුළ නිරන්තරයෙන් අවදියෙන් සිටීමට අවස්ථාව ලබාගත හැකි බව පැහැදිලිය . 
 මානව පරිණාමයේ සිට සන්නිවේදනය ආරම්භය සිදුවූ බව අප දනිමු. ප්‍රාග් ඓතිහාසික මානවයාගේ පරිණාමය සමග සමග කායික වශයෙන් සිදු වූ විවිධ වෙනස්කම් හේතුවෙන් එනම් ස්වරාලයේ පිහිටීම ඇතිවීමත් සමඟ ඔවුන්ට ශබ්ද පිට කිරීමට හැකියාවක් ඇතිවිය. විවිධ න්‍යායන් ඔස්සේ එනම් බව් බව් න්‍යායන්  ඩිං ඩොං න්‍යයන් පුහ් පුහ් න්‍යයන් ඔස්සේ යමින් ඒවා ශ්‍රවණය කරමින් ශබ්ද පිටකිරීමට උත්සාහ කළ මානවයා ලොව විශිෂ්ටතම මානව නිර්මාණය වන භාෂා ශක්‍යතාවය උරුම කරගත්හ.  එතැන් පටන් භාෂාව භාෂාත්මකව හැසිර වීමේ අවශ්‍යතාවය පුළුල් කිරීමේ අවශ්‍යතාවය හා මිනිස් අවශ්‍යතා සංකීර්ණ වීමේදී ඇතිවන ගැටළු වලට   මුහුණ දීමේ අරමුණු ඇතිවයි. එසේම දේවල්  සංරක්ෂණය කර ගැනීමේ වුවමනාවන් මත පදනම්ව ලිඛිත භාෂාවක අවශ්‍යතාව දැනිණි.  ඒ හේතුවෙන් හෝඩියක් නිර්මාණය කරගත් මානවයා තව තවත් සන්නිවේදනයේ අග්‍ර ඵල නෙළා ගන්නට විය. සන්නිවේදන මූලික සිද්ධාන්තය වන්නේ තොරතුරු හුවමාරුවයි. එය ප්‍රාග් මානව ඓතිහාසික යුගයටත් වර්තමානයටත් පොදු වූවකි. එදා මානවයාගේ තොරතුරු හුවමාරුව හා සම්පාදනය සරල වූ නමුත් අද වන විට එය සංකීර්ණත්වයට පත් ව ඇත. එහෙත් ඒ කාර්යය අදටත් හෙටටත් නොවෙනස්ව එලෙසම පවතී.

 අධ්‍යාපනික හා සංස්කෘතික ප්‍රගමනය

 සන්නිවේදනය අරමුණු වල අනෙක් වැදගත් කාරණය ලෙස අධ්‍යාපනික කාරණය හඳුනාගත හැකිය. ඒ අනුව සමාජය තුළ ජීවත්වන ලොකු කුඩා ආදී සියලු දෙනාටම අවශ්‍ය අධි සියලු දෙනාටම අවශ්‍ය අධ්‍යාපනික සේවය සිදුවන්නේ මූලිකවම සන්නිවේදනය හරහාය. මානව ඉතිහාසයේ එනම් ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට මානව වර්ධනය අධ්‍යාපනය සමග ගලා යන මිනිසාගේ සමාජයෝජනය කාර්යය ද මේ හා සම්බන්ධ වෙයි. අධ්‍යාපන කාර්යය ඉතිහාසය තුලද විධිමත් හෝ අවිධිමත් ස්වරූපයෙන් ඉටු විය. අද වන විට මෙම ක්‍රියාදාමය ජන මාධ්‍ය ඔස්සේද සිදුකරනු ලබයි. එහිදීද විධිමත් හා අවිධිමත් ස්වරූප ගනී. 
 ආදි මානවයා භාෂාව නිර්මාණය කර ගැනීමේ සිට හෝඩිය නිර්මාණය, මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය විකාශන ක්‍රම මෙන්ම විවිධ වූ දේ සොයා ගැනීම්, ගවේෂණය කිරීම ආදියද සන්නිවේදනයේ අධ්‍යාපනික කාර්යය හේතුකොට ගනිමින් සිදුවූවකි. එතැන් පටන් අද වන විට අවිධිමත් ස්වරූපයෙන් සන්නිවේදනය හරහා අධ්‍යාපනික කාර්යය සිදු වේ සිදුවේ. ඒ අනුව රූපවාහිනිය හා පුවත්පත් මාධ්‍ය මගින් ද අධ්‍යාපනය ලබාදීම සිදුවේ. 
ද සිරස ලක්ෂපති 
ද දැනුමයි වාසනාවයි 
ආදී වූ වැඩසටහන් සිදුකරනු ලබයි ඊට අමතරව මුද්‍රිත මාධ්‍ය ඔස්සේද අධ්‍යාපනික කාර්යය ඉටු කරනු ඉටුකරනු ඉටු කරයි. දියණිය පුවත්පත 
ද විජය පුවත්පත 
ද ආරෝග්‍ය සඟරාව 
   උදාහරණ වේ.
සංස්කෘතිය යනු සරලවම සමාජයක මිනිසුන් විසින් ගොඩනගාගෙන ඇති ද්‍රව්‍යමය හා ආධ්‍යාත්මික වශයෙන් වූ  විශ්වාසයන්, පිළිගැනීම්, අගයයන් වලින් සමන්විත වූ හර පද්ධතියකි. මෙමගින් ජීවත්වන සමාජයේ පවතින විවිධ ජීවන තලයන්ගේ වර්ධන මට්ටම පෙන්වන මඟ පෙන්වන්නක් ද වේ. තවද එක් එක් පුද්ගලයාගේ ශික්ෂණය හා අධ්‍යාපන මට්ටම ද බොහෝ විට ඉන් ප්‍රකාශිත වේ. මානව සම්භවයේ  සිට අද දක්වා සිදුවන පරිණාමීය ක්‍රියාවලිය තුළ මිනිස් සමාජය  නිරතුරුව ම  සංස්කෘතික කරණයට ලක් වේ.  මිනිසාත් සමාජයත් එතෙක් ඇති කරගත් සංස්කෘතික රටාවක් යම් මට්ටමක තබා ගැනීමට නිරන්තර අරගලයක් කිරීමට සිදුව තිබේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් සංහතික මාධ්‍ය මඟින් කෙරෙන සන්නිවේදනය බලපා ඇති බව අවිවාදිතය. මෙය බොහෝ විට වෙළඳ දැන්වීම් හා වෙළඳ අනුග්‍රාහක තුලින් විවිධ බෞද්ධ ජාතික සමාගම් විසින් අප සංස්කෘතියට බලපෑම් සිදුකරනු ලබයි. මෙම අරමුණෙහි ද එදා සහ අද කරුණු විමසා බැලීමේදී සපථ වන්නේ සර්ව කාලෝචිත පොදු කාරණාවක් බවයි.

 විනෝදාස්වාද සම්පාදනය 

 වර්තමාන සමාජය තුළ ජීවත්වන මිනිසා ඉතා කාර්යබහුල ස්වභාවයක් ගනී. සංකීර්ණ සමාජයේ දී ජීවත්වන මිනිසා විවිධ කටයුතුවලට සම්බන්ධ වීම හේතුකොටගෙන අධිකව කාර්ය බහුලව සිටියි. ඒ හේතුකොටගෙන ඔවුන් නිරතුරුව පීඩාවට හා තෙහෙට්ටුවට පත් වී සිටියි. එමෙන්ම ඔවුන් නිරතුරු මානසික, ආධ්‍යාත්මික පීඩනයන්ට, අවපීඩනයන්ට හා විවිධ මානසික ව්‍යාකූලතාවයන්ට පවා ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් දැකගත හැකිය. ප්‍රතිෂ්ඨාපනය යනු එසේ පීඩාවට පත්ව සිටින ග්‍රාහකයක් නැවත ප්‍රබෝධමත් සැහැල්ලු කිරීමයි. 
 ඒ සඳහා විනෝදාස්වාදය භාවිතා කරනු ලබයි.ඓතිහාසික මානවයාට භාෂා ශක්‍යතාව ඇති වීමට පූර්ව නිර්වාචික සන්නිවේදනය ක්‍රමය ප්‍රබල විය. මානවයා දඩයම් කරමින් පරිසරය හා ගැටෙමින් තම සරල අවශ්‍යතාවයන් සමග ජීවිකාව ගෙවන්නට විය. මානවයා ද  විනෝදාස්වාදය නිරත වන්නට විය. දඩයම් කරමින් ආහාර සොයා ගැනීමට දරන්නා වූ වෙහෙස රංගනයකින් අනෙකා වෙත දැන්වීමට අවශ්‍ය විය. විවිධ ශබ්ද අනුකරණය තමන් කළ කී දෑ රඟපා පෙන්වීය. එමගින් එය බලා සිටි පවුලේ උදවිය මහත් සතුටට පත් විය. ඒ අතීතයේ  සන්නිවේදනය තුළින් විනෝදාස්වාදය සපුරාගත් එක් අවස්ථාවකි. ඒ අනුව වර්තමාන මාධ්‍යයන් මඟින් ද ප්‍රබල සේවාවක් ඉටු කරනු ලබයි. 
ද අරා පැස්බරා 
ද මෙඩිසිනා
වැනි සිනහා උත්පාදක වැඩසටහන් මෙන්ම ගුවන්විදුලි නාට්‍ය, ටෙලි නාට්‍ය වලින් ද ග්‍රාහක විශ්‍රාම සුවයක් ලබා දෙයි. විනෝදාස්වාදය අප අදටත් ඉදිරියටත් එලෙසම බලාපොරොත්තු වෙමු. බලාපොරොත්තුවෙමු මෙකී කරුණු කාරණා විමසීමේදී සපථ වන්නේ සන්නිවේදන කාර්යය තවත් අරමුණක් වන විනෝදාස්වාද සම්පාදනය කවර කලකටත් පොදු වන බවයි.




 සමාජානුයෝජන කාර්ය 

අධ්‍යාපනය ලබා දීම හෙවත් සමාජානුයෝජනය සන්නිවේදන අරමුණු අතර තවත් ප්‍රබල අරමුණක් ලෙස හඳුන්වාදිය හැක.  සමාජානුයෝජනය යනු පුද්ගලයා තමා වෙසෙන පරිසරයට අනුව අනුගත වීම නොහොත් හැඩ ගැසීමයි. මෙම කාර්යය ප්‍රධාන ක්‍රම තුනක් ඔස්සේ විග්‍රහ කළ හැකිය එනම්, 
අනුකරණය 
තදාත්මීකරණය 
භූමිකා නිරූපණය යි . 
සන්නිවේදන විද්‍යාඥයින් පෙන්වාදෙන පරිදි සෑම මාධ්‍යයක්ම සෘජු හෝ වක්‍රව අධ්‍යාපන අරමුණු ඉටු කල යුතුය. ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ දක්නට ලැබෙන ගුවන් විදුලි අධ්‍යාපන සේවය, රූපවාහිනී අධ්‍යාපන සේවය, වැනි ඍජු අධ්‍යාපනික ප්‍රපංචයන්ය. මේවා හැරුණු කොට සෙසු සියලුම ජනමාධ්‍ය ක්‍රියාකාරකම් වක්‍ර අධ්‍යාපන ප්‍රපංචයක් ලෙස නම් කළ හැකිය. ඒ අනුව සිනමාපටයකින්, ටෙලිනාට්‍යයක්, ගීතයක්, නවකතාවක් වැනි දේවලින් ද විනෝදාස්වාදය සම්පාදනය මෙන්ම අධ්‍යාපනික පරමාර්ථය ඉටු කරගත හැකිය. මෙයින් පැහැදිලි වන්නේ සෑම ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වයක් ම තුළම ඍජුව හෝ වක්‍රව අධ්‍යාපන පරමාර්ථ ඉටු කර ගත හැකි බවයි. මෙයින් පැහැදිලි වන්නේ සෑම ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය තුළ ම සෘජුව හෝ වක්‍රව අධ්‍යාපනික මෙහෙවරක් යෙදිය හැකි බවයි. මෙයට සමගාමීව සාකච්ඡා කරන්නේ ජනමාධ්‍ය හරහා සෑම පුද්ගලයෙක්ම සමාජයට ගැළපෙන පුද්ගලයෙක් ලෙස සකස් කර ගත හැකි බවයි. විවිධ මානව ක්‍රියාකාරකම් සමාජ චර්යාවන් ක්‍රමවත් කිරීම සඳහා ජනමාධ්‍යයට ක්‍රියාකාරී විය  හැකිය. සමාජයක පැවැත්ම කෙරෙහි චර්යාවන් වත්පිළිවෙත් නීති රීති  වැදගත් කාර්යයක් ඉටු කරන අතර මෙම කරුණු පරම්පරාවෙන් පරම්පරාවට කියාදෙමින් සමාජයේ වෙනස්වන අවශ්‍යතාවන්ට ගැළපෙන ඉදිරියට ගෙනයාම සන්නිවේදනය මගින් ඉටුකරනු ලබයි. ජනසන්නිවේදනය මෙන්ම අන්තර් පුද්ගල සමූහ සන්නිවේදනය ද මෙහිදී වැදගත් කාර්යයක් ඉටුකරයි. මේ අනුව සමාජ අනුයෝජනය ක්‍රියාවලිය සඳහා සන්නිවේදනය තුලින් මහත් පිටුවහලක් ලැබේ.  
 ප්‍රාග් මානවයා තනි තනිව විසූ ඒකාකාරී ජීවිතයෙන් අත්මිදීමේ සමූහයා වර්ධනය කර ගැනීමේ අටියෙන් පවුල හා සමාජය ගොඩ නංවා ගන්නා ලදී. පවුල් පරිසරය වල හැදෙන පුද්ගලයා මහා සමාජය බලාපොරොත්තු වන ආකාරයට හැඩ ගැසිය යුතුය. ඔවුනොවුන් අතර ආහාර සොයා ගන්නා ක්‍රම විධි පිළිබඳව ඉගෙන ගත යුතුය. ආචාරධර්ම, අභිචාර, සංස්කෘතිය, චාරිත්‍ර වාරිත්‍ර ඉගෙනගත යුතුය. එලෙස වර්ධනය වූ යම්යම් සංස්කෘතිකාංග අදටත් අප සමාජය විසින් විවිධ වෙනස්වීම්වලට ලක් කරමින් දේවල් එකතු කරමින් හා ගොඩනංවමින් ඉදිරියටත් පවත්වාගෙන යනු ලබයි . සන්නිවේදනය තවත් එක් අරමුණක් වන මෙය ද සර්වකාලීන වන්නේ අප සියලු දෙනා අදටත් අප ජීවත්වන සමාජයට අනුව සමාජානුයෝජනය වන්නේ සන්නිවේදනය හරහා බැවිනි. පුද්ගලයෙක් දේවල් අනුකරණය කරමින් එලෙසම යම් යම් දේ හරහා ලදී තදින් බැඳී ඒවා එලෙසම කිරීමට තැත් කිරීමෙන් හා සමාජයේ විවිධ භූමිකා රංගනය කරමින් කරන සමාජයෝජනය සර්වකාලීන ක්‍රියාවලියකි.

 සංවාද හා සාකච්ඡා
 
 සන්නිවේදනය තවත් අරමුණක් වන්නේ සංවාද හා සාකච්ඡා වේ.මෙය ඉතා සුවිශේෂී කාරණයකි යම්කිසි ගැටලුවක් උද්ගත වූ විට එයට තනිවම විසඳුම් සෙවීමට වඩා සාමූහිකව සාකච්ඡා සංවාද මගින් ලබාගන්නා ලද තීරණ ප්‍රශස්ත ජ එලෙසම අදත් රට සම්බන්ධව යම් තීරණයකට එළඹේ නම් පාර්ලිමේන්තුව රැස් කර  වාද විවාද කර එළඹෙන  තීරණ ද වේ. එසේම රතු ඉර, දොරමඩලාව, තුලාව වැනි සංහතික මාධ්‍ය ඔස්සේ කෙරෙන සංවාද හා සාකච්ඡාමය වැඩසටහන් ද උදාහරණ වෙයි.  එලෙස බලන කල්හි සන්නිවේදනයේ තවත් අරමුණක් වන සංවාද හා සාකච්ඡා කවර කලකටත් පොදු බව සනාථ වේ.

 පෙළඹවීම
 සන්නිවේදන අරමුණු අතර පෙළඹවීම යන්න පිළිබඳව සන්නිවේදන විද්‍යාඥයින්ගේ අවධානය යොමු වී ඇත.  මෙහි දී සන්නිවේදනය හරහා කෙරෙන ගුණාත්මක පෙළඹවීම මූලික වශයෙන් අදහස් කෙරේ.  රටක ජනතාව යොමු 
 විය යුතු මූලික කාරණා කෙරෙහි ජනතාවගේ ක්‍රියාකාරී සහභාගීත්වය සඳහා ඔවුන් පොළඹවා ගැනීමට ජනමාධ්‍ය සතු හැකියාව ඉතා ප්‍රබලය. සංවර්ධන සාක්ෂරතාවය, පරිසර සංරක්ෂණය, සෞඛ්‍ය ආදි  විවිධ සාධක කෙරෙහි මෙන්ම ආරක්ෂාව ආදී අත්‍යවශ්‍ය කාරණා පිළිබඳව ජනතාව මගින් විශාල පෙළඹවීමක් කළ හැකිවේ.  එවැනි ගුණාත්මක සාධක වලට අමතරව ජනමාධ්‍ය හරහා අහිතකර සාධක කෙරෙහි ජනතාව පොළඹවන බව පර්යේෂණ මගින් හෙළිදරව් වී ඇත.  විශේෂයෙන් ජනමාධ්‍ය තුළ වාණිජ අරමුණු  මේ සඳහා නිදසුන්ය.ඒ මගින්  විවිධ වූ භාණ්ඩ හා සේවාවන් රැසක් කෙරෙහි ජනතාව අනවශ්‍ය ලෙස පොළඹවනු ලබයි. ජනමාධ්‍යයන්ගේ ඉදිරිපත් කරන බොහෝ චරිත ස්වභාවයන් අනුගමනය කිරීමට ජනතාව පෙළඹෙති. විශේෂයෙන් කුඩා ළමුන් කාටුන්වල විවිධ වීර චරිත අනුකරණය කිරීමට පෙළඹී හානි සිදුකළ ගත් අවස්ථාද අපට අසන්නට ලැබේ.  ඒ කෙසේ වුවද සන්නිවේදනය කාර්යයන් අතර ඇති පෙළඹවීම යන්න ඉතාමත් පැහැදිලි ගුණාත්මක පෙළඹවීමක් විය යුතුය. මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය කරුවා අවදියෙන් සිටිය යුතුයි. එසේ නොවන්නේ නම් සන්දේශ හරහා හිතකර මෙන්ම අහිතකර පෙළඹවීමද සිදුවිය හැකිය. පෙළඹවීම යන්න සන්නිවේදන කාර්යයන් වල දී අපේක්ෂා කරන්නේ ගුණාත්මක පෙළඹවීමයි.








රෑපවාහිනී ඉතිහාසය

රෑපවාහිනී ඉතිහාසය 


                             

බොහෝ දශක ගණනක් තුල බොහෝ රටවල්හී බොහෝ ඉංජිනේරුවරුන් විසින් සිදුකල කාර්යයන් රූපවාහිනියේ ඉතිහාසය තුල ලේඛන ගත වෙයි. රූපවාහිනියෙහි මූලික මූලධර්ම පළමුවෙන් විකසනය වූයේ රූපයක් පරිලෝකනය, සම්ප්‍රේෂණය හා යළිඋත්පාදනය සඳහා විද්‍යුත්යාන්ත්‍රික ක්‍රමවේදයන් උපයෝගී කර ගනිමිනි. ඉලෙක්ට්‍රොනික කැමරාව හා සංදර්ශක නාල පිරිපුන් බවට පත්කෙරෙත්ම සමස්ත වශයෙන් සියළු උපයෝග සියල්ලෙහිම පාහේ විද්‍යුත්යාන්ත්‍රිත රූපවාහිනිය වෙනුවට සමස්ත-ඉලෙක්ට්‍රොනික ප්‍රචාරණ රූපවාහිනී පද්ධති ආදේශ කෙරිණි.
1873 දී විලෝ‍ග්බි ස්මිත් විසින් සෙලේනියම් මූලද්‍රව්‍යයේ ප්‍රකාශ සන්නායකතාවය සොයාගැනීමත්, 1884 දී පෝල් ගොට්ටිලෙබ් නිප්කෝට් විසින් පිරික්සුම් තැටිය (scanning disk) සොයාගැනීමත්, 1927 දී ෆිලියෝ ෆාර්න්ස්වර්ත‍් විසින් රූප විච්ඡේදකය (image dissector) සොයාගැනීමත් යන සොයාගැනීම් ත්‍රිත්වය රූපවාහිනී පද්ධතියේ සොයාගැනීමට ඉවහල් වී ඇත.


20 හැවිරිදි ජර්මන් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යය නිප්කෝව් විසින් ලොව පළමු විදුලි යාන්ත්‍රික රූපවාහිනි පද්ධතිය පිළිබදව වර්ෂ 1884 දී යෝජනා කල අතර එය බලපත්‍ර ගත කරන ලදී. නප්කෝච් ගේ කැරකෙන තැටි නිර්මාණය ලොව පළමු රූපවාහිනී රූප පික්සල්ගතකරණය (Rasterizer) වේ. 1990 අගෝස්තු මස 25 දින පැරිසියේ, අන්තර්ජාතික ලෝක සල්පිලේ පැවති අන්තර්ජාතික විදුලි සම්මන්ත්‍රණයේදී කොන්ස්ටන් පර්ස්කි විසින් ඉදිරිපත් කරන ලද ලිපියේ "රූපවාහිනිය" යන වචනය අඩංගුව තිබිණ. නිප්කෝට් හා අනෙකුත් අයගේ කාර්ය භාරයන් සඳහන් කරමින් එම ලිපියේ විදුලි යාන්ත්‍රික තාක්ෂණයන් සමීක්ෂණය කරන ලදී.


සෙලේනියම් වල ප්‍රකාශ සන්නායකතාවය හා නිප්කෝච්ගේ පිරික්සුම් තැටිය නිශ්චල රූප වල ‍ඉලෙක්ට්‍රොනික සම්ප්‍රේෂණයෙහි ප්‍රායෝගික භාවිතයට එකතු වුයේය. 20 වැනි ශතවර්ෂයේ පළමු දශකය මුලදී, අර්ධතාන (halftone) ඡායාරූප, විදුලි ලිපි හා දුරකථන මාර්ග වලට වඩා නිවැරදිව ප්‍රවෘත්ති පත්‍ර සේවයක් ලෙස භාවිතා කරන ලදී.


කෙසේවුවත් 1907 දක්වාම විස්තාරණ නාලිකා තාක්ෂණයේ වර්ධනයන් නිර්මාණය ප්‍රායෝගික කිරීමට සමත්වුයේ නැත.


නිෂ්චල ද්විතාන රූප ක්ෂණික සම්ප්‍රේෂණයේ පළමු ප්‍රදර්ශනය වර්ෂ1909 දී පැරිස් හිදී, ජෝජස් රිග්නෝස් හා ඒ. ෆෝනියර් විසින් සිදුකරන ලදී.කැරකෙන කැඩපත බෙරයක් පිරික්සුම (scanner) ලෙසද, සෙලේනියම් කෝෂ 64ක අච්චුවක් ග්‍රාහකය ලෙසද භාවිත කිරීමෙනි.


1911 දී බොරිස් රෝසින්ග් හා ඔහුගේ ශිෂ්‍යය විලැද්ටිර කොස්මා ස්වොරියිකින් විසින් යාන්ත්‍රික කැඩපත -බෙර පිරික්සුමක්, (සේවොර්සිකින්ගේ වචනවලින් රළු රූප) රූප වයරයක් හරහා ග්‍රාහකයක ඇති ඉලෙක්ට්‍රොනික බ්‍රෝන් නාලිකාවක් කරා (කැතෝඩ කිරණ නාලිකාව) සම්ප්‍රේෂණය කරන රූපවාහිනි පද්ධතියක් ඇති කළේය. පිරික්සුමේ සංවේදිතාවය ප්‍රමාණවත් නොවු නිසා හා සෙලේනියම් කෝෂය අවශ්‍යය‍වේගයෙන් අඩුවු නිසා චලනය වන රූප ලබාගැනීම අපහසුවිය.


1925 මාර්තු 25 දින, ස්කොට් ජාතික නිර්මාණකරුවකු වන ජෝන් ලොගී බෙයාඩ් විකාෂක සිලුවට (Silhouette) රූප ප්‍රදර්ශනයක් ලන්ඩනයේ සෙල්ෆ්ජ් දෙපාර්තුමෙන්තුවේදී පැවැත්වූවේය. ටෙලිවිෂනය සජීවි, භාග-තාන (half-tone), චලනය වන රූප සම්ප්‍රේෂණයක්න වන නමුත් එව සිලුවට, ද්වි-තාන, හෝ නිශ්චල රූප සම්ප්‍රේෂණය නොවන්නක් ලෙස හෝ අර්ථ දක්වන්නේ නම්, එය ජෝන් ලොගී බෙයාඩ් 1925 මාර්තු 25 දින මුදුන්පත් කරගත්තේය. පසුව 1926 ජනවාරි 26 දින රාජකීය සංස්ථාවේ සාමාජිකයන්ට පුවත්පත් වාර්තාකරුවන් පිරිසකට ලොව පළමු වැඩකරන රූපවාහිනී පද්ධතිය ප්‍රදර්ශනය කළේය. බෙයාඩ්ගේ සිරස්ව පිරික්සන රූපයට තීරු 30 පමණද, එය ද්වි-දඟර වූ කාච වලින් යුත් පිරික්සුම තැටියකින්ද යුක්තවිය. එය මිනිස් මුහුණක් පැහැදිලිව හඳුනාගත හැකිසේ පිටපත් කිරීමට සමත් විය. පසුකාලයේ පද්ධතිවලට තීරු සියගණනක් ඇති විභේදන පද්ධති වර්ධනය විය.


1927 දී බෙයාඩ් සැතපුම් 458 ප්‍රමාණයකට ලන්ඩනයේ සිට ග්ලාස්ගෝ ට සංඥාවක් සම්ප්‍රේෂණය කරන ලදී. 1928 දී, බෙයාඩ් ආයතනය (බෙයාඩ් රූපවාහිනි වර්ධන ආයතනය/සිනමා රූපවාහිනිය) පළමු අත්ලාන්තික් සාගරය හරහා වු සංඥාව ලන්ඩනයේ සිට නිව්යෝක් දක්වා සම්ප්‍රේෂණය කළේය. කාච, තැටි හා ප්‍රේරක යොදාගනිමින් ඔහු විදුලි යාන්ත්‍රික වර්ණ අධෝරක්ත ත්‍රිමානේක්ෂ රූපවාහිනියක් ප්‍රදර්ශනය කළේය. එයට සමගාමීව බෙයාඩ් වීඩියෝ පටිගත කිරීමේ පද්ධතියක්, පෝනෝදෘෂ්ටි "Phonovision", 1927 දී නිර්මාණය කළේය. ජර්මනියේ පළමු විදුලි යාන්ත්‍රික ‍රූපවාහිනී සේවයට ඔහු 1929 දී සම්බන්ධ විය. 1929 නොවැම්බර් හි දී බෙයාඩ් හා බර්නාඩ් නාටන් (පතේ හීදි) ප්‍රංශයේ පළමු රූපවාහිනී ආයතනය වන, ටෙලිවිෂන් බෙයාඩ්-නාටන් ආරම්භ කළේය. 1931 දී ඔහු ප්‍රථම සජීවි සම්ප්‍රේෂණය වන එප්සම් ඩර්බ් සම්ප්‍රේෂණය කළේය. 1932 දී ඔහු අධි-කෙටි තරංග (Vltra short-ware) රූපවාහිනිය ප්‍රදර්ශනය කළේය. මැක්‍රොනි - EMI මඟින් වර්ධනය කල 405 - තීරු ඉලේකට්‍රොනික පද්ධතියට 1936 දී මාරු කරන තුරුම BBC ය බෙයාඩ්ගේ 240 - තීරු විභේදන තම ප්‍රචාරක කටයුතුවලට යොදාගන්නා ලදී. චලනය වන සුළං මෝලක සෙල්ලම් බඩුවක් නාවික රේඩියෝ ස්ථානයක සිට තම වොෂින්ටනයේ විද්‍යාගාරයට සිලුවට (Silhouette) රූප මඟින් සම්ප්‍රේෂණය කර පෙන්වීමට 1925 ජූනි 13 දින ඇමරිකානු ජාතික චාර්ලිස් ෆිරාන්සිස් ජෙන්කින්ස් සමත්විය. මේ සඳහා ඔහු තීරු 48 පින්තූර මවන කාච සහිත තැටි පිරික්සුමක් භාවිතා කළේය. (තප්පරයට පින්තූර 16) 1925 මැයි මාසයේදි AT & T හි බෙල් ටෙලිෆෝන් විද්‍යාගාරයට භාග-තාන රූප සම්ප්‍රේෂණය කළේය.



1911 දී ඉංජිනේරු ඇලන් අකිබෝල්ඩ් කැම්බල් ස්වින්ටන් ලන්ඩනයේදී දුරස්ත විදුලි දෘෂ්ටියක් කැතෝඩ නල ආධාරයෙන් ලබාගන්නේ කෙසේද යන්න පිළිබඳව දේශනයක් පැවැත්වීය. වසර 1920 වනවිට විදුලි යාන්ත්‍රික රූපවාහිනී හඳුන්වා දී තිබු අතර ෆලියෝ ෆාන්ස්වර්ත්ගේ රූප විභේදක කැමරා තලය එහි පළමු රූපය සම්ප්‍රේෂණය කළේය. 1928 වන විට ඔහු චලනය වන රූප චිත්‍රපටයක් පෙන්වීමට හැකි තරම් මට්ටමට එය වර්ධනය කර තිබිණ. 1929 වන විට එහි තිබු මෝටර් (motors) ආදිය ඉවත් කිරීමෙන් යාන්ත්‍රික කොටස් රහිත උපකරණයක් බවට එය පත්කර තිබිණ.

1934 අගොස්තු 25 දින ‍ෆිලඩෙල්පියාවේ ෆරුන්ක්ලින් ආයතනයේ දී ෆාන්ස්වරුන් ලොව ප්‍රථම ඉලෙක්ට්‍රොනික රූපවාහිනී පද්ධති පිළිබඳ ප්‍රදර්ශනය පැවැත්විය.

1923 දී වැලැද්මීර් ස්වොයිකින් ඉලෙක්ට්‍රොනික කැමරා තලයක් වර්ධනය කරන ලදී. එනමුත් එම තලයෙහි තිබු අඩුපාඩු නිසා එය දියුණු තත්වයට පත් නොවීය.

1931 දී ස්වොයිකින් වඩා දියුණු ඉලෙක්ට්‍රොනික කැමරාවක් වර්ධනය කළේය. මෙයට ඔහු අයිකන්ස්කෝප්" ලෙස නම් තැබීය. මෙය 1936 සිට 1946 දක්වා කාලය තුළ ඇමරිකානු රූපවාහිනී ප්‍රචාරණයේ ප්‍රාථමික තලයේ කැමරා තලය බවට පත්විය.

බ්‍රිතාන්‍යයේ අයිසැක් ෂොන්බර්ග් ස්වොයිකින්ගේ කල්පිතය තවදුරටත් වර්ධනය කරමින් BBc ප්‍රචාරණයට වැදගත්වූ මාර්කෝනි - EMI එම්ට්‍රෝන් නලය වර්ධනය කරන ලදී.

1911 දී ඉංජිනේරු ඇලන් අකිබෝල්ඩ් කැම්බල් ස්වින්ටන් ලන්ඩනයේදී දුරස්ත විදුලි දෘෂ්ටියක් කැතෝඩ නල ආධාරයෙන් ලබාගන්නේ කෙසේද යන්න පිළිබඳව දේශනයක් පැවැත්වීය. වසර 1920 වනවිට විදුලි යාන්ත්‍රික රූපවාහිනී හඳුන්වා දී තිබු අතර ෆලියෝ ෆාන්ස්වර්ත්ගේ රූප විභේදක කැමරා තලය එහි පළමු රූපය සම්ප්‍රේෂණය කළේය. 1928 වන විට ඔහු චලනය වන රූප චිත්‍රපටයක් පෙන්වීමට හැකි තරම් මට්ටමට එය වර්ධනය කර තිබිණ. 1929 වන විට එහි තිබු මෝටර් (motors) ආදිය ඉවත් කිරීමෙන් යාන්ත්‍රික කොටස් රහිත උපකරණයක් බවට එය පත්කර තිබිණ.

1934 අගොස්තු 25 දින ‍ෆිලඩෙල්පියාවේ ෆරුන්ක්ලින් ආයතනයේ දී ෆාන්ස්වරුන් ලොව ප්‍රථම ඉලෙක්ට්‍රොනික රූපවාහිනී පද්ධති පිළිබඳ ප්‍රදර්ශනය පැවැත්විය.

1923 දී වැලැද්මීර් ස්වොයිකින් ඉලෙක්ට්‍රොනික කැමරා තලයක් වර්ධනය කරන ලදී. එනමුත් එම තලයෙහි තිබු අඩුපාඩු නිසා එය දියුණු තත්වයට පත් නොවීය.

1931 දී ස්වොයිකින් වඩා දියුණු ඉලෙක්ට්‍රොනික කැමරාවක් වර්ධනය කළේය. මෙයට ඔහු අයිකන්ස්කෝප්" ලෙස නම් තැබීය. මෙය 1936 සිට 1946 දක්වා කාලය තුළ ඇමරිකානු රූපවාහිනී ප්‍රචාරණයේ ප්‍රාථමික තලයේ කැමරා තලය බවට පත්විය.

බ්‍රිතාන්‍යයේ අයිසැක් ෂොන්බර්ග් ස්වොයිකින්ගේ කල්පිතය තවදුරටත් වර්ධනය කරමින් BBc ප්‍රචාරණයට වැදගත්වූ මාර්කෝනි - EMI එම්ට්‍රෝන් නලය වර්ධනය කරන ලදී.

මූලාශ්‍ර 

https://si.m.wikipedia.org/wiki/%E0%B6%BB
https://mysyllubus.blogspot.com/2020/05/the-history-of-television.html 

සන්නිවේදන න්‍යායයන් හා රූපවාහිනී වැඩසටහන්කරණය





සන්නිවේදන න්‍යායයන් හා  රූපවාහිනී වැඩසටහන්කරණය



විසි එක්වන සියවස රූපවාහිනී විකාශන ක්ෂේත්‍රයේ සුවිශාල විපර්යාසයක් සිදුවන කාල වකවානුවක් ලෙස සැලකිය හැකිය. මිනිසා යථාර්ථය සමග සම්බන්ධ වීමේසහ යථාර්ථය පරාවර්ථනය කිරීමේ මෙන්ම යථාර්ථය ප්‍රතිනිර්මාණය කිරීමේ මාධ්‍යයන් කොතෙකුත් මිනිසා සිය සමාජ සංස්කෘතික පරිනාමීය ක්‍රියාවලිය තුළදී උපයෝගී කරගන්නේ ශ්‍රව්‍ය - දෘශ්‍ය මාධ්‍යයක් ලෙස රූපවාහිනිය තරම් ප්‍රබල මාධ්‍යයක් මානව වර්ගයා දැන නොසිටියේය. සමාජයක් ප්‍රගමනය වීමේ මූලික සංකල්පය වන සංස්කෘතිය ඉදිරියට රැගෙන යාමේ මූලික මාධ්‍ය මෙහෙවර සඳහා රුපවාහිනිය බෙහෙවින් වැදගත් වේ. සමකාලීන රූපවාහිනිය යනු සංහතික විඥාපන ක්‍රියාවලියෙහි සංස්ලේශීය පද්ධතියකි. මෙම සමකාලීන රූපවාහිනිය සංයුක්තනිර්විත කරන සියලු පැතිකඩ අපොහකාත්මක සම්බන්ධතාවක ක්‍රියාකරමින් සංහතික මාධ්‍යවේදාත්මක රූපවාහිනී පඨිත නිර්මාණය කෙරෙහි ප්‍රගමනාත්මක හෝ අවගමනාත්මක සහ සාධනීය හෝ නිශේධනීය බලපෑමක් සිදු කරනු ලබයි. එහිදි තම සංදේශ ග්‍රාහකයන් වෙත ගෙනෑමේදී විවිධ න්‍යායන් භාවිත කරනු ලබයි. එහිදී ලාංකීය රූපවාහිනී වැඩ සටහන් ක්ෂේත්‍රය පිළිබඳව අවධානය යොමුකිරීමට වැදගත් වේ.





 රූපවාහිනී වැඩ සටහන් තුළ සමාජය නිරූපනය කරනු ලබන ආකාරය

                                                                                                                                                                                                             රූපවාහිනී මාධ්‍ය යනුමාධ්‍යයන් ත්‍රිත්වය අතුරින් ග්‍රාහකයාට වඩාත් සමීප මාධ්‍යයකි. මිනිසා එදිනෙදා තොරතුරු සොයාගැනීමේ කර්තව්‍ය තුළදී වැඩි අවධානයක් රූපවාහිනිය වෙත ලබාදෙයි. රූපවාහිනිය බිහිවූ දා සිට අද දක්වා විකාශනය වූ ගමනේදී විවිධ පර්යේෂනයන් හට භාජනය වෙමින් පැමිණ ඇති අතර අද වන විට සමාජයට විශාල බලපෑමක් සිදු කළ හැකි ප්‍රබල මාධ්‍යයක් වේ. රූපවාහිනී වැඩසටහන් තුළ සමාජය නිරූපනය වේ. එනම්. සත්‍ය වශයෙන්ම සිදුවන්නේ එයයි. සමාජයේ පවතින ආර්ථික සාමාජික සංස්කෘතික අංග සංදේශ හරහා ග්‍රාහකයා වෙත ළඟ කරනු ලබයි. නිදසුනක් ලෙස කිසියම් වර්ෂය අප්‍රේල් මාසය හා සබැඳි දින වකවානු දැක්විය හැකිය. නිරන්තරයෙන් රූපවාහිනිය තුලින් සමාජය පිළිබඳව නිරූපනය කරනු ලබයි. එනම් එම මාසය හා සබැඳි සංස්කෘතික අංග සමාජීය චාරිත්‍රආර්ථික ක්‍රියාකාරීත්වය සොබා දහමේ ඇතිවන විපර්යාස රූපවාහිනිය හරහා ඉතාමත් විචිත්‍රවත් ආකාරයට විකාශනය කරනු ලබයි. විශේෂයෙන්ම සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අලලා විශේෂ වැඩ සටහන් රූපවාහිනිය විසින් විකාශනය වීම සිදුවේ. එමගින් මුළුමනින්ම සමාජය නිරූපනය කරනු ලබයි. 


එනම් මෙම කාලයට විශේෂී අංගයක් වන්නේ කොහා නම් පක්ෂියාගේ නාදයයි. එම නාදය විචිත්‍රවත් රූපරාමු එක් කරමින් සහ රබන් නාදයද ඒහා මුසු කොට රූපවාහිනිය හරහා විකාශය වීම තුළින් සංස්කෘතිය විදහාපෑම සිදුවේ. එමෙන්ම ගෘහනියන් හා සබැඳි සමාජ ක්‍රියාකාරකම් නිරූපනය කරයි. එනම් මෙම කාල වකවානුව තුළ පිළියෙල වන කැවිලි ආදිය සකසා ගන්නා ආකාරයද වෙනම ගුවන් කාලයක් යොදා විකාශනය කරනු ලබයි. එවිට රූපවාහිනියට වැඩි වශයෙන් ග්‍රාහකයා හා සමීප වීමට අවස්ථාවක් සැලසේ. විශේෂයෙන්ම අවුරුදු ජන ක්‍රීඩා හා සබැඳි අවුරුදු උත්සව මාධ්‍ය මූලිකත්වයෙන් සිදු කිරීම හා ඒවා විකාශනය වීම සිදුවේ. එනම් පැවසිය හැක්කේ සෑම විටම සිදුවන්නේ මාධ්‍ය මගින් සමාජය නිරූපනය වන බවයි. එම කාලයට හටගන්න “එරබදු මල්” පිළිබඳව විවිධ රබන් පද ගී ගායනා හා ජනකවි මුසුකොට වැඩසටහන් නිර්මාණය වීම සිදු කරයි. තවත් ලෙසකට පැවසිය හැක්කේ රූපවාහිනිය සංස්කෘතිකත්වය සම්ප්‍රේෂණය හා සමාජානුයෝජන මාධ්‍යයක් ලෙසයි. රූපවාහිනී නාලිකා තරඟකාරීව අවුරුදු උත්සව සංවිධානය කිරීම මෙම කාලවකවානුව තුළ දක්නට ලැබෙන විශේෂ අංගයකි. එනම්සමාජය තුළ ඇති සංස්කෘතික අංග වැඩි වශයෙන් එහිදී විදහා පාන්නට රූපවාහිනිය පෙළඹේ. එහිදී රූපවාහිනිය තුළ වැඩ සටහන් කරණයේදී සමාජය නියෝජනය වන ආකාරය සරලව නිදසුන් සහිතව පෙන්වාදිය හැකිය. 





 සමාජය තුළ රූපවාහිනී වැඩ සටහන් නිරූපණය වනු ලබන ආකාරය.



                                                          රූපවාහිනිය යනු සමාජ සන්නිවේදන මාර්ගයකි. එමගින් නව ජීවිතයට අවශ්‍ය එදිනෙදා තොරතුරු පමණක් නොව විනෝදාස්වාදන කාර්යයට අවශ්‍ය ඉඩකඩ ද හිමි වේ. එසේමසමාජයේ ආකල්පචර්යා පුද්ගල සිතුම් පැතුම් වෙනස් කිරීමෙහිලා රූපවාහිනිය සමත්කම් දක්වයි. එහිදී පවුලේ සිතුම් පැතුම් වෙනස් කිරීමටසංස්කෘතිය සම්බන්ධ පුද්ගලික මනෝනාම වෙනස් කිරීමට රූපවාහිනියට හැකියාව තිබේ. රූපවාහිනිය වෙතින් සමාජයට ලබාදෙන සංදේශ විවිධාකාරයෙන් ලබා ගනී. එනම්අප්‍රේල් කාල වකවානුව තුළ රූපවාහිනිය තුළ නිරූපනය කරනු ලබන ඇතැම් සංකල්ප කෘත්‍රිම වේ. එනම් අද වනවිට එදා ලාංකික සමාජය තුළ දක්නට ලැබෙන සංස්කෘතිය අද සමාජය තුළ නොමැත. එනම් කොහා නම් පක්ෂියාගේ නාදය රූපවාහිනිය තුළින් කෘත්‍රිමව නිර්මාණය කොට විකාශනය කරනු ලබයි. අද පරිසරය තුළ එරබදු නම් වෘක්ෂ දක්නට ද නොමැති තරම්ය. එහෙත් රූපවාහිනිය හරහා එම සංස්කෘතික වටපිටාව කෘත්‍රිමව නිර්මාණය කරනු ලබයි. සිංහල සහ හින්දු අලුත් අවුරුදු කාල වකවානුව තුල ගෘහණියන්ටම වෙන්වූ වැඩ සටහන් දක්නට ලැබේ. එනම් විවිධ රසකැවිලි පිසගන්නා ආකාරය ගුවන් කාලය වෙන්කොට විකාශනය කරනු ලබයි. එහිදී වත්මන් ගෘහනියන් සත්‍ය වශයෙන්ම එම රසකැවිලි තම නිවෙස් තුළම පිස ගැනීම සිදු නොකර ඒවා වෙළඳ පොලෙන් මිලදී ගැනීමට පෙළඹී ඇත.

එසේම විවිධ අවුරුදු කවි ගී රසවින්දන වැඩසටහන් විකාශනය වේ. එය විකාශනය වීමේදී නිදසුනක් ලෙස ඔංචිලි වාරම් කවි ගායනා කරමින් ගැහැණු ළමුන් පිරිසක් විසින් ඔංචිලි පැදීම සිදු කරනු ලබයි. නමුත් සමාජය තුළ එය එලෙසටම භාරගන්නේ නැත. අද පවතින සංකීර්ණ සමාජ වපසරිය හේතුකොටගෙන මිනිසා ඔංචිල්ලාව සකසා ගත්තද ඔංචිලි වාරම් ගායනා කිරීම සිදුකරන්නේ නැත. එනම් සත්‍ය වශයෙන්ම සිදු කරන්නේ රූපවාහිනී මාධ්‍ය විසින් කෘතිම සංදේශ නිර්මාණය කිරීම හා සමාජය වෙත විකාශනය කිරීමයි. එසේම රූපවාහිනිය තුළ “ඔළිඳ තිබෙන්නේ කොයි කොයි දේසේ” කවි ගී ගායනා කරමින් ඔළිඳ ක්‍රිඩාවේ යෙදෙන ආකාරය විකාශනය කිරීම දක්නට ලැබේ. නමුදු සමාජයේ ජීවත් වන ඇතැම් දරුවන් ඔළිඳ ක්‍රිඩාවෙහි යෙදීමට ප්‍රියතාවයක් නොදක්වන අතර ඔළිඳ ක්‍රීඩාව යනු කුමක්දැයි නොදන්නා පිරිස බහුල වේ. එනම් පැවසිය හැක්කේ රූපවාහිනී මාධ්‍ය විසින් ග්‍රාහකයා හට දෙන සංදේශ ග්‍රාහකයා එලෙසට පිළිනොගන්නා බවයි. එනම් මෙම සියල්ල රූපවාහිනී වැඩසටහන් තුළින් විකාශනය කරනුයේ ග්‍රාහක ආකර්ශණය දිනාගැනීම සඳහා පමණකි. 





 මාධ්‍ය න්‍යායයන්හා සැබැඳි වැඩ සටහන් කරණය




                                                             මාධ්‍ය න්‍යාය යනු මාධ්‍ය හා සමාජය අතර ඇති සම්බන්ධතාවය පිළිබඳව සංවිධානය කරන සමාජ දේශපාලන - දර්ශනවාදී - මූලධර්ම සංකීර්ණ ප්‍රපංච කිහිපයක එකතුවකි. මෙය තුළ “සත්‍ය තත්ත්වය” යනුවෙන් හැඳින්වෙන න්‍යාය වර්ගය ඇති අතර ඒවා තුලින් සැබවින්ම කරන්නේ සමාජයට වඩා ජනමාධ්‍ය තුළ කළ යුත්තේ කුමක්ද යන්න සැලකිල්ල ගැනීමයි. මෙහිදී Needle theory, Agenda setting theory , Magic bullet theory ලෙස න්‍යායන් කිහිපයක් හඳුනා ගත හැකිය. 

ජන සන්නිවේදන ක්‍රියාවලිය තුළ වැදගත් න්‍යායක් ලෙස Magic bullet theory හඳුන්වාදිය හැකිය. එහිදී බලගතු ජනමාධ්‍ය ඉලක්ක කරගනිමින් ගිලී සිටිනු ඇති අතර අශිෂ්ඨ හෝ ආකර්ෂණීය ප්‍රේක්ෂකයන් තුළට පණිවුඩය ගෙනයාමක් සිදු කරයි. එනම්මැජික් බුලට් න්‍යාය මගින් රූපවාහිනී මාධ්‍යයේ පණිවුඩය “මාධ්‍ය තුවක්කුව විසින් නරඹන්නාගේ “හිස” වෙත වෙඩිඋණ්ඩයක් ලෙස සලකනු ලබයි” මෙම න්‍යාය හඳුන්වාදුන්නේ 1930 දශකයේදීය. එය හැරල්ඞ් ලැසාල්ස්ෆේල්ඞ් (^Harold Lassuawell) ගෙන් උපත ලැබූ න්‍යායකි. 

මෙම න්‍යාය නිශ්චිත තොරතුරු සහිතව ඔවුන්ගේ මොළය නිශ්චය කිරීම මගින් ජනමාධ්‍ය කෙරෙහි ග්‍රාහකයාගේ බලපෑම නිරායාසයෙන්ම සිදුවන බව තර්ක කරනු ලබන න්‍යායකි. 

නිශ්චිත අරමුණක් මාධ්‍ය විසින් පණිවුඩය නිර්මාණය කරයි. එනම් නිශ්චිත ප්‍රතිචාරයක් ලබාගැනීම සඳහාය. මෙම “මාධ්‍ය උණ්ඩ ” මගින් සිදු කරන බලපෑම ක්ෂණික හා ප්‍රබල වේ. බොහෝ විට ඒවා මගින් මිනිසාගේ චර්යාත්මක වෙනස්කම් වලට හේතු වේ මාධ්‍යයේ බලපෑමට එරෙහිව සිටීමට උත්සහ කිරීම නිශ්පලය එනම් මෙමගින් මිනිසාගේ දෛනික න්‍යාය පත්‍රයට දැඩි ලෙස ප්‍රහාරයක් එල්ල කරයි. 

මේ සඳහා නිදසුන් බහුල වශයෙන්වර්ෂයේ අප්‍රේල් කාල වකවානුව තුළින් පිළිඹිබු කළ හැකිය. නිදසුනක් ලෙස දෙරණ නාලිකාවේ නළු නිළියන් සඳහා පැවති අවුරුදු උත්සවය හඳුන්වාදිය හැකිය. එහිදී මාධ්‍ය මගින්  ලෙස මිනිසාගේ Magic bullet මනස තුල ඇති “විනෝදාස්වාදය” භාවිතයට ගනී. එනම්ප්‍රේක්ෂකයාගේ සිත්ගත් චරිත හරහා ප්‍රේක්ෂකයා එම වැඩ සටහන් කෙරෙහි රඳවා තබා ගැනීමට එම නාලිකාව කටයුතු කර ඇත්තේ එලෙසිනි. අනෙකුත් මාධ්‍යයන් ද්විත්වයට සාපේෂව ග්‍රාහකයා දිනාගැනීමටත් ග්‍රාහකයා රඳවා ගැනීමටත් රූපවාහිනී මාධ්‍ය සතු ශක්‍යතාව ඉතා ප්‍රබලය. එහිදී පැවසිය  නාලිකාව විසින් එම වැඩසටහන් ප්‍රේක්ෂකයාගේ හදවතට ග්‍රහනය කරවන්නේ “තරුත් එක්ක අවුරුදු” යන්නෙනි. එහිදී “  ” නම් න්‍යාය මැ Magic bullet නවින් රූපවාහිනිය භාවිතා කොට ඇති ආකාරය පිළිඹිබුවේ. එහිදී එදින දවස පුරා ප්‍රේක්ෂකයා එම නාලිකාව සමග සිටීම එම නාලිකාවේ අපේක්ෂාවයි. එහිදී ඔවුන් ජනතාවගේ දෛනික න්‍යාය පත්‍රයටද බලවත් පහරක් එල්ල කරයි. ප්‍රේක්ෂකයා තමාට ඇති විවිධ කාර්යයන් පසෙකට තබා රූපවාහිනිය නැරඹීමට පෙළඹෙන්නේ මෙම න්‍යායයන් මෙම රූපවාහිනී මාධ්‍ය මගින් භාවිතා කරනු ලබන හේතුවෙනි. එහිදී එම නාලිකාව අවුරුදු සමයෙහි වැඩ සටහන් කරණය තුළ ප්‍රේක්ෂකයාගේ මනසසිත තම නාලිකා වෙහි වහලෙකු බවට පත්කර ගැනීමට උත්සහ දරා ඇත. එහිදී එම මාධ්‍ය බලාපොරොත්තු වූ අරමුණු මුදුන්පත් කර ගැනීමට Magic bullet theory නම් සන්නිවේදන න්‍යාය උපකාර වී ඇත. සමාජය තම නාලිකාව එසේත් නැතිනම් රූපවාහිනිය වෙත රඳවා තබා ගැනීමට මෙම න්‍යායන් වැඩ සටහන්කරණය ඔස්සේ භාවිතා කරනු ලබයි. 

තවද මෙම නාලිකා විසින් සිදු කරන අවුරුදු උත්සව තුලදී ප්‍රේක්ෂකයා තුළින් අවුරුදු කුමරා කුමරිය තෝරාපත් කොට ගැනීම හරහා ප්‍රේක්ෂකයන් වෙත තාවකාලික තෘප්තියක් ලබාදීම මෙම නයායට නිදසුන් ලෙස ගත හැක.

මැජික් වෙඩිල්ල පිළිබඳ න්‍යාය සඳහා කරුණු දෙකක් වැදගත් වුවත් පර්යේෂකයන් මෙලෙස තීරණය කරන ලදී.

මාධ්‍ය පණිවුඩයේ ප්‍රතිවිපාක සෑම කෙනෙකුටම එක හා සමාන වේ. එනම්ප්‍රේක්ෂකයන් සියලු මාධ්‍ය එකක් ලෙස සලකන විට මාධ්‍යයන්ට ග්‍රාහකයා හැසිරවීමට පහසුවනු ඇත. මෙම ඒකීය භාවය පණිවුඩයන්ට විරහිතය. එවිට සමාජය පාලනය කිරීමට පහසු වේ.

පණිවිඩයේ අර්ථය කිසිම ලෙසකින් වෙනස් කරන්නේ නැත. එනම්මාධ්‍ය මගින් පුද්ගලයාගේ හැඟීම් හෝ විශ්වාසයන් නෙසලකා හරිනු ඇති බව එයින් වැටහේ. සබකෝලයට හෝ ග්‍රාහකයන් ඇසූ දෙයට අභියෝග කිරීමට මාධ්‍ය උත්සහ ගන්නේ 
නැත.





එසේම නිදසුනක් ලෙස තවදුරටත්  නාලිකාවෙහි ජනතාව වෙනුවෙන් සංවිධානය කරන ලද අවුරුදු උත්සවය හැඳින්විය හැකිය. ජනතාව අතරින්ම අවුරුදු කුමරා කුමරිය තෝරා පත් කර ගැනීම හරහා යටි අරමුණක් සහිතව ජනතාව තම නාලිකාවේ ග්‍රාහකයකු බවට පත්කර ගනී. එය මෙම Magic bullet theory සතු සුවිශේෂී ක්‍රියාවලියකි. එනම්ඉලක්ක ගත ග්‍රාහකයාට අමතරව තව තව ග්‍රාහකයන්ගේ ආකර්ශණය මෙමගින් තම නාලිකාව වෙත ලැබේ. 

Magic bullet හා සමාන න්‍යායක් වශයෙන් Hypodermic Needle Theory  දැක්විය හැකිය. මෙම න්‍යායද වැඩි වශයෙන් අද වන විට රූපවාහිනිය තුළ භාවිතා කරයි. 1940 සහ 1950 ගනන් වල ජනමාධ්‍ය හැසිරීම වෙනස් කිරීම සඳහා බලවත් බලපෑමක් ලෙස වටහා ගන්නා ලදී. සන්නිවේදන න්‍යාය සඳහා සාධක කිහිපයක් හේතු විය. එනම් රූපවාහිනියේ වේගවත් නැගීම හා ජනප්‍රිය වීම ප්‍රචාරණ කටයුතු වැනි උද්වේගකාරී කර්මාන්ත බිහිවීම හේතු විය. මෙම න්‍යාය අනුව ජනමාධ්‍ය මගින් විශාල වශයෙන් සමූහයක් වෙත ඒකාකාරව හෝ වක්‍රව බලපෑමක් ඇති කිරීමට Injecting  (එන්නත් කිරීම) හරහා බලපෑමට ලක්කරයි. විශේෂයෙන්ම නිදසුනක් ලෙස උත්සව සමය තුළ සිදුවන දැන්වීම්කරණය තුළ මෙම ක්‍රියාවලිය බහුලව දැකිය හැකිය. එනම්මිනිසුන් හට අවශ්‍ය නොවන අවශ්‍යතා අත්‍යවශ්‍ය අවශ්‍යතා බවට පත් කරනුයේ මෙම න්‍යාය ඔස්සේ බව පෙන්වා දිය හැකිය. රූපවාහිනිය මගින් උත්සව සමයේ සකසනු ලබන ආහාර පිළිබඳ ඉදිරිපත් කරන වැඩ සටහන් තුළ විවිධ වෙළඳ නාමයන්ගෙන් යුත් නිෂ්පාදනයන් භාවිතා කිරීමෙන් පමණක් මේ සඳහා දිය හැකි කදිම නිදසුනකි. 


එහිදී අවසානයේදී නිගමනය කළ හැකි කරුණ නම් ප්‍රේක්ෂකයන් වෙත පණිවිඩයක් හරහා ක්ෂණිකව බලපෑමක් ඇති කළ හැකි බවයි. මිනිසුන් හට තොරතුරු ලබා ගැනීමේ ක්‍රියාවලියේදී රූපවාහිනිය ප්‍රමුඛස්ථානයක් ගනී. එහිදී රූපවාහිනිය වෙතින් ලැබෙන සංදේශ හරහා ප්‍රේක්ෂකයාගේ තොරතුරු පිපාසයට හා විනෝදාස්වාදයට ආමන්ත්‍රණය කිරීම මගින් මෙම න්‍යායයන් හරහා ග්‍රාහකයා රූපවාහිනියේ වහලෙකු බවට පත්කර ගනු ඇත. 




සාම්ප්‍රදායික රූපවාහිනී මාධ්‍යයට වඩා නවීන රූපවාහිනී මාධ්‍යයේදී එය වඩා පෘථුල විෂයයක් බවට පත්ව ඇත. නව රූපවාහිනිය තව ශරීරාංගයක් තරමටම මිනිසාට අදවනවිට සමීප වී තිබේ. ප්‍රධාන වශයෙන්ම රූපවාහිනිය පවතින්නේ ග්‍රාහක සහභාගීත්වය මතය. ග්‍රාහකයාගේ රිනාත්මක ආකල්ප සොයා සංදේශ වැඩිවශයෙන් විකාශනය කිරීම අද වන විට රූපවාහිනිය සතු සුවිශේෂී කරුණකි. විශේෂයෙන්ම සන්නිවේදන න්‍යායයන් මගින් පෝෂණය වූ වැඩ සටහන්කරණය හේතුකොටගෙන ප්‍රේක්ෂකයා රූපවාහිනිය කෙරෙහි ඇදබැඳ තබාගැනීමට මාධ්‍ය ආයතන බලධාරීන් වැඩ සටහන් නිශ්පාදකයින් වැඩි වශයෙන් පෙළඹේ. එනම්ප්‍රේක්ෂක ආකර්ෂණය රූපවාහිනිය වෙත ළඟාකර ගැනීමට සන්නිවේදන න්‍යායන් බෙහෙවින් ඉවහල් වේ. නමුත් අද වන විට ඇති වාණිජත්වය පසුපස හඹා යන මාධ්‍ය ක්‍රියාවලිය තුළ මෙම සන්නිවේදන න්‍යායයන් භාවිතයට ගන්නේද යන්න ගැටළුවකි. 
















ජනමාධ්‍ය ආචාරධර්ම

ජනමාධ්‍ය ආචාරධර්ම 



සමාජයේ ගැටුම් ඇති කිරීම සහ ගැටුම් නිවාරණය සඳහා ද විද්‍යුත් මාද්‍ය හේතු වේ. වෘත්තීය භාවයකින් තොරව සිදු වන මාධ්‍ය නිෂ්පාදන පුද්ගලයාට, සමාජ සංවිධාන වලට සහ සමස්ත සමාජයට ප්‍රබල ගැටලූ නිර්මාණය කරයි. ඒ තුළින් සමාජ සංහිඳියාව වෙනුවට සමාජ වෛරය, පුද්ගල සහ සමාජ සංවිධානයන්හි ගරුත්වය (Reputation), සමාජ ආර්ථික බිඳ දැමීම් ද සිදු කරයි. යම් රටක හෝ සමාජයක සමාජ වගකීම් රහිත මාධ්‍ය පවතින විට ජනතාව රැක ගැනීමේ අරමුණින් රාජ්‍ය වගකීම් ද ඉදිරියට පැමිණෙන බැව් පෙනේ. ආචාර ධර්ම සහ නීතිය යනු ප්‍රධාන සමාජ සංකල්ප දෙකක් වුව ද, ඒ දෙක අතර ප්‍රබල වෙනසක්් ද දක්නට ලැබේ. නෛතික තත්ත්වයන් බිඳ දැමීමට ජනමාධ්‍යයට හැකියාවක් නොමැත.


මෙසේ ආචාරධර්ම කඩ කරයි.

x තම පෞද්ගලික හැඟීම් මුසු කිරීම.
x දැනගත යුතු තොරතුරු අත් හිටුවීම.
x තොරතුරු ප‍්‍රකෘති කිරීම.
x පෞද්ගලිකත්වය ආක්‍‍්‍රමණය කිරීම.
x පක්ෂග‍්‍රාහි වාර්තාකරණයේ යෙදීම.
x පණිවුඩ හැසිරවීම හා සාවද්‍ය ලෙස ඉදිරිපත් කිරීම.
x තොරතුරු විකෘතිකරණය
x භාවාතිශය වීම.

පුවත්පත් කලාවේ ආචාර ධර්ම සහ ප්‍රමිතීන්

පොදු මූලික කරුණු

පුවත්පත් කලාවේ ප්‍රමිතීන් සහ ආචාර ධර්මවලට අදාල බොහෝ රෙගුලාසිවලට පොදු මූලික තේමාවන්.

විෂය මූලික කරුණු

· ප්‍රවෘත්ති සහ තම තමන්ගේ මත අතර තිබිය යුතු පැහැදිලි වෙනස - කර්තෘ මණ්ඩල අදහස් සහ මත පැහැදිලිවම ප්‍රවෘත්ති සමග වෙනස් වේ. ප්‍රවෘත්ති වාර්තාකරුවන් සහ කර්තෘ මණ්ඩල යනු දෙපාර්ශවයකි. · ප්‍රවෘත්ති සහ දැන්වීම් අතර වෙනස - සියලු දැන්වීම් පැහැදිලි දැන්වීමක් පරිදි හඳුනාගත හැකි විය යුතුය. · වාර්තාකරුවා ලාභ ප්‍රයෝජන පිළිබඳ ගැටලු මග හැරී - දෙන ලද මාතෘකාවක් යටතේ කථාවක් ලිවීමට ධෛර්යමත් වීම - මෙයට අල්ලස් නොගැනීම ද ඇතුළත් වේ. වාර්තාකරුවො‍් පෞද්ගලික, ආර්ථික හෝ දේශපාලන වුවමනා එපාකම් මත වාර්තා නොකිරීම (බලන්න Envelope Journalism) · විවාදයට බඳුන් වන මතවාද පිළිබඳව මධ්‍යස්ථ විය යුතු අතර සාධාරණව විස්තර කළ යුතුය. · කෙනෙකුට එරෙහිව කිසියම් ප්‍රවෘත්තියක් පළ කිරීමට අදහස් කරන විට එය ප්‍රසිද්ධ කිරීමට පළමු එයට ප්‍රතිචාර දැක්වීම සඳහා ප්‍රවෘත්තියට අදාල තැනැත්තාට අවස්ථාව දීම. · වාරණය ඇතුළු වෙනත් හේතූන් නිසා වාර්තාකරණයට බාධා ඇති වීම්, විරුද්ධ වීම්, මැදිහත් වීම් හෙළි විය යුතුය.

මූලාශ්‍ර (තොරතුරු ලැබෙන මාර්ග)

· නිර්ණාමිකව ලැබෙන තොරතුරුවල රහස්‍ය භාවය. · හැකිතරම් දුරට නිර්ණාමිකව ලැබෙන තොරතුරුවලින් ඈත් වී සිටීම. · වෙනත් ප්‍රවෘත්ති මාධ්‍යයන් මගින් හෝ පුද්ගලය මගින් ලැබෙන ප්‍රකාශවල නිර්වද්‍යතාවය. · නොමග යවන ආකාරයෙන් පින්තූර, ශබ්ද සහ කියමන් ඉදිරිපත් නොකිරීම. · අනුන්ගේ රචනා, කෘති සොරකම් කිරීම ගර්හාවට කරුණක් වන අතර බොහෝ අවස්ථාවල නීති විරෝධි වේ. (බලන්න Copy right - කර්තෘ අයිතිය)

නිවැරදි භාවය සහ සත්‍ය වාර්තාකරණය සඳහා ප්‍රමිතීන්

· කථාවක් පිළියෙල කිරීමට වෙන් කළ කාලයක් සහ තිබෙන ඉඩකඩ ප්‍රමාණය දුන් විට සහ තොරතුරු සොයා යාමේදී වාර්තාකරුවන් හැකි සෑම විටම හැකි තාක් දුරට නිවැරදිව කටයුතු කිරීම බලාපොරොත්තු වේ. · කිසියම් සිද්ධියක් පිළිබඳව තනි පුදගලයෙකු ඇසින් දුටු සාක්ෂියක් වාර්තා විය යුත්තේ එම තැනැත්තාටම ආරෝපණය කිරීමෙනි. සාක්ෂිකරුවන් දෙදෙනෙකු හා ඊට වැඩි නම් තොරතුරු තිබෙන ආකාරයෙන් වන අතර විවාදයට තුඩු දෙන කරුණු ඒ හැටියටම වාර්තා කළ යුතුය. · ප්‍රකාශකයාගේ තවත් සේවකයෙකු විසින් ස්වාධීන කරුණු පරීක්ෂා කර බැලීම සුදුසු වේ. · වැරැද්දක් එළි වූ විට එහි නිවැරදි කිරීම්ද ප්‍රසිද්ධ කළ යුතුය. · නඩුවල වගඋත්තරකරුවන් හැඳින්වීමේදී දඬුවම් ලබන තෙක් ඔවුන් හැඳින්විය යුත්තේ ‘වරද කළා යැයි කියන’ යෙදුම භාවිතා කරමිනි.

අපවාද සහ අපහාස සළකා බැලීම

· ඇත්ත ප්‍රකාශ කිරීම කිසි දිනෙක අපහාසයක් නොවෙනවා මෙන්ම එය ඉතා වැදගත්ය. · අප්‍රසිද්ධ පුද්ගලයින්ට රහසිගත ජීවිතයට අයිතියක් තිබෙන අතර ඔවුන් ගැන ප්‍රවෘත්ති ලිවීමේදී එය මහජන වුවමනා එපාකම්වලට එරෙහිව සමබර විය යුතුය. · ප්‍රසිද්ධ පුද්ගලයන්ට රහසිගත ජීවිතයක් ගත කිරීමේදී සීමාවන් තිබේ. · ප්‍රකාශකයෝ ඔවුන්ගේ වාර්තාකරුවන්ට එරෙහිව අපහාස නඩු කටයුතුවලදී ඔවුන් ආරක්ෂා කිරීමට ඉතා උනන්දුවෙන් කටයුතු කරති.

හානි සීමා කිරීමේ මූලධර්ම

වාර්තාකරුවෙකු තමන්ගේ කිසියම් කාර්යක් කර ගෙන යාමේදී, සාධක එකතු කිරීම, සම්මුඛ සාකච්ඡා හැසිරවීම පර්යේෂණ කිරීම, පසුබිම පරික්ෂා කිරීම, ඡායා රූප ගැනීම, වීඩියෝ සහ ශබ්ද පටිගත කිරීම ආදිය කිරීමට සමහර විට සිදු වේ. ඔහුට දැන ගැනීමට ලැබෙන සියලු දේ වාර්තා කළ යුතුද. එසේ නම් මෙය කෙරෙන්නේ කෙසේද, අනර්ථ, සීමා කිරීමේ මූලධර්ම යනු ප්‍රායෝගික සහ ආචාර ධර්ම පිළිබඳ උභතෝකෝටික ප්‍රශ්නයක් නිර්මාණය කරමින් සම්පූර්ණ හෙළිදරව්වේ අශුබවාදී ප්‍රථිඵලවලට කිසියම් බරක් යෙදීමයි. වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ ආචාර ධර්ම සංග්‍රහයේ පහත සඳහන් උපදෙස් ඉදිරිපත් කර ඇත. මේවා බොහෝ වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ ප්‍රායෝගික පරමාදර්ශයන්හි නියෝජනයයි. මේවා කෙලින්ම සඳහන් කරන්නේ,

· පුවත් ආවරණයෙන් පීඩාවට පත් විය හැකි අය සම්බන්ධයෙන් කරුණාව දැක්වීම ළමයින් සහ අත්දැකීම් නැති ප්‍රභවයන් සහ විෂයන් ගැන කටයුතු කිරීමේදී විශේෂ සංවේදී කමක් දැක්වීම · ව්‍යසනයකට හෝ විපතකට කරදරයකට භාජනය වූ තැනැත්තන් ඡායාරූප ගත කිරීමේදී හෝ සම්මුඛ සාකච්ඡා පැවැත්වීමේදී සංවේදී වීම. · තොරතුරු එකතු කිරීම හා වාර්තා කිරීම ඇතැම් විට අනර්ථකර හෝ අපහසුතාවයට පත් කිරීමක් විය හැක. ප්‍රවෘත්ති ලුහුබැඳයාම ආඩම්බරයට බලපත්‍රයක් නොවේ. · බලය, ආධිපත්‍ය සහ අවධානය බලාපොරොත්තු වන රජයේ සේවකයින් සහ අනෙකුත් අයට වඩා සාමාන්‍ය ජනතාවට ඔවුන්ගේම තොරතුරු පාලනයට විශාල අයිතියක් තිබෙන බව පිළිගැනීම කිසිවෙකුගේ පෞද්ගලිකත්වයට එබී බැලීම සාධාරණීකරණය කළ හැක්කේ විශාල මහජන අවශ්‍යතාවයකට පමණි. · හොඳ රසයක් ඇත්තෙකු බව පෙන්වීම - නපුරු ගුප්ත දේවල් පිළිබඳ උවමනාවට වඩා සෙවීමෙන් වැළකීම. · ලිංගික අපරාධවලට ගොදුරු වන බාල වයස්කාර වින්දිතයන් සහ සැකකරුවන් සම්බන්ධයෙන් විපරම් වීම. · අපරාධයක සැකකරුවෙකුගේ සාධාරණ නඩු විභාගයක් සහ මහජනතාවට දැනගැනීමට තිබෙන අයිතිය සමබර කිරීම.

ඉදිරිපත් කිරීම

ආචාරධර්ම ප්‍රමිතීන්, ඉදිරිපත් කිරීමේ ගුණාංගවල පොදු ප්‍රමිතීන් සමග පටලවා ගත යුතු නැත.

· නිවැරදිව කථා කිරීමේ හා ලිවීමේ භාෂාව (බොහෝ විට පෘථුලව කථා කරන ඉංග්‍රිසි වැනි විධිමත් භාෂාවක්) · පැහැදිලි බව · සංරක්ෂිත භාවය (නැතහොත් ප්‍රකාශකගේ ඉඩකඩ මත රැඳෙන ගැඹුර.

ප්‍රමිතිය හෝ තත්වය රැක ගැනීමට නොහැකි වීම

මෙවැනි මෙහෙයමු සංකේතයකට, දෘශ්‍යමාන ලෝකයේ දී ස්ථිරවම තත්වය රැක ගැනීමට අපහසු වේ. පුවත් පත් කලාවේදියා සාධාරණ වීම හෝ විරුද්ධ වීම පක්ෂයකට බර වූ ගිණුමක් සෑදීමට හේතු විය හැකි යැයි විශ්වාස කළ හැක. තෝරාගත් දේ වාර්තාකරණයේ දී පුවත වඩාත්ම සත්‍ය යැයි විශ්වාස කිරීම හෝ ක්‍රියාවට පාක්ෂික හේතු දැක්වීමක් දීම මඟින් එසේ සිදු‍වේ. සාමාන්‍ය රටාවේ වාර්තාකරණයේ දී පවා වාර්තාකරුගේ වාර්තාව සාරාංශගත කිරීමේ සාධක තේරීම මත පක්ෂපාතීත්වය කථාව තුළට ඇතුල් වීමට හැකි වීම හෝ අසාර්ථකත්වය හරහා ඇති පමණ ප්‍රභවයන්ගෙන් පරීක්ෂා කිරීමට, විරුද්ධ මතධාරීන්ගේ හඬ අසා වාර්තා කිරීමට නව, යථා ලෙසට මේ දෙය දකින්නන්ගේ අදහස් බලා ගැනීම ද වේ.

‍බොහෝ වාර්තාකරුවන් ඔවුන්ගේ පූර්ව මත හැකි තරම් වෙන්ව තබන්නට උත්සාහ කළත් ඔවුන් ඉතා සුළුව මේ ‍පිළිබඳව දැනුවත් නොවේ. වැඩිහිටි වාර්තාකරුවන්ට දයාවෙන් නිකුත් කිරීමට තරුණ වාර්තාකරුවන් අන්ධ විය හැකිය. පලපුරුදු 20 වියැති වාර්තාකරුවා දෙපාර්තමේන්තුව පවා දූෂණය විය හැකි කටකතාවලට බිහිරි විය හැක. ප්‍රකාශන සමෘද්ධිමත් උප නඟර වැසියන්ට අලෙවි කළ විට ඒවා නාගරික වැසියෝ ගණනකට නොගනී. ඇත්තෙන්ම අහිංසක, කපටි නැති නමුත් අපරික්ෂාකාරී වාර්තාකරුවෝ මෙන්ම කතුවරු පොදු මහජනතා සම්බන්ධතාවයන්, ප්‍රචාරක වැඩසටහන් හා නොමඟ යවන වැරදි තොරතුරු මඟින් ගොදුරු කර ගැනීමට මාන බලයි.

ප්‍රවෘත්ති ඒජන්තවරු කතුවරු, නිෂ්පාදකවරු හෝ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරු මඟින් වාර්තාකරුවන් නොයෙකුත් මට්ටම්වලදී අවස්ථාවලදී පරීක්ෂාවට ලක් කරයි. නමුත් කතුවරු බොහෝ විට වෙහෙසට ලක් වී, කම්මැලි වී, කිසි දෙයක් ගණනට නොගෙන හෝ පක්ෂපාතී විය හැක. එසේම කතුවරයා ජනප්‍රිය වාර්තාකරුවකුගේ වාර්තාවලට අඩු කරමින්, අගතිගාමී පූර්ව මත ඇති කරමින් හා අතින් ගොතා එකතු කරමින් කරන දේ නොදැක්කා සේ හිඳී. (ජේසන් බ්ලෙයාර් බලන්න) ප්‍රාදේශීය කතුවරු ද නිවැරදිව කිරා බලා ගැනීමට තරම් උත්සුක නොවේ. (දුර බැහැර නඟරයක හෝ පිටරටක සිට වාර්තා කරන ලියුම් සම්බන්ධව - නිව්ස් මැනේජ්මන්ට්)

ප්‍රවෘත්ති සංවිධානයක අයවැය මඟින් තීරණ ගැනීම ගැන අනිවාර්යයෙන්ම දැන ගත හැක. එනම් ආවරණය කළ යුතු ප්‍රවෘත්ති මොනවාද, කුමන පාඨකයන් සඳහා ද සහ ඒ කොපමණ ගැඹුරකට ද යන්නයි. මේ තීරණ මඟින් දැන හෝ නොදැන කරන පක්ෂපාතීත්වය පරාවර්තනය කරයි. අයවැය කැපූ විට කතුවරු ඈත ප්‍රවෘත්ති කාර්යාංශවල වාර්තාකරුවන්ට පරිත්‍යාග කිරීම, අඩු ආදායම් ප්‍රදේශවල සේවය කිරීමට බැඳී සිටින කාර්යය මණ්ඩලය අඩු කිරීම හෝ ප්‍රකාශනවල කැමැත්ත දිනා ඇති ප්‍රදේශවල ජන කොට්ඨාශ මුළුමනින්ම අකා මකා දැමීම සිදු කරයි.

ප්‍රකා‍ශකයෝ, හිමිකරුවෝ සහ අනෙකුත් ඒකාබද්ධ විධායකයෝ විශේෂයෙන්ම වෙළඳ දැන්වීම් අලෙවි විධාකයෙන් ඔවුන්ගේ බලය භාවිතා කර පුවත්පත් වාර්තාකරුවන්ට පුවත් වාර්තාකරණය සහ ප්‍රකාශ කිරීම පිළිබඳව බලපෑම් කළ හැක. පුවත් වාර්තාකරුවන් බොහෝ විට ඉහල කළමණාකාරීත්වය මත විශ්වාස තබා ප්‍රවෘත්ති සංවිධානයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ අනෙකුත් දෙපාර්තමේන්තු අතර බැම්මක් මවා එය පවත්වාගෙන යෑමට උත්සාහ ගන්නේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට නොමනා බලපෑම් ඇතිවීම් වැළැක්වීමට වේ. එක්තරා සඟරාවක් (කොළොම්බියා ජ’නලිසම් රිවීව්) මෙය ප්‍රායෝගිකව පුවත් වාර්තාකරණයේ දී බලපෑම් ඇති කිරීමට උත්සාහ කිරීමෙන් විධායකයෝ ‍ඔවුන්ගේ බලය අනිසි ලෙස භාවිතා කර ඇති නමුත් සඟරා‍කරුවෝ එම පීඩනයට ප්‍රතිරෝධය දැක්වීය.

ස්වයංවාරණය පුවත්පත් කලාවේ නැඟී එන වර්ධනය වන ගැටළුවකි. එය විශේෂයෙන්ම ප්‍රවෘත්ති නිදහස සීමා කරන ලද රටවල්වල පුවත් ආවරණයේ දී තදින්ම දැනේ. මාධ්‍යය වෙළඳාම වර්ධනයේ දී වාණිජමය පීඩනයක් ලෙස ද, මාධ්‍යය සංවිධාන බොහෝ විට ඉහල ආකර්ශනීය රටවලට ළඟා වීමේ මාර්ගය ව්‍යාජ පුවත් සපයා නැති කර ගැනීමට අකමැතිය. උදා - CNN සමාගම වාරණයක් ප්‍රායෝගිකව භාවිතා කළ අවස්ථාවක් වන්නේ අනෙකුත් මාධ්‍යයන් සදාම් හුසේන් ඉරාක රජයෙන් ඉවත් කර බව පවසද්දී ඔවුන් පැවසුවේ සදාම් හුසේන් රාජ්‍යය කරනා බවටයි. CNN ලියුම්කරු වන ක්‍රිස්ටීන් අමාන්පෝ ද පැමිණිලි කර සිටියේය.

පුවත්පත් කලාව - ආචාර ධර්ම හා සම්මත ස්වයං - යාමනය

ආචාර ධර්ම සංග්‍රහයන්ට අමතරව බොහෝ ප්‍රවෘත්ති ආයතන තමන්ගේ ආයතන තුළ ඔම්බුඩ්ස්මන් කෙනෙකු නොහොත් මහජන පැමිණිලිවලට ඇහුම්කන් දෙන නිලධාරියෙකු සේවයේ යොදවා සිටිති. ඔහුට අයත් කාර්ය භාරයෙන් කොටසක් නම් ප්‍රවෘත්ති ආයතනයේ ගෞරවය ආරක්ෂා කිරීම සහ මහජනයාට වගකීමය. මෙම නිලධාරියා අභ්‍යන්තර හා බටහිර බලපෑම් වළක්වමින් අර්බුද විසඳීම සඳහා මැදිහත් විය යුතුවා සේම වාර්තා වන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ජනතාවට වගකිව යුතු යයි ද අපේක්ෂා කෙරේ. එසේම ස්වයං විවේචනයන් වැඩි දියුණු කර ගැනීම සහ සංග්‍රහ කරන ලද හෝ නොකරන ලද ආචාර ධර්මවලට ඇල්ම දැක්වීම ධෛර්මත් වීමද අපේක්ෂා කෙරේ. මහජන කර්තෘවරු කියවන්නන් සමග සම්බන්ධව කටයුතු කරන සාමාන්‍ය ප්‍රවෘත්ති ඔම්බුඩ්ස්මන්ලාගේ සංවිධානයේ සාමාජිකයින් නොවන අය වුවත් මෙම තනතුර මහජන කර්තෘ යන තනතුරම හෝ එයට සමාන විය හැක.

මෙයට විකල්පයක් වන්නේ ප්‍රවෘත්ති කවුන්සිලයකි. එය එක්සත් රාජධානි‍යේ ප්‍රවෘත්ති සහ සඟරා විසින් ඇති කළ පුවත්පත් පැමිණිලි කොමිසම වැනි ස්වයං පාලිත ආයතනයකි. මෙවැනි ආයතන සාධාරණවූත් සුදුසුවූත් තත්වයන් ක්‍රියාත්මක කිරීමට සහ පැමිණිලි විශාල ප්‍රමාණයක් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ හැකියාව ඇත්තේය. එසේ පුවත් විවේචනවලට මුහුණ දීමෙන් ගැලවී යා නොහැක.


අන්තර්ජාලය හරහා උපුටා ගන්නා ලද්දකි 

https://si.m.wikipedia.org/wiki/Journalism

ගවේෂණාත්මක වාර්තාකරණය

ගවේෂණාත්මක වාර්තාකරණය ගවේශනාත්මක වාර්තාකරණය යනු කිසියම් සිද්ධියක්, අවස්ථාවක් හෝ පුද්ගලයෙකු පිලිබඳ ගැඹුරින් සොයා බලා වාර්තා කිරීම...