Saturday, 23 January 2021

සන්නිවේදන න්‍යායයන් හා රූපවාහිනී වැඩසටහන්කරණය





සන්නිවේදන න්‍යායයන් හා  රූපවාහිනී වැඩසටහන්කරණය



විසි එක්වන සියවස රූපවාහිනී විකාශන ක්ෂේත්‍රයේ සුවිශාල විපර්යාසයක් සිදුවන කාල වකවානුවක් ලෙස සැලකිය හැකිය. මිනිසා යථාර්ථය සමග සම්බන්ධ වීමේසහ යථාර්ථය පරාවර්ථනය කිරීමේ මෙන්ම යථාර්ථය ප්‍රතිනිර්මාණය කිරීමේ මාධ්‍යයන් කොතෙකුත් මිනිසා සිය සමාජ සංස්කෘතික පරිනාමීය ක්‍රියාවලිය තුළදී උපයෝගී කරගන්නේ ශ්‍රව්‍ය - දෘශ්‍ය මාධ්‍යයක් ලෙස රූපවාහිනිය තරම් ප්‍රබල මාධ්‍යයක් මානව වර්ගයා දැන නොසිටියේය. සමාජයක් ප්‍රගමනය වීමේ මූලික සංකල්පය වන සංස්කෘතිය ඉදිරියට රැගෙන යාමේ මූලික මාධ්‍ය මෙහෙවර සඳහා රුපවාහිනිය බෙහෙවින් වැදගත් වේ. සමකාලීන රූපවාහිනිය යනු සංහතික විඥාපන ක්‍රියාවලියෙහි සංස්ලේශීය පද්ධතියකි. මෙම සමකාලීන රූපවාහිනිය සංයුක්තනිර්විත කරන සියලු පැතිකඩ අපොහකාත්මක සම්බන්ධතාවක ක්‍රියාකරමින් සංහතික මාධ්‍යවේදාත්මක රූපවාහිනී පඨිත නිර්මාණය කෙරෙහි ප්‍රගමනාත්මක හෝ අවගමනාත්මක සහ සාධනීය හෝ නිශේධනීය බලපෑමක් සිදු කරනු ලබයි. එහිදි තම සංදේශ ග්‍රාහකයන් වෙත ගෙනෑමේදී විවිධ න්‍යායන් භාවිත කරනු ලබයි. එහිදී ලාංකීය රූපවාහිනී වැඩ සටහන් ක්ෂේත්‍රය පිළිබඳව අවධානය යොමුකිරීමට වැදගත් වේ.





 රූපවාහිනී වැඩ සටහන් තුළ සමාජය නිරූපනය කරනු ලබන ආකාරය

                                                                                                                                                                                                             රූපවාහිනී මාධ්‍ය යනුමාධ්‍යයන් ත්‍රිත්වය අතුරින් ග්‍රාහකයාට වඩාත් සමීප මාධ්‍යයකි. මිනිසා එදිනෙදා තොරතුරු සොයාගැනීමේ කර්තව්‍ය තුළදී වැඩි අවධානයක් රූපවාහිනිය වෙත ලබාදෙයි. රූපවාහිනිය බිහිවූ දා සිට අද දක්වා විකාශනය වූ ගමනේදී විවිධ පර්යේෂනයන් හට භාජනය වෙමින් පැමිණ ඇති අතර අද වන විට සමාජයට විශාල බලපෑමක් සිදු කළ හැකි ප්‍රබල මාධ්‍යයක් වේ. රූපවාහිනී වැඩසටහන් තුළ සමාජය නිරූපනය වේ. එනම්. සත්‍ය වශයෙන්ම සිදුවන්නේ එයයි. සමාජයේ පවතින ආර්ථික සාමාජික සංස්කෘතික අංග සංදේශ හරහා ග්‍රාහකයා වෙත ළඟ කරනු ලබයි. නිදසුනක් ලෙස කිසියම් වර්ෂය අප්‍රේල් මාසය හා සබැඳි දින වකවානු දැක්විය හැකිය. නිරන්තරයෙන් රූපවාහිනිය තුලින් සමාජය පිළිබඳව නිරූපනය කරනු ලබයි. එනම් එම මාසය හා සබැඳි සංස්කෘතික අංග සමාජීය චාරිත්‍රආර්ථික ක්‍රියාකාරීත්වය සොබා දහමේ ඇතිවන විපර්යාස රූපවාහිනිය හරහා ඉතාමත් විචිත්‍රවත් ආකාරයට විකාශනය කරනු ලබයි. විශේෂයෙන්ම සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අලලා විශේෂ වැඩ සටහන් රූපවාහිනිය විසින් විකාශනය වීම සිදුවේ. එමගින් මුළුමනින්ම සමාජය නිරූපනය කරනු ලබයි. 


එනම් මෙම කාලයට විශේෂී අංගයක් වන්නේ කොහා නම් පක්ෂියාගේ නාදයයි. එම නාදය විචිත්‍රවත් රූපරාමු එක් කරමින් සහ රබන් නාදයද ඒහා මුසු කොට රූපවාහිනිය හරහා විකාශය වීම තුළින් සංස්කෘතිය විදහාපෑම සිදුවේ. එමෙන්ම ගෘහනියන් හා සබැඳි සමාජ ක්‍රියාකාරකම් නිරූපනය කරයි. එනම් මෙම කාල වකවානුව තුළ පිළියෙල වන කැවිලි ආදිය සකසා ගන්නා ආකාරයද වෙනම ගුවන් කාලයක් යොදා විකාශනය කරනු ලබයි. එවිට රූපවාහිනියට වැඩි වශයෙන් ග්‍රාහකයා හා සමීප වීමට අවස්ථාවක් සැලසේ. විශේෂයෙන්ම අවුරුදු ජන ක්‍රීඩා හා සබැඳි අවුරුදු උත්සව මාධ්‍ය මූලිකත්වයෙන් සිදු කිරීම හා ඒවා විකාශනය වීම සිදුවේ. එනම් පැවසිය හැක්කේ සෑම විටම සිදුවන්නේ මාධ්‍ය මගින් සමාජය නිරූපනය වන බවයි. එම කාලයට හටගන්න “එරබදු මල්” පිළිබඳව විවිධ රබන් පද ගී ගායනා හා ජනකවි මුසුකොට වැඩසටහන් නිර්මාණය වීම සිදු කරයි. තවත් ලෙසකට පැවසිය හැක්කේ රූපවාහිනිය සංස්කෘතිකත්වය සම්ප්‍රේෂණය හා සමාජානුයෝජන මාධ්‍යයක් ලෙසයි. රූපවාහිනී නාලිකා තරඟකාරීව අවුරුදු උත්සව සංවිධානය කිරීම මෙම කාලවකවානුව තුළ දක්නට ලැබෙන විශේෂ අංගයකි. එනම්සමාජය තුළ ඇති සංස්කෘතික අංග වැඩි වශයෙන් එහිදී විදහා පාන්නට රූපවාහිනිය පෙළඹේ. එහිදී රූපවාහිනිය තුළ වැඩ සටහන් කරණයේදී සමාජය නියෝජනය වන ආකාරය සරලව නිදසුන් සහිතව පෙන්වාදිය හැකිය. 





 සමාජය තුළ රූපවාහිනී වැඩ සටහන් නිරූපණය වනු ලබන ආකාරය.



                                                          රූපවාහිනිය යනු සමාජ සන්නිවේදන මාර්ගයකි. එමගින් නව ජීවිතයට අවශ්‍ය එදිනෙදා තොරතුරු පමණක් නොව විනෝදාස්වාදන කාර්යයට අවශ්‍ය ඉඩකඩ ද හිමි වේ. එසේමසමාජයේ ආකල්පචර්යා පුද්ගල සිතුම් පැතුම් වෙනස් කිරීමෙහිලා රූපවාහිනිය සමත්කම් දක්වයි. එහිදී පවුලේ සිතුම් පැතුම් වෙනස් කිරීමටසංස්කෘතිය සම්බන්ධ පුද්ගලික මනෝනාම වෙනස් කිරීමට රූපවාහිනියට හැකියාව තිබේ. රූපවාහිනිය වෙතින් සමාජයට ලබාදෙන සංදේශ විවිධාකාරයෙන් ලබා ගනී. එනම්අප්‍රේල් කාල වකවානුව තුළ රූපවාහිනිය තුළ නිරූපනය කරනු ලබන ඇතැම් සංකල්ප කෘත්‍රිම වේ. එනම් අද වනවිට එදා ලාංකික සමාජය තුළ දක්නට ලැබෙන සංස්කෘතිය අද සමාජය තුළ නොමැත. එනම් කොහා නම් පක්ෂියාගේ නාදය රූපවාහිනිය තුළින් කෘත්‍රිමව නිර්මාණය කොට විකාශනය කරනු ලබයි. අද පරිසරය තුළ එරබදු නම් වෘක්ෂ දක්නට ද නොමැති තරම්ය. එහෙත් රූපවාහිනිය හරහා එම සංස්කෘතික වටපිටාව කෘත්‍රිමව නිර්මාණය කරනු ලබයි. සිංහල සහ හින්දු අලුත් අවුරුදු කාල වකවානුව තුල ගෘහණියන්ටම වෙන්වූ වැඩ සටහන් දක්නට ලැබේ. එනම් විවිධ රසකැවිලි පිසගන්නා ආකාරය ගුවන් කාලය වෙන්කොට විකාශනය කරනු ලබයි. එහිදී වත්මන් ගෘහනියන් සත්‍ය වශයෙන්ම එම රසකැවිලි තම නිවෙස් තුළම පිස ගැනීම සිදු නොකර ඒවා වෙළඳ පොලෙන් මිලදී ගැනීමට පෙළඹී ඇත.

එසේම විවිධ අවුරුදු කවි ගී රසවින්දන වැඩසටහන් විකාශනය වේ. එය විකාශනය වීමේදී නිදසුනක් ලෙස ඔංචිලි වාරම් කවි ගායනා කරමින් ගැහැණු ළමුන් පිරිසක් විසින් ඔංචිලි පැදීම සිදු කරනු ලබයි. නමුත් සමාජය තුළ එය එලෙසටම භාරගන්නේ නැත. අද පවතින සංකීර්ණ සමාජ වපසරිය හේතුකොටගෙන මිනිසා ඔංචිල්ලාව සකසා ගත්තද ඔංචිලි වාරම් ගායනා කිරීම සිදුකරන්නේ නැත. එනම් සත්‍ය වශයෙන්ම සිදු කරන්නේ රූපවාහිනී මාධ්‍ය විසින් කෘතිම සංදේශ නිර්මාණය කිරීම හා සමාජය වෙත විකාශනය කිරීමයි. එසේම රූපවාහිනිය තුළ “ඔළිඳ තිබෙන්නේ කොයි කොයි දේසේ” කවි ගී ගායනා කරමින් ඔළිඳ ක්‍රිඩාවේ යෙදෙන ආකාරය විකාශනය කිරීම දක්නට ලැබේ. නමුදු සමාජයේ ජීවත් වන ඇතැම් දරුවන් ඔළිඳ ක්‍රිඩාවෙහි යෙදීමට ප්‍රියතාවයක් නොදක්වන අතර ඔළිඳ ක්‍රීඩාව යනු කුමක්දැයි නොදන්නා පිරිස බහුල වේ. එනම් පැවසිය හැක්කේ රූපවාහිනී මාධ්‍ය විසින් ග්‍රාහකයා හට දෙන සංදේශ ග්‍රාහකයා එලෙසට පිළිනොගන්නා බවයි. එනම් මෙම සියල්ල රූපවාහිනී වැඩසටහන් තුළින් විකාශනය කරනුයේ ග්‍රාහක ආකර්ශණය දිනාගැනීම සඳහා පමණකි. 





 මාධ්‍ය න්‍යායයන්හා සැබැඳි වැඩ සටහන් කරණය




                                                             මාධ්‍ය න්‍යාය යනු මාධ්‍ය හා සමාජය අතර ඇති සම්බන්ධතාවය පිළිබඳව සංවිධානය කරන සමාජ දේශපාලන - දර්ශනවාදී - මූලධර්ම සංකීර්ණ ප්‍රපංච කිහිපයක එකතුවකි. මෙය තුළ “සත්‍ය තත්ත්වය” යනුවෙන් හැඳින්වෙන න්‍යාය වර්ගය ඇති අතර ඒවා තුලින් සැබවින්ම කරන්නේ සමාජයට වඩා ජනමාධ්‍ය තුළ කළ යුත්තේ කුමක්ද යන්න සැලකිල්ල ගැනීමයි. මෙහිදී Needle theory, Agenda setting theory , Magic bullet theory ලෙස න්‍යායන් කිහිපයක් හඳුනා ගත හැකිය. 

ජන සන්නිවේදන ක්‍රියාවලිය තුළ වැදගත් න්‍යායක් ලෙස Magic bullet theory හඳුන්වාදිය හැකිය. එහිදී බලගතු ජනමාධ්‍ය ඉලක්ක කරගනිමින් ගිලී සිටිනු ඇති අතර අශිෂ්ඨ හෝ ආකර්ෂණීය ප්‍රේක්ෂකයන් තුළට පණිවුඩය ගෙනයාමක් සිදු කරයි. එනම්මැජික් බුලට් න්‍යාය මගින් රූපවාහිනී මාධ්‍යයේ පණිවුඩය “මාධ්‍ය තුවක්කුව විසින් නරඹන්නාගේ “හිස” වෙත වෙඩිඋණ්ඩයක් ලෙස සලකනු ලබයි” මෙම න්‍යාය හඳුන්වාදුන්නේ 1930 දශකයේදීය. එය හැරල්ඞ් ලැසාල්ස්ෆේල්ඞ් (^Harold Lassuawell) ගෙන් උපත ලැබූ න්‍යායකි. 

මෙම න්‍යාය නිශ්චිත තොරතුරු සහිතව ඔවුන්ගේ මොළය නිශ්චය කිරීම මගින් ජනමාධ්‍ය කෙරෙහි ග්‍රාහකයාගේ බලපෑම නිරායාසයෙන්ම සිදුවන බව තර්ක කරනු ලබන න්‍යායකි. 

නිශ්චිත අරමුණක් මාධ්‍ය විසින් පණිවුඩය නිර්මාණය කරයි. එනම් නිශ්චිත ප්‍රතිචාරයක් ලබාගැනීම සඳහාය. මෙම “මාධ්‍ය උණ්ඩ ” මගින් සිදු කරන බලපෑම ක්ෂණික හා ප්‍රබල වේ. බොහෝ විට ඒවා මගින් මිනිසාගේ චර්යාත්මක වෙනස්කම් වලට හේතු වේ මාධ්‍යයේ බලපෑමට එරෙහිව සිටීමට උත්සහ කිරීම නිශ්පලය එනම් මෙමගින් මිනිසාගේ දෛනික න්‍යාය පත්‍රයට දැඩි ලෙස ප්‍රහාරයක් එල්ල කරයි. 

මේ සඳහා නිදසුන් බහුල වශයෙන්වර්ෂයේ අප්‍රේල් කාල වකවානුව තුළින් පිළිඹිබු කළ හැකිය. නිදසුනක් ලෙස දෙරණ නාලිකාවේ නළු නිළියන් සඳහා පැවති අවුරුදු උත්සවය හඳුන්වාදිය හැකිය. එහිදී මාධ්‍ය මගින්  ලෙස මිනිසාගේ Magic bullet මනස තුල ඇති “විනෝදාස්වාදය” භාවිතයට ගනී. එනම්ප්‍රේක්ෂකයාගේ සිත්ගත් චරිත හරහා ප්‍රේක්ෂකයා එම වැඩ සටහන් කෙරෙහි රඳවා තබා ගැනීමට එම නාලිකාව කටයුතු කර ඇත්තේ එලෙසිනි. අනෙකුත් මාධ්‍යයන් ද්විත්වයට සාපේෂව ග්‍රාහකයා දිනාගැනීමටත් ග්‍රාහකයා රඳවා ගැනීමටත් රූපවාහිනී මාධ්‍ය සතු ශක්‍යතාව ඉතා ප්‍රබලය. එහිදී පැවසිය  නාලිකාව විසින් එම වැඩසටහන් ප්‍රේක්ෂකයාගේ හදවතට ග්‍රහනය කරවන්නේ “තරුත් එක්ක අවුරුදු” යන්නෙනි. එහිදී “  ” නම් න්‍යාය මැ Magic bullet නවින් රූපවාහිනිය භාවිතා කොට ඇති ආකාරය පිළිඹිබුවේ. එහිදී එදින දවස පුරා ප්‍රේක්ෂකයා එම නාලිකාව සමග සිටීම එම නාලිකාවේ අපේක්ෂාවයි. එහිදී ඔවුන් ජනතාවගේ දෛනික න්‍යාය පත්‍රයටද බලවත් පහරක් එල්ල කරයි. ප්‍රේක්ෂකයා තමාට ඇති විවිධ කාර්යයන් පසෙකට තබා රූපවාහිනිය නැරඹීමට පෙළඹෙන්නේ මෙම න්‍යායයන් මෙම රූපවාහිනී මාධ්‍ය මගින් භාවිතා කරනු ලබන හේතුවෙනි. එහිදී එම නාලිකාව අවුරුදු සමයෙහි වැඩ සටහන් කරණය තුළ ප්‍රේක්ෂකයාගේ මනසසිත තම නාලිකා වෙහි වහලෙකු බවට පත්කර ගැනීමට උත්සහ දරා ඇත. එහිදී එම මාධ්‍ය බලාපොරොත්තු වූ අරමුණු මුදුන්පත් කර ගැනීමට Magic bullet theory නම් සන්නිවේදන න්‍යාය උපකාර වී ඇත. සමාජය තම නාලිකාව එසේත් නැතිනම් රූපවාහිනිය වෙත රඳවා තබා ගැනීමට මෙම න්‍යායන් වැඩ සටහන්කරණය ඔස්සේ භාවිතා කරනු ලබයි. 

තවද මෙම නාලිකා විසින් සිදු කරන අවුරුදු උත්සව තුලදී ප්‍රේක්ෂකයා තුළින් අවුරුදු කුමරා කුමරිය තෝරාපත් කොට ගැනීම හරහා ප්‍රේක්ෂකයන් වෙත තාවකාලික තෘප්තියක් ලබාදීම මෙම නයායට නිදසුන් ලෙස ගත හැක.

මැජික් වෙඩිල්ල පිළිබඳ න්‍යාය සඳහා කරුණු දෙකක් වැදගත් වුවත් පර්යේෂකයන් මෙලෙස තීරණය කරන ලදී.

මාධ්‍ය පණිවුඩයේ ප්‍රතිවිපාක සෑම කෙනෙකුටම එක හා සමාන වේ. එනම්ප්‍රේක්ෂකයන් සියලු මාධ්‍ය එකක් ලෙස සලකන විට මාධ්‍යයන්ට ග්‍රාහකයා හැසිරවීමට පහසුවනු ඇත. මෙම ඒකීය භාවය පණිවුඩයන්ට විරහිතය. එවිට සමාජය පාලනය කිරීමට පහසු වේ.

පණිවිඩයේ අර්ථය කිසිම ලෙසකින් වෙනස් කරන්නේ නැත. එනම්මාධ්‍ය මගින් පුද්ගලයාගේ හැඟීම් හෝ විශ්වාසයන් නෙසලකා හරිනු ඇති බව එයින් වැටහේ. සබකෝලයට හෝ ග්‍රාහකයන් ඇසූ දෙයට අභියෝග කිරීමට මාධ්‍ය උත්සහ ගන්නේ 
නැත.





එසේම නිදසුනක් ලෙස තවදුරටත්  නාලිකාවෙහි ජනතාව වෙනුවෙන් සංවිධානය කරන ලද අවුරුදු උත්සවය හැඳින්විය හැකිය. ජනතාව අතරින්ම අවුරුදු කුමරා කුමරිය තෝරා පත් කර ගැනීම හරහා යටි අරමුණක් සහිතව ජනතාව තම නාලිකාවේ ග්‍රාහකයකු බවට පත්කර ගනී. එය මෙම Magic bullet theory සතු සුවිශේෂී ක්‍රියාවලියකි. එනම්ඉලක්ක ගත ග්‍රාහකයාට අමතරව තව තව ග්‍රාහකයන්ගේ ආකර්ශණය මෙමගින් තම නාලිකාව වෙත ලැබේ. 

Magic bullet හා සමාන න්‍යායක් වශයෙන් Hypodermic Needle Theory  දැක්විය හැකිය. මෙම න්‍යායද වැඩි වශයෙන් අද වන විට රූපවාහිනිය තුළ භාවිතා කරයි. 1940 සහ 1950 ගනන් වල ජනමාධ්‍ය හැසිරීම වෙනස් කිරීම සඳහා බලවත් බලපෑමක් ලෙස වටහා ගන්නා ලදී. සන්නිවේදන න්‍යාය සඳහා සාධක කිහිපයක් හේතු විය. එනම් රූපවාහිනියේ වේගවත් නැගීම හා ජනප්‍රිය වීම ප්‍රචාරණ කටයුතු වැනි උද්වේගකාරී කර්මාන්ත බිහිවීම හේතු විය. මෙම න්‍යාය අනුව ජනමාධ්‍ය මගින් විශාල වශයෙන් සමූහයක් වෙත ඒකාකාරව හෝ වක්‍රව බලපෑමක් ඇති කිරීමට Injecting  (එන්නත් කිරීම) හරහා බලපෑමට ලක්කරයි. විශේෂයෙන්ම නිදසුනක් ලෙස උත්සව සමය තුළ සිදුවන දැන්වීම්කරණය තුළ මෙම ක්‍රියාවලිය බහුලව දැකිය හැකිය. එනම්මිනිසුන් හට අවශ්‍ය නොවන අවශ්‍යතා අත්‍යවශ්‍ය අවශ්‍යතා බවට පත් කරනුයේ මෙම න්‍යාය ඔස්සේ බව පෙන්වා දිය හැකිය. රූපවාහිනිය මගින් උත්සව සමයේ සකසනු ලබන ආහාර පිළිබඳ ඉදිරිපත් කරන වැඩ සටහන් තුළ විවිධ වෙළඳ නාමයන්ගෙන් යුත් නිෂ්පාදනයන් භාවිතා කිරීමෙන් පමණක් මේ සඳහා දිය හැකි කදිම නිදසුනකි. 


එහිදී අවසානයේදී නිගමනය කළ හැකි කරුණ නම් ප්‍රේක්ෂකයන් වෙත පණිවිඩයක් හරහා ක්ෂණිකව බලපෑමක් ඇති කළ හැකි බවයි. මිනිසුන් හට තොරතුරු ලබා ගැනීමේ ක්‍රියාවලියේදී රූපවාහිනිය ප්‍රමුඛස්ථානයක් ගනී. එහිදී රූපවාහිනිය වෙතින් ලැබෙන සංදේශ හරහා ප්‍රේක්ෂකයාගේ තොරතුරු පිපාසයට හා විනෝදාස්වාදයට ආමන්ත්‍රණය කිරීම මගින් මෙම න්‍යායයන් හරහා ග්‍රාහකයා රූපවාහිනියේ වහලෙකු බවට පත්කර ගනු ඇත. 




සාම්ප්‍රදායික රූපවාහිනී මාධ්‍යයට වඩා නවීන රූපවාහිනී මාධ්‍යයේදී එය වඩා පෘථුල විෂයයක් බවට පත්ව ඇත. නව රූපවාහිනිය තව ශරීරාංගයක් තරමටම මිනිසාට අදවනවිට සමීප වී තිබේ. ප්‍රධාන වශයෙන්ම රූපවාහිනිය පවතින්නේ ග්‍රාහක සහභාගීත්වය මතය. ග්‍රාහකයාගේ රිනාත්මක ආකල්ප සොයා සංදේශ වැඩිවශයෙන් විකාශනය කිරීම අද වන විට රූපවාහිනිය සතු සුවිශේෂී කරුණකි. විශේෂයෙන්ම සන්නිවේදන න්‍යායයන් මගින් පෝෂණය වූ වැඩ සටහන්කරණය හේතුකොටගෙන ප්‍රේක්ෂකයා රූපවාහිනිය කෙරෙහි ඇදබැඳ තබාගැනීමට මාධ්‍ය ආයතන බලධාරීන් වැඩ සටහන් නිශ්පාදකයින් වැඩි වශයෙන් පෙළඹේ. එනම්ප්‍රේක්ෂක ආකර්ෂණය රූපවාහිනිය වෙත ළඟාකර ගැනීමට සන්නිවේදන න්‍යායන් බෙහෙවින් ඉවහල් වේ. නමුත් අද වන විට ඇති වාණිජත්වය පසුපස හඹා යන මාධ්‍ය ක්‍රියාවලිය තුළ මෙම සන්නිවේදන න්‍යායයන් භාවිතයට ගන්නේද යන්න ගැටළුවකි. 
















No comments:

Post a Comment

ගවේෂණාත්මක වාර්තාකරණය

ගවේෂණාත්මක වාර්තාකරණය ගවේශනාත්මක වාර්තාකරණය යනු කිසියම් සිද්ධියක්, අවස්ථාවක් හෝ පුද්ගලයෙකු පිලිබඳ ගැඹුරින් සොයා බලා වාර්තා කිරීම...