Saturday, 23 January 2021

 සන්නිවේදනයේ අරමුණු කවර කලෙකටත් පොදු වූවකි


 සන්නිවේදනයේ අරමුණු කවර කලෙකටත් පොදු වූවකි.

                                                   මිනිසා මිහිතලය මත පරිණාමයත් සමඟ සන්නිවේදනය බිහිවිය. සන්නිවේදනය මිනිසාගේ සහජ ක්‍රියාවකි. ක්‍රියාවකින් පුද්ගලයෙක් උදේ නින්දෙන් අවදි වූ තැන් පටන් යළිත් නින්දට යනතුරු සිදුවන හා  සිදුකරන සෑම ක්‍රියාවලියක්ම සන්නිවේදනයට අදාළ වේ. සරලව පැවසුවොත් මිනිසාගේ උපතේ සිට මරණය දක්වා සිදුකරන විවිධ ක්‍රියාකාරකම් සන්නිවේදනයට බැඳී පවතී. මේ අයුරින් ගත්විට අදහස් හැඟීම් දැනුම හා තොරතුරු එකිනෙකා අතර හුවමාරු කරගැනීම සන්නිවේදනය ලෙස ලෙස ඉතා සරලව කිව හැක. 
 සන්නිවේදනය යන්න පසුගිය දශක තුනහමාරකට පමණ පෙර සිංහල භාෂාවට එකතු වූ විෂයකි. 
                                             
 එමෙන්ම මෙය සිංහල භාෂාවේදී භාෂා විශාරදයින්  අර්ථදක්වා ඇත. ඒ අනුව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් පවසන්නේ මෙයට විඥාපනය යන යෙදුම ගැළපෙන බවයි. එමෙන්ම විමල් දිසානායකයන් මෙයට සන්නිවේදනය යන යෙදුම ගැළපෙන බව පවසයි. කෙසේ වෙතත් සන්නිවේදනය යන්නෙහි තේරුම අදහස්, හැඟීම් ප්‍රකාශ කිරීම, හුවමාරු කිරීම යන්නයි. සිංහල භාෂාවේ සන්නිවේදනය යන සකස් වී ඇත්තේ සං+ නි+ විද්+ වේදනය යන වචනය එක්වීමෙනි.  මනා වූ ඒකාබද්ධ වූ දැනුම වින්දනය යන්න එහි අර්ථයයි.  එමෙන්ම සං යන උපසර්ගය නිවේදනය යන වචනය හා එක්ව යමක් මනාකොට දැනුම් දීම යන අර්ථ දැක්වීම සන්නිවේදනය යන සිංහල වචනය සකස් වී ඇති බව තවත් මතයකි. 
 සන්නිවේදන යන මිනිසාගේ මූලික මූලික අවශ්‍යතාවයකි. මිනිසාට මූලික අවශ්‍යතා ද ද්විතීයක අවශ්‍යතා ද ඇත. ආහාර ඇතැම් ආහාරපාන, වාසස්ථාන, ආරක්ෂාව, සෞඛ්‍යය, ලිංගික ක්‍රියාවලිය ආදිය මූලික මිනිස් අවශ්‍යතා ලෙස දිගු කාලයක සිට පිළිගනියි. වර්තමානයේ මානව සමාජ විද්‍යාඥයින් පෙන්වාදෙන ආකාරයට සන්නිවේදනය ද මිනිස් ජීවිතය අනිවාර්යයෙන් අවශ්‍ය වේ. හැඟීම් තොරතුරු හුවමාරු කර නොගෙන පුද්ගලයින්ට ජීවිතය පවත්වාගෙන යාමට අපහසුය. 
 එමෙන්ම සන්නිවේදනය නොකර සිටීමට කිසිම පුද්ගලයකුට නොහැකිය. උදාහරණයක් ලෙස යම් අයෙක්ප්‍රශ්නයක් ඇසූවිට එයට පිළිතුරු නොදී නිහඬව සිටීමට ද එක්තරා ආකාරයක සන්නිවේදනයකි.බ්එමෙන්ම සන්නිවේදනය නොමැති නම් මුලින් සඳහන් කළ මූලික අවශ්‍යතා වුවද සපුරා ගැනීමට නොහැකි වේ.


මෙය ඉංග්‍රීසි භාෂාවේදී ජදපපමබසජ්එසදබ  නම් වශයෙන් හඳුන්වයි. මෙය ලතින් භාෂාවෙන් ලද දායාදයකි. ලතින් භාෂාවෙන් :පමබසි* කිසියම් කාර්යයක්  කරන්නා යන්නයි. ජනයා අතර රැඳී යන අදහස දෙන වචනයකි.  ක්‍දපපමබසජ්රු යනු පොදු බවට පත් කිරීම, බෙදාහැරීම, ආමන්ත්‍රණය කිරීම,සාකච්ඡා කිරීම, ආදී අර්ථ ගන්වයි. භාෂාවේ ජදපපමබසජ්එැ  නම් වචනයෙන්  ඉංග්‍රීසි භාෂාවේ ජදපපමබසජ්එසදබ යන වචනය සකස් විය. මෙහි අර්ථය වන්නේ පොදුවේ ආරංචි පැතිර වීම, අදහස් හුවමාරු කරගැනීම, රහස්‍ය භාවයෙන් තොර වීම, තොරතුරු සම්ප්‍රේෂණය කිරීම යන අදහසයි. 
 සමාජයක අන්තර් සම්බන්ධතාවය ගොඩ නැගෙන්නේද සන්නිවේදනය යන ලක්ෂණ මතයි මානවයන් සමාජශීලි සත්ත්වයකු ලෙස බොහෝ කාලයක් පැවත එන්නේ කුමන ක්‍රමයකට හෝ සමාජ අන්තර් ක්‍රියාවන් සිදුකරමින්ය. එය  ඔහු සන්නිවේදනය මත සිදු කරයි  මානව සන්නිවේදන ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගයේ සන්නිවේදන ක්‍රම ලෙස මිනිසා යොදා ගත්තේ ශබ්ද සංඥා හා දෘශ්‍ය සංඥා වේ.  ශබ්ද සංඥා ලෙස හූව, විවිධ ශබ්ද විවිධ, සතුන්ගේ හඬ, නලා හඬ, අණ බෙර, මේ ආදී දේද දෘශ්‍ය සංඥා ලෙස ගිනිමැලය, කොළ අතු එල්ලීම, චිත්‍ර, ආදිය දැකගත හැකිය. නමුත් නූතන මිනිසා සන්නිවේදනයේ ඇදහිය නොහැකි තරම් පරතරයකට ගොස් තිබේ දිනෙන් දින සංවර්ධනය වන ආකාරයක් දකින්නට ලැබේ අද ඉතා දියුණු මෙවලම් තුළින් ලෝකයේ කෙළවරකට ගමන් කරමින් සැනෙකින් පිළිතුරු ලබා ගන්නා අවධියක් ලෝකය පසුකර සිටි.  
 සන්නිවේදනය ආරම්භ වන්නේ තොරතුරු - අදහස් හුවමාරු කර ගැනීම සඳහා ය. එහෙත් පසු ව මානව සමාජය සංවර්ධනය වන විට එහි කාර්ය පුළුල් විය. සන්නිවේදනයේ කාර්යයක් ලෙස අධ්‍යාපනය එක් වන්නේ එවිට ය. විනෝදාස්වාදය ද තවත් කාර්යයක් බවට පත් වේ. මේ ආකාරයෙන් සන්නිවේදනයේ කාර්යයන් විවිධාකාරයෙන් වර්ග කළ හැකි ය. සන්නිවේදනය අධ්‍යයනය ආරම්භ කරන ඔබගේ පහසුව සඳහා පහත සඳහන් ලෙස සන්නිවේදනයේ මූලික කාර්යයන් දක්වන්නට පුළුවන. මේවා සන්නිවේදනයේ අරමුණු වශයෙන් දැක්වීමේ ද වරදක් නැත.







  සන්නිවේදනයේ අරමුණු කවර කලෙකටත් පොදු වූවකි.
 සන්නිවේදනය යනු යමක් යම් පණිවිඩයක් යම් මාධ්‍යයක් උපයෝගී කරගෙන තවත් කෙනෙකුට ප්‍රකාශ කිරීම හෝ එකිනෙකා අතර තොරතුරු හා අදහස් හුවමාරු කර ගැනීමයි.  එය මානව සමාජයේ ක්‍රියාකාරී ලක්ෂණයකි. සන්නිවේදනයෙන් තොරව මිනිසාට තම අවශ්‍යතාවයන් සපුරා ගැනීම පිළිබඳව සිතීමටවත් නොහැකිය. එබැවින් මිනිසාගේ මූලික අවශ්‍යතාවක් ලෙස සන්නිවේදනය හැඳින්විය හැකිය. සමාජය පවත්වාගෙන යාමටත් මානව චින්තනය ගොඩනැංවීම සඳහා සන්නිවේදනය අත්‍යාවශ්‍ය වෙයි. සන්නිවේදනය පුද්ගලබද්ධය.  පොදු මෙන්ම පෞද්ගලික අඛණ්ඩ වූ සමාජ ක්‍රියාවලියක් ලෙස හැඳින්විය හැකිය. සන්නිවේදනය ක්‍රියාවලිය වර්තමානය වන විට පුළුල් මට්ටමක මෙන්ම නවීන ක්‍රමයන් ඔස්සේ ව්‍යාප්ත වෙයි. සත්වයින් ඇතුළු සියලූම මනුෂ්‍යයන් සන්නිවේදන කටයුතු කරන අතර මිනිසුන් ඉන් ප්‍රබල වෙයි. මනසින් උසස් තත්ත්වයක් ඇති මිනිසා සන්නිවේදනයේ දී නව තාක්ෂණික ක්‍රම විධි උපයෝගී කරගනු ලැබේ. වර්තමානය වන විට මුළු ලෝකයම එකම ගම්මානයකින් සංකල්පය බිහි වී තිබේ.  මුළු ලෝකයේම සිටින පුද්ගලයින් යම් යම් තොරතුරු ආදිය හුවමාරු කරගනිමින් සන්නිවේදනය කටයුතු කරනු ලබයි. 
එකම අවස්ථාවකදී විවිධ පුද්ගලයන් විවිධ අරමුණු සඳහා සන්නිවේදනය කරනු පෙනේ.  ඒ අනුව සන්නිවේදනය විවිධ කාර්යයන් රැසක් ඉටු කරනු ලබයි. සන්නිවේදනය කාර්යභාරය කුමක්ද යන දීර්ඝ කාලීනව විද්වතුන්ගේ අවධානයට පාත්‍ර වී ඇත. මිනිස් ශිෂ්ටාචාරය දෙස බලන විට සන්නිවේදනය මිනිසාට ඉතාමත් වැදගත් වේ. විවිධ කාර්යයන් සඳහා මානවයාට සන්නිවේදනය උදව් වේ.  බොහෝ දෙනෙක් සිතන්නේ සන්නිවේදනයේ කාර්යය වන්නේ තොරතුරු හා අදහස් හුවමාරු කිරීම පමණක් වන බවය. නමුත් එය පරිබාහිර කාර්යයන් රැසක් සන්නිවේදනය තුළින් ඉටු වේ. ඒවා ප්‍රධාන කාර්යයන් කිහිපයක් ලෙස දැක්විය හැකිය.එලෙසින් පවතින සන්නිවේදන කාර්යයේ අරමුනු පවති. එම අරමුණු මොනවාද යන්න සොයා බැලීම වැදගත්ය. සන්නිවේදනය අරමුණු ලෙස, 
 තොරතුරු සම්පාදනය
 අධ්‍යාපනික හා සංස්කෘතික ප්‍රගමනය
 විනෝදාස්වාද සම්පාදනය 
 සමාජානුයෝජනය
 සංවාද හා සාකච්ඡා කාරයන්
 පෙළඹවීමේ කාර්ය
 සමාජ ඒකාබද්ධතාව කාර්ය
යනාදී කාර්යයන් අරමුණු දැක්විය හැකිය. මෙම නිබන්ධනය තුළින් උක්ත දක්වා දක්වන ලද සන්නිවේදන අරමුණු මාතෘකාවට අනුචිත වන පරිදි කවර කලකටත් පොදු වන්නේ කෙසේදැයි විග්‍රහ කර දක්වයි. 

 තොරතුරු සම්පාදනය

 තොරතුරු සැපයීම සන්නිවේදනය සන්නිවේදන ක්‍රියාවලියේ මූලික අරමුණකි. ලෝකයේ විවිධ ප්‍රදේශවල සිදුවන හෝ සිදුවිය හැකි දේ පිළිබඳ ආරංචි දැනගැනීමේ කුතුහලය මිනිසාට ඇත. එමෙන්ම අපට අපගේ ජීවිත සැලසුම් කරගැනීමට අපේ රටේ සිදුවීම් මොනවාදැයි දැන ගැනීම අත්‍යාවශ්‍ය වේ. සෑම සන්නිවේදන ක්‍රියාවලියකම සාරය වන්නේ තොරතුරු ප්‍රකාශනයයි. ජනමාධ්‍යය හරහා දෙස් විදෙස් තොරතුරු ග්‍රාහක ගතවෙයි. වර්තමානයේ අප ජීවත් වන්නේ තොරතුරු වලින් පිරුණු සමාජයකයි. මිනිසා සැමවිටම තොරතුරු පිළිබඳව පිපාසයෙන් පසුවෙයි. සෑම ග්‍රාහකයෙක්ම නව ලොව තොරතුරු කෙරෙහි වඩා උනන්දුවක් දක්වයි. ඒ නිසා ලෝකයේ සෑම ජන මාධ්‍ය ආයතනයක්ම පැය 24 පුරාම අලුත් තොරතුරු ග්‍රාහකයන්ට ඉදිරිපත් කිරීමට උත්සාහ දරයි. තොරතුරු සම්පාදනය කෙතරම් වැදගත් ද කිව්වොත් ඒ සඳහා පුවත්පත් ආයතන හෙවත් ප්‍රවෘත්ති ඒජන්සි පවා ලෝකයේ බොහෝ රටවල පිහිටුවා ඇත. ඒ අතර බීබීසී සීඑන්එන් ලංකා පුවත්පත් ආදී ආයතන ප්‍රධාන තැනක් ගනියි. මෙම ආයතන මගින් ලොව විවිධ රටවලින් පුවත්පත් ලබාගැනීම සහ බෙදා හැරීම සිදු කරයි. මෙම ආයතන මගින් ලොව විවිධ රටවලින් පුවත්පත් ලබාගැනීම සහ බෙදා හැරීම සිදු කරයි. මේ අනුව පැහැදිලි වන්නේ ලොව සෑම රටකම ජන මාධ්‍ය ආයතනයකම ප්‍රධාන අරමුණ තොරතුරු සම්පාදනය වන බවයි. වර්තමානයේ පමණක් නොව අතීතයේ ද මෙම තොරතුරු සම්පාදනය සිදු කර තිබේ. අණබෙරකරුවන් ඉටුකර ඇත්තේ එම කාර්යයි. තාක්ෂණයේ දියුණුවත් සමඟ ජනමාධ්‍ය තුළින් තොරතුරු සම්පාදනය ආරම්භ විය. මෙලෙස විධිමත් ව ඉදිරිපත් කරන ප්‍රවෘත්ති මෙන්ම කටවචනයෙන් අවදිමත් ව පැතිර යන තොරතුරු ද දක්නට ලැබේ. ඒවා කටකතා නම් වේ. සන්නිවේදන ක්‍රියාවලියේ දී තොරතුරු බෙදාහැරීම කාර්යයේදී  විධිමත්ව සිදුවන ප්‍රවෘත්ති මෙන්ම කටකතාද වැදගත් වේ. මෙලෙස බලන විට සන්නිවේදනයේ තොරතුරු සැපයීමේ කාර්යය තුළින් විධිමත්ව සමාජයේ පුද්ගලයන්ට ඔවුන් ජීවත්වන පරිසරය තුළ නිරන්තරයෙන් අවදියෙන් සිටීමට අවස්ථාව ලබාගත හැකි බව පැහැදිලිය . 
 මානව පරිණාමයේ සිට සන්නිවේදනය ආරම්භය සිදුවූ බව අප දනිමු. ප්‍රාග් ඓතිහාසික මානවයාගේ පරිණාමය සමග සමග කායික වශයෙන් සිදු වූ විවිධ වෙනස්කම් හේතුවෙන් එනම් ස්වරාලයේ පිහිටීම ඇතිවීමත් සමඟ ඔවුන්ට ශබ්ද පිට කිරීමට හැකියාවක් ඇතිවිය. විවිධ න්‍යායන් ඔස්සේ එනම් බව් බව් න්‍යායන්  ඩිං ඩොං න්‍යයන් පුහ් පුහ් න්‍යයන් ඔස්සේ යමින් ඒවා ශ්‍රවණය කරමින් ශබ්ද පිටකිරීමට උත්සාහ කළ මානවයා ලොව විශිෂ්ටතම මානව නිර්මාණය වන භාෂා ශක්‍යතාවය උරුම කරගත්හ.  එතැන් පටන් භාෂාව භාෂාත්මකව හැසිර වීමේ අවශ්‍යතාවය පුළුල් කිරීමේ අවශ්‍යතාවය හා මිනිස් අවශ්‍යතා සංකීර්ණ වීමේදී ඇතිවන ගැටළු වලට   මුහුණ දීමේ අරමුණු ඇතිවයි. එසේම දේවල්  සංරක්ෂණය කර ගැනීමේ වුවමනාවන් මත පදනම්ව ලිඛිත භාෂාවක අවශ්‍යතාව දැනිණි.  ඒ හේතුවෙන් හෝඩියක් නිර්මාණය කරගත් මානවයා තව තවත් සන්නිවේදනයේ අග්‍ර ඵල නෙළා ගන්නට විය. සන්නිවේදන මූලික සිද්ධාන්තය වන්නේ තොරතුරු හුවමාරුවයි. එය ප්‍රාග් මානව ඓතිහාසික යුගයටත් වර්තමානයටත් පොදු වූවකි. එදා මානවයාගේ තොරතුරු හුවමාරුව හා සම්පාදනය සරල වූ නමුත් අද වන විට එය සංකීර්ණත්වයට පත් ව ඇත. එහෙත් ඒ කාර්යය අදටත් හෙටටත් නොවෙනස්ව එලෙසම පවතී.

 අධ්‍යාපනික හා සංස්කෘතික ප්‍රගමනය

 සන්නිවේදනය අරමුණු වල අනෙක් වැදගත් කාරණය ලෙස අධ්‍යාපනික කාරණය හඳුනාගත හැකිය. ඒ අනුව සමාජය තුළ ජීවත්වන ලොකු කුඩා ආදී සියලු දෙනාටම අවශ්‍ය අධි සියලු දෙනාටම අවශ්‍ය අධ්‍යාපනික සේවය සිදුවන්නේ මූලිකවම සන්නිවේදනය හරහාය. මානව ඉතිහාසයේ එනම් ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට මානව වර්ධනය අධ්‍යාපනය සමග ගලා යන මිනිසාගේ සමාජයෝජනය කාර්යය ද මේ හා සම්බන්ධ වෙයි. අධ්‍යාපන කාර්යය ඉතිහාසය තුලද විධිමත් හෝ අවිධිමත් ස්වරූපයෙන් ඉටු විය. අද වන විට මෙම ක්‍රියාදාමය ජන මාධ්‍ය ඔස්සේද සිදුකරනු ලබයි. එහිදීද විධිමත් හා අවිධිමත් ස්වරූප ගනී. 
 ආදි මානවයා භාෂාව නිර්මාණය කර ගැනීමේ සිට හෝඩිය නිර්මාණය, මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය විකාශන ක්‍රම මෙන්ම විවිධ වූ දේ සොයා ගැනීම්, ගවේෂණය කිරීම ආදියද සන්නිවේදනයේ අධ්‍යාපනික කාර්යය හේතුකොට ගනිමින් සිදුවූවකි. එතැන් පටන් අද වන විට අවිධිමත් ස්වරූපයෙන් සන්නිවේදනය හරහා අධ්‍යාපනික කාර්යය සිදු වේ සිදුවේ. ඒ අනුව රූපවාහිනිය හා පුවත්පත් මාධ්‍ය මගින් ද අධ්‍යාපනය ලබාදීම සිදුවේ. 
ද සිරස ලක්ෂපති 
ද දැනුමයි වාසනාවයි 
ආදී වූ වැඩසටහන් සිදුකරනු ලබයි ඊට අමතරව මුද්‍රිත මාධ්‍ය ඔස්සේද අධ්‍යාපනික කාර්යය ඉටු කරනු ඉටුකරනු ඉටු කරයි. දියණිය පුවත්පත 
ද විජය පුවත්පත 
ද ආරෝග්‍ය සඟරාව 
   උදාහරණ වේ.
සංස්කෘතිය යනු සරලවම සමාජයක මිනිසුන් විසින් ගොඩනගාගෙන ඇති ද්‍රව්‍යමය හා ආධ්‍යාත්මික වශයෙන් වූ  විශ්වාසයන්, පිළිගැනීම්, අගයයන් වලින් සමන්විත වූ හර පද්ධතියකි. මෙමගින් ජීවත්වන සමාජයේ පවතින විවිධ ජීවන තලයන්ගේ වර්ධන මට්ටම පෙන්වන මඟ පෙන්වන්නක් ද වේ. තවද එක් එක් පුද්ගලයාගේ ශික්ෂණය හා අධ්‍යාපන මට්ටම ද බොහෝ විට ඉන් ප්‍රකාශිත වේ. මානව සම්භවයේ  සිට අද දක්වා සිදුවන පරිණාමීය ක්‍රියාවලිය තුළ මිනිස් සමාජය  නිරතුරුව ම  සංස්කෘතික කරණයට ලක් වේ.  මිනිසාත් සමාජයත් එතෙක් ඇති කරගත් සංස්කෘතික රටාවක් යම් මට්ටමක තබා ගැනීමට නිරන්තර අරගලයක් කිරීමට සිදුව තිබේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් සංහතික මාධ්‍ය මඟින් කෙරෙන සන්නිවේදනය බලපා ඇති බව අවිවාදිතය. මෙය බොහෝ විට වෙළඳ දැන්වීම් හා වෙළඳ අනුග්‍රාහක තුලින් විවිධ බෞද්ධ ජාතික සමාගම් විසින් අප සංස්කෘතියට බලපෑම් සිදුකරනු ලබයි. මෙම අරමුණෙහි ද එදා සහ අද කරුණු විමසා බැලීමේදී සපථ වන්නේ සර්ව කාලෝචිත පොදු කාරණාවක් බවයි.

 විනෝදාස්වාද සම්පාදනය 

 වර්තමාන සමාජය තුළ ජීවත්වන මිනිසා ඉතා කාර්යබහුල ස්වභාවයක් ගනී. සංකීර්ණ සමාජයේ දී ජීවත්වන මිනිසා විවිධ කටයුතුවලට සම්බන්ධ වීම හේතුකොටගෙන අධිකව කාර්ය බහුලව සිටියි. ඒ හේතුකොටගෙන ඔවුන් නිරතුරුව පීඩාවට හා තෙහෙට්ටුවට පත් වී සිටියි. එමෙන්ම ඔවුන් නිරතුරු මානසික, ආධ්‍යාත්මික පීඩනයන්ට, අවපීඩනයන්ට හා විවිධ මානසික ව්‍යාකූලතාවයන්ට පවා ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් දැකගත හැකිය. ප්‍රතිෂ්ඨාපනය යනු එසේ පීඩාවට පත්ව සිටින ග්‍රාහකයක් නැවත ප්‍රබෝධමත් සැහැල්ලු කිරීමයි. 
 ඒ සඳහා විනෝදාස්වාදය භාවිතා කරනු ලබයි.ඓතිහාසික මානවයාට භාෂා ශක්‍යතාව ඇති වීමට පූර්ව නිර්වාචික සන්නිවේදනය ක්‍රමය ප්‍රබල විය. මානවයා දඩයම් කරමින් පරිසරය හා ගැටෙමින් තම සරල අවශ්‍යතාවයන් සමග ජීවිකාව ගෙවන්නට විය. මානවයා ද  විනෝදාස්වාදය නිරත වන්නට විය. දඩයම් කරමින් ආහාර සොයා ගැනීමට දරන්නා වූ වෙහෙස රංගනයකින් අනෙකා වෙත දැන්වීමට අවශ්‍ය විය. විවිධ ශබ්ද අනුකරණය තමන් කළ කී දෑ රඟපා පෙන්වීය. එමගින් එය බලා සිටි පවුලේ උදවිය මහත් සතුටට පත් විය. ඒ අතීතයේ  සන්නිවේදනය තුළින් විනෝදාස්වාදය සපුරාගත් එක් අවස්ථාවකි. ඒ අනුව වර්තමාන මාධ්‍යයන් මඟින් ද ප්‍රබල සේවාවක් ඉටු කරනු ලබයි. 
ද අරා පැස්බරා 
ද මෙඩිසිනා
වැනි සිනහා උත්පාදක වැඩසටහන් මෙන්ම ගුවන්විදුලි නාට්‍ය, ටෙලි නාට්‍ය වලින් ද ග්‍රාහක විශ්‍රාම සුවයක් ලබා දෙයි. විනෝදාස්වාදය අප අදටත් ඉදිරියටත් එලෙසම බලාපොරොත්තු වෙමු. බලාපොරොත්තුවෙමු මෙකී කරුණු කාරණා විමසීමේදී සපථ වන්නේ සන්නිවේදන කාර්යය තවත් අරමුණක් වන විනෝදාස්වාද සම්පාදනය කවර කලකටත් පොදු වන බවයි.




 සමාජානුයෝජන කාර්ය 

අධ්‍යාපනය ලබා දීම හෙවත් සමාජානුයෝජනය සන්නිවේදන අරමුණු අතර තවත් ප්‍රබල අරමුණක් ලෙස හඳුන්වාදිය හැක.  සමාජානුයෝජනය යනු පුද්ගලයා තමා වෙසෙන පරිසරයට අනුව අනුගත වීම නොහොත් හැඩ ගැසීමයි. මෙම කාර්යය ප්‍රධාන ක්‍රම තුනක් ඔස්සේ විග්‍රහ කළ හැකිය එනම්, 
අනුකරණය 
තදාත්මීකරණය 
භූමිකා නිරූපණය යි . 
සන්නිවේදන විද්‍යාඥයින් පෙන්වාදෙන පරිදි සෑම මාධ්‍යයක්ම සෘජු හෝ වක්‍රව අධ්‍යාපන අරමුණු ඉටු කල යුතුය. ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ දක්නට ලැබෙන ගුවන් විදුලි අධ්‍යාපන සේවය, රූපවාහිනී අධ්‍යාපන සේවය, වැනි ඍජු අධ්‍යාපනික ප්‍රපංචයන්ය. මේවා හැරුණු කොට සෙසු සියලුම ජනමාධ්‍ය ක්‍රියාකාරකම් වක්‍ර අධ්‍යාපන ප්‍රපංචයක් ලෙස නම් කළ හැකිය. ඒ අනුව සිනමාපටයකින්, ටෙලිනාට්‍යයක්, ගීතයක්, නවකතාවක් වැනි දේවලින් ද විනෝදාස්වාදය සම්පාදනය මෙන්ම අධ්‍යාපනික පරමාර්ථය ඉටු කරගත හැකිය. මෙයින් පැහැදිලි වන්නේ සෑම ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වයක් ම තුළම ඍජුව හෝ වක්‍රව අධ්‍යාපන පරමාර්ථ ඉටු කර ගත හැකි බවයි. මෙයින් පැහැදිලි වන්නේ සෑම ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය තුළ ම සෘජුව හෝ වක්‍රව අධ්‍යාපනික මෙහෙවරක් යෙදිය හැකි බවයි. මෙයට සමගාමීව සාකච්ඡා කරන්නේ ජනමාධ්‍ය හරහා සෑම පුද්ගලයෙක්ම සමාජයට ගැළපෙන පුද්ගලයෙක් ලෙස සකස් කර ගත හැකි බවයි. විවිධ මානව ක්‍රියාකාරකම් සමාජ චර්යාවන් ක්‍රමවත් කිරීම සඳහා ජනමාධ්‍යයට ක්‍රියාකාරී විය  හැකිය. සමාජයක පැවැත්ම කෙරෙහි චර්යාවන් වත්පිළිවෙත් නීති රීති  වැදගත් කාර්යයක් ඉටු කරන අතර මෙම කරුණු පරම්පරාවෙන් පරම්පරාවට කියාදෙමින් සමාජයේ වෙනස්වන අවශ්‍යතාවන්ට ගැළපෙන ඉදිරියට ගෙනයාම සන්නිවේදනය මගින් ඉටුකරනු ලබයි. ජනසන්නිවේදනය මෙන්ම අන්තර් පුද්ගල සමූහ සන්නිවේදනය ද මෙහිදී වැදගත් කාර්යයක් ඉටුකරයි. මේ අනුව සමාජ අනුයෝජනය ක්‍රියාවලිය සඳහා සන්නිවේදනය තුලින් මහත් පිටුවහලක් ලැබේ.  
 ප්‍රාග් මානවයා තනි තනිව විසූ ඒකාකාරී ජීවිතයෙන් අත්මිදීමේ සමූහයා වර්ධනය කර ගැනීමේ අටියෙන් පවුල හා සමාජය ගොඩ නංවා ගන්නා ලදී. පවුල් පරිසරය වල හැදෙන පුද්ගලයා මහා සමාජය බලාපොරොත්තු වන ආකාරයට හැඩ ගැසිය යුතුය. ඔවුනොවුන් අතර ආහාර සොයා ගන්නා ක්‍රම විධි පිළිබඳව ඉගෙන ගත යුතුය. ආචාරධර්ම, අභිචාර, සංස්කෘතිය, චාරිත්‍ර වාරිත්‍ර ඉගෙනගත යුතුය. එලෙස වර්ධනය වූ යම්යම් සංස්කෘතිකාංග අදටත් අප සමාජය විසින් විවිධ වෙනස්වීම්වලට ලක් කරමින් දේවල් එකතු කරමින් හා ගොඩනංවමින් ඉදිරියටත් පවත්වාගෙන යනු ලබයි . සන්නිවේදනය තවත් එක් අරමුණක් වන මෙය ද සර්වකාලීන වන්නේ අප සියලු දෙනා අදටත් අප ජීවත්වන සමාජයට අනුව සමාජානුයෝජනය වන්නේ සන්නිවේදනය හරහා බැවිනි. පුද්ගලයෙක් දේවල් අනුකරණය කරමින් එලෙසම යම් යම් දේ හරහා ලදී තදින් බැඳී ඒවා එලෙසම කිරීමට තැත් කිරීමෙන් හා සමාජයේ විවිධ භූමිකා රංගනය කරමින් කරන සමාජයෝජනය සර්වකාලීන ක්‍රියාවලියකි.

 සංවාද හා සාකච්ඡා
 
 සන්නිවේදනය තවත් අරමුණක් වන්නේ සංවාද හා සාකච්ඡා වේ.මෙය ඉතා සුවිශේෂී කාරණයකි යම්කිසි ගැටලුවක් උද්ගත වූ විට එයට තනිවම විසඳුම් සෙවීමට වඩා සාමූහිකව සාකච්ඡා සංවාද මගින් ලබාගන්නා ලද තීරණ ප්‍රශස්ත ජ එලෙසම අදත් රට සම්බන්ධව යම් තීරණයකට එළඹේ නම් පාර්ලිමේන්තුව රැස් කර  වාද විවාද කර එළඹෙන  තීරණ ද වේ. එසේම රතු ඉර, දොරමඩලාව, තුලාව වැනි සංහතික මාධ්‍ය ඔස්සේ කෙරෙන සංවාද හා සාකච්ඡාමය වැඩසටහන් ද උදාහරණ වෙයි.  එලෙස බලන කල්හි සන්නිවේදනයේ තවත් අරමුණක් වන සංවාද හා සාකච්ඡා කවර කලකටත් පොදු බව සනාථ වේ.

 පෙළඹවීම
 සන්නිවේදන අරමුණු අතර පෙළඹවීම යන්න පිළිබඳව සන්නිවේදන විද්‍යාඥයින්ගේ අවධානය යොමු වී ඇත.  මෙහි දී සන්නිවේදනය හරහා කෙරෙන ගුණාත්මක පෙළඹවීම මූලික වශයෙන් අදහස් කෙරේ.  රටක ජනතාව යොමු 
 විය යුතු මූලික කාරණා කෙරෙහි ජනතාවගේ ක්‍රියාකාරී සහභාගීත්වය සඳහා ඔවුන් පොළඹවා ගැනීමට ජනමාධ්‍ය සතු හැකියාව ඉතා ප්‍රබලය. සංවර්ධන සාක්ෂරතාවය, පරිසර සංරක්ෂණය, සෞඛ්‍ය ආදි  විවිධ සාධක කෙරෙහි මෙන්ම ආරක්ෂාව ආදී අත්‍යවශ්‍ය කාරණා පිළිබඳව ජනතාව මගින් විශාල පෙළඹවීමක් කළ හැකිවේ.  එවැනි ගුණාත්මක සාධක වලට අමතරව ජනමාධ්‍ය හරහා අහිතකර සාධක කෙරෙහි ජනතාව පොළඹවන බව පර්යේෂණ මගින් හෙළිදරව් වී ඇත.  විශේෂයෙන් ජනමාධ්‍ය තුළ වාණිජ අරමුණු  මේ සඳහා නිදසුන්ය.ඒ මගින්  විවිධ වූ භාණ්ඩ හා සේවාවන් රැසක් කෙරෙහි ජනතාව අනවශ්‍ය ලෙස පොළඹවනු ලබයි. ජනමාධ්‍යයන්ගේ ඉදිරිපත් කරන බොහෝ චරිත ස්වභාවයන් අනුගමනය කිරීමට ජනතාව පෙළඹෙති. විශේෂයෙන් කුඩා ළමුන් කාටුන්වල විවිධ වීර චරිත අනුකරණය කිරීමට පෙළඹී හානි සිදුකළ ගත් අවස්ථාද අපට අසන්නට ලැබේ.  ඒ කෙසේ වුවද සන්නිවේදනය කාර්යයන් අතර ඇති පෙළඹවීම යන්න ඉතාමත් පැහැදිලි ගුණාත්මක පෙළඹවීමක් විය යුතුය. මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය කරුවා අවදියෙන් සිටිය යුතුයි. එසේ නොවන්නේ නම් සන්දේශ හරහා හිතකර මෙන්ම අහිතකර පෙළඹවීමද සිදුවිය හැකිය. පෙළඹවීම යන්න සන්නිවේදන කාර්යයන් වල දී අපේක්ෂා කරන්නේ ගුණාත්මක පෙළඹවීමයි.








No comments:

Post a Comment

ගවේෂණාත්මක වාර්තාකරණය

ගවේෂණාත්මක වාර්තාකරණය ගවේශනාත්මක වාර්තාකරණය යනු කිසියම් සිද්ධියක්, අවස්ථාවක් හෝ පුද්ගලයෙකු පිලිබඳ ගැඹුරින් සොයා බලා වාර්තා කිරීම...