ගවේෂණාත්මක වාර්තාකරණය
ගවේශනාත්මක වාර්තාකරණය යනු කිසියම් සිද්ධියක්, අවස්ථාවක් හෝ පුද්ගලයෙකු පිලිබඳ ගැඹුරින් සොයා බලා වාර්තා කිරීමයි. “හෙළිදරව් සාහිත්‍යය” වශයෙන් ද හඳුන්වයි. ප්‍රවෘත්තියක් යනු මතුපිට සිදුවීමකි. එහිදී ඇසින් දකින, කනින් ඇසෙන දෙයක් පිළිබඳ අවධානය යොමුකරයි. සාමාන්‍ය පුවත් වාර්තාකරණයකදී
What - කුමක්ද
When - කවදාද?
Where - කොහෙද?
Who - කොහොමද?
Why - කුමකටද?
How - කෙසේද?
යන්න පිලිබඳව අවධානය සමව යොමු කරනු ලබන අතර ගවේශනාත්මක වාර්තාකරණයේ දී මූලික අවධානය යොමු කරනු ලබන්නේ “How” නැතහොත් “කෙසේද” යන්න පිළිබඳවයි.
කිසියම් වාර්තාකරණයක් ගවේශනාත්මක වාර්තාකරණයක් බවට පත් වීමට නම් මූලික නිර්ණායක ත්‍රිත්වයක් තෘප්ත කළ යුතුය. එනම්
සඟවාගෙන සිටින රහසක් හෙළිකිරීම.
එය මහජන උනන්දුව පිණිස හේතුවන කරුණක් වීම.
වාර්තාකරු හෝ පුවත්පත විසින්ම තොරතුරු ගවේෂණය කොට හෙළිදරවු කිරීම.
කිසියම් පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් හෝ, පර්යේෂණ වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කිරීම ගවේශනාත්මක වාර්තාකරණයක් යටතට නොගැනේ. ප්‍රවෘත්තියක් අංකුරයක් ලෙස හැඳින්වේ නම්, ගවේශනාත්මක වාර්තාකරණයේ දී එකී අංකුරය අයත් බීජය සහ එහි වර්ධනය පිළිබඳ සොයා බලයි. මුල් යුගයේ ප්‍රවෘත්ති කලාව තුළ සිද්ධියක මතුපිට තත්ත්වය පමණක් වාර්තා කළ අතර කල් ගතවත්ම එය වෙනස් විය. සිද්ධියක මතුපිට අර්ථයට වඩා යමක් ඉස්මතු කිරීමට අවශ්‍යය විය. ගවේශනාත්මක වාර්තාකරණයේ අරමුණු වූයේ සමාජ අක්‍රමිකතා, හොර මැරකම් ආදිය හෙළිදරව් කොට ජනතා මතයක් නිර්මාණය කිරීමයි. එය සමාජ වගකීමක් වූ අතර එමෙන්ම කැපවීමෙන් කළයුතු කාර්යයක් ද විය.
ගවේශනාත්මක පුවත් වාර්තාකරණයේ ආරම්භය 20 වන සියවස දක්වා වේ. ඒ සඳහා M. ටර්බෙල්, ලින්කන් ස්ටෙන්ස්, රේස් ටැන්කර්ඩ් නම් ඇමරිකානු මාධ්‍යවේදීන් තිදෙනා මූලික විය. “History of the Standard Oil Company” සහ “Shame of the cities” ලිපි පෙළ මඟින් ගවේශනාත්මක වාර්තාකරණය ආරම්භ විය.
ගවේශනාත්මක වාර්තාකරණයේ දී ප්‍රවෘත්ති කලාවේදියා රහස් පරීක්ෂකයෙකු හා සම වේ. මාධ්‍ය කරුගේ තියුණු නිරීක්ෂණය සහ නිර්මාණශිලිත්වය ගවේශනාත්මක පුවත් සඳහා පදනම සපයයි. ඔහුගේ අරමුණ සිද්ධියට අදාළ පුද්ගලයින් නීතියේ රැහැනට හසු කිරීම නොව, ඔවුන්ගේ වැරැද්ද පිළිබඳ ජනතාවට හෙළිදරව් කොට වරදකරුවන් ජනතාව ඉදිරියේ නිරාවරණය කිරීමයි. මෙය සම්පුර්ණයෙන්ම 19 වන සියවසේ දී ඇමරිකාවේ ඇති වූ සමාජ ව්‍යාපාරයන්ගේ ප්‍රථිපලයකි. රාජ්‍ය නිලධාරින් පාලනයට නතු කිරීම, ආයතනික නිලධාරින් පමණ ඉක්මවා කෙරෙන කටයුතු පාලනය කිරීම හරහා ප්‍රජාතන්ත්‍රවාදී මුලාශ්‍රයක් සේ ක්‍රියාත්මක වේ.
ඇතැම් අවස්ථා වලදී පාලකයන්ගේ දෝෂ දර්ශනයට ලක් වූ අතර ඇමරිකානු ජනාධිපති තියොඩෝර් රූස්වෙල්ට් වරක් ප්‍රකාශ කළේ ගවේශනාත්මක වාර්තාකරණය කුණු කන්දල් අවිස්සිමක් බවයි.
ගවේශනාත්මක වාර්තාකරණයේ දී දේශීය මෙන්ම විදේශීය ප්‍රකට උදාහරණ බොහොමයක් දැකගත හැක.
විදේශීය උදාහරණ
ඇමරිකාවේ වෝටර්ගේට් සිද්ධිය
ඇමරිකාවේ වොටර්ගේට් සංකීර්ණයේ පිහිටි ඩිමොක්‍රටික් පක්ෂයේ ජාතික කමිටු කාර්යාලයේ ඉලෙක්ට්‍රොනික් මයික්‍රෝෆෝන් සවිකොට එහි වන සාකච්ඡා පටිගතකොට සවන්දී තිබිණි. වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ කාල් බන්ස්ටයින් සහ රොබට් වුඩිවර්ඩ් විසින් මේ පිලිබඳ ලිපි පෙළක් සම්පාදනය කළ අතර මෙහිදී ඇමරිකාවේ හිටපු ජනාධිපති රිචඩ් නික්සන් සහ CIA සංවිධානය වැරදිකරුවන් බවට පත්විය. ගවේශනාත්මක පුවත්පත් කලාවේ ආරම්භය ලෙස සැලකෙන ප්‍රකට සිදුවීම මෙය වන අතර මෙම හෙළිදරව් කිරීමත් සමඟම ජනාධිපති නික්සන්ට ඉල්ලා අස්වීමට සිදුවිය.
ඇමරිකාවේ පෙන්ටගන් රහස් වාර්තා හෙළිදරව් කිරීම.
පෙන්ටගන් වාර්තාව ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ආරක්ෂක ලේකම් රොබට් මැක්නමාරාගේ අධීක්ෂණයෙන් ඇමරිකාවේ වියට්නාමය සම්බන්ධ ප්‍රතිපත්තිය පිලිබඳ අධ්‍යයනයකි. එය 1967 වසරේ ආරම්භ කොට 1968 වසරේදී අවසන් කරන ලද පිටු 5000 කින් යුතු රහස්‍ය වාර්තාවකි. මේ මඟින් ඇමරිකාවේ දෙබිඩි පිළිවෙත මනාව ප්‍රදර්ශනය විය. ජෝන් කෙනඩිගේ පාලන සමයේ වියට්නාමයේ ඩියන් ඩියම්ගේ පාලනය පෙරලාදැමීම පිණිස ආර්ථික සම්බාධක පැනවීමත්, සිවිල් ජනයා පිලිබඳ නොසලකා වියට්නාමයට බෝම්බ දැමීම පිළිබඳවත් මෙම පෙන්ටගන් වාර්තා හරහා ඔප්පු වී තිබිණි.
විශ්‍රාමික ආරක්ෂක විචාරකයෙකු තවත් පුද්ගලයෙක් සමඟ එක්ව නිව්යෝර්ක් පුවත්පතට පිලිපෙලක් ලියූ අතර මෙම සිදුවීම පිලිබඳ වොෂින්ටන් පෝස්ට් පුවත්පතත් වාර්තාකරණයක් සිදුකෙරීය. රජය මඟින් මෙම පුවත්පත් වලට එරෙහිව තහනම් නියෝග ගැනීම පිණිස දිසා අධිකරණයට ගිය අතර පුවත්පත් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කෙරිය. 1971 වසරේදී මෙහි තීන්දුව ප්‍රකාශයට පත්කළ අතර නවදෙනෙකුගෙන් යුතු විනිසුරු මඩුල්ලෙන් හය දෙනෙකු ප්‍රකාශ කළේ ප්‍රකාශන නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති නිසා පුවත්පතට එරෙහිව වාරණ නියෝග නිකුත් කිරම ව්‍යවස්ථා විරෝධී බවයි.
නමුත් මේ පිළිබඳව ග්‍රීන් ප්‍රකාශ කරන්නේ මෙම සිද්ධිය ගවේෂණාත්මක වාර්තාකරණයක් නොවන බවයි. මන්ද පෙන්ටගන් වාර්තාව හරහා මේ පිලිබඳ ලිපි පළකලද එය වාර්තාකරු හෝ පුවත්පත විසින් කරුණු ගවේෂණය කොට වාර්තාකරණය කොට නොමැති බැවිනි.
දේශීය උදාහරණ
හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායකගේ සිද්ධිය
වික්ටර් අයිවන් විසින් රාවය පුවත්පත හරහා හිටපු මහේස්ත්‍රාත් වරයෙකු වූ ලෙනින් රත්නායකගේ ක්‍රියාකලාපය පිලිබඳ ගවේෂණය කොට වාර්තා කිරීම ගවේශනාත්මක පුවත් වාර්තාකරණයේ දේශීය උදාහරණ තුළ කැපී පෙනෙයි.
ලෙනින් රත්නායක මහව මහේස්ත්‍රාත්ව සිටි අවධියේ තමා ඉදිරියේ පැවති නඩුවක විත්තිකරුගේ බිරිඳව කටඋත්තරයක් ලබා ගැනීමට යැයි කියා තානයමකට කැඳවා සංසර්ගයේ යෙදීමට බලපෑම් කිරීම, තමා ඉදිරියේ විභාග වන නඩුවක විත්තිකාරියක බිය ගන්වා සංසර්ගයේ යෙදීම සහ ඔහු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සේවය කරමින් හිඳියදි මුල්‍ය වංචාවකට වැරදිකරු වූ බව හෙළිනොකොට මහේස්ත්‍රාත්වරයෙකු බවට පත්වීම ලෙනින් රත්නායකට එල්ල වූ චෝදනායි. ඒවාට ඔහු වරදකරු වී පැවතිනි.
මිග් 27 ප්‍රහාරක යානා මිලදී ගැනීමේ ගිවිසුමට අදාළ සිද්ධිය
සන්ඩේ ටයිම්ස් හී උපදේශක කතෘ ඉක්බාල් අතාස් විසින් 2006 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මුලාශ්‍රයකින් මිග් 27 ප්‍රහාරක යානා මිලට ගැනීමේ ගිවිසුම පිළිබඳව හෙළිදරව්වක් කෙරිය. මෙය කතුවරයාට මරණ තර්ජන එල්ල වීමට තරම් බලපෑම්කාරී විය.
ගවේශනාත්මක පුවත් වාර්තාකරණයේ දැකිය හැකි ලක්ෂණ ලෙස පහත කරුණු දැක්විය හැක.
සක්‍රිය බව
වැරදි හෙළිදරව් කිරීම
වගකීම් සහගත බව
ප්‍රථිපල ඉලක්ක කරගැනීම
වැඩි කාලයක් අවශ්‍යය වීම.
ගැඹුරු බව සහ පුළුල් බව.
වෙනස් කාලාන්ත පැවතීම.
ප්‍රතිරාමුගත කිරීම.
WA කසුනි නිමල්කා විජේසිංහ
කොළඹ විශ්වවිද්‍යාලය
ජනමාධ්‍ය අධ්‍යනාංශය