Saturday, 21 August 2021

අද්‍යතන වසංගත තත්වයන් හමුවේ සාම්ප්‍රදායික දැනුම හා මිත්‍යාව

අද්‍යතන වසංගත තත්වයන් හමුවේ සාම්ප්‍රදායික දැනුම හා මිත්‍යාව 


මිනිසා කාර්මික විප්ලවයට පෙර යුගය තුළදී ආධ්‍යාත්මක සංකල්පය උදෙසා නැඹුරු වී සිටි අතර සහ කාර්මික විප්ලවය නැගීමත් සමගම පුනරුදය මගින් මිනිසාගේ සිතීමේ අවකාශය පෘථුල විය. කාල් යාමේදී විද්‍යාව සහ  තාක්ෂණයේ දියුණුවත් සිදුවූ පෙරළියත් සමගම විද්‍යාඥයන් පර්යේෂකයින්ගේ විවිධ පර්යේෂණ සහ අත්හදා බැලීම් ක්‍රමවේදයන් මගින් වෛද්‍ය විද්‍යාව තුළ දැඩි ලෙස වෙනස්කම් රැසක් සිදු වීම දක්නට ලැබේ. එහිදී එක් එක් සංස්කෘතියට එක් එක් රාජයන්ට ආවේණික වූ දේශීය වෛද්‍ය සම්ප්‍රදාය මගින් ගොඩනැගුණු සාම්ප්‍රදායික දැනුම අභියෝගයට ලක් වීමක් සිදුවිය. 



වසංගත තත්වයන් ආරම්භ වීමත් සමඟම මිනිසා මෙම ක්‍රම ද්විත්ව ඔස්සේම එම වසංගතයට අදාළ ප්‍රතිකාර අපේක්ෂාවෙන් පෙළුනු අතර කෙසේ වෙතත් මෙම කොරෝනා වසන්ගතය මැඩපැවැත්වීමට අදාළ නිශ්චිත ඖෂධයක් තවමත් සොයාගෙන නොමැත. සොයා ගනු ලැබූ ඖෂධයන් ද මගින් සිදු වන්නේ වසංගතය පාලනය කිරීමක් පමණි. 



ඉංග්‍රීසි වෙදකම තුළ  කොරෝන වසංගතය මැඩපැවැත්වීමට  අදාල ඹෟෂධ රැසක් සොයා ගනු ලැබූ අතර  එම එන්නත් කරන ක්‍රියාවලිය මගින් සිදුවන්නේ වසංගත තත්වය පාලනය කිරීමක් පමණි. මෙම වසංගතය ලෝකයේ ව්‍යාප්තියත් සමග ම එය ලෝක ව්‍යාප්ත වසංගතයක් බවට පත් වී ඇත.  ව්‍යාප්ත වසංගතයක් ලෙස හඳුන්වන්නේ රාජ්‍යයන් ගණනාවකම එකම අවස්ථාවේ පැතිර යන රෝගයකි. කොරොනා වෛරසය පැතිරයාම ලෝක ව්‍යාප්ති වසංගතයක් (pandemic) බවට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත. 


මෙම වසංගත තත්වයන් හමුවේ ආසියාතික රාජ්‍යයන් (Asian Countries)  පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වනුයේ දේශීය වෛද්‍ය ක්‍රම සහ සාම්ප්‍රදායික දැනුම පදනම් කර ගනිමින් රෝගයට ප්‍රතිකාර කරනු ලබන රාජයන් හඳුනා ගැනීමට ලැබීම ය. විශේෂයෙන් ම සාම්ප්‍රදායික දැනුම තුළ රෝගය පාළනය කළ හැකි ක්‍රම හඳුනා ගැනීමට හැකියාව ලැබේ. නමුත් එමගින් ද වෛරස කෙතරම් දුරට මැඩ පැවැත්විය හැකිද යන්න ගැටුමක් ඉස්මතු වී තිබේ. 

සොයාගන්නා  ලද  දත්තයන් අනුව පැවසිය හැක්කේ මෙම සම්ප්‍රදායික දැනුම මගින්ද සිදු වන්නේ වසංගත තත්ත්වයන් පාලනය කිරීම හරහා මිනිසාගේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ඉහළ දැමීමක් සිදු වන බවයි. 

විවිධ බෙහෙත් කැඳ පාන වර්ග මගින් මිනිසාගේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ඉහළ නැංවීමට අදාළව සාම්ප්‍රදායික දැනුම මගින් ප්‍රතිකාර සිදු කරනු ලබයි. 

කෙසේ වෙතත් මිනිසාගේ මෙම අධ්‍යතන  වසංගත තත්වයන් හමුවේ ඇතැම් අවස්ථාවන්හිදී අසරණභාවයට ලක්වීමේ ප්‍රතිඵලයක් ලෙස අන්ධ භක්තිකයෙක් ලෙස ක්‍රියා කරන ආකාරය හඳුනා ගැනීමට ලැබී ඇත. නවීන විද්‍යාත්මක ක්‍රම ඔස්සේ වසංගත ක්‍රියාවලියට අදාළ ප්‍රතිකාර සොයා ගනු ලැබුවද දේශීය වෛද්‍ය  ප්‍රතිකාර මඟින් ම වසංගතයට පිළියම් සොයා ගනු ලැබුවද මිනිසා තවමත් පෙර තිබූ ගල් යුගය තුළම එල්බ ගෙන සිටින මානසික මට්ටමක ක්‍රියා කරනු ලබන ආකාරය පෙනී යයි. 

මෙලෙස මිනිසා මිත්‍යාව පසුපස හඹායන්නේ ඇයි ද යන වග ප්‍රශ්න කිරීමට කාලය එළඹී තිබේ.  විශේෂයෙන්ම පසුගිය කාල වකවානුව තුළ ඉන්දියාවේ කොව්ඩ් 19  වෛරසයක් ආරක්ෂා වීම සඳහා ඇතැම් ජනයා ගවයින්ගේ මළ සහ මුත්‍රා ශරීරයේ තවරා ගැනීම සහ භාවිතා කිරීම හැඳින්විය හැක. 

එහිදී වෛද්‍යවරුන් සදහන් කර ඇත්තේ කොව්ඩ් වෛරසයෙන්  ආරක්ෂාව ලැබීම සඳහා  සිදු කරනු ලබන එවැනි ක්‍රියාවන් හි දී කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බවයි.


 බටහිර ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ ඇතැම් පුද්ගලයින් සතියකට වරක් ගව ගොම හා මුත්‍රා මළ මගින් සිරුර ආවරණය කර ගැනීමට ගවගාල් වෙත යන්නේ  එය ඔවුන්ගේ ප්‍රතිශක්තිය ඉහළ නංවනු ඇතැයි බවට සහ කොරෝනා වෛරසයෙන් සුවය ලබා ගැනීමට උපකාරී වනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි. 


එමගින් මිනිසා තුළ තුළ අන්තර්ගත වනු ලබන මිත්‍යාව සහ ගෝත්‍රික මානසික චර්යාවෙන් මුදවා ගැනීමට අධිකාරිත්ව යක් සහිත මැදිහත්වීමක් අවශ්‍ය වනු ඇත. 

කොව්ඩ් ව්‍යාප්තිය සඳහා විකල්ප ප්‍රතිකාර ලබා ගැනීමට එරෙහිව ඉන්දියාවේ සහ ලොව පුරා සිටින වෛද්‍ය විශේෂඥයන් විසින් නැවත නැවතත් අනතුරු අඟවා ඇත්තේ මිත්‍යා විශ්වාස ව්‍යාජ ඖෂධ සඳහා නැඹුරු වීම මගින් වෙනත් රෝග තත්ත්වයන් හෝ අතුරු ආබාධ ඇති විය හැකි බවයි. එසේම කොව්ඩ් 19  වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිය ඉහල නැංවීම සඳහා ගවමළ හෝ මුත්‍රා ක්‍රියාකරන බවට ස්ථිර විද්‍යාත්මක සාක්ෂි නොමැති බවත් මෙමගින් වෙනත් රෝග සතුන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වීමට හැකියාවක් ඇති බවත් වෛද්‍යවරු පෙන්වා දෙයි. 

විශේෂයෙන්ම මෙරට කොරෝනා සුව කිරීම සඳහා වෛද්‍ය එලියන්ත වයිට් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද ගංගාවලට පැන් කල දැමීම මිත්‍යා සහගත ක්‍රියාවකි. එහිදී මෙරට සිටි ප්‍රධාන පෙළේ මැති ඇමැතිවරුන් විසින් එම එවන් කටයුතු සඳහා දායකත්වය සැපයීම සමස්ථ සමාජය ඉදිරියේ ම මිත්‍යාව වැපිරීමකි. 


මෙවන් කටයුතු මගින් පෙනී යන්නේ පාලකයන් පවා වසංගත තත්වයන් හමුවේ අන්ධ විශ්වාසයන්ගෙන් පසු වන බවයි. මෙමගින් වසංගතය හමුවේ සමස්ත සමාජයම අසරණභාවයට පත් වනු ඇත. 

විද්‍යාත්මක පදනමක පිහිටා සාකච්ඡා කරන කළ කලයක්  ජලයට දමා ලෙඩ සුව කළ හැකි නම් එවන් අවස්ථා ප්‍රකාශ කරන ලෙස ප්‍රශ්න කළ හැක. කෙසේ වෙතත්  විද්‍යාව හා තාක්ෂණය මෙතරම් ප්‍රමුඛ වී ඇති යුගයක මිනිසා ගෝත්‍රික මානසිකත්වය තුළ තවමත් ජීවත් වන්නේ ඇයි දැයි තවදුරටත් ප්‍රශ්න කළ හැකිය. ආදි ජනයා ජීවත් වූ ගස් ගල් වන්දනා මාන කරන යුගයකට අප නැවතත් ගමන් කරන්නේ ඇයිද. 

කෙසේ වෙතත් අවසානයේ ඉස්මතු කළ හැක්කේ මිනිසා මෙලෙස මිත්‍යාව පසුපස හඹායන්නේ ආධ්‍යාත්මික  ජීවිතය සුවපත් කර ගැනීම උදෙසා විය හැකි බවයි. එනම් රෝගී පුද්ගලයකු හට කායික මෙන්ම මානසික සුවය ද අත්‍යවශ්‍ය වේ. මෙලෙස අන්ධ භක්තික ක්‍රියාවලින් හරහා ඔවුන් මානසික සැනසීමක් අපේක්ෂා කෙරේ. 

ඩබ්.ඒ.කේ.එන් විජේසිංහ 
ඩබ්.ටී.එම්.ඩී දිල්හානි
ජනමාධ්‍ය අධ්‍යනාංශය 
කොළඹ විශ්වවිද්‍යාලය 

Saturday, 15 May 2021

සාර්ථක වෙන්න නම් හණමිටි අදහස් අතාරින්න

සාර්ථක වෙන්න නම් හණමිටි අදහස් අතාරින්න 
සාමාන්‍ය ජීවිතයේදී අප ගත කරන ජීවිතය කටුක වුවද එම කටුක ජීවිතය තුළ සැපවත් යැයි හංවඩු ගසනා මිනිසුන් ජීවත් වන ජීවත්වන ජීවිතයට වඩා සැපපහසු මානසික නිදහසක් තිබිය හැකිය. සාර්ථකත්වය කියලා මා හඳුන්වන්නේ කෙනකුට තම ජීවිතයේ තමා තෘප්තිමත් වන මට්ටම කරා පැමිණීමයි. නැතහොත් අනෙකා පසෙකලා තරගකාරී ජීවන රටාවක නිරත වන්නක් නොවේ. එසේනම් සාර්ථකවීමට ඇති ප්‍රබලතම අවිය වන්නේ තමා තුළ පවතින ධනාත්මක සිතිවිලි ය. ඍණාත්මක සිතිවිලි මඟින් පුද්ගලයා පසුබෑමට ලක් කිරීමට හැකිවන අතරම ධනාත්මක සිතුවිලි මගින් මඟින් පුගින් පුද්ගලයා පවතින තත්වයෙන් ඉහලට රැගෙන යාමේ ශක්තියක් ඇත. 

ප්‍රධාන වශයෙන් අපගේ සාර්ථකත්වයට පහර එල්ල කරනු ලබන්නේ අප අවට සිටින ලබන අප දන්නා හඳුනන සමීපතමයින්  විය හැකිය. කෙසේවෙතත් මා පවසන්නේ ධනාත්මක සිතිවිලි ඇති පුද්ගලයා හට එවැනි පුද්ගලයින් මඟහැර සාර්ථකත්වයේ හිනි පෙත්තට ගමන් කිරීමට හැකියාව ඇති බවයි. 

සැම පුද්ගලයකු සතුව ම දුර්වල  ශක්තියෙන් මෙන්ම ධනාත්මක ශක්තිය ද ඇත. නමුදු ස්වංව  මනස පාලනය මගින් දුර්වල සිතුවිලි පසෙක ලා සාර්ථකත්වයට ළඟා විය හැක. 

එක් ආකාරයකින් ගත්කල සාර්ථකත්වය යනු අප ජීවිතයේ අප අපේක්ෂා කරනු ලබන ඉලක්ක කරා ළඟා වීමයි. නමුත් සඵලදායී  සාර්ථකත්වය යනු අනෙකා විවේචනය කරමින් අනෙකා හෙළා දකිමින් අනෙකා දුර්වල කරමින් හා අනෙකා පාගා ගනිමින් ගමන් කරන සාර්ථකත්වය ගමන් මාර්ගය නොවේ. 

එවැනි මිනිසුන් ඕනෑම ස්ථානයක සමාජය හඳුනා ගත හැකිය. එසේම සාර්ථකත්වයට ලක්වීමෙන් ලබාගන්නා පුහු මාන්නය තුළින් ඔබගේ සෘණාත්මක දුර්වල සිතිවිලි අනෙකාට දිස්වේ. 
නමුත් ජීවිතයේ සාර්ථකත්වය යනුවෙන් මා අදහස් කරන්නේ භෞතික සම්පත් හෝ මිල මුදල් හෝ නොවන අතර මානසික නිදහස සතුට රැගත් ආද්‍යත්මික සුවය යි. කෙනෙක් යම් අවස්ථාවකදී මුදල් පසුපස තරයේ හඹායන්නේ නම් එතන පුද්ගලයා සතුව සාර්ථකත්වයට පත් වීමේ අවශ්‍යතාවයක් ඇති වූද සඵලදායී  සාර්ථකත්වයක් ලඟා නොකර ගන්නා පුද්ගලයෙකු බවට හැදින්විය හැක. 


ඩබ්.ඒ.කේ.එන් විජේසිංහ 
ජනමාධ්‍ය අධ්‍යනාංශය 
කොළඹ විශ්වවිද්‍යාලය 
ශ්‍රී පාලි මණ්ඩපය 


Friday, 14 May 2021

මෙම රෝගය ඔබටත් තිබේද? OCD - Obsessive Compulsive Disorder යනු කුමක්ද?

⁣මෙම රෝගය ඔබටත් තිබේද? OCD - obsessive compulsive disorder යනු කුමක්ද? 


 මානසික රෝග අතුරින්  OCD එසේත් නැතිනම් obsessive compulsive disorder යනු සමාජයේ බොහෝ දෙනෙක් සතුව පවතින මානසික රෝගයකි. මෙම මානසික රෝගය ඇති සුවිශේෂීතාව වන්නේ නිතර නිතර එකම පුරුද්දක් තුළ  අනවශ්‍ය ලෙස යෙදී සිටීමයි. එසේත් නැතිනම් පිරිසිදුකම ආරක්ෂාව යන ආදී පමණට වඩා සිතීම පමණට වඩා පිළිකුල් බව මෙම මානසික රෝගයේ දක්නට ලැබෙන රෝග ලක්ෂණ වෙයි. 


මෙම තත්ත්වයට මුහුණ දීමට ඔබට හෝ ඔබගේ සමීපතම කෙනෙකුට සිදුවිය හැක. නමුදු විශේෂත්වය වන්නේ සමාජයේ බොහෝ දෙනෙක් මෙය  රෝගී තත්ත්වයක් ලෙස හඳුනා ගෙන නොතිබීමයි. 

මෙම මානසික රෝගයෙන් පෙළෙන්නෙකු සිදු කරනු ලබන විවිධාකාරයේ චර්යාවන් මෙම රෝගී තත්ත්වය හරියාකාරව හඳුනා ගැනීමට බෙහෙවින් වැදගත් වේ. 

1) තම දෑත් දෙපා නිතර නිතර සේදීමට සිතීම. 


අපිරිසිදු වූ විට තම දෑත් දෙපා සේදීම සාමාන්‍ය කටයුතත්කි. එය හොඳ සෞඛ්‍ය පුරැද්දකි.  නමුත් මෙම රෝග ලක්ෂණය තුළ දවසට විසි තිස් වතාවක් තම දෑත් දෙපා සේදීම දක්නට ලැබේ. එසේම පොදු ස්ථාන තුළ ගැවසුන පමණින් තමන් විස බීජ වලින් වැසී ඇති බවයි එන හැඟීමක් ඔහුට හෝ ඇයට දැනේ. එය සාමාන්‍ය නොවන මානසික තත්ත්වයකි. කුණු විසබීජ තමන් අවට නොමැති පරිසරයක් නිරන්තරයෙන් පවත්වා ගැනීම මෙම මානසික රෝගී තත්වයේ මූලික ලක්ෂණයයි. 


2) සාමාන්‍ය ජීවිතයේදී මෙන්ම තම නිවස පිලිවෙලට පවත්වාගෙන යාම සාමාන්‍ය කාර්යභාරයකි. නමුත් හැඩතල වර්ණ අනවශ්‍ය ලෙස ගැලපීම සඳහා ඇති දැඩි අවශ්‍යතාවය. තමා යම් දෙයක් සිදු කළ විට එම කාර්යභාරය අවුල් වී ඇති නම් එනම් පිළිවෙළෙහි යම් වෙනස්කමක් සිදු වී ඇති නම් දැඩි නොරිස්සුම් කමකින් කටයුතු කිරීම මෙම OCD මානසික රෝගී තත්ත්වයේ ලක්ෂණයකි 


මෙම රෝගී ලක්ෂණය මෙම මානසික වගේ මුල් අවධිය තුළ දක්නට ලැබේ. නමුත් කල් යත්ම මෙම මානසික රෝගයක් උග්‍ර දෙසට නැඹුරු විය හැක. 

3) වසා ඇති දොරවල් සත්‍ය වශයෙන්ම වසා ඇති දෙ යන්න බව නිතර නිතර ප්‍රත්‍යක්ෂ කර ගැනීම.

වසා ඇති දොරක් එය සත්‍යවශයෙන්ම අවස්ථා ඇත ඇතැයි නිතර නිතර පිරික්සුම් කර බැලීම. මෙම රෝගයේ තවත් ලක්ෂණයකි. එපමනක් නොව නිවා දැමූ විදුලි බුබුළු ගෑස් ලිප් සත්‍ය වශයෙන්ම විසන්ධි කර ඇත්ද යන බව නිතර නිතර සොයා බැලීම මෙහිදී දක්නට ලැබේ. 


4) තමා ආදරය කරන දෙයකට හෝ පුද්ගලයකුට කුමක් හෝ හානියක් සිදුවී ඇතැයි සිතින් මවාගත් චිත්‍රයකට අනුව එම පුද්ගලයා හෝ දේ පිළිබඳව නිතර නිතර සොයා බැලීම 

නිදසුන් ලෙස රථවාහන ක ගමන් ගන්නා පුද්ගලයකුට නිතර නිතර දුරකතන ඇමතුම් ලබාදෙමින් ලබා දෙමින් ඔහු හූ හය හොඳින් සිටීදැයි නිතර නිතර විමසිලිමත් වීම. එපමණක් නොව තමා එක්රැස් කරන ලද මුදල් කවුරුන් හෝ විසින් සොරකම් කර ඇතැයි සිතා එම මුදල් නිතර නිතර ගණනය කිරීම මෙම රෝග ලක්ෂණය තුළ දක්නට ලැබේ. 


5) කෘමි සතුන්ට ඇතිවන අනවශ්‍ය බිය ඔවුන් සහමුලින්ම විනාශ කළ යුතුයැයි ඇතිවෙන හැඟීම. 


මෙහිදී මෙම OCD රෝගී තත්ත්වය ඇතිවීමට හේතු කවරේ ද යන්න පිළිබඳව විමසා බැලීම වැදගත් වේ. මෙම රෝගය ඇතිවීමට  හේතුව කුමක්ද යන ආකාරය පිළිබඳව නිශ්චිත හේතුවක් නැතත් ජාන මගින් නැතිනම්  පාරිසරික හෝ  තම මනස විසින්ම මෙහෙයවන්න බව අද්‍යතනය වන විට නිගමනය කර ඇත. 

මෙම රෝගී තත්ත්වය මැඩ පවත්වා ගැනීම සඳහා අදාල ප්‍රතිකාර ක්‍රම වැදගත් වේ. මෙම රෝගය ඖෂධීය ප්‍රතිකාරවලින් තොරව පහසුවෙන් සමනය කරගත හැකි මානසික රෝගයක් වේ. මෙහිදී ඵලදායි ප්‍රතිකාර ක්‍රමයක් ලෙස exposures and reassurance යන ප්‍රායෝගික ක්‍රියාදාමය හඳුනාගත හැක. මෙහිදී සිදුවන්නේ පුද්ගලයා සැකය බිය සිදුවන දේවල් හට එම පුද්ගලයා නිරාවරණය වීමට හැර එම කාරණය තුළ සත්‍ය වශයෙන්ම බියවීමට කිසිදු හේතුවක් නැති බව එම පුද්ගලයාට පසක් කර දීමයි. නිදසුන් ලෙස නිරන්තරයෙන් අතපය සෝදන පුද්ගලයෙකු නම් ඔහුට නිරන්තරයෙන් අතපය අත පය සේදීමට තරම් තම දෑත් දෙපා තුළ විසබීජ එක්රැස් වී නොමැති බව සත්‍ය වශයෙන්ම ඔහුටම පසක් වීමට අවස්ථාව සලසා ලබාදීමයි. එමෙන්ම හකරැල්ලන් කැරපොත්තන් වැනි සතුන් මගින් හානියක් නොවන බව ඔවුනට පසක් වීමට අවස්ථාව සලසා දීම. වසා ඇති දුර වල් පිළිබදොරවල් පිළිබදව නැවත නැවත පරික්ෂා කිරීමට අවශ්‍යතාවක් නොමැති බව ස්වයංව අවබෝධයක් ලබා දීම වැනි කාරණා හරහා මෙම රෝගී තත්ත්වයෙන් අදාළ පුද්ගලයා ගලවා ගැනීමට උපකාර වේ. 

මෙවැනි රෝග සඳහා සමාජයේ අවධානය අවම වීම හේතු කර ගනිමින් අදාල පුද්ගලයා මානසික වශයෙන් වඩාත් ව්‍යාකූල තත්ත්වයකට පත්වීම වලක්වා ගත නොහැක. නමුත් නිසි අවධානයකින් යුක්තව කටයුතු කිරීම මගින් එම පුද්ගලයන් මෙම මානසික රෝගී තත්වයෙන් ගලවා ගැනීමට හැකි වනු ඇත. මෙවැනි රෝග ඔබේ සමීපතමයන්ට ඇති නම් වඩාත් අවධානයකින් යුක්තව කටයුතු කිරීම ඔබ සතු වගකීමකි. මෙවැනි රෝග ලක්ෂණ ඔබටත් ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු යොමුවීම මගින් හෝ උපදේශක වරයෙකු හරහා ඔබේ මානසික හා සෞඛ්‍යය මට්ටම සුවදායී තත්ත්වයට පත්කර ගැනීම ඔබ සතු වගකීමකි.



ඩබ්.ඒ.කේ.එන්.විජේසිංහ 
ජනමාධ්‍ය අධ්‍යනාංශය 
කොළඹ විශ්වවිද්‍යාලය 
ශ්‍රී පාලි මණ්ඩපය

Sunday, 4 April 2021

ළමුන්ගේ චර්යාව කෙරෙහි රූපවාහිනියේ බලපෑම

ළමුන්ගේ  චර්යාව කෙරෙහි රූපවාහිනියේ බලපෑම 


     එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තියට අනුව වයස අවුරුදු 18 ට අඩු අයවලුන් ළමුන් ලෙස අර්ථකථනය කර ඇත. ළමයා යනු සෑම අවස්ථාවකම අත්හදා බලන්නෝ  වෙති. ළමයා කුඩා කල සිටම සමාජානුයෝජනය වනු ලබන්නේ කුටුම්භය හරහා ය. නමුදු අද්‍යතනය වන විට රූපවාහිනිය යනු නිවසේ ප්‍රධාන ස්ථානයක් අත්පත් කරගන්නා ලද ප්‍රබල සංහතික මාධ්‍යයක් (Mass Media) ලෙස හැඳින්විය හැක.  


නමුදු ළමයාගේ සමාජානුයෝජන ක්‍රියාවලිය පවුල තුළින් ගොඩ නැංවීම පසෙකලා එම කර්තව්‍ය සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ රූපවාහිනියයි. ළමයාගේ චර්යාව කෙරෙහි ප්‍රබල වශයෙන් සමාජානුයෝජන ක්‍රියාවලිය ඉවහල් වේ. වර්තමානයේ රූපවාහිනිය ඉතා තදබල ලෙස ළමයාගේ ජීවිතයට බද්ධ වී ඇත. බොහෝවිට ඔවුන් රූපවාහිනිය නරඹන්නේ වැඩිහිටි මගපෙන්වීම කින් හෝ අධීක්ෂණයකින් තොරව ය. ළමයා මහා සමාජය වෙත ගමන් කිරීමෙහිදී  සමාජානුයෝජන මාධ්‍යයක් ලෙස අද්‍යතන සමාජය තුළ රූපවාහිනියට ප්‍රබල ස්ථානයක් හිමිව ඇත.  


"පවුලක් තුළ සිටි නව පරම්පරාවක් සමාජානුයෝජනය වූ මාධ්‍යයන් රූපවාහිනී මාධ්‍ය සමඟ වෙනස් වී ඇත"  (විජේසිංහ, 2007). එහිදී පවුලට පැවතී තිබූ සමාජානුයෝජන කාර්යය සිදු කිරීමේ වගකීම අද්‍යතනය වන වන විට රූපවාහිනිය මගින් සිදු කරයි. 


දරුවා සමාජානුයෝජනය වීමේදී ඔහුගේ හෝ ඇයගේ චර්යාව වැදගත් වේ. බොහෝවිට නූතනයේ දරුවන් සමාජයට අනුගත වන්නේ රූපවාහිනිය  මගින් විකාශය කරනු ලබන විවිධ චරිතයට අනුගත වන ආකාරයට බව හඳුනාගත හැක.  මෙහිදී මාධ්‍යවේදියා අද ප්‍රබල වගකීමක් ඇත්තේ දරුවා එළඹෙන සමාජයට සදාචාර සම්පන්න පුරවැසියෙක් බවට පත් කිරීමයි. 


එහිදී මාධ්‍ය ආයතනය ද එළඹෙන  ලෝකයට අවාසිදායක නොවන අයුරින් කටයුතු කළ යුතු වන්නේ ළමයා සමස්ත සමාජයේ මූලබීජය වන බැවිනි. "අවුරුදු දෙකකට අඩු දරුවන් රූපවාහිනියෙන් නරඹන සෑම පැයකටම ඔවුන් උපතින් ලද කිසියම් දෙයකට අවධානය යොමු කිරීමේ ශක්තිය 10% කින් අඩු වන බව සියයට රෝහලේ වෛද්‍ය දිවිත්‍රි ක්‍රිස්ටාස් පීඩියට්‍රිස් වෛද්‍ය සඟරාවට ප්‍රකාශ කර තිබේ (ප්‍රනාන්දු, 2004). 


මේ හරහා හඳුනාගත හැක්කේ රූපවාහිනිය මගින් දරුවාට ප්‍රබල අවාසි සහගත තත්වයන් හට මුහුණ දීමට සිදුවන  ආකාරයයි. මේ අනුව දරුවාගේ වර්ධන අවධියේ වැදගත්ම කාල සීමාව මේ ලෙස මෙය හඳුනාගත හැකිය. අද්‍යතනය වන විට රූපවාහිනී නාලිකා ළමා මනසට නුසුදුසු ආකාරයට වැඩසටහන් නිෂ්පාදනය නොකිරීම ළමයාගේ අයහපත් චර්යා වලට බෙහෙවින් බලපා ඇත. එය දරුවාගේ මනසේ වර්ධනයට ද බෙහෙවින් අහිතකර ලෙස බලපෑම් ඇති කරනු ලබයි. 


රූපවාහිනියේ දිස්වන බොහොමයක් චරිත ළමයා අනුකරණය කිරීමට පෙළඹී ඇත. එහිදී දරුවා නිවැරැදි දෑ නොව වැරදි දෑ ක්ෂණිකව වැළඳ ගැනීමට පෙළඹේ. එක්සත් ජනපදයේ පෙන්වූ "බැට් මෑන්"  චිත්‍රපටයේ එම බැට්මෑන් චරිතය අනුකරණය කරනට යෑමෙන් ළමෝ 12 ක් මියගියහ. මලයාසියානු රූපවාහිනියෙ දුටු සුපර්මෑන් නම් වීරයාගේ චරිතය අනුකරණය කළ දරුවන් හතක් කඳු ගොඩනැගිලි වලින් බිමට පැනීමෙන් මියගිය බව තවත් ළමයෙක් සුපර්මැන් මෙන් මෝටර් රථයක් ඔසවන්නට ගොස් යන්තමින් දිවිගලවා ගත් බවත් ඉවාන් නැමැති තුන් හැවිරිදි ළමයෙකු සුපර්මෑන් අනුකරණය කරනට ගොස්  ඉහළ මාලයේ සිට බිමට පැන මිය ගිය බවත් ආදී ශෝචනීය පුවත්  මෑතක දී හඳුනා ගත හැක. මේ මඟින් හඳුනාගත හැක්කේ රූපවාහිනිය ළමයාගේ චර්යාව කෙරෙහි කෙතරම් බලපෑමක් ඇත කරනවාද යන්නයි. 


රූපවාහිනී විකාශනයන් හා එය දරුවන්ගේ දරුවන්ගේ චර්යාවන් වලට කෙතරම් බලපෑම් ඇති කරනවාද යන්න සමාජ විද්‍යාඥයන් සහ අධ්‍යාපනික විද්‍යාඥයෝ පර්යේෂණ සිදුකර ඇත. ප්‍රධාන වශයෙන්ම ළමයාගේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සඳහා හේතු වී ඇත්තේ රූපවාහිනිය බව නවතම පර්යේෂණ වාර්තාවන් අනූව හෙළිවී ඇත. 


ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා සම්බන්ධයෙන් අධ්‍යයනය කර බලන විට ඒවායෙහි ප්‍රචාරය වන බොහොමයක් වැඩසටහන් විදේශ රටවලින් ආනයනය කරන ලද වැඩසටහන් බව හඳුනාගත හැකි අතරම ඒවා මෙරට සංස්කෘතියට සහ සමාජ ක්‍රියාවලියට කෙලෙස බලපෑම් ඇති කරන්නේ ද යන්න පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ. බටහිර රටක ළමයකු හැදී වැඩෙන පරිසරය මෙරට හා සැසදීමේදී ප්‍රබල වෙනස්කම් හඳුනා ගත හැක. ඇමෙරිකන් ශිෂ්ටාචාරයට මිනීමැරීම විනෝදයකි. ඔවුන්ගේ ශිෂ්ටාචාරය ආරම්භ වන්නේ රතු ඉන්දියානුවන් මරා දැමීමෙනි. මේ නිසා ඔවුන් වන්දනාමාන කරන්නේ ගිනි අවියට ය. නමුත් උසස් සංස්කෘතියකට ආගමකට උරුමකම් කියන මේ රට වැසියන් මිනීමැරුම් අපරාධ භීෂණ ආදී සමාජය තුළ උසස් කොට නොසලකයි. මෙරට විකාශය කරවන  බොහොමයක් බටහිර වැඩසටහන් එරට සංස්කෘතියට සදාචාරයට අනුගත වන ආකාරයට නිර්මාණය කරන ලද්දාවූ වැඩසටහන්ය. නමුත් එම වැඩසටහන් මෙරට සදාචාරයට හා සංස්කෘතියට නොගැලපී හැක. මනෝ විද්‍යාඥයන් පවසන ආකාරයට ලමයින්ගේ චර්යාව කෙරෙහි සහ ළමුන්ගේ මනසට වඩාත් බලපෑම් ඇති කර හැකි වාරණයට ලක් කළ යුතු ප්‍රබල වැඩසටහනක් ලෙස කාටූන් වැඩසටහන් හැඳින්විය හැක. මුල්කාලයේදී මනෝවිද්‍යාඥයින්ගේ ත් අධ්‍යාපනඥයින්ගේ උපදෙස් පිට කාටුන් චිත්‍රපට නිපදවීම සිදු කළ ද අද්‍යතනයේ එවන් ක්‍රියාවලියක් හඳුනාගත නොහැක. පසුගිය කාල වකවානුව තුළ මෙරට සමාජ මාධ්‍යන්හි ළමුන් ප්‍රචණ්ඩත්වයක් ආරෝපණය කරගනිමින් විවිධ ආයුධයක් අතැතිව එකිනෙකාට තර්ජනාත්මකව බැන වැදීමට රූපවාහිනිය  මගින් ලබාදෙන සන්දේශයන් වක්‍රාකාරව හේතු වී ඇත. විශේෂයෙන්ම දරුවන්ගේ ලෝකයේ වීරයන් බවට පත්වී ඇත්තේ රූපවාහිනිය මගින් ඉදිරිපත් කරන ප්‍රචණ්ඩකාරී චරිතයන්ය. නූතනයේ දරුවන් වීරත්වය මනන ලබන්නේ ප්‍රචණ්ඩත්වය මතය. සිව්වන ආණ්ඩුව ලෙස අර්ථකථනය කරමින් මාධ්‍යයට එවැනි ආකාරයට ආමන්ත්‍රණය කරනු ලබන්නේ වගකීමක් සහිතව  සමාජය තුල  කටයුතු කළ යුතු බැවිනි. "හොඳම දේ දරුවන්ටයි" යනුවෙන්  වී. අයි ලෙනින් සඳහන් කර ඇත. මේ අනුව මාධ්‍ය හරහා හොඳම දේ පමණක් දරුවන් හට ලබා දීම වැදගත් වේ. එම වගකීම  රූපවාහිනියට පමණක් නොව සමස්ත මාධ්‍ය ක්‍රියාවලිය සතු වගකීමක් මෙන්ම යුතුකමක් ද වේ. 


විජේසිංහ ඩබ්.ඒ.කේ.එන්

ජනමාධ්‍ය අධ්‍යනාංශය 

කොළඹ විශ්වවිද්‍යාලය 

ශ්‍රී පාලි මණ්ඩපය 



මූලාශ්‍ර 

බණ්ඩාර ධම්මික ඩී.එම්.එස් , සිව්වන ආණ්ඩුව සහ අපරාධ , (2015) , ගොඩගේ සහ සහෝදරයෝ.

Wednesday, 31 March 2021

විශාදය යනු කුමක්ද?

විශාදය යනු කුමක්ද යන්න හඳුනන්නේ ද? මෙම විශාදය එසේත් නැතිනම් depression අප ජීවත් වනු ලබන ජීවිත කාලය තුළ යම් අවස්ථාවකදී මුණගැසෙන රෝගී තත්ත්වයක්. සමාජය තුළ සිදුවන බොහෝමයක් සියදිවි නසාගැනීම් උදෙසා   හේතු වූයේ ද මෙම විශාදය යන රෝගී තත්ත්වයයි. මෙහිදී depression යනු කුමක්ද යන්න වැදගත් වේ. විශාදය යනු සාමාන්‍ය රෝගී තත්ත්වයක් වන අතර නිසි ප්‍රතිකාර ලබාගැනීම මගින් සුවවන රෝගී තත්ත්වයකි. මෙය කිසිවකු දීර්ඝ කාලයක් මුළුල්ලේ නිශේධනීය ආකල්ප තුළින් පීඩා විඳීම හේතු කර ගනිමින් හටගන්නා වූ රෝගී තත්වයක් ලෙස හැඳින්විය හැකිය. 

පසුගිය දා සෙලීනා ගෝමස් සහ ලේඩි ගාගා වැනි සුප්‍රසිද්ධ බටහිර ගායිකාවෝ තමන් විෂාදයෙන් පෙළුණු බවත් එයින් මිදීම පිණිස ප්‍රබල අරගලයක යෙදුණු බවත් ප්‍රසිද්ධියේ හෙළි කළහ.


"මට සිද්ධ උනා ඒකෙන් මිදෙන්න. මට අවශ්‍ය හැම දේම මට තිබුණත් මම ඇතුළතින් සම්පූර්ණයෙන්ම කඩාවැටිලයි හිටියේ. මම කිසි දෙයක් නොවුණු විදිහට හැම දේම කරන්න උත්සාහ කළත් ඒක දීර්ඝ කාලයක් තිස්සේ සඟවන්න උත්සාහ කරනකොට තේරුණා මම මටම හානියක් කරගන්නේ කියලා," ඇමරිකානු සංගීත සම්මාන උළෙළේ දී ජනප්‍රිය ගායිකා සෙලීනා ගෝමස් සිය අත්දැකීම් මාධ්‍ය හමුවේ විස්තර කරන ලදී. 



විෂාදය හටගන්නේ ඇයි?

ඒ ප්‍රශ්නයට නිසැක පිළිතුරක් සොයාගැනීමට තවමත් විද්‍යාඥයන් සමත් වී නැත. යමකුට විෂාදය වැළඳීමට හේතුවන කරුණු නිසැක වශයෙන්ම හඳුනා ගැනීම අපහසුය. යම් පුද්ගලයෙකු අධික ලෙස දුකට පත්වන අවස්ථාවක ඔහු හෝ ඇය මුහුණ දුන් ඒ හැඟීම් පහව නොයා දීර්ඝ කාලීනව පැවතීම විෂාදයට හේතු විය හැකිය. විෂාදය වැළඳීමට එවැනි එක් සිද්ධියක් හෝ හේතු කිහිපයක් වුවත් බලපැවැත්වෙන අවස්ථා තිබෙන බව විශේෂඥ වෛද්‍ය ස්ටීවන් බක්ලි පැහැදිළි කළාය.

"විවිධ හේතු මත පුද්ගලයෙකුට විෂාදයට වැළඳීමේ අවස්ථාව තියනවා. උදාහරණයක් ලෙස එදිනෙදා ඔහු හෝ ඇය මුහුණ දෙන ගෙදරදොර ප්‍රශ්න එහෙමත් නැත්නම් පාසලේ දී මුහුණ දෙන ප්‍රශ්න. හිරිහැරවලට ලක්වීම වැනි හේතු නිසා තමන් ගැනම නිශේධනීය ආකල්ප ඇතිවෙන්න පුළුවන්."



එදිනෙදා ජීවිතයට විෂාදය බලපාන්නේ කොහොමද?

විෂාදය එක් එක් පුද්ගලයන්ට බලපාන්නේ විවිධ මට්ටම්වලිනි.


කිසිවකු කොතෙක් දුරට විෂාදය හේතුවෙන් පීඩා විඳිනවාද යන්න හරිහැටි විනිශ්චය කළ හැක්කේ ඔවුන්ට දැනෙන හැඟීම්වල ස්වභාවය නිරීක්ෂණය කිරීමෙනි.


කිසිවෙකු දිගු කලක් ශෝකයෙන් කල් ගෙවීමටත්, තවත් රෝගියෙකුට තමන් ගැනම ඉතා දැඩි නිශේධනීය ආකල්ප ඇතිවීමටත් තමන් වටිනාකමක් නොමැති පුද්ගලයෙක්ය යන හැඟීමෙන් පීඩා විඳීමටත් විෂාදය හේතු විය හැකිය.


ඕනෑම සුළු ප්‍රශ්නයක් වුවත් ඔබට හිතවත් කෙනකු සමග බෙදා ගැනීමට පැකිළෙන්න එපා. විෂාදයෙන් ගැලවීමේ ප්‍රථම පියවර එය විය හැකියි."

ඩබ් . ඒ . කේ . එන් විජේසිංහ 

ජනමාධ්‍ය අධ්‍යනාංශය 

කොළඹ වවිශ්වවිද්‍යාලය 

ශ්‍රී පාලි මණ්ඩපය 




Tuesday, 30 March 2021

ලිංගිකත්වය හා ළමා මනස




ලිංගිකත්වය යනු පොදු ලක්ෂණයකි.. මිනිසාගේ මූලික අවශ්‍යතා අතුරින් එකකි. නමුත් මෙම පොදු කාරණාව සමාජයට දැනෙන්නට සලස්වන්නේ කෙසේද යමකුගේ කල්පනාවන් හැඟීම් හැසිරීම් මෙන්ම ස්ත්‍රී ද පුරුෂ ද යන්න ප්‍රකාශ කිරීම තුළින් බාහිර ලෝකයට කෙරෙන ප්‍රකාශය නැතහොත් හැඳින්වීම් ලිංගිකත්වය ලෙස හැදින්විය හැක. 

මෙම ලිංගිකත්වය සහ ළමා මනස යන කාරණාව අධ්‍යතනය  වන විට ප්‍රබල සමාජ ගැටළුවක් බවට පත්වී ඇත. නමුත් මෙය කෙතරම් සමාජය තුළ කතා බහට ලක් කරනු ලැබුවද  තවදුරටත් සමාජය තුළ සිදුවන විවිධාකාරයේ ක්‍රියාදාමයන් වැළැක්වීම  උදෙසා එය අපොහොසත් වී ඇත. ලිංගිකත්වය සහ ළමා මනස යන කාරණාව පිළිබඳව විමර්ශනය කිරීමෙහි දී  ළමයා යන්න වැදගත්ය. අව්‍යාජත්වයේ හා සුන්දරත්වයේ විශ්වමය සංකේතය වශයෙන් ළමයා හඳුනාගත හැකිය. ළමා මනස සෑම අවස්ථාවකදීම කුතුහලයෙන් පෙළේ. 1970 දශකයේ Michael Rutter ගේ පර්යේෂණ කටයුතු හේතුකොට ගනිමින් ළමා මනෝවිද්‍යාවේ විශාල වෙනසක් 1980 වකවානුවේ සිදු විය. මේ සඳහා පළමු සමීක්ෂණය 1970 දී ලන්ඩන් සහ   Isle of wight නගරවල වයස 9 සිට 11 දක්වා  වූ ළමුන් මගින් සිදු කෙරිණි. මේ මගින් ළමා මනෝ විද්‍යාවට අදාළ වැදගත් ප්‍රශ්න රාශියක් කේන්ද්‍ර ගත කර තිබිණ. 

ලිංගිකත්වය සම්බන්ධයෙන් ළමා මනස පිළිබඳව අධ්‍යනය  කරන විට දී බෙහෙවින් කුතුහලය ජනනය කරනු ලබන මානසිකත්වයක් ඔවුන් සතුවේ.  පාසල් අධ්‍යාපනය සහ පවුල තුළින් දරුවාට නිසි ලිංගික අධ්‍යාපනයක් මඟින් ලිංගිකත්වය පිළිබඳව ස්ථිරසාර ප්‍රථුල  සංජානනයක් ලබා දෙන්නේද යන්න පිළිබඳව අධ්‍යතනය  වන විට ප්‍රබල ගැටළුවක් මතුවී තිබේ. 

පාසල් අධ්‍යාපනය මඟින් විවිධ විෂයයන් හරහා ළමුන් වෙත ලිංගික අධ්‍යාපනය ලබාදීම සඳහා  උත්සාහ දරා ඇත. එහිදී ළමුන් තුළ ඇති කුතුහලය කෙතරම්දයත්  එම කෘති තමා අත පත් විගස එම ළමුන් සැනින් අවධානය යොමු කරන්නේ තමනට කුතුහලය ගෙන තුන් එම පරිච්ඡේදය වෙතය. නමුත් වත්මන් ගුරුවරුන් සිය අවධානය අවම වශයෙන් යොමු කරන්නේ ද අදාළ පරිච්ඡේදය වෙතටය. මේ සමාජය තුළ කතාබහට ලොක් නොකළ ද ප්‍රබල ගැටළුවකි. 


මෙම ලිංගික අධ්‍යාපනය නිසි පරිදි ළමුනට නොලැබීම හේතු කර ගනිමින් ළමා අපචාර යන ට සහ ලිංගික හිංසන වලට හිංසන වලට ළමුන් වැඩි වශයෙන් ගොදුරු වීම වළක්වා වලක්වා ගත නොහැක. ළමා අපචාර යනු ළමයාගේ කායික මානසික වර්ධනයට මෙන්ම සෞඛ්‍යයට හානි වන ලෙස ළමයා වේදනාවට පත් කරවන අයහපත් ක්‍රියාවන් ය. ළමා අපචාරයන් අතුරින් ළමයාට මානසික වශයෙන් ප්‍රබල බලපෑමක් කළ හැකි වන්නේ ලිංගික අපචාර හරහා ය. එය එම දරැවාගේ ජීවිත කාලය තුළටම වලංගු විය හැකි කාරණාවක් විය හැක. ලිංගිකත්වය සම්බන්ධයෙන් සහානුභූතිය ළමයා තුළ ගොඩනැඟීම වැදගත් වේ. එමගින් සමාජය තුළ ළමයා සම්බන්ධයෙන් නිර්මාණය වන ගැටලු රැසක් අවම කර ගැනීමට හැකියාව ඇතිවේ. 

ඩබ්.ඒ.කේ.එන් විජේසිංහ 
ජනමාධ්‍ය අධ්‍යනාංශය 
කොළඹ විශ්වවිද්‍යාලය 
ශ්‍රී පාලි මණ්ඩපය 

 

Thursday, 11 February 2021

අදහස් බෙදාගැනීම පහසු කරමින් චීනයෙන් බිහි වූ මුද්‍රණ යන්ත්‍ර

සමරූපී පොත්පත්, තොරතුරු පත්‍රිකා, හා පුවත්පත් වැනි මුද්‍රණය කරන ලද අදහස් එකිනෙකා අතර හුවමාරු කරගැනීම සඳහා මඟ පාදමින් නිර්මාණය වූ ‘මුද්‍රණ යන්ත්‍රය’ මිනිස් ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. පුරාණ චීන සමාජයේ මහත් පෙරළියක් ඇති කළ එය, 15 වැනි සියවසේ දී යුරෝපා මහද්වීපය තුළ ඉහළ ජනප්‍රියත්වයක් අත්කර ගත්තේ වඩාත් වැඩි දියුණු වෙමින්. ලොව ප්‍රථම මුද්‍රණ යන්ත්‍රය නිෂ්පාදනය කළේ කවදා, කවුරුන් විසින් ද යන ප්‍රශ්න සඳහා නිශ්චිත පිළිතුරු නොමැති වුව ද, දැනට සොයාගෙන ඇති පැරණි ම මුද්‍රිත ලේඛනය චීනයෙන් හමු වී ඇති අතර එය අයත් වන්නේ ක්‍රි. ව. 1 වැනි සහස්‍රයට යි.

චීනයේ ඩූහ්වාං ප්‍රදේශයෙන් හමු වූ ටැන්ග් රාජ සමයේ දී (ක්‍රි. ව. 868 දී පමණ) මුද්‍රිත ‘වජ්‍ර සූත්‍රය’ නම් බෞද්ධ ග්‍රන්ථය, ලොව පැරණි ම මුද්‍රිත ග්‍රන්ථය ලෙස සැලකෙනවා. එය මුද්‍රණය කිරීම සඳහා යොදාගෙන ඇත්තේ ‘අච්චු මුද්‍රණය’ (block printing) නම් ක්‍රමවේදය යි. එහි දී පිටපැත්තට සිටින සේ දැවමය පුවරුවල අතින් කැටයම් කරන ලද අච්චු යොදාගෙන පොත් මුද්‍රණය කිරීම සිදුකරන අතර, පිටපත් රාශියක් මුද්‍රණය කළ හැකි වුව ද වෙනත් ග්‍රන්ථයක් මුද්‍රණය කිරීම සඳහා භාවිතා කළ නොහැකි බැවින් මුද්‍රණ ක්‍රියාවලියෙන් අනතුරුව අදාළ අච්චුව ඉවත දැමීමට සිදු වී තිබෙනවා.

https://assets.roar.media/assets/MiprkzOn6b5ZeipN_Picture-7.jpg
(© The British Library) ‘වජ්‍ර සූත්‍රය’ ග්‍රන්ථයේ කොටසක්

කෙටි කලෙකින් ම චීන සමාජය තුළ මුද්‍රණ ශිල්පය අතිශය ජනප්‍රිය වී ඇති අතර,  ක්‍රි. ව. 972 වන විට පිටු 130,000 කින් සමන්විත වූ ත්‍රිපිටකයේ චීන පරිවර්තනය පවා මුද්‍රණය කිරීමට1 චීන වැසියන් සමත් වී ඇති බව යි වාර්තා වන්නේ. එයට අමතර ව දැවමය අච්චු යොදාගනිමින් ඔවුන් ගණිතමය වගු, වාග් මාලා මාර්ගෝපදේශන, ශබ්දකෝෂ, පංචාංග ලිත්, සහ ආචාර ධර්ම සංග්‍රහයන් පවා මුද්‍රණය කර තිබෙනවා.

බී ෂෙන්ග්ගේ අකුරු අච්චු

පසුකාලීන ව අච්චු මුද්‍රණයේ දී භාවිතා කරන ලද දැවමය අච්චු අපතේ දැමීම වෙනුවට විකල්ප ක්‍රමයක් හඳුන්වා දී ඇත්තේ ක්‍රි. ව. 970 – 1051 අතර කාලයේ චීනයේ යින්ග්ෂෑන් ප්‍රදේශයේ වාසය කළ බී ෂෙන්ග් නම් නව නිපැයුම්කරුවා විසින්. ඒ අනුව සම්පූර්ණ පිටුවක් අන්තර්ගත වූ දැවමය අච්චු ඉවත දමා එක් එක් අකුර සඳහා වෙන් වෙන් අච්චු භාවිතා කිරීම ආරම්භ කර තිබෙනවා. එහි දී සිදු වී ඇත්තේ කුඩා මැටි පුවරුවක් මත කැටයම් කරන අකුරු අච්චුව පුලුස්සා ගැනීමෙන් අනතුරු ව වචනයක් සැකසෙන අයුරින් යකඩ රාමුවක් මත තැන්පත් කර, යකඩ තහඩුවකට තබා තද කිරීම යි.

https://assets.roar.media/assets/MiprkzOn6b5ZeipN_Picture-7.jpg
(© Ancient Pages) පුරාණ චීන අකුරු අච්චු

බී ෂෙන්ග්ගේ මුද්‍රණාලය ගැන මුල් වරට තොරතුරු වාර්තා කර ඇත්තේ ක්‍රි. ව. 1086 දී ෂෙන් කුඕ නම් විද්‍යාඥයා විසින්. ඔහු වාර්තා කර ඇත්තේ දැවමය අච්චු පහසුවෙන් තෙතමනය උරා ගන්නා බැවින් සහ ඒ මත තීන්ත නිසි පරිදි තැන්පත් නොවන බැවින් බී ෂෙන්ග් විසින් දැවමය අච්චු භාවිතා නොකරන ලද බව යි. කෙසේ වුව ද චීන හෝඩියේ අකුරු 40,000ක් පමණ පවතින බැවින් බී ෂෙන්ග් විසින් හඳුන්වා දුන් අච්චු අකුරු ක්‍රමවේදය ද වැඩිකල් භාවිතයේ පැවතී නැහැ.

නැවතත් අච්චු මුද්‍රණ ශිල්පයට

ක්‍රි. ව. 1297 දී චීන මහේස්ත්‍රාත්වරයෙකු වූ වෑන්ග් චෙන් විසින් අච්චු මුද්‍රණය යොදාගනිමින්  කෘෂිකර්මය සහ ගොවිතැන් සිරිත් ගැන ‘නුන්ග් ෂූ’ නම් ග්‍රන්ථය මුද්‍රණය කිරීමෙන් පසු ව, නැවත වරක් අච්චු මුද්‍රණ ශිල්ප ක්‍රම භාවිතයට පැමිණ තිබෙනවා. වෑන්ග් චෙන් විසින් දැවමය අච්චු වැඩි කාලයක් තබාගත හැකි උපක්‍රමයක් හඳුන්වා දී ඇති අතර, වඩාත් කාර්යක්ෂම ව සහ වේගයෙන් මුද්‍රණ කටයුතු සිදු කිරීම සඳහා කැරකෙන මේසයක් ද නිර්මාණය කර ඇති බව යි වාර්තා වන්නේ.

https://assets.roar.media/assets/MiprkzOn6b5ZeipN_Picture-7.jpg
(© Wikimedia Commons) ‘නුන්ග් ෂූ’ පුස්තකයේ කොටසක්

වෑන්ග් චෙන්ගේ ‘නුන්ග් ෂූ’ පුස්තකය සැලකෙන්නේ මහා පරිමාණයෙන් මුද්‍රණය කරන ලද ලොව ප්‍රථම ග්‍රන්ථය ලෙස යි. එය යුරෝපා මහද්වීපයට පවා අපනයන කර ඇති අතර, චීනයෙන් බිහි වූ මුද්‍රණ යන්ත්‍රය සහ මහා පරිමාණ මුද්‍රණ ක්‍රමවේදයන් පිළිබඳ තොරතුරු යුරෝපීයයන් දැනගන්නට ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙස බවට සැකයක් නැහැ.

නොසිතූ ලෙස අනාවරණය වූ ගුටෙන්බර්ග්ගේ මුද්‍රණාලය

නමුත් වෑන්ග් චෙන් විසින් වැඩි දියුණු කරන ලද මුද්‍රණ ක්‍රමවේද හඳුන්වා දී වසර 150ක් ගතවන තුරු ම යුරෝපා මහද්වීපයෙන් මුද්‍රණාලයක් ගැන තොරතුරු වාර්තා නොවූ අතර, වරකට අකුර බැගින් යොදාගනිමින් මුද්‍රණය කිරීමේ ක්‍රමයක් සොයාගැනීම සඳහා රටවල් කිහිපයක ම කාර්මිකයන් උත්සාහ කර තිබෙනවා. දේශපාලන හේතූන් මත ජර්මනයෙන් පිටුවහල් කරන ලද යොහැනස් ගුටෙන්බර්ග් නම් රන්කරුවා ප්‍රංශයට පැමිණ මුද්‍රණ යන්ත්‍රයක් නිර්මාණය කිරීම අරඹා ඇත්තේ ක්‍රි. ව. 1440 සිට යි. අංග සම්පූර්ණ මුද්‍රණ යන්ත්‍රයක් ලොවට හඳුන්වාදීමේ දැඩි ආශාවෙන් පසු වූ ගුටෙන්බර්ග්, තමන් නිපදවන ලද මුද්‍රණ යන්ත්‍රය ප්‍රසිද්ධියට පත් නොකර තවත් වර්ධනය කිරීමට උත්සාහ දරමින් සිටිය දී එය නිපදවීම සඳහා මුදල් ආයෝජනය කරන ලද ඔහුගේ ව්‍යාපාර හවුල්කරු මියගොස් තිබෙනවා. ගුටෙන්බර්ග්ගේ මුද්‍රණ යන්ත්‍රය පිළිබඳ තොරතුරු අනාවරණය වුණේ ඒ සම්බන්ධයෙන් පැවති බූදල් නඩුකරයේ දී යි.

https://assets.roar.media/assets/MiprkzOn6b5ZeipN_Picture-7.jpg
(© International Printing Museum) ගුටෙන්බර්ග්ගේ මුද්‍රණ යන්ත්‍රයේ නූතන අනුරුවක්

ගුටෙන්බර්ග් විසින් දැව වෙනුවට ලෝහ යොදාගනිමින් අකුරු අච්චු සහිත මුද්‍රණ යන්ත්‍රයක් නිර්මාණය කර ඇති අතර, ක්‍රි. ව. 1452 දී ඔහු, යොහැනස් ෆස්ට් නම් ණයකරු සමග හවුල් ගිවිසුමක් ඇති කරගෙන මුද්‍රණාලයක් ආරම්භ කර තිබෙනවා. එහි මුද්‍රණය කරන ලද ප්‍රථම ග්‍රන්ථය ලෙස සැලකෙන්නේ බයිබලය යි. පළමු මුද්‍රණයේ දී ඔහු පිටු 1,300 කින් යුතු බයිබල් 180ක් මුද්‍රණය කර ඇති අතර, ඒ සඳහා අකුරු අච්චු 300ක් සහ කඩදාසි 50,000ක් යොදාගත් බව යි වාර්තා වන්නේ. ගුටෙන්බර්ග් විසින් මුද්‍රණය කරන ලද බයිබලයේ ඇතැම් කොටස් වර්ණ යොදාගනිමින් මුද්‍රණය කර ඇති අතර, එයින් පිටපත් 21ක් සම්පූර්ණයෙන් ම සුරක්ෂිත ව පවතිනවා.

https://assets.roar.media/assets/MiprkzOn6b5ZeipN_Picture-7.jpg
(© Kevin Eng) ගුටෙන්බර්ග්ගේ බයිබලය

යුරෝපය පුරා පැතිරුණු මුද්‍රණ ශිල්පය

ගුටෙන්බර්ග්ගෙන් පසු ව ඉතාලි ජාතිකයන් මුද්‍රණ යන්ත්‍ර නිපදවීම අරඹා ඇති අතර ක්‍රි. ව. 1470 වන විට මුද්‍රණ ශිල්පය, වාණිජමය කාර්මාන්තයක් වශයෙන් ඉතාලිය තුළ ජනප්‍රිය වී තිබෙනවා. එසේ ම 15 වැනි සියවස අවසන් වන විට ක්‍රමයෙන් මුද්‍රණ යන්ත්‍ර, ස්පාඤ්ඤය සහ පෘතුගාලය තුළ ද පැතිරී ගියා. විලියම් කැක්ස්ටන් නම් බෙල්ජියමේ වාසය කළ ඉංග්‍රීසි ජාතිකයා විසින් එංගලන්තයට මුද්‍රණ යන්ත්‍රය හඳුන්වා දී ඇත්තේ ක්‍රි. ව. 1476 දී යි. පසු ව ඔහු වෙස්ට්මින්ස්ටර් දෙව්මැදුර තුළ මුද්‍රණාලයක් ස්ථාපිත කර ක්‍රි. ව. 1491 දී සිදු වූ ඔහුගේ මරණය තෙක් එංගලන්ත රජ පවුලේ ප්‍රධාන මුද්‍රණකරු ලෙස කටයුතු කරන ලද බව සඳහන්.

https://assets.roar.media/assets/MiprkzOn6b5ZeipN_Picture-7.jpg
(© University Library of Heidelberg) ලොව ප්‍රථම පුවත්පත

මුද්‍රණ යන්ත්‍රයේ දියුණුවත් සමග ජර්මනියෙන් ලොව ප්‍රථම පුවත්පත බිහි වුණා. ‘Relation aller Fürnemmen und gedenckwürdigen Historien’ නම් වූ එය මුල් වරට මුද්‍රණය කරන ලද්දේ ක්‍රි. ව. 1605 දී යි. පුවත්පතකට වඩා තොරතුරු පත්‍රිකාවක ස්වරූපය ගත් එය මුද්‍රණය කිරීම සඳහා යොහාන් කැරොලස් නම් ප්‍රකාශකයා මූලිකත්වය ගෙන කටයුතු කර තිබෙනවා. එසේ අරඹන ලද පුවත්පත් කෙටි කලෙකින් ම යුරෝපය තුළ ජනප්‍රිය වී ඇත්තේ සාමාන්‍ය ජනතාව අතර අදහස් සහ තොරතුරු හුවමාරු කරගැනීම සඳහා මංපෙත් විවර කර දෙමින්.

මූලාශ්‍රය :

1 පොතේ කතාව / ධනපාල ගුණසේකර / විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය


Kasuni wijesinghe 

Department of mass media 

University of colombo

Sri palee campus 

ගවේෂණාත්මක වාර්තාකරණය

ගවේෂණාත්මක වාර්තාකරණය ගවේශනාත්මක වාර්තාකරණය යනු කිසියම් සිද්ධියක්, අවස්ථාවක් හෝ පුද්ගලයෙකු පිලිබඳ ගැඹුරින් සොයා බලා වාර්තා කිරීම...