අවලස්සන ජීවිතය සුන්දර කරගත හැක්කේ ඔබට පමණකි
ලස්සන අරාබි කියමනක් තියෙනවා..
ඔබට මැරෙන්න ඕනෙද??එහෙනම් මුහුදට පනින්න 😥ඔබ ඔබේ උපරිම ශක්තිය යොදලා වතුර එක්ක පොර බදයි..බේරෙන්න උත්සහ කරයි..මොකද, ඔබට ඕනෙ ඔබව මරන්න නෙමෙයි..ඔබ ඇතුලෙ තියෙන යම්කිසි දෙයක් මරන්න..😧 සාර්ථකත්වය ගැන,හොද ව්‍යාපාරික අදහස් ගැන,ස්වභාවධර්ම නීති ගැන කතා කරන්න කලින්, මුලින්ම ඔබ ඔබේ හිත හදාගෙන ඉන්න ඕනෙ..❤🥀
මොකද ,, හම්බෙන කෙනෙක් එහෙම නැත්තම් එන මැසේජ් එහෙකින් පවා හුගක් දෙනෙක් අහන්නනෙ .. #කොහොමද_හිත_හදාගන්නෙ ???? 🤷🤷මනෝ විද්‍යාව පසුවිපරම් කරන කෙනෙක් විදියට.. හැමෝම දිහා බලද්දී.. තේරුම් යන එකම දේ෴ "මට හිතට වද දෙන ගැටළුවක් තියෙනවා" කියලා කීවත්,,කවුරුත් කියන්නෙ නෑ තමන්ට තියෙන ගැටළුව මොකක්ද කියලා 🤔🤔
ඔබ කියන්නෙ මට වැඩ කරන්න හිතෙන්නෙ නෑ මට කම්මැලි,මට වැඩ කරන්න ඕනෙ හැබැයි වැඩි ආසාවක් නෑ,මං අතරමං වෙලා වගේ..මට නින්ද යන්නෙ නෑ 😧😥මගෙ ඔළුව අවුල් වෙලා වගේ හැබැයි හේතුවක් දන්නෙ නෑ... 🤦🤦
හේතුව ඔබ දන්නවා 💆හැබැයි ඔබට කියාගන්න බෑ..ඉතින් මම විශ්වාස කරනවා..මේ..ඔයා කාටවත් නොකියන ජීව්තයෙ ඔබෙ පතික්ෂේප වීම් වල විවිධ මුහුණුවරවල්..💆මේ ඔබේ ජීවිතේ වේදනාකාරී බැදීම් නිසා ඇති උනු හිස් විනාශකාරී මානසිකත්වයන්ගේ විවිධ මුහුණුවරවල්..😧😫ඇයි අපි එහෙම කියන්නේ??මේ ලෝකෙ මිලියන ගානක් කෝටි ගානක් මිනිස්සුන්ගෙ මානසික මට්ටම් අරගෙන පරීක්ෂණ කරත්,හැගීම් ,දැනීම් තියෙන අවංක මනුස්සයෙක්ගෙ ලොකුම සතුට තමයි තමන් ආදරය කරන අය තමන්ව පිලිගැනීම 🧚🧚
ඒ සැනසීම ඔළුවෙ තියාගෙන මිනිස්සුන්ට මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නෑ.💆❤ මේ ලෝකෙ අමාරුම කන්ද තරණය කරන්න පුළුවන් , මේ ලොකෙ බිහිසුණුම මුහුද හරහා පීනන්න පුළුවන් , හැබැයි ....ඒ වගේම තමයි අනිත් පැත්තත්.මනුස්සයෙක්ට දැනෙන්න පුළුවන් ලොකුම දුක තමයි තමන් ආදරය කරන අය තමන්ව පිලි නොගැනීම.😭
මගහැරීම .. ඒ වගේ බිදුණු මානසිකත්වයකින් අමාරු කන්දක් නගින්න තියා..දෙපයින් හිටගෙන ඉන්නත් අමාරුයි🌺
මුහුදක් තරණය කරන්න තියා වතුර උගුරක් දිවෙන් පහලට දාගන්නත් අමාරුයි🌺 කිසිම වැඩක් නොකර ඔයාට වෙහෙසක් දැනෙන්නේ ,ලෝකෙ කොයි අතට දිව්වත් ඔයාට ඇදේ මුණින් අතට හැරිලා ඔහේ ඉන්න හිතෙන්නෙ , ඔයා ඉන්න තැනක් අස් කරගන්නැත්තේ,ඇදුමක් හේදගන්නෙ නැත්තේ,..ඔයාට ඒ පුංචි දේවලුත් මේ වෙලාවෙ හුගක් ලොකුවට දැනෙන නිසා 🍁🍁🍁🍁
ඔයා මේ වෙලාවෙ මේ ලෝකෙ කොහෙ හිටියත් මේ ගතවෙන හැම දවසකම,තප්පරේකම ඔබෙ බැදීම් වල හිනාවන් වලට වඩා තියෙන්නෙ කදුලුනම්,ජෝක්ස් වලට වඩා තියෙන්නෙ ෆයිට්ස් නම්.. ඔයාගෙ හදවත හොදින් කියලා හිතපු දවස් වලට වඩා කලකිරුනු දවස් වැඩි නම්.😭😥 ඔයා ආදරය කරපු පලියට එයාලට ඔබව විනාශ කරන්න අයිතියක් නෑ..⚔️⚔️
ඔයා හැමදාම ඒ අයට ආදරේ කරනවා..එයාලගෙන් ආදරේ ලැබෙයිද නොලැබෙයිද කියන එක නෙමේ ගැටළුව..#මොනවා_උනත් කියන තැන ඔයා හැමදාම ඉන්නවා .. ඒඅයගෙන් කිසිම දෙයක් නොලබාම ඔයා විතරක් ආදරේ කරන්න ගත්තාම ඔයා කරන දේ හරියට යුතුකමක් වගේ වෙනවා.ඒ කියන්නෙ ඔයා කරන ආදරේට පෙරලා ආදරයක් ලැබෙනවා වෙනුවට ඔයා යුතුකමක් ඉෂ්ඨ කරන කෙනෙක් ගානට වැටෙනවා ... එතකොට ඔයාට නිකන්ම ලේබල් එකක් වදිනවා මෙතන තමයි ආදරේ ලැබෙන තැන..මම ආදරේ නොකලත් එතනින් තමයි මට ආදරේ ලැබෙන තැන..ඉතින් මිනිස්සු හිතන්න පටන් ගන්නවා ලේබල් කරනවා මේ විදියට..
🌺🌺අපිට අවශ්‍ය වෙලාවට ආදරය බෙදා හරින එක තමයි මෙයාගෙ ජොබ් එක 🌺🌺
මිනිස්සු විශ්වාස කරන්න පටන් ගන්නවා ඒකට තමයි ඔයා ඉපදිලා ඉන්නෙ කියලා.නෑ... ඔයත් ආදරය ලබන්න සුදුසුයි ❤❤ඔයා ආදරය කරනවා වගේම ඔයාටත් ආදරය ලැබිය යුතුයි.ආදරය දෙපැත්තෙන්ම සමබර වෙන්න ඕනෙ.ඔයා හොද හුස්මක් පහලට හෙලන්න..දිගටම කරන්න..තව තව ... ඔයාට දිගටම මෙහෙම ඉන්න පුලුවන්ද???බෑ 🧘 ඔයා හුස්ම ඉහලට ගන්න තව ගන්න ..දිගටම ගන්න.. දිගටම මෙහෙම හුස්ම තද කරන් ඉන්න පුළුවන්ද??අනේ බෑ..🧘මොකද බැලන්ස් නෑ 🤷🤷ඔයත් කරන්නෙ බැදීමක් ඇතුලේ තනියම කැපකිරීමක් නම් කොහොමද ඒක praයෝගික වෙන්නෙ??ඔයා පපුව පිරෙන්න ආදරේ දීලත් ඒ අයට මදිනම් ඔයා ඉන්නෙ වැරදි තැනක..😔😔
ඔයාට ඔවුන්ගේ අවධානය සහ වටිනා කාලය වෙනුවෙන් යදින්න වෙනවනම් ඔවා ඉන්නෙ සුදුසු තැනක නෙමෙයි .. ඔයා පුංචි දේටත් හිත රිදවගන්න කෙනෙක් කියලා දන්නවනම්,දැන දැනම ගානක් නෑ වගේ ඉන්නවනම් ඔයා ඉන්නෙ සුදුසු තැනක නෙමේ 🌺 නිදාගන්න ගිහින් GN කීවට පස්සෙත් ඔයා අඩන බව දැන දැනම එලි වෙනකම් ඇඩුවත් කමක් නෑ කියලා ඉන්නවනම්..ඔයා ඉන්නෙ සුදුසු තැනක නෙමෙයි ..ඔයාලා විනාශ වෙනවා බලන් ඉන්න එක එයාලට OK නම් ඔයා ඉන්නෙ සුදුසු තැනක නෙමේ 🌺
❤❤ ඔයාගෙ වටිනාකම අවබෝධ කරගන්න.ඔබ මීට වඩා බොහොම වටින දේවල් ලබන්න සුදුසු කෙනෙක්.🍁ඔබ සුවපහසු වැලදගැනීමක් ලබන්න සුදුසුයි.❤🧚නලලට ආදරණීය හාදුවක් ලබන්න සුදුසුයි.සෙනෙහස පිරුණු හිස පිරිමැදීමක් ලබන්න සුදුසුයි.සරලවම ඔයා විදවන්න,කලකිරෙන්න නෙමේ සතුටින් ඉන්න සුදුසු කෙනෙක්..
ඉතින් දවසක් එනවා..
🧚🧚🧚🧚ඔවුන්ට ඔබේ වටිනාකම දැනෙන දවසක් එනවා..අන්න එදාට ඔයා ඊටත් වඩා වටින කෙනෙක් වෙලා ඉන්න 🧚🧚🧚🧚
උපුටා ගැනීමකි
No comments:
Post a Comment