ලොව පුරා වේගයෙන් හමායන උන්මාදයෙන් ළමා මනස ගලවා ගමු
වර්තමානයේ තුළ අප ජීවත් වන්නේ සංකීර්ණ සමාජ වපසරියක් තුළ ය. එහිදී එකිනෙකා දැඩි ලෙස අනෙකාගෙන් වෙන්වී කටයුතු කිරීමට නිරන්තරයෙන් උත්සාහ ගනු ලබයි. තම අත ඇති ජංගම දුරකථනය වෙත සියල්ලට වඩා ප්රමුඛස්ථානයක් ලබාදී ඇති බව දක්නට ලැබේ. එම නිසා මිනිසා කෙතරම් හුදකලා වී ද යත් තම සබැදියන් පිළිබඳව අවධානය යොමු කිරීම සිදුකරනු ලබන්නේ ඉතාමත් අල්ප වශයෙනි. වත්මන් කුටුම්භ අභ්‍යන්තරය පිළිබඳව විමසීමේදී කුඩා දරුවන් එම තාක්ෂණික වෛරසයේ ගොදුරක් බවට පත් වූ තැනැත්තෙකු ලෙස හදුනා ගත හැකිය. ළමා මනස යනු අලුත් දෑ විමසන මනසකි. එම සංවර්ධනය වන මනස තුළට තාක්ෂණය අහිතකර විපාක හේතුවෙන් දැඩි ලෙස අකර්මණ්‍ය වීමට ගතවන්නේ නිමේෂයන් කිහිපයක් පමණක් විය හැකිය.
කුඩා මනසට නිර්මාණශීලීත්වය යන්න අත්‍යවශ්‍ය සාධකයකි පෙර පාසල් වියෙහි දී පවා තම දෑත් එක්කොට සිදු කරනු ලබන ක්‍රියාකාරකම් බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ කුඩා දරුවාගේ මොළයේ ක්‍රියාකාරීත්වය සඳහා ය. එබැවින් එම කුඩා අවධිය තුළ එම දරුවා අතැතිව නිරන්තරයෙන් ජංගම දුරකථනය , ටැබ්ලට් පරිගණක භාවිතය වැනි තාක්ෂණික අංගෝපාංග භාවිතය හරහා කුඩා මනස කෙතරම් තාක්ෂණික වශයෙන් අහිතකර බලපෑමක් ඇතිවිය හැකි ද යන්න වර්තමානය වන විට සාකච්ඡා කළ යුතු මාතෘකාවක් බවට පත්වී හමාරය.
එය එසේ සිදුවන්නේ වැඩිහිටියන්ගේ නොමනා ක්‍රියා කලාපයන් නිසා ය. තමා යම් කාර්යයක නිරත වීමේදී තම දරුවාගෙන් පැමිණෙන විවිධ බාධක මැඩගෙන තම කාර්යයේ නිරත වීම සඳහා යොදා ගන්නා උපාංගයක් ලෙස දෙමව්පියන් විසින් ජංගම දුරකථනය භාවිතයට ගනී. ඒ හරහා තම ඡංගම දුරකථනය දරුවා අතට ලබාදී, දරුවාගේ අවධානය ජංගම දුරකතනය වෙත යොමු කිරීමට උත්සාහ ගනු ලබයි.
බොහෝ විට වත්මන් කුඩා දරු දැරියන් වැඩි වශයෙන් පෙළඹී ඇත්තේ පරිගණක ක්‍රීඩා (computer Games) , කාටුන් (Cartoon) සඳහාය.
ක්‍රීඩා කිරීම සහ සෞන්දර්යජනන කරනු ලබන ක්‍රියාකාරකම් වල අවශ්‍යයෙන්ම යෙදිය යුතු වයසේ සිටින දරුවෙකුට මවුපියන් සිදු කරන දැඩි පීඩනය මවුපියන් ගේ ප්‍රකාශ මඟින් වර්තමානයේ වැඩි වශයෙන් පෙනෙයි. කුඩා දරුවෙකුට අවශ්‍ය වන්නේ සමබර ජීවිතයකි.
ඒ සඳහා ප්‍රමාණවත් නින්ද , ක්‍රීඩා සෞන්දර්ය ක්‍රියාකාරකම් ලැබීම ද අතිශයින් වැදගත් වේ.
එයට අමතරව ආදරය පිළිගැනීම සහ රැකවරණය දරුවාට අත්‍යවශයෙන්ම කුටුම්භය තුළින් ලැබිය යුතු සම්පත්ය. පහස නිමවී සැලකෙන දරුවා රැගෙන යන්නේ අමතර පන්ති වෙතය. දරුවා යන්න රොබෝවරයකු නොවන බව දෙමාපියන් සේම වැඩිහිටියන් ද දැනගත යුතු ප්‍රබල කාරණාවකි.
දරුවෙකුට අවවාද අනුශාසනා බැණවැදීම් පහරදීම් වලින් නොව ආදර්ශයන් සහ යහගුණයන් ඔහුගේ ජීවිතයට ඇතුළත් කළ යුතු බව මවුපියන් අවබෝධ කරගත යුතුය.
එසේම කාටුන් පිළිබඳ මවුපියන්ගේ දැක්ම සාවද්‍ය එකකි. කාටුන් හි සුරතල් ,සතුන් , කුඩා දරුවන් සිටි පමණකින් වර්තමානයේ විකාශනය වනු ලබන කාටුන් දරුවකුට සුදුසු නොවෙයි. විශේෂයෙන් අප රටේ විකාශය වන කාටුන් තුළින් දරුවන්ගේ පෞරුෂයට වන හානිය බලවත්ය. බොහෝමයක් කාටුන් හි ඇත්තේ ප්රචණ්ඩත්වය වපුරන ක්රියාවන්ය , කපටිකම් ය. යුද්ධ , ආයුධ පරිහරණය , අවිනීත භාෂා භාවිතය , මත්පැන් , දුම්වැටි සොරකම , උදුරා උදුරාගැනීම පහරදීම , අන්සතු දේවල් වලට හානි කිරීම සහ අනුන්ට සිදුවන විපත් හිටි සතුටට පත්වීම , ආත්මාර්ථකාමී හැඟීම් සහ කෑදර බව පෙන්වීම ආදිය මේවා ආකර්ෂණය කොට ආකර්ෂණීය චරිත යොදා ගනිමින් දරුවාට ලබා දෙද්දී, මෙම චර්යාවන් අවිඥානිකව දරුවාගේ මනස තුළ තැන්පත් වෙයි. එම නිසා දෙමාපියන් විසින් සවිඥානිකව කටයුතු කිරීම වැදගත් වේ.
වීඩියෝ ගේම්ස් සහ කාටුන් දරුවන්ගේ ප්රචණ්ඩත්වය ට හේතු වී තිබේ. ඒ බව සමීක්ෂණයන් ආධාරයෙන් හෙළිදරව් කර ඇත. එහිදී ඇතැම් මවුවරුන් තම ජංගම දුරකථනය අනිසි ලෙස දරුවන්ට භාවිතා කිරීමට පෙළඹවීම පමණක් නොව කාටුන් නැරඹීමට ද දරුවන් පොළඹවන බව දක්නට ලැබේ.
එසේම වයස අවුරුදු තුනට අඩු දරුවන් හට රූපවාහිනිය කිසිසේත්ම නොපෙන්විය යුතු අතර වයස අවුරුදු දහය වන තෙක් දරුවන්ට එක දිගට පැයකට වඩා රූපවාහිනිය නැරඹීමට ඉඩ නොදිය යුතු බව ඒ පිළිබඳ විශේෂඥයින් විසින් ඉදිරිපත් කර ඇති මතය වේ. දරුවන්ට බරපතළ අක්ෂි ආබාධ ඇතිවීමට හේතුව හේතු විය හැකි බවත් ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති මතයන් විමසීමේ දී හඳුනා ගත හැක.
එසේම දැඩි වශයෙන් මෙහිදී බලපෑමක් ඇති වන්නේ දරුවාගේ නිර්මාණශීලී මනසට සහ පෞරුෂත්වයට ය.
එසේම දරුවා ආත්මාර්ථකාමය දරුවකු ලෙස සමාජයට මුදා හැරීම සිදු වන්නේ පවුල තුළින්ම දරුවා හට ලැබී ඇති මෙවැනි ක්‍රියාකාරකම් හරහා ය. දරුවා හුදෙකලා වීමට මෙම ක්‍රියාවලිය බහුල වශයෙන් බලපානු ලබයි.
දරුවකුට ලැබිය ද ඉතාමත් වටිනා ගුණාංගයක් ලෙස සංවේදී බව හැඳින්විය හැක. දරුවා තුළ මනුෂ්‍යත්වය නිර්මාණය වීම සිදුවන්නේ මේ සංවේදී සංවේදීභාවය හරහා ය. එම ගුණාංගයන්ට ප්‍රබල බලපෑමක් සිදු කිරීමට වීඩියෝ ගේම් හරහා හැකියාව ලැබී ඇත. තමාහට වැඩි ජයග්රහණයන් අත් කොට ගැනීමට තම ප්‍රතිවාදියා ඝාතනය කිරීම සිදුවේ. එය මෙම පරිගණක ක්‍රීඩාවන් හි ප්‍රධාන අත්තිවාරම ලෙස සැලකිය හැක. එම අත්දැකීම පසුකාලීනව දරුවා ප්‍රචණ්ඩකාරී පුද්ගලයකු බවට පරිවර්තනය කිරීමට බෙහෙවින් බලපානු ලබයි. එම නිසා තම දරුවන් කෙරෙහි දෙමාපියන් වැඩ සැලකිල්ලක් දැක්වීම සිදු කළ යුතුය.
දරුවාගේ නිර්මාණශීලීත්වය සැණෙකින් හදුනාගැනීමට හැකියාව ඇත්තේ සිය මවුපියන් හට පමණි. එම නිසා දෙමාපියන් හට තම දරුවන් කෙරෙහි වඩ වඩා අවධානය යොමුකළ යුතු වර්තමානයක අප ජීවත් වෙයි.
එසේම රසවින්දනය දරැවාට හුරු පුරුදු කළ යුතුය. සංගීතය චිත්‍ර ආදිය පිළිබඳව දරැවා සමග සාකච්ඡා කළ හැකි නම් දරැවාගේ පරිකල්පන වපසරිය පුළුල් වේ. එවිට අන්‍යයන් හට උපකාර කරනු ලබන සංවේදී මානුෂීය ගුණාංග වලින් පිරිපුන් මනුෂ්‍යයන් පමණක් සමාජයට දායාද කිරීමට හැකි වනු ඇත. එමෙන්ම පවතිනා තාක්ෂණය ඵලදායී ලෙස යොදවා ගැනීම හරහා තම ජීවිතය ආලෝකමත් කර ගැනීමට දරැවන් හුරැ පුරැදු කළ හැකිවේ.
විජේසිංහ ඩබ් . ඒ . කේ . එන්
ජනමාධ්‍ය අධ්‍යනාංශය
කොළඹ විශ්වවිද්‍යාලය
ශ්‍රී පාලි මණ්ඩපය
Super😍
ReplyDeleteමේ මාතෘකාව වර්තමානයේ කතා කල යුතු මාතෘකාවක්. Good job 😍
ReplyDelete😘😘😘
Delete❤️❤️❤️❤️
ReplyDeletethank you
Delete😍🖤 Nice try.. keep it up dear..!!
ReplyDeleteThank you ❤️
DeleteSuper👍👍👍
ReplyDeleteThank you
Delete