මොකද්ද මේ සංගීත චිකිත්සාව කියන්නේ
1991 වසරෙදි බෘෘෂියා විසින් එය හඳුන්වා දී ඇත්තේ “චිකිත්සකයා සංගීතය හා එහි සියලු අංගයන් භාවිත කරමින් රෝගීන්ට ඔවුන්ගේ සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට , ප්‍රතිෂ්ඨාපනය කිරීමට හෝ නඩත්තු කිරීමට උපකාරී වන අන්තර් පුද්ගල ක්‍රියාවලියක්” ලෙසිනි.
පසුකලකදී එනම්, 1998 දී ඔහුම එහි විකල්ප අර්ථ දැක්වීමක් ඉදිරිපත් කරමින් කියා සිටියේ සංගීත චිකිත්සාව යනු, "ක්‍රමානුකූල මැදිහත් වීමේ ක්‍රියාවලියක්" ලෙසයි.
එංගලන්තයේ කැන්ටබරි ක්‍රයිස්ට් චර්ච් විශ්වවිද්‍යාලය මගින් 2011 වසරේදී පළ කරන ලද පර්යේෂණ ලිපියක දැක්වෙන්නේ, "මානසික සහ ශාරීරික සෞඛ්‍ය ගැටලු පවතින පුද්ගලයින්ට ගායනයෙන් සහනයක් ලැබෙන බවයි" ඔබටත් පුළුවන් ඔබගේ පවුලේ ආදරණීයයන් එක් කර ගන්මින් ඔබට ඇවැසි අවස්ථාවකදී සංගීත භාණ්ඩ යොදා ගනිමින් ගීත ගායනය සිදු කළ හැකිය.
එය පවුලෙහි මානසික මට්ටම ව්‍යාකූලත්වයට පත් කර නොගැනීම සඳහා කදිම පිළියමකි.
අධ්‍යතනයෙහි දී සංගීත චිකිත්සක වරැන් දක්නට ලැබේ. තමන් සංගීත චිකිත්සකයකු ලෙස හැඳින්වීමට බොහෝ දෙනා කැමැති වනු ඇතත් එම බලපත්‍රය ලබා ගැනීමෙන් තොරව පිළිගත් මට්ටමින් එහි නියැළීමට නොහැකිය.
සංගීත චිකිත්සාවෙන් ලැබෙන ප්රයෝජන" යනු කුමක්ද? ඔබ සංගීතයට කැමති නම්, ඔබට හැඟෙන ආකාරය පිළිබඳ වැදගත් වෙනසක් කළ හැකි බව ඔබ දන්නවා. නමුත් මානසික අවපීඩනයෙන් පෙළෙන අයට හෝ කනස්සල්ලෙන් සිටින අය වෙනුවෙන් වෙනසක් කළ හැකි දේ දැනගැනීමට ඔබ පුදුමයට පත් වනු ඇත. මෙම පුද්ගලයින් සඳහා ඔවුන්ගේ සෞඛ්යය වැඩි දියුණු කිරීම සඳහා සංගීතය භාවිතා කළ හැකිය.
ආතතිය ඕනෑම වයසක සිටින අයකුට ඇති විය හැකි තත්ත්වයකි. හුදෙකලා වීම නොතකා හැරීම වැනි නොයෙක් තත්ත්ව නිසා අසරණභාවයට පත් වන්නන් ඉන් අසහනයට පත්ව සිය දිවි නසා ගන්නා මානසික තත්ත්වයකට පවා ඇද වැටේ. එය වළක්වාගත යුතුය. මානසික ව්‍යාකූලතාව නිසා ප්‍රශ්නවලට මුහුණපාන අවස්ථා කොතෙකුත් වාර්තා වේ. විනාඩි 3 – 4 ක ගීතයක් සංගීත ඛණ්ඩයක් රසවිඳි පමණින් එවැනි මානසික තත්ත්වයක සිටින අයකු යථා තත්ත්වයට පැමිණේවි යැයි අපේක්ෂා කළ නොහැකිය. අදාළ පුද්ගලයාගේ මානසික තත්ත්වය ගැන හොඳ අවබෝධයකින් යුතුව මෙය ක්‍රියාත්මක කිරීමට සිදු වේ. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව පැරසිටමෝල් ලබා ගැනීමෙන් උණ හිසරදයට සහනයක් ලද හැකි බවට විශ්වාසයක් ද ගොඩනැඟී තිබේ.
මෙලෙසට පුද්ගලයා ප්‍රිය කරන සංගීත ශෛලිය හඳුනා ගනිමින් මෙය ක්‍රියාවට නැංවිය යුතුය. එමෙන්ම පවුලේ පසුබිම හා සංගීත රුචිකත්වය ද අදාළ කරගත යුතු වේ. ඉන්දියානු රාගධාරී සංගීතය ප්‍රිය කරන අයකුට බටහිර සම්භාව්‍ය සංගීතය විඳීමට සැලැස්වීමෙන් ඔහු තව තවත් ආතතියට ලක්විය හැකිය. චිකිත්සකයකු මේ පිළිබඳ මනා අවබෝධයකින් ක්‍රියා කළ යුතු වන්නේ එබැවිනි. විවිධ සංගීත ශෛලීන් සහ සම්ප්‍රදායන් ගැන චිකිත්සකවරයකුට දැනුවත් බවක් තිබිය යුතු වන්නේ මේ නිසාය. සංගීත චිකිත්සාව හා වෛද්‍ය විද්‍යාත්මක ජනසංගීතය පිළිබඳ තවමත් අපේ රටේ ප්‍රමාණවත් අවබෝධයක් හෝ දැනුමක් ගොඩනැඟී නැත. ආචාර්ය උපාධි අධ්‍යන කටයුතු සඳහා විදේශගතව සිටින වෛද්‍ය ශිෂ්‍යයන් හට හෝ නොයෙක් පුදගලයන් හට මෙම සංකල්පය සහ ක්‍රියාවලිය සම්බන්ධයේ කිසියම් හෝ ඥානයක් අතපත් කර ගැනීමට අවස්ථාව ලැබේ. එලෙස ලබාගත් දැනුම අප රටේ පරපුරත් සමඟ බෙදා හදා ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. විශේෂයෙන්ම වත්මන් විශ්වවිද්‍යාල ප්‍රජාව සමඟ කටයුතු කිරීම වැදගත් වේ. මෙම සංකල්පය තවදුරටත් සාකච්ඡා කිරීම හරහා මෙරට විවිධ ක්ෂේත්‍රයන් තුළ ඇති විවිධ පුද්ගලයන් තුළ ඇති අක්‍රමිකතා මැඩ පවත්වා ගනිමින් සමාජ සංවර්ධනය ක්‍රියාවලියෙහි අරමුණ මුදුන් පමුණුවා ගැනීම කළ හැකිය.
විජේසිංහ ඩබ් . ඒ . කේ . එන්
ජනමාධ්‍ය අධ්‍යනාංශය
කොළඹ විශ්වවිද්‍යාලය
ශ්‍රී පාලි මණ්ඩපය
No comments:
Post a Comment