Friday, 23 October 2020

ලොව පුරා වේගයෙන් හමායන උන්මාදයෙන් ළමා මනස ගලවා ගමු

ලොව පුරා වේගයෙන් හමායන උන්මාදයෙන් ළමා මනස ගලවා ගමු

               වර්තමානයේ  තුළ අප ජීවත් වන්නේ සංකීර්ණ සමාජ වපසරියක් තුළ ය. එහිදී එකිනෙකා දැඩි ලෙස අනෙකාගෙන් වෙන්වී  කටයුතු කිරීමට නිරන්තරයෙන් උත්සාහ ගනු ලබයි. තම අත ඇති ජංගම දුරකථනය වෙත සියල්ලට වඩා ප්‍රමුඛස්ථානයක් ලබාදී ඇති බව දක්නට ලැබේ. එම නිසා මිනිසා කෙතරම් හුදකලා වී ද යත් තම සබැදියන් පිළිබඳව අවධානය යොමු කිරීම සිදුකරනු ලබන්නේ ඉතාමත් අල්ප වශයෙනි. වත්මන් කුටුම්භ අභ්‍යන්තරය පිළිබඳව විමසීමේදී කුඩා දරුවන් එම තාක්ෂණික වෛරසයේ ගොදුරක් බවට පත් වූ තැනැත්තෙකු ලෙස හදුනා ගත හැකිය. ළමා මනස යනු අලුත් දෑ විමසන මනසකි. එම සංවර්ධනය වන මනස තුළට තාක්ෂණය අහිතකර විපාක හේතුවෙන් දැඩි ලෙස අකර්මණ්‍ය වීමට ගතවන්නේ නිමේෂයන් කිහිපයක් පමණක් විය හැකිය. 

 කුඩා මනසට නිර්මාණශීලීත්වය යන්න අත්‍යවශ්‍ය සාධකයකි පෙර පාසල් වියෙහි දී පවා තම දෑත් එක්කොට සිදු කරනු ලබන ක්‍රියාකාරකම් බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ කුඩා දරුවාගේ මොළයේ ක්‍රියාකාරීත්වය සඳහා ය. එබැවින්  එම කුඩා අවධිය තුළ එම දරුවා අතැතිව නිරන්තරයෙන් ජංගම දුරකථනය , ටැබ්ලට් පරිගණක භාවිතය වැනි තාක්ෂණික අංගෝපාංග භාවිතය හරහා  කුඩා මනස කෙතරම් තාක්ෂණික වශයෙන් අහිතකර බලපෑමක් ඇතිවිය හැකි ද යන්න  වර්තමානය වන විට සාකච්ඡා කළ යුතු මාතෘකාවක් බවට පත්වී හමාරය. 

එය එසේ සිදුවන්නේ වැඩිහිටියන්ගේ නොමනා ක්‍රියා කලාපයන් නිසා ය. තමා යම් කාර්යයක නිරත වීමේදී තම දරුවාගෙන් පැමිණෙන විවිධ බාධක මැඩගෙන තම කාර්යයේ නිරත වීම සඳහා යොදා ගන්නා උපාංගයක් ලෙස දෙමව්පියන් විසින් ජංගම දුරකථනය භාවිතයට ගනී. ඒ හරහා තම ඡංගම දුරකථනය දරුවා අතට ලබාදී, දරුවාගේ අවධානය ජංගම දුරකතනය වෙත යොමු කිරීමට උත්සාහ ගනු ලබයි. 
බොහෝ විට වත්මන් කුඩා දරු දැරියන් වැඩි වශයෙන් පෙළඹී  ඇත්තේ  පරිගණක ක්‍රීඩා (computer Games) , කාටුන් (Cartoon) සඳහාය. 

ක්‍රීඩා කිරීම සහ සෞන්දර්යජනන කරනු ලබන ක්‍රියාකාරකම් වල අවශ්‍යයෙන්ම යෙදිය යුතු වයසේ සිටින දරුවෙකුට මවුපියන් සිදු කරන දැඩි පීඩනය  මවුපියන් ගේ ප්‍රකාශ මඟින් වර්තමානයේ වැඩි වශයෙන් පෙනෙයි. කුඩා දරුවෙකුට අවශ්‍ය වන්නේ සමබර ජීවිතයකි. 
ඒ සඳහා ප්‍රමාණවත් නින්ද , ක්‍රීඩා සෞන්දර්ය  ක්‍රියාකාරකම් ලැබීම ද අතිශයින් වැදගත් වේ.
එයට අමතරව ආදරය පිළිගැනීම සහ රැකවරණය දරුවාට අත්‍යවශයෙන්ම කුටුම්භය තුළින් ලැබිය යුතු සම්පත්ය. පහස නිමවී සැලකෙන දරුවා රැගෙන යන්නේ අමතර පන්ති වෙතය. දරුවා යන්න රොබෝවරයකු නොවන බව දෙමාපියන් සේම වැඩිහිටියන් ද දැනගත යුතු ප්‍රබල කාරණාවකි.  
දරුවෙකුට අවවාද අනුශාසනා බැණවැදීම් පහරදීම් වලින් නොව ආදර්ශයන් සහ යහගුණයන් ඔහුගේ ජීවිතයට ඇතුළත් කළ යුතු බව මවුපියන් අවබෝධ  කරගත යුතුය. 

එසේම කාටුන් පිළිබඳ මවුපියන්ගේ දැක්ම සාවද්‍ය එකකි. කාටුන් හි සුරතල් ,සතුන් , කුඩා දරුවන් සිටි පමණකින් වර්තමානයේ විකාශනය වනු ලබන කාටුන් දරුවකුට සුදුසු නොවෙයි. විශේෂයෙන් අප රටේ විකාශය වන කාටුන් තුළින් දරුවන්ගේ පෞරුෂයට වන හානිය බලවත්ය. බොහෝමයක් කාටුන් හි ඇත්තේ ප්‍රචණ්ඩත්වය වපුරන ක්‍රියාවන්ය , කපටිකම් ය. යුද්ධ , ආයුධ පරිහරණය , අවිනීත භාෂා භාවිතය , මත්පැන් , දුම්වැටි සොරකම , උදුරා උදුරාගැනීම පහරදීම , අන්සතු දේවල් වලට හානි කිරීම සහ අනුන්ට සිදුවන විපත් හිටි සතුටට පත්වීම , ආත්මාර්ථකාමී  හැඟීම් සහ කෑදර බව පෙන්වීම ආදිය මේවා ආකර්ෂණය කොට ආකර්ෂණීය චරිත යොදා ගනිමින් දරුවාට ලබා දෙද්දී, මෙම චර්යාවන් අවිඥානිකව දරුවාගේ මනස තුළ තැන්පත් වෙයි. එම නිසා දෙමාපියන් විසින් සවිඥානිකව කටයුතු කිරීම වැදගත් වේ. 

වීඩියෝ ගේම්ස් සහ කාටුන් දරුවන්ගේ ප්‍රචණ්ඩත්වය ට හේතු වී තිබේ. ඒ බව සමීක්ෂණයන් ආධාරයෙන් හෙළිදරව් කර ඇත. එහිදී ඇතැම් මවුවරුන් තම ජංගම දුරකථනය අනිසි ලෙස දරුවන්ට භාවිතා කිරීමට පෙළඹවීම පමණක් නොව කාටුන් නැරඹීමට ද දරුවන් පොළඹවන බව දක්නට ලැබේ. 

එසේම වයස අවුරුදු තුනට අඩු දරුවන් හට රූපවාහිනිය කිසිසේත්ම නොපෙන්විය යුතු අතර වයස අවුරුදු දහය වන තෙක් දරුවන්ට එක දිගට පැයකට වඩා රූපවාහිනිය නැරඹීමට ඉඩ නොදිය යුතු බව ඒ පිළිබඳ විශේෂඥයින් විසින් ඉදිරිපත් කර ඇති මතය වේ. දරුවන්ට බරපතළ අක්ෂි ආබාධ ඇතිවීමට හේතුව හේතු විය හැකි බවත් ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති මතයන් විමසීමේ දී හඳුනා ගත හැක. 
එසේම දැඩි වශයෙන් මෙහිදී බලපෑමක් ඇති වන්නේ දරුවාගේ නිර්මාණශීලී මනසට සහ පෞරුෂත්වයට ය. 

එසේම දරුවා ආත්මාර්ථකාමය දරුවකු ලෙස සමාජයට මුදා හැරීම සිදු වන්නේ පවුල තුළින්ම දරුවා හට ලැබී ඇති මෙවැනි ක්‍රියාකාරකම් හරහා ය. දරුවා හුදෙකලා වීමට මෙම ක්‍රියාවලිය බහුල වශයෙන් බලපානු ලබයි. 

දරුවකුට ලැබිය ද ඉතාමත් වටිනා ගුණාංගයක් ලෙස සංවේදී බව හැඳින්විය හැක. දරුවා තුළ මනුෂ්‍යත්වය නිර්මාණය වීම සිදුවන්නේ මේ සංවේදී සංවේදීභාවය හරහා ය. එම ගුණාංගයන්ට ප්‍රබල බලපෑමක් සිදු කිරීමට වීඩියෝ ගේම් හරහා හැකියාව ලැබී ඇත. තමාහට වැඩි ජයග්‍රහණයන් අත් කොට ගැනීමට තම ප්‍රතිවාදියා ඝාතනය කිරීම සිදුවේ. එය මෙම පරිගණක ක්‍රීඩාවන් හි ප්‍රධාන අත්තිවාරම ලෙස සැලකිය හැක. එම අත්දැකීම පසුකාලීනව දරුවා ප්‍රචණ්ඩකාරී පුද්ගලයකු බවට පරිවර්තනය කිරීමට බෙහෙවින් බලපානු ලබයි. එම නිසා තම දරුවන් කෙරෙහි දෙමාපියන් වැඩ සැලකිල්ලක් දැක්වීම සිදු කළ යුතුය.

දරුවාගේ නිර්මාණශීලීත්වය සැණෙකින් හදුනාගැනීමට හැකියාව ඇත්තේ සිය මවුපියන් හට පමණි. එම නිසා දෙමාපියන් හට තම දරුවන් කෙරෙහි වඩ වඩා අවධානය  යොමුකළ යුතු වර්තමානයක අප  ජීවත් වෙයි. 
එසේම රසවින්දනය දරැවාට හුරු පුරුදු කළ යුතුය. සංගීතය චිත්‍ර ආදිය පිළිබඳව දරැවා සමග සාකච්ඡා කළ හැකි නම් දරැවාගේ පරිකල්පන වපසරිය පුළුල් වේ. එවිට අන්‍යයන් හට උපකාර කරනු ලබන සංවේදී මානුෂීය ගුණාංග වලින් පිරිපුන් මනුෂ්‍යයන් පමණක් සමාජයට දායාද කිරීමට හැකි වනු ඇත. එමෙන්ම පවතිනා තාක්ෂණය ඵලදායී ලෙස යොදවා ගැනීම හරහා තම ජීවිතය ආලෝකමත් කර ගැනීමට දරැවන් හුරැ පුරැදු කළ හැකිවේ.

විජේසිංහ ඩබ් .  ඒ . කේ . එන්
ජනමාධ්‍ය අධ්‍යනාංශය 
කොළඹ විශ්වවිද්‍යාලය 
 ශ්‍රී පාලි මණ්ඩපය 




Thursday, 30 April 2020

මහජන සම්බන්දතා ඉතිහාසය

මහජන සම්බන්ධතාවයේ ඉතිහාසය

මහජන සම්බන්ධතාවයේ ක්‍රියාවලිය ග්‍රෝත්‍රීය සමාජ අවධිය දක්වා දිවයන්නකි.මානව ශිෂ්ඨාචාරයේ ඉතිහාසය පිළිබදව අධ්‍යනය කරන විට මේ බව වඩාත් පැහැදිලි වේ.විෂයක් වහයෙන් මහජන සම්බන්ධතාව වර්ධනය වීම පසු ගිය සියවසේ මැද භාගයේ දී ආරම්භ වූ අතර වඩාත් කැපී පෙනෙන සිද්ධියක් වන්නේ 1952 දී එඩ්වඩ්.එල් බර්නීස් විසින් රචිත Public Relations යන කෘතිය රචනා විමයි. මෙම කෘතිය බිහිවිමට ප්‍රථම මේ පිළිබදව ලිය වී තිබුනේ සහ සාකච්ඡා වී තිබුණේ ඉතාමත් අල්ප වශයෙනි.

මහජන සම්බන්ධතාවයේ ඉතිහාසය මානව ශිෂ්ඨාචාරයේ ඉතා ඈතට විහි ද යන බවත් එය ග්‍රෝත්‍රීය සමාජවල පවා එක්තරා දුරකට ක්‍රියාත්මක වූ බවක් බර්ටන් රසල් ඔහුගේ Wisdom of the west (බටහිර ඥාණය) කෘතියේ සදහන් කර ඇත.

මහජන සම්බන්ධතාවයේ ඓතිහාසික සන්ධිස්ථාන

ඕනෑම විෂයක ඉතිහාසය හැදෑරිමෙන් අප ලබා ගන්නා දැනුම ඔස්සේ එම විෂයේ ප්‍රායෝගික ක්ෂේත්‍රය පෝෂණය කිරීමටත් භාවිතයට ගැනීමටත් හැකියාව ලැබේ. ඒ අනුව මහජන සම්බන්ධතාවයේ ඉතිහාසය හැදෑරීම තුළින් එහි ප්‍රභවය ව්‍යාප්තිය භාවිතය පැහැදිලිව හදුනාගත හැකිය. මහජන සම්බන්ධතාවය අතීතයේ ඒ ඒ රටවල සමාජ සංස්කාතියේ ප්‍රබල සමාජ අවශ්‍යතාවක් වූයේ කෙසේ ද එමෙන් ම එම කාල සීමාවන් තුල වර්ධනය වූයේ කෙසේ ද ක්‍රමක්‍රමයෙන් එය විද්‍යාත්මක පදනමක් යටතේ ගොඩනැගුනේ කෙසේ ද සහ වර්තමාන සමාජය තුල විද්‍යාත්මක පදනමක් යටතේ භාවිතයට ගන්නේ කෙසේ ද යන ආදී මූලික කරැණු ඔස්සේ මෙම විෂය හදුනාගත හැකි ය. මහජන සම්බන්ධතා විෂය හැදෑරීමේ දී Ivy – Lee සහ එඩ්වඩ්.එල් බර්නීස් යන පුද්ගලයන් දෙදෙනා වැදගත් වේ. මෙම විෂය පිළිබදව වඩාත් කැපී පෙනෙන අධ්‍යනය සාධකයක් ලෙස 1952 එඩ්වඩ්.එල් බර්නීස් විසින් රචිත Public Relations නැමැති කෘතිය හදුන්වා දිය හැකිය. Ivy – Lee සහ එඩ්වඩ්.එල් බර්නීස් යන දෙදෙනාගේ පර්යේෂණ වලින් පැහැදිලි වන්නේ මහජන සම්බන්ධතාවයේ මුලික ලක්ෂණ මානව ශිෂ්ඨාචාරයේ ආරම්භයේ සිට පැවැත එන බවයි. මහජන සම්බන්ධතාවය පිළිබද මූලිකත්වය ගනු ලැබූ N.S.B Gras (එන්.එස් බී ග්‍රේස්), Eric Goldman (එරික් ගෝල්ඩ්මන්) යන දෙදෙනා විසින් ද කුඩා ප්‍රමාණයේ කෘති දෙකක් ඉදිරිපත් කර ඇත. එමෙන් ම බර්ටන් රසල් ගේ Wisdom of the west කෘතිය තුළ සදහන් කර ඇත්තේ ග්‍රෝත්‍ර අවධියේ සිට ම මහජන සම්බන්ධතාවයේ මූලික ලක්ෂණ දක්නට ලැබෙන බවයි. ඔහු ප්‍රකාශ කරන පරිදි මෙම කාල පරිච්ඡේදය තුළ ඒක මාධ්‍ය සන්නිවේදනය ක්‍රමයෙන් ක්‍රියාත්මක වූ නිසා මහජන සම්බන්ධාතාව සියයට සියයක් ක්‍රියාත්මක නොවුනු බවයි. එයට ප්‍රධාන හේතුව වන්නේ ග්‍රෝත්‍රික නායකයා තුළ පැවැති අත්තනො මතික අදහස් ආකල්ප පාලන ක්‍රමවේදය බව බර්ටන් රසල් පෙන්වා දි ඇත. අතීතයේ නායකයා සහ මහජනතාව අතර රාජ්‍ය පාලන තන්ත්‍රය පිළිබදව විවෘත සංවාදයක් නොතිබුණි. එකල පාලකයාට තම අදහස් ආකල්ප ජනතාව වෙත ඉදිරිපත් කිරීමට තිබූ අවශ්‍යතාවය ප්‍රබල වුව ද මහජනතාවගේ ආකල්ප සහ අදහස් තමා වෙත ලබා ගැනීමට එතරම් උනන්දුවක් දක්වා නැත. කෙසේ නමුත් ඉපැරණි සමාජයේ පාලකයා විසින් සිය අදහස් මහජනතාව වෙත ලගා කරවිමටත් මහජනතාවගේ අදහස් තමා වෙත ලබා ගැනීමටත් සහ තමන්ට අවශ්‍ය නිතිමය උපදෙස් ලබා ගැනීමටත් විශේෂ නිලධාරීන් පිරිසක් පත් කර ගෙන සිටි බව මහජන සම්බන්ධතා ඉතිහාසය හැදැරීමේ දී හදුනාගත හැකි ය. 
ඔවුන් තෝල්කයන් එසේ නැතහොත් Talking Chief නමින් හදුන්වා ඇත. මෙම පුද්ගලයා මහජන සම්බන්ධතා නිලධාරියා ලෙස හදුන්වා දිය හැකිය. සමාජයේ දිවුණුවත් සමග තෝල්කයන්ගේ කාර්යභාරය ප්‍රමාණවත් නොවුණි. මෙය විද්‍යාත්මක පදනමක් යටතේ නිර්මාණය නොවුණි. ඒ අනුව පැරණි මිසර සමාජය පිළිබදව අධයනය කිරීමේ දී මහජන සම්බන්ධතා නිලධාරීන්ගේ ස්වරෑපය රැගත් වඩාත් ප්‍රමාණවත් පුද්ගලයෙක් හමු වේ. ඔහු සරීබ් (Suribe) නමින් හදුන්වා ඇත. මිසරයේ පරාවෝ පෙළපත ඔවුන්ගේ රාජ්‍ය පාලන තන්ත්‍රය පිළිබද මහජනතාව ලෙස අදහස් ඉදිරපත් ආකල්ප තමා වෙත ලබාගැනිමටත් මොවුන් කටයුතු කළේ ය. විශේෂත්වය වන්නේ මොවුන් පූජක පිරිසක් වීමයි. මෙම පූජක පිරස ලේඛන කලාවේ අති දක්ෂයින් වූ අතර මහජනතාවගේ ගරැබුහුමන් ලැබූ පිරිසක් විය. 
රජුගේ අදහස් මහජනතාවට වෙත දැනුම් දීමට ජනතාවගේ අදහස් රජුන් වෙත ලගා කරවීමටත් මහජනතාව හා සම්බන්ධ වන මෙම දූතයන් න්‍යායන් ද භාවිතා කළේ ය. So was it Saied (මහවාස විසින් මෙසේ වදාරන ලදී) So was it e කල යුතුය) මෙම පූජක පිරිස මහජන මතය සන්විධානය කිරීමට මූලික විය. පුරාන ඉස්ට්‍රල්ය පාලක පිරිසක් පාලකයන් සහ මහජනතාව අතර සම්බන්ධතාවය ගොඩනැගීමට Prophets නමින් හදුන්වන ලබන පිරිසක් මූලික වී ඇත. මොවුන් සරීබ් (Suribe) පූජකයන්ට වඩා දක්ෂ පිරිසක් විය. මොවුන්ගේ පාලන ක්‍රියාවලිය අසාර්ථක වුයේ නම් ඊට හේතු වූයේ පාලකයන්ගේ දැඩි ප්‍රතිපත්ති බව හදුනාගත හැකිය. මහජන සම්බන්ධතාවයේ අතීත නිලධාරීන් හදුනාගැනීමේ දී මීළගට වැදගත් වන්නේ Publicist නැමැත්තාය. ඔවුන් පූජක පිරිසක් නොවුන ද ඒ හා සමාන දක්ෂතාවයෙන් යුතුව තම කාර්යයන් සිදු කළේ ය. රාජකීය පාලන සමය තුළ පැනනගින්නාවූ ආරවුල් විරෝධතා මෙන් ම මානව අයිතීන් විනිශ්චය කිරීම සදහා එංගලන්තයේ Load chancer (ලෝඩ් චාන්සර්) නමින් අමාත්‍යවරයෙක් රජු විසින් පත් කරයි. ගැටළු වලින් තොරව රාජ්‍ය පාලන තන්ත්‍රය ක්‍රියාත්මක කිරීම සදහා රජය සහ මහජනතාව අතර සම්බන්ධතාවය ගොඩනැගීම මෙම අමාත්‍යවරැන්ගේ කාර්යභාරය විය. මහජන සම්බන්ධතාව වර්ධනනය කිරීම සදහා ලොඩ් චාන්සර් නම් අමාත්‍යවරයා මුලිකත්වය ගත්තේ ය. මේ අනුව පැහැදිලි වන්නේ රජු සහ මහජනතාව අතර අදහස් හුවමාරැ කරගනිමින් මහජන සම්බන්ධතාව ගොඩනැගීම සදහා අතිතයේ සිට ම පූජක පක්ෂයේ සහයෝගය ලැබී ඇති බවයි. වර්තමාන තුළ ද පාලකයා සහ ජනාතාව අතර හොදහිත වර්ධනය කිරීමට පූජක පක්ෂය කිසියම් මහජන සම්බන්ධතා ක්‍රියාවලියක නියතවන බව හදුනාගත හැක. 
මෙතෙක් අප සාකච්ඡා කළේ මහජන සම්බන්ධතාව හා බැදෙන ඓතිහාසික සන්ධිස්ධානයන් පිළිබදවයි. මීළගට අපගේ අවධානය යොමු විය යුත්තේ වර්තමානය දක්වා මහජන සම්බන්ධතාවයේ වර්ධනය සිදු වූ අකාරය සොයා බැලීම කෙරෙහි ය. වර්තමානයේ මහජන සම්බන්ධතා ක්‍රියාවලිය තුල දක්නට ලැබෙන විද්‍යාත්මක ස්වරෑපයේ වර්ධනයට මුලින් ම අඩිතාල ම වැටෙන්නේ විසිවන සියවසේ ආරම්භයේ සිට ය. ක්‍රමානුකූල හෝ සංවිධානාත්මක හෝ වෘත්තීමය වශයෙන් වර්තමානවූත් මහජන සම්බන්ධතා ක්‍රියාවලියක පුරෝගාමී රට වශයෙන් හදුන්වාදිය හැක්කේ ඇමරිකාවයි. වෙනත් රටවලට වඩා ශීග්‍ර වේගයකින් ඇමරිකාව තුල මහජන සම්බන්ධතාව ක්‍රියාත්මක වන්නට වේ. 
ලෝකයේ බොහෝ රටවල් මහජන සම්බන්ධතාව හා බැදෙන්නේ කාර්මිකරණයට හසුවීමෙන් පසුවයි. කාර්මිකරණයට පසුව ලෝකයේ බොහෝ රටවල් සිය ආර්ථික ප්‍රතිපත්තීන් ජනතාව වෙත ඉදිරිපත් කිරීමේ දී ජනතාවගේ අනුමැතිය ලබා ගැනීම සදහා මහජන සම්බන්ධතාව බෙහෙවින් භාවිතයට ගන්නට වේ. එමෙන් ම එහි වැදගත්කම නිසා ම මහජන සම්බන්ධතාවට අදාල පුද්ගලයින් පමණක් නොව ආයතන ද විසිවන සියවසේ ආරම්භයේ දී දැක ගත හැකිය. 1904 Ivy –Lee නම් ඇමරිකානු පුවත්පත්වේදියා,ඇමරිකාවේ නිව්යොක් නගරයේ ප්‍රථම වරට මහජන සම්බන්ධතා කාර්යාලයක් ආරම්භ කරන ලදී. ඔහු ප්‍රකාශ කල පරිදි එම කාර්යාලයේ අරමුණු වුයේ වෙළද ව්‍යාපාර සහ පොදු ආයතන පිිළිබද තොරතුරැ ඇමරිකානු ජනතාව සහ ඇමරිකානු පුවත්පත් වෙත විවෘතව හා අවංකව ම සැපයීමයි. එමෙන් ම Ivy –Lee විසින් විවිධ වෘත්තිකයන් සහ ආයතන අතර මතුවන ගැටළු අධ්‍යනය කොට ඒවා විදීම සදහා ද තම කාර්යාලය තුලින් පියවර ගෙන ඇත. එහි දී සේවකයින්ගේ අයිතිවාසිකම් සහ ආයතනයේ අරමුණු අතර සමානුපාතිකව බවක් හා සාධාරණ බවක් අවශ්‍ය යැයි ප්‍රකාශ කල ඔහු ආයතන සම්බන්ධ ප්‍රතිපත්ති ප්‍රකාශනයක ඇති වැදගත්කම ද පැහැදිලි කොට ඇත. ඇමරිකාවේ විවිධ ආයතනවල විවිධ වයාපාරවල විවිධ ප්‍රවාහන සේවා තුල ගැටළු සහ විශ්වාසය බිදවැටීම සමතයකට පත් කිරීම සදහා ඔහු කටයුතු කොට ඇත. 1906 දී ඇමරිකාවේ ගල් අගුරැ කර්මාන්ත ශාලාවක ඇති වූ අරගලය සමතයකට පත් කිරීම සදහා සහ එම කාල සීමාව තුල ම පෙන්සිල්මෙනියාවේ සිදු වූ දුම්රිය අනතුරක් නිසා දුම්රිය සේවාව පිළිබදව ජනතාව තුළ ගොඩනැගුනු විරෝධාවය සමතයකට පත් කිරීම සදහා ද ඔහු කටයුතු කොට ඇත. 
මේ අනුව බලන විට වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මහජන සම්බන්ධතා ක්‍රියාවලිය විසිවන සියවසේ ප්‍රභවය වන අතර එහි පුරෝගාමී පුද්ගලයා ලෙස Ivy –Lee විසින් ගෞරවය හිමි කර ගනී. ඔහුගේ කාර්යය වුයේ මහජන සම්බන්ධතා විෂය බොහෝ ශිල්ප ක්‍රම හා න්‍යාත්මක මූල ධර්ම වලින් පරිපූර්ණ කිරීමයි. ඒ නිසා විසිවන සියවසේ දෙවන දසකයේ ආරම්භවනවාත් සමග ම මහජන සම්බන්ධතා නිලධාරියා යනු කවරෙක් ද ඔහුගේ කාර්යභාර්ය කුමක් ද යන්න පිළිබදව නිරවුල්ව පැහැදිලි අදහසක් Ivy –Lee ගේ කාර්යභාර්යන් වලින් ප්‍රකට විය. 
1900 – 1950 කාල පරිච්ඡේදය තුල මහජන සම්බන්ධතාවය තවදුරටත් වර්ධනය වීමේ දී වඩාත් කැපී පෙනෙන පුද්ගලයන් ලෙස John D Rockerfellar හා J.B Morgan යන දෙදෙනා මහජන සම්බන්ධතාව ප්‍රයෝගිකව හා න්‍යාත්මකව ක්‍රියාත්මක කිරීම සදහා දැඩි වගකීමක් කටයුතු කල පුද්ගලයන් දෙදෙනෙකු ලෙස හදුන්වා දිය හැක. ප්‍රථම ලෝක සංග්‍රාමයත් සමග එම යුද්ධය අවසන් කිරීමට මෙන් ම යුද්ධයේ දී බිහි සුනු බව අවබෝධ කර ගැනීමත් වැනි තේමාවන් මෙහි දී මූලික විය. ඒ සදහා ජාත්‍යන්තර වශයෙන් පුළුල් ජන මතකයක් ද ගොඩනැගින. 1917 එවකට රාජ්‍ය බලය ඉසිලූ කොංග්‍රසය විසින් මහජන සම්බන්ධතා තොරතුරැ කමිටුවක් පිහිටුවන ලදී. එහි ප්‍රධානියා වූයේ George Creel ය. එම කමිටුව යුද්ධයට එරෙහිව මහජන මතය ගොඩනැගීමටත් ඒ අනුව කටයුතු කිරීමටත් ජනතාව පොළඹවාලීම සදහා උදෘත කිහිපයකින් භාජනයට ගන්නා ලදී. The war to end the war (යුද්ධය අවසන් කිරීමේ යුද්ධය) The war to make the world self for democracy (ප්‍රජාතන්ත්‍ර ලොව සුරක්ෂිත කිරීමේ යුද්ධය). 

ප්‍රවෘත්තියක් යනු කුමක්ද?

මොනවද මේ ප්‍රවෘත්ති ? ප්‍රවෘත්ති, පුවත්, News මේ හැම වචනයෙන්ම අදහස් වෙන්නෙ එක දෙයක්. ප්‍රවෘත්තියක් යනු ඉතිහාසයේ ප්‍රථම දළ සටහන කියලා ජින් බ්‍රැඩ් සඳහන් කරලා තියෙනවා. ගොඩක් අය ප්‍රවෘත්ති ගැන නිර්වචන ඉදිරිපත් කරලා තියනවා. අපි බලමු එහෙම නිර්වචන කිහිපයක්.

"ප්‍රවෘත්තියක් යනු ප්‍රජාවේ විශාල කොටසක් උනන්දුවක් දක්වන හැම දෙයමක්ම වෙයි. මීට කලින් කිසි විටෙක අවධානය යොමු නොවුණු දෙයක් වෙයි."

- චාල්ස් ඒ. ඩානා-

" බල්ලෙක් මිනිසෙකු සපා කෑ විට එය ප්‍රවෘත්තියක් නොවේ. එහෙත් මිනිසෙක් බල්ලෙකු සපා කෑ විට එය ප්‍රවෘත්තියකි"

- ජෝන් ඩී. බොගාඩ්-

"ප්‍රවෘත්තියක් යනු ජනතාවට බලපාන්නාවූත් ඔවුන් තුල උනන්දුවක් ඇති කරන්නාවූත් මෑත කාලීන හා වැදගත් සිදුවීමකට අදාළ අලුත් තොරතුරකි."
- සමරනායක 1998 -

ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය “ප‍්‍රවෘත්ති” යන්න අර්ථ දක්වන්නේ මෙසේය.
“New Information about sth that has happened recently. Reports of recent events that appear in newspapers or on television or radio.” 

(hameier, 2005, 95)

ප්‍රවෘත්ති කියන එකේ ඉංග්‍රීසි වචනය "NEWS" කියලා ඔයා දන්නවනෙ. ඒත් මේ වචනෙ තේරුම නම් ගොඩක් අය දන්නෙ නැතුව ඇති.

N - North
E - East 
W - West
S - South

සතර දිශාවන්ගෙන් එන තොරතුරු කියන එක තමයි NEWS කියලා කියන්නෙ. 

අද ඕනිම මාධ්‍ය ආයතනයක ප්‍රධාන දේ තමයි ප්‍රවෘත්ති. ලෝකයේ මේ වෙනකොටත් ඕනෑතරම් සිදුවීම් සිදු වෙනවා. ඒත් ඒ හැම සිදුවීමක්ම ප්‍රවෘත්ති විදිහට මාධ්‍ය ආයතන වලින් ඉදිරිපත් කරන්නෙ නෑ. අන්න ඒ නිසා ඔයා දැනගන්න ඕනි ප්‍රවෘත්ති‍යක් ඉදිරිපත් කරනකොට මොනවගේ දේවල්ද තියෙන්න ඕනි කියන එක.

1. කාලීන වීම.
2.සමීප සහ සම්බන්ධ බව.
3. අදාල බව.
4  බලපෑම. (මේ දවස් වල නම් කොරෝනා කියන්නෙ ලෝකෙටම අදාල ප්‍රවෘත්තියක් නෙ)
5. ආකර්ෂණීය බව.

ප්‍රවෘත්ති ජනතාව අතරට ගෙනියන්නෙ මාධ්‍ය ආයතන. පුරවැසි මාධ්‍යත් අද වෙනකොට ඒ දේ අවිධිමත්ව කරනවා. රූපවාහිනිය, ගුවන්විදුලිය, මුද්‍රිත මාධ්‍ය විතරක් නෙවෙයි අද වෙනකොට අන්තර්ජාලයෙන්ද ප්‍රවෘත්ති වාර්තා කරනවා. 

හැබැයි අද වෙනකොට ප්‍රවෘත්ති කියන්නෙ වාණිජමය ව්‍යාපාරයක් වෙලා. අදාල බවට වඩා මිනිස්සු වැඩියෙන්ම ආකර්ශනය වෙන ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න ගොඩක් මාධ්‍ය ආයතන කටයුතු කරලා තියෙනවා.

අලියෙක් ලිදකට වැටුණ එක, කඩයකින් බඩු හොරෙන් කරන සීසීටීවී දර්ශන, සියදිවි හානි කරගැනීම් අද වෙනකොට බහුලව නිරතුරුවම වාර්තා කරන ප්‍රවෘත්ති වෙලා තියෙනවා. ප්‍රවෘත්ති වෙනුවට ගොසිප් වාර්තා කිරීමක් අද නිරතුරුවම සිදු වෙනවා.

අන්තර්ජාතික ප්‍රවෘත්ති වල නම් කඳුලු, ලේ සලකුණු, සංවේදී දෑ පෙන්වන්නෙ නෑ. හැබැයි ලංකාවෙ නම් මුල් තැන හම්බෙන්නෙ ඒ වගේ ප්‍රවෘත්ති වලට. 

ගුවන්විදුලි ඉතිහාසය

ගුවන් විදුලි ඉතිහාසය 

ඉතාලි ජාතික ගුග්ලි ගුග්ලි එල්මෝ මාර්කෝනි විසින් 1897 දී ගුවන් විදුලි සංඥා සමාගම එංගලන්තයේ ආරම්භ කරන ලදී 1906 වන විට සැතපුම් සියයක් දුරට ගුවන්විදුලි පණිවිඩ යැවිය හැකි විය. විධිමත් ගුවන් ගුවන්විදුලි වැඩසටහ විදුලි වැඩසටහනක් මුල්වරට ඉදිරිපත් කර ඇත්තේ 1920 දී රුසියාවේ පීටර්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ ය. 1923  අවසන් වන විට ඇමරිකාවේ හයසියයකට අධික ගුවන්විදුලි සේවා පැවතිණි මහා විධානය තුල මෙන්ම ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට ඉතුරු ගුවන්විදුලි සේවයක් ඇරඹෙනුයේ 1922 දී ය එහි සියලුම උපකරණ වල අයිතිය මාකෝනි සමාගම සතු විය 1930 දශකයේ බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සංස්ථාවේ ස්වර්ණමය යුගය ලෙස සමාජ විද්‍යාඥයෝ අවධාරණය කරති. මේ පසුබිම වැදගත් වන්නේ ශ්‍රී ලංකාවේ ද ගුවන් විදුලිය ආරම්භ වූයේ එකම කාලයකදී බව තේරුම් ගැනීම සඳහාය.  1922 දී ලංකා ආධුනික ගුවන්විදුලි  සමාජය නම් වූ මහජන සංවිධානයක් විසින් ගුවන් විදුලිය පිළිබඳ අත්හදා බැලීම් ආරම්භ කර ඇත. පළමු වරට ගුවන් විදුලි ප්‍රචාරයක් අත්හදා බලන ලද්දේ රජයේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව විසිනි . ඒ සඳහා යොදා ගන්නා ලද්දේ  ජර්මන් සබ්මැරීනයකින්  ගලවා ගන්නා ගුවන් විදුලි සංදේශ උපකරණ තොගයකි. 

ඒ අනුව ප්‍රධාන විදුලි සංදේශ යෙදී ඉංජිනේරු විහාර මහතාගේ මෙහෙයවීමෙන් 1924 ජූනි පළවෙනි දින කරලා ද ගුවන් විදුලි ප්‍රචාරය ප්‍රථම නිල ගුවන් ගුවන් විදුලි ප්‍රචාරය ලෙස සැලකේ එය අනුව මුල් කාලයේදීම ගුවන්විදුලි මාධ්‍ය රාජ්‍යයට හමි  වූ බව පෙනේ 1925 දෙසැම්බර් 10 වැනි දින ලංකාවේ ගුවන් විදුලි රාජ්‍ය ආයතනයක් වශයෙන් විවෘත කරනු ලැබීය මේ ආසියාවේ ප්‍රථම ගුවන් ගුවන්විදුලි සේවයයි.   

Wednesday, 11 December 2019

නොරිකෝ.....

නොරිකො
නොරිකො  මට පාළුයි
තෝකියෝව එදාවගේ අද නැතුවැති නේද
සකුරා වසන්තේ ආයෙත් ඇවිදින්න
මට පවසන්නේ ඔබෙ සුවඳ
ආසයි ඒ කාලෙට පියඹන්න
හීනෙන් හීනෙට ඔයාගෙම වෙන්න
නොරිකො
අද කියනවා
මං ඔයාට ආදරෙයි සකුරාවෙ
මල්පෙති ගානට ........


Saturday, 21 September 2019

2009න් අදට

පහසක රැදුරැ කිම නොමවෙයි
රිදුම් ගතේ
වියරැනු පාද නොම කියවයි
පීඩාව ගතේ
අත් ඇස් පාද අහිමිව
ගුගුරනා රසේ
නොකරව් ඔච්චමින් රඟනා
වචන නුඹේ

Saturday, 3 August 2019

පිපිල නෑ

අන්දකාරයේ රෑ චායා
මවා පා ඇගෙ මායා
පිරිමි හද වහල් පෑ
රෑ සපුව ඇගෙ මාලා
පිපිල නෑ සොඳුරි ඔය
පරවෙන්න නෙත් හකුලා
ළමැද හස විලඳ දෙකොපුල්
ළපටි වේ තව රැඳෙනු මෙනා
                                                කසූ

ගවේෂණාත්මක වාර්තාකරණය

ගවේෂණාත්මක වාර්තාකරණය ගවේශනාත්මක වාර්තාකරණය යනු කිසියම් සිද්ධියක්, අවස්ථාවක් හෝ පුද්ගලයෙකු පිලිබඳ ගැඹුරින් සොයා බලා වාර්තා කිරීම...