Saturday, 5 August 2023

ගෝලීයකරණය

ගෝලීයකරණය
ගෝලීයකරණය වූ කලී දේශ සීමාවලින් වෙන් ව පවත්නා ජාතික රාජ්‍යයන් ඒකාබද්ධ වීමේ ප්‍රවණතාවයි. ගෝලීයකරණ ක්‍රියාවලියේ ආර්ථික පැතිකඩක් සේ ම, සංස්කෘතිකමය හා දේශපාලනික පැතිකඩක් ද දක්නට ලැබේ. අප මෙහි දී විශේෂයෙන් අවධානය යොමු කරනුයේ ආර්ථික ගෝලීයකරණ (Economic Globalization) ක්‍රියාවලිය කෙරෙහිය. ආර්ථික ගෝලීයකරණය ඓතිහාසික ක්‍රියාවලියකි. මානව ශිෂ්ටාචාරයේ විවිධ අවධිවල, මිනිසා විසින් හඳුන්වා දෙන ලද නොයෙකුත් නවෝත්පාදන සහ තාක්ෂණිය සංවර්ධනයන් තුළින්, රටවල් අතර ආර්ථික සම්බන්ධතාවයන් ශක්තිමත් වනු දැකිය හැකිය. 16 වන සිය වස ආරම්භයේ දී සහ 19 වන සියවස අග භාගයේ දී ද, ගෝලීය කරණයේ ප්‍රතිඵල වශයෙන් රටවල් අතර ආර්ථික සම්බන්ධතාවන් ශක්තිමත් වූයේය. එහෙත් වර්තමාන ගෝලීයකරණ ක්‍රියාවලිය, ඓතිහාසික ව හට ගත් ගෝලීයකරණ ක්‍රියාවලියෙන් කරුණු කීපයත් නිසා වෙනස් වේ. වර්තමාන ගෝලීය කරණ ක්‍රියාවලිය සිදු වනුයේ අළුත් වෙළෙඳපොළවල් අළුත් මෙවලම්, අළුත් ක්‍රියාකාරකයන් හා අළුත් නීතිරීති පවතින පරිසරයක් තුළඟ වර්තමානයේ විදේශ විනිමය හා ප්‍රාග්ධන වෙළෙඳ පොළවල් දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර, ඕනෑම දුරස්තර ස්ථානයක පිහිටි වෙළෙඳ පොළක් සමඟ ඉතා පහසුවෙන් සම්බන්ධ වීමට ද, පිළිවන. අන්තර් ජාලය, ජංගම දුරකථනය හා විවිධ මාධ්‍ය ජාලයන් ඔස්සේ නිරතුරැවම තොරතුරු ගලා යාම කාර්යක්‍ෂම ට සිදු වේ. ජාතික රාජ්‍යයන් අභිබවා යා හැකි අධිකාරී බලයක් සහිත, ලෝක වෙළෙඳ සංවිධානය වැනි ජාත්‍යන්තර ආයතන අද බිහි වී තිබේ. ඇතැම් ජාතික රාජ්‍යයන්ටත් වඩා බලවත් බහු ජාතික සමාගම් වර්තමානයේ දක්නට ලැබේ. එසේ අන්තර් ජාතික රාජ්‍යය නොවන සංවිධාන ද මෙම ගෝලීයකරණ ක්‍රියාවලිය තව තවත් පාර්ශ්වීය ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ජාතික රාජ්‍යයන් බැඳී සිටීම කරන කොට ජාතික ප්‍රතිපත්ති අනුගමනය කිරීමට ඒ ඒ රටවලට ඇති සෛවරීත්වය කිසියම් දුරකට සීමා වී ඇත.  (අතපත්තු, 2011, පි.ටු 280). 


වර්තමාන අවධියෙහි ගෝලීයකරණ මූලික වශයෙන්ම තාක්‍ෂණය සහ ප්‍රතිපත්ති යන සාධක දෙක මත ක්‍රියාත්මක වේ. තාක්‍ෂණික සාධකය ගත් විට, එයින් අදහස් කෙරෙනුයේ ප්‍රධාන වශයෙන් ප්‍රවාහණ සහ සන්නිවේදන පිරිවැය අඩු වීම නිසා, ජාත්‍යන්තර නිෂ්පාදනය ඉතාමත් ඵලදායි කටයුත්තක් බවට පත්ව ඇති බවය. මුහුදු මාර්ගයෙන් භාණ්ඩ ප්‍රවාහණය කිරීමේ පිරිවැය. 1920-1990 අතර කාලය තුළ 70% කින් පහළ වැටී ඇති අතර, ගුවන් ප්‍රවාහණ පිරිවැය 1930-1990 කාලය තුළ 84% කින් පහළ වැටී ඇත. පරිගණක යන්ත්‍රවල මිල විශ්මයජනක ලෙස පහළ වැටී ඇත. විශේෂයෙන්ම තොරතුරු තාක්‍ෂණය සහ සංඛ්‍යාංක විප්ලවය (Digital Revolution) හේතු කොට ගෙන ගෝලීයකරණ ක්‍රියාවලිය මෑත කාලයේ දී අතාමත් තීව්‍ර ස්වරූපයක් ගෙන ඇත. තාක්ෂණික සංවර්ධනය, විශේෂයෙන් ම අන්තර් ජාලය සහ ජංගම දුරකථන ඇතුළු සංදේශන උපකරණ වල දියුණුව සහ ඒවායේ පිරිවැය සීඝ්‍රයෙන් පහත වැටීමේ ප්‍රවණතාව, ගෝලීය කරණය වීමේ වේගය හා ශීඝ්‍රතාව ඉහළ යාමට සහ ජන කොටස් අතර අන්තර් ක්‍රියාවලිය ගැඹුරු වීමට උපකාරී වී ඇත.

තාක්‍ෂණික අංශයේ හට ගත් වෙනස්කම් සේම ප්‍රතිපත්ති ක්‍ෂේත්‍රයේ හට ගත් වෙනස්කම් ද ගෝලීයකරණයට අවශ්‍ය ගාමක බලය සපයා තිබේ. ප්‍රතිපත්ති ක්‍ෂේත්‍රයන්හි ඇති වූ වෙනස්කම් අතර විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ, විධාන මගින් මෙහෙයවනු ලබන ආර්ථික ක්‍රම වෙනුවට, වෙළෙඳ පොළ බලවේග ඔස්සේ මෙහෙය වෙන ආර්ථික ක්‍රම කරා නැඹුරු වීමේ ප්‍රවණතාවක් 20 වන සිය වස අවසාන කාර්තුවේ දී ලොව පුරා පැතිරයාමයි. නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති බොහෝ රටවල ක්‍රියාවට නැගුණේය. නිර්බාධ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ ප්‍රතිඵලයක් වශයෙන් භාණ්ඩ හා සාධක වෙළෙඳපොළ සම්බන්ධ තරගකාරිත්වය වැඩි වී, නිෂ්පාදනය හා පරිභෝජන පර්යන්තයන් එපිට විතැන් වී තිබේ. ලෝකයේ ඕනෑම රටක ඇති භාණ්ඩයක් පරිභෝජනය කිරීමේ අවස්ථාව, වෙනත් රටක සිටින පාරිභෝගිකයෙකුට සැලසී තිබේ. නිෂ්පාදන ක්‍රියාවලිය අද විකේන්ද්‍රණය වී තිබේ. කිසියම් භාණ්ඩයක් නිෂ්පාදන ක්‍රියාවලිය, විවිධ අදියරයන්ට වෙන් කොට, ඒ ඒ අදියර වඩාත් කාර්යක්‍ෂම ව නිපදවිය හැකි ස්ථාන වලට නිෂ්පාදන ක්‍රියාවලිය විකේන්ද්‍රණය කිරීම තුළින් නිෂ්පාදන පිරිවැය අඩු කර ගැනීමට හැකි වී ඇත. ගෝලීයකරණය හේතු කොට ගෙන රටක් සතු සාධක උරුමය හා නිෂ්පාදන කර්මාන්ත අතර බැඳීම ලිහිල් වී තිබේ. ඊට හේතුව අමු ද්‍රව්‍ය, යන්ත්‍ර සුත්‍ර, සහ නොයෙකුත් සේවාවන් වඩාත් තරගකාරී මිලකට ජාත්‍යන්තරව ලබා ගත හැකි වීම සහ ප්‍රවාහණ පද්ධතීන්ගේ දියුණුව හේතු කොට ගෙන, සාධක මත යැපීමේ නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම වෙනස් වීමයි. නිර්බාධ ආර්ථික ප්‍රතිපත්ති යටතේ මෙම නිෂ්පාදන ක්‍රියාවලියේ විසේන්ද්‍රණය සඳහා පහසුකම් සැලසී තිබේ. (අතපත්තු, 2011, පි.ටු 281). 

ගෝලීයකරණයේ තීව්‍රතාව පිළිබිඹු කරන දර්ශක රාශියක් ඇත. උදාහරණ වශයෙන් වර්තමානයේ ලෝකයේ මුදල් වෙළෙඳපොළවල දිනයක දී හුවමාරුවක මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.5 කට වඩා විශාල බව පෙන්වා දිය හැකිය. ලෝකයේ වර්ෂයක් තුළ නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවා වලින් 1/5ක් පමණ ප්‍රමාණයක් වෙළෙඳාමට  යොමු කරනු ලැබේ. 
(අතපත්තු, 2011, පි.ටු . 281)

ගෝලීයකරණය සංවර්ධනය වන රට වලට ඉමහත් අභියෝග රැසක් දායාද කර ඇත. මෙම රටවලින් බොහෝමයක් ගෝලීයකරණ ක්‍රියාවලියේ දී ආන්තිකකරණයට මුහුණ පා ඇත. ඉහළ යමින් පවත්නා අසමානතාවන් තුළිත් සමාජ ගැටුම් පෝෂණය වී ඇත. අසමානතාවන් ආදායම්වලට පමණක් සීමා වී නොමැත. ආර්ථික වත්කම් සහ සමාජ තත්ත්වයන් කරාද එය පැතිර ඇත. (අතපත්තු, 2011, පි.ටු 283-284) 

ගෝලීයකරණයන් සමග ඇති වූ සීඝ්‍ර ආර්ථික වර්ධනය, පාරිසරික වශයෙන් අහිතකර ප්‍රතිවිපාක ලෝකයේ බිහි කොට ඇත. ගෝලීයකරණයේ ප්‍රතිඵලයක් වශයෙන්, එක් අතකින් ලෝකයේ ධනවත් හා දුප්පත් රටවල් අතර පරතරය වැඩි වෙමින් පවතී. දිළිඳු ජනගහනයේ වර්ධනය පාරිසරික වශයෙන් අහිතකර බලපෑම් ඇති කරයි. (අතපත්තු, 2011, පි.ටු 286). 



WA කසුනි විජේසිංහ
කොළඹ විශ්වවිද්‍යාලය 
ජනමාධ්‍ය අධ්‍යනාංශය 

දෑස් පිනවන දසුන් පෙන්වන සුන්දර හුලංගල

දෑස් පිනවන දසුන් පෙන්වන සුන්දර හුලංගල 

ශ්‍රී ලංකාවේ පවතින බොහෝමයක් සිත් ගත් ස්ථාන අතුරින් වැඩි දෙනෙකුගේ අවධානය දිනාගත් ආකර්ෂණීය  ස්ථාන රැසක් සහිත භූමි ප්‍රදේශ වශයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ උරුමකම් කියයි. එලෙස සංචාරකයින්ගේ නෙත් සිත් දිනාගත් තවත් සුන්දර ප්‍රදේශ පිළිබඳවයි අද පවසන්නේ. 


හුලන්ගල පුංචි ලෝකාන්තය පිහිටා තිබෙන්නේ සැලගම වතුයාය නකල්ස් කඳු වැටියේ දකුණු කෙළවරේ වන අතර එම ස්ථානයට කුරුණෑගල මෙන්ම මාතලේ සිට ද ළඟා විය හැකිය. මෙම කන්දට "නැව්ගල" ලෙසින්ද ආමන්ත්‍රණය කරයි. කඳු නගින්නන්ගේ සිත් දිනාගත් පාරාදීසයක් ලෙස ද මෙය හඳුන් විය හැක. දුරට බැලූ විට රුවලවිට රුවල් නැවක ස්වරූපයක් ගන්නා කඳු මුදුන් දෙකක් සහිත මෙම කඳුගැටය එසේ වීම හේතුවෙන් නැව්ගල ලෙසින් පැරැන්නන් හඳුන්වා ඇත. 

කුරුණෑගල සිට සමස්ත දුර කිලෝමීටර් හතළිහක් පමණ වේ. මෙය පිහිටා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නමුත් කන්ද පහළ කොටස පිහිටා ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කයට ය. සැලගම වතුයාය මැදින් ඔබ ගමන් ගන්නා රථයේම මෙම කඳු මුදුනට ළඟා විය හැකිය. බොහෝ දෙනෙකු මෙම කන්ද තරණය කරනු ලබන්නේ එම වතුයාය මැදින් වීම විශේෂත්වයකි. 

ඔබ මාතලේ සිට මෙම ස්ථානයට ළඟා වනවානම් මාතලේ සිට මහනුවර, යාපනය මහා මාර්ගය පලාපත්වෙල, ගලේවෙල පාර තල්ගොඩපිටිය, යටවත්ත, දොඹවෙල පාර සහ කැලේ මුල්ල පාර ඔස්සේ පලාපත්වෙල සහ යටවත්ත පසුකර මාතලේ දිස්ත්‍රික්කයේ සැලගම පිහිටි හුලංගල පුංචි ලෝකාන්තයට ළඟා විය හැක. 

විශේෂිතම කාරණාව වන්නේ මෙම කාල සීමාව තුළ එම වත්තට ඇතුලු වීමට අවසර ගත යුතුය. ඔබ කිසියම් රථයකින් කඳු මුදුනට යන්නේ නම් වාහනය සඳහා යම්කිසි මුදලක් අය කරයි. ඔබ ඔබගේ රථයේම කඳු මුදුනට ළඟා විය හැකි අතර තේ වතු තිබීම හේතුවෙන් පරිසරය සුන්දරත්වය අඩුවක් නොමැතිව විඳගැනීමට අවස්ථාව ලැබෙයි. 

පුංචි ලෝකාන්තයේ පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් හත්සිය හැටක්  (760m)
එනම් අඩි දෙදහස් පන්සියයක් (2,500) ක් උසිනි. 

මේ පුංචි ලෝකාන්තය මුදුනට ආපසු දැකගන්නට ලැබෙන නිදහස සුන්දරත්වය ඔබටත් එම ස්ථානයට ගොස් විඳගන්නට පුළුවන්. මෙම පුංචි ලෝකාන්තයේ මුදුන ට වයඹ හා මධ්‍යම  පළාත් හොදින් දිස් වනවා. ඒ අතුරින් නකල්ස් කඳු පන්තිය බිසෝගල දොලුකන්ද රිදි විහාරය රම්බඩගල්ල වැනි ස්ථාන රැසක් දැක බලා ගත හැක.

මෙහි සුන්දරත්වය විඳින අතරතුර ඔබට සැලගම වතුයායේ පිහිටා ඇති බිසෝ ඇල්ල ද පිවිසිය හැක. එම ස්ථානයට ළඟාවීම සඳහා වතුයායේ ලැයිම් නිවාස පිහිටි ස්ථානයෙන් දකුණට ගමන් කොට යටවත්ත හින්දු කෝවිල දක්වා ගමන් කළ යුතුය. කුරුණෑගල සිට ද ගමන් කළ හැකි ඉතාමත් රමණීය ස්ථානයක් ලෙස මෙම ස්ථානය පෙන්වා දිය හැක. 

හුලන්ගල පුංචි ලෝකාන්තය එය අවට මිටියාවත් විස්මිත දසුන් සහිත ප්‍රසිද්ධ දර්ශන වලින් එකකි.


ඔබ මෙහි සංචාරය කිරීම සඳහා Google Map  යොදා ගන්නේ නම් "Yatawatta weeraparakrama secondary school" යන්න ගමනාන්තය ලෙස සටහන් කළ යුතු අතර එම පාසල අසලින් සැලගම වෙත ළඟා විය හැක. 

එසේ නොමැතිව හුලංගල යන ගමනාන්තය ලෙස සටහන් කර Google Map භාවිත කළහොත් මාර්ගය වැරදීමට ඉඩ කඩ ඇති බවද කිව යුතුය. ඔබ පොදු ප්‍රවාහන සේවා භාවිතා කරමින් මෙහි සංචාරය කරන්නේ නම් මාතලේ බස් නැවතුම් පොලට පැමිණ පාරදෙක මාතලේ බස් රථයකට ගොඩ වැදී එම බස් රථයේ ගමනාන්තයන් බැසගත් පසු පා ගමනින් ඔබට හුලංගල තරණය ආරම්භ කළ හැක. 

රාත්‍රිය කඳවුරු බැඳ ගත් පසු  සුන්දර දිය ඇල්ලක් මුදුනේ සිට සුන්දරත්වය විඳීමේ අවකාශය මෙම ගමනේ දී ඔබට ලැබෙන තවත් එක් අත්දැකීමකි. 

එහිදී පරිසර දූෂණය කින් තොරව මෙම සුන්දර ස්ථාන නරඹා ආරක්ෂාකාරීව නැවත පැමිණීම ඔබගේ පූර්ණ වගකීමක් ද වේ. 

WA කසුනි විජේසිංහ 


Tuesday, 23 May 2023

සම්මුඛ සාකච්ඡාවක දී "සූදානම් වීම" (preperration) වැදගත්ම සාධකයයි.

සම්මුඛ සාකච්ඡාවක දී "සූදානම් වීම" (preperration) වැදගත්ම සාධකයයි.


සම්මුඛ සාකච්ඡාවක් කිරීම සඳහා හොඳ අත්දැකීමක් සහ ඒ පිළිබඳ මනා අවබෝධයක් තිබීම අත්‍යාවශ්‍ය කාරණයකි. සම්මුඛ සාකච්ඡාවක් යනු කුමක්ද යන්න බිම සී මෙහිදී මුහුණට මුහුණ මුණ ගැසී සිදු කරනු ලබන සාකච්ඡාවක් (Conversation) ලෙස සඳහන් කළ හැක. එපමණක් නොව පාර්ශව දෙකක් හෝ කිහිපයක් අතර මුහුණට මුහුණලා කෙරෙන තොරතුරු හුවමාරුවක් ලෙස ද සඳහන් කළ හැක. ක්ෂණික ප්‍රතිපෝෂණයක් ලැබෙන ප්‍රශ්නවලියක් වශයෙන් ද සඳහන් කළ හැක.

An interview is a essentially structured conversation where one participant ask questions and the other provide answers. 


ඒ අනුව සමඟ සාකච්ඡාවක් සිදු කිරීම සඳහා කිසියම් අරමුණක් තිබිය යුතුය. (Conversation with the purpose) ප්‍රධාන වශයෙන් සිදු කිරීමට බලාපොරොත්තු වන සාකච්ඡාවක් උදෙසා අරමුණක් තිබිය යුතුය.
ඒ අනුව සම්මුඛ සාකච්ඡාවක් යනු කිසියම් අරමුණක් සාධනය කර ගැනීම සඳහා පවත්වනු ලබන සංවිධානමය සාකච්ඡාවකි.  එහිදී මෙවැනි සම්මුඛ සාකච්ඡාවක් ආරම්භ කිරීමේදීත් සූදානම් වීම (preperration) වැදගත්ම සාධකයකි. 

සම්මුඛ සාකච්ඡාවක් සඳහා සූදානම් වීම භක්තියෙන් සහගත ක්‍රියාවලියක් ලෙස සඳහන් කළ හැකිය අද්‍යතනය වන විට මුහුණට මුහුණ (face to face) ක්‍රියාවලියෙන් ම ඉදිරි ඉන් ඔබ්බට ගොස් නව තාක්ෂණය හමුවේ විවිධ ආකෘති නිර්මාණය වී ඇත (eg- Skype interviews , zoom) නමුත් සමස්ත වශයෙන් ගත් ගත් කල සූදානම්වීම සම්මුඛ සාකච්ඡාවක දී මුඛය ක්‍රියාවලිය බවට පත්වේ. 

සම්මුඛ සාකච්ඡාව සිදුකිරීමේදී  සාර්ථකත්වයේ කුළුණු ත්‍රිත්වය (three keys of preperration) වැදගත් වේ. එනම් 

1step preparation
2step  preparation 
3step preparation 

සම්මුඛ සාකච්ඡා ක්‍රියාවලිය පුරාවට පෙර සූදානම් වීම වැදගත් වේ. විශේෂයෙන්ම සම්මුඛ සාකච්ඡාවක දී පචාවකදී පෙර සූදානම මගින් වඩාත් පලදායී ප්‍රශ්න ඇසීමට සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන්නාට   හැකිවේ. එවැනි සමග සාකච්ඡාවක් ග්‍රහක අවධානයෙන් ගිලිහී නොයනු ඇත. 

සම්මුඛ සාකච්ඡාව සඳහා පූර්ව සූදානම් වීමේ දී සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන්න තුළ සම්මුඛ සාකච්ඡාවේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නා වූ විෂය පථය සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් සහ මනා දැනීමක් අත්‍යවශ්‍ය වීම සමස්ත සම්මුඛ සාකච්ඡාවේ ඵලදායීතාවයට හේතුවනු ඇත. 


එමෙන්ම සම්මුඛ සාකච්ඡාව සිදු කරනු ලබන්නේ කාත් සමග ද සමඟ ද යන්න මෙහිදී වැදගත් වේ. ඒ සඳහා යොදා ගන්නා පුද්ගලා අදාළ ක්ෂේත්‍රය පිළිබඳ ව මනා අවබෝධයක් ද තිබිය යුතු වන අතර ඔහු ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් ප්‍රවීණයෙක් (Expert)  වීම වැදගත් කාරණයකි. සම්මුඛ සාකච්ඡාව සිදුකිරීම සඳහා සුදුසු වේලාවක් සූදානම් කර ගැනීම පෙර සූදානම දී අවධානය යොමු කළ යුතුය. එමෙන්ම සාකච්ඡාවට යොදා ගන්නා කාරණාවන් පිළිබඳව අවධානය යොමු කළ යුතුය. එනම් අදාළ අරමුණට අදාළව තොරතුරු ලබාගත හැකි ආකාරයෙන් ඇසීමට බලාපොරොත්තු වන්නා වූ ප්‍රශ්න ගොනු කර ගැනීම වැදගත් වේ විශේෂයෙන්ම ප්‍රජාව මොහුගෙන් කුමක්ද බලාපොරොත්තු වන්නේ යන්න සම්බන්ධයෙන් පුළුල් අවබෝධයකින් යුතුවකටයුතු කිරීමට  සම්මුඛ සාකච්ඡා මෙහෙයවන්නා  අවධානය යොමු කරමින් සම්මුඛ  සාකච්ඡාවට පෙර සූදානම් වීම වැදගත්ය. 

සම්මුඛ සාකච්ඡාව සිදුකරන අතරතුරදී සම්මුඛ සාකච්ඡාවට සහභාගී වන්නාගේ ශාරීරික භාෂාව (body language) කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ. එමෙන්ම සම්මුඛ සාකච්ඡාවට සහභාගී වන්නා දෙන පිළිතුරු හරහා නව ප්‍රශ්න ගොඩ නගමින් නව තොරතුරු ලබාගත යුතු අතර ඒ සඳහා පෙර සූදානමින් දී වඩාත් ඵලදායී ආකාරයට සූදානම් වීම වැදගත් වේ එසේම ඇහුම්කම් දීම (listening)  වැදගත් කාරණාවකි. 

ඉන්පසුව සම්මුඛ සාකච්ඡාව සඳහා Interview techniques භාවිතා කරමින් සමග සමග සාකච්ඡා විදිහට ගලාගෙන යෑම සිදු කළ යුතුය. Concentration and listing මෙහිදී වැදගත් වේ. සමස්ත අවධානය සම්මුඛ සාකච්ඡාවක් භාජනය වන්නාට ලබාදිය යුතුයි සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන අතරතුර සම්මුඛ සාකච්ඡාව අවසානයේ ද සූදානම් වීම යන කාරණය බෙහෙවින් වැදගත් වේ.  සවන්දීම ප්‍රධාන අංගයක් වනු ඇත ප්‍රශ්න ජාතික මනෝ විශ්ලේෂක මිචෙල් චියෝන් සමන් දෙන ආකාර ත්‍රිත්වයක් සඳහන් කරන ලදී.

casual listening 
semantic listening 
Reduce listening 

casual lestening හෙවත් ආපතික ශ්‍රවණය මගින් යමක් කරමින් අහු කම් දෙය හැකිය semanthi හෙවත් අර්ථ විචාරක ශ්‍රවණය මගින්, එනම් නිදසුන් ලෙස කෘෂිකර්ම කාර්මික ක්ෂේත්‍රය පිළිබඳව සාකච්ඡා කිරීමේ දී එම ක්ෂේත්‍රයට අදාළ පාරිභාෂික වචන මාලාවක් ඇත. එමින් සාකච්ඡාවට අර්ථ ගොඩ නංවා ගත හැක. ඒ සදහාද පෙර සූදානම් යන කාරණය බෙහෙවින් වැදගත්ය. 
reduce listening ඌනිත ශ්‍රවණය එනම් යම් යම් අවශ්‍යතා කාරණා පිළිබඳව පමණක් අවධානය යොමු කරයි. නිදසුන් ලෙස ගීතයක පද මාලාවට අවධානය යොමුකිරීම හැඳින්විය හැක. 

මෙලෙස අදාළ තොරතුරු සමඟ සාකච්ඡාව තුළ ගුරු කර කරගැනීමේදී සමස්ත සම්මුඛ සාකච්ඡාව පුරාවට සූදානම් වීම යන කාරණාව හරහා අවධානය යොමු කළ හැකිය ඒ අනුව 

praparation 
concentration
listening 

යනාදී සංකල්ප ත්‍රිත්වය සූදානම් වීම යන සංකල්පය තුළ අන්තර්ගත වේ. විශේෂයෙන්ම සම්මුඛ සාකච්ඡාවක් තුළ ප්‍රශ්න ඇසීම් එහිදී ප්‍රශ්න ඇසීම කාරණාව සිදුකළ යුත්තේ කියවන අසන පාඨකයා වෙනුවෙන් ය එහිදී සම්මුඛ සාකච්ඡාවකට සූදානම් වීම තුළ 

listening carefully 
Contact book buid up
Blind date 

යනාදී කාරණාවන් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය. Blind date යනුවෙන් සඳහන් කරන්නේ, වෙනත් කාරණාවන් පිළිබඳව නොව අදාළ කාරණාව පිළිබඳව පමණක් සිතීමයි. 

විශේෂෙන්ම පර්යේෂණ (research) සම්මුඛ සාකච්ඡාවට සූදානම් වීම තුළ දී වැදගත් කාරණාවකි. 

research යනු නැවත සොයා බැලීමකි එසේ නැතිනම් පවතින කරුණු තොරතුරු පිළිබඳව නැවත සොයා බැලීමක් කිරීමකි.  පවතින කරුණු තොරතුරු පිළිබඳව නැවත සොයා බැලීමක් කිරීමකි. පවතින දැනුම (existing knowledge) උපකල්පනයක් තිබිය හැක. සම්මුඛ සාකච්ඡාවක් සිදු කිරීමට ප්‍රථම පර්යේෂණ සිදුකිරිම සිදුකිරීම මගිම මගින් අදාළ සම්මුඛ සාකච්ඡාව මඟින් අරමුණු සාක්ෂාත් කර ගැනීමටත් අහන බලන ශ්‍රාවකයා පාඨකයා ප්‍රේක්ෂකයා වෙනුවෙන් ඔවුන් අපේක්ෂා කරනු ලබන තොරතුරු මනාව ලබා ගැනීමේ හැකියාව සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන්නට ලැබේ විශේෂයෙන්ම research හරහා සම්බන්ධ කුසලතා මනාව යොදා ගනිමින් එය කළ යුතුය. එය සඳහා පෙර සූදානම අත්‍යවශ්‍ය වේ. research  සඳහා සූදානම් වීමේ දී  ඒ පිළිබඳව මනා අවබෝධයකින් යුතුව කටයුතු කළ යුතුය. 


කසුනි විජේසිංහ 

ගුවන්විදුලිය , රූපවාහිනිය , පුවත්පත සහ නව මාධ්‍යන්හි සම්මුඛ සාකච්ඡාවක් මෙහෙයවන්නෙකු සතු විය යුතු ගුණාංග.

ගුවන්විදුලිය , රූපවාහිනිය , පුවත්පත සහ නව මාධ්‍යන්හි සම්මුඛ සාකච්ඡාවක් මෙහෙයවන්නෙකු සතු විය යුතු ගුණාංග. 


සම්මුඛ සාකච්ඡා ප්‍රවර්ගයන් ගණනාවක් මාධ්‍යමය ක්‍රියාවලිය තුළ හඳුනාගත හැකිය කිසියම් අරමුණක් සඳහා මෙන්ම ජනතාව අපේක්ෂා කරනු ලබන තොරතුරු ලබා ගැනීම උදෙසා මෙලෙස සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සිදුවේ. "Conversation with the purpose" යන කාරණාව මෙම සම්මුඛ සාකච්ඡාව තුළ භාවිත කළ යුතුය. මෙම සම්මුඛ සාකච්ඡාවන් මුද්‍රිත මාධ්‍ය තුළ මෙන්ම විද්‍යුත් මාධ්‍ය තුළ ද මැනවින් ක්‍රියාත්මක වන අතර ගුවන් විදුලි රූපවාහිනිය පවත් පත්තර එවැනි මාධ්‍ය මෙන්ම නව මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවක් මෙහෙයවන්න සතුව විශේෂ ගුණාංග සමුදායක් තිබීම වැදගත් වේ. එවැනි ගුණාංග අනුගමනය කිරීම හරහා අදාළ සමඟ සාකච්ඡාව සාර්ථකව නිම නිම කිරීමට සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන්නාට හැකිවේ. 


ප්‍රධාන වශයෙන් සමඟ සාකච්ඡා මෙහෙයවන්නා තුළ හොඳ අත්දැකීම් මෙන්ම සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන්නා වූ විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් තිබූ වැදගත් කාරණාවකි. මෙහි ප්‍රධාන කාරණාව වන්නේ ප්‍රශ්න ඇසීමයි. එම ක්‍රියාවලිය තුළ සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන්නා සතුව තිබිය යුතු ප්‍රධාන ගුණාංගයක් ලෙස (Principles object) කුසලතා සහිත ප්‍රශ්න කිරීම (Skill full questions) වැදගත් වේ. එම ප්‍රශ්න කිරිම මගින් සමග සමඟ සාකච්ඡාවේ අරමුණ සාකච්ඡා කර ගැනීමටත් ජනතාව අපේක්ෂා කරන්නා වූ තොරතුරු ලබා ගැනීමට ද හැකි විය යුතුය. 


ප්‍රශ්න අසන්නා සතුව එනම් සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන්න සතු පෞද්ගලික මත තිබිය හැකිය. (Opinions,attitudes) නමුත් සම්මුඛ සාකච්ඡා ක්‍රියාවලියට  (process) එම අදහස් මතිමතාන්තර තුළින් තීරණ සඳහා එළඹීම නොකළ යුතුය. 

එමෙන්ම සමඟ සාකච්ඡාවට ලක් වන්නා ව උත්තේජනය කළ යුතු අතරම ඔහු හෝ ඇයව හොඳින් නිරීක්ෂණය කිරීමට කටයුතු කළ යුතුය. එමඟින් සමග සාකච්ඡාවට සහභාගී වන්න කෙලෙස පිළිතුරු සැපයුවත් ශරීරය ලක්ෂණ හරහා එය එසේමද යන්න නිර්ණය කරගත හැක. 
ඒ අනුව තවදුරටත් සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන්න සතුව පහත සඳහන් කාරණාවන් සම්මුඛ සාකච්ඡාවට භාජනය වන්නා විසින් ඉදිරිපත් කරනු ලබන තොරතුරු සහ මතයන් කෙරෙහි නො තිබීම වැදගත් වනු ඇත. මෙය සම්මුඛ සාකච්ඡා මෙහෙයවන්නා සතු විය යුතු තවත් වැදගත් ගුණාංගයකි. 

Interest 
Opinion 
Attitude 



ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදන ක්‍රියාවලිය තුළ නිශ්පාදකයා විසින් මිනිස් කටහඬ (voice) සංගීතය (Music) සහ ශබ්ද ප්‍රයෝග (SFX) භාවිතයට ගනු ලබන ආකාරය

ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදන ක්‍රියාවලිය තුළ නිශ්පාදකයා විසින් මිනිස් කටහඬ (voice) සංගීතය (Music) සහ ශබ්ද ප්‍රයෝග (SFX) භාවිතයට ගනු ලබන ආකාරය

ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදන ක්‍රියාවලිය සරල ක්‍රියාවලියක් නොවනු ඇත. කිසියම් වැඩසටහනක් නිෂ්පාදනය කිරීමේ අදියර කීපයක් යටතේ සිදුවීමේදී  ඒ ඒ වැඩසටහන් මනාව ග්‍රාහක ආකර්ශනය  රඳවා තබාගැනීම යන කාරණය අධ්‍යතනය වන  විට විශාල අභියෝගයක් බවට පත්ව ඇත්තේ හතු පිපෙන්නාක් මෙන් ගුවන් විදුලි නාලිකාවන්  රැසක් බිහිවී තිබීම හා ගුවන්විදුලි වැඩසටහන් සමග අනිකුත් මාධ්‍යයන් තරඟකාරීත්වයක්  ලබා දෙන බැවිනි. කෙසේ වෙතත් ගුවන් විදුලිය අනිකුත් මාධ්‍යයට සාපේක්ෂ ව තරගකාරීත්වයක් ලබා දෙන බැවිනි. කෙසේ වෙතත් ගුවන් විදුලිය අනෙකුත් මාධ්‍යයන්ට සාපේක්ෂව තරගකාරී මාධ්‍යයක් වන බැවින් ග්‍රාහකයා රඳවා තබා ගැනීම උදෙසා විවිධාකාර උපක්‍රම වැඩසටහන් නිෂ්පාදකයන් විසින් සිදුකරනු ලබයි. ඒ තුළ ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදන ක්‍රියාවලිය තුළ නිශ්පාදකයා විසින් මිනිස් කටහඬ (voice)  සංගීතය (Music) සහ ශබ්ද ප්‍රයෝග (SFX) ඉතාම සූක්ෂ්මව යොදා ගන්නා ආකාරය හඳුනාගත හැක. 

ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදනයේ දී වැදගත්ම ප්‍රමුඛතම කාරණාව වන්නේ කටහඬයි(Voice). යම්කිසි ගුවන් විදුලි නාලිකාවක් සඳහා සමග පරීක්ෂණ පැවැත්වීමේදී ද කටහඬ ප්‍රමුඛ සාධකය බවට පත්වේ. නිවැරදි උච්චාරණය හඬ පාලනය කටහඬ උස් පහත් බව වැඩසටහන නිෂ්පාදනය තුළ බෙහෙවින් වැදගත් වේ. නිවැරදි උච්චාරණය හඬ පාලනය කටහඬ උස් පහත් බව වැඩසටහන් නිෂ්පාදනය තුළ බෙහෙවින් වැදගත් වනු ඇත. 

විශේෂයෙන්ම වැඩසටහන් සඳහා කටහඬ යොදා ගන්නා ආකාරය ඉතාමත් සුවිශේෂී වේ. නිදසුන් ලෙස ප්‍රවෘත්තිමය වැඩසටහන් සඳහා වඩාත් පාර්ශව දනවන පැහැදිලි ගැඹුරු හඬක් ප්‍රයෝජනවත් වන අතර නාට්‍යමය වැඩසටහන් සඳහා ඒ ඒ චරිතයට සුදුසු  කටහඬ යොදා ගනු ලබයි. 

එසේම විචිත්‍රාංග වැඩසටහන් වාර්තා වැඩසටහන් ආදී වැඩසටහන් හි  ග්‍රාහක සිත උද්දීපනය කර ගන්නා ආකාරයට කටහඬ භාවිතා කිරීම සිදුවේ. නිදසුන් ලෙස ටාසන් බාප්පා , පටි රෝල්  ,  අරා පැස්බරා වැනි ගුවන් විදුලි වැඩසටහන් තුළ කටහඬ භාවිතා කිරීම සුවිශේෂී හැකියාවන් හඳුනා ගත හැක. 

විශේෂයෙන්ම ගුවන් විදුලිය යනු චතුර කථන මාධයකි. මෙහිදී  සංගීතාත්මක කටහඬක් තිබීම ද අවශ්‍ය වේ. ශ්‍රාවකයෝ සංදේශය ග්‍රහණය කර ගන්නට එය ඉවහල් වනු ඇත.  කලකට පෙර විසූ ශ්‍රේෂ්ඨ ගුවන් විදුලි ඉදිරිපත් කරන්නෙකු වූ ජ්‍යෙප්රි වික්ස් පැවසූයේ ඔබේ කටහඬ සංගීත භාණ්ඩයක් ලෙස පවත්වාගෙන යන්න එයින් ගීත තනු වාදනය කරන්න යනුවෙනි. 

ගුවන් විදුලි මාධ්‍යයට ග්‍රාහකයා සමීප වීම උදෙසා උපකාර කරන්නාවූ ප්‍රධානතම මෙවලම වන්නේ කටහඬයි.එසේ වීම හේතුවෙන් කටහඬ විවිධාකාරයෙන් යුතුව ගුවන් විදුලිය තුළ භාවිත කළ හැකිය. කටහඬ විචිත්‍රවත් ලෙස ගුවන්විදුලි නාට්‍ය ද භාවිතා කරනු ලබයි. එවැනි ගුවන්විදුලි නාට්‍ය කිහිපයක් මෙසේය. 


උදා - සාගරය සේ ආදරේ 
          සේයා 
          මුවන් පැලැස්ස 
          අනුත්තරා 
           සිහින මන්දාකිණි 

ගුවන්විදුලි  වැඩසටහන් නිෂ්පාදන ක්‍රියාවලිය තුල සංගීතය (Music) ඉතාමත් වැදගත් සුසංයෝගයකි. සංගීතය යනු පෙරින් විස්තර කරන ලද කටහඬ උත්තේජනයට ප්‍රධාන සුසංයෝගයක් ලෙස සඳහන් කළ හැක. 

සංගීතය ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදන ක්‍රියාවලිය තුළ විවිධ කාරණාවන් හි දී යොදා ගනු ඇත. සංගීතය යනු ගුවන් විදුලි මාධ්‍යය තුළ ඉතාම ලාභදායී සුසංයෝගයකි. සියලුම වැඩසටහන් ප්‍රවර්ගයන් සඳහා සංගීත යොදාගනු ලබයි. Comming soon , jingles ආදිය සඳහා සදහා සංගීතය යොදා ගැනීම සිදුවේ. 

එමෙන්ම වැඩසටහන් තුළ අවස්ථානුකූලව භාවය ස්මතු කිරීම උදෙසා සංවේදය භාවිතා කරනු ලබයි. 

නිදසුන් ලෙස ගුවන් විදුලි නාට්‍යයක චරිතයක දුක්මුසු අවස්ථාවක් ග්‍රාහක හදවතට දැනෙන ලෙස උද්දීපනය කිරීම උදෙසා සංගීතය යොදා ගනු ලබයි. විශේෂයෙන්ම ගුවන් විදුලි වැඩසටහන් තුළ වැඩි වශයෙන් සංගීතමය වැඩසටහන් සඳහා අවකාශය සලසා ඇති ආකාරය හඳුනාගත හැකිය. 

උදා - hiru fm top 40 
          Sha fm top 20 
          Siyatha fm 20 twenty 

වැනි සංගීතමය  රේඩියෝ වැඩසටහන් හඳුනා ගත හැක. 

ඕනෑම රටක ගුවන්විදුලි මාධ්‍යයෙහි වැඩසටහන් ආකෘතිය සලසා බැලීමේදී සංගීතය වැදගත් තැනක් ගනී. ප්‍රතිශතයක් ලෙස ගත් කල ගුවන්විදුලි  විකාශන කාල වේලාවෙන් 50% ක් සංගීතය සඳහා වෙන් වී ඇත. 

නිදසුන් ලෙස මෙවැනි සංගීත  වැඩසටහන් උදෑසන දහවල් සැඳෑ රාත්‍රී ආදී කාලපරාසයන් සඳහා විවිධ වැඩසටහන් තේමාව යටතේ යොදාගනිමින් විකාශනය කරනු ලබයි. 

සංහතික මාධ්‍යයේ ප්‍රභවය හා විකාශය

සංහතික මාධ්‍යයේ ප්‍රභවය හා විකාශය
සංහතික මාධ්‍යයේ ප්‍රභවය හා විකාශය මානව  ප්‍රගමනයට  බලපාන ආකාරය
ප්‍රාග් ඓතිහාසික යුගයේ දී  මානවයා සිය සන්නිවේදන කටයුතු අවාචික සංඥා සංකේත යොදා ගනිමින් එකිනෙකා සමග සන්නිවේදනය කර ගන්නා ලදී. මානවයා තම දේශගුණික හා කාලගුණික තොරතුරු ශ්‍රාවකයෙකුට හෝ තමාට ම සන්නිවේදනය කර ගනු ලැබුවේ භාෂාවේ ප්‍රභවය ට පෙරාතුව සිට ය. එනම් ප්‍රාථමික සංඥා සංකේත ආරම්භ වී  වාචික සන්නිවේදනය ද බිහිවී දියුණු විය. මේ ජීව  විද්‍යාත්මකව හඳුන්වන්නේ උත්තේජන ප්‍රතිචාර තත්වයක් ලෙසය. මුල් කාලයේ දී  දී මෙහි පැවති අතිශය ප්‍රාථමික ස්වරූපයකි එනම් අංගචලන , විවිධ ශබ්ද ගිනිමැලය , වන සන්නිවේදන උපක්‍රමයි. එ නම් සතුන් භාවිතා කරමින් අතීතයේ පැවති දූත සන්නිවේදනය අඩබෙර , හූ කීම කොළඅතු ඒල්ලිම , ඝණ්ඨාව විවිධ පාට වර්ග වලින් කරනු ලැබූ සංඥා , හංවඩු ගැසීම ආදි ය ප්‍රාථමික සන්නිවේදන ස්වරූප යෙදී සන්නිවේදන කාර්යය ඉටු කරන්නට විය. තව දුරටත් අතීතයේදී අල්තමීරා ලැස්කෝ ගල් ගුහා ආදියෙහි අඳින ලද සිතුවම් පිළිබඳ විමර්ශනය කිරීමේ දී අතීතයේ ප්‍රාග් මානවයා තම සිතෙහි හටගත් සිතුවිලි සන්නිවේදනය හරහා අනිකාට ප්‍රකාශ කිරීමට ගත් උත්සාහය අගනේ ය. 

සංහතික මාධ්‍යයේ ප්‍රභවය පිළිබඳ විමසා බැලීමේදී වටහා ගත හැකි කරුණ නම් ඒ සැනකින් සංවර්ධනය නොවූවක් යන්නයි. අතීතයේ සිට වර්තමානය දක්වා ගමන් කිරීමේදී සංනිවේදනය යනු විවිධාකාරයෙන් වෙනස් වෙමින් විවේචනයට ලක් වෙමින් විවිධ විද්වතුන්ගේ විවිධ අදහස් තුළට තුළට භාජනය වෙමින් පැමිණි සංකල්පයකි. මෙම සන්නිවේදන යන සංකල්පය හරහා "සංහතික මාධ්‍ය මාධ්‍ය" සුවිශේෂී අංග නිර්මාණය වී ඇත. 

ඒ අනුව සන්නිවේදනය පිළිබඳව විවිධ විද්වතුන් විවිධ අදහස් පලකොට ඇත මෙහිදී නිර්වචන කෙරෙහි අවධානය යොමු කිරීමට ප්‍රථම සන්නිවේදනය අර්ථ විමසා බැලීම වැදගත් වේ සන්නිවේදන යන්න හැඳින්වීම සඳහා ඉංග්‍රීසි භාෂාවේ "communication" යන අර්ථය භාවිතා කෙරේ මෙහිදී වචනය ඛණ්ඩනය කර බැලීමේදී , munis යනු කිසියම් කාර්යයක් කරන්නා හැඳින්වීමට ලතින් භාෂාවේ එන වචනයකි. Communis යනු වෙන් ගම්‍ය කෙ රෙන්නේ බොහෝ පිරිසක් අතර රැඳී  ඇත යන්නයි. එමෙන් ම විකාශනය යන අර්ථය උද්දීපනය කරයි. Communicare යන්නෙන් හුවමාරු කරගැනීම බෙදාගැනීම හෝ පොදු බවට පත් පත් කිරීම ඇමැතීම යන ආදිය අරැත් ගම්‍යවේ. ඉහත අර්ථය වර්ධනය බිම ආශ්‍රිතව communication  යන්න බිහි වී ඇත. සිංහල භාෂාවේදී මෙය විඥාපනය සම්ප්‍රේෂණ යනාදී ලෙස ද හඳුන්වනු ලබයි. 

තව දුරටත් විග්‍රහ කිරීමේ දී සං - නි යන උපසර්ග දෙකෙන් නිර්මාණය වී ඇති පදයක් බව පෙනේ. "විද්" වේදනය යන ධාතුවෙන්  සකස් වී ඇති අතර "සං" යන උපසර්ගයෙන් සම්බන්ධ වූ ඒකා බද්ධ වූ යන අර්ථයත් ප්‍රක්ෂේපණය වේ. මෙහි සරල අර්ථය වන්නේ අදහස් තොරතුරු මත හා දැනුම යනාදිය  මනා ලෙස හුවමාරු කර ගැනීමේ නැතිනම් සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රියාවලිය යන්න යි. මෙය අතීතයේදී සංඥා සංකේත නිර්මාණය නිර්මාණ සන්නිවේදනය ඔස්සේ ද සිදුවිය. 

සන්නිවේදනය පිළිබඳ නිර්වචන රැසක් නිර්මාණය වී ඇත  
"Who said it , what was said , in what channel it was said to whom it was said and with what effect"  
  
Harold Lasswell 

"ඔබ්බට ගොස් සුරක්ෂිත කර ගැනීමත් උපකාරවන උපක්‍රම සන්නිවේදන ඇතුලට වැටේ" 
සමාජ විද්‍යාඥ චාල්ස් කුලී 

පුද්ගලයන් දෙදෙනෙකු අතර එක සමාන මනෝ වෘත්තයක් ඇතිකරලීම සන්නිවේදනයයි 
මහාචාර්ය විල්බර් ශ්‍රාම්


සන්නිවේදන යනු කුමක්ද යන්න  පිලිබඳව ගැඹුරින් විග්‍රහ කිරීමේ දී පෙනී යන්නේ එය අදාළ සමාජ වපසරියට අනුකූල වන බැවින් මිනිස්සුන්ගේ භෞතික හා අධ්‍යාත්මික ක්‍රියාකාරීත්වය සමඟ බද්ධ වී ඇති බවත්ය.

ඉතිහාසය විමසන විට දුර හා වාචක වාසකම් ගැන ගැන ආරම්භව සන්නිවේදන ශඛ්‍යතාවය පසුකාලීනව මාධ්‍යයක් බිහිවීම දක්වා පරිවර්තනය වූ වා යැයි පැවසිය හැකිය . 
සංහතික මාධ්‍ය පිළිබඳ විමසීමට ප්‍රථම මාධ්‍ය යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න විමසා බැලිය හැක. ග්‍රාහකයා හා යථාර්ථයට මැදිහත් වන ඕනෑම දෙයක් මාධ්‍ය ලෙස හඳුන්වනු ලබයි. 16 වන සියවසේ දී මෙය සන්නිවේදනයට එකතු වී ඇති අතර අප සාමාන්‍ය ජීවිතයේදී භාවිතා කර ලබන මාධ්‍යය වන්නේ පංචේන්ද්‍රිය යි. 

සංහතික මාධ්‍යයේ ප්‍රභවය හා විකාශනය මානව ප්‍රගමනයට බලපාන ආකාරය 

ජනමාධ්‍ය සංහතික මාධ්‍ය බවට පරිවර්තනය 

මිනිස් සමාජය පරිණාමය හා විකාශනයත් සමඟ සන්නිවේදන මාධ්‍යන් ද ක්‍රමයෙන් විකාශනය විය. ඒ අනුව මානව සමාජ පරිණාමය යුග හතරක් ඔස්සේ දැක්විය හැක . 

පූර්ව නූතන යුගය 
මධ්‍යතන යුගය 
නූතන යුගය 
පශ්චාත් නූතන යුගය 


මේ රාජාණ්ඩු ක්‍රමයක් පැවැති පූර්ව නූතන යුගයේ දී මානවයාගේ අවශ්‍යතා ඉතා සරල විය. එමෙන් ම අදෘශ්‍යමාන බලවේග පිළිබඳව දැඩිව විශ්වාස කරමින් දේව ධර්ම වාදය ප්‍රචලිතව පැවතුණි. වැඩවසම් ආර්ථික ක්‍රමයක් පවතින මෙම අවධිය තුළ ජන කථා ගැමි නාටක කෝලම් සොකරි ශාන්තිකර්ම වැනි ජන මාධ්‍ය (falk media)පැවතුණි 

පසුකාලීනව ක්‍රමක්‍රමයෙන් සමාජය සංවර්ධනය වීමත් සමඟ ම මානව සමාජය ද ක්‍රම ක්‍රමයෙන් වෙනස් විය. 
ජනග්‍රහනය සීඝ්‍රයෙන් වර්ධනය වීමත් සමඟම එතෙක් භාවිතා කළ සන්නිවේදන ස්වරූප තවදුරටත් ප්‍රමාණවත් නොවුනි. යනු ක්‍රම ක්‍රමයෙන් විවිධ භාෂාවන් බිහි කර ගනිමින් එය හා සම්බන්ධ අක්ෂර මාලාවන් ගොඩනගා ගනිමින් ලිඛිත සන්නිවේදනයට මුල පිරිය. තවද සායි ලූන්  වැන්නන් කඩදාසි සොයා ගැනීම වැනි වැදගත් සොයාගැනීම් ද මෙම යුගයේ දී සිදුවිය. ඉන් පසු යුගය මධ්‍යතන යුගය යි. 
මෙම යුගයේදී ආගම විසින් මානව ක්‍රියාකාරකම් නියාමනය කිරීමේ දී හා හැසිරවීමේ දී දැවැන්ත භූමිකාවක් ඉසිලීය. මිනිසුන්ගේ පාරභෞතික ජීවිතයට සම්බන්ධ යම් යම් ගතිකයන් සහ අභිප්‍රේරණයන් මෙහෙය වන පාලනය කරන සාධකයක් ලෙස කතෝලික ආගම එකල පැවතිණි . සරල නිෂ්පාදන ක්‍රියාවලියක් පැවති මෙම යුගයේදී මුද්‍රිත සන්නිවේදනයට මූලාරම්භයක් ලැබිණි. ඒ ක්‍රි.ව 1447 දී ගුටෙන්බර්ග් විසින් මුද්‍රණ තාක්ෂණය සොයා ගැනීමත් සමගය. (ඇමුණුම-2) මෙසේ ජනමාධ්‍ය යන ක්‍රම ක්‍රමයෙන් ප්‍රසාරණය වන්නට පටන් ගැනිණි . මානව සන්නිවේදනය හැරවුම් ලක්ෂයක් සනිටුහන් වන්නේ මධ්‍යතන යුගයේ සිට නූතන යුගය දක්වා පරිණාමය වීමේ දී ය. එනම් පුනරුද අවධියේ 16 වෙන සත වර්ෂයේ අග භාගයේ සිට  17 වන ශතවර්ෂය ශතවර්ෂය කාලය තුළ විශාල වශයෙන් වෙනස් වෙනස්කම් ලොව පුරා ඇති විය. ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වීමත් සමඟ සරල නිෂ්පාදන මාදිලිය අභාවයට යමින් ඒ වෙනුවට සංකීර්ණ ධනේශ්වර නිෂ්පාදන මාධ්‍යයක් බිහිවන්නට පටන් ගැනුනි. පෙර ආගමකට තිබූ තිබූ තැනම එකල දර්ශනයට විද්‍යාවට හා තර්කයට හිමි විය. ආර්ථික දේශපාලනික වශයෙන් අත්තනෝමතික රාජ්‍ය පාලනය වෙනුවට යම්කිසි යම් කිසි ආකාරයක නිදහස් ලිබරල් හෝ අඩු වැඩි වශයෙන් ප්‍රජාතාන්ත්‍රික ගත ලක්ෂණ ඇති දේශපාලන රාජ්‍යයක් පැවති මෙම යුගයේ චින්තනය මර්දනය කිරීම හා නිදහස් සිතිවිලි විනාශ කිරීම වෙනුවට නව අදහස් ඇති කරන නව චින්තනයන් බිහිවිය. ඒ අනුව රූසෝ ජෝන් ලොක් වෝල්ටෙයාර් ආදී නිදහස් චින්තකයන් සමාජයට ප්‍රවිෂ්ඨ විය. මෙම නූතන යුගයේ ආරම්භයත් සමඟම "සංහතිකත්වය" (massness) යන සංකල්පය බිහි වන්නට විය. මේ කාර්මික විප්ලවය සහ යුරෝපයේ නිෂ්පාදන මාධ්‍යයන්ගේ වර්ධනය විද්‍යාව හා තාක්ෂණ ප්‍රගතිය හා සංස්කෘතික නවෝදය මුල්කරගෙන බිහි විය. මේ සමගම එතෙක් පැවති ජන මාධ්‍යයන් (Falk media) තව දුරටත් ප්‍රමාණවත් නොවීය. එසේ සංකීර්ණ මානව සමාජ පද්ධතියක පද්ධතියක සාම ස්වභාවය ආරක්ෂා කර ගැනීමට නූතන යුගයේ සඳහා නවම මාධ්‍යන්ගේ අවශ්‍යතාවය මතුවිය. එම නව මාධ්‍ය ලෙස "සංහතික මාධ්‍ය" (mass media) සංකල්පය වර්ධනය විය. ඒත් සමගම පුවත්පත සඟරාව මුද්‍රිත මාධ්‍යයන් මෙන්ම රූපවාහිනිය ගුවන්විදුලිය යන විද්‍යුත් මාධ්‍ය ලොවට දායාද විය. යුරෝපයේ සංවර්ධනයේ පැතිකඩයන් සංකල්පීකරණය කිරීමේදී හා න්‍යාය ගත කිරීමේ දී මෙම Mass යන සංකල්පය මතු විය. Mass යන්න ජනයා හෙවත් පුද්ගලයන් නොවේ. එය එකට ඒකරාශී වූ ගොනු ගොනු වූ තමන්ගේ ආත්මය අහිමි කරගත් කරගත් ආත්මය සමාජය කරණයට හසුවූ හසු වූ සංහතියක් හෝඩිය රොත්තක් ලෙස හැඳින්විය හැකිය. මෙම නූතන යුගයේ බිහිවූ masses ට පවතින්නේ මධ්‍යතන යුගයේ සිටි ජනයාට මෙන් යාන්ත්‍රික සබඳතාවක් නො වේ. ඔවුන් ගේ සබඳතාවන් ඓන්ද්‍රිය වශයෙන් එකිනෙකාගේ ක්‍රියාකාරීත්වය අනෙකාට සම්බන්ධ වේ. ජනයා තුළ පුද්ගල වශයෙන් (individual) සිටියත් සහතිකයන් තුළ පුද්ගල සාධකය ඉතා අවම මට්ටමක පවතී. එහි දී වැඩිපුර ඉස්මතු වන්නේ සමූහය (Group)  වේ. පුද්ගලික ගුණාංග අලපීකරණය  වී සංහතික ගුණාංග බහුලීකරණය විය. විශේෂයෙන් සංහතිකයන්  අතර වෙනස්කම් අවම වේ. ඔවුන්ගේ පරිභෝජනය, හැසිරීම්, චින්තනය එකම මට්ටමක පවතී එම නිසා පෙරකී ජනයාගේ සංහතිකයන් සම්පූර්ණයෙන් වෙනස් වේ. සිය තත්වය , ස්ථිර ක්‍රියාකාරීත්වයෙන් පරිබාහිරව තමන් පිළිබඳවම ආ කල්පනය කිරීමට සමත් ය. 

ඒ අනුව අතීතයේ දී  ජනයා එකිනෙකා අතර තොරතුරු හුවමාරු කරගැනීම සඳහා ජානම ගැනීම සඳහා ජනමාධ්‍ය භාවිතා කළ ද පසුකාලීන කාලීනව සමාජ සංකීර්ණයන් ගේ ප්‍රතිඵලයක් ලෙස සංහතික යන සංකල්පය නිර්මාණය විය. එනම් විශාල ප්‍රජාවකට ආමන්ත්‍රණය කරනු ලබන මාධ්‍ය සංහතික මාධ්‍ය නමින් අරුත් ගන්වයි. එනම් අතීතයේදී සන්නිවේදන ක්‍රම සඳහා භාවිතා කළ විවිධ ජන ජන සන්නිවේදන ක්‍රම යනු සන්නිවේදන ක්‍රමයන් වර්තමානයට ප්‍රායෝගික නොවේ . එනම් පූර්ව නූතන යුගයේදී ඇතිවූ Falk song , Falk media , Falk Dance,  Falk drama එනම් ජන ගී ජන කතා ජන නැටුම් ජන නාට්‍ය වලට එහා ගිය පුළුල් වූත් සංකීර්ණ වූත් ප්‍රබල වූත් මාධ්‍ය මාධ්‍ය රැසක් නූතන යුගයේ දී හා පශ්චාත් නූතන යුගයේදී බිහි වී තිබේ . 
සංහතික සන්නිවේදනය හේතුකොට ගෙන සංහතික මාධ්‍ය නිර්මාණය විය. 

මහාචාර්ය විමල් දිසානායකයන් දක්වන පරිදි විසිරී පැතිරී සිටින අති විශාල ග්‍රාහක පිරිසක් වෙත සැනෙකින් ළඟාවීමේ හැකියාව සංහතික සන්නිවේදනය සතු ය. 


කසුනි විජේසිංහ 
පුහුණු ජනජනමාධ්‍යවේදී 

වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලියක් සාර්ථක කර ගැනීමේදී ග්‍රාහක කැමැත්ත ගොඩනැංවීමෙහිලා මනෝවිද්‍යාත්මක කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්කම

 වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලියක් සාර්ථක කර ගැනීමේදී ග්‍රාහක කැමැත්ත ගොඩනැංවීමෙහිලා මනෝවිද්‍යාත්මක කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්කම 

වෙළද දැන්වීලද දැන්වීමක් යනු පාරිභෝගිකයාට තම නිෂ්පාදන හා සේවා හඳුන්වා දිය හැකි මාද්‍යකි. එය ප්‍රබලතම මාධ්‍යයක් ලෙස හැඳින්විය හැකිය. ප්‍රධාන මාධ්‍යයන් ත්‍රිත්වය ඔස්සේ විවිධාකාරයෙන් වෙලද දැන්වීම් ක්‍රියාත්මක වේ. වෙළද දැන්වීම ප්‍රධානතම කාරණාව වන්නේ පාරිභෝගික ආකර්ෂණය යි. මෙය මිලක් ගෙවා නිකුත් කරනු ලබන නිවේදනයක් ලෙස ද අර්ථකථනය කළ හැකිය. සන්නිවේදන ක්‍රියාවලිය අනුව ගත් කළ මෙය ඒක මාර්ගික සන්නිවේදනය කින් පුද්ගලික නොවන ලෙස දැන්වීම්කරණ සිදුකළ හැකිය. එමෙන්ම දැන්වීම් යනු ප්‍රවර්ධන උපකරණයකි. වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ දැන්වීම් අදාල පාරිභෝගිකයා වෙත ගෙන යාමේ වාහකයා ලෙස මාධ්‍ය ක්‍රියා කරනු ලබයි. මෙම මාධ්‍ය ක්‍රියාවලිය තුළ එහි සැකැස්ම නිර්මාණය වී තිබෙන්නේ වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලියට සමගාමීවය. 

වර්තමානය වන විට මාධ්‍යන්හි පැවැත්ම තීරණය කරන සාධකය ලෙස වෙළඳ දැන්වීම් ප්‍රචාරණය හැඳින්විය හැක. 

මෙහිදී මෙම මාධ්‍ය නරඹන කියවන ශ්‍රවණය කරන ග්‍රාහකයා තුළ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම උදෙසා පෙළඹවීමක් සිදුකරන ක්‍රියාවලිය තුළ කැමති නිෂ්පාදන යන කාරණාව ප්‍රබල වෙයි.  එහිදී ග්‍රාහක සිත තුළ කැමැත්ත ගොඩනැංවීම සඳහා වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම වෙනුවෙන් මනෝ විද්‍යාත්මක කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ.

සාමාන්‍ය ජීවිතයේ දී පාරිභෝගිකයාට අවශ්‍ය වන්නා වූ යම් යම් නිෂ්පාදන අලලා කරනු ලබන වෙළඳ දැන්වීම් මෙන්ම අනිකුත් සෑම ප්‍රචාරණයකදීම ග්‍රාහක කැමැත්ත ඉතා වැදගත් කාරණාවක් බවට පත්වේ. මෙහිදී බාල මහලු තරුණ වැඩිහිටි  ඕනෑම කණ්ඩායමක අවධානය දිනා ගැනීමේ හැකියාව වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලිය සතු විය යුතුය.


වෙළෙඳ දැන්වීම් තුළ  මනෝවිද්‍යාත්මක කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුය. 


පුද්ගලයෙක් වැටහීමක් ඇති කර ගනු ලබන්නේ ඇසීම දැනීම ගඳසුවඳ ස්පර්ශය නදී පංචේන්ද්‍රයන් පංචේන්ද්‍රයන් ගේ දැනුම මතය. මිනිසුන්ගේ මෙම පංචෙන්ද්‍රිය වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ වැදගත් වේ. යම්කිසි අරමුණක් කෙරෙහි ඇතිවන කැමැත්ත උත්තේජනය නම් වේ. එම කැමැත්ත ඇසීම දැකීම ස්පර්ශයද සුවද ආදී කුමන හෝ මාධ්‍යයක් මගින් ග්‍රහණය කර ගනු ලබන්නකි. ඊට ප්‍රතිචාර ලෙස යම් යම් ක්‍රියාවන් හි නිරත වේ. එය ප්‍රතිචාරයයි. මේ දේ ජනමාධ්‍ය මගින් විසුරුවා හරින විවිධ සංදේශවල අවධානය යොමුවීම මනෝවිද්‍යාත්මක කාරණාව මත රඳා පවතී. එය උත්තේජන ප්‍රතිචාර ක්‍රියාවලි යටතේ සිදු වනු ඇත.  

රූපවාහිනිය ගත්කල ග්‍රාහකයාගේ සියලුම ඉන්ද්‍රයන් ස්පර්ශ කිරීමට සමත් වන එකම මාධ්‍ය මෙය වීම හේතුකොට ගනිමින් වෙළඳ දැන්වීම් ප්‍රචාරණය ක්‍රියාවලියත් වඩා සාර්ථක ආකාරයට මෙම මාධ්‍ය තුලින් සිදු කර ගත හැක. 

බොහෝ වෙළෙඳ දැන්ඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලියක් දුටුවිට රූපවාහිනි නරඹන්නා එය වැළඳගනී. මාස්ලෝගේ අවශ්‍යතා ධූරාවලිය මත අවශ්‍යතා ඉටු කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම පෙළඹවීම යන කාරණාව සිදුවේ. මෙයද මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියකි. 

වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලිය තුළදී වෙළඳ දැන්වීමක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය තුළ   AIDA සංකල්පය  වැදගත් වේ. 

A- Attention 
I - interest 
D - Desire 
A- Action 

ඒ අනුව වෙළඳ දැන්වීමක් මගින් අවධානය යොමු කරවා ගැනීමට උනන්දුව රඳවා තබා ගැනීම අපි ලක්ෂය ජනනය වීම ක්‍රියාත්මක වීම පෙළඹවීම යනාදී කාරණා වෙළෙඳ දැන්වීම් මගින් සිදුකරනු ලබයි එහිදී ඒබ්‍රහම් කාඩිනල් පවසන ආකාරයට පුද්ගලයාගේ චර්යාව හෙවත් හැසිරීම් රටාව ඔහුගේ පෞරුෂත්වයට හා ඔහුගේ ජීවත් වන පරිසරයේ ප්‍රතිඵලයක් වේ. 

එමෙන්ම අලෙවිකරණ සන්නිවේදන ග්‍රන්ථයෙහි සඳහන්  රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ අදහසකට අනුව විද්යුත් මාධ්‍යයෙහි දැන්වීම් නිදසුන් කොට ගනිමින් ග්‍රාහකයාගේ අවශ්‍යතාවයට වඩා මානසික සන්තර්පණය ද තම ව්‍යාපාරික අභිලාෂය ඉටු කර ගැනීමට දරන ප්‍රයත්නයක් ලෙස දක්වයි. 

වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ මනෝවිද්‍යාත්මක කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමේ දී ග්‍රහක ආකර්ෂණය උදෙසා වෙලද දැන්වීම් තුළ ලිංගිකත්වය උත්තේජනය කරමින් වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීම හඳුනාගත හැකිය. විශේෂයෙන්ම තොල් ආලේපන මෙන්ම සුවඳ විලවුන්  නිෂ්පාදන සඳහා ග්‍රාහක කැමැත්ත ගොඩනැංවීම ලිංගිකත්වය උත්තේජනය වන ලෙස ගොඩ නැංවීම සිදුවේ. රූපවාහිනිය ගත් කළ වෙළඳ දැන්වීමක් ප්‍රචාරය වන්නේ කිසියම් විරාමයක් අතරතුර දී ය. එම විරාමය තුළ ද ග්‍රාහක අවධානය යොමු කරවා ගත හැකි ලෙස වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරයි. එවැනි කාරණාවන් හරහා මිනිසාගේ ID වෙත ආමන්ත්‍රණය කරමින් ඇතැම් වෙළඳ දැන්වීම් ප්‍රචාරණය කිරීමට වෙළඳ දැන්වීම් නිර්මාණකරුවන් කටයුතු කරයි. 


කැමැත්ත ගොඩ නැංවීමෙහිලා විකාශය සිදු කරනු ලබන වෙළඳ දැන්වීම් බොහෝමයක් තුළ අවධානය යොමු කළ යුත්⁣තේ මින්සාගේ හැඟීම් හා ආශාවන් වෙත ඉලක්ක කර ගන්මින් වෙළඳ දැන්වීම් ප්‍රචාරණය කිරීමයි. 

ළමුන් වෙනුවෙන් නිර්මාණය කරන වෙළඳ දැන්වීම් තුළ ළමා ලෝකය විදහා පාමින් විවිධ වර්ණයෙන් භාවිතා කරමින් දැන්වීම් ප්‍රචාරණය කළ යුතුය. 

උදා - රිස්බරි පෙබල්ස් වෙළඳ දැන්වීම 

වෙළඳ දැන්වීම් විසින් සමාජය හැඩ ගස්වා ඇත. එය ගෝලීය සංස්කෘතියේ කොටසක් බවට පත්ව ඇති අතර වෙලද දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ සිතීම් සහ හැඟීම්  යන  ව කාරණා ද්විත්වයටම  අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන්ම හැඟීම් අවුස්සන දැන්වීම් විවිධ තේමා භාවිතා කරමින්  ප්‍රචාරණය කිරීම සිදු කිරීම හරහා ග්‍රාහක කැමැත්ත අවධානය ගොඩ නංවා ගත හැක. 

වෙළඳ දැන්වීමක ඇති චිත්තවේගීය ප්‍රතිචාරය වෙළඳ දැන්වීමේ සත්‍ය අන්තර්ගතයට වඩා භාණ්ඩයක් මිලදී ගැනීමේ පාරිභෝගිකයාගේ අභිප්‍රාය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරයි. 

විශේෂයෙන්ම වර්ණ භාවිතා මහ රහා ග්‍රහ කැමැත්ත ගොඩනැංවීමෙහිලා මනෝවිද්‍යාත්මක කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් දැන්වීම නිර්මාණය කළ හැකිය. නිදසුන් ලෙස දැන්වීමක් නිර්මාණය කිරීමේදී ග්‍රාහක සිත කැමැත්ත ජනිත වන ආකාරයට වාරණයන් භාවිතා කිරීම සිදු කළ යුතුය. ග්‍රාහක කැමත්ත  ලබාගැනීමට වර්ණ වෙනස ද උපකාරී වනු ඇත. 

විශේෂයෙන්ම චිත්තවේගීය ප්‍රතිචාරයට අනුව වෙළඳ දැන්වීම් නිර්මාණය හා ප්‍රචාරණය සිදු කළ යුතුය සංවේදනාත්මක ප්‍රතිචාරයන් යන වෙළෙඳ දැන්වීම් අත්දැකීමෙන් පසු පුද්ගලයෙක් සංවේදනය වීම හෝ ඊට සමීප වීම බව දැනීමයි. දැන්වීමෙහි ළමයින් සුරතල් සතුන් දරුවන් ගේ රූප රාමු ඡායාරූප යොදා ගනිමින් එය සාක්ෂාත් කර ගැනීමට කටයුතු කිරීම වැදගත් වේ. 


වෙළඳ දැන්වීම තුළ නිර්මාණශීලීත්වය කාරණය බෙහයන කාරණය බෙහෙවින් වැදගත් වනු ඇත එය ද මනෝ විද්‍යාත්මක කාරනාවකි වෙළද දැන්වීමක් මගින් ආමන්ත්‍රණය කරන්නේ මිනිසාගේ මනසට ය. එවිට නිර්මාණශීලී භාවය බෙහෙවින් වැදගත් වේ. විශේෂයෙන්ම කටහඬ ස්වරය කතා වස්තුව පසුබිම් සංගීතය වෙළඳ දැන්වීම් ප්‍රචාරණය ක්‍රියාවලිය තුළ ග්‍රාහක කැමැත්ත ගොඩනැංවීම ලා වැදගත් වේ. 

ප්‍රීතිය පුදුම වැනි කාරණාවන් කෙරෙහි වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ අවධානය යොමු කළ යුතුය. එවැනි කාරණා සියල්ලම අයත් වන්නේ මිනිස් චිත්ත වේගයන් හා සමගාමී වීම වැදගත් කාරණයකි. ඒ හරහා මනෝවිද්‍යාත්මක කරුණු කෙරෙහි එලෙස  අවධානය යොමු කළ යුතුය. එලෙස සාර්ථක වූ වෙළඳ වෙළෙඳ දැන්වීම් ප්‍රමාණයක් සඳහා උදාහරණ ලෙස, 

Dove's 
Coca cola "Happines Factory" 
Google "Friends forever"





කසුනි විජේසිංහ 
පුහුණු මාමාධ්‍යවේදී 
කොළඹ විශ්වවිද්‍යාලය 
ජනමාධ්‍ය අධ්‍යනාංශය 

ගවේෂණාත්මක වාර්තාකරණය

ගවේෂණාත්මක වාර්තාකරණය ගවේශනාත්මක වාර්තාකරණය යනු කිසියම් සිද්ධියක්, අවස්ථාවක් හෝ පුද්ගලයෙකු පිලිබඳ ගැඹුරින් සොයා බලා වාර්තා කිරීම...