ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදන ක්‍රියාවලිය තුළ නිශ්පාදකයා විසින් මිනිස් කටහඬ (voice) සංගීතය (Music) සහ ශබ්ද ප්‍රයෝග (SFX) භාවිතයට ගනු ලබන ආකාරය
ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදන ක්‍රියාවලිය සරල ක්‍රියාවලියක් නොවනු ඇත. කිසියම් වැඩසටහනක් නිෂ්පාදනය කිරීමේ අදියර කීපයක් යටතේ සිදුවීමේදී ඒ ඒ වැඩසටහන් මනාව ග්රාහක ආකර්ශනය රඳවා තබාගැනීම යන කාරණය අධ්‍යතනය වන විට විශාල අභියෝගයක් බවට පත්ව ඇත්තේ හතු පිපෙන්නාක් මෙන් ගුවන් විදුලි නාලිකාවන් රැසක් බිහිවී තිබීම හා ගුවන්විදුලි වැඩසටහන් සමග අනිකුත් මාධ්‍යයන් තරඟකාරීත්වයක් ලබා දෙන බැවිනි. කෙසේ වෙතත් ගුවන් විදුලිය අනිකුත් මාධ්‍යයට සාපේක්ෂ ව තරගකාරීත්වයක් ලබා දෙන බැවිනි. කෙසේ වෙතත් ගුවන් විදුලිය අනෙකුත් මාධ්‍යයන්ට සාපේක්ෂව තරගකාරී මාධ්‍යයක් වන බැවින් ග්රාහකයා රඳවා තබා ගැනීම උදෙසා විවිධාකාර උපක්‍රම වැඩසටහන් නිෂ්පාදකයන් විසින් සිදුකරනු ලබයි. ඒ තුළ ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදන ක්‍රියාවලිය තුළ නිශ්පාදකයා විසින් මිනිස් කටහඬ (voice) සංගීතය (Music) සහ ශබ්ද ප්‍රයෝග (SFX) ඉතාම සූක්ෂ්මව යොදා ගන්නා ආකාරය හඳුනාගත හැක.
ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදනයේ දී වැදගත්ම ප්‍රමුඛතම කාරණාව වන්නේ කටහඬයි(Voice). යම්කිසි ගුවන් විදුලි නාලිකාවක් සඳහා සමග පරීක්ෂණ පැවැත්වීමේදී ද කටහඬ ප්රමුඛ සාධකය බවට පත්වේ. නිවැරදි උච්චාරණය හඬ පාලනය කටහඬ උස් පහත් බව වැඩසටහන නිෂ්පාදනය තුළ බෙහෙවින් වැදගත් වේ. නිවැරදි උච්චාරණය හඬ පාලනය කටහඬ උස් පහත් බව වැඩසටහන් නිෂ්පාදනය තුළ බෙහෙවින් වැදගත් වනු ඇත.
විශේෂයෙන්ම වැඩසටහන් සඳහා කටහඬ යොදා ගන්නා ආකාරය ඉතාමත් සුවිශේෂී වේ. නිදසුන් ලෙස ප්රවෘත්තිමය වැඩසටහන් සඳහා වඩාත් පාර්ශව දනවන පැහැදිලි ගැඹුරු හඬක් ප්‍රයෝජනවත් වන අතර නාට්‍යමය වැඩසටහන් සඳහා ඒ ඒ චරිතයට සුදුසු කටහඬ යොදා ගනු ලබයි.
එසේම විචිත්රාංග වැඩසටහන් වාර්තා වැඩසටහන් ආදී වැඩසටහන් හි ග්රාහක සිත උද්දීපනය කර ගන්නා ආකාරයට කටහඬ භාවිතා කිරීම සිදුවේ. නිදසුන් ලෙස ටාසන් බාප්පා , පටි රෝල් , අරා පැස්බරා වැනි ගුවන් විදුලි වැඩසටහන් තුළ කටහඬ භාවිතා කිරීම සුවිශේෂී හැකියාවන් හඳුනා ගත හැක.
විශේෂයෙන්ම ගුවන් විදුලිය යනු චතුර කථන මාධයකි. මෙහිදී සංගීතාත්මක කටහඬක් තිබීම ද අවශ්‍ය වේ. ශ්‍රාවකයෝ සංදේශය ග්‍රහණය කර ගන්නට එය ඉවහල් වනු ඇත. කලකට පෙර විසූ ශ්‍රේෂ්ඨ ගුවන් විදුලි ඉදිරිපත් කරන්නෙකු වූ ජ්යෙප්රි වික්ස් පැවසූයේ ඔබේ කටහඬ සංගීත භාණ්ඩයක් ලෙස පවත්වාගෙන යන්න එයින් ගීත තනු වාදනය කරන්න යනුවෙනි.
ගුවන් විදුලි මාධ්‍යයට ග්රාහකයා සමීප වීම උදෙසා උපකාර කරන්නාවූ ප්‍රධානතම මෙවලම වන්නේ කටහඬයි.එසේ වීම හේතුවෙන් කටහඬ විවිධාකාරයෙන් යුතුව ගුවන් විදුලිය තුළ භාවිත කළ හැකිය. කටහඬ විචිත්‍රවත් ලෙස ගුවන්විදුලි නාට්‍ය ද භාවිතා කරනු ලබයි. එවැනි ගුවන්විදුලි නාට්‍ය කිහිපයක් මෙසේය.
උදා - සාගරය සේ ආදරේ
සේයා
මුවන් පැලැස්ස
අනුත්තරා
සිහින මන්දාකිණි
ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදන ක්‍රියාවලිය තුල සංගීතය (Music) ඉතාමත් වැදගත් සුසංයෝගයකි. සංගීතය යනු පෙරින් විස්තර කරන ලද කටහඬ උත්තේජනයට ප්‍රධාන සුසංයෝගයක් ලෙස සඳහන් කළ හැක.
සංගීතය ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදන ක්‍රියාවලිය තුළ විවිධ කාරණාවන් හි දී යොදා ගනු ඇත. සංගීතය යනු ගුවන් විදුලි මාධ්‍යය තුළ ඉතාම ලාභදායී සුසංයෝගයකි. සියලුම වැඩසටහන් ප්රවර්ගයන් සඳහා සංගීත යොදාගනු ලබයි. Comming soon , jingles ආදිය සඳහා සදහා සංගීතය යොදා ගැනීම සිදුවේ.
එමෙන්ම වැඩසටහන් තුළ අවස්ථානුකූලව භාවය ස්මතු කිරීම උදෙසා සංවේදය භාවිතා කරනු ලබයි.
නිදසුන් ලෙස ගුවන් විදුලි නාට්‍යයක චරිතයක දුක්මුසු අවස්ථාවක් ග්රාහක හදවතට දැනෙන ලෙස උද්දීපනය කිරීම උදෙසා සංගීතය යොදා ගනු ලබයි. විශේෂයෙන්ම ගුවන් විදුලි වැඩසටහන් තුළ වැඩි වශයෙන් සංගීතමය වැඩසටහන් සඳහා අවකාශය සලසා ඇති ආකාරය හඳුනාගත හැකිය.
උදා - hiru fm top 40
Sha fm top 20
Siyatha fm 20 twenty
වැනි සංගීතමය රේඩියෝ වැඩසටහන් හඳුනා ගත හැක.
ඕනෑම රටක ගුවන්විදුලි මාධ්‍යයෙහි වැඩසටහන් ආකෘතිය සලසා බැලීමේදී සංගීතය වැදගත් තැනක් ගනී. ප්‍රතිශතයක් ලෙස ගත් කල ගුවන්විදුලි විකාශන කාල වේලාවෙන් 50% ක් සංගීතය සඳහා වෙන් වී ඇත.
නිදසුන් ලෙස මෙවැනි සංගීත වැඩසටහන් උදෑසන දහවල් සැඳෑ රාත්‍රී ආදී කාලපරාසයන් සඳහා විවිධ වැඩසටහන් තේමාව යටතේ යොදාගනිමින් විකාශනය කරනු ලබයි.
No comments:
Post a Comment