Thursday, 11 February 2021

අදහස් බෙදාගැනීම පහසු කරමින් චීනයෙන් බිහි වූ මුද්‍රණ යන්ත්‍ර

සමරූපී පොත්පත්, තොරතුරු පත්‍රිකා, හා පුවත්පත් වැනි මුද්‍රණය කරන ලද අදහස් එකිනෙකා අතර හුවමාරු කරගැනීම සඳහා මඟ පාදමින් නිර්මාණය වූ ‘මුද්‍රණ යන්ත්‍රය’ මිනිස් ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. පුරාණ චීන සමාජයේ මහත් පෙරළියක් ඇති කළ එය, 15 වැනි සියවසේ දී යුරෝපා මහද්වීපය තුළ ඉහළ ජනප්‍රියත්වයක් අත්කර ගත්තේ වඩාත් වැඩි දියුණු වෙමින්. ලොව ප්‍රථම මුද්‍රණ යන්ත්‍රය නිෂ්පාදනය කළේ කවදා, කවුරුන් විසින් ද යන ප්‍රශ්න සඳහා නිශ්චිත පිළිතුරු නොමැති වුව ද, දැනට සොයාගෙන ඇති පැරණි ම මුද්‍රිත ලේඛනය චීනයෙන් හමු වී ඇති අතර එය අයත් වන්නේ ක්‍රි. ව. 1 වැනි සහස්‍රයට යි.

චීනයේ ඩූහ්වාං ප්‍රදේශයෙන් හමු වූ ටැන්ග් රාජ සමයේ දී (ක්‍රි. ව. 868 දී පමණ) මුද්‍රිත ‘වජ්‍ර සූත්‍රය’ නම් බෞද්ධ ග්‍රන්ථය, ලොව පැරණි ම මුද්‍රිත ග්‍රන්ථය ලෙස සැලකෙනවා. එය මුද්‍රණය කිරීම සඳහා යොදාගෙන ඇත්තේ ‘අච්චු මුද්‍රණය’ (block printing) නම් ක්‍රමවේදය යි. එහි දී පිටපැත්තට සිටින සේ දැවමය පුවරුවල අතින් කැටයම් කරන ලද අච්චු යොදාගෙන පොත් මුද්‍රණය කිරීම සිදුකරන අතර, පිටපත් රාශියක් මුද්‍රණය කළ හැකි වුව ද වෙනත් ග්‍රන්ථයක් මුද්‍රණය කිරීම සඳහා භාවිතා කළ නොහැකි බැවින් මුද්‍රණ ක්‍රියාවලියෙන් අනතුරුව අදාළ අච්චුව ඉවත දැමීමට සිදු වී තිබෙනවා.

https://assets.roar.media/assets/MiprkzOn6b5ZeipN_Picture-7.jpg
(© The British Library) ‘වජ්‍ර සූත්‍රය’ ග්‍රන්ථයේ කොටසක්

කෙටි කලෙකින් ම චීන සමාජය තුළ මුද්‍රණ ශිල්පය අතිශය ජනප්‍රිය වී ඇති අතර,  ක්‍රි. ව. 972 වන විට පිටු 130,000 කින් සමන්විත වූ ත්‍රිපිටකයේ චීන පරිවර්තනය පවා මුද්‍රණය කිරීමට1 චීන වැසියන් සමත් වී ඇති බව යි වාර්තා වන්නේ. එයට අමතර ව දැවමය අච්චු යොදාගනිමින් ඔවුන් ගණිතමය වගු, වාග් මාලා මාර්ගෝපදේශන, ශබ්දකෝෂ, පංචාංග ලිත්, සහ ආචාර ධර්ම සංග්‍රහයන් පවා මුද්‍රණය කර තිබෙනවා.

බී ෂෙන්ග්ගේ අකුරු අච්චු

පසුකාලීන ව අච්චු මුද්‍රණයේ දී භාවිතා කරන ලද දැවමය අච්චු අපතේ දැමීම වෙනුවට විකල්ප ක්‍රමයක් හඳුන්වා දී ඇත්තේ ක්‍රි. ව. 970 – 1051 අතර කාලයේ චීනයේ යින්ග්ෂෑන් ප්‍රදේශයේ වාසය කළ බී ෂෙන්ග් නම් නව නිපැයුම්කරුවා විසින්. ඒ අනුව සම්පූර්ණ පිටුවක් අන්තර්ගත වූ දැවමය අච්චු ඉවත දමා එක් එක් අකුර සඳහා වෙන් වෙන් අච්චු භාවිතා කිරීම ආරම්භ කර තිබෙනවා. එහි දී සිදු වී ඇත්තේ කුඩා මැටි පුවරුවක් මත කැටයම් කරන අකුරු අච්චුව පුලුස්සා ගැනීමෙන් අනතුරු ව වචනයක් සැකසෙන අයුරින් යකඩ රාමුවක් මත තැන්පත් කර, යකඩ තහඩුවකට තබා තද කිරීම යි.

https://assets.roar.media/assets/MiprkzOn6b5ZeipN_Picture-7.jpg
(© Ancient Pages) පුරාණ චීන අකුරු අච්චු

බී ෂෙන්ග්ගේ මුද්‍රණාලය ගැන මුල් වරට තොරතුරු වාර්තා කර ඇත්තේ ක්‍රි. ව. 1086 දී ෂෙන් කුඕ නම් විද්‍යාඥයා විසින්. ඔහු වාර්තා කර ඇත්තේ දැවමය අච්චු පහසුවෙන් තෙතමනය උරා ගන්නා බැවින් සහ ඒ මත තීන්ත නිසි පරිදි තැන්පත් නොවන බැවින් බී ෂෙන්ග් විසින් දැවමය අච්චු භාවිතා නොකරන ලද බව යි. කෙසේ වුව ද චීන හෝඩියේ අකුරු 40,000ක් පමණ පවතින බැවින් බී ෂෙන්ග් විසින් හඳුන්වා දුන් අච්චු අකුරු ක්‍රමවේදය ද වැඩිකල් භාවිතයේ පැවතී නැහැ.

නැවතත් අච්චු මුද්‍රණ ශිල්පයට

ක්‍රි. ව. 1297 දී චීන මහේස්ත්‍රාත්වරයෙකු වූ වෑන්ග් චෙන් විසින් අච්චු මුද්‍රණය යොදාගනිමින්  කෘෂිකර්මය සහ ගොවිතැන් සිරිත් ගැන ‘නුන්ග් ෂූ’ නම් ග්‍රන්ථය මුද්‍රණය කිරීමෙන් පසු ව, නැවත වරක් අච්චු මුද්‍රණ ශිල්ප ක්‍රම භාවිතයට පැමිණ තිබෙනවා. වෑන්ග් චෙන් විසින් දැවමය අච්චු වැඩි කාලයක් තබාගත හැකි උපක්‍රමයක් හඳුන්වා දී ඇති අතර, වඩාත් කාර්යක්ෂම ව සහ වේගයෙන් මුද්‍රණ කටයුතු සිදු කිරීම සඳහා කැරකෙන මේසයක් ද නිර්මාණය කර ඇති බව යි වාර්තා වන්නේ.

https://assets.roar.media/assets/MiprkzOn6b5ZeipN_Picture-7.jpg
(© Wikimedia Commons) ‘නුන්ග් ෂූ’ පුස්තකයේ කොටසක්

වෑන්ග් චෙන්ගේ ‘නුන්ග් ෂූ’ පුස්තකය සැලකෙන්නේ මහා පරිමාණයෙන් මුද්‍රණය කරන ලද ලොව ප්‍රථම ග්‍රන්ථය ලෙස යි. එය යුරෝපා මහද්වීපයට පවා අපනයන කර ඇති අතර, චීනයෙන් බිහි වූ මුද්‍රණ යන්ත්‍රය සහ මහා පරිමාණ මුද්‍රණ ක්‍රමවේදයන් පිළිබඳ තොරතුරු යුරෝපීයයන් දැනගන්නට ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙස බවට සැකයක් නැහැ.

නොසිතූ ලෙස අනාවරණය වූ ගුටෙන්බර්ග්ගේ මුද්‍රණාලය

නමුත් වෑන්ග් චෙන් විසින් වැඩි දියුණු කරන ලද මුද්‍රණ ක්‍රමවේද හඳුන්වා දී වසර 150ක් ගතවන තුරු ම යුරෝපා මහද්වීපයෙන් මුද්‍රණාලයක් ගැන තොරතුරු වාර්තා නොවූ අතර, වරකට අකුර බැගින් යොදාගනිමින් මුද්‍රණය කිරීමේ ක්‍රමයක් සොයාගැනීම සඳහා රටවල් කිහිපයක ම කාර්මිකයන් උත්සාහ කර තිබෙනවා. දේශපාලන හේතූන් මත ජර්මනයෙන් පිටුවහල් කරන ලද යොහැනස් ගුටෙන්බර්ග් නම් රන්කරුවා ප්‍රංශයට පැමිණ මුද්‍රණ යන්ත්‍රයක් නිර්මාණය කිරීම අරඹා ඇත්තේ ක්‍රි. ව. 1440 සිට යි. අංග සම්පූර්ණ මුද්‍රණ යන්ත්‍රයක් ලොවට හඳුන්වාදීමේ දැඩි ආශාවෙන් පසු වූ ගුටෙන්බර්ග්, තමන් නිපදවන ලද මුද්‍රණ යන්ත්‍රය ප්‍රසිද්ධියට පත් නොකර තවත් වර්ධනය කිරීමට උත්සාහ දරමින් සිටිය දී එය නිපදවීම සඳහා මුදල් ආයෝජනය කරන ලද ඔහුගේ ව්‍යාපාර හවුල්කරු මියගොස් තිබෙනවා. ගුටෙන්බර්ග්ගේ මුද්‍රණ යන්ත්‍රය පිළිබඳ තොරතුරු අනාවරණය වුණේ ඒ සම්බන්ධයෙන් පැවති බූදල් නඩුකරයේ දී යි.

https://assets.roar.media/assets/MiprkzOn6b5ZeipN_Picture-7.jpg
(© International Printing Museum) ගුටෙන්බර්ග්ගේ මුද්‍රණ යන්ත්‍රයේ නූතන අනුරුවක්

ගුටෙන්බර්ග් විසින් දැව වෙනුවට ලෝහ යොදාගනිමින් අකුරු අච්චු සහිත මුද්‍රණ යන්ත්‍රයක් නිර්මාණය කර ඇති අතර, ක්‍රි. ව. 1452 දී ඔහු, යොහැනස් ෆස්ට් නම් ණයකරු සමග හවුල් ගිවිසුමක් ඇති කරගෙන මුද්‍රණාලයක් ආරම්භ කර තිබෙනවා. එහි මුද්‍රණය කරන ලද ප්‍රථම ග්‍රන්ථය ලෙස සැලකෙන්නේ බයිබලය යි. පළමු මුද්‍රණයේ දී ඔහු පිටු 1,300 කින් යුතු බයිබල් 180ක් මුද්‍රණය කර ඇති අතර, ඒ සඳහා අකුරු අච්චු 300ක් සහ කඩදාසි 50,000ක් යොදාගත් බව යි වාර්තා වන්නේ. ගුටෙන්බර්ග් විසින් මුද්‍රණය කරන ලද බයිබලයේ ඇතැම් කොටස් වර්ණ යොදාගනිමින් මුද්‍රණය කර ඇති අතර, එයින් පිටපත් 21ක් සම්පූර්ණයෙන් ම සුරක්ෂිත ව පවතිනවා.

https://assets.roar.media/assets/MiprkzOn6b5ZeipN_Picture-7.jpg
(© Kevin Eng) ගුටෙන්බර්ග්ගේ බයිබලය

යුරෝපය පුරා පැතිරුණු මුද්‍රණ ශිල්පය

ගුටෙන්බර්ග්ගෙන් පසු ව ඉතාලි ජාතිකයන් මුද්‍රණ යන්ත්‍ර නිපදවීම අරඹා ඇති අතර ක්‍රි. ව. 1470 වන විට මුද්‍රණ ශිල්පය, වාණිජමය කාර්මාන්තයක් වශයෙන් ඉතාලිය තුළ ජනප්‍රිය වී තිබෙනවා. එසේ ම 15 වැනි සියවස අවසන් වන විට ක්‍රමයෙන් මුද්‍රණ යන්ත්‍ර, ස්පාඤ්ඤය සහ පෘතුගාලය තුළ ද පැතිරී ගියා. විලියම් කැක්ස්ටන් නම් බෙල්ජියමේ වාසය කළ ඉංග්‍රීසි ජාතිකයා විසින් එංගලන්තයට මුද්‍රණ යන්ත්‍රය හඳුන්වා දී ඇත්තේ ක්‍රි. ව. 1476 දී යි. පසු ව ඔහු වෙස්ට්මින්ස්ටර් දෙව්මැදුර තුළ මුද්‍රණාලයක් ස්ථාපිත කර ක්‍රි. ව. 1491 දී සිදු වූ ඔහුගේ මරණය තෙක් එංගලන්ත රජ පවුලේ ප්‍රධාන මුද්‍රණකරු ලෙස කටයුතු කරන ලද බව සඳහන්.

https://assets.roar.media/assets/MiprkzOn6b5ZeipN_Picture-7.jpg
(© University Library of Heidelberg) ලොව ප්‍රථම පුවත්පත

මුද්‍රණ යන්ත්‍රයේ දියුණුවත් සමග ජර්මනියෙන් ලොව ප්‍රථම පුවත්පත බිහි වුණා. ‘Relation aller Fürnemmen und gedenckwürdigen Historien’ නම් වූ එය මුල් වරට මුද්‍රණය කරන ලද්දේ ක්‍රි. ව. 1605 දී යි. පුවත්පතකට වඩා තොරතුරු පත්‍රිකාවක ස්වරූපය ගත් එය මුද්‍රණය කිරීම සඳහා යොහාන් කැරොලස් නම් ප්‍රකාශකයා මූලිකත්වය ගෙන කටයුතු කර තිබෙනවා. එසේ අරඹන ලද පුවත්පත් කෙටි කලෙකින් ම යුරෝපය තුළ ජනප්‍රිය වී ඇත්තේ සාමාන්‍ය ජනතාව අතර අදහස් සහ තොරතුරු හුවමාරු කරගැනීම සඳහා මංපෙත් විවර කර දෙමින්.

මූලාශ්‍රය :

1 පොතේ කතාව / ධනපාල ගුණසේකර / විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය


Kasuni wijesinghe 

Department of mass media 

University of colombo

Sri palee campus 

ශ්‍රී ලංකාවේ පුවත්පත් මාධ්‍යයේ ආරම්භය

ශ්‍රී ලංකාවේ පුවත්පත් මාධ්‍යයේ ආරම්භය
Add caption

ශ‍්‍රී ලංකාවේ ඈත අතීතයේ සිටම දියුණු සාහිත්‍යයක් පැවතිය නමුත් මුද්‍රණ තාක්ෂණ හා ශිල්ප ක‍්‍රමයන් පිළිබදව දැනුම පැවති බවට ඉතිහාසයෙන් පැහැදිළි සාක්ෂි හමු නොවෙයි. බටහිර රාජ්‍යවල ආක‍්‍රමණිකයින්ගේ අප රටට මුද්‍රණ ශිල්පයේ දැනුම ලැබිණි. ක‍්‍රි:ව: 1505 වර්ෂයේදී පෘතුගීසි ආක‍්‍රමණිකයින්ට නතු වුවද ඔවුන්ගෙන් ඒ පිළිබද දැනුම නොලැබිණ. ක‍්‍රි:ව: 1640-
1796 තෙක් පැවති ලන්දේසි පාලන සමය ජන සන්නිවේදන ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකි. එයට හේතුව ලන්දේසි පාලන සමයේ මෙරටට ප‍්‍රථමව මුද්‍රණාල ගෙන්වීමයි.

 ඕලන්දය මුද්‍රණ ශිල්පයේ දියුණු රටකි. මෙරට පහතරට මුහුදුබඩ ප‍්‍රදේශ අල්ලාගැනීමෙන් පසුව ඔවුන්ගේ පාලන තන්ත‍්‍රය ක‍්‍රියාත්මක කිරීමට ඇති වූ ප‍්‍රභල අවශ්‍යතාවයන් හේතුවෙන් මුද්‍රණ යන්ත‍්‍ර මෙරටට ගෙන්වා ස්ථාපිත කරනු ලබයි. ලන්දේසි ආධිපත්‍යයට යටත්ව පැවති මුහුදුබඩ ප‍්‍රදේශයන්හි අනවසරයෙන් කුරුදු ගසක් පවා කැපීමට තහනම් කෙරිණි. ඒ පිළිබද අතින් ලියු දැන්වීම් ප‍්‍රදර්ශනය කළ නමුත් තම මව්රට ඇති මුද්‍රණ යන්ත‍්‍ර භාවිතය වඩාත් පහසු බැවින් මෙරටට ගෙන්වන ලදී.

 ලන්දේසීන් සිංහල භාෂාවෙන් ඉගැන්වීමට  ඕලන්දයේ ග‍්‍රන්ථ මුද්‍රණය කරන්නට ද විය. 1708 දී ජොහානස් රැපියෙල් නැමැත්තා ”Grammarian of Singleesche tell˜    කෘතිය සිංහල ව්‍යාකරණ ඉගැන්වීමට රචනා කළේය. ලක්දිව මුද්‍රණාල  ගෙන එ්මට පෙර සිංහල අකුරින් මුද්‍රණය කළ පොත් නොමැති විය.ගාල්ල ලන්දේසි ආයුධ ගබඩාවේ සේවය කළ සොල්දාදුවෙකු වු                   ගබ්රියෙල් ස්කාඞ් සිංහල අකුරු ලි වලින් සාදවාගෙන සිංහල ග‍්‍රන්ථයක් මුද්‍රණය කිරීමට උත්සාහ දැරුවේය. නමුත් ඊට ලන්දේසි ආණුඩුවෙන් අවසර ලබා නොදුන් අතර අවසරයකින් තොරව මුද්‍රණ කටයුතු කළ ගබ්රියෙල් ස්කාඞ් අත්අඩංගුවට ගන්නා ලදී.ඔහු නිදහස ලැබූ විගස නැවත මුද්‍රණ කටයුතු කිරීමට යොමු විය. 

 1736 වර්ෂයේදී ලංකාවට රාජකාරි සදහා පැමිණි ගුස්තම් විල් හෙලම් වෑන් ඉම්හොජ් නැමැති ආණ්ඩුකාරවරයාගේ ද ජාවා රටේ ද අනුග‍්‍රහය ඔහුට ලැබිණ. ඒ අනුව 1737 වර්ෂයේදී ප‍්‍රකාශයට පත් කරන ලද මෙරට මුද්‍රණය කරන ලද පැරණිම පොත ලෙස පිළිගනු ලබන ලන්දේසි යාඥා” පොත පල විය. එයට මූලිකත්වය ගනු ලැබුවේ ද ගබ්රියෙල් ස්කාඞ් ය.ප‍්‍රදාන වූ යාඥාවල් පස ද අපේ ක‍්‍රිස්තියානි ඇ`දහිල්ලේ පංශු දොලහ සහ දෙව් ස්වාමිදුරුවන් වහන්සේම අදහස් කලත් දෙවා වදාළ ආඥාවලින් ද සද මෙහි ඇත. යනුවෙන් එහි ස`දහන් ව ඇත. 
 ඉන්පසුව ලන්දේසීන්ගේ පෙරදිග ඉන්දියානු වෙළද සමාගමේ ලාංඥජනය දිප්තිමත් වූ කොම්පඤ්ඤෙ වෙනුවෙන් අච්චු ගැහුව 1737” යනුවෙන් යොදා ඇත. එතැන් පටන් වර්ෂයක් පමණ යනතෙක් මුද්‍රණාල දියුණුවක් වූ බව දක්නට නොහැක


.1796 වර්ෂයේදී  ඕලන්දයට යටත්ව තිබූ මුහුදුබඩ ප‍්‍රදේශ ඉංග‍්‍රීසින් ආක‍්‍රමණය කිිරීමත් සමග මුද්‍රණ යන්ත‍්‍ර ද ඉංග‍්‍රීසින්ගේ භාරයට පත් විය. 1812 දී එම මුද්‍රණ යන්ත‍්‍ර දියුණු කොට තම භාවිතයට ඉංග‍්‍රීසින් ගන්නා ලදී. ඒ අනුව 1802 මාර්තු 15 වැනි දින අපේ රටේ ඉංග‍්‍රීසි පුවත්පත ලෙසින් සැලකීමට හැකි රජයේ ගැසට් පත‍්‍රය” නිකුත් කරන්නට විය. මෙය නිකුත් වූයේ සතියකට එක් වරක් සදුදා දිනයකදී ය.  එහි අතිරේකයක් සැම බදාදා දිනයකම පල විය. මෙහි ප‍්‍රකාශකයා වුයේ ප‍්‍රාන්ස් ඞී බෲයින් මහාතාය. ක‍්‍රි.ව 1814 ජනවාරී 12 වන දින ප‍්‍රථමවරට මුතු කිමිදීමේ දැන්වීමක් සිංහල බසින් පළ කරමින් ගැසට් පත‍්‍රයට එක් කිරීමෙන් පළමු වරට සිංහල භාෂාව ගැසට් පත‍්‍රයට සම්බන්ධ කරන ලදී සතියකට දෙවරක් ප‍්‍රකාශය‍ට පත්කරන ලදී.. විදෙස් රටවල පුවත්පත් වලින් උපුටාගත් තොරතුරු ද ප‍්‍රකාශයට පත් කෙරිණි. 

ඉංග‍‍්‍රීසි පුවත්පත් කිහිපයක්ම 19 සියවසේ මුල්ම කාලයේදී ආරම්භ වුණා. ද කලම්බු ජර්නල් පුවත්පත ආරම්භ වුණේ 1832 ජනවාරි පළවැනිදා. රොබර්ට් විල්මට් හෝර්ටන් ආණ්ඩුකාරවරයා විසිනුයි කලම්බු ජර්නල් පටන්ගත්තේ. පුවත්පතේ ආයුකාලය අවුරුද්දක් පමණ වුණා. 1833 දෙසැම්බර් 31 වැනිදා කලම්බු ජර්නල් නැවතුණා. මේ පුවත්පත ආණ්ඩුවේ ප‍‍්‍රකාශණයක්. ආණ්ඩුවේ මුද්‍රණාලයේ සහ පසුව තැපැල් දෙපාර්තමේන්තුවේ තිබුණු මුද්‍රණාලයේ පුවත්පත මුද්‍රණය කර තිබෙනවා. ජෝර්ජ් ලී විසිනුයි පුවත්පතේ කර්තෘ ධූරය දැරුවේ.


පූර්ව යටත් විජිත සමයය එනම් 1815, වන විටත් සන්නිවේදන ජාලය රජු වටා බැඳී තිබිණි
බෞද්ධ ආගම හා රජු කේන්ද්‍රීය ව පැවති සන්නිවේදන ආධිපත්‍ය ඉංග‍්‍රීසි ජාතියට මෙරට යටත් වීමෙන් පසු කිතුනු ආගමික බලයට හා යටත් විජිත පාලන නියෝග ප‍්‍රකාශන ක‍්‍රමවලට යටත් විය. පාසල් විවෘත වීම, මුද්‍රණාලය ඇති වීම ආගමික පත‍්‍රිකා හා ග‍්‍රන්ථ මුද්‍රණය කිරීම, දේශීය සන්නිවේදනයට බලපෑ ප‍්‍රධාන සාධක දෙකකි. 1734 දී  ඕලන්ද පරිපාලනය විසින් නිල නිවේදන සිංහලයෙන් පළ කිරීම, 1812 දී කොළඹ බයිබල්ස මාගමය සිංහලයෙන් බයිබලය පළ කිරීම 1860 ලංකාලෝකය පුවත් පත හා 1834 The Observer and
Commercial Advertiser  වාණිජ පුවත් පත පළ කිරීම ශී‍්‍ර ලාංකේය සන්නිවේදනයේ සන්ධිස්ථානයක් බවට ත් විය. විශේෂයෙන් ඉංග‍්‍රීසි පාලනයට එරෙහි ව සිංහල බෞද්ධ ප‍්‍රජාව ජාතිකත්ව ව්‍යාපාර ඇරඹීම උදෙසා මුද්‍රිත සන්නිවේදනය භාවිත කිරීම කැපී පෙනේ්. මෙකල සාහිත්‍යය හා ආගමික වාද  විවාද ඇති විය. දේශීය උගත්හු බිහි වූහ.'


 ශ‍්‍රීලංකාවේ බෞද්ධ පුවත්පත් ආරම්භ කිරමෙහිලා ප‍්‍රමුඛත්වය ගනු ලැබුවේ හික්කඩුවේ ශ‍්‍රී සුමංගල නාහිමියන් වහන්සේය.  ක‍්‍රිස්තියානි ධර්මය ප‍්‍රචාරය කිරීමේ අරමුණින් නිකුත් වූ විවිධ මාදිලියේ ප‍්‍රකාශනයන්ට ප‍්‍රතිඋත්තර ලබාදීමට ක‍්‍රමයක් බෞද්ධයින්ට නොතිබිණි. හික්කඩුවේ ශ‍්‍රී සුමංගල හිමියන්ගේ නායකත්වය යටතේ බෞද්ධ නායකයින් කිහිපදෙනෙක් ම එක්කරගෙන දී ගාල්ලේ ලංකෝංකාරය මුද්‍රණාලය ඇරඹීය එයට බුලත්ගම ධම්මාලංකාර මහහිමියන්ගේ  දායකත්වය ද ලැබිණි. එමෙන් ම එයට සියම් රජුගේ ආධාරය ද ලැබී ඇත. ඉංග්‍රීසි පාලන සමයේදීය. යන්ත‍්‍රයක්‌ ගෙන්වා ගත්තද මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය අකුරු බ්ලොක්‌ කඩදාසි ආදිය ලබා ගැනීමට අවශ්‍ය අනෙකුත් වියදම් කිසිවක්‌ නොවීය. සිංහල ජනතාවගේ හ`ඩ අවධි කරන්නට වූයේ ලංකාලෝපකාරය මුද්‍රණාලය ඇරඹීමෙන් පසුවය. ඒ හික්කඩුවේ ශ‍්‍රී සුමංගල හිමියන්ගේ අනු දැනුම යටතේ පළමු සිංහල පුවත්පත ලෙස සලකනු ලබන ලංකාලෝකය පත‍්‍රය ප‍්‍රකාශනයට පත් කෙරිණි. ඒ 1860 ජූනි මාසයේ දීය. එහි ප‍්‍රධාන කර්තෘ විලියම් පෙරේරා රණසිංහගේ සංස්කරණයෙන් ද තවත් ප‍්‍රභූන් දෙදෙනෙක් සහ බුලත්ගම ධම්මාලංකාර හිමියන්ගේ අනුදැනුම යටතේ ය. එය මාස කිහිපයක් නිකුත් වූ අතර නැවත අවුරුදු 26 ට පසු ගාල්ල ලංකාලෝපකාර මුද්‍රණාලයෙයන්ම 1886 ප‍්‍රකාශනයට පත් කරන්නට වූයේ ය.



මෙය බලවත් ආර්ථික දුෂ්කරතාවක්‌ විය. මෙම තත්ත්වය සියම් දේශාධිපති (වත්මන් තායිලන්තය) චූලාලංකාර රජුට දන්වා යෑවීමට බුලත්ගම මාහිමියන් කටයුතු කළේ අන් සරණක්‌ නොමැති වීමය. මෙම ඉල්ලීම සලකා බැලූ චූලාලංකාර රජු පවුම් 212 ක ආධාර මුදලක්‌ එවන්නට යෙදුණි. 




එම මුදලින් අවශ්‍ය උපකරණ ලබාගෙන 1960 ජුනි මස 10 දා ලංකාවේ පළමු සිංහල භාෂා පුවත්පත ගාල්ලෙන් එළිදැක්‌වුණි. එය ”‍ලංකාලෝකය”‍ නම් පුවත්පතයි. මෙම පුවත්පතේ කර්තෘවරයා වූයේ නීතිඥ විලියම් පෙරේරා රණසිංහ නීතිඥ මහතාණන්ය. ප‍්‍රකාශකයා ලෙස කටයුතු කළේ ඞී. ඩබ්ලිව්. කේ. ජයවර්ධන මුදලිතුමන්ය. මුද්‍රණාලය වූයේ ගාල්ලේ ලංකෝපකාරයයි. පත‍්‍රයේ මිල පැන්ස 6 ක්‌ වූ අතර සෑම මසකම 10 දිනයේ සහ 24 වැනිදා මෙම ලංකාලෝකය පුවත්පත නිකුත් කිරීමට නියමිත විය.

     ලංකාලෝකයට අමතර වෙනත් පොත පත සහ දහම් පත‍්‍රිකා මුද්‍රණය වූ මෙම මුද්‍රණ යන්ත‍්‍රය ලංකාලෝකය නැවතී ගියද රටේ මුද්‍රණාලෝකය ඇති කිරීමට යෙදවුණි. ලංකාලෝක මුද්‍රණ යන්ත‍්‍රය ලෙස හැඳින්වුවද, මෙහි නම වූයේ ලංකෝපාකාර මුද්‍රණාලය යන්නයි.

ලංකාලෝකයට පසුව ඊළගට පළ වු සිංහල පුවත්පතලක්රිවි කිරණ” වේ එය ක‍්‍රිස්තියානීන් පාලනය කරනු ලැබුවකි.ලක්මිණි පහන” කොග්ගල ධම්මතිලක පඩිතුමන් අරඹන ලදී .එයට සුමංගල හිමියන් ද දායකත්වය සැපයිය.වලානේ සිද්ධාර්ථ හිමිගාල්ලේ ගුණතිලකඅතපත්තු මුදලිතුමා,  හෙන්ඩි‍්‍ර පෙරේරාබටුවන්තුඩාවේ දේවරක්ක්‍ෂිත පඩිතුමා ඇතුඵ තවත් කිහිප දෙනෙකුගේම සහයෙන් ලක්මිණි පහන පත‍්‍රය 1862 සැප්තැම්බර් 11 වන දින කොළඹ වෙන්ද්‍රාල් විදියේ අංක 77 දරණ ස්ථානයේදී ආරම්භ කරනු ලබයි. රජයේ ලියාපදිංචි කරනු ලැබූ ප‍්‍රථම සිංහල පුවත්පත ලක්මිණි පහන” පත‍්‍රය වේ. එය වරින් වර නවතින නමුත් ධර්මරත්න ප`ඩිතුමා විසින් 1883 සිට 1925 දක්වා එය පවත්වාගෙන ආවේය. බෞද්ධ දර්ශනය පිළිබ`ද සාකච්ඡුාවිවාද රැගත් ලිපිදෙස් විදෙස් තොරතුරු එහි පල කරන්නට විය. බුද්ධ පූජා වාදයශුද්ධෝත්තම වාදයථීනමිද්ධ වාදයවංශ වාදයදේව පූජා වාදයග‍්‍රහණ වාදය ආදී ලිපි ඇසුරෙන් සංවාදයක් සමාජය  තුළ ඇති කළේය. පරම විඥානාර්ථ බෞද්ධ සමාගම 1882 දී සරසවි සදරැුස පත‍්‍රය ආරම්භ කරනු ලබයි. එයට මුලිකත්වය ගනු ලැබූවේ හික්කඩුවේ  ශ‍්‍රී සුමංගල හිමියන්ය. 

කසුනි විජේසිංහ 
ජනමාධ්‍ය අධ්‍යනාංශය 
කොළඹ විශ්වවිද්‍යාලය 
ශ්‍රී පාලි මණ්ඩපය 

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි මාධ්‍යයේ ආරම්භය

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි මාධ්‍යයේ ආරම්භය
බ්‍රිතානයේ ගුවන් විදුලි සේවාවක් ආරම්භ කරන ලද්දේ 1920 වසරේදී ය. ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි විකාශනයක් ආරම්භ වන්නේ වසරේදීය. එයට මුලිඛත්වය ගනු ලැබුවේ එඩිවඩ් හාපර් මහතාය. බ්‍රිතානය යටත් විජිත අතර මුලින්ම ගුවන් විදුලි සේවාවක් ආරම්භ කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ යැයි කියනු ලැබේ. ශ්‍රී ලංකාවේ ගුවන් විදුලිය ආරම්භව ඇත්තේ 1924 ජුනි මස 27 වන දිනයි. ශ්‍රීමත් විලියම් මැනිං ආණ්ඩුකාරතුමා ලංකා ඉන්ජනේරැ කාර්යාලයට නිකුත් කරන ලද පණිවිඩයක් මුල්වරට විදුරැවා හරින ලදි. ඒ මධ්‍යම විදුලි සන්දේශ කාර්යාලයේ සවිකරන ලද ට්‍රාන්ස්මීටරයක් මගිනි. එය 1925 ජුනි 16 දින වැඩිදියුනු කොට භාවිතා කරන්නට විය. එහි තරංගමාලා මීටර් 800 ක් දුරට විකාශය කරන ලදී. කෙමෙන් ගුවන් විදුලිය භාවිතයට ජනතාව යොමු වු අතර 1930 දෙසැම්බර් වන විට ගුවන් විදුලි බිල්පත් සංඛ්‍යාව 1408ක් පමණ විය. 1949 ඔක්තෝම්බර් 15 දා ලංකාවේ ගුවන් විදුලි සේවාව රේඩියෝ සිලෝන් යනුවෙන් වෙනම දෙපාර්තුමේනතුවක් බවට පත් කරන ලදී. ඉන් අනතුරැව ශ්‍රී ලංකා ගුවන් විදුලියේ වැදගත්ම සිදුවීම නම් එය දෙවන ලෝක යුධ සමයේ බ්‍රිතාන්‍ය සෙබළුන් භාවිතා කරන ලද ගොඩනැගිල්ලක් වෙත ගෙනයාමයි. ඒ අනුව ටොරින්ටන් චතුරඝ්‍ර භූමියේ පුර්ණ ශබ්ද පාලන පහසුකම් සහිතව මැදිරි 10කින් යුත් නව මැදිරි සංකීර්ණයක විකාශන කටයුතු ආරම්භ කළේය. 1967 ජනවාරි මස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව නමින් ස්ථාපිත විය. 1977 මැයි 22 සින එය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව නමින් යලී නම් කරන ලදී.  
1979 අප්‍රේල් 12 දින ප්‍රථම ප්‍රදේශිය සේවාව ලෙස රජරට සේවය ආරම්භ විය. 1980 පෙබරවාරි 05 වන දින රැහුණු සේවාව ද 1981 මාර්තු 12 දින මහවැලි ප්‍රජා ගුවන් විදුලිය ද 1983 අප්‍රේල් 13 දින මහනුවර සේවයද ආරම්භ කරන්නට විය. 1977 න් පසුව මෙරටට විවෘත ආර්ථික ප්‍රතිපකත්ති හදුන්වාදීමෙන් අනතුරැව පෙ!ද්ගලික FM නාලිකා ආරම්භ විය.  ප්‍රථම පෙ!ද්ගලික FM නාලිකාව ලෙස සිරස FM විකාශන කටයුතු ආරම්භ කළේය. ඊට පෙර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව City FM නාලිකාව ආරම්භ කර තිබුණි.     

කසුනි විජේසිංහ 
⁣ජනමාධ්‍ය අධ්‍යනාංශය 
කොළඹ විශ්වවිද්‍යාලය 
ශ්‍රී පාලි මණ්ඩපය 

ශ්‍රී ලංකාවේ රූපවාහිනී මාධ්‍යයේ ආරම්භය

ශ්‍රී ලංකාවේ රූපවාහිනී මාධ්‍යයේ  ආරම්භය

                                                                         1979 අප්‍රේල් 14 දින මෙරට රූපවාහිනී විකාශන කටයුතු ආරම්භ විය. රූපවාහිනී මෙරටට ගෙන්වීමට මුලිකත්වය ගනු ලැබුවේ ශාන් වික්‍රමසිංහ, අනිල් විජේවර්ධන හා බොබ් ක්‍රිස්ට් යන තිදෙනාගේ මුලිඛත්වයෙනි. මෙය ස්වාධීන රූපවාහිනී සේවය යනුවෙන් නම් කරන ලද අතර විකාශන කටයුතු ආරම්භයේදී කොළඹ හා තදාසන්න නගර ආශිතව සිදු කරන ලදී. පන්නිපිටියේ මහල්වරාවේ පිහිටි විකාශන මධ්‍යස්ථානයක් මගින් ඇරඹුණු මෙම මාධය ආයතනය දින 53ක් ගෙවීයන විට රජයට පවරා ගන්නා ලදී. මුල් කාලයේ එහි විදේශ වැඩසටහන් විකාශය කිරීමට සැළසුම් කර තිබුණ ද රජයට පවරා ගැනීමෙන් පසු රජයේ චිත්‍රපට ආයතනයේ හා ගුවන්විදුලියේ මාධ්‍ය වේදීන් සහභාගී කරගෙන දේශිය වැඩසටහන් කිරීම ආරම්භ විය. 1984 ජුනි 04 දිනෙන් පසුව ස්වාධීන රැපවාහිනිය ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය විය.

ජාතික රූපවාහිනිය අපට ලැබෙනනනේ ජපානයේ පරිත්‍යාගය්ක් හැටියටයි. 1982 පෙබරවාරි 12 දින මංගල විකාශය ඇරඹු රූපවාහිනියේ මුල් බලධාරියා වුයේ ඇම්.ජේ. පෙරේරා මහතාය. ජාතික රූපවාහිනිය ආරම්භ කිරීමට පෙර මෙරට ශිල්පීන්ට ජපානයේදී විශේෂ පුහුණුවක් ලබාදෙන ලදී. එම ශිල්පීන් මෙරටට පැමිණ කලාත්මතව හා තාක්ෂණික වශයෙන් මෙරට මාධ්‍ය කර්මාන්තය ගොඩනැගීමට මුලිකත්වය ගනු ලැබීය.

Saturday, 23 January 2021

ගුවන්විදුලි ඉත්හාසය

ගුවන් විදුලි ඉතිහාසය 

              ඉතාලි ජාතික ගුග්ලි ගුග්ලි එල්මෝ මාර්කෝනි විසින් 1897 දී ගුවන් විදුලි සංඥා සමාගම එංගලන්තයේ ආරම්භ කරන ලදී 1906 වන විට සැතපුම් සියයක් දුරට ගුවන්විදුලි පණිවිඩ යැවිය හැකි විය. විධිමත් ගුවන් ගුවන්විදුලි වැඩසටහ විදුලි වැඩසටහනක් මුල්වරට ඉදිරිපත් කර ඇත්තේ 1920 දී රුසියාවේ පීටර්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ ය. 
                     1923  අවසන් වන විට ඇමරිකාවේ හයසියයකට අධික ගුවන්විදුලි සේවා පැවතිණි මහා විධානය තුල මෙන්ම ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට ඉතුරු ගුවන්විදුලි සේවයක් ඇරඹෙනුයේ 1922 දී ය එහි සියලුම උපකරණ වල අයිතිය මාකෝනි සමාගම සතු විය 1930 දශකයේ බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සංස්ථාවේ ස්වර්ණමය යුගය ලෙස සමාජ විද්‍යාඥයෝ අවධාරණය කරති. මේ පසුබිම වැදගත් වන්නේ ශ්‍රී ලංකාවේ ද ගුවන් විදුලිය ආරම්භ වූයේ එකම කාලයකදී බව තේරුම් ගැනීම සඳහාය.  
                      1922 දී ලංකා ආධුනික ගුවන්විදුලි  සමාජය නම් වූ මහජන සංවිධානයක් විසින් ගුවන් විදුලිය පිළිබඳ අත්හදා බැලීම් ආරම්භ කර ඇත. පළමු වරට ගුවන් විදුලි ප්‍රචාරයක් අත්හදා බලන ලද්දේ රජයේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව විසිනි . ඒ සඳහා යොදා ගන්නා ලද්දේ  ජර්මන් සබ්මැරීනයකින්  ගලවා ගන්නා ගුවන් විදුලි සංදේශ උපකරණ තොගයකි. 

                      ඒ අනුව ප්‍රධාන විදුලි සංදේශ යෙදී ඉංජිනේරු විහාර මහතාගේ මෙහෙයවීමෙන් 1924 ජූනි පළවෙනි දින කරලා ද ගුවන් විදුලි ප්‍රචාරය ප්‍රථම නිල ගුවන් ගුවන් විදුලි ප්‍රචාරය ලෙස සැලකේ එය අනුව මුල් කාලයේදීම ගුවන්විදුලි මාධ්‍ය රාජ්‍යයට හමි  වූ බව පෙනේ 1925 දෙසැම්බර් 10 වැනි දින ලංකාවේ ගුවන් විදුලි රාජ්‍ය ආයතනයක් වශයෙන් විවෘත කරනු ලැබීය මේ ආසියාවේ ප්‍රථම ගුවන් ගුවන්විදුලි සේවයයි.

කසුනි නිමල්කා විජේසිංහ 
ජනමාධ්‍ය අඅධ්‍යනාංශය 
කොළඹ විශ්වවිද්‍යාලය

 සන්නිවේදනයේ අරමුණු කවර කලෙකටත් පොදු වූවකි


 සන්නිවේදනයේ අරමුණු කවර කලෙකටත් පොදු වූවකි.

                                                   මිනිසා මිහිතලය මත පරිණාමයත් සමඟ සන්නිවේදනය බිහිවිය. සන්නිවේදනය මිනිසාගේ සහජ ක්‍රියාවකි. ක්‍රියාවකින් පුද්ගලයෙක් උදේ නින්දෙන් අවදි වූ තැන් පටන් යළිත් නින්දට යනතුරු සිදුවන හා  සිදුකරන සෑම ක්‍රියාවලියක්ම සන්නිවේදනයට අදාළ වේ. සරලව පැවසුවොත් මිනිසාගේ උපතේ සිට මරණය දක්වා සිදුකරන විවිධ ක්‍රියාකාරකම් සන්නිවේදනයට බැඳී පවතී. මේ අයුරින් ගත්විට අදහස් හැඟීම් දැනුම හා තොරතුරු එකිනෙකා අතර හුවමාරු කරගැනීම සන්නිවේදනය ලෙස ලෙස ඉතා සරලව කිව හැක. 
 සන්නිවේදනය යන්න පසුගිය දශක තුනහමාරකට පමණ පෙර සිංහල භාෂාවට එකතු වූ විෂයකි. 
                                             
 එමෙන්ම මෙය සිංහල භාෂාවේදී භාෂා විශාරදයින්  අර්ථදක්වා ඇත. ඒ අනුව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් පවසන්නේ මෙයට විඥාපනය යන යෙදුම ගැළපෙන බවයි. එමෙන්ම විමල් දිසානායකයන් මෙයට සන්නිවේදනය යන යෙදුම ගැළපෙන බව පවසයි. කෙසේ වෙතත් සන්නිවේදනය යන්නෙහි තේරුම අදහස්, හැඟීම් ප්‍රකාශ කිරීම, හුවමාරු කිරීම යන්නයි. සිංහල භාෂාවේ සන්නිවේදනය යන සකස් වී ඇත්තේ සං+ නි+ විද්+ වේදනය යන වචනය එක්වීමෙනි.  මනා වූ ඒකාබද්ධ වූ දැනුම වින්දනය යන්න එහි අර්ථයයි.  එමෙන්ම සං යන උපසර්ගය නිවේදනය යන වචනය හා එක්ව යමක් මනාකොට දැනුම් දීම යන අර්ථ දැක්වීම සන්නිවේදනය යන සිංහල වචනය සකස් වී ඇති බව තවත් මතයකි. 
 සන්නිවේදන යන මිනිසාගේ මූලික මූලික අවශ්‍යතාවයකි. මිනිසාට මූලික අවශ්‍යතා ද ද්විතීයක අවශ්‍යතා ද ඇත. ආහාර ඇතැම් ආහාරපාන, වාසස්ථාන, ආරක්ෂාව, සෞඛ්‍යය, ලිංගික ක්‍රියාවලිය ආදිය මූලික මිනිස් අවශ්‍යතා ලෙස දිගු කාලයක සිට පිළිගනියි. වර්තමානයේ මානව සමාජ විද්‍යාඥයින් පෙන්වාදෙන ආකාරයට සන්නිවේදනය ද මිනිස් ජීවිතය අනිවාර්යයෙන් අවශ්‍ය වේ. හැඟීම් තොරතුරු හුවමාරු කර නොගෙන පුද්ගලයින්ට ජීවිතය පවත්වාගෙන යාමට අපහසුය. 
 එමෙන්ම සන්නිවේදනය නොකර සිටීමට කිසිම පුද්ගලයකුට නොහැකිය. උදාහරණයක් ලෙස යම් අයෙක්ප්‍රශ්නයක් ඇසූවිට එයට පිළිතුරු නොදී නිහඬව සිටීමට ද එක්තරා ආකාරයක සන්නිවේදනයකි.බ්එමෙන්ම සන්නිවේදනය නොමැති නම් මුලින් සඳහන් කළ මූලික අවශ්‍යතා වුවද සපුරා ගැනීමට නොහැකි වේ.


මෙය ඉංග්‍රීසි භාෂාවේදී ජදපපමබසජ්එසදබ  නම් වශයෙන් හඳුන්වයි. මෙය ලතින් භාෂාවෙන් ලද දායාදයකි. ලතින් භාෂාවෙන් :පමබසි* කිසියම් කාර්යයක්  කරන්නා යන්නයි. ජනයා අතර රැඳී යන අදහස දෙන වචනයකි.  ක්‍දපපමබසජ්රු යනු පොදු බවට පත් කිරීම, බෙදාහැරීම, ආමන්ත්‍රණය කිරීම,සාකච්ඡා කිරීම, ආදී අර්ථ ගන්වයි. භාෂාවේ ජදපපමබසජ්එැ  නම් වචනයෙන්  ඉංග්‍රීසි භාෂාවේ ජදපපමබසජ්එසදබ යන වචනය සකස් විය. මෙහි අර්ථය වන්නේ පොදුවේ ආරංචි පැතිර වීම, අදහස් හුවමාරු කරගැනීම, රහස්‍ය භාවයෙන් තොර වීම, තොරතුරු සම්ප්‍රේෂණය කිරීම යන අදහසයි. 
 සමාජයක අන්තර් සම්බන්ධතාවය ගොඩ නැගෙන්නේද සන්නිවේදනය යන ලක්ෂණ මතයි මානවයන් සමාජශීලි සත්ත්වයකු ලෙස බොහෝ කාලයක් පැවත එන්නේ කුමන ක්‍රමයකට හෝ සමාජ අන්තර් ක්‍රියාවන් සිදුකරමින්ය. එය  ඔහු සන්නිවේදනය මත සිදු කරයි  මානව සන්නිවේදන ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගයේ සන්නිවේදන ක්‍රම ලෙස මිනිසා යොදා ගත්තේ ශබ්ද සංඥා හා දෘශ්‍ය සංඥා වේ.  ශබ්ද සංඥා ලෙස හූව, විවිධ ශබ්ද විවිධ, සතුන්ගේ හඬ, නලා හඬ, අණ බෙර, මේ ආදී දේද දෘශ්‍ය සංඥා ලෙස ගිනිමැලය, කොළ අතු එල්ලීම, චිත්‍ර, ආදිය දැකගත හැකිය. නමුත් නූතන මිනිසා සන්නිවේදනයේ ඇදහිය නොහැකි තරම් පරතරයකට ගොස් තිබේ දිනෙන් දින සංවර්ධනය වන ආකාරයක් දකින්නට ලැබේ අද ඉතා දියුණු මෙවලම් තුළින් ලෝකයේ කෙළවරකට ගමන් කරමින් සැනෙකින් පිළිතුරු ලබා ගන්නා අවධියක් ලෝකය පසුකර සිටි.  
 සන්නිවේදනය ආරම්භ වන්නේ තොරතුරු - අදහස් හුවමාරු කර ගැනීම සඳහා ය. එහෙත් පසු ව මානව සමාජය සංවර්ධනය වන විට එහි කාර්ය පුළුල් විය. සන්නිවේදනයේ කාර්යයක් ලෙස අධ්‍යාපනය එක් වන්නේ එවිට ය. විනෝදාස්වාදය ද තවත් කාර්යයක් බවට පත් වේ. මේ ආකාරයෙන් සන්නිවේදනයේ කාර්යයන් විවිධාකාරයෙන් වර්ග කළ හැකි ය. සන්නිවේදනය අධ්‍යයනය ආරම්භ කරන ඔබගේ පහසුව සඳහා පහත සඳහන් ලෙස සන්නිවේදනයේ මූලික කාර්යයන් දක්වන්නට පුළුවන. මේවා සන්නිවේදනයේ අරමුණු වශයෙන් දැක්වීමේ ද වරදක් නැත.







  සන්නිවේදනයේ අරමුණු කවර කලෙකටත් පොදු වූවකි.
 සන්නිවේදනය යනු යමක් යම් පණිවිඩයක් යම් මාධ්‍යයක් උපයෝගී කරගෙන තවත් කෙනෙකුට ප්‍රකාශ කිරීම හෝ එකිනෙකා අතර තොරතුරු හා අදහස් හුවමාරු කර ගැනීමයි.  එය මානව සමාජයේ ක්‍රියාකාරී ලක්ෂණයකි. සන්නිවේදනයෙන් තොරව මිනිසාට තම අවශ්‍යතාවයන් සපුරා ගැනීම පිළිබඳව සිතීමටවත් නොහැකිය. එබැවින් මිනිසාගේ මූලික අවශ්‍යතාවක් ලෙස සන්නිවේදනය හැඳින්විය හැකිය. සමාජය පවත්වාගෙන යාමටත් මානව චින්තනය ගොඩනැංවීම සඳහා සන්නිවේදනය අත්‍යාවශ්‍ය වෙයි. සන්නිවේදනය පුද්ගලබද්ධය.  පොදු මෙන්ම පෞද්ගලික අඛණ්ඩ වූ සමාජ ක්‍රියාවලියක් ලෙස හැඳින්විය හැකිය. සන්නිවේදනය ක්‍රියාවලිය වර්තමානය වන විට පුළුල් මට්ටමක මෙන්ම නවීන ක්‍රමයන් ඔස්සේ ව්‍යාප්ත වෙයි. සත්වයින් ඇතුළු සියලූම මනුෂ්‍යයන් සන්නිවේදන කටයුතු කරන අතර මිනිසුන් ඉන් ප්‍රබල වෙයි. මනසින් උසස් තත්ත්වයක් ඇති මිනිසා සන්නිවේදනයේ දී නව තාක්ෂණික ක්‍රම විධි උපයෝගී කරගනු ලැබේ. වර්තමානය වන විට මුළු ලෝකයම එකම ගම්මානයකින් සංකල්පය බිහි වී තිබේ.  මුළු ලෝකයේම සිටින පුද්ගලයින් යම් යම් තොරතුරු ආදිය හුවමාරු කරගනිමින් සන්නිවේදනය කටයුතු කරනු ලබයි. 
එකම අවස්ථාවකදී විවිධ පුද්ගලයන් විවිධ අරමුණු සඳහා සන්නිවේදනය කරනු පෙනේ.  ඒ අනුව සන්නිවේදනය විවිධ කාර්යයන් රැසක් ඉටු කරනු ලබයි. සන්නිවේදනය කාර්යභාරය කුමක්ද යන දීර්ඝ කාලීනව විද්වතුන්ගේ අවධානයට පාත්‍ර වී ඇත. මිනිස් ශිෂ්ටාචාරය දෙස බලන විට සන්නිවේදනය මිනිසාට ඉතාමත් වැදගත් වේ. විවිධ කාර්යයන් සඳහා මානවයාට සන්නිවේදනය උදව් වේ.  බොහෝ දෙනෙක් සිතන්නේ සන්නිවේදනයේ කාර්යය වන්නේ තොරතුරු හා අදහස් හුවමාරු කිරීම පමණක් වන බවය. නමුත් එය පරිබාහිර කාර්යයන් රැසක් සන්නිවේදනය තුළින් ඉටු වේ. ඒවා ප්‍රධාන කාර්යයන් කිහිපයක් ලෙස දැක්විය හැකිය.එලෙසින් පවතින සන්නිවේදන කාර්යයේ අරමුනු පවති. එම අරමුණු මොනවාද යන්න සොයා බැලීම වැදගත්ය. සන්නිවේදනය අරමුණු ලෙස, 
 තොරතුරු සම්පාදනය
 අධ්‍යාපනික හා සංස්කෘතික ප්‍රගමනය
 විනෝදාස්වාද සම්පාදනය 
 සමාජානුයෝජනය
 සංවාද හා සාකච්ඡා කාරයන්
 පෙළඹවීමේ කාර්ය
 සමාජ ඒකාබද්ධතාව කාර්ය
යනාදී කාර්යයන් අරමුණු දැක්විය හැකිය. මෙම නිබන්ධනය තුළින් උක්ත දක්වා දක්වන ලද සන්නිවේදන අරමුණු මාතෘකාවට අනුචිත වන පරිදි කවර කලකටත් පොදු වන්නේ කෙසේදැයි විග්‍රහ කර දක්වයි. 

 තොරතුරු සම්පාදනය

 තොරතුරු සැපයීම සන්නිවේදනය සන්නිවේදන ක්‍රියාවලියේ මූලික අරමුණකි. ලෝකයේ විවිධ ප්‍රදේශවල සිදුවන හෝ සිදුවිය හැකි දේ පිළිබඳ ආරංචි දැනගැනීමේ කුතුහලය මිනිසාට ඇත. එමෙන්ම අපට අපගේ ජීවිත සැලසුම් කරගැනීමට අපේ රටේ සිදුවීම් මොනවාදැයි දැන ගැනීම අත්‍යාවශ්‍ය වේ. සෑම සන්නිවේදන ක්‍රියාවලියකම සාරය වන්නේ තොරතුරු ප්‍රකාශනයයි. ජනමාධ්‍යය හරහා දෙස් විදෙස් තොරතුරු ග්‍රාහක ගතවෙයි. වර්තමානයේ අප ජීවත් වන්නේ තොරතුරු වලින් පිරුණු සමාජයකයි. මිනිසා සැමවිටම තොරතුරු පිළිබඳව පිපාසයෙන් පසුවෙයි. සෑම ග්‍රාහකයෙක්ම නව ලොව තොරතුරු කෙරෙහි වඩා උනන්දුවක් දක්වයි. ඒ නිසා ලෝකයේ සෑම ජන මාධ්‍ය ආයතනයක්ම පැය 24 පුරාම අලුත් තොරතුරු ග්‍රාහකයන්ට ඉදිරිපත් කිරීමට උත්සාහ දරයි. තොරතුරු සම්පාදනය කෙතරම් වැදගත් ද කිව්වොත් ඒ සඳහා පුවත්පත් ආයතන හෙවත් ප්‍රවෘත්ති ඒජන්සි පවා ලෝකයේ බොහෝ රටවල පිහිටුවා ඇත. ඒ අතර බීබීසී සීඑන්එන් ලංකා පුවත්පත් ආදී ආයතන ප්‍රධාන තැනක් ගනියි. මෙම ආයතන මගින් ලොව විවිධ රටවලින් පුවත්පත් ලබාගැනීම සහ බෙදා හැරීම සිදු කරයි. මෙම ආයතන මගින් ලොව විවිධ රටවලින් පුවත්පත් ලබාගැනීම සහ බෙදා හැරීම සිදු කරයි. මේ අනුව පැහැදිලි වන්නේ ලොව සෑම රටකම ජන මාධ්‍ය ආයතනයකම ප්‍රධාන අරමුණ තොරතුරු සම්පාදනය වන බවයි. වර්තමානයේ පමණක් නොව අතීතයේ ද මෙම තොරතුරු සම්පාදනය සිදු කර තිබේ. අණබෙරකරුවන් ඉටුකර ඇත්තේ එම කාර්යයි. තාක්ෂණයේ දියුණුවත් සමඟ ජනමාධ්‍ය තුළින් තොරතුරු සම්පාදනය ආරම්භ විය. මෙලෙස විධිමත් ව ඉදිරිපත් කරන ප්‍රවෘත්ති මෙන්ම කටවචනයෙන් අවදිමත් ව පැතිර යන තොරතුරු ද දක්නට ලැබේ. ඒවා කටකතා නම් වේ. සන්නිවේදන ක්‍රියාවලියේ දී තොරතුරු බෙදාහැරීම කාර්යයේදී  විධිමත්ව සිදුවන ප්‍රවෘත්ති මෙන්ම කටකතාද වැදගත් වේ. මෙලෙස බලන විට සන්නිවේදනයේ තොරතුරු සැපයීමේ කාර්යය තුළින් විධිමත්ව සමාජයේ පුද්ගලයන්ට ඔවුන් ජීවත්වන පරිසරය තුළ නිරන්තරයෙන් අවදියෙන් සිටීමට අවස්ථාව ලබාගත හැකි බව පැහැදිලිය . 
 මානව පරිණාමයේ සිට සන්නිවේදනය ආරම්භය සිදුවූ බව අප දනිමු. ප්‍රාග් ඓතිහාසික මානවයාගේ පරිණාමය සමග සමග කායික වශයෙන් සිදු වූ විවිධ වෙනස්කම් හේතුවෙන් එනම් ස්වරාලයේ පිහිටීම ඇතිවීමත් සමඟ ඔවුන්ට ශබ්ද පිට කිරීමට හැකියාවක් ඇතිවිය. විවිධ න්‍යායන් ඔස්සේ එනම් බව් බව් න්‍යායන්  ඩිං ඩොං න්‍යයන් පුහ් පුහ් න්‍යයන් ඔස්සේ යමින් ඒවා ශ්‍රවණය කරමින් ශබ්ද පිටකිරීමට උත්සාහ කළ මානවයා ලොව විශිෂ්ටතම මානව නිර්මාණය වන භාෂා ශක්‍යතාවය උරුම කරගත්හ.  එතැන් පටන් භාෂාව භාෂාත්මකව හැසිර වීමේ අවශ්‍යතාවය පුළුල් කිරීමේ අවශ්‍යතාවය හා මිනිස් අවශ්‍යතා සංකීර්ණ වීමේදී ඇතිවන ගැටළු වලට   මුහුණ දීමේ අරමුණු ඇතිවයි. එසේම දේවල්  සංරක්ෂණය කර ගැනීමේ වුවමනාවන් මත පදනම්ව ලිඛිත භාෂාවක අවශ්‍යතාව දැනිණි.  ඒ හේතුවෙන් හෝඩියක් නිර්මාණය කරගත් මානවයා තව තවත් සන්නිවේදනයේ අග්‍ර ඵල නෙළා ගන්නට විය. සන්නිවේදන මූලික සිද්ධාන්තය වන්නේ තොරතුරු හුවමාරුවයි. එය ප්‍රාග් මානව ඓතිහාසික යුගයටත් වර්තමානයටත් පොදු වූවකි. එදා මානවයාගේ තොරතුරු හුවමාරුව හා සම්පාදනය සරල වූ නමුත් අද වන විට එය සංකීර්ණත්වයට පත් ව ඇත. එහෙත් ඒ කාර්යය අදටත් හෙටටත් නොවෙනස්ව එලෙසම පවතී.

 අධ්‍යාපනික හා සංස්කෘතික ප්‍රගමනය

 සන්නිවේදනය අරමුණු වල අනෙක් වැදගත් කාරණය ලෙස අධ්‍යාපනික කාරණය හඳුනාගත හැකිය. ඒ අනුව සමාජය තුළ ජීවත්වන ලොකු කුඩා ආදී සියලු දෙනාටම අවශ්‍ය අධි සියලු දෙනාටම අවශ්‍ය අධ්‍යාපනික සේවය සිදුවන්නේ මූලිකවම සන්නිවේදනය හරහාය. මානව ඉතිහාසයේ එනම් ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට මානව වර්ධනය අධ්‍යාපනය සමග ගලා යන මිනිසාගේ සමාජයෝජනය කාර්යය ද මේ හා සම්බන්ධ වෙයි. අධ්‍යාපන කාර්යය ඉතිහාසය තුලද විධිමත් හෝ අවිධිමත් ස්වරූපයෙන් ඉටු විය. අද වන විට මෙම ක්‍රියාදාමය ජන මාධ්‍ය ඔස්සේද සිදුකරනු ලබයි. එහිදීද විධිමත් හා අවිධිමත් ස්වරූප ගනී. 
 ආදි මානවයා භාෂාව නිර්මාණය කර ගැනීමේ සිට හෝඩිය නිර්මාණය, මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය විකාශන ක්‍රම මෙන්ම විවිධ වූ දේ සොයා ගැනීම්, ගවේෂණය කිරීම ආදියද සන්නිවේදනයේ අධ්‍යාපනික කාර්යය හේතුකොට ගනිමින් සිදුවූවකි. එතැන් පටන් අද වන විට අවිධිමත් ස්වරූපයෙන් සන්නිවේදනය හරහා අධ්‍යාපනික කාර්යය සිදු වේ සිදුවේ. ඒ අනුව රූපවාහිනිය හා පුවත්පත් මාධ්‍ය මගින් ද අධ්‍යාපනය ලබාදීම සිදුවේ. 
ද සිරස ලක්ෂපති 
ද දැනුමයි වාසනාවයි 
ආදී වූ වැඩසටහන් සිදුකරනු ලබයි ඊට අමතරව මුද්‍රිත මාධ්‍ය ඔස්සේද අධ්‍යාපනික කාර්යය ඉටු කරනු ඉටුකරනු ඉටු කරයි. දියණිය පුවත්පත 
ද විජය පුවත්පත 
ද ආරෝග්‍ය සඟරාව 
   උදාහරණ වේ.
සංස්කෘතිය යනු සරලවම සමාජයක මිනිසුන් විසින් ගොඩනගාගෙන ඇති ද්‍රව්‍යමය හා ආධ්‍යාත්මික වශයෙන් වූ  විශ්වාසයන්, පිළිගැනීම්, අගයයන් වලින් සමන්විත වූ හර පද්ධතියකි. මෙමගින් ජීවත්වන සමාජයේ පවතින විවිධ ජීවන තලයන්ගේ වර්ධන මට්ටම පෙන්වන මඟ පෙන්වන්නක් ද වේ. තවද එක් එක් පුද්ගලයාගේ ශික්ෂණය හා අධ්‍යාපන මට්ටම ද බොහෝ විට ඉන් ප්‍රකාශිත වේ. මානව සම්භවයේ  සිට අද දක්වා සිදුවන පරිණාමීය ක්‍රියාවලිය තුළ මිනිස් සමාජය  නිරතුරුව ම  සංස්කෘතික කරණයට ලක් වේ.  මිනිසාත් සමාජයත් එතෙක් ඇති කරගත් සංස්කෘතික රටාවක් යම් මට්ටමක තබා ගැනීමට නිරන්තර අරගලයක් කිරීමට සිදුව තිබේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් සංහතික මාධ්‍ය මඟින් කෙරෙන සන්නිවේදනය බලපා ඇති බව අවිවාදිතය. මෙය බොහෝ විට වෙළඳ දැන්වීම් හා වෙළඳ අනුග්‍රාහක තුලින් විවිධ බෞද්ධ ජාතික සමාගම් විසින් අප සංස්කෘතියට බලපෑම් සිදුකරනු ලබයි. මෙම අරමුණෙහි ද එදා සහ අද කරුණු විමසා බැලීමේදී සපථ වන්නේ සර්ව කාලෝචිත පොදු කාරණාවක් බවයි.

 විනෝදාස්වාද සම්පාදනය 

 වර්තමාන සමාජය තුළ ජීවත්වන මිනිසා ඉතා කාර්යබහුල ස්වභාවයක් ගනී. සංකීර්ණ සමාජයේ දී ජීවත්වන මිනිසා විවිධ කටයුතුවලට සම්බන්ධ වීම හේතුකොටගෙන අධිකව කාර්ය බහුලව සිටියි. ඒ හේතුකොටගෙන ඔවුන් නිරතුරුව පීඩාවට හා තෙහෙට්ටුවට පත් වී සිටියි. එමෙන්ම ඔවුන් නිරතුරු මානසික, ආධ්‍යාත්මික පීඩනයන්ට, අවපීඩනයන්ට හා විවිධ මානසික ව්‍යාකූලතාවයන්ට පවා ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් දැකගත හැකිය. ප්‍රතිෂ්ඨාපනය යනු එසේ පීඩාවට පත්ව සිටින ග්‍රාහකයක් නැවත ප්‍රබෝධමත් සැහැල්ලු කිරීමයි. 
 ඒ සඳහා විනෝදාස්වාදය භාවිතා කරනු ලබයි.ඓතිහාසික මානවයාට භාෂා ශක්‍යතාව ඇති වීමට පූර්ව නිර්වාචික සන්නිවේදනය ක්‍රමය ප්‍රබල විය. මානවයා දඩයම් කරමින් පරිසරය හා ගැටෙමින් තම සරල අවශ්‍යතාවයන් සමග ජීවිකාව ගෙවන්නට විය. මානවයා ද  විනෝදාස්වාදය නිරත වන්නට විය. දඩයම් කරමින් ආහාර සොයා ගැනීමට දරන්නා වූ වෙහෙස රංගනයකින් අනෙකා වෙත දැන්වීමට අවශ්‍ය විය. විවිධ ශබ්ද අනුකරණය තමන් කළ කී දෑ රඟපා පෙන්වීය. එමගින් එය බලා සිටි පවුලේ උදවිය මහත් සතුටට පත් විය. ඒ අතීතයේ  සන්නිවේදනය තුළින් විනෝදාස්වාදය සපුරාගත් එක් අවස්ථාවකි. ඒ අනුව වර්තමාන මාධ්‍යයන් මඟින් ද ප්‍රබල සේවාවක් ඉටු කරනු ලබයි. 
ද අරා පැස්බරා 
ද මෙඩිසිනා
වැනි සිනහා උත්පාදක වැඩසටහන් මෙන්ම ගුවන්විදුලි නාට්‍ය, ටෙලි නාට්‍ය වලින් ද ග්‍රාහක විශ්‍රාම සුවයක් ලබා දෙයි. විනෝදාස්වාදය අප අදටත් ඉදිරියටත් එලෙසම බලාපොරොත්තු වෙමු. බලාපොරොත්තුවෙමු මෙකී කරුණු කාරණා විමසීමේදී සපථ වන්නේ සන්නිවේදන කාර්යය තවත් අරමුණක් වන විනෝදාස්වාද සම්පාදනය කවර කලකටත් පොදු වන බවයි.




 සමාජානුයෝජන කාර්ය 

අධ්‍යාපනය ලබා දීම හෙවත් සමාජානුයෝජනය සන්නිවේදන අරමුණු අතර තවත් ප්‍රබල අරමුණක් ලෙස හඳුන්වාදිය හැක.  සමාජානුයෝජනය යනු පුද්ගලයා තමා වෙසෙන පරිසරයට අනුව අනුගත වීම නොහොත් හැඩ ගැසීමයි. මෙම කාර්යය ප්‍රධාන ක්‍රම තුනක් ඔස්සේ විග්‍රහ කළ හැකිය එනම්, 
අනුකරණය 
තදාත්මීකරණය 
භූමිකා නිරූපණය යි . 
සන්නිවේදන විද්‍යාඥයින් පෙන්වාදෙන පරිදි සෑම මාධ්‍යයක්ම සෘජු හෝ වක්‍රව අධ්‍යාපන අරමුණු ඉටු කල යුතුය. ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ දක්නට ලැබෙන ගුවන් විදුලි අධ්‍යාපන සේවය, රූපවාහිනී අධ්‍යාපන සේවය, වැනි ඍජු අධ්‍යාපනික ප්‍රපංචයන්ය. මේවා හැරුණු කොට සෙසු සියලුම ජනමාධ්‍ය ක්‍රියාකාරකම් වක්‍ර අධ්‍යාපන ප්‍රපංචයක් ලෙස නම් කළ හැකිය. ඒ අනුව සිනමාපටයකින්, ටෙලිනාට්‍යයක්, ගීතයක්, නවකතාවක් වැනි දේවලින් ද විනෝදාස්වාදය සම්පාදනය මෙන්ම අධ්‍යාපනික පරමාර්ථය ඉටු කරගත හැකිය. මෙයින් පැහැදිලි වන්නේ සෑම ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වයක් ම තුළම ඍජුව හෝ වක්‍රව අධ්‍යාපන පරමාර්ථ ඉටු කර ගත හැකි බවයි. මෙයින් පැහැදිලි වන්නේ සෑම ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය තුළ ම සෘජුව හෝ වක්‍රව අධ්‍යාපනික මෙහෙවරක් යෙදිය හැකි බවයි. මෙයට සමගාමීව සාකච්ඡා කරන්නේ ජනමාධ්‍ය හරහා සෑම පුද්ගලයෙක්ම සමාජයට ගැළපෙන පුද්ගලයෙක් ලෙස සකස් කර ගත හැකි බවයි. විවිධ මානව ක්‍රියාකාරකම් සමාජ චර්යාවන් ක්‍රමවත් කිරීම සඳහා ජනමාධ්‍යයට ක්‍රියාකාරී විය  හැකිය. සමාජයක පැවැත්ම කෙරෙහි චර්යාවන් වත්පිළිවෙත් නීති රීති  වැදගත් කාර්යයක් ඉටු කරන අතර මෙම කරුණු පරම්පරාවෙන් පරම්පරාවට කියාදෙමින් සමාජයේ වෙනස්වන අවශ්‍යතාවන්ට ගැළපෙන ඉදිරියට ගෙනයාම සන්නිවේදනය මගින් ඉටුකරනු ලබයි. ජනසන්නිවේදනය මෙන්ම අන්තර් පුද්ගල සමූහ සන්නිවේදනය ද මෙහිදී වැදගත් කාර්යයක් ඉටුකරයි. මේ අනුව සමාජ අනුයෝජනය ක්‍රියාවලිය සඳහා සන්නිවේදනය තුලින් මහත් පිටුවහලක් ලැබේ.  
 ප්‍රාග් මානවයා තනි තනිව විසූ ඒකාකාරී ජීවිතයෙන් අත්මිදීමේ සමූහයා වර්ධනය කර ගැනීමේ අටියෙන් පවුල හා සමාජය ගොඩ නංවා ගන්නා ලදී. පවුල් පරිසරය වල හැදෙන පුද්ගලයා මහා සමාජය බලාපොරොත්තු වන ආකාරයට හැඩ ගැසිය යුතුය. ඔවුනොවුන් අතර ආහාර සොයා ගන්නා ක්‍රම විධි පිළිබඳව ඉගෙන ගත යුතුය. ආචාරධර්ම, අභිචාර, සංස්කෘතිය, චාරිත්‍ර වාරිත්‍ර ඉගෙනගත යුතුය. එලෙස වර්ධනය වූ යම්යම් සංස්කෘතිකාංග අදටත් අප සමාජය විසින් විවිධ වෙනස්වීම්වලට ලක් කරමින් දේවල් එකතු කරමින් හා ගොඩනංවමින් ඉදිරියටත් පවත්වාගෙන යනු ලබයි . සන්නිවේදනය තවත් එක් අරමුණක් වන මෙය ද සර්වකාලීන වන්නේ අප සියලු දෙනා අදටත් අප ජීවත්වන සමාජයට අනුව සමාජානුයෝජනය වන්නේ සන්නිවේදනය හරහා බැවිනි. පුද්ගලයෙක් දේවල් අනුකරණය කරමින් එලෙසම යම් යම් දේ හරහා ලදී තදින් බැඳී ඒවා එලෙසම කිරීමට තැත් කිරීමෙන් හා සමාජයේ විවිධ භූමිකා රංගනය කරමින් කරන සමාජයෝජනය සර්වකාලීන ක්‍රියාවලියකි.

 සංවාද හා සාකච්ඡා
 
 සන්නිවේදනය තවත් අරමුණක් වන්නේ සංවාද හා සාකච්ඡා වේ.මෙය ඉතා සුවිශේෂී කාරණයකි යම්කිසි ගැටලුවක් උද්ගත වූ විට එයට තනිවම විසඳුම් සෙවීමට වඩා සාමූහිකව සාකච්ඡා සංවාද මගින් ලබාගන්නා ලද තීරණ ප්‍රශස්ත ජ එලෙසම අදත් රට සම්බන්ධව යම් තීරණයකට එළඹේ නම් පාර්ලිමේන්තුව රැස් කර  වාද විවාද කර එළඹෙන  තීරණ ද වේ. එසේම රතු ඉර, දොරමඩලාව, තුලාව වැනි සංහතික මාධ්‍ය ඔස්සේ කෙරෙන සංවාද හා සාකච්ඡාමය වැඩසටහන් ද උදාහරණ වෙයි.  එලෙස බලන කල්හි සන්නිවේදනයේ තවත් අරමුණක් වන සංවාද හා සාකච්ඡා කවර කලකටත් පොදු බව සනාථ වේ.

 පෙළඹවීම
 සන්නිවේදන අරමුණු අතර පෙළඹවීම යන්න පිළිබඳව සන්නිවේදන විද්‍යාඥයින්ගේ අවධානය යොමු වී ඇත.  මෙහි දී සන්නිවේදනය හරහා කෙරෙන ගුණාත්මක පෙළඹවීම මූලික වශයෙන් අදහස් කෙරේ.  රටක ජනතාව යොමු 
 විය යුතු මූලික කාරණා කෙරෙහි ජනතාවගේ ක්‍රියාකාරී සහභාගීත්වය සඳහා ඔවුන් පොළඹවා ගැනීමට ජනමාධ්‍ය සතු හැකියාව ඉතා ප්‍රබලය. සංවර්ධන සාක්ෂරතාවය, පරිසර සංරක්ෂණය, සෞඛ්‍ය ආදි  විවිධ සාධක කෙරෙහි මෙන්ම ආරක්ෂාව ආදී අත්‍යවශ්‍ය කාරණා පිළිබඳව ජනතාව මගින් විශාල පෙළඹවීමක් කළ හැකිවේ.  එවැනි ගුණාත්මක සාධක වලට අමතරව ජනමාධ්‍ය හරහා අහිතකර සාධක කෙරෙහි ජනතාව පොළඹවන බව පර්යේෂණ මගින් හෙළිදරව් වී ඇත.  විශේෂයෙන් ජනමාධ්‍ය තුළ වාණිජ අරමුණු  මේ සඳහා නිදසුන්ය.ඒ මගින්  විවිධ වූ භාණ්ඩ හා සේවාවන් රැසක් කෙරෙහි ජනතාව අනවශ්‍ය ලෙස පොළඹවනු ලබයි. ජනමාධ්‍යයන්ගේ ඉදිරිපත් කරන බොහෝ චරිත ස්වභාවයන් අනුගමනය කිරීමට ජනතාව පෙළඹෙති. විශේෂයෙන් කුඩා ළමුන් කාටුන්වල විවිධ වීර චරිත අනුකරණය කිරීමට පෙළඹී හානි සිදුකළ ගත් අවස්ථාද අපට අසන්නට ලැබේ.  ඒ කෙසේ වුවද සන්නිවේදනය කාර්යයන් අතර ඇති පෙළඹවීම යන්න ඉතාමත් පැහැදිලි ගුණාත්මක පෙළඹවීමක් විය යුතුය. මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය කරුවා අවදියෙන් සිටිය යුතුයි. එසේ නොවන්නේ නම් සන්දේශ හරහා හිතකර මෙන්ම අහිතකර පෙළඹවීමද සිදුවිය හැකිය. පෙළඹවීම යන්න සන්නිවේදන කාර්යයන් වල දී අපේක්ෂා කරන්නේ ගුණාත්මක පෙළඹවීමයි.








රෑපවාහිනී ඉතිහාසය

රෑපවාහිනී ඉතිහාසය 


                             

බොහෝ දශක ගණනක් තුල බොහෝ රටවල්හී බොහෝ ඉංජිනේරුවරුන් විසින් සිදුකල කාර්යයන් රූපවාහිනියේ ඉතිහාසය තුල ලේඛන ගත වෙයි. රූපවාහිනියෙහි මූලික මූලධර්ම පළමුවෙන් විකසනය වූයේ රූපයක් පරිලෝකනය, සම්ප්‍රේෂණය හා යළිඋත්පාදනය සඳහා විද්‍යුත්යාන්ත්‍රික ක්‍රමවේදයන් උපයෝගී කර ගනිමිනි. ඉලෙක්ට්‍රොනික කැමරාව හා සංදර්ශක නාල පිරිපුන් බවට පත්කෙරෙත්ම සමස්ත වශයෙන් සියළු උපයෝග සියල්ලෙහිම පාහේ විද්‍යුත්යාන්ත්‍රිත රූපවාහිනිය වෙනුවට සමස්ත-ඉලෙක්ට්‍රොනික ප්‍රචාරණ රූපවාහිනී පද්ධති ආදේශ කෙරිණි.
1873 දී විලෝ‍ග්බි ස්මිත් විසින් සෙලේනියම් මූලද්‍රව්‍යයේ ප්‍රකාශ සන්නායකතාවය සොයාගැනීමත්, 1884 දී පෝල් ගොට්ටිලෙබ් නිප්කෝට් විසින් පිරික්සුම් තැටිය (scanning disk) සොයාගැනීමත්, 1927 දී ෆිලියෝ ෆාර්න්ස්වර්ත‍් විසින් රූප විච්ඡේදකය (image dissector) සොයාගැනීමත් යන සොයාගැනීම් ත්‍රිත්වය රූපවාහිනී පද්ධතියේ සොයාගැනීමට ඉවහල් වී ඇත.


20 හැවිරිදි ජර්මන් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යය නිප්කෝව් විසින් ලොව පළමු විදුලි යාන්ත්‍රික රූපවාහිනි පද්ධතිය පිළිබදව වර්ෂ 1884 දී යෝජනා කල අතර එය බලපත්‍ර ගත කරන ලදී. නප්කෝච් ගේ කැරකෙන තැටි නිර්මාණය ලොව පළමු රූපවාහිනී රූප පික්සල්ගතකරණය (Rasterizer) වේ. 1990 අගෝස්තු මස 25 දින පැරිසියේ, අන්තර්ජාතික ලෝක සල්පිලේ පැවති අන්තර්ජාතික විදුලි සම්මන්ත්‍රණයේදී කොන්ස්ටන් පර්ස්කි විසින් ඉදිරිපත් කරන ලද ලිපියේ "රූපවාහිනිය" යන වචනය අඩංගුව තිබිණ. නිප්කෝට් හා අනෙකුත් අයගේ කාර්ය භාරයන් සඳහන් කරමින් එම ලිපියේ විදුලි යාන්ත්‍රික තාක්ෂණයන් සමීක්ෂණය කරන ලදී.


සෙලේනියම් වල ප්‍රකාශ සන්නායකතාවය හා නිප්කෝච්ගේ පිරික්සුම් තැටිය නිශ්චල රූප වල ‍ඉලෙක්ට්‍රොනික සම්ප්‍රේෂණයෙහි ප්‍රායෝගික භාවිතයට එකතු වුයේය. 20 වැනි ශතවර්ෂයේ පළමු දශකය මුලදී, අර්ධතාන (halftone) ඡායාරූප, විදුලි ලිපි හා දුරකථන මාර්ග වලට වඩා නිවැරදිව ප්‍රවෘත්ති පත්‍ර සේවයක් ලෙස භාවිතා කරන ලදී.


කෙසේවුවත් 1907 දක්වාම විස්තාරණ නාලිකා තාක්ෂණයේ වර්ධනයන් නිර්මාණය ප්‍රායෝගික කිරීමට සමත්වුයේ නැත.


නිෂ්චල ද්විතාන රූප ක්ෂණික සම්ප්‍රේෂණයේ පළමු ප්‍රදර්ශනය වර්ෂ1909 දී පැරිස් හිදී, ජෝජස් රිග්නෝස් හා ඒ. ෆෝනියර් විසින් සිදුකරන ලදී.කැරකෙන කැඩපත බෙරයක් පිරික්සුම (scanner) ලෙසද, සෙලේනියම් කෝෂ 64ක අච්චුවක් ග්‍රාහකය ලෙසද භාවිත කිරීමෙනි.


1911 දී බොරිස් රෝසින්ග් හා ඔහුගේ ශිෂ්‍යය විලැද්ටිර කොස්මා ස්වොරියිකින් විසින් යාන්ත්‍රික කැඩපත -බෙර පිරික්සුමක්, (සේවොර්සිකින්ගේ වචනවලින් රළු රූප) රූප වයරයක් හරහා ග්‍රාහකයක ඇති ඉලෙක්ට්‍රොනික බ්‍රෝන් නාලිකාවක් කරා (කැතෝඩ කිරණ නාලිකාව) සම්ප්‍රේෂණය කරන රූපවාහිනි පද්ධතියක් ඇති කළේය. පිරික්සුමේ සංවේදිතාවය ප්‍රමාණවත් නොවු නිසා හා සෙලේනියම් කෝෂය අවශ්‍යය‍වේගයෙන් අඩුවු නිසා චලනය වන රූප ලබාගැනීම අපහසුවිය.


1925 මාර්තු 25 දින, ස්කොට් ජාතික නිර්මාණකරුවකු වන ජෝන් ලොගී බෙයාඩ් විකාෂක සිලුවට (Silhouette) රූප ප්‍රදර්ශනයක් ලන්ඩනයේ සෙල්ෆ්ජ් දෙපාර්තුමෙන්තුවේදී පැවැත්වූවේය. ටෙලිවිෂනය සජීවි, භාග-තාන (half-tone), චලනය වන රූප සම්ප්‍රේෂණයක්න වන නමුත් එව සිලුවට, ද්වි-තාන, හෝ නිශ්චල රූප සම්ප්‍රේෂණය නොවන්නක් ලෙස හෝ අර්ථ දක්වන්නේ නම්, එය ජෝන් ලොගී බෙයාඩ් 1925 මාර්තු 25 දින මුදුන්පත් කරගත්තේය. පසුව 1926 ජනවාරි 26 දින රාජකීය සංස්ථාවේ සාමාජිකයන්ට පුවත්පත් වාර්තාකරුවන් පිරිසකට ලොව පළමු වැඩකරන රූපවාහිනී පද්ධතිය ප්‍රදර්ශනය කළේය. බෙයාඩ්ගේ සිරස්ව පිරික්සන රූපයට තීරු 30 පමණද, එය ද්වි-දඟර වූ කාච වලින් යුත් පිරික්සුම තැටියකින්ද යුක්තවිය. එය මිනිස් මුහුණක් පැහැදිලිව හඳුනාගත හැකිසේ පිටපත් කිරීමට සමත් විය. පසුකාලයේ පද්ධතිවලට තීරු සියගණනක් ඇති විභේදන පද්ධති වර්ධනය විය.


1927 දී බෙයාඩ් සැතපුම් 458 ප්‍රමාණයකට ලන්ඩනයේ සිට ග්ලාස්ගෝ ට සංඥාවක් සම්ප්‍රේෂණය කරන ලදී. 1928 දී, බෙයාඩ් ආයතනය (බෙයාඩ් රූපවාහිනි වර්ධන ආයතනය/සිනමා රූපවාහිනිය) පළමු අත්ලාන්තික් සාගරය හරහා වු සංඥාව ලන්ඩනයේ සිට නිව්යෝක් දක්වා සම්ප්‍රේෂණය කළේය. කාච, තැටි හා ප්‍රේරක යොදාගනිමින් ඔහු විදුලි යාන්ත්‍රික වර්ණ අධෝරක්ත ත්‍රිමානේක්ෂ රූපවාහිනියක් ප්‍රදර්ශනය කළේය. එයට සමගාමීව බෙයාඩ් වීඩියෝ පටිගත කිරීමේ පද්ධතියක්, පෝනෝදෘෂ්ටි "Phonovision", 1927 දී නිර්මාණය කළේය. ජර්මනියේ පළමු විදුලි යාන්ත්‍රික ‍රූපවාහිනී සේවයට ඔහු 1929 දී සම්බන්ධ විය. 1929 නොවැම්බර් හි දී බෙයාඩ් හා බර්නාඩ් නාටන් (පතේ හීදි) ප්‍රංශයේ පළමු රූපවාහිනී ආයතනය වන, ටෙලිවිෂන් බෙයාඩ්-නාටන් ආරම්භ කළේය. 1931 දී ඔහු ප්‍රථම සජීවි සම්ප්‍රේෂණය වන එප්සම් ඩර්බ් සම්ප්‍රේෂණය කළේය. 1932 දී ඔහු අධි-කෙටි තරංග (Vltra short-ware) රූපවාහිනිය ප්‍රදර්ශනය කළේය. මැක්‍රොනි - EMI මඟින් වර්ධනය කල 405 - තීරු ඉලේකට්‍රොනික පද්ධතියට 1936 දී මාරු කරන තුරුම BBC ය බෙයාඩ්ගේ 240 - තීරු විභේදන තම ප්‍රචාරක කටයුතුවලට යොදාගන්නා ලදී. චලනය වන සුළං මෝලක සෙල්ලම් බඩුවක් නාවික රේඩියෝ ස්ථානයක සිට තම වොෂින්ටනයේ විද්‍යාගාරයට සිලුවට (Silhouette) රූප මඟින් සම්ප්‍රේෂණය කර පෙන්වීමට 1925 ජූනි 13 දින ඇමරිකානු ජාතික චාර්ලිස් ෆිරාන්සිස් ජෙන්කින්ස් සමත්විය. මේ සඳහා ඔහු තීරු 48 පින්තූර මවන කාච සහිත තැටි පිරික්සුමක් භාවිතා කළේය. (තප්පරයට පින්තූර 16) 1925 මැයි මාසයේදි AT & T හි බෙල් ටෙලිෆෝන් විද්‍යාගාරයට භාග-තාන රූප සම්ප්‍රේෂණය කළේය.



1911 දී ඉංජිනේරු ඇලන් අකිබෝල්ඩ් කැම්බල් ස්වින්ටන් ලන්ඩනයේදී දුරස්ත විදුලි දෘෂ්ටියක් කැතෝඩ නල ආධාරයෙන් ලබාගන්නේ කෙසේද යන්න පිළිබඳව දේශනයක් පැවැත්වීය. වසර 1920 වනවිට විදුලි යාන්ත්‍රික රූපවාහිනී හඳුන්වා දී තිබු අතර ෆලියෝ ෆාන්ස්වර්ත්ගේ රූප විභේදක කැමරා තලය එහි පළමු රූපය සම්ප්‍රේෂණය කළේය. 1928 වන විට ඔහු චලනය වන රූප චිත්‍රපටයක් පෙන්වීමට හැකි තරම් මට්ටමට එය වර්ධනය කර තිබිණ. 1929 වන විට එහි තිබු මෝටර් (motors) ආදිය ඉවත් කිරීමෙන් යාන්ත්‍රික කොටස් රහිත උපකරණයක් බවට එය පත්කර තිබිණ.

1934 අගොස්තු 25 දින ‍ෆිලඩෙල්පියාවේ ෆරුන්ක්ලින් ආයතනයේ දී ෆාන්ස්වරුන් ලොව ප්‍රථම ඉලෙක්ට්‍රොනික රූපවාහිනී පද්ධති පිළිබඳ ප්‍රදර්ශනය පැවැත්විය.

1923 දී වැලැද්මීර් ස්වොයිකින් ඉලෙක්ට්‍රොනික කැමරා තලයක් වර්ධනය කරන ලදී. එනමුත් එම තලයෙහි තිබු අඩුපාඩු නිසා එය දියුණු තත්වයට පත් නොවීය.

1931 දී ස්වොයිකින් වඩා දියුණු ඉලෙක්ට්‍රොනික කැමරාවක් වර්ධනය කළේය. මෙයට ඔහු අයිකන්ස්කෝප්" ලෙස නම් තැබීය. මෙය 1936 සිට 1946 දක්වා කාලය තුළ ඇමරිකානු රූපවාහිනී ප්‍රචාරණයේ ප්‍රාථමික තලයේ කැමරා තලය බවට පත්විය.

බ්‍රිතාන්‍යයේ අයිසැක් ෂොන්බර්ග් ස්වොයිකින්ගේ කල්පිතය තවදුරටත් වර්ධනය කරමින් BBc ප්‍රචාරණයට වැදගත්වූ මාර්කෝනි - EMI එම්ට්‍රෝන් නලය වර්ධනය කරන ලදී.

1911 දී ඉංජිනේරු ඇලන් අකිබෝල්ඩ් කැම්බල් ස්වින්ටන් ලන්ඩනයේදී දුරස්ත විදුලි දෘෂ්ටියක් කැතෝඩ නල ආධාරයෙන් ලබාගන්නේ කෙසේද යන්න පිළිබඳව දේශනයක් පැවැත්වීය. වසර 1920 වනවිට විදුලි යාන්ත්‍රික රූපවාහිනී හඳුන්වා දී තිබු අතර ෆලියෝ ෆාන්ස්වර්ත්ගේ රූප විභේදක කැමරා තලය එහි පළමු රූපය සම්ප්‍රේෂණය කළේය. 1928 වන විට ඔහු චලනය වන රූප චිත්‍රපටයක් පෙන්වීමට හැකි තරම් මට්ටමට එය වර්ධනය කර තිබිණ. 1929 වන විට එහි තිබු මෝටර් (motors) ආදිය ඉවත් කිරීමෙන් යාන්ත්‍රික කොටස් රහිත උපකරණයක් බවට එය පත්කර තිබිණ.

1934 අගොස්තු 25 දින ‍ෆිලඩෙල්පියාවේ ෆරුන්ක්ලින් ආයතනයේ දී ෆාන්ස්වරුන් ලොව ප්‍රථම ඉලෙක්ට්‍රොනික රූපවාහිනී පද්ධති පිළිබඳ ප්‍රදර්ශනය පැවැත්විය.

1923 දී වැලැද්මීර් ස්වොයිකින් ඉලෙක්ට්‍රොනික කැමරා තලයක් වර්ධනය කරන ලදී. එනමුත් එම තලයෙහි තිබු අඩුපාඩු නිසා එය දියුණු තත්වයට පත් නොවීය.

1931 දී ස්වොයිකින් වඩා දියුණු ඉලෙක්ට්‍රොනික කැමරාවක් වර්ධනය කළේය. මෙයට ඔහු අයිකන්ස්කෝප්" ලෙස නම් තැබීය. මෙය 1936 සිට 1946 දක්වා කාලය තුළ ඇමරිකානු රූපවාහිනී ප්‍රචාරණයේ ප්‍රාථමික තලයේ කැමරා තලය බවට පත්විය.

බ්‍රිතාන්‍යයේ අයිසැක් ෂොන්බර්ග් ස්වොයිකින්ගේ කල්පිතය තවදුරටත් වර්ධනය කරමින් BBc ප්‍රචාරණයට වැදගත්වූ මාර්කෝනි - EMI එම්ට්‍රෝන් නලය වර්ධනය කරන ලදී.

මූලාශ්‍ර 

https://si.m.wikipedia.org/wiki/%E0%B6%BB
https://mysyllubus.blogspot.com/2020/05/the-history-of-television.html 

ගවේෂණාත්මක වාර්තාකරණය

ගවේෂණාත්මක වාර්තාකරණය ගවේශනාත්මක වාර්තාකරණය යනු කිසියම් සිද්ධියක්, අවස්ථාවක් හෝ පුද්ගලයෙකු පිලිබඳ ගැඹුරින් සොයා බලා වාර්තා කිරීම...