Wednesday, 31 March 2021

විශාදය යනු කුමක්ද?

විශාදය යනු කුමක්ද යන්න හඳුනන්නේ ද? මෙම විශාදය එසේත් නැතිනම් depression අප ජීවත් වනු ලබන ජීවිත කාලය තුළ යම් අවස්ථාවකදී මුණගැසෙන රෝගී තත්ත්වයක්. සමාජය තුළ සිදුවන බොහෝමයක් සියදිවි නසාගැනීම් උදෙසා   හේතු වූයේ ද මෙම විශාදය යන රෝගී තත්ත්වයයි. මෙහිදී depression යනු කුමක්ද යන්න වැදගත් වේ. විශාදය යනු සාමාන්‍ය රෝගී තත්ත්වයක් වන අතර නිසි ප්‍රතිකාර ලබාගැනීම මගින් සුවවන රෝගී තත්ත්වයකි. මෙය කිසිවකු දීර්ඝ කාලයක් මුළුල්ලේ නිශේධනීය ආකල්ප තුළින් පීඩා විඳීම හේතු කර ගනිමින් හටගන්නා වූ රෝගී තත්වයක් ලෙස හැඳින්විය හැකිය. 

පසුගිය දා සෙලීනා ගෝමස් සහ ලේඩි ගාගා වැනි සුප්‍රසිද්ධ බටහිර ගායිකාවෝ තමන් විෂාදයෙන් පෙළුණු බවත් එයින් මිදීම පිණිස ප්‍රබල අරගලයක යෙදුණු බවත් ප්‍රසිද්ධියේ හෙළි කළහ.


"මට සිද්ධ උනා ඒකෙන් මිදෙන්න. මට අවශ්‍ය හැම දේම මට තිබුණත් මම ඇතුළතින් සම්පූර්ණයෙන්ම කඩාවැටිලයි හිටියේ. මම කිසි දෙයක් නොවුණු විදිහට හැම දේම කරන්න උත්සාහ කළත් ඒක දීර්ඝ කාලයක් තිස්සේ සඟවන්න උත්සාහ කරනකොට තේරුණා මම මටම හානියක් කරගන්නේ කියලා," ඇමරිකානු සංගීත සම්මාන උළෙළේ දී ජනප්‍රිය ගායිකා සෙලීනා ගෝමස් සිය අත්දැකීම් මාධ්‍ය හමුවේ විස්තර කරන ලදී. 



විෂාදය හටගන්නේ ඇයි?

ඒ ප්‍රශ්නයට නිසැක පිළිතුරක් සොයාගැනීමට තවමත් විද්‍යාඥයන් සමත් වී නැත. යමකුට විෂාදය වැළඳීමට හේතුවන කරුණු නිසැක වශයෙන්ම හඳුනා ගැනීම අපහසුය. යම් පුද්ගලයෙකු අධික ලෙස දුකට පත්වන අවස්ථාවක ඔහු හෝ ඇය මුහුණ දුන් ඒ හැඟීම් පහව නොයා දීර්ඝ කාලීනව පැවතීම විෂාදයට හේතු විය හැකිය. විෂාදය වැළඳීමට එවැනි එක් සිද්ධියක් හෝ හේතු කිහිපයක් වුවත් බලපැවැත්වෙන අවස්ථා තිබෙන බව විශේෂඥ වෛද්‍ය ස්ටීවන් බක්ලි පැහැදිළි කළාය.

"විවිධ හේතු මත පුද්ගලයෙකුට විෂාදයට වැළඳීමේ අවස්ථාව තියනවා. උදාහරණයක් ලෙස එදිනෙදා ඔහු හෝ ඇය මුහුණ දෙන ගෙදරදොර ප්‍රශ්න එහෙමත් නැත්නම් පාසලේ දී මුහුණ දෙන ප්‍රශ්න. හිරිහැරවලට ලක්වීම වැනි හේතු නිසා තමන් ගැනම නිශේධනීය ආකල්ප ඇතිවෙන්න පුළුවන්."



එදිනෙදා ජීවිතයට විෂාදය බලපාන්නේ කොහොමද?

විෂාදය එක් එක් පුද්ගලයන්ට බලපාන්නේ විවිධ මට්ටම්වලිනි.


කිසිවකු කොතෙක් දුරට විෂාදය හේතුවෙන් පීඩා විඳිනවාද යන්න හරිහැටි විනිශ්චය කළ හැක්කේ ඔවුන්ට දැනෙන හැඟීම්වල ස්වභාවය නිරීක්ෂණය කිරීමෙනි.


කිසිවෙකු දිගු කලක් ශෝකයෙන් කල් ගෙවීමටත්, තවත් රෝගියෙකුට තමන් ගැනම ඉතා දැඩි නිශේධනීය ආකල්ප ඇතිවීමටත් තමන් වටිනාකමක් නොමැති පුද්ගලයෙක්ය යන හැඟීමෙන් පීඩා විඳීමටත් විෂාදය හේතු විය හැකිය.


ඕනෑම සුළු ප්‍රශ්නයක් වුවත් ඔබට හිතවත් කෙනකු සමග බෙදා ගැනීමට පැකිළෙන්න එපා. විෂාදයෙන් ගැලවීමේ ප්‍රථම පියවර එය විය හැකියි."

ඩබ් . ඒ . කේ . එන් විජේසිංහ 

ජනමාධ්‍ය අධ්‍යනාංශය 

කොළඹ වවිශ්වවිද්‍යාලය 

ශ්‍රී පාලි මණ්ඩපය 




Tuesday, 30 March 2021

ලිංගිකත්වය හා ළමා මනස




ලිංගිකත්වය යනු පොදු ලක්ෂණයකි.. මිනිසාගේ මූලික අවශ්‍යතා අතුරින් එකකි. නමුත් මෙම පොදු කාරණාව සමාජයට දැනෙන්නට සලස්වන්නේ කෙසේද යමකුගේ කල්පනාවන් හැඟීම් හැසිරීම් මෙන්ම ස්ත්‍රී ද පුරුෂ ද යන්න ප්‍රකාශ කිරීම තුළින් බාහිර ලෝකයට කෙරෙන ප්‍රකාශය නැතහොත් හැඳින්වීම් ලිංගිකත්වය ලෙස හැදින්විය හැක. 

මෙම ලිංගිකත්වය සහ ළමා මනස යන කාරණාව අධ්‍යතනය  වන විට ප්‍රබල සමාජ ගැටළුවක් බවට පත්වී ඇත. නමුත් මෙය කෙතරම් සමාජය තුළ කතා බහට ලක් කරනු ලැබුවද  තවදුරටත් සමාජය තුළ සිදුවන විවිධාකාරයේ ක්‍රියාදාමයන් වැළැක්වීම  උදෙසා එය අපොහොසත් වී ඇත. ලිංගිකත්වය සහ ළමා මනස යන කාරණාව පිළිබඳව විමර්ශනය කිරීමෙහි දී  ළමයා යන්න වැදගත්ය. අව්‍යාජත්වයේ හා සුන්දරත්වයේ විශ්වමය සංකේතය වශයෙන් ළමයා හඳුනාගත හැකිය. ළමා මනස සෑම අවස්ථාවකදීම කුතුහලයෙන් පෙළේ. 1970 දශකයේ Michael Rutter ගේ පර්යේෂණ කටයුතු හේතුකොට ගනිමින් ළමා මනෝවිද්‍යාවේ විශාල වෙනසක් 1980 වකවානුවේ සිදු විය. මේ සඳහා පළමු සමීක්ෂණය 1970 දී ලන්ඩන් සහ   Isle of wight නගරවල වයස 9 සිට 11 දක්වා  වූ ළමුන් මගින් සිදු කෙරිණි. මේ මගින් ළමා මනෝ විද්‍යාවට අදාළ වැදගත් ප්‍රශ්න රාශියක් කේන්ද්‍ර ගත කර තිබිණ. 

ලිංගිකත්වය සම්බන්ධයෙන් ළමා මනස පිළිබඳව අධ්‍යනය  කරන විට දී බෙහෙවින් කුතුහලය ජනනය කරනු ලබන මානසිකත්වයක් ඔවුන් සතුවේ.  පාසල් අධ්‍යාපනය සහ පවුල තුළින් දරුවාට නිසි ලිංගික අධ්‍යාපනයක් මඟින් ලිංගිකත්වය පිළිබඳව ස්ථිරසාර ප්‍රථුල  සංජානනයක් ලබා දෙන්නේද යන්න පිළිබඳව අධ්‍යතනය  වන විට ප්‍රබල ගැටළුවක් මතුවී තිබේ. 

පාසල් අධ්‍යාපනය මඟින් විවිධ විෂයයන් හරහා ළමුන් වෙත ලිංගික අධ්‍යාපනය ලබාදීම සඳහා  උත්සාහ දරා ඇත. එහිදී ළමුන් තුළ ඇති කුතුහලය කෙතරම්දයත්  එම කෘති තමා අත පත් විගස එම ළමුන් සැනින් අවධානය යොමු කරන්නේ තමනට කුතුහලය ගෙන තුන් එම පරිච්ඡේදය වෙතය. නමුත් වත්මන් ගුරුවරුන් සිය අවධානය අවම වශයෙන් යොමු කරන්නේ ද අදාළ පරිච්ඡේදය වෙතටය. මේ සමාජය තුළ කතාබහට ලොක් නොකළ ද ප්‍රබල ගැටළුවකි. 


මෙම ලිංගික අධ්‍යාපනය නිසි පරිදි ළමුනට නොලැබීම හේතු කර ගනිමින් ළමා අපචාර යන ට සහ ලිංගික හිංසන වලට හිංසන වලට ළමුන් වැඩි වශයෙන් ගොදුරු වීම වළක්වා වලක්වා ගත නොහැක. ළමා අපචාර යනු ළමයාගේ කායික මානසික වර්ධනයට මෙන්ම සෞඛ්‍යයට හානි වන ලෙස ළමයා වේදනාවට පත් කරවන අයහපත් ක්‍රියාවන් ය. ළමා අපචාරයන් අතුරින් ළමයාට මානසික වශයෙන් ප්‍රබල බලපෑමක් කළ හැකි වන්නේ ලිංගික අපචාර හරහා ය. එය එම දරැවාගේ ජීවිත කාලය තුළටම වලංගු විය හැකි කාරණාවක් විය හැක. ලිංගිකත්වය සම්බන්ධයෙන් සහානුභූතිය ළමයා තුළ ගොඩනැඟීම වැදගත් වේ. එමගින් සමාජය තුළ ළමයා සම්බන්ධයෙන් නිර්මාණය වන ගැටලු රැසක් අවම කර ගැනීමට හැකියාව ඇතිවේ. 

ඩබ්.ඒ.කේ.එන් විජේසිංහ 
ජනමාධ්‍ය අධ්‍යනාංශය 
කොළඹ විශ්වවිද්‍යාලය 
ශ්‍රී පාලි මණ්ඩපය 

 

Thursday, 11 February 2021

අදහස් බෙදාගැනීම පහසු කරමින් චීනයෙන් බිහි වූ මුද්‍රණ යන්ත්‍ර

සමරූපී පොත්පත්, තොරතුරු පත්‍රිකා, හා පුවත්පත් වැනි මුද්‍රණය කරන ලද අදහස් එකිනෙකා අතර හුවමාරු කරගැනීම සඳහා මඟ පාදමින් නිර්මාණය වූ ‘මුද්‍රණ යන්ත්‍රය’ මිනිස් ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. පුරාණ චීන සමාජයේ මහත් පෙරළියක් ඇති කළ එය, 15 වැනි සියවසේ දී යුරෝපා මහද්වීපය තුළ ඉහළ ජනප්‍රියත්වයක් අත්කර ගත්තේ වඩාත් වැඩි දියුණු වෙමින්. ලොව ප්‍රථම මුද්‍රණ යන්ත්‍රය නිෂ්පාදනය කළේ කවදා, කවුරුන් විසින් ද යන ප්‍රශ්න සඳහා නිශ්චිත පිළිතුරු නොමැති වුව ද, දැනට සොයාගෙන ඇති පැරණි ම මුද්‍රිත ලේඛනය චීනයෙන් හමු වී ඇති අතර එය අයත් වන්නේ ක්‍රි. ව. 1 වැනි සහස්‍රයට යි.

චීනයේ ඩූහ්වාං ප්‍රදේශයෙන් හමු වූ ටැන්ග් රාජ සමයේ දී (ක්‍රි. ව. 868 දී පමණ) මුද්‍රිත ‘වජ්‍ර සූත්‍රය’ නම් බෞද්ධ ග්‍රන්ථය, ලොව පැරණි ම මුද්‍රිත ග්‍රන්ථය ලෙස සැලකෙනවා. එය මුද්‍රණය කිරීම සඳහා යොදාගෙන ඇත්තේ ‘අච්චු මුද්‍රණය’ (block printing) නම් ක්‍රමවේදය යි. එහි දී පිටපැත්තට සිටින සේ දැවමය පුවරුවල අතින් කැටයම් කරන ලද අච්චු යොදාගෙන පොත් මුද්‍රණය කිරීම සිදුකරන අතර, පිටපත් රාශියක් මුද්‍රණය කළ හැකි වුව ද වෙනත් ග්‍රන්ථයක් මුද්‍රණය කිරීම සඳහා භාවිතා කළ නොහැකි බැවින් මුද්‍රණ ක්‍රියාවලියෙන් අනතුරුව අදාළ අච්චුව ඉවත දැමීමට සිදු වී තිබෙනවා.

https://assets.roar.media/assets/MiprkzOn6b5ZeipN_Picture-7.jpg
(© The British Library) ‘වජ්‍ර සූත්‍රය’ ග්‍රන්ථයේ කොටසක්

කෙටි කලෙකින් ම චීන සමාජය තුළ මුද්‍රණ ශිල්පය අතිශය ජනප්‍රිය වී ඇති අතර,  ක්‍රි. ව. 972 වන විට පිටු 130,000 කින් සමන්විත වූ ත්‍රිපිටකයේ චීන පරිවර්තනය පවා මුද්‍රණය කිරීමට1 චීන වැසියන් සමත් වී ඇති බව යි වාර්තා වන්නේ. එයට අමතර ව දැවමය අච්චු යොදාගනිමින් ඔවුන් ගණිතමය වගු, වාග් මාලා මාර්ගෝපදේශන, ශබ්දකෝෂ, පංචාංග ලිත්, සහ ආචාර ධර්ම සංග්‍රහයන් පවා මුද්‍රණය කර තිබෙනවා.

බී ෂෙන්ග්ගේ අකුරු අච්චු

පසුකාලීන ව අච්චු මුද්‍රණයේ දී භාවිතා කරන ලද දැවමය අච්චු අපතේ දැමීම වෙනුවට විකල්ප ක්‍රමයක් හඳුන්වා දී ඇත්තේ ක්‍රි. ව. 970 – 1051 අතර කාලයේ චීනයේ යින්ග්ෂෑන් ප්‍රදේශයේ වාසය කළ බී ෂෙන්ග් නම් නව නිපැයුම්කරුවා විසින්. ඒ අනුව සම්පූර්ණ පිටුවක් අන්තර්ගත වූ දැවමය අච්චු ඉවත දමා එක් එක් අකුර සඳහා වෙන් වෙන් අච්චු භාවිතා කිරීම ආරම්භ කර තිබෙනවා. එහි දී සිදු වී ඇත්තේ කුඩා මැටි පුවරුවක් මත කැටයම් කරන අකුරු අච්චුව පුලුස්සා ගැනීමෙන් අනතුරු ව වචනයක් සැකසෙන අයුරින් යකඩ රාමුවක් මත තැන්පත් කර, යකඩ තහඩුවකට තබා තද කිරීම යි.

https://assets.roar.media/assets/MiprkzOn6b5ZeipN_Picture-7.jpg
(© Ancient Pages) පුරාණ චීන අකුරු අච්චු

බී ෂෙන්ග්ගේ මුද්‍රණාලය ගැන මුල් වරට තොරතුරු වාර්තා කර ඇත්තේ ක්‍රි. ව. 1086 දී ෂෙන් කුඕ නම් විද්‍යාඥයා විසින්. ඔහු වාර්තා කර ඇත්තේ දැවමය අච්චු පහසුවෙන් තෙතමනය උරා ගන්නා බැවින් සහ ඒ මත තීන්ත නිසි පරිදි තැන්පත් නොවන බැවින් බී ෂෙන්ග් විසින් දැවමය අච්චු භාවිතා නොකරන ලද බව යි. කෙසේ වුව ද චීන හෝඩියේ අකුරු 40,000ක් පමණ පවතින බැවින් බී ෂෙන්ග් විසින් හඳුන්වා දුන් අච්චු අකුරු ක්‍රමවේදය ද වැඩිකල් භාවිතයේ පැවතී නැහැ.

නැවතත් අච්චු මුද්‍රණ ශිල්පයට

ක්‍රි. ව. 1297 දී චීන මහේස්ත්‍රාත්වරයෙකු වූ වෑන්ග් චෙන් විසින් අච්චු මුද්‍රණය යොදාගනිමින්  කෘෂිකර්මය සහ ගොවිතැන් සිරිත් ගැන ‘නුන්ග් ෂූ’ නම් ග්‍රන්ථය මුද්‍රණය කිරීමෙන් පසු ව, නැවත වරක් අච්චු මුද්‍රණ ශිල්ප ක්‍රම භාවිතයට පැමිණ තිබෙනවා. වෑන්ග් චෙන් විසින් දැවමය අච්චු වැඩි කාලයක් තබාගත හැකි උපක්‍රමයක් හඳුන්වා දී ඇති අතර, වඩාත් කාර්යක්ෂම ව සහ වේගයෙන් මුද්‍රණ කටයුතු සිදු කිරීම සඳහා කැරකෙන මේසයක් ද නිර්මාණය කර ඇති බව යි වාර්තා වන්නේ.

https://assets.roar.media/assets/MiprkzOn6b5ZeipN_Picture-7.jpg
(© Wikimedia Commons) ‘නුන්ග් ෂූ’ පුස්තකයේ කොටසක්

වෑන්ග් චෙන්ගේ ‘නුන්ග් ෂූ’ පුස්තකය සැලකෙන්නේ මහා පරිමාණයෙන් මුද්‍රණය කරන ලද ලොව ප්‍රථම ග්‍රන්ථය ලෙස යි. එය යුරෝපා මහද්වීපයට පවා අපනයන කර ඇති අතර, චීනයෙන් බිහි වූ මුද්‍රණ යන්ත්‍රය සහ මහා පරිමාණ මුද්‍රණ ක්‍රමවේදයන් පිළිබඳ තොරතුරු යුරෝපීයයන් දැනගන්නට ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙස බවට සැකයක් නැහැ.

නොසිතූ ලෙස අනාවරණය වූ ගුටෙන්බර්ග්ගේ මුද්‍රණාලය

නමුත් වෑන්ග් චෙන් විසින් වැඩි දියුණු කරන ලද මුද්‍රණ ක්‍රමවේද හඳුන්වා දී වසර 150ක් ගතවන තුරු ම යුරෝපා මහද්වීපයෙන් මුද්‍රණාලයක් ගැන තොරතුරු වාර්තා නොවූ අතර, වරකට අකුර බැගින් යොදාගනිමින් මුද්‍රණය කිරීමේ ක්‍රමයක් සොයාගැනීම සඳහා රටවල් කිහිපයක ම කාර්මිකයන් උත්සාහ කර තිබෙනවා. දේශපාලන හේතූන් මත ජර්මනයෙන් පිටුවහල් කරන ලද යොහැනස් ගුටෙන්බර්ග් නම් රන්කරුවා ප්‍රංශයට පැමිණ මුද්‍රණ යන්ත්‍රයක් නිර්මාණය කිරීම අරඹා ඇත්තේ ක්‍රි. ව. 1440 සිට යි. අංග සම්පූර්ණ මුද්‍රණ යන්ත්‍රයක් ලොවට හඳුන්වාදීමේ දැඩි ආශාවෙන් පසු වූ ගුටෙන්බර්ග්, තමන් නිපදවන ලද මුද්‍රණ යන්ත්‍රය ප්‍රසිද්ධියට පත් නොකර තවත් වර්ධනය කිරීමට උත්සාහ දරමින් සිටිය දී එය නිපදවීම සඳහා මුදල් ආයෝජනය කරන ලද ඔහුගේ ව්‍යාපාර හවුල්කරු මියගොස් තිබෙනවා. ගුටෙන්බර්ග්ගේ මුද්‍රණ යන්ත්‍රය පිළිබඳ තොරතුරු අනාවරණය වුණේ ඒ සම්බන්ධයෙන් පැවති බූදල් නඩුකරයේ දී යි.

https://assets.roar.media/assets/MiprkzOn6b5ZeipN_Picture-7.jpg
(© International Printing Museum) ගුටෙන්බර්ග්ගේ මුද්‍රණ යන්ත්‍රයේ නූතන අනුරුවක්

ගුටෙන්බර්ග් විසින් දැව වෙනුවට ලෝහ යොදාගනිමින් අකුරු අච්චු සහිත මුද්‍රණ යන්ත්‍රයක් නිර්මාණය කර ඇති අතර, ක්‍රි. ව. 1452 දී ඔහු, යොහැනස් ෆස්ට් නම් ණයකරු සමග හවුල් ගිවිසුමක් ඇති කරගෙන මුද්‍රණාලයක් ආරම්භ කර තිබෙනවා. එහි මුද්‍රණය කරන ලද ප්‍රථම ග්‍රන්ථය ලෙස සැලකෙන්නේ බයිබලය යි. පළමු මුද්‍රණයේ දී ඔහු පිටු 1,300 කින් යුතු බයිබල් 180ක් මුද්‍රණය කර ඇති අතර, ඒ සඳහා අකුරු අච්චු 300ක් සහ කඩදාසි 50,000ක් යොදාගත් බව යි වාර්තා වන්නේ. ගුටෙන්බර්ග් විසින් මුද්‍රණය කරන ලද බයිබලයේ ඇතැම් කොටස් වර්ණ යොදාගනිමින් මුද්‍රණය කර ඇති අතර, එයින් පිටපත් 21ක් සම්පූර්ණයෙන් ම සුරක්ෂිත ව පවතිනවා.

https://assets.roar.media/assets/MiprkzOn6b5ZeipN_Picture-7.jpg
(© Kevin Eng) ගුටෙන්බර්ග්ගේ බයිබලය

යුරෝපය පුරා පැතිරුණු මුද්‍රණ ශිල්පය

ගුටෙන්බර්ග්ගෙන් පසු ව ඉතාලි ජාතිකයන් මුද්‍රණ යන්ත්‍ර නිපදවීම අරඹා ඇති අතර ක්‍රි. ව. 1470 වන විට මුද්‍රණ ශිල්පය, වාණිජමය කාර්මාන්තයක් වශයෙන් ඉතාලිය තුළ ජනප්‍රිය වී තිබෙනවා. එසේ ම 15 වැනි සියවස අවසන් වන විට ක්‍රමයෙන් මුද්‍රණ යන්ත්‍ර, ස්පාඤ්ඤය සහ පෘතුගාලය තුළ ද පැතිරී ගියා. විලියම් කැක්ස්ටන් නම් බෙල්ජියමේ වාසය කළ ඉංග්‍රීසි ජාතිකයා විසින් එංගලන්තයට මුද්‍රණ යන්ත්‍රය හඳුන්වා දී ඇත්තේ ක්‍රි. ව. 1476 දී යි. පසු ව ඔහු වෙස්ට්මින්ස්ටර් දෙව්මැදුර තුළ මුද්‍රණාලයක් ස්ථාපිත කර ක්‍රි. ව. 1491 දී සිදු වූ ඔහුගේ මරණය තෙක් එංගලන්ත රජ පවුලේ ප්‍රධාන මුද්‍රණකරු ලෙස කටයුතු කරන ලද බව සඳහන්.

https://assets.roar.media/assets/MiprkzOn6b5ZeipN_Picture-7.jpg
(© University Library of Heidelberg) ලොව ප්‍රථම පුවත්පත

මුද්‍රණ යන්ත්‍රයේ දියුණුවත් සමග ජර්මනියෙන් ලොව ප්‍රථම පුවත්පත බිහි වුණා. ‘Relation aller Fürnemmen und gedenckwürdigen Historien’ නම් වූ එය මුල් වරට මුද්‍රණය කරන ලද්දේ ක්‍රි. ව. 1605 දී යි. පුවත්පතකට වඩා තොරතුරු පත්‍රිකාවක ස්වරූපය ගත් එය මුද්‍රණය කිරීම සඳහා යොහාන් කැරොලස් නම් ප්‍රකාශකයා මූලිකත්වය ගෙන කටයුතු කර තිබෙනවා. එසේ අරඹන ලද පුවත්පත් කෙටි කලෙකින් ම යුරෝපය තුළ ජනප්‍රිය වී ඇත්තේ සාමාන්‍ය ජනතාව අතර අදහස් සහ තොරතුරු හුවමාරු කරගැනීම සඳහා මංපෙත් විවර කර දෙමින්.

මූලාශ්‍රය :

1 පොතේ කතාව / ධනපාල ගුණසේකර / විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය


Kasuni wijesinghe 

Department of mass media 

University of colombo

Sri palee campus 

ශ්‍රී ලංකාවේ පුවත්පත් මාධ්‍යයේ ආරම්භය

ශ්‍රී ලංකාවේ පුවත්පත් මාධ්‍යයේ ආරම්භය
Add caption

ශ‍්‍රී ලංකාවේ ඈත අතීතයේ සිටම දියුණු සාහිත්‍යයක් පැවතිය නමුත් මුද්‍රණ තාක්ෂණ හා ශිල්ප ක‍්‍රමයන් පිළිබදව දැනුම පැවති බවට ඉතිහාසයෙන් පැහැදිළි සාක්ෂි හමු නොවෙයි. බටහිර රාජ්‍යවල ආක‍්‍රමණිකයින්ගේ අප රටට මුද්‍රණ ශිල්පයේ දැනුම ලැබිණි. ක‍්‍රි:ව: 1505 වර්ෂයේදී පෘතුගීසි ආක‍්‍රමණිකයින්ට නතු වුවද ඔවුන්ගෙන් ඒ පිළිබද දැනුම නොලැබිණ. ක‍්‍රි:ව: 1640-
1796 තෙක් පැවති ලන්දේසි පාලන සමය ජන සන්නිවේදන ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකි. එයට හේතුව ලන්දේසි පාලන සමයේ මෙරටට ප‍්‍රථමව මුද්‍රණාල ගෙන්වීමයි.

 ඕලන්දය මුද්‍රණ ශිල්පයේ දියුණු රටකි. මෙරට පහතරට මුහුදුබඩ ප‍්‍රදේශ අල්ලාගැනීමෙන් පසුව ඔවුන්ගේ පාලන තන්ත‍්‍රය ක‍්‍රියාත්මක කිරීමට ඇති වූ ප‍්‍රභල අවශ්‍යතාවයන් හේතුවෙන් මුද්‍රණ යන්ත‍්‍ර මෙරටට ගෙන්වා ස්ථාපිත කරනු ලබයි. ලන්දේසි ආධිපත්‍යයට යටත්ව පැවති මුහුදුබඩ ප‍්‍රදේශයන්හි අනවසරයෙන් කුරුදු ගසක් පවා කැපීමට තහනම් කෙරිණි. ඒ පිළිබද අතින් ලියු දැන්වීම් ප‍්‍රදර්ශනය කළ නමුත් තම මව්රට ඇති මුද්‍රණ යන්ත‍්‍ර භාවිතය වඩාත් පහසු බැවින් මෙරටට ගෙන්වන ලදී.

 ලන්දේසීන් සිංහල භාෂාවෙන් ඉගැන්වීමට  ඕලන්දයේ ග‍්‍රන්ථ මුද්‍රණය කරන්නට ද විය. 1708 දී ජොහානස් රැපියෙල් නැමැත්තා ”Grammarian of Singleesche tell˜    කෘතිය සිංහල ව්‍යාකරණ ඉගැන්වීමට රචනා කළේය. ලක්දිව මුද්‍රණාල  ගෙන එ්මට පෙර සිංහල අකුරින් මුද්‍රණය කළ පොත් නොමැති විය.ගාල්ල ලන්දේසි ආයුධ ගබඩාවේ සේවය කළ සොල්දාදුවෙකු වු                   ගබ්රියෙල් ස්කාඞ් සිංහල අකුරු ලි වලින් සාදවාගෙන සිංහල ග‍්‍රන්ථයක් මුද්‍රණය කිරීමට උත්සාහ දැරුවේය. නමුත් ඊට ලන්දේසි ආණුඩුවෙන් අවසර ලබා නොදුන් අතර අවසරයකින් තොරව මුද්‍රණ කටයුතු කළ ගබ්රියෙල් ස්කාඞ් අත්අඩංගුවට ගන්නා ලදී.ඔහු නිදහස ලැබූ විගස නැවත මුද්‍රණ කටයුතු කිරීමට යොමු විය. 

 1736 වර්ෂයේදී ලංකාවට රාජකාරි සදහා පැමිණි ගුස්තම් විල් හෙලම් වෑන් ඉම්හොජ් නැමැති ආණ්ඩුකාරවරයාගේ ද ජාවා රටේ ද අනුග‍්‍රහය ඔහුට ලැබිණ. ඒ අනුව 1737 වර්ෂයේදී ප‍්‍රකාශයට පත් කරන ලද මෙරට මුද්‍රණය කරන ලද පැරණිම පොත ලෙස පිළිගනු ලබන ලන්දේසි යාඥා” පොත පල විය. එයට මූලිකත්වය ගනු ලැබුවේ ද ගබ්රියෙල් ස්කාඞ් ය.ප‍්‍රදාන වූ යාඥාවල් පස ද අපේ ක‍්‍රිස්තියානි ඇ`දහිල්ලේ පංශු දොලහ සහ දෙව් ස්වාමිදුරුවන් වහන්සේම අදහස් කලත් දෙවා වදාළ ආඥාවලින් ද සද මෙහි ඇත. යනුවෙන් එහි ස`දහන් ව ඇත. 
 ඉන්පසුව ලන්දේසීන්ගේ පෙරදිග ඉන්දියානු වෙළද සමාගමේ ලාංඥජනය දිප්තිමත් වූ කොම්පඤ්ඤෙ වෙනුවෙන් අච්චු ගැහුව 1737” යනුවෙන් යොදා ඇත. එතැන් පටන් වර්ෂයක් පමණ යනතෙක් මුද්‍රණාල දියුණුවක් වූ බව දක්නට නොහැක


.1796 වර්ෂයේදී  ඕලන්දයට යටත්ව තිබූ මුහුදුබඩ ප‍්‍රදේශ ඉංග‍්‍රීසින් ආක‍්‍රමණය කිිරීමත් සමග මුද්‍රණ යන්ත‍්‍ර ද ඉංග‍්‍රීසින්ගේ භාරයට පත් විය. 1812 දී එම මුද්‍රණ යන්ත‍්‍ර දියුණු කොට තම භාවිතයට ඉංග‍්‍රීසින් ගන්නා ලදී. ඒ අනුව 1802 මාර්තු 15 වැනි දින අපේ රටේ ඉංග‍්‍රීසි පුවත්පත ලෙසින් සැලකීමට හැකි රජයේ ගැසට් පත‍්‍රය” නිකුත් කරන්නට විය. මෙය නිකුත් වූයේ සතියකට එක් වරක් සදුදා දිනයකදී ය.  එහි අතිරේකයක් සැම බදාදා දිනයකම පල විය. මෙහි ප‍්‍රකාශකයා වුයේ ප‍්‍රාන්ස් ඞී බෲයින් මහාතාය. ක‍්‍රි.ව 1814 ජනවාරී 12 වන දින ප‍්‍රථමවරට මුතු කිමිදීමේ දැන්වීමක් සිංහල බසින් පළ කරමින් ගැසට් පත‍්‍රයට එක් කිරීමෙන් පළමු වරට සිංහල භාෂාව ගැසට් පත‍්‍රයට සම්බන්ධ කරන ලදී සතියකට දෙවරක් ප‍්‍රකාශය‍ට පත්කරන ලදී.. විදෙස් රටවල පුවත්පත් වලින් උපුටාගත් තොරතුරු ද ප‍්‍රකාශයට පත් කෙරිණි. 

ඉංග‍‍්‍රීසි පුවත්පත් කිහිපයක්ම 19 සියවසේ මුල්ම කාලයේදී ආරම්භ වුණා. ද කලම්බු ජර්නල් පුවත්පත ආරම්භ වුණේ 1832 ජනවාරි පළවැනිදා. රොබර්ට් විල්මට් හෝර්ටන් ආණ්ඩුකාරවරයා විසිනුයි කලම්බු ජර්නල් පටන්ගත්තේ. පුවත්පතේ ආයුකාලය අවුරුද්දක් පමණ වුණා. 1833 දෙසැම්බර් 31 වැනිදා කලම්බු ජර්නල් නැවතුණා. මේ පුවත්පත ආණ්ඩුවේ ප‍‍්‍රකාශණයක්. ආණ්ඩුවේ මුද්‍රණාලයේ සහ පසුව තැපැල් දෙපාර්තමේන්තුවේ තිබුණු මුද්‍රණාලයේ පුවත්පත මුද්‍රණය කර තිබෙනවා. ජෝර්ජ් ලී විසිනුයි පුවත්පතේ කර්තෘ ධූරය දැරුවේ.


පූර්ව යටත් විජිත සමයය එනම් 1815, වන විටත් සන්නිවේදන ජාලය රජු වටා බැඳී තිබිණි
බෞද්ධ ආගම හා රජු කේන්ද්‍රීය ව පැවති සන්නිවේදන ආධිපත්‍ය ඉංග‍්‍රීසි ජාතියට මෙරට යටත් වීමෙන් පසු කිතුනු ආගමික බලයට හා යටත් විජිත පාලන නියෝග ප‍්‍රකාශන ක‍්‍රමවලට යටත් විය. පාසල් විවෘත වීම, මුද්‍රණාලය ඇති වීම ආගමික පත‍්‍රිකා හා ග‍්‍රන්ථ මුද්‍රණය කිරීම, දේශීය සන්නිවේදනයට බලපෑ ප‍්‍රධාන සාධක දෙකකි. 1734 දී  ඕලන්ද පරිපාලනය විසින් නිල නිවේදන සිංහලයෙන් පළ කිරීම, 1812 දී කොළඹ බයිබල්ස මාගමය සිංහලයෙන් බයිබලය පළ කිරීම 1860 ලංකාලෝකය පුවත් පත හා 1834 The Observer and
Commercial Advertiser  වාණිජ පුවත් පත පළ කිරීම ශී‍්‍ර ලාංකේය සන්නිවේදනයේ සන්ධිස්ථානයක් බවට ත් විය. විශේෂයෙන් ඉංග‍්‍රීසි පාලනයට එරෙහි ව සිංහල බෞද්ධ ප‍්‍රජාව ජාතිකත්ව ව්‍යාපාර ඇරඹීම උදෙසා මුද්‍රිත සන්නිවේදනය භාවිත කිරීම කැපී පෙනේ්. මෙකල සාහිත්‍යය හා ආගමික වාද  විවාද ඇති විය. දේශීය උගත්හු බිහි වූහ.'


 ශ‍්‍රීලංකාවේ බෞද්ධ පුවත්පත් ආරම්භ කිරමෙහිලා ප‍්‍රමුඛත්වය ගනු ලැබුවේ හික්කඩුවේ ශ‍්‍රී සුමංගල නාහිමියන් වහන්සේය.  ක‍්‍රිස්තියානි ධර්මය ප‍්‍රචාරය කිරීමේ අරමුණින් නිකුත් වූ විවිධ මාදිලියේ ප‍්‍රකාශනයන්ට ප‍්‍රතිඋත්තර ලබාදීමට ක‍්‍රමයක් බෞද්ධයින්ට නොතිබිණි. හික්කඩුවේ ශ‍්‍රී සුමංගල හිමියන්ගේ නායකත්වය යටතේ බෞද්ධ නායකයින් කිහිපදෙනෙක් ම එක්කරගෙන දී ගාල්ලේ ලංකෝංකාරය මුද්‍රණාලය ඇරඹීය එයට බුලත්ගම ධම්මාලංකාර මහහිමියන්ගේ  දායකත්වය ද ලැබිණි. එමෙන් ම එයට සියම් රජුගේ ආධාරය ද ලැබී ඇත. ඉංග්‍රීසි පාලන සමයේදීය. යන්ත‍්‍රයක්‌ ගෙන්වා ගත්තද මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය අකුරු බ්ලොක්‌ කඩදාසි ආදිය ලබා ගැනීමට අවශ්‍ය අනෙකුත් වියදම් කිසිවක්‌ නොවීය. සිංහල ජනතාවගේ හ`ඩ අවධි කරන්නට වූයේ ලංකාලෝපකාරය මුද්‍රණාලය ඇරඹීමෙන් පසුවය. ඒ හික්කඩුවේ ශ‍්‍රී සුමංගල හිමියන්ගේ අනු දැනුම යටතේ පළමු සිංහල පුවත්පත ලෙස සලකනු ලබන ලංකාලෝකය පත‍්‍රය ප‍්‍රකාශනයට පත් කෙරිණි. ඒ 1860 ජූනි මාසයේ දීය. එහි ප‍්‍රධාන කර්තෘ විලියම් පෙරේරා රණසිංහගේ සංස්කරණයෙන් ද තවත් ප‍්‍රභූන් දෙදෙනෙක් සහ බුලත්ගම ධම්මාලංකාර හිමියන්ගේ අනුදැනුම යටතේ ය. එය මාස කිහිපයක් නිකුත් වූ අතර නැවත අවුරුදු 26 ට පසු ගාල්ල ලංකාලෝපකාර මුද්‍රණාලයෙයන්ම 1886 ප‍්‍රකාශනයට පත් කරන්නට වූයේ ය.



මෙය බලවත් ආර්ථික දුෂ්කරතාවක්‌ විය. මෙම තත්ත්වය සියම් දේශාධිපති (වත්මන් තායිලන්තය) චූලාලංකාර රජුට දන්වා යෑවීමට බුලත්ගම මාහිමියන් කටයුතු කළේ අන් සරණක්‌ නොමැති වීමය. මෙම ඉල්ලීම සලකා බැලූ චූලාලංකාර රජු පවුම් 212 ක ආධාර මුදලක්‌ එවන්නට යෙදුණි. 




එම මුදලින් අවශ්‍ය උපකරණ ලබාගෙන 1960 ජුනි මස 10 දා ලංකාවේ පළමු සිංහල භාෂා පුවත්පත ගාල්ලෙන් එළිදැක්‌වුණි. එය ”‍ලංකාලෝකය”‍ නම් පුවත්පතයි. මෙම පුවත්පතේ කර්තෘවරයා වූයේ නීතිඥ විලියම් පෙරේරා රණසිංහ නීතිඥ මහතාණන්ය. ප‍්‍රකාශකයා ලෙස කටයුතු කළේ ඞී. ඩබ්ලිව්. කේ. ජයවර්ධන මුදලිතුමන්ය. මුද්‍රණාලය වූයේ ගාල්ලේ ලංකෝපකාරයයි. පත‍්‍රයේ මිල පැන්ස 6 ක්‌ වූ අතර සෑම මසකම 10 දිනයේ සහ 24 වැනිදා මෙම ලංකාලෝකය පුවත්පත නිකුත් කිරීමට නියමිත විය.

     ලංකාලෝකයට අමතර වෙනත් පොත පත සහ දහම් පත‍්‍රිකා මුද්‍රණය වූ මෙම මුද්‍රණ යන්ත‍්‍රය ලංකාලෝකය නැවතී ගියද රටේ මුද්‍රණාලෝකය ඇති කිරීමට යෙදවුණි. ලංකාලෝක මුද්‍රණ යන්ත‍්‍රය ලෙස හැඳින්වුවද, මෙහි නම වූයේ ලංකෝපාකාර මුද්‍රණාලය යන්නයි.

ලංකාලෝකයට පසුව ඊළගට පළ වු සිංහල පුවත්පතලක්රිවි කිරණ” වේ එය ක‍්‍රිස්තියානීන් පාලනය කරනු ලැබුවකි.ලක්මිණි පහන” කොග්ගල ධම්මතිලක පඩිතුමන් අරඹන ලදී .එයට සුමංගල හිමියන් ද දායකත්වය සැපයිය.වලානේ සිද්ධාර්ථ හිමිගාල්ලේ ගුණතිලකඅතපත්තු මුදලිතුමා,  හෙන්ඩි‍්‍ර පෙරේරාබටුවන්තුඩාවේ දේවරක්ක්‍ෂිත පඩිතුමා ඇතුඵ තවත් කිහිප දෙනෙකුගේම සහයෙන් ලක්මිණි පහන පත‍්‍රය 1862 සැප්තැම්බර් 11 වන දින කොළඹ වෙන්ද්‍රාල් විදියේ අංක 77 දරණ ස්ථානයේදී ආරම්භ කරනු ලබයි. රජයේ ලියාපදිංචි කරනු ලැබූ ප‍්‍රථම සිංහල පුවත්පත ලක්මිණි පහන” පත‍්‍රය වේ. එය වරින් වර නවතින නමුත් ධර්මරත්න ප`ඩිතුමා විසින් 1883 සිට 1925 දක්වා එය පවත්වාගෙන ආවේය. බෞද්ධ දර්ශනය පිළිබ`ද සාකච්ඡුාවිවාද රැගත් ලිපිදෙස් විදෙස් තොරතුරු එහි පල කරන්නට විය. බුද්ධ පූජා වාදයශුද්ධෝත්තම වාදයථීනමිද්ධ වාදයවංශ වාදයදේව පූජා වාදයග‍්‍රහණ වාදය ආදී ලිපි ඇසුරෙන් සංවාදයක් සමාජය  තුළ ඇති කළේය. පරම විඥානාර්ථ බෞද්ධ සමාගම 1882 දී සරසවි සදරැුස පත‍්‍රය ආරම්භ කරනු ලබයි. එයට මුලිකත්වය ගනු ලැබූවේ හික්කඩුවේ  ශ‍්‍රී සුමංගල හිමියන්ය. 

කසුනි විජේසිංහ 
ජනමාධ්‍ය අධ්‍යනාංශය 
කොළඹ විශ්වවිද්‍යාලය 
ශ්‍රී පාලි මණ්ඩපය 

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි මාධ්‍යයේ ආරම්භය

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි මාධ්‍යයේ ආරම්භය
බ්‍රිතානයේ ගුවන් විදුලි සේවාවක් ආරම්භ කරන ලද්දේ 1920 වසරේදී ය. ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි විකාශනයක් ආරම්භ වන්නේ වසරේදීය. එයට මුලිඛත්වය ගනු ලැබුවේ එඩිවඩ් හාපර් මහතාය. බ්‍රිතානය යටත් විජිත අතර මුලින්ම ගුවන් විදුලි සේවාවක් ආරම්භ කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ යැයි කියනු ලැබේ. ශ්‍රී ලංකාවේ ගුවන් විදුලිය ආරම්භව ඇත්තේ 1924 ජුනි මස 27 වන දිනයි. ශ්‍රීමත් විලියම් මැනිං ආණ්ඩුකාරතුමා ලංකා ඉන්ජනේරැ කාර්යාලයට නිකුත් කරන ලද පණිවිඩයක් මුල්වරට විදුරැවා හරින ලදි. ඒ මධ්‍යම විදුලි සන්දේශ කාර්යාලයේ සවිකරන ලද ට්‍රාන්ස්මීටරයක් මගිනි. එය 1925 ජුනි 16 දින වැඩිදියුනු කොට භාවිතා කරන්නට විය. එහි තරංගමාලා මීටර් 800 ක් දුරට විකාශය කරන ලදී. කෙමෙන් ගුවන් විදුලිය භාවිතයට ජනතාව යොමු වු අතර 1930 දෙසැම්බර් වන විට ගුවන් විදුලි බිල්පත් සංඛ්‍යාව 1408ක් පමණ විය. 1949 ඔක්තෝම්බර් 15 දා ලංකාවේ ගුවන් විදුලි සේවාව රේඩියෝ සිලෝන් යනුවෙන් වෙනම දෙපාර්තුමේනතුවක් බවට පත් කරන ලදී. ඉන් අනතුරැව ශ්‍රී ලංකා ගුවන් විදුලියේ වැදගත්ම සිදුවීම නම් එය දෙවන ලෝක යුධ සමයේ බ්‍රිතාන්‍ය සෙබළුන් භාවිතා කරන ලද ගොඩනැගිල්ලක් වෙත ගෙනයාමයි. ඒ අනුව ටොරින්ටන් චතුරඝ්‍ර භූමියේ පුර්ණ ශබ්ද පාලන පහසුකම් සහිතව මැදිරි 10කින් යුත් නව මැදිරි සංකීර්ණයක විකාශන කටයුතු ආරම්භ කළේය. 1967 ජනවාරි මස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව නමින් ස්ථාපිත විය. 1977 මැයි 22 සින එය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව නමින් යලී නම් කරන ලදී.  
1979 අප්‍රේල් 12 දින ප්‍රථම ප්‍රදේශිය සේවාව ලෙස රජරට සේවය ආරම්භ විය. 1980 පෙබරවාරි 05 වන දින රැහුණු සේවාව ද 1981 මාර්තු 12 දින මහවැලි ප්‍රජා ගුවන් විදුලිය ද 1983 අප්‍රේල් 13 දින මහනුවර සේවයද ආරම්භ කරන්නට විය. 1977 න් පසුව මෙරටට විවෘත ආර්ථික ප්‍රතිපකත්ති හදුන්වාදීමෙන් අනතුරැව පෙ!ද්ගලික FM නාලිකා ආරම්භ විය.  ප්‍රථම පෙ!ද්ගලික FM නාලිකාව ලෙස සිරස FM විකාශන කටයුතු ආරම්භ කළේය. ඊට පෙර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව City FM නාලිකාව ආරම්භ කර තිබුණි.     

කසුනි විජේසිංහ 
⁣ජනමාධ්‍ය අධ්‍යනාංශය 
කොළඹ විශ්වවිද්‍යාලය 
ශ්‍රී පාලි මණ්ඩපය 

ශ්‍රී ලංකාවේ රූපවාහිනී මාධ්‍යයේ ආරම්භය

ශ්‍රී ලංකාවේ රූපවාහිනී මාධ්‍යයේ  ආරම්භය

                                                                         1979 අප්‍රේල් 14 දින මෙරට රූපවාහිනී විකාශන කටයුතු ආරම්භ විය. රූපවාහිනී මෙරටට ගෙන්වීමට මුලිකත්වය ගනු ලැබුවේ ශාන් වික්‍රමසිංහ, අනිල් විජේවර්ධන හා බොබ් ක්‍රිස්ට් යන තිදෙනාගේ මුලිඛත්වයෙනි. මෙය ස්වාධීන රූපවාහිනී සේවය යනුවෙන් නම් කරන ලද අතර විකාශන කටයුතු ආරම්භයේදී කොළඹ හා තදාසන්න නගර ආශිතව සිදු කරන ලදී. පන්නිපිටියේ මහල්වරාවේ පිහිටි විකාශන මධ්‍යස්ථානයක් මගින් ඇරඹුණු මෙම මාධය ආයතනය දින 53ක් ගෙවීයන විට රජයට පවරා ගන්නා ලදී. මුල් කාලයේ එහි විදේශ වැඩසටහන් විකාශය කිරීමට සැළසුම් කර තිබුණ ද රජයට පවරා ගැනීමෙන් පසු රජයේ චිත්‍රපට ආයතනයේ හා ගුවන්විදුලියේ මාධ්‍ය වේදීන් සහභාගී කරගෙන දේශිය වැඩසටහන් කිරීම ආරම්භ විය. 1984 ජුනි 04 දිනෙන් පසුව ස්වාධීන රැපවාහිනිය ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය විය.

ජාතික රූපවාහිනිය අපට ලැබෙනනනේ ජපානයේ පරිත්‍යාගය්ක් හැටියටයි. 1982 පෙබරවාරි 12 දින මංගල විකාශය ඇරඹු රූපවාහිනියේ මුල් බලධාරියා වුයේ ඇම්.ජේ. පෙරේරා මහතාය. ජාතික රූපවාහිනිය ආරම්භ කිරීමට පෙර මෙරට ශිල්පීන්ට ජපානයේදී විශේෂ පුහුණුවක් ලබාදෙන ලදී. එම ශිල්පීන් මෙරටට පැමිණ කලාත්මතව හා තාක්ෂණික වශයෙන් මෙරට මාධ්‍ය කර්මාන්තය ගොඩනැගීමට මුලිකත්වය ගනු ලැබීය.

Saturday, 23 January 2021

ගුවන්විදුලි ඉත්හාසය

ගුවන් විදුලි ඉතිහාසය 

              ඉතාලි ජාතික ගුග්ලි ගුග්ලි එල්මෝ මාර්කෝනි විසින් 1897 දී ගුවන් විදුලි සංඥා සමාගම එංගලන්තයේ ආරම්භ කරන ලදී 1906 වන විට සැතපුම් සියයක් දුරට ගුවන්විදුලි පණිවිඩ යැවිය හැකි විය. විධිමත් ගුවන් ගුවන්විදුලි වැඩසටහ විදුලි වැඩසටහනක් මුල්වරට ඉදිරිපත් කර ඇත්තේ 1920 දී රුසියාවේ පීටර්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ ය. 
                     1923  අවසන් වන විට ඇමරිකාවේ හයසියයකට අධික ගුවන්විදුලි සේවා පැවතිණි මහා විධානය තුල මෙන්ම ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට ඉතුරු ගුවන්විදුලි සේවයක් ඇරඹෙනුයේ 1922 දී ය එහි සියලුම උපකරණ වල අයිතිය මාකෝනි සමාගම සතු විය 1930 දශකයේ බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සංස්ථාවේ ස්වර්ණමය යුගය ලෙස සමාජ විද්‍යාඥයෝ අවධාරණය කරති. මේ පසුබිම වැදගත් වන්නේ ශ්‍රී ලංකාවේ ද ගුවන් විදුලිය ආරම්භ වූයේ එකම කාලයකදී බව තේරුම් ගැනීම සඳහාය.  
                      1922 දී ලංකා ආධුනික ගුවන්විදුලි  සමාජය නම් වූ මහජන සංවිධානයක් විසින් ගුවන් විදුලිය පිළිබඳ අත්හදා බැලීම් ආරම්භ කර ඇත. පළමු වරට ගුවන් විදුලි ප්‍රචාරයක් අත්හදා බලන ලද්දේ රජයේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව විසිනි . ඒ සඳහා යොදා ගන්නා ලද්දේ  ජර්මන් සබ්මැරීනයකින්  ගලවා ගන්නා ගුවන් විදුලි සංදේශ උපකරණ තොගයකි. 

                      ඒ අනුව ප්‍රධාන විදුලි සංදේශ යෙදී ඉංජිනේරු විහාර මහතාගේ මෙහෙයවීමෙන් 1924 ජූනි පළවෙනි දින කරලා ද ගුවන් විදුලි ප්‍රචාරය ප්‍රථම නිල ගුවන් ගුවන් විදුලි ප්‍රචාරය ලෙස සැලකේ එය අනුව මුල් කාලයේදීම ගුවන්විදුලි මාධ්‍ය රාජ්‍යයට හමි  වූ බව පෙනේ 1925 දෙසැම්බර් 10 වැනි දින ලංකාවේ ගුවන් විදුලි රාජ්‍ය ආයතනයක් වශයෙන් විවෘත කරනු ලැබීය මේ ආසියාවේ ප්‍රථම ගුවන් ගුවන්විදුලි සේවයයි.

කසුනි නිමල්කා විජේසිංහ 
ජනමාධ්‍ය අඅධ්‍යනාංශය 
කොළඹ විශ්වවිද්‍යාලය

ගවේෂණාත්මක වාර්තාකරණය

ගවේෂණාත්මක වාර්තාකරණය ගවේශනාත්මක වාර්තාකරණය යනු කිසියම් සිද්ධියක්, අවස්ථාවක් හෝ පුද්ගලයෙකු පිලිබඳ ගැඹුරින් සොයා බලා වාර්තා කිරීම...