Saturday, 23 January 2021

ජනමාධ්‍ය ආචාරධර්ම

ජනමාධ්‍ය ආචාරධර්ම 



සමාජයේ ගැටුම් ඇති කිරීම සහ ගැටුම් නිවාරණය සඳහා ද විද්‍යුත් මාද්‍ය හේතු වේ. වෘත්තීය භාවයකින් තොරව සිදු වන මාධ්‍ය නිෂ්පාදන පුද්ගලයාට, සමාජ සංවිධාන වලට සහ සමස්ත සමාජයට ප්‍රබල ගැටලූ නිර්මාණය කරයි. ඒ තුළින් සමාජ සංහිඳියාව වෙනුවට සමාජ වෛරය, පුද්ගල සහ සමාජ සංවිධානයන්හි ගරුත්වය (Reputation), සමාජ ආර්ථික බිඳ දැමීම් ද සිදු කරයි. යම් රටක හෝ සමාජයක සමාජ වගකීම් රහිත මාධ්‍ය පවතින විට ජනතාව රැක ගැනීමේ අරමුණින් රාජ්‍ය වගකීම් ද ඉදිරියට පැමිණෙන බැව් පෙනේ. ආචාර ධර්ම සහ නීතිය යනු ප්‍රධාන සමාජ සංකල්ප දෙකක් වුව ද, ඒ දෙක අතර ප්‍රබල වෙනසක්් ද දක්නට ලැබේ. නෛතික තත්ත්වයන් බිඳ දැමීමට ජනමාධ්‍යයට හැකියාවක් නොමැත.


මෙසේ ආචාරධර්ම කඩ කරයි.

x තම පෞද්ගලික හැඟීම් මුසු කිරීම.
x දැනගත යුතු තොරතුරු අත් හිටුවීම.
x තොරතුරු ප‍්‍රකෘති කිරීම.
x පෞද්ගලිකත්වය ආක්‍‍්‍රමණය කිරීම.
x පක්ෂග‍්‍රාහි වාර්තාකරණයේ යෙදීම.
x පණිවුඩ හැසිරවීම හා සාවද්‍ය ලෙස ඉදිරිපත් කිරීම.
x තොරතුරු විකෘතිකරණය
x භාවාතිශය වීම.

පුවත්පත් කලාවේ ආචාර ධර්ම සහ ප්‍රමිතීන්

පොදු මූලික කරුණු

පුවත්පත් කලාවේ ප්‍රමිතීන් සහ ආචාර ධර්මවලට අදාල බොහෝ රෙගුලාසිවලට පොදු මූලික තේමාවන්.

විෂය මූලික කරුණු

· ප්‍රවෘත්ති සහ තම තමන්ගේ මත අතර තිබිය යුතු පැහැදිලි වෙනස - කර්තෘ මණ්ඩල අදහස් සහ මත පැහැදිලිවම ප්‍රවෘත්ති සමග වෙනස් වේ. ප්‍රවෘත්ති වාර්තාකරුවන් සහ කර්තෘ මණ්ඩල යනු දෙපාර්ශවයකි. · ප්‍රවෘත්ති සහ දැන්වීම් අතර වෙනස - සියලු දැන්වීම් පැහැදිලි දැන්වීමක් පරිදි හඳුනාගත හැකි විය යුතුය. · වාර්තාකරුවා ලාභ ප්‍රයෝජන පිළිබඳ ගැටලු මග හැරී - දෙන ලද මාතෘකාවක් යටතේ කථාවක් ලිවීමට ධෛර්යමත් වීම - මෙයට අල්ලස් නොගැනීම ද ඇතුළත් වේ. වාර්තාකරුවො‍් පෞද්ගලික, ආර්ථික හෝ දේශපාලන වුවමනා එපාකම් මත වාර්තා නොකිරීම (බලන්න Envelope Journalism) · විවාදයට බඳුන් වන මතවාද පිළිබඳව මධ්‍යස්ථ විය යුතු අතර සාධාරණව විස්තර කළ යුතුය. · කෙනෙකුට එරෙහිව කිසියම් ප්‍රවෘත්තියක් පළ කිරීමට අදහස් කරන විට එය ප්‍රසිද්ධ කිරීමට පළමු එයට ප්‍රතිචාර දැක්වීම සඳහා ප්‍රවෘත්තියට අදාල තැනැත්තාට අවස්ථාව දීම. · වාරණය ඇතුළු වෙනත් හේතූන් නිසා වාර්තාකරණයට බාධා ඇති වීම්, විරුද්ධ වීම්, මැදිහත් වීම් හෙළි විය යුතුය.

මූලාශ්‍ර (තොරතුරු ලැබෙන මාර්ග)

· නිර්ණාමිකව ලැබෙන තොරතුරුවල රහස්‍ය භාවය. · හැකිතරම් දුරට නිර්ණාමිකව ලැබෙන තොරතුරුවලින් ඈත් වී සිටීම. · වෙනත් ප්‍රවෘත්ති මාධ්‍යයන් මගින් හෝ පුද්ගලය මගින් ලැබෙන ප්‍රකාශවල නිර්වද්‍යතාවය. · නොමග යවන ආකාරයෙන් පින්තූර, ශබ්ද සහ කියමන් ඉදිරිපත් නොකිරීම. · අනුන්ගේ රචනා, කෘති සොරකම් කිරීම ගර්හාවට කරුණක් වන අතර බොහෝ අවස්ථාවල නීති විරෝධි වේ. (බලන්න Copy right - කර්තෘ අයිතිය)

නිවැරදි භාවය සහ සත්‍ය වාර්තාකරණය සඳහා ප්‍රමිතීන්

· කථාවක් පිළියෙල කිරීමට වෙන් කළ කාලයක් සහ තිබෙන ඉඩකඩ ප්‍රමාණය දුන් විට සහ තොරතුරු සොයා යාමේදී වාර්තාකරුවන් හැකි සෑම විටම හැකි තාක් දුරට නිවැරදිව කටයුතු කිරීම බලාපොරොත්තු වේ. · කිසියම් සිද්ධියක් පිළිබඳව තනි පුදගලයෙකු ඇසින් දුටු සාක්ෂියක් වාර්තා විය යුත්තේ එම තැනැත්තාටම ආරෝපණය කිරීමෙනි. සාක්ෂිකරුවන් දෙදෙනෙකු හා ඊට වැඩි නම් තොරතුරු තිබෙන ආකාරයෙන් වන අතර විවාදයට තුඩු දෙන කරුණු ඒ හැටියටම වාර්තා කළ යුතුය. · ප්‍රකාශකයාගේ තවත් සේවකයෙකු විසින් ස්වාධීන කරුණු පරීක්ෂා කර බැලීම සුදුසු වේ. · වැරැද්දක් එළි වූ විට එහි නිවැරදි කිරීම්ද ප්‍රසිද්ධ කළ යුතුය. · නඩුවල වගඋත්තරකරුවන් හැඳින්වීමේදී දඬුවම් ලබන තෙක් ඔවුන් හැඳින්විය යුත්තේ ‘වරද කළා යැයි කියන’ යෙදුම භාවිතා කරමිනි.

අපවාද සහ අපහාස සළකා බැලීම

· ඇත්ත ප්‍රකාශ කිරීම කිසි දිනෙක අපහාසයක් නොවෙනවා මෙන්ම එය ඉතා වැදගත්ය. · අප්‍රසිද්ධ පුද්ගලයින්ට රහසිගත ජීවිතයට අයිතියක් තිබෙන අතර ඔවුන් ගැන ප්‍රවෘත්ති ලිවීමේදී එය මහජන වුවමනා එපාකම්වලට එරෙහිව සමබර විය යුතුය. · ප්‍රසිද්ධ පුද්ගලයන්ට රහසිගත ජීවිතයක් ගත කිරීමේදී සීමාවන් තිබේ. · ප්‍රකාශකයෝ ඔවුන්ගේ වාර්තාකරුවන්ට එරෙහිව අපහාස නඩු කටයුතුවලදී ඔවුන් ආරක්ෂා කිරීමට ඉතා උනන්දුවෙන් කටයුතු කරති.

හානි සීමා කිරීමේ මූලධර්ම

වාර්තාකරුවෙකු තමන්ගේ කිසියම් කාර්යක් කර ගෙන යාමේදී, සාධක එකතු කිරීම, සම්මුඛ සාකච්ඡා හැසිරවීම පර්යේෂණ කිරීම, පසුබිම පරික්ෂා කිරීම, ඡායා රූප ගැනීම, වීඩියෝ සහ ශබ්ද පටිගත කිරීම ආදිය කිරීමට සමහර විට සිදු වේ. ඔහුට දැන ගැනීමට ලැබෙන සියලු දේ වාර්තා කළ යුතුද. එසේ නම් මෙය කෙරෙන්නේ කෙසේද, අනර්ථ, සීමා කිරීමේ මූලධර්ම යනු ප්‍රායෝගික සහ ආචාර ධර්ම පිළිබඳ උභතෝකෝටික ප්‍රශ්නයක් නිර්මාණය කරමින් සම්පූර්ණ හෙළිදරව්වේ අශුබවාදී ප්‍රථිඵලවලට කිසියම් බරක් යෙදීමයි. වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ ආචාර ධර්ම සංග්‍රහයේ පහත සඳහන් උපදෙස් ඉදිරිපත් කර ඇත. මේවා බොහෝ වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ ප්‍රායෝගික පරමාදර්ශයන්හි නියෝජනයයි. මේවා කෙලින්ම සඳහන් කරන්නේ,

· පුවත් ආවරණයෙන් පීඩාවට පත් විය හැකි අය සම්බන්ධයෙන් කරුණාව දැක්වීම ළමයින් සහ අත්දැකීම් නැති ප්‍රභවයන් සහ විෂයන් ගැන කටයුතු කිරීමේදී විශේෂ සංවේදී කමක් දැක්වීම · ව්‍යසනයකට හෝ විපතකට කරදරයකට භාජනය වූ තැනැත්තන් ඡායාරූප ගත කිරීමේදී හෝ සම්මුඛ සාකච්ඡා පැවැත්වීමේදී සංවේදී වීම. · තොරතුරු එකතු කිරීම හා වාර්තා කිරීම ඇතැම් විට අනර්ථකර හෝ අපහසුතාවයට පත් කිරීමක් විය හැක. ප්‍රවෘත්ති ලුහුබැඳයාම ආඩම්බරයට බලපත්‍රයක් නොවේ. · බලය, ආධිපත්‍ය සහ අවධානය බලාපොරොත්තු වන රජයේ සේවකයින් සහ අනෙකුත් අයට වඩා සාමාන්‍ය ජනතාවට ඔවුන්ගේම තොරතුරු පාලනයට විශාල අයිතියක් තිබෙන බව පිළිගැනීම කිසිවෙකුගේ පෞද්ගලිකත්වයට එබී බැලීම සාධාරණීකරණය කළ හැක්කේ විශාල මහජන අවශ්‍යතාවයකට පමණි. · හොඳ රසයක් ඇත්තෙකු බව පෙන්වීම - නපුරු ගුප්ත දේවල් පිළිබඳ උවමනාවට වඩා සෙවීමෙන් වැළකීම. · ලිංගික අපරාධවලට ගොදුරු වන බාල වයස්කාර වින්දිතයන් සහ සැකකරුවන් සම්බන්ධයෙන් විපරම් වීම. · අපරාධයක සැකකරුවෙකුගේ සාධාරණ නඩු විභාගයක් සහ මහජනතාවට දැනගැනීමට තිබෙන අයිතිය සමබර කිරීම.

ඉදිරිපත් කිරීම

ආචාරධර්ම ප්‍රමිතීන්, ඉදිරිපත් කිරීමේ ගුණාංගවල පොදු ප්‍රමිතීන් සමග පටලවා ගත යුතු නැත.

· නිවැරදිව කථා කිරීමේ හා ලිවීමේ භාෂාව (බොහෝ විට පෘථුලව කථා කරන ඉංග්‍රිසි වැනි විධිමත් භාෂාවක්) · පැහැදිලි බව · සංරක්ෂිත භාවය (නැතහොත් ප්‍රකාශකගේ ඉඩකඩ මත රැඳෙන ගැඹුර.

ප්‍රමිතිය හෝ තත්වය රැක ගැනීමට නොහැකි වීම

මෙවැනි මෙහෙයමු සංකේතයකට, දෘශ්‍යමාන ලෝකයේ දී ස්ථිරවම තත්වය රැක ගැනීමට අපහසු වේ. පුවත් පත් කලාවේදියා සාධාරණ වීම හෝ විරුද්ධ වීම පක්ෂයකට බර වූ ගිණුමක් සෑදීමට හේතු විය හැකි යැයි විශ්වාස කළ හැක. තෝරාගත් දේ වාර්තාකරණයේ දී පුවත වඩාත්ම සත්‍ය යැයි විශ්වාස කිරීම හෝ ක්‍රියාවට පාක්ෂික හේතු දැක්වීමක් දීම මඟින් එසේ සිදු‍වේ. සාමාන්‍ය රටාවේ වාර්තාකරණයේ දී පවා වාර්තාකරුගේ වාර්තාව සාරාංශගත කිරීමේ සාධක තේරීම මත පක්ෂපාතීත්වය කථාව තුළට ඇතුල් වීමට හැකි වීම හෝ අසාර්ථකත්වය හරහා ඇති පමණ ප්‍රභවයන්ගෙන් පරීක්ෂා කිරීමට, විරුද්ධ මතධාරීන්ගේ හඬ අසා වාර්තා කිරීමට නව, යථා ලෙසට මේ දෙය දකින්නන්ගේ අදහස් බලා ගැනීම ද වේ.

‍බොහෝ වාර්තාකරුවන් ඔවුන්ගේ පූර්ව මත හැකි තරම් වෙන්ව තබන්නට උත්සාහ කළත් ඔවුන් ඉතා සුළුව මේ ‍පිළිබඳව දැනුවත් නොවේ. වැඩිහිටි වාර්තාකරුවන්ට දයාවෙන් නිකුත් කිරීමට තරුණ වාර්තාකරුවන් අන්ධ විය හැකිය. පලපුරුදු 20 වියැති වාර්තාකරුවා දෙපාර්තමේන්තුව පවා දූෂණය විය හැකි කටකතාවලට බිහිරි විය හැක. ප්‍රකාශන සමෘද්ධිමත් උප නඟර වැසියන්ට අලෙවි කළ විට ඒවා නාගරික වැසියෝ ගණනකට නොගනී. ඇත්තෙන්ම අහිංසක, කපටි නැති නමුත් අපරික්ෂාකාරී වාර්තාකරුවෝ මෙන්ම කතුවරු පොදු මහජනතා සම්බන්ධතාවයන්, ප්‍රචාරක වැඩසටහන් හා නොමඟ යවන වැරදි තොරතුරු මඟින් ගොදුරු කර ගැනීමට මාන බලයි.

ප්‍රවෘත්ති ඒජන්තවරු කතුවරු, නිෂ්පාදකවරු හෝ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරු මඟින් වාර්තාකරුවන් නොයෙකුත් මට්ටම්වලදී අවස්ථාවලදී පරීක්ෂාවට ලක් කරයි. නමුත් කතුවරු බොහෝ විට වෙහෙසට ලක් වී, කම්මැලි වී, කිසි දෙයක් ගණනට නොගෙන හෝ පක්ෂපාතී විය හැක. එසේම කතුවරයා ජනප්‍රිය වාර්තාකරුවකුගේ වාර්තාවලට අඩු කරමින්, අගතිගාමී පූර්ව මත ඇති කරමින් හා අතින් ගොතා එකතු කරමින් කරන දේ නොදැක්කා සේ හිඳී. (ජේසන් බ්ලෙයාර් බලන්න) ප්‍රාදේශීය කතුවරු ද නිවැරදිව කිරා බලා ගැනීමට තරම් උත්සුක නොවේ. (දුර බැහැර නඟරයක හෝ පිටරටක සිට වාර්තා කරන ලියුම් සම්බන්ධව - නිව්ස් මැනේජ්මන්ට්)

ප්‍රවෘත්ති සංවිධානයක අයවැය මඟින් තීරණ ගැනීම ගැන අනිවාර්යයෙන්ම දැන ගත හැක. එනම් ආවරණය කළ යුතු ප්‍රවෘත්ති මොනවාද, කුමන පාඨකයන් සඳහා ද සහ ඒ කොපමණ ගැඹුරකට ද යන්නයි. මේ තීරණ මඟින් දැන හෝ නොදැන කරන පක්ෂපාතීත්වය පරාවර්තනය කරයි. අයවැය කැපූ විට කතුවරු ඈත ප්‍රවෘත්ති කාර්යාංශවල වාර්තාකරුවන්ට පරිත්‍යාග කිරීම, අඩු ආදායම් ප්‍රදේශවල සේවය කිරීමට බැඳී සිටින කාර්යය මණ්ඩලය අඩු කිරීම හෝ ප්‍රකාශනවල කැමැත්ත දිනා ඇති ප්‍රදේශවල ජන කොට්ඨාශ මුළුමනින්ම අකා මකා දැමීම සිදු කරයි.

ප්‍රකා‍ශකයෝ, හිමිකරුවෝ සහ අනෙකුත් ඒකාබද්ධ විධායකයෝ විශේෂයෙන්ම වෙළඳ දැන්වීම් අලෙවි විධාකයෙන් ඔවුන්ගේ බලය භාවිතා කර පුවත්පත් වාර්තාකරුවන්ට පුවත් වාර්තාකරණය සහ ප්‍රකාශ කිරීම පිළිබඳව බලපෑම් කළ හැක. පුවත් වාර්තාකරුවන් බොහෝ විට ඉහල කළමණාකාරීත්වය මත විශ්වාස තබා ප්‍රවෘත්ති සංවිධානයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ අනෙකුත් දෙපාර්තමේන්තු අතර බැම්මක් මවා එය පවත්වාගෙන යෑමට උත්සාහ ගන්නේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට නොමනා බලපෑම් ඇතිවීම් වැළැක්වීමට වේ. එක්තරා සඟරාවක් (කොළොම්බියා ජ’නලිසම් රිවීව්) මෙය ප්‍රායෝගිකව පුවත් වාර්තාකරණයේ දී බලපෑම් ඇති කිරීමට උත්සාහ කිරීමෙන් විධායකයෝ ‍ඔවුන්ගේ බලය අනිසි ලෙස භාවිතා කර ඇති නමුත් සඟරා‍කරුවෝ එම පීඩනයට ප්‍රතිරෝධය දැක්වීය.

ස්වයංවාරණය පුවත්පත් කලාවේ නැඟී එන වර්ධනය වන ගැටළුවකි. එය විශේෂයෙන්ම ප්‍රවෘත්ති නිදහස සීමා කරන ලද රටවල්වල පුවත් ආවරණයේ දී තදින්ම දැනේ. මාධ්‍යය වෙළඳාම වර්ධනයේ දී වාණිජමය පීඩනයක් ලෙස ද, මාධ්‍යය සංවිධාන බොහෝ විට ඉහල ආකර්ශනීය රටවලට ළඟා වීමේ මාර්ගය ව්‍යාජ පුවත් සපයා නැති කර ගැනීමට අකමැතිය. උදා - CNN සමාගම වාරණයක් ප්‍රායෝගිකව භාවිතා කළ අවස්ථාවක් වන්නේ අනෙකුත් මාධ්‍යයන් සදාම් හුසේන් ඉරාක රජයෙන් ඉවත් කර බව පවසද්දී ඔවුන් පැවසුවේ සදාම් හුසේන් රාජ්‍යය කරනා බවටයි. CNN ලියුම්කරු වන ක්‍රිස්ටීන් අමාන්පෝ ද පැමිණිලි කර සිටියේය.

පුවත්පත් කලාව - ආචාර ධර්ම හා සම්මත ස්වයං - යාමනය

ආචාර ධර්ම සංග්‍රහයන්ට අමතරව බොහෝ ප්‍රවෘත්ති ආයතන තමන්ගේ ආයතන තුළ ඔම්බුඩ්ස්මන් කෙනෙකු නොහොත් මහජන පැමිණිලිවලට ඇහුම්කන් දෙන නිලධාරියෙකු සේවයේ යොදවා සිටිති. ඔහුට අයත් කාර්ය භාරයෙන් කොටසක් නම් ප්‍රවෘත්ති ආයතනයේ ගෞරවය ආරක්ෂා කිරීම සහ මහජනයාට වගකීමය. මෙම නිලධාරියා අභ්‍යන්තර හා බටහිර බලපෑම් වළක්වමින් අර්බුද විසඳීම සඳහා මැදිහත් විය යුතුවා සේම වාර්තා වන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ජනතාවට වගකිව යුතු යයි ද අපේක්ෂා කෙරේ. එසේම ස්වයං විවේචනයන් වැඩි දියුණු කර ගැනීම සහ සංග්‍රහ කරන ලද හෝ නොකරන ලද ආචාර ධර්මවලට ඇල්ම දැක්වීම ධෛර්මත් වීමද අපේක්ෂා කෙරේ. මහජන කර්තෘවරු කියවන්නන් සමග සම්බන්ධව කටයුතු කරන සාමාන්‍ය ප්‍රවෘත්ති ඔම්බුඩ්ස්මන්ලාගේ සංවිධානයේ සාමාජිකයින් නොවන අය වුවත් මෙම තනතුර මහජන කර්තෘ යන තනතුරම හෝ එයට සමාන විය හැක.

මෙයට විකල්පයක් වන්නේ ප්‍රවෘත්ති කවුන්සිලයකි. එය එක්සත් රාජධානි‍යේ ප්‍රවෘත්ති සහ සඟරා විසින් ඇති කළ පුවත්පත් පැමිණිලි කොමිසම වැනි ස්වයං පාලිත ආයතනයකි. මෙවැනි ආයතන සාධාරණවූත් සුදුසුවූත් තත්වයන් ක්‍රියාත්මක කිරීමට සහ පැමිණිලි විශාල ප්‍රමාණයක් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ හැකියාව ඇත්තේය. එසේ පුවත් විවේචනවලට මුහුණ දීමෙන් ගැලවී යා නොහැක.


අන්තර්ජාලය හරහා උපුටා ගන්නා ලද්දකි 

https://si.m.wikipedia.org/wiki/Journalism

Wednesday, 18 November 2020

නිර්මාණාත්මක රචනය

නිර්මාණාත්මක රචනය 

නිර්මාණාත්මක රචනය යනු අද්විතීය චින්තන ශෛලියකි එසේම අර්ථ ගොඩනගන හෝ ප්‍රකාශ කරන ක්‍රමයකි. නිර්මාණාත්මක රචනයේ දී පුද්ගලදී පුද්ගල අදහස් දියුණු කිරීම සොයාගැනීම විශේෂයෙන්ම අපේක්ෂිත ය. එසේ ම නොයෙක් ආකාරයේ විවිධාකාරයෙන් ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න මෙහිදී විශේෂයෙන් සැලකිල්ලට ගැනේ. 
ඕනෑම නිර්මාණයක දී අදාළ රචකයා මුලින්ම අදාල නිර්මාණය සඳහා යෝග්‍ය  වස්තුවිෂය සොයා ගනී නම් ප්‍රේමය , විප්‍රයෝග දේශානුරාගය පරිසර වර්ණය භක්තිය ජීවන දෘෂ්ටිය ස්වභාව සෞන්දර්යය ආදිය කෙරේ අවධානය යොමු කෙරේ. පසුව තෝරාගන්නා වස්තු විෂය වස්තුවිෂය ස්වකීය ප්‍රතිභාව අනුව නිරවුල් වූ නිවැරදි භාෂා භාවිතය තුළින් තුළින් මනාව ඉදිරිපත් කරයි. ඉදිරිපත්කරයි මෙහිදී භාවපූර්ණ වචනය යොදා ගැනීම අදාල නිර්මාණය අලංකාරත්වය ට හේතුවේ.
එහෙනම් අපි සාකච්ඡා කරමු කවිය කියන්නේ මොකක්ද කියලා. 
"රසය ආත්මය කොටගත් වැකිය කවියයි" 
විශ්වනාථ පඬිවරයානම් භාරතීය පඬිවරයෙක්  මෙම වදන ප්‍රකාශ කොට ඇත. 

"රමණීය අර්ථ ප්‍රතිපාදනය කරන වචනය කවියයි" 
මෙම වදන ප්‍රකාශ කර ඇත්තේ ජගත් නාථ නම් භාරතීය පඬිවරයෙකි. 

සාහිත්‍යයේ කලා නිර්මාණ ක්ෂේත්‍රයේ දැඩි අවධානයකින් යුතුව හා බහුල වශයෙන් කතාබහට ලක්වන ඒකකය කවියයි. පුරාණයේ පටන්ම වැඩි අවධානයකින් යුතුව වූ මෙම කාව්‍ය නම් නිර්මාණාත්මක සන්නිවේදන මාධ්‍ය ශ්‍රව්‍ය මාධ්‍යයකින් ශබ්ද මාධ්‍යයන් මගින් ගායනා කෙරෙන විට ශ්‍රව්‍ය  මාධ්‍යයක් වුවත් ලිඛිත මාධ්‍යක් වශයෙන් ලේඛනගත වී මුද්‍රණයට පත් වූ විට මුද්‍රිත මාධ්‍යයක් වෙයි. සෙසු මාධ්‍ය අතරින් ගීතයට යම් ඥාතීත්වයක්  ඇත්තේ කවියට බව සැබෑවකි. ඊට හේතුව ගීතයක් නිර්මාණය වීම සඳහා හැමවිටම කාව්‍යාත්මක වචනයක් යොදා ගැනීමයි. (Poetry , verse) සහ ගීතය (lyrics) අතර පවත්නා වෙනස්කම් කීපයක් ද සරලව පිඬු කළ හැකිය. 

එසේ නම් එය කවිය සහ ගීතය අතර තිබෙන  අන්‍යෝන්‍ය ස්වාධීනත්වය කෙසේද යන්න විමසා බලමු.

ඒක පුද්ගල කලා මාධ්‍යයක් ලෙස මේ කවිය අර්ථකථනය කළ හැකි අතරම   භාව කේන්ද්‍රය හා බුද්ධි කේන්ද්‍රීය සඳහා වූ කලාවක් ලෙස අර්ථකථනය කළ හැකි ය.

කවිය හරහා අර්ථ ධ්වනිය ට ප්‍රමුඛත්වයක් හිමිවේ . එසේම භාෂා භාවිතයට සීමා මායිම් නොමැති කමක් කවිය තුළ දක්නට ලැබේ. 

තමන්ට සුදුසු ආකෘතියක් භාවිතා කිරීම කවියා සතුව ඇත . කවිය තුළ ධ්‍රැවපදය හෙවත් පුනපුනා ගයන කොටස අනිවාර්ය නැත.  එසේම දිගු බව හෝ කෙටි බව වශයෙන් ප්‍රමාණය පිළිබඳව සම්මතයක් කවිය තුළ දක්නට නොලැබේ. ඒ සඳහා සංකීර්ණ ගැඹුරු අනුභූතියෙන් වහල් කරගත හැක. 

ගීතය ප්‍රධාන වශයෙන් ම සාමූහික කලා මාධ්‍යකි. ශ්‍රවණේන්ද්‍රිය පළමුවද භාවේන්ද්‍රීය   හා බුද්දේන්ද්‍රීය දෙවනුව ද සලකා බලන කලා මාධ්‍යකි. එසේම ගීතය තුළ ශබ්ද ධ්වනියට මුල්තැන හිමිවේ.

භාෂාව භාවිතයට සපුරාම සීමාසහිතය ඔවුන්ට භාවිතය සඳහා අවසර ලැබී ඇත්තේ සුගේය හෙවත් මැනවින් ගැයිය හැකි බස්වහරක් පමණි. ආකෘතිය සංගීතඥයා සතු වෙයි. ධ්‍රැවපදය හෙවත් පුන පුනා (refrain ) ගැහෙන කොටස අනිවාර්යය වේ. 
නාට්‍ය කර්තෘවරුන්ට හැර ලේය කාව්‍ය රචකයාට ප්‍රමාණය ගැන සම්මතයක් ඇත. ගේය කාව්‍ය සරල අත්දැකීම් පාදක කොට ගනී. 

Wijesinghe WAKN 
Arts (sp) Mass Media 
University of Colombo 

Friday, 13 November 2020

තිරසාර සංවර්ධනය

තිරසාර (ධරණීය) සංවර්ධනය


තිරසාර (ධරණීය) සංවර්ධනය යනු මුලිකවම පරිසරයේ පවත්නා සම්පත් වලින් ප්‍රයෝජනය ගන්නා අතරම අනාගතය සඳහා ද ඒවා සුරැකීමයි.මේ අනුව ධරණීය සංවර්ධනය යන්නෙන් පවත්නා සම්පත් වර්තමානයේ ප්‍රයෝජන ගැනීම, එවා සංවර්ධනය කිරීම මෙන්ම,අනාගත පරපුරේ අවශ්‍යතාවයන් සඳහාද ඒ සම්පත් යම් ප්‍රමාණයකට ආරක්ෂා කිරීමත් අදහස් වේ.අනාගතය සඳහා සම්පත් සුරකීමේදි යම් ප්‍රමාණයකට හෝ වර්තමාන අවශ්‍යතා කැප කිරීමට සිදුවිය හැකිය.

ධරණීය සංවර්ධනය පිළිබද සංකල්පය සකස් වි ඇත්තේ චිරාත් කාලයක් තුළ එකිනෙකට ප්‍රතිවිරැද්ධ දෙසට ඇදි ගිය ධාරා දෙකක් එක් පොදු දිශාවකට යොමු වීම මගිනි.එවා නම් මානව කේන්ද්‍ර ගත භෞතික සංවර්ධනය පිළිබද චින්තන ධාරාව හා ජෛව කේන්ද්‍රගත වු පරිසරය සංරක්ෂණය පිළිබඳ චින්තන ධාරාවන්ය.පශ්චාත් යුධ සමයේදි ඌන සංවර්ධිත ලෝකය යනුවෙන් හැදින්වුණු වත්මන් තුන්වන ලොව රටවල් කාර්මිකරණය කිරිම පිළිබඳ ප්‍රශ්නය සංවර්ධනය යනුවෙන් හදුන්වන ලදි.එහිදි කැපි පෙනුන මුලික ලක්ෂණය නම් උණ සංවර්ධිත ලෝකය සංවර්ධනය කිරිම යනු සංවර්ධිත රටවල‍ටම ආවේනික කාර්මිකරණයේ අනුරුවක් බවට පත් විය යුතු බව විනා තෙවන රටවල පරිසර, සමාජ, ආර්ථික හා සංස්කෘතික තත්වයන්ට ගැලපෙන සංවර්ධනයක් විය යුතු බව අදහස් නොවීමයි. සංවර්ධිත රටවල් අනුගමනය කෙරුනු දේශපාලන මතවාද සංවර්ධනය වෙමින් පවතින රටවලට බලපෑවේ විවිධාකාර ලෙස වුවද සංවර්ධනය පිළිබඳ සමස්ත චින්තනයම හුදු ආර්ථික පාරාමිතින්ම පදනම් කර ගත් එකක් බව පොදුවේ දක්නට ලැබේ.අනෙක් අතට පාරිසරික චින්තනය ඇසුරින් මතුවී ආ ප්‍රධාන කරුණ වුයේ සංවර්ධිත රටවල කාර්මිකරණය‍‍ තුල ඇති වු විපත් පිළිබඳව කතා කිරීමයි.එබදු තත්වයක් සංවර්ධනය විරෝධි එකකි.මේ තත්වය යටතේ මෙම චින්තන ධරා දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ විය.සංරක්ෂණ වාදින් ගත් කළ සංවර්ධනය විරෝධින් වශයෙන් සංවර්ධනය පරිසරයේ සතුරෙකු ලෙසද සිතිමට තරම් අන්තගාමි තත්වයකට ඹවුන්ගේ එම චින්තනයන් සකස් වී තිබුණි.මෙම අන්තගාමි තත්වයන් දෙකෙහිම සාරය මුසු කොට ගත් විසදුමක් කරා යොමු විමට ධරණීය සංවර්ධනය නම් සංකල්පය බිහිවින.

WAKN Wijesinghe 

University of colombo 

Sri palee campus 

Sunday, 25 October 2020

මොකද්ද මේ සංගීත චිකිත්සාව කියන්නේ

මොකද්ද මේ සංගීත චිකිත්සාව කියන්නේ

1991 වසරෙදි බෘෘෂියා විසින් එය හඳුන්වා දී ඇත්තේ “චිකිත්සකයා සංගීතය හා එහි සියලු අංගයන් භාවිත කරමින් රෝගීන්ට ඔවුන්ගේ සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට , ප්‍රතිෂ්ඨාපනය කිරීමට හෝ නඩත්තු කිරීමට උපකාරී වන අන්තර් පුද්ගල ක්‍රියාවලියක්” ලෙසිනි.
පසුකලකදී එනම්, 1998 දී ඔහුම එහි විකල්ප අර්ථ දැක්වීමක් ඉදිරිපත් කරමින් කියා සිටියේ සංගීත චිකිත්සාව යනු, "ක්‍රමානුකූල මැදිහත් වීමේ ක්‍රියාවලියක්" ලෙසයි. 
එංගලන්තයේ කැන්ටබරි ක්‍රයිස්ට් චර්ච් විශ්වවිද්‍යාලය මගින් 2011 වසරේදී පළ කරන ලද පර්යේෂණ ලිපියක දැක්වෙන්නේ, "මානසික සහ ශාරීරික සෞඛ්‍ය ගැටලු පවතින පුද්ගලයින්ට ගායනයෙන් සහනයක් ලැබෙන බවයි" ඔබටත් පුළුවන් ඔබගේ පවුලේ ආදරණීයයන් එක් කර ගන්මින්  ඔබට ඇවැසි අවස්ථාවකදී සංගීත භාණ්ඩ යොදා ගනිමින් ගීත ගායනය සිදු කළ හැකිය.
එය පවුලෙහි මානසික මට්ටම ව්‍යාකූලත්වයට පත් කර නොගැනීම සඳහා කදිම පිළියමකි.
 අධ්‍යතනයෙහි දී සංගීත චිකිත්සක වරැන් දක්නට ලැබේ. තමන් සංගීත චිකිත්සකයකු ලෙස හැඳින්වීමට බොහෝ දෙනා කැමැති වනු ඇතත් එම බලපත්‍රය ලබා ගැනීමෙන් තොරව පිළිගත් මට්ටමින් එහි නියැළීමට නොහැකිය.
සංගීත චිකිත්සාවෙන් ලැබෙන ප්රයෝජන" යනු කුමක්ද? ඔබ සංගීතයට කැමති නම්, ඔබට හැඟෙන ආකාරය පිළිබඳ වැදගත් වෙනසක් කළ හැකි බව ඔබ දන්නවා. නමුත් මානසික අවපීඩනයෙන් පෙළෙන අයට හෝ කනස්සල්ලෙන් සිටින අය වෙනුවෙන් වෙනසක් කළ හැකි දේ දැනගැනීමට ඔබ පුදුමයට පත් වනු ඇත. මෙම පුද්ගලයින් සඳහා ඔවුන්ගේ සෞඛ්යය වැඩි දියුණු කිරීම සඳහා සංගීතය භාවිතා කළ හැකිය.
ආතතිය ඕනෑම වයසක සිටින අයකුට ඇති විය හැකි තත්ත්වයකි. හුදෙකලා වීම නොතකා හැරීම වැනි නොයෙක් තත්ත්ව නිසා අසරණභාවයට පත් වන්නන් ඉන් අසහනයට පත්ව සිය දිවි නසා ගන්නා මානසික තත්ත්වයකට පවා ඇද වැටේ. එය වළක්වාගත යුතුය. මානසික ව්‍යාකූලතාව නිසා ප්‍රශ්නවලට මුහුණපාන අවස්ථා කොතෙකුත් වාර්තා වේ. විනාඩි 3 – 4 ක ගීතයක් සංගීත ඛණ්ඩයක් රසවිඳි පමණින් එවැනි මානසික තත්ත්වයක සිටින අයකු යථා තත්ත්වයට පැමිණේවි යැයි අපේක්ෂා කළ නොහැකිය. අදාළ පුද්ගලයාගේ මානසික තත්ත්වය ගැන හොඳ අවබෝධයකින් යුතුව මෙය ක්‍රියාත්මක කිරීමට සිදු වේ. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව පැරසිටමෝල් ලබා ගැනීමෙන් උණ හිසරදයට සහනයක් ලද හැකි බවට විශ්වාසයක් ද ගොඩනැඟී තිබේ. 


මෙලෙසට පුද්ගලයා ප්‍රිය කරන සංගීත ශෛලිය හඳුනා ගනිමින් මෙය ක්‍රියාවට නැංවිය යුතුය. එමෙන්ම පවුලේ පසුබිම හා සංගීත රුචිකත්වය ද අදාළ කරගත යුතු වේ. ඉන්දියානු රාගධාරී සංගීතය ප්‍රිය කරන අයකුට බටහිර සම්භාව්‍ය සංගීතය විඳීමට සැලැස්වීමෙන් ඔහු තව තවත් ආතතියට ලක්විය හැකිය. චිකිත්සකයකු මේ පිළිබඳ මනා අවබෝධයකින් ක්‍රියා කළ යුතු වන්නේ එබැවිනි. විවිධ සංගීත ශෛලීන් සහ සම්ප්‍රදායන් ගැන චිකිත්සකවරයකුට දැනුවත් බවක් තිබිය යුතු වන්නේ මේ නිසාය. සංගීත චිකිත්සාව හා වෛද්‍ය විද්‍යාත්මක ජනසංගීතය පිළිබඳ තවමත් අපේ රටේ ප්‍රමාණවත් අවබෝධයක් හෝ දැනුමක් ගොඩනැඟී නැත. ආචාර්ය උපාධි අධ්‍යන  කටයුතු සඳහා විදේශගතව සිටින වෛද්‍ය ශිෂ්‍යයන් හට හෝ නොයෙක් පුදගලයන් හට මෙම සංකල්පය සහ ක්‍රියාවලිය සම්බන්ධයේ කිසියම් හෝ ඥානයක් අතපත් කර ගැනීමට අවස්ථාව ලැබේ. එලෙස ලබාගත් දැනුම අප රටේ පරපුරත් සමඟ බෙදා හදා ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. විශේෂයෙන්ම වත්මන් විශ්වවිද්‍යාල ප්‍රජාව සමඟ කටයුතු කිරීම වැදගත් වේ. මෙම සංකල්පය තවදුරටත් සාකච්ඡා කිරීම හරහා මෙරට විවිධ ක්ෂේත්‍රයන් තුළ  ඇති විවිධ පුද්ගලයන් තුළ ඇති අක්‍රමිකතා මැඩ පවත්වා ගනිමින් සමාජ සංවර්ධනය ක්‍රියාවලියෙහි අරමුණ මුදුන් පමුණුවා ගැනීම කළ හැකිය. 

විජේසිංහ ඩබ් . ඒ . කේ . එන්
ජනමාධ්‍ය අධ්‍යනාංශය 
කොළඹ විශ්වවිද්‍යාලය 
ශ්‍රී පාලි මණ්ඩපය 

අවලස්සන ජීවිතය සුන්දර කරගත හැක්කේ ඔබට පමණකි

අවලස්සන ජීවිතය සුන්දර කරගත හැක්කේ ඔබට පමණකි  
ලස්සන අරාබි කියමනක් තියෙනවා..
   ඔබට මැරෙන්න ඕනෙද??එහෙනම් මුහුදට පනින්න 😥ඔබ ඔබේ උපරිම ශක්තිය යොදලා වතුර එක්ක පොර බදයි..බේරෙන්න උත්සහ කරයි..මොකද, ඔබට ඕනෙ ඔබව මරන්න නෙමෙයි..ඔබ ඇතුලෙ තියෙන යම්කිසි දෙයක් මරන්න..😧 සාර්ථකත්වය ගැන,හොද ව්‍යාපාරික අදහස් ගැන,ස්වභාවධර්ම නීති ගැන කතා කරන්න කලින්, මුලින්ම ඔබ ඔබේ හිත හදාගෙන ඉන්න ඕනෙ..❤🥀
        
                      මොකද ,, හම්බෙන කෙනෙක් එහෙම නැත්තම් එන මැසේජ් එහෙකින් පවා හුගක් දෙනෙක් අහන්නනෙ .. #කොහොමද_හිත_හදාගන්නෙ ???? 🤷🤷මනෝ විද්‍යාව පසුවිපරම් කරන කෙනෙක් විදියට.. හැමෝම දිහා බලද්දී.. තේරුම් යන එකම දේ෴ "මට හිතට වද දෙන  ගැටළුවක් තියෙනවා" කියලා කීවත්,,කවුරුත් කියන්නෙ නෑ තමන්ට තියෙන ගැටළුව මොකක්ද කියලා 🤔🤔


        ඔබ කියන්නෙ මට වැඩ කරන්න හිතෙන්නෙ නෑ මට කම්මැලි,මට වැඩ කරන්න ඕනෙ හැබැයි වැඩි ආසාවක් නෑ,මං අතරමං වෙලා වගේ..මට නින්ද යන්නෙ නෑ 😧😥මගෙ ඔළුව අවුල් වෙලා වගේ හැබැයි හේතුවක් දන්නෙ නෑ... 🤦🤦
          හේතුව ඔබ දන්නවා 💆හැබැයි ඔබට කියාගන්න බෑ..ඉතින් මම විශ්වාස කරනවා..මේ..ඔයා කාටවත් නොකියන ජීව්තයෙ ඔබෙ පතික්ෂේප වීම් වල විවිධ මුහුණුවරවල්..💆මේ ඔබේ ජීවිතේ වේදනාකාරී බැදීම් නිසා ඇති උනු හිස් විනාශකාරී මානසිකත්වයන්ගේ විවිධ මුහුණුවරවල්..😧😫ඇයි අපි එහෙම කියන්නේ??මේ ලෝකෙ මිලියන ගානක් කෝටි ගානක් මිනිස්සුන්ගෙ මානසික මට්ටම් අරගෙන පරීක්ෂණ කරත්,හැගීම් ,දැනීම් තියෙන අවංක මනුස්සයෙක්ගෙ ලොකුම සතුට තමයි තමන් ආදරය කරන අය තමන්ව පිලිගැනීම 🧚🧚 

          ඒ සැනසීම ඔළුවෙ තියාගෙන මිනිස්සුන්ට මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නෑ.💆❤ මේ ලෝකෙ අමාරුම කන්ද තරණය කරන්න පුළුවන් , මේ ලොකෙ බිහිසුණුම මුහුද හරහා පීනන්න පුළුවන් , හැබැයි ....ඒ වගේම තමයි අනිත් පැත්තත්.මනුස්සයෙක්ට දැනෙන්න පුළුවන් ලොකුම දුක තමයි තමන් ආදරය කරන අය තමන්ව පිලි නොගැනීම.😭
   මගහැරීම .. ඒ වගේ බිදුණු  මානසිකත්වයකින් අමාරු කන්දක් නගින්න තියා..දෙපයින් හිටගෙන ඉන්නත් අමාරුයි🌺
මුහුදක් තරණය කරන්න තියා වතුර උගුරක් දිවෙන් පහලට දාගන්නත් අමාරුයි🌺 කිසිම වැඩක් නොකර ඔයාට වෙහෙසක් දැනෙන්නේ ,ලෝකෙ කොයි අතට දිව්වත් ඔයාට ඇදේ මුණින් අතට හැරිලා ඔහේ ඉන්න හිතෙන්නෙ , ඔයා ඉන්න තැනක් අස් කරගන්නැත්තේ,ඇදුමක් හේදගන්නෙ නැත්තේ,..ඔයාට ඒ පුංචි දේවලුත් මේ වෙලාවෙ හුගක් ලොකුවට දැනෙන නිසා  🍁🍁🍁🍁  
           ඔයා මේ වෙලාවෙ මේ ලෝකෙ කොහෙ හිටියත් මේ ගතවෙන හැම දවසකම,තප්පරේකම ඔබෙ බැදීම් වල හිනාවන් වලට වඩා තියෙන්නෙ කදුලුනම්,ජෝක්ස් වලට වඩා තියෙන්නෙ ෆයිට්ස් නම්.. ඔයාගෙ හදවත හොදින් කියලා හිතපු දවස් වලට වඩා කලකිරුනු දවස් වැඩි නම්.😭😥 ඔයා ආදරය කරපු පලියට එයාලට ඔබව විනාශ කරන්න අයිතියක් නෑ..⚔️⚔️
ඔයා හැමදාම ඒ අයට ආදරේ කරනවා..එයාලගෙන් ආදරේ ලැබෙයිද නොලැබෙයිද කියන එක නෙමේ ගැටළුව..#මොනවා_උනත් කියන තැන ඔයා හැමදාම ඉන්නවා .. ඒඅයගෙන් කිසිම දෙයක් නොලබාම ඔයා විතරක් ආදරේ කරන්න ගත්තාම ඔයා කරන දේ හරියට යුතුකමක් වගේ වෙනවා.ඒ කියන්නෙ ඔයා කරන ආදරේට පෙරලා ආදරයක් ලැබෙනවා වෙනුවට ඔයා යුතුකමක් ඉෂ්ඨ කරන කෙනෙක් ගානට වැටෙනවා ... එතකොට ඔයාට නිකන්ම ලේබල් එකක් වදිනවා මෙතන තමයි ආදරේ ලැබෙන තැන..මම ආදරේ නොකලත් එතනින් තමයි මට ආදරේ ලැබෙන තැන..ඉතින් මිනිස්සු හිතන්න පටන් ගන්නවා ලේබල් කරනවා මේ විදියට..
          🌺🌺අපිට අවශ්‍ය වෙලාවට ආදරය බෙදා හරින එක තමයි මෙයාගෙ ජොබ් එක 🌺🌺

              මිනිස්සු විශ්වාස කරන්න පටන් ගන්නවා ඒකට තමයි ඔයා ඉපදිලා ඉන්නෙ කියලා.නෑ... ඔයත් ආදරය ලබන්න සුදුසුයි ❤❤ඔයා ආදරය කරනවා වගේම ඔයාටත් ආදරය ලැබිය යුතුයි.ආදරය දෙපැත්තෙන්ම සමබර වෙන්න ඕනෙ.ඔයා හොද හුස්මක් පහලට හෙලන්න..දිගටම කරන්න..තව තව ... ඔයාට දිගටම මෙහෙම ඉන්න පුලුවන්ද???බෑ 🧘 ඔයා හුස්ම ඉහලට ගන්න තව ගන්න ..දිගටම ගන්න.. දිගටම මෙහෙම හුස්ම තද කරන් ඉන්න පුළුවන්ද??අනේ බෑ..🧘මොකද බැලන්ස් නෑ 🤷🤷ඔයත් කරන්නෙ බැදීමක් ඇතුලේ තනියම කැපකිරීමක් නම් කොහොමද ඒක praයෝගික වෙන්නෙ??ඔයා පපුව පිරෙන්න ආදරේ දීලත් ඒ අයට මදිනම් ඔයා ඉන්නෙ වැරදි තැනක..😔😔
                
          ඔයාට ඔවුන්ගේ අවධානය සහ වටිනා කාලය වෙනුවෙන් යදින්න වෙනවනම් ඔවා ඉන්නෙ සුදුසු තැනක නෙමෙයි .. ඔයා පුංචි දේටත් හිත රිදවගන්න කෙනෙක් කියලා දන්නවනම්,දැන දැනම ගානක් නෑ වගේ ඉන්නවනම් ඔයා ඉන්නෙ සුදුසු තැනක නෙමේ 🌺 නිදාගන්න ගිහින් GN කීවට පස්සෙත් ඔයා අඩන බව දැන දැනම එලි වෙනකම් ඇඩුවත් කමක් නෑ කියලා ඉන්නවනම්..ඔයා ඉන්නෙ සුදුසු තැනක නෙමෙයි ..ඔයාලා විනාශ වෙනවා බලන් ඉන්න එක එයාලට OK නම් ඔයා ඉන්නෙ සුදුසු තැනක නෙමේ 🌺
❤❤ ඔයාගෙ වටිනාකම අවබෝධ කරගන්න.ඔබ මීට වඩා බොහොම වටින දේවල් ලබන්න සුදුසු කෙනෙක්.🍁ඔබ සුවපහසු වැලදගැනීමක් ලබන්න සුදුසුයි.❤🧚නලලට ආදරණීය හාදුවක් ලබන්න සුදුසුයි.සෙනෙහස පිරුණු හිස පිරිමැදීමක් ලබන්න සුදුසුයි.සරලවම ඔයා විදවන්න,කලකිරෙන්න නෙමේ සතුටින් ඉන්න සුදුසු කෙනෙක්..

ඉතින් දවසක් එනවා.. 
🧚🧚🧚🧚ඔවුන්ට ඔබේ වටිනාකම දැනෙන දවසක් එනවා..අන්න එදාට ඔයා ඊටත් වඩා වටින කෙනෙක් වෙලා ඉන්න 🧚🧚🧚🧚

උපුටා ගැනීමකි 

Saturday, 24 October 2020

වඩා ⁣යහපත් ජීවතයක් ගත කිරීම සඳහා අආකර්ශනීය නීතිය භාවිතා කරන්න

උපුටා ගැනීමකි

ආකර්ෂණීය නීතිය 


  සිතුවිලි සහ හැඟීම් අපගේ අත්දැකීම් නිර්මාණය කර ඇති අතර, අප අවධානය යොමු කරන දෙය අප වෙත අවධානය යොමු කරවන දෙයකි, එය න්යායක් ලෙස දීර්ඝ ඉතිහාසයක් ඇති නමුත් "රහස", ඔත්රා, සහ අනෙකුත් ජනමාධ්ය ආයතන. එය වැඩ කිරීමට හේතුව වෙනස් න්යායන් තිබේ ද, ඔබ ද දැනුවත් විය යුතු අතර , මානසික ආතතිය ඉවත් කිරීමේ ආකර්ෂණය සහ ආකර්ෂණය කර ගැනීම සඳහා ඔබට ආකර්ෂණය වන නීතියේ මූලධර්ම භාවිතා කළ හැකිය.


(මම එය මගේ භාවිතය හා මගේ පෞද්ගලික ජීවිතයේදී භාවිතා කර ඇත, එය එය මා වෙනුවෙන් වැඩ කර ඇත.) පහත සඳහන් පියවර මඟින් ඔබ සිතන්නේ අඩු පීඩනයකින් යුත් ජීවිතයට ඔබ යොමු වනු ඇත.

ඔබේ කලකිරීම් ලැයිස්තුගත කරන්න

ඔබ කලකිරී සිටින හෝ ඔබේ ජීවිතයේ වෙනස්කම් කිරීමට කැමති දේවල ලැයිස්තුවක් සාදන්න. උදාහරණයක් වශයෙන්, ඔබගේ ආතති සම්බන්ධ ගැටලු , ඔබේ දරුවන්ගේ හැසිරීම හෝ ගැටුම්කාරී තත්වයන් ඇතුළත් විය හැකිය.

ධනාත්මක ලැයිස්තුව ලැයිස්තුගත කරන්න

ඊළඟට ජර්නලයක් පටන් ගන්න . ඔබගේ එක් එක් තත්වය සඳහා, ඔබගේ තත්වය තුළ ධනාත්මකව සිතිය හැකි සියල්ල සොයා ගන්න. නිදසුනක් වශයෙන්, දුෂ්කර කාර්යයක් මගින් ආදායම්, නිර්මාණාත්මක අභියෝග හෝ පෞද්ගලික වර්ධනයට වාසි ලබා ගත හැකිය; උදාහරණයක් ලෙස ඔබගේ ඉවසීම පුළුල් කිරීමට වාහනය විය හැකිය. (අඩුම තරමින්, ඔබට එය ඔබගේ ජීවිතයේ කිරීමට කළ යුතු දේ නොවේ යයි වටිනා තොරතුරු ඔබට ගෙන එයි!)

ධනාත්මක ආකල්පයක් පවත්වා ගන්න

මෙය හුදෙක් ඔබේ මුහුණේ සිනහවක් තැබීමට අදහස් නොකරයි; ඔබ දැනටමත් සතුව ඇති දේට කෘතඥපූර්වකව වැඩ කිරීමට අදහස් කරන අතර, ඔබ විශ්වාස කරන්නේ කුමක් ද යන්නයි.

ඒක හරි: ඔබේ අඩුපාඩුකම් ගැන හැඟීම්, හැඟීම් හා සාරධර්ම ගැන ඔබේ අවධානය යොමු කරන්න. ඔබේ අනාගතය, දෙවියන් වහන්සේ හෝ විශ්වය තුළ ඔබම විශ්වාස කරන්න. ඔබේ ජීවිතයේ යම් වෙනස්කම් සිදු කළ හැකි බව ඔබ දනී.

වඩා හොඳ ජීවිතයක්

ඔබගේ ජීවිතයේ දී ඔබට අවශ්ය දේ පිළිබඳ දෘෂ්ටි ප්රතිරූපයක් ගොඩ නැංවීම සහ නඩත්තු කිරීම (ඔබ කැමති නැති දේ මත අවධානය යොමු නොකර ) ධනාත්මක වෙනස්කම් හා අවස්ථාවන් ආකර්ෂණය කර ගැනීම සඳහා බලවත් ක්රමයක් විය හැකිය.

ඔබගේ ජීවිතයේ කැමති දේ පිළිබඳ සවිස්තර ලැයිස්තුවක් සාදන්න. දෛනිකව වාඩිවෙන්න, ඔබේ නව ජීවිතය පෙනෙන ආකාරය සහ මෙම වෙනස්කම් ඇති බව හැඟී යන ආකාරය නිරූපණය කරන්න.

සිතන්න, සිතන්න, පනත

ඔබේ සිතුවිලි, හැගීම් සහ හැසිරීම් ඔබේ අරමුණු කෙරෙහි අවධානය යොමු කිරීම, ඔබේ තත්වය සමඟ ඔබේ කලකිරීම්වලට වඩා, ඔබේ ඍණාත්මක හැඟීම් කෙරෙහි අවධානය යොමු කිරීමට වග බලා ගන්න. ඔබේ ස්වයං-කතාව ධනාත්මක සහ ශුභවාදීය; ඔබට අවශ්ය ජීවිතය පිළිබිඹු කරන සෑම දිනකම දෘශ්යමාන කිරීමට සිදු වේ. ඔබේ ක්රියාකාරී සැලැස්ම මත වැඩ කරන්න. ඔබ මෙය කරන්නේ නම්, ඔබට අවශ්ය ජීවිතයේ ඉක්මන් ප්රගතියක් ලබා ගත යුතුය.

ඉඟි

  1. ඔබේ සිතුවිලි ඔබ ධනාත්මක ප්රකාශයන් සාදාගන්නා ආකාරයෙන්, ඔබට කලකිරී සිටින දෙයට වඩා ඔබට අවශ්ය දේ මත අවධානය යොමු කිරීමෙනි. 
  2. ස්තුති සඟරාවක් තබා ගන්න, ඔබ ඔබ කෘතඥ වන්නේ ඔබ සටහන් කරන ස්ථානයයි. ජර්නලයට වැඩි සෞඛ්ය හා මානසික ආතතියන් ඇති කළ හැකි වන අතර, මෙම පුහුණුව වැඩිදියුණු කිරීම සඳහා ඉඩ සලසා දෙන කෘතවේදී ආකල්පයක් වර්ධනය කිරීමට උපකාරී වේ.
  3. ඔබේ සිතුවිලි ඔබේ ජීවිතයට බලපාන්නේ කෙසේදැයි ඔබ නොදනී නම්, ඔබේ සිතුවිලි රටාවන් මෙම සුභවාදී විවේචනය සමඟ ඇගයීමට ලක් කළ හැකිය.
  4. කුමක් පිළිගන්නද? ඔබේ ජීවිතයේ ඔබ කැමති නැති දේවල් ගැනත් සෑම දෙයක්ම වෙනස්කම් කිරීමටත් සෑම දවසකම වැය කිරීම වෙනුවට නරක මෙන්ම යහපත සමඟ කටයුතු කිරීමට උත්සාහ කරන්න. මෙය ඔබගේ ජීවිතයේ ධනාත්මක වෙනස්කම් සිදු නොවන බව එයින් අදහස් නොවේ. එය හුදෙක් ඔබ සෑම දිනකම ඔබේ කලකිරීම් කෙරෙහි අවධානය යොමු නොකරයි. ඔබ කැමති දේ වෙත ප්රගතියක් ලැබෙන අතරේ ඔබ සමඟ සමාදානය ඇති කර ගනී.

කායික හා මානසික ව්‍යාකූලත්වය සමනය කරන සංගීත චිකිත්සාව.

උපුටා ගැනීමකි

කායික හා මානසික ව්‍යාකූලත්වය සමනය කරන සංගීත චිකිත්සාව

ලෝකයේ දියුණු යැයි සම්මත බොහෝ රටවල් සංගීතය නම් මානව කලාංගය බොහෝ කායික හා මානසික ව්‍යාකූලතාව සුවපත්භාවයට යොදා ගන්නවා වගේම අද වන විට රෝග නිවාරණය කිරීමේ චිකිත්සක ක්‍රමයක් ලෙස ද ප්‍රචලිතව පවතිනවා.

බුද්ධ දේශනාවට අනුව සුවය (Relax)අත්විඳීමට නොහැකි වූ විට මිනිසාට නොයෙකුත් ගැටලුකාරී තත්ත්ව මතු වෙනවා. ඒ අනුව ඔබ අප ප්‍රියකරන සංගීතයෙන් ලබන වින්දනය සිතට සහනයක් සලසයි.

මානසික මෙන්ම කායික රෝගාබාධ හමුවේ අද වන විට සංගීතය චිකිත්සාවක් ලෙස යොදා ගන්නා අතර එහි ප්‍රතිඵල පර්යේෂණ වලින් සනාථ වී තිබේ.

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය ලොව පුරා ජන හදවත් භීතියට පත්කර සමාජයම නිවසට කොටු කර ඇති මෙවන් සමයක මානසිකව මෙන්ම කායික ව ඇති වෙන පීඩා දුරුකර සුවපත්භාවය ලබා රෝග වලටද සහනයක් ලැබීමට සංගීත චිකිත්සාව දායක කර ගැනීම ඉතාම වැදගත්.



ඒ නිසාම අද වන විට නිවස තුළ රැදෙන කොළඹ නගරාසන්න තට්ටු නිවාස තුළ සාමාන්‍ය ජනයා වෙනුවෙන් ඔවුන්ගේ ඇති වන මේ මානසික චිත්ත පීඩා දුරුකරලීමට වගේම රෝහල්වල නේවාසික ප්‍රතිකාර ලබන ආසාදිතයන්ගේ මේ වයිරසය නිසා ඇතිවන සංකූලතා මගහරවා ගැනීමට හමුදාව හා සෞඛ්‍ය සේවා කණ්ඩායම් ගීතයන් ගයමින් ඔවුන්ව සනසන අයුරු ඉතාමත් අනර්ඝයි.

අද නූතන වෛද්‍ය පර්යේෂණ වලින් සංගීත චිකිත්සාවෙන් ඇති වන ප්‍රතිලාභ ඔප්පු කර ති⁣බෙනවා.

 

• මොකද්ද මේ සංගීත චිකිත්සාව කියන්නේ.....?

1991 වසරෙදි බෘෘෂියා විසින් එය හඳුන්වා දී ඇත්තේ “චිකිත්සකයා සංගීතය හා එහි සියලු අංගයන් භාවිත කරමින් රෝගීන්ට ඔවුන්ගේ සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට , ප්‍රතිෂ්ඨාපනය කිරීමට හෝ නඩත්තු කිරීමට උපකාරී වන අන්තර් පුද්ගල ක්‍රියාවලියක්” ලෙසිනි.

පසුකලකදී එනම්, 1998 දී ඔහුම එහි විකල්ප අර්ථ දැක්වීමක් ඉදිරිපත් කරමින් කියා සිටියේ සංගීත චිකිත්සාව යනු, "ක්‍රමානුකූල මැදිහත් වීමේ ක්‍රියාවලියක්" ලෙසයි.

සංගීතය යන්න හඳුන්වා ඇත්තේ සෞන්දර්ය කලාව සමඟ සම්බන්ධ රිද්මයානුකූල සීමා හා ශබ්දය මාධ්‍ය කරගත් සංස්කෘතිය හා සම්බන්ධ විෂයක් වශයෙනි.

එසේම යම් පිළිවෙතක සකස් කරන ලද ශබ්ද වල එකතුවක් ලෙසද සංගීතය හඳුන්වා තිබෙනවා.

බ්‍රිටැනිකා විශ්වකෝෂයට අනුව සංගීතය යන්න හඳුන්වා ඇත්තේ "චිත්ත වේගයන්හි භාවමය ප්‍රකාශනය සඳහා ඇතිකරගනු ලබන, එමෙන්ම කටහඬින් සහ තූර්ය භාණ්ඩවල ශබ්ද ධ්වනියෙන් බිහිවෙන රමණීය ශබ්ද මාධූර්යය " ලෙසයි.

සංගීතයට යම් අයකුගේ මනසට මෙන්ම හදවතට සෘජු ලෙස ආමන්ත්‍රණය කරමින් පවතින මනෝභාව අභිප්‍රේරණය කිරීමටත්, නව ධනාත්මක සහ වින්දනාත්මක මනෝභාවෙ ජනනය කිරීමටත් විශේෂ හැකියාවක් ඇති නිසා එය මානසික ආබාධ සුව කිරීමේ පදනම ලෙස යොදාගෙන තිබේ.

එංගලන්තයේ කැන්ටබරි ක්‍රයිස්ට් චර්ච් විශ්වවිද්‍යාලය මගින් 2011 වසරේදී පළ කරන ලද පර්යේෂණ ලිපියක දැක්වෙන්නේ, "මානසික සහ ශාරීරික සෞඛ්‍ය ගැටලු පවතින පුද්ගලයින්ට ගායනයෙන් සහනයක් ලැබෙන බවයි" .

එම පර්යේෂකයින් සඳහන් කර ඇත්තේ, "බරපතළ මානසික සෞඛ්‍ය ගැටලුවලට පවා සමූහ ගායනය තුළින් සැලකිය යුතු ප්‍රතිලාභ අත් කර ගත හැකි" බවයි.

ඔබටත් ඔබේ පවුලේ ආදරණීයන් එකතු කර ගෙන උදේ ,සවස හෝ රාත්‍රී කාලයක ඔබ ප්‍රිය කරන සංගීත භාණ්ඩද යොදා ගනිමින් ගීත ගායනය සිදු කළ හැකිනම් අනර්ඝයි. මෙහිදී සංගීත භාණ්ඩයක් නැත්නම් ඔබට ගෙදර උපකරණ නිර්මාණශීලීව යොදා ගත හැකියි.මෙසේ ගායනය තුළින් ඔබේ පවුලේ සතුට , සමගිය වර්ධනය සමග මානසික පීඩාවන්ද දුරුවී පවුලේ බැඳීමද වර්ධනය වේ.

රුසියානු ජාතික මනෝ වෛද්‍යවරුන් දෙපළක් වන වෛද්‍ය එස් .ගුරෙච්චි හා එච්. චාල්චනිකා පවසනුයේ කිසියමි පුද්ගලයකු සංගීතයට සවන් දෙන විට සිත කේන්ද්‍ර කර ගනිමින් සිදුවන ශාරීරික මානසික වෙනස්කම් රාශියක් ඉවත් වන බවයි.

මිනිසාගේ පැවැත්ම හා විකාශය රඳා පවතින්නේ වෛද්‍ය විද්‍යාව හා සංගීත විද්‍යාවේ සුසංයෝජනය මතයැයි දක්වන අතර සංගීතයේ දී යොදා ගන්නා රිද්ම තරංග වල නාද සංයෝග වල පවත්නා ඩෙසිබෙල් ප්‍රමාණය අනුව මිනිසා මෙන්ම මිහිකත වායුගෝලය ආරක්ෂා වේ‍ෙ

මානව සංගීතය ආකාර දෙකක් ඔස්සේ ප්‍රබේදනය වේ.

*භාව සංයමදාරී සංගීතය (Sentimental tranquilizing music)


මිනිසාගේ මානසික හා කායික සෞඛ්‍යය හා පැවැත්ම කෙරෙහි විපුල මෙහෙයක් ඉටු කරනු ලබයි. මේ සංගීතය ශ්‍රවණ⁣යේ දී කිසියම් වින්දනීය ආශ්වාදයක් තුළින් මානසික සංයමයක් සමතුලිතභාවයක් හා ප්‍රබෝධයක් ගෙනදෙයි.

*භාව ප්‍රකෝපකාරී සංගීතය (Sentimental provocative music )

මිනිසාගේ සෞඛ්‍යය කෙරෙහි පැවැත්මට විශාල හානියක් සිදුකරනු ලබයි. මේ සංගීත ක්‍රමය අන්තර්ගතව ඇත්තේ අධික ඝෝෂාකාරී රිද්මගත හා නාද සංකලනයයි.

 

• නින්ද හා සංගීත

සියලුම රෝගාබාධ මෙන්ම මානසික කායික සුවය ලබා ගැනීමට ඇති එකම මිල කළ නොහැකි ලාභයකි සුවබර නින්ද. සුවපහසු නින්දක් නොලැබීමට ඉතාමත් කාර්යබහුල ජීවන රටාව බලපායිත එහෙත් අද වන විට ඒ කාර්යබහුල ජීවන රටාව නැත. මානසික කායික අවපීඩන තත්ත්ව වගේම නොසන්සුන් බව නිසාත් නින්ද තරමක් දුරස් වී ඇත. එයද සුවපත් නිරෝගී දිවිය පිරිහීමට හේතුවකි. සුවපත් නින්දට හොඳම ඖෂධයක් ලෙස භාව සංයමදාරී සංගීතය (sentimental tranquilizing music )බොහෝ පිටුවහලක් වනු ඇත .

"ගායනය" කිරීමේ කිරීමේදී ඇතිවන ශාරීරික ක්‍රියාකාරකම් නිසා ශරීරය තුළ Endorphins නැමැති හෝමෝන මුදාහැරේ. මනස තුළ සතුට ඇති කිරීමට උපකාරී වන හෝමෝනය එයයි.

ගායනය කෙරෙන අවස්ථාවේදී අපට ගැඹුරු ලෙස ස්වසනය කිරිමට සිදුවන අතර එමගින් සිරුර පුරා රැධිර සංසරණ වේගය වැඩි වේ . Endorphins හෝමෝනය වැඩි වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස ය.

සංගීත චිකිත්සාවේදී සිදුවන්නේ හෘදය ස්පන්දනය හා ස්වසනය පාලනය කරන ස්වං සිද්ධ ස්නායු පද්ධතිය වෙත බලපෑම් ඇති කිරීමයි.


ස්වං සිද්ධ ස්නායු පද්ධතිය කොටස් දෙකකින් සමන්විතයි. මෙය අනුවේගී (sympathetic) හා පාරානුවේගී (parasympathetic) වශයෙන් කොටස් 2කට අයිතිය. සංගීත බලපෑම ලැබෙනුයේ අනුවේගී කොටසටයි.

අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ මිනිත්තු 40ක කාලයක් සමූහ ගායනයක නිරත වීමෙන් කෝටිසෝල් නැමති මානසික ආතතිය (Stres ) ඇතිකෙරෙන හෝමෝනය ශීඝ්‍රයෙන් අඩුවන බවයි.

ගායනය කිරීමේදී පෙනහලු ආබාධ සහිත පුද්ගලයන්ට ස්වසන හැකියාව වැඩි වීමත් ඩිමෙන්ෂියා වැනි රෝගී තත්ත්වයන්ට සහනයක් ලැබීමත් සිදුවන බව පර්යේෂකයන්ගේ මතයයි.

පෙනහලු ආබාධ නිසා හටගැනෙන ඇදුම රෝගයේ සිට පෙනහලු පිලිකා දක්වා රෝගීන් වෙනුවෙන් ගායන වැඩමුළු පවත්වන මයින්ඩ් සෝන්ග් ආයතනයේ චිකිත්සක අංශයේ අධ්‍යක්ෂක මැගී ග්‍රේඩ් පවසනුයේ 'ගායන වැඩමුළු පහක් හෝ හයකට සහභාගි වූ පසු ඇතැම් රෝගීන්ගේ ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ හැකියාව පැහැදිලිව යහපත් වූ බවයි.’

නූතන හෘදය රෝග පිළිබඳ කරනු ලබන බොහෝ වෛද්‍ය මෙහෙයුම් ඖෂධ හා ප්‍රතිකාර ක්‍රමවේද අතර හෘදය රෝගීන් සුවපත් කිරීමෙහිලා සංගීතය එක්තරා ප්‍රතිකාර ක්‍රමයක් ලෙසින් යොදා ගනු ලබයි.

හදවත් රෝග හා ලේ ගමනය පිළිබඳව දීර්ඝකාලීන පර්යේෂණයන්හි නියැළුණු රුසියානු ජාතික වෛද්‍යවරුන් සොයා ගත්තේ ඩොජියල් සංගීතය ශ්‍රවණය කිරීමෙන් මානසික ආතතීන් මග හැර ගත හැකි බවත් රුධිර සංසරණය හා රිද්මය නිවැරදි වන බවත්ය.

සංගීත ස්වභාවය, රිද්මය, තානය හා නාදමය හැඩ මත සිරැරේ වෙනස්කම්, හෘද ස්පන්දනීය රිද්මයේ විපරිත තත්ත්ව ඇති වේ.

ඝෝෂාකාරි වූ අධික රිද්ම තරංග සංගීත ශ්‍රවණය වීමෙන් එනම් ප්‍රකෝප සංගීතයේ ප්‍රතිඵලයක් ලෙසින් පුද්ගලයන්ගේ භාවමය සිත ප්‍රකෝපය, පුද්ගල සිරැරේ නාඩි වේගය, හෘද ස්පන්දනීය රිද්මලතාව මෙන්ම මාංශ පේශීන්ගේ චලනය ද, අධික රුධිර පීඩනය හා ලේවල සීනි ප්‍රමාණය ඉහළ යාම සිදුවන බව ජීව විද්‍යා පර්යේෂණ පෙන්වා දෙයි.

එමෙන්ම රම්‍යවූත් සුරම්‍යවූත් සංගීතය ශ්‍රවණය කිරීමෙන් සුබ දායක වූ බොහෝ ප්‍රතිඵල මානවයාට ලැබේ.

විශේෂයෙන් මෘදු නාද සංයෝග හා ඝෝෂාකාරී නොවන රිද්ම රටා මඟින් මිනිස් ආතතීන් මගහැරී යයි. ආතතීන් අවම වීමෙන් සිත නිදහස් වේ. රුධිර පීඩනය සමතුලිත වේ.

මේ අනුව මිනිස් සිරුරේ බොහෝ ක්‍රියාකාරකම් කෙරෙහි පුද්ගලයා වින්දනය කරන සංගීතය සෘජුවම බලපෑම් කරනු ලබයි.

 

• යෝග දර්ශනය හා බැඳුණු සංගීතය

වර්තමානයේ දී යෝග දාර්ශනික කායික හා මානසික ලිහිල් භාවය ඇති කරන යෝග අභ්‍යාස ප්‍රගුණ කිරීමේදී ඊට ගැළපෙන උදම් රළ හඬ, ගලායන දිය පහරවල්, වැසි ජලයේ හඬ, කුරුලු හඬ, සංගීත භාණ්ඩ (බටනලා වයලීනය, සර්පිනාව) වැනි නාද යෙදීම හා ඊට අමතරව යෝග ප්‍රගුණ කිරීමේ දී යොදා ගන්නා " ඕම් " කාරය ,ගයත්‍රී වැනි විවිධ මන්ත්‍ර මෙන්ම විශේෂයෙන්ම භක්ති යෝග තුළින් දක්වන දෙවියන් වෙනුවෙන් භක්තිය වඩවන භජන්, කීර්තන් ගායනා ද මනසේ ශක්තිය අවදි කිරීමටත් ,මනස ශක්තිමත් කිරීමේ අරමුණිනුත් යොදා ගැනේ.

 

• සිරුරේ ප්‍රතිශක්තියට සංගීතයේ බලපෑම

 

මිහිරි සංගීත ඛණ්ඩ සවස් කාලයේ හා රාත්‍රී කාලය තුළ ඇසීම තුළ පර්යන්ත ස්නායු පද්ධතිය මගින් නිපදවන නයිට්‍රජන් ඔක්සයිඩ් (NO) ප්‍රමාණය වැඩිවීම නිසා විශේෂයෙන්ම විවිධ බැක්ටීරියා හා වයිරස් ආසාදන වලට සිරුරට මුහුණදීමේ හැකියාව වැඩිවන බවත් , එනම් සිරුරේ ප්‍රතිශක්තිය වැඩිවෙන බවත් සොයාගෙන ඇත.

සිරැරේ හෝමෝන අසමතුලිතතා පාලනයට සංගීත චිකිත්සාව යොදා ගැනේ. එය සිරුරේ උෂ්ණත්වය සමනය හා ආවේගකාරී සිතුවිලි එනම් ආයුර්වේදයෙහි සඳහන් රජස් හා පිත් කෝපකාරී ගති ලක්ෂණ පාලනයට විශේෂයෙන් ශාන්ත, කරුණා රසයන් මතු කරන පූර්වී රාගය, මර්මා හා භෛරවී රාගයන් උපයෝගී කරගැනීම ඵලදායි වන බව සොයාගෙන ඇත.

විවිධ භාව උද්දීපනය කිරීමෙන් එනම් කරුණ රසය, වීර්යය රසය වැනි දුක් දොම්නස් පහ කරන්නාවූ රසයන්ගෙන් යුත් කාෆි හා ආශාවරී රාගයන්ගෙන් සැදුණු සංගීතය විශේෂයෙන්ම වාත දෝෂය බලපාන්නාවූ සවස් කාලයේ ඇසීමට සැලැස්වීම වඩා ඵලදායි බව නවීන තාක්ෂණික පර්යේෂණ මගින් සොයාගෙන ඇත.

මේ පැතිරී යන සංක්‍රමණික රෝග හා සංක්‍රමණික කාලය තුළ ඔබට වඩාත් ඵලදායි ලෙස සංගීතය යොදා ගැනීමට හැකිනම් හැකි නම් වඩාත් උසස් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

 

• ගර්භණියයි සංගීතයයි

ඔබ දන්නවාද? මව්කුස තුළ සිටින ඔබේ පුංචි පැටියාට සංගීතය ඇසීමට සැලැස්වීමෙන් යහපත් ප්‍රතිඵල ලැබෙන බව.

නූපන් දරුවන් වෙනුවෙන් සංගීතයේ බලපෑම පිළිබඳ අධ්‍යනයේදී බ්‍රිතාන්‍යයේ නොටිංහැම් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥ සහ ඉංජිනේරු ජොනතන් ෆුල්ෆර්ට්‌ විසින් MRI උපාංගයේ බෝල්ඩ් ඉෆෙක්‌ට්‌ වර්ගීකරණය සම්බන්ධ කරගත්තා. එයින් ගැබේ සිටින දරුවාගේ මොළයේ ඔක්‌සිජන් දර්ශනය දැක බලා ගැනීමට පුළුවන්.

මෙහිදී කුස සිටින දරුවාට සංගීතය ඇසෙන්නට සලසා මවු කුසට සම්බන්ධ උපාංග මගින් දරුවාගේ මොළයේ රුධිර සංසරණය අධ්‍යයනය කළා. සංගීතය ඇසෙන විට රුධිර සංසරණය මනාව සිදු වෙන අන්දම මෙහිදී පෙනී ගියා.

මෙම අධ්‍යයනය තව දුරට සංවර්ධනය කරමින් ගැබ සිටින දරුවා සංගීතයට සවන් දෙන අන්දම හඳුනා ගැනීමට ගැබේ සිටින කළලයේ මුහුණ පිහිටි දිසාවට රතු ආලෝකයක්‌ ලබා දුන්නා. ඒ අතරම සිදු කරන ලද MRI වාර්තාවෙන් පෙනී ගියේ දරුවාට ශබ්දය ඇසෙන බවත් රුධිර සංසරණයට සමගාමී ලෙසින් පෙනීම සහ ඇසීම ඉතා හොඳින් සිදු වෙන බවත්ය.

නමුත් මේ අවස්‌ථාව වෙනුවෙන් යොදා ගත යුත්තේ කඨෝර නොවන ළයාන්විත සංගීතය බවත් අමතක නොකළ යුතු බවත් ජොනතන් සඳහන් කරනවා. ඒ අනුව ඔබ ගර්භණී මවක් නම් මෙම ව්‍යසන අවස්ථාවෙ සංගීතය ඔබවත් දරු පැටියාවත් නිරෝගීව තබාවි.

නැතිනම් ඔබට ඔබේ දරු ගැබට ඇසෙන්න කුස අතගාමින් සියුම් නාදයකින් නැළවිලි ගී කියන්න පුළුවනි. එයත් ඉතා ඵලදායීය.

තවද ගැබෙහි දරු පැටියාට ඇසෙන ලෙස භාවනා ක්‍රම, ගාථා ශ්‍රවණය, ගීතිකා ගායනය

(ඔබ අදහන ආගමට අනුව) වැනි දෑ කිරීම මේ කාලය තුළ පමණක් නොව දරු පැටියා මෙලොවට බිහි වනතුරුම කළ හැකියි.

දරු නැළවිලි ගී මගින් දරුවන්ගේ මානසික හා කායික වර්ධනයට සුබවාදී ප්‍රතිඵල ලබා දෙන බව ඇමරිකාවේ සිදු කරන ලද අධ්‍යයනයක්‌ මගින් සනාථ වී තිබෙනවා.

මෙම අඩු තාරතාවකින් යුක්‌ත සංගීතය දරුවන්ගේ මනසට බෙහෙවින් යෝග්‍ය බැව් හඳුනා ගත් අතර පෙරදිග මෙන්ම අපරදිග ලෝක සංගීතය බෙහෙවින් තම ජීවිතයට සම්බන්ධ කර ගත් බව පෙනී යනවා.

එබැවින් මෙවන් සමයක වෙනදාට වඩා නිදහසකින් ඔබ නිවසෙහි රැදෙන බැවින් කුඩා දරුවන්ගෙ මානසික සුවතාව උදෙසා මේ උපක්‍රම යොදා ගත හැකියි.

 

• පවුලේ සාමාජිකයන් එකට එක් වීමේ කාලයයි මේ.

මිනිස්‌ සිරුර බාහිර ලෙසින් අපට ලැබෙන දේ පිළිගැනීමේ හැකියාවෙන් යුක්‌ත අතර ආදරය, කරුණාව, සංවේගය වැනි හැඟීම් නිසා අපේ සිතට ඇති වන බලපෑම පාලනය කරන්නේ අධිෂ්ඨානයේ සහ චිත්ත ශක්‌තියේ බලපෑම අනුවය. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්‌ වේ. ඇතැම් අය වේදනාවන් දරා ගැනීමට අපොහොසත් වුණත් තවත් පිරිසකට වේදනාවන් අතින් නැගී සිටින්නට තරම් චිත්ත ශක්‌තියක්‌ තිබෙනවා.

සංගිත චිකිත්සාවේදී පුද්ගලයාගේ මානසිකත්වයට අනුව යමින් සංගීතයෙන් ප්‍රතිකාර ලබා දීමේ හැකියාව ලැබෙනවා. ඔෙබ් පවුලේ සාමාජිකයන්ගේ සිත්වල මෛත්‍රී කරුණා ගුණ වර්ධනයට ද ඒ අනුව සංගීතය දායක වෙනවා.

රසය යනු කලාවේ බීජයයි. විඳීමට සිතක් තිබිය යුතුයි. අපගේ මොළය වම් හා දකුණු අර්ධ ගෝල දෙකකින් සමන්විත අතර කලාත්මක හැකියාවන්, නිර්මාණශීලී ක්‍රියාකාරකම් මෙන්ම ආදරය, දුක, විරහව වැනි විවිධ මානසික ශක්තීන් එකට බැඳී පවතින හැඟීම් ද මොළයේ දකුණු අර්ධ ගෝලය හා සම්බන්ධයි. විශේෂයෙන් විරහව විවිධ මානසික ශක්තිවලට හේතුවක් ලෙස දැක්වේ.

උදාසීන ගති ඉස්මතු කරන මෙවැනි අවස්ථාවක ශෘංගාර රසය දනවන සංගීතය එනම් කල්‍යාණ, බිලාවල් හා කමජ් රස ආශ්‍රිත සංගීතය ශ්‍රවණය මනස සන්සුන් කිරීමට යෝග්‍ය බව සොයා ගෙන ඇත.

සිතෙහි හටගන්නා අසමතුලිත තත්ත්වයන් හා මානසික අවපීඩනයන් හෙවත් ගැටලු, ආතතීන් හේතු කරගෙන පුද්ගල චින්තන රටාවේ වෙනස්කම් ඇතිවීම නොවැළැක්විය හැකිය. එසේ වන විට සිරුරේ ජෛවී රසායන ක්‍රියාවලියෙහි විවිධ වෙනස්කම් සිදුවේ. මේ තත්ත්ව පාලනය කිරීමට නූතනයේ ක්‍රමවේද දෙකක් ප්‍රයොජනයට ගනී.

1. බෞද්ධ භාවනාව

2. සෞම්‍ය වූ රාගධාරී/ සම්භාව්‍ය සංගීතය

මධුර වූත් රමණීය වූත් කන්කළු වූත් සංගීත රාවයන්ට සවන් දෙන පුද්ගලයාගේ හෘදය ස්පන්දනීය රිද්මයත් (Heart beat ) එ් හා සම්බන්ධ වන ඉන්ද්‍රියය ක්‍රියාකාරිත්වය සමතුලිත වේ.

 

• ජන ජීවිතය හා සංගීතය

 

සංගීත රිද්මයන් ප්‍රාථමික යුගයේ පටන් මානව ජන ජීවිතය සමග බද්ධව පැවතුණා.කමතේ අස්වනු නෙලන කාලයට ඇසෙන ගොයම් කවි, රෑ පැල් රැකීමේදී තනිකම පාළුව මැකීයාමට කියූ පැල් කවි වැනි ජන ගී තුළින් මනසට මෙන්ම අස්වැන්නටද විශාල ලෙස මෙම සංගීතය බලපෑමක් වී ඇත. සරු අස්වැන්නට එය බලපා ඇති බවට අතීත සාධක ද හමුවේ.

මේ අවුරුද්දේ අවුරුදු සැමරීම අසීරු වුවත් අවුරුදු කාලය ළංවත්ම ඇසෙන කොහාගේ නාදයද චිත්ත ප්‍රීතිය වඩවන්නක් බව ඔබ දන්නවා. කොහාගේ නාදය නිසායි මුළු ලක් වැසි සියලු දෙනා දැනගන්නෙ අවුරුදු ළඟ බව.

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, ශාන්ති කර්ම, සෙත් කවි දක්වාම මේ තාල රිද්මයන් විකාශනයව පැතිර පවතී.

කොහොඹා කංකාරිය, බලි යාග, තොවිල්, පිරිත් සජ්ජායනය, ගැබිණියගේ නිවසින් ඇසෙන අංගුලිමාල පිරිත්, අපේ දේශීය නාද රටා ඇසෙන හේවිසි හඬ, පෙරහැරවල් ආදී මේ සියල්ල රටට මෙන්ම ජනතාවට ඇතිවන බිය, කරදර දුරු කරලීමට යොදා ගත් සාම්ප්‍රදායික සංගීත රිද්මය මුසු ක්‍රමවේද වේ.

මීට වසර දහස් ගණනකට පෙර සිට ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ සංගීත චිකිත්සාව යොදා ගෙන ඇත.

පුරාණ වේද ග්‍රන්ථයක් වන ගාන්ධර්වවේදයද එය මනාව විස්තර කර ඇති අතර ඔබ අප හදුනන ශාරීරික දෝෂයන්ට අමතරව මනසෙහි තත්ත්ව තුනක් ලෙස සත්ත්වො, රජස්, තමස් පිළිබඳ ආයුර්වේදය දක්වනවා. සෞම්‍ය සංගීතය සත්ත්ව ගුණ වර්ධනය කර මනස සන්සුන් කරනවා.

වර්තමානයේ හැල්මේ දුවන ජීවන ගමන තුළ සුලබව අසන්නට ලැබෙන මානසික හේතූන් මුල් කරගෙන ඇති වන මනෝකායික රෝග වලටද, විශාදය, මි⁣⁣⁣ග්‍රේන්, ඉරුවාරදය, කොඨර ප්‍රදාහය, ඇදුම, පීනස, දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදය රෝග වැනි බෝ නොවන රෝගවලටද සංගීත චිකිත්සාව විශිෂ්ට ප්‍රතිඵලදායි සත්කාරයක් බවට වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු කර අවසන්.

සිරුරේ කායික, මානසික සමතුලිතතා ඇති කිරීම කෙරෙහිත් ශරීර නිසි ක්‍රියාකාරිත්වයට ආහාර දිරවීමට, ලේ ගමනාගමනයට, ශක්තිය රඳවා ගැනීමට, සිරුරෙහි වර්ධනයට හා ආරක්ෂාව උදෙසාත් සංගීතය ඉවහල් වන බවත් විවිධ වූ සංගීතමය ශිල්ප ක්‍රම හා නාද සංයෝග මෙන්ම රිද්ම චලන ක්‍රියාකාරකම් තුළින් මානවයාට මෙන්ම අවට පරිසරයටත් බොහෝ සේ බලපෑම් කළ හැකිය.

උදා: ඇතැම් ගොවි බිම්වල සංගීතය ආශ්‍රය කරගෙන සිදුකරන කෘෂිකාර්මික කටයුතුවලදී විශිෂ්ට අස්වැන්නක් ලබා ගත හැකි බවට වාර්තා වේ.

විශේෂයෙන් නූතන ජීව විද්‍යා පර්යේෂණ අනුවත් කායික විද්‍යාව පිළිබඳ නව පර්යේෂණ අනුවත් පෙනහළු නිරෝගී බවට පත් කර ආසාදිත තත්ත්වයන් අවම කිරීමට මෙන්ම ස්නායු පද්ධතිය නිරෝගී ශක්තිමත් කර ආරක්ෂා කිරීමට වාදනය හා රසාලිප්ත සංගීතමය සංයෝජනාවන්ට මහත් මෙහෙයක් කළ හැකි බව වාර්තා වේ.

සංගීතය යනු විශ්ව භාෂාවකි. මිනිසාට පමණක් නොව මිහිතලයෙ ඇති ගස් වැල් සතා සිව්පාවුන් සුවපත් කරන ගුණය මේ ස්වභාවදහමින් මතු කරන සංගීත රටාවන් තුළම ගැබ්ව ඇත.

එනිසාවෙන් මේ අපූර්ව වූ සංගීතය යහපත් ලෙස යොදා ගෙන මිහිතලය ද ඔබ ද නිරෝගී යහපත් සුවයක් ළඟා කර ගැනීම ඔබ සතුයි.

මේ එ් සදහා ඇති හොඳම කාලයයි. මෙලෙසින් වයස් භේදයකින් තොරව ඔබ සියලු දෙනාට සංගීත චිකිත්සාව මගින් සුවබර දිවියක මඟ කියයි.

(විශේෂ ස්තූතිය - ආයුර්වේද වෛද්‍ය චේතිකා නාගහවත්ත, රක්වාන ආයුර්වේද රෝහල)

ගවේෂණාත්මක වාර්තාකරණය

ගවේෂණාත්මක වාර්තාකරණය ගවේශනාත්මක වාර්තාකරණය යනු කිසියම් සිද්ධියක්, අවස්ථාවක් හෝ පුද්ගලයෙකු පිලිබඳ ගැඹුරින් සොයා බලා වාර්තා කිරීම...