Tuesday, 23 May 2023

28 චිත්‍රපටය පිළිබඳව මනෝවිශ්ලේෂනාත්මක විග්‍රහයක්

28 චිත්‍රපටය පිළිබඳව මනෝවිශ්ලේෂනාත්මක විග්‍රහයක්

අධ්‍යතන  සිනමා කර්මාන්තය කාලීන ප්‍රස්තුත යන් මුල් කොට ගනිමින් පුද්ගල මනස තුළ ඇති මානසික ප්‍රතිරූපය නිර්මාණාත්මක කලා කෘතීන් බවට පරිවර්තනය කිරීම දක්නට ලැබේ. 28 චිත්‍රපටය යනු එවැන්නකි. එම චිත්‍රපටය තුළින් විචාරශීලී දෘෂ්ටියක් ප්‍රේක්ෂක මනසේ සන්තර්පනය කිරීමට දායකත්වය සපයනු ලැබේ. සමස්ත ලෝකය තුළ පැවැත්ම නිර්මාණය වන්නේ සත්වයන්ගේ සහ ශාකයන්ගේ පැවැත්ම මතයි. සංසර්ගය නැතහොත්  සංසේචනය හේතුකොට ගනිමින් විශ්වය පරිණාමය සිදු වෙමින් පවතී. ලිංගිකත්වය නමැති අතිශයෙන් සභාවක කාරණාව බරපතළ ප්‍රශ්නයක් බවට පරිවර්තනය කර ගනිමින් මනෝ මූලික චරිත කිහිපයක් හරහා ඉස්මතු කිරීමට ප්‍රසන්න ජයකොඩි උත්සාහ දරා ඇත. 
දූෂණය ලිංගික අපචාර දිනපතා සිදුවන සිදු වන විට එය සුලබ පුවතක් වීමේ ඛේදවාචකය සාමාන්‍ය සාමාජීය මානසිකත්වය තුළ සාමාන්‍යකරණයට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය 28 චිත්‍රපටය ඇසුරිනි රෝපණය වේ. 


28 චිත්‍රපටය තුළ අන්තර්ගත වන්නා වූ චරිත කිහිපය අතුරින් පෘථග්ජන මිනිසාගේ මානසික ස්වරූපය මැනවින් ඉස්මතු කොට ඇත. විශේෂයෙන් 28 ලෙසින් මෙම චිත්‍රපටය නම් කර ප්‍රේක්ෂකයා හට ලැබීමට සැලැස්වීම හරහා ඔවුනට මානසිකව යමක් සිටීමට උත්සාහ කරවීමත් චිත්‍රපට  අධ්‍යක්ෂකවරයා විසින් සිදු කොට ඇත. එය හුදෙක් ඉලක්කමක් නොවේ. 28 මගෙන් ස්ත්‍රියගේ ඔසප් චක්‍රය සංකේතාත්මකව ඉදිරිපත් කරයි. එමගින් ස්ත්‍රියව ඉස්මතු කොට ඇත. එනම් මෙම චිත්‍රපටය හරහා සමාජය තුළ කාන්තාවකට ප්‍රසිද්ධියේ ප්‍රකාශ  කිරීමට නොහැකි හැඟීම් මනෝභාවයන් සිතවිලි සියල්ල "සුද්දී" නම් යන චරිතය හරහා ඉස්මතු කිරීමට උත්සාහ ගෙන ඇත. 

මරණයට පත් වූ කාන්තාවකගේ පාපොච්චාරණයක් හරහා සමස්ත චිත්‍රපටය ඉදිරියට රැගෙන යනු ලබයි. එනම් සැබෑ කාන්තාවකට තම සිතැඟි තම මතයන් තම දෘෂ්ටිවාදයන් පවතින සමාජය තුළ එළිදැක්වීමට තිබෙන ඉඩකඩ සීමා සහිත බව ඉස්මතු කිරීමට ප්‍රසන්න ජයකොඩි සියලුම උත්සාහ දරා ඇති ආකාරය හඳුනාගත හැකිය. කාන්තාවක් යනු දැඩි ලෙස සමාජයේ දුක් ගැහැට විඳින දුෂ්කර ජීවිතයක් ගත කරනු ලබන කොට්ඨාසයකි. එම සමස්ත කාන්තාවකගේ යටි සිත තුළ පවතින සමාජයට එක එල්ලේ ප්‍රකාශ කිරීමට අපහසු සිතිවිලි සුද්දි නම් චරිතය හරහා යථාර්තවාදීව ප්‍රේක්ෂක මනසට හැඟෙන ආකාරය⁣ට ඉස්මතු කොට තිබේ. 

සමස්ත චිත්‍රපටය තුළින් සංකේතාත්මකව විවිධ අදහස් ඉස්මතු කරයි. ඇරිස්ටෝටල් පවසන අයුරින් බලය පිළිබඳ ආශාව , ධනය පිළිබඳ ආශාව , ලිංගිකත්වය පිළිබඳ ආශාව පෘථග්ජන මානසිකත්වය තුළ පවතී. ලාංකික සමාජය එලෙස ගත් කල ලිංගිකත්වය පිළිබඳ ආශාව තිබුණද ඒ පිළිබඳ මනා දැනුමක් නොමැති බව මෙම 28 චිත්‍රපටය මිය ගිය සුද්දීගේ පාපොච්චාරණය අැසුරින් හෙළිවේ. 

"ඒකට පළමු වැරදිකාරයා මං හිතන්නේ අපේ ඉස්කෝලේ 9 පංතියේ විද්‍යාව ටීචර් කියලා"

"දැන් මට අවුරුදු තිස් අටක් මට තාමත් ඒ පාඩම උගන්නලා නෑ"

ෆ්‍රොයිඩ් දක්වන පරිදි මිනිස් අභ්‍යන්තරිකව මානසිකත්වය තුළ දැඩි ලෙස අන්තර්ගත වන්නේ අවිඥාණයයි. ඒ තුළින් ඉස්මතු වන්නා වූ ලිංගිකත්වය කුතුහලය කෙතරම් ද යත් එයද සුද්දි නම් චරිතය මගින් ඉස්මතු කරන්නේ ඇගේ පාපොච්චාරණය හරහා ය. 

"අපි ඉස්සෙල්ලාම පෙරළුවේ විද්‍යාපති අගටම තිබුන ප්‍රජනන පාඩම"

ලාංකීය අධ්‍යාපන ක්‍රමය තුළ හිඩස මෙම පාඩමයි. එය සමාජය ඉස්මතු කරමින් ප්‍රේක්ෂකයා ගේ සිතෙහි කිසියම් මනෝමූලික ප්‍රශ්නාර්ථයක් ඉස්මතු කිරීමට අධ්‍යක්ෂවරයා උත්සාහ දරා ඇත. විශේෂයෙන්ම ගත් කළ සමාජය තුළ කතා බහට ලක්විය යුතු කාරණාවන් සංස්කෘතිය සභ්‍යත්වය වැනි කාරණාවන් හේතුවෙන් හකුලා ගන්නා විට එය පුද්ගල මනසට කෙතරම් ආකාරයේ බලපෑමක් සිදු කළ හැකි දැයි යන්න මෙම 28 චිත්‍රපටය කදිම නිදසුනකි. එයට හේතු ප්‍රත්‍ය වන ලාංකීය සමාජය තුළ ලිංගිකත්වය යන කාරණය ලිංගික විකෘතියක් ලෙස පෘථග්ජන මානසිකත්වය තුළ රෝපණය වී ඇති නිසාවෙනි. 

28 සිනමා නිර්මාණය ආරම්භ වන්නේ පතලය තම ලද පුත්‍රයා මනී සමඟ  ස්ත්‍රියකගේ හැටහතර මායම් පිළිබඳව අබසිරි වර්ණනාවක සිටින විට තම පියා විසින් සුද්දිගේ මරණය සලකන විට අවුරුදු ගණනාවකට පෙර අතුරුදහන් වූ සුද්දි නැවත සොයාගෙන යාම අරමුණු වන අතර එවිට අබසිරිගේ මනෝමූලික අභ්‍යන්තර හැඟීම් ක්‍රියා කරන්නේ දුක තුනී කර ගත් අව්‍යාජ ගැමියෙකු ලෙසිනි. 

"මේ දවස් වල පත්තර වල ස්ත්‍රී දූෂණ මිනීමැරුම් ලිංගික අපචාර ලිපියක් දෙකක් වරදින්නේම නෑ" 

පෞරුෂය පිළිබඳ පිළිබද ප්‍රොයිඩඳ ප්‍රොයිඩ්ගේ මතයට අනුව ගත් කළ ඉඩ් සංස්කාරය ක්‍රියාත්මක වන ආකාරය අවස්ථා කිහිපයක දී මෙම චිත්‍රපටය තුළ ඉස්මතු කිරීමට ප්‍රසන්න ජයකොඩි උත්සාහ දරා ඇත. සේයා සදෙව්ම් ඝාතනය යාපනයේ පාසල් දැරියකගේ ඝාතනය , බලහත්කාර කම කාන්තා ලිංගික සූරාකෑම යන අපරාධයන් පරපීඩක කාමුකත්වය නිරූපණය කරයි. එහි ප්‍රධානතම මෙවලම ඉඩ් සංස්කාරයයි. එහෙම නිර්මාණාත්මක විස්මිත කිරීමට කටයුතු කරමි ප්‍රසන්න ජයකොඩි උත්සාහ දරන්නේ යටිපෙළ සමාජයට අවබෝධ කරවීමයි. 

පෘථග්ජන මිනිසා යනු කාමභෝගී ජීවිතයක් ගත කිරීමට ඇල්මක් දක්වන ලද සත්වයෙකි. සිය මනස තුළ ආශක්ත වන්නා වූ හැඟීම් එක එල්ලේ ප්‍රකාශක නොහැක්කේ සමාජ සංස්කෘතික රාමුව සහ සදාචාර විරෝධී වීම හේතුවෙනි. ෆ්‍රොයිඩ් මනෝ විශ්ලේෂණවාදය තුළ ඉතාමත් ප්‍රබල ලෙස ඉස්මතු කර දක්වයි. සුද්දී නම් මියගිය කාන්තාවගේ පාපොච්චාරණය හරහා ඉස්මතු වන්නේ සමස්ත චිත්‍රපටය තුළින් ම කිසියම් පහරක් මිනිසාගේ මානසිකත්වය තුළ  තිබෙන ඉඩ්  සංස්කාරය ට පහරක් එල්ල කරමිණි. 

"අපේ රටේ තමන් ගැන ඇත්ත කියන්න පණ තියෙන මනුස්සයෙකුට බැහැ" 

28 චිත්‍රපටය තුළ පිරිමින්ගේ පමණක් නොව කාන්තාවන්ගේ කාන්තාවන්ගේ පාපොච්චාරණයයි මනෝභාවයන් සඳහා ඉඩකඩ අවස්ථාව ලබා දීම දක්නට ඇත. අබසිරි විසින් සුද්දිගේ නිර්වත ප්‍රථමවරට දකින්නේ මල් ශාලාව තුලදීය. සුදිදීගේ නිරැවත් සිරැර දුටු අබසිරි පවසන්නේ,




........................................



නමුදු සුද්දීගේ මළ සිරුර අසල කිසිවකු නොසිටින අවස්ථාවේ ක්‍රියා කරන ලද ආකාරය හරහා මිනිසාගේ අතෘප්තකර මානසික  ආශාවන් සංතෘප්ත කර ගැනීමට යාම ද පොදුවේ සමාජය තුළින් අසන්නට දකින්නට ලැබෙන කාරණාවකි. 
එය 28 චිත්‍රපටය හරහා එළි දැකීමට ප්‍රසන්න ජයකොඩි උත්සාහ කර ඇති ආකාරය අපූරුවයි. එනම් පුද්ගල අවිඥානය තුළ ලිංගික හැඟීම් තෘප්තිමත් කර ගැනීමට මළමිනියක් හෝ ප්‍රමාණවත් බව නිර්මාණකරුවන් සමාජයට ඉංග්‍රීසීන් පවසයි. 

මෙම 28 චිත්‍රපටය හරහා ස්ත්‍රියකගේ මනෝභාවය ස්ත්‍රී ලාලිත්‍ය සංයමයකින් යුක්තව සමාජයට ගෙන හැර පායි විශේෂයෙන්ම ස්ත්‍රියක් ප්‍රසිද්ධ නොකරන යට සිරිතක් මනාව ඉස්මතු කරන්නේ සමස්ත කාන්තා සමාජය ම ඉස්මතු කරමිනි. සමාජය තුළ ඇති සමාජ මානසිකත්වය නිර්මාණය වී ඇත්තේ ද කාන්තාව යනු පුතෙක් වෙළඳ භාණ්ඩයක් යයි යැයි හංවඩු ගසමිනි. 


"එයා මාව කසාද බඳිනවා කිව්වම මගෙත් එක්ක හිටපු කොල්ලො දෙන්නගෙ ඇස් උඩ ගියා" 

මෙම චිත්‍රපටය තුළ හමුවන තවත් එක් ප්‍රබල චරිතයක් ලෙස අබසිරිගේ පියා ඉස්මතු වේ. සුද්දිගේ මාමණ්ඩිය ග්‍රාමීය වැසියකු ලෙස ඔහුගේ අභ්‍යන්තරික මානසිකත්වය ක්‍රියා කරන ආකාරය මෙම චිත්‍රපටය තුළ දී වැදගත් වෙයි. එමෙන්ම ප්‍රසිද්ධ ස්ථානයක් තුළ දිය නෑමේදී මෙන්ම පෞද්ගලික අවකාශයක් වන නාන කාමරය තුළ දී ඇයට එකම අර්බුදයකට මුහුණ දීමට සිදුවේ. එනම් පුද්ගල යටි සිත තුළ ඇති ලිංගික ආශාවන්ගේ ආශාවන් ගේ ගොදුරක්  බවට ඇය පත්වීමයි. තවත් විටක එම නාන කාමරය පුද්ගල යටි සිත තුල  ඇති ගුප්ත ලිංගික ආශාවන් සංකේතවත් වන බවද දැක්විය හැක. එනම් මිනිස් මනස තුළ ඇති එම ලිංගික කාමුක හැඟීම් යම්කිසි පුද්ගලයකුගේ පෞද්ගලික අවකාශ වලට එල්බ ගැනීමට තරම්, පුද්ගල මනස ක්‍රියා කරන ආකාරය නිරෑපණය කිරීම හරහා පුද්ගල අවිඥානයේ ප්‍රබලත්වය මෙම චිත්‍රපටය ඇසුරින් මැනවින් නිරූපණය වේ. 

සුද්දීගේ මළ සිරුර නිවසට රැගෙන පැමිණි අවස්ථාවෙහි දී සිය මාමණ්ඩිය කඳු මුවාව දෙස බලා සිටින්නේ තමා වරදක් නොකළ සුචරිත පුද්ගලයෙකු ලෙසය. එවිට ක්ෂණයෙන් කැමරා කෝණය මාමණ්ඩිය දෙස එල්ල කරන කැමරාකරුවා  නැවතත් කැමරා කෝණය නාන කාමරය දෙස දෙසට එල්ල කරමින් කැමරාව හසු කර ගන්නේ නාන කාමරයෙන් පිටත දිය සෙවල වලින් පිරි ජරාජීර්න  වී ගොස් ඇති ආකාරය යි. එය සංකේතාත්මකව ඉස්මතු කරන්නේ පුද්ගල මනසයි. ව්‍යවහාරයේ පවතින "අභ්‍යන්තර සිතේ කැඩපත මුහුණ යන ප්‍රකාශය" එමගින් ප්‍රත්‍යක්ෂ වේ.  දියසෙවෙල මගෙන් නිර්මාණකරුවා ඉස්මතු කරන්නේ මානසික භාවයන් දියසෙවෙල වලට සමාන කරමිණි. එනම් මිනිසාගේ අභ්‍යන්තරය කිලිටිවීම  වීම හරහා අපගේ මානසික භාවයන් තුළ ද දියසෙවල අකුසල් හිත ක්‍රියාත්මක වීමේ ස්වභාවය ප්‍රබල ලෙස සංකේතාත්මකව සතු කරයි. 

එමෙන්ම සමස්ත චිත්‍රපටයේම සංසිද්ධියක් ලෙස මළ මිනියක් රැගෙන යන අයුරු දක්නට ලැබේ. එමඟින් යම් කිසි යම්කිසි ආකාරයකට පෘථග්ජන මානසිකත්වය තුළ කිසියම් ගැටළුවක් ඇති වීම සංකේතවත් කරයි. එනම් මිනී පෙට්ටිය මාර්ගයෙන් පහළට ඇද වැටීම හලට ඇද වැටීම හරහා ගැටළුව ඇතිවී එම ගැටලුව හරහා තව ගැටලු නිර්මාණය වීම පුද්ගල මනසට බද්ධ කර ඇති ආකාරය හඳුනාගත හැක. පුද්ගල මනස ද එබඳු වෙයි. මනුෂ්‍ය ජීවිතය තුළ ප්‍රශ්න ගැටලු ගැටලු මතු වූ විට එම ගැටලුවලින් මිදීමට උත්සාහ නොකරන අතර ප්‍රශ්න තුළ සිටිමින් එම ගැටළු හරහා තවත් ගැටලු ඇති කර ගනිමින් මිනිසා ජීවිත කාලය පුරාම ප්‍රශ්නය සමඟ කාලය ගත කරයි. එය අත්හැරිය නොහැකි එමගින් පුද්ගල මනෝභාවයක් සංකේතාත්මක ඉස්මතු කිරීමට නිර්මාණකරුවා දරා ඇති උත්සාහය අගනේය. එම මිනිපෙට්ටිය මගින් පුද්ගල ජීවිතය තුළ ඇතිවන්නාවු ප්‍රශ්න ගැටළු ඉස්මතු කිරීමට නිර්මාණකරුවා කටයුතු කර තිබේ. 

ස්ත්‍රී අරභයා වන පුරුෂ කියැවීම කිසියම් මානසිකත්වයක පවතින බව 28 චිත්‍රපටය ආරම්භයේදීම ප්‍රේක්ෂකයාට ගෙනහැර පායි. එය අබසිරිගේ පරම්පරාවද මාලිගය පරම්පරාව ද එක ලෙසින් කාන්තාවන් යන්න රාමුගත මානසිකත්වයක් 64මායම් හරහා ඉස්මතු කොට තිබේ. ස්ත්‍රී අරභයා වන පුරුෂ කියවීම වෙනස් වේ එය කිසියම් පුද්ගලයා මානසිකත්වයකින් රාමුගත කොට කාන්තා මේ අනුව මෙවැන්නක් යන්න වග නිරූපණය කොට ඇත. අශෝක හඳගමයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද අසන්ධිමිත්තා චිත්‍රපටය තුළ ස්ත්‍රිය අරභයා වන පුරුෂ කියවීම හසුකර ගනු  පිණිස අසන්ධිමිත්තාගේ ශරීර ස්වරූපය උපයෝගී කරගැනීමේ අවස්ථාව කරා යාමට හඳගමයන් වෑයම් කරන බවක් පෙනේ. මෙහිදී නිර්මාණ කරුවන් දෙදෙනා විසින් එකිනෙකට වෙනස් මානසික ප්‍රස්තුත ප්‍රස්තුතයක් අරඹයා කාන්තාව නිර්මාණය කර ඇති අයුරු හඳුනාගත හැක. 

චිත්‍රපටය ආරම්භයේ දී මියගිය සුද්දිගේ පාපොච්චාරණය හරහා මෘත ශරීරාගාරයේ ස්ත්‍රීන් මිය යාමට හේතුව විවේචනාත්මකව විස්තර කරනු ලබයි. එවැනි ප්‍රස්තුත හරහා නිර්මානකරුවා සැබෑ සමාජ යථාර්ථය ඔස්සේ පුද්ගල අදම මානසිකත්වයත් , පරපීඩක කාමුකත්වයත් මනාව ඉස්මතු කොට ඇත. එසේම මළ මිනී මගින් සාමාජීය පුද්ගල මනෝභාවයන් ප්‍රබල ලෙ ඉස්මතු වේ. 

මනෝ විශ්ලේෂණාත්මක ව විග්‍රහ කිරීමේදී අබසිරිගේ සිත තුළ තුල තෙරපෙන මානසික ගැටුම සමස්ත චිත්‍රපටයේ ඉදිරියට රැගෙන යාම සඳහා මනා පිටුවහලක් සහ දායකත්වයක් සපයයි. 







කොත්මලේ ප්‍රජා ගුවන් විදුලි සේවය

කොත්මලේ ප්‍රජා ගුවන් විදුලි සේවය 
විද්‍යුත් සන්නිවේදනයේ ප්‍රබලතම ක්ෂේත්‍රය ගුවන් විදුලියයි. 

යුනෙස්කෝ සංවිධාන ලෝකයේ තිබෙන ගුවන්විදුලි සේවා ප්‍රධාන ශානර හතරක් යටතේ වර්ගීකරණය කර ඇත. (United nations Educational scientific and cultural organization) 

පෞද්ගලික හිමිකාරීත්වය සහිත වාණිජ ගුවන්විදුලි සේවා. 
(Commercial bordcast channels with private ownership) 

රාජ්‍ය හිමිකාරීත්වය සහිත ගුවන් විදුලිය 
State - owned Radio 

ජාතික මහජන සේවා ගුවන්විදුලි 
National public service Radio

විකල්ප ගුවන්විදුලි 
Alternative Radio

කොලින් ෆ්රේසර් (colin fraser) හා සෝනියා රෙසට්‍රපො එස්ටාඩා (sonia Restrepo Estrada) 
(2001) අනුව මහජන සේවා ගුවන්විදුලි සංකල්පය මත පදනම්ව ප්‍රජා ගුවන්විදුලි සේවා ක්‍රියාත්මක වේ. 

සමස්ථ  මහජනයාට මහජන සේවා ගුවන්විදුලි ක්‍රියාත්මක වන අතර එම මහජනතාවගේ විවිධ ස්තරයන් තෝරාගනිමින් සුවිශේෂී ප්‍රජා කණ්ඩායමකට ක්‍රියාත්මක වීම ප්‍රජා ගුවන් විදුලිය සිදුකරනු ලබයි. 




ප්‍රජාව හඳුනාගැනීම 

පොදු ගති ලක්ෂණ සහිත ජන කණ්ඩායමක් 
තෝරා ගත් භූමි ප්‍රදේශයක එකට ජීවත් වීම එකම වෘත්තියක හෝ ආර්ථික කාර්යක නියැලීම
එක සමාන සමාජ , ආර්ථික හෝ සංස්කෘතික ස්ථරයට අයත් වීම 
යම් පොදු අභිලාෂයන් සහ උවමනාවන් පැවතීම 

මෙලෙස ප්‍රජා  කණ්ඩායමක දැකගන්නට ලැබෙන මූලික  ලක්ෂණ කිහිපයකි. 
මෙවැනි ගති ලක්ෂණ සහිත ප්‍රජාවක් අතරින් ප්‍රජා ගුවන් ගුවන්විදුලි සේවයක්  බිහිවේ. 

ප්‍රජා ගුවන්විදුලිය හැඳින්වීම

ප්‍රජා ගුවන්විදුලි  මධ්‍යස්ථානයක් යනු ප්‍රජාව පිළිබඳව ප්‍රජාව විසින් ප්‍රජාව උදෙසා ප්‍රජාව තුළ ක්‍රියාත්මක කරන්නකි. 

ලුයී ටාබින් 

ප්‍රජා ගුවන්විදුලියක් යනු,

ප්‍රජා සහභාගිත්වය
ප්‍රජා හිමිකාරිත්වය හා කළමනාකාරීත්වය 
තෝරාගත් ප්‍රදේශයක් ආවරණය කිරීම 
සරල තාක්ෂණයක් භාවිතය
අඩු වියදම
කුඩා කාර්ය මණ්ඩලයක් සහිත වීම
ලාභ නොලැබීම 


ප්‍රජා ගුවන්විදුලි සංකල්පයේ ව්‍යාප්තිය 

1950 දශකයෙහි බොලිවියාවේ ආකර කම්කරුවන් ගේ හඬ ලෝකයේ ප්‍රථම ප්‍රජා (Voice of miners) සේවය යැයි බොහෝ දෙනා පිළිගැනේ. 

උදා - තම්බුලි ප්‍රජා ගුවන්විදුලි - පිලිපීනය
රේඩියෝ සාගර මාතා - නේපාලය
රේඩියෝ සුටාටෙන්ෂා - කොළොම්බියාව


ශ්‍රී ලංකාවේ ප්‍රජා ගුවන්විදුලි සේවා 

1977 පසු ශ්‍රී ලංකාවේ ඇති වූ සමාජ ආර්ථික වෙනස්කම් වල ප්‍රතිඵලයක් වශයෙන් මෙරට විද්‍යුත් ඒකාධිකාරිය හිමිකරගෙන සිටී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ගුවන්විදුලි  විකාශන කටයුතු විමධ්‍යගත කිරීමටත් ඒ තුළින් ප්‍රාදේශීය සහභාගිත්වය ගුවන්විදුලි මාධ්‍ය කෙරෙහි ලබා ගැනීමත් සලකා බලනු ලැබීය. 

ආසියාවේ ප්‍රථම ප්‍රජා ගුවන් විදුලිය බිහිවූයේ ශ්‍රී ලංකාවේය. 

1981 වර්ෂයේ  ආරම්භ වූ මහවැලි කඩිනම් ව්‍යාපාරය යටතේ බිහිවන ප්‍රජා ගුවන්විදුලි ලෙස, 

මහවැලි ප්‍රජා ගුවන්විදුලිය (1981) 
ගිරාඳුරුකෝට්ටේ ප්‍රජා ගුවන්විදුලිය (1986)
කොත්මලේ ප්‍රජා ගුවන්විදුලිය (1988)
ඌව ප්‍රජා ගුවන් විදුලිය  (2001-2003)
මහ ඉලුප්පල්ලම ප්‍රජා ගුවන්විදුලිය


කොත්මලේ ප්‍රජා ගුවන්විදුලිය (1988) 

මහවැලි ව්‍යාපාරය යටතේ සංවර්ධනය කරනු ලැබූ දෙවන විශාලතම ප්‍රජා ගුවන් විදුලි සේවය වන්නේ කොත්මලේ ප්‍රජා ගුවන් විදුලියයි. 

1989 ජනවාරි මස 17 දින මාවතුර ප්‍රදේශයේ ආරම්භ විය. 

කොත්මලේ වේල්ල ට ඉහලින් පිහිටි දොරගල ගම්මානේ වසා තිබූ තේ කර්මාන්ත ශාලාවක කාමරයක ඉදිකළ මැදිරියක සිට කොත්මලේ ප්‍රජා ගුවන් විදුලියේ විකාශන කටයුතු  ආරම්භ කරන ලදී. 

එවකට  ඉඩම් සංවර්ධන හා මහවැලි අමාත්‍යව සිටි ගාමණී අතුකෝරළ මහතා විසින් කොත්මලේ ප්‍රජා ගුවන් විදුලි සේවය විවෘත කර ඇත.  

මෙය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා යුනෙස්කෝවේ අරමුදල් සහිතව එසේම කොළඹ විශ්වවිද්‍යාලය ද අනුමැතිය සහිතව ආරම්භ කොට තිබේ.   



මධ්‍යම කඳුකරයේ මාවතුර ප්‍රදේශයේ පිහිටනු ලැබූ කොත්මලේ ප්‍රජා ගුවන් විදුලිය මගින් නාවලපිටිය ගම්පොල හැටන් සහ තිස්පනේ යන නගර හා ගම්මාන  60 පමණ ආවරණය කරනු ලබයි. 

කොත්මලේ ප්‍රජා ගුවන්විදුලි මධ්‍යස්ථාන අවට 15km අවට කලාපය තුල හමු වූ බොහෝ දෙනෙක් කොත්මලේ ප්‍රජා ගුවන්විදුලියට සවන් දී ඇති බව කොත්මලේ ප්‍රජා ගුවන් විදුලි ගුවන්විදුලි මධ්‍යස්ථානයේ ස්වේච්ඡා සේවිකාවක් වශයෙන් කටයුතු කළ ඕස්ට්‍රේලියානු ජාතික ටාන්‍යා නෙතලි ප්‍රකාශ කර තිබේ.  

කොත්මලේ ජලාශ ඉදි වීමත් සමඟම එම ප්‍රදේශවල ජනතාවගේ පාරම්පරික ඉඩම් ඔවුනට අහිමි වීමත්  සමඟ එය අවට පිහිටි තේ ඉඩම් වලින් කොටස් වශයෙන් එම ප්‍රජාවට ලබා දී තිබේ. 

මොවුන් මුල් මුල් කාලයේ නම් ගොවිතැන් හා සුළු අපනයන බෝග වගාවන් සඳහා අවශ්‍ය දැනුම ලබා ගැනීමටත් 

සමාජ පරිසරවල යහපත් අන්දමින් සමාජ ගතවීමටත් 

අවශ්‍ය උපදෙස් ලබා ගැනීමටත් 

හොඳ සමාජය තුළ යම් උසස් මට්ටමකට රැගෙන ඒමටත් 


යන කාරණා මූලික කොට ගෙන කොත්මලේ ප්‍රජා ගුවන් විදුලි සේවය ස්ථාපිත වී තිබේ. 



කොත්මලේ ප්‍රජා ගුවන් විදුලියෙහි ක්‍රියාකාරීත්වය

මුල් කාලයේ නව රාත්‍රි 7.00 සිට 8.00 දක්වා කාලයක් ඉතා කෙටි ගුවන් කාලයක් තුළ  විකාශන කටයුතු සිදු කළ අතර පසුකාලීනව රාත්‍රී විකාශනය, ආදී වශයෙන් විකාශනය කටයුතු සිදු කෙරිනි.  






















සන්නිවේදන ප්‍රතිපත්තින්හි /ක්‍රමවේදයන්හි ජාත්‍යන්තර පසුබිම සංවර්ධිත රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් ඇසුරින්

සන්නිවේදන ප්‍රතිපත්තින්හි /ක්‍රමවේදයන්හි ජාත්‍යන්තර පසුබිම සංවර්ධිත රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් ඇසුරින්
සංවර්ධිත රටවලට සාපේක්ෂව විධිමත් ආපදාකළමනාකරණ ව්‍යුහයක් ස්ථාපිත වී නොමැති සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රශස්ත මට්ටමේ අපදා සන්නිවේදන ජාලයක් ක්‍රියාත්මක නොවේ. 

සංවර්ධිත රටවලට සාපේක්ෂව සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් හි ආපදාවන්ට වැඩි වශයෙන් මුහුණ දී ජීවිත දේපළ හානි රාශියක් සිදු වන අයුරු හඳුනාගත හැකිය. 

යුරෝපය තුල බොහෝ රාජ්‍යයන්හි ඉතා ක්ෂණික වශයෙන් ක්‍රියාත්මක වන්නාවූ ජාතික ආපදා සන්නිවේදන පද්ධති හඳුන්වා දී තිබේ. ජාත්‍යන්තරය ගත්කල පරිපාලන හා දේශපාලන ආයතන ආරක්ෂක හා යුධ ආයතන හා මාධ්‍ය ආයතන මේ සඳහා ප්‍රධාන වේ. ඒ අතරිනුත් ප්‍රධාන කාර්යය සිදු කරන්න ලබන්නේ මාධ්‍ය ආයතන විසිනි. නමුත් සංවර්ධනය වෙමින් පවතින රටවල මෙවැනි කාරණා දක්නට ලැබුණද ඒවා විධිමත් ලෙස ක්‍රියාත්මක නොවන අයුරු හඳුනාගත හැක. 

පෙර පරිච්ඡේදයක සඳහන් කරන ලද පරිදි සංවර්ධිත රාජ්‍යයන් ආපදා සන්නිවේදන ප්‍රතිපත්තියෙන්හි මනා සැලසුම් සහගත භාවය හේතුවෙන් එම රාජ්‍යයන් හි දක්නට ලැබෙන ආපදා සන්නිවේදනය විධිමත්ව සිදු වන ක්‍රියාවලිය සංවර්ධනය වෙමින් පවතින රාජ යද්දි සත්‍ය සත්‍ය වශයෙන්ම සිදු වනවාද නැද්ද යන්න පිළිබඳව ගැටලු ගැටලු අද්‍යතනය වන විට ඉස්මතු වී පෙනෙන්නට තිබේ. 

විශේෂයෙන්ම ගත් කල බ්‍රිතාන්‍ය ඇමෙරිකානු රාජ්‍යයන් ආපදා සන්නිවේදන ක්‍රියාදාමයන්හි ආපදාවකට මුහුණ දෙන ප්‍රජාවගේ බිඳ වැටෙන මානසිකත්වය යහපත් අතර පරිවර්තනය කිරීමේ ක්‍රමවේදයන් ප්‍රතිපත්ති රාමුවක් තුළ කටයුතු කරයි. 

රටක් සංවර්ධනය කරා ගමන් කර දීමේදී ප්‍රජාවගේ සවිබල ගැන්වීමට බෙහෙවින් වැදගත් වන බව ජාත්‍යන්තර රටවල් අවබෝධ කරගෙන සිටී. නමුත් සංවර්ධනය වෙමින් පවතින රාජ තුළ එවැනි සරල කාරණාවන් පවා පසෙකලා ආර්ථික ක්‍රියාවලිය හමුවේ ජනමාධ්‍ය අද මාධ්‍ය කර්මාන්තය තුළ මුදල් පසුපස හඹායන ප්‍රවාහයක් බවට පරිවර්තනය වෙමින් තිබේ. 

ආපදා සෙනවි තැන ප්‍රතිපත්තීන්හි ජාත්‍යන්තර පසුබිම සංවර්ධනය වෙමින් පවතින රටවල් ඇසුරින් විග්‍රහ කිරීමේ දී ශ්‍රී ලංකාවේ වැදගත් වනු ඇත.  ශ්‍රී ලංකාවේ ස්වභාවික විපත් සම්බන්ධයෙන් සිදු වනුයේ ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලියක් පමණි. මෙරට ආපදාවන් කළමනාකරණය පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් 1990 දශකයේ ආපදා ආපදාකළමනාකරණ දර්ශකය ලෙස නම් කර තිබුණද තිබුණ ද එයින් පවා මෙරට ආපදා කලමනාකරණය පිළිබඳව පුළුල් කතිකාවතක් ඇති කිරීමට උනන්දුවක් ඇතිවූයේ නැත. 

2003 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකු මවිතයට පත් වෙමින් කිසිවකු නොසිතූ ප්‍රදේශ බොහෝමයක් නායයෑමට ලක් විය. ජල ගැනීම වලට ගොදුරු විය. දිනෙන් දින නොසිතන ආකාරයේ ස්වභාවික විපත් අත්විඳීමට සිදු වී ඇත්තේ ස්වාභාවික ආපදාවලින්  එල්ලවන අභියෝග ජය ගැනීමට තරම් ආපදා සන්නිවේදනය සම්බන්ධයෙන් මෙරට තුළ ප්‍රතිපත්තියක් නොමැති වීමේ ප්‍රතිවිපාකයන් ය. 

මෙරට තුළ සුබසාධන මධ්‍යස්ථාන වලට හා සෙසු විපතට පත්වූවන්ට සහන සැලසීමේ දී වියළි ආහාර ලබා දීමේ දී විෂමතා ඇති වීමට නිසි ආපදා කළමනාකරණ ප්‍රතිපත්තියක් නොමැති වීමේ අඩුව බෙහෙවින් බලපා තිබේ. ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කරන ලද 2005 අංක 13 දරණ ආපදාකළමනාකරණ ආපදාකළමනාකරණ පනතේ ප්‍රධාන අරමුණ පහකි. 

ජාතික ආපදා ආපදාකළමනාකරණ සභාවක් පිහිටුවීම
ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය පිහිටුවීම
තාක්ෂණික කමිටු පිහිටුවීම
ආපදාවන්ට වළඳ ලකාට සහන සේවා හා වන්දි ප්‍රදානය

ආපදාවක් වළක්වන විධිමත් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වීම තුළින් රට විධිමත් ලෙස සංවර්ධනය කිරීමට ද හැකි වේ. 

සංවර්ධිත රටවලට සාපේක්ෂව විධිමත් ආපදාකළමනාකරණ බිය යකෝ ස්ථාපිත වී නොමැති සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රශස්ත මට්ටමේ ආපදා සන්නිවේදන ජාලයක් ක්‍රියාත්මක නොවේ මූලික අවශ්‍යතාව සපුරා ගැනීමේ තරඟයට උර දී සිටින දියුණු වෙමින් පවතින තුන්වන ලෝකයේ රටවල ආපදා සන්නිවේදනය ලෙස ක්‍රියාත්මක වනුයේ කිසියම් ආපදාවක් සිදුවීමෙන් පසු වන සිද්ධි වාර්තා කරණය කි. ආපදාවන්ට පෙර හා පසු වශයෙන් විධිමත්ව කළමණාකරන රටාවක් ව්‍යාප්ත කරනවා සේම සන්නිවේදනයේ දී ද ගවේෂණාත්මක අර්ථකථන නොදී ආපදා පිළිබඳ උඩින් පල්ලෙන් වන අතපත ගෑමේ වාර්තාකරණයක් දක්නට ලැබේ. 

ඉදිරි වසර කිහිපය තුළ ලොව බොහොමයක් රටවල් ආපදාවලට නිරාවරණය වීමේ ඉඩ ප්‍රස්ථාව වැඩි හෙයින් බොහොමයක් දෙවැනි ලොව දියුණු වෙමින් පවතින රටවල් සඳහා විධිමත් ආපදාකළමනාකරණ ව්‍යුහයක් මෙන්ම ආපදා සන්නිවේදන ප්‍රතිපත්ති සැකසීමේ අවශ්‍යතාවයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පෙන්වා දී ඇත. 

WA කසුනි නිමල්කා විජේසිංහ
කොළඹ විශ්වවිද්‍යාලය 
ජනමාධ්‍ය අධ්‍යනාංශය 

ආපදා සන්නිවේදන ප්‍රතිපත්තීන්හි, ක්‍රමවේදයන්හි ජාත්‍යන්තර පසුබිම

ආපදා සන්නිවේදන ප්‍රතිපත්තීන්හි / ක්‍රමවේදයන්හි ජාත්‍යන්තර පසුබිම
ලොව පුරා සිදුවෙමින් පවතින ආපදා තත්ත්වය දැකගත හැකි අඩු වීමක් නොව වර්ධනයකි. ලෝකය පුරා සිදුවන ආපදාවන්හි ස්වභාවිකව සිදුවන ආපදා මෙන්ම මිනිස් ක්‍රියාවන් හේතුවෙන් සිදුවන ආපදා සුලබ ව පවතී. ගෝලීයකරණ ක්‍රියාවලිය ට රටවල් මුහුණ දීමේදී ආපදා සන්නිවේදනය සම්බන්ධයෙන් ලෝකයේ විවිධ රටවල් විවිධ ශක්‍යතාවයන් එක්රොක් කරගනිමින් කර ගනිමින් කටයුතු කරයි. 

නිදසුන් ලෙස අපදාව වැඩි වශයෙන් සිදුවන ජපානය තුල මේ වනවිට අපදාව අවම කිරීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරියෙන් සිටී. නමුත් තාක්ෂණය අතින් ඉදිරියේ සිටින ඇමරිකාව ඇතැම් ආපදා තත්වයන් හමුවේ ඉතාමත් අසීරුතාවන්ට මුහුණ දී තිබේ. නිදසුන් ලෙස රීටා , කැත්‍රිතා වැනි චණ්ඩ මාරුත හඳුන්වා දිය හැක. 

අද්‍යතනය තුළ පමණක් නොව මීට දශක ගණනාවකට ප්‍රථමව ද ලොවපුරා රටවල් හා එක්වී ආපදා සන්නිවේදනය සඳහා වන  කරුණු සම්බන්ධයෙන් විවිධ සමුළු පවත්වමින් ඒ සඳහා විවිධ ප්‍රතිපත්තීන්  නිර්මාණය කිරීමට අවධානය යොමු කර තිබේ.  

ආපදාවකට මුහුණ දී නොමැති රාජ්‍යක් හඳුනා ගැනීමට නොමැති තරම්ය. අද්‍යතනය වන විට සමාජයක් නිර්මාණය වී ඇත්තේ ද සිදුවන ආපදාවන්හි දී ගොඩනැගෙන සන්නිවේදන ක්‍රමයන්ගේ ගතිකත්වය මතය. 

එම ක්‍රමවේදයන්හි ඇති විශේෂත්වය මත මානවයා හට ආපදාවකට මුහුණදීමට අවශ්‍ය වන්නාවූ ආකල්ප රාමුවක් මනස තුළ නිර්මාණය වී තිබේ. 

ආපදා සන්නිවේදන ප්‍රතිපත්තීන්හි / ක්‍රමවේදයන්හි ජාත්‍යන්තර පසුබිම රටවල් පිළිබඳව අදයනය කිරීමේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1990 දශකයේ ස්වභාවික ආපදා අවම කිරීමේ ජාත්‍යන්තර දර්ශකය නමින් ප්‍රතිපත්ති සකස් කිරීමත්, සමග මෑත අවුරුදු කිහිපය තුළ ආපදා සන්නිවේදනය පිළිබඳ උනන්දුවක් ඇති ව තිබේ. 

1990 වසරේ මැයි මස 20 සිට 22 දක්වා පින්ලන්තයේ ටැම්පර්  අගනුවර පැවති ආපදා සන්නිවේදනය පිළිබඳ සමුළුවට සහභාගි වූ ලොව පුරා සිටින ඉංජිනේරුවරුන් භූ විද්‍යාඥයන් ප්‍රමුඛ රටවල් 25 ක නියෝජිතයන් ආපදා සන්නිවේදනය පිළිබඳ පිලිබඳ ප්‍රතිපත්තියක් සකස් කළේය. 

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි ආපදා සන්නිවේදනය සේවය එවැන්නකි. ෆෙඩරල් සන්නිවේදන කොමිසම හරහා ආධාර ලබන ආයතන මගින් ක්ෂණික ගුවන් විදුලි සන්නිවේදන විධි ක්‍රමයක් ආපදා සන්නිවේදනය සඳහා භාවිතා කරනු ලැබේ. 

බටහිර රටවල ඉතා දියුණු සන්නිවේදන තාක්ෂණික ක්‍රමවේදයක් මෙන්ම ඒ ආශ්‍රිත අනෙකුත් සම්පත් ලබා ගැනීමේදී මූල්‍ය ගැටලු නොපවත්වන නිසාම වෙළෙඳ  ක්‍රමවේදය යටතේ ක්‍රියාත්මක වන ජනමාධ්‍යවලින් දා ආපදා සන්නිවේදනය විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය ආධාර ලබා දෙයි. 

මේ අනුව ගත් කල කල පෙම ලෝකයේ රටවල් සඳහා ද විධිමත් ආපදා සන්නිවේදනය ක්‍රමවේදයන් සහ ප්‍රතිපත්ති වන අවශ්‍යතාවය මැනවින් ඉස්මතු වේ. එය  එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ද පෙන්වා දී ඇත. 


WA කසුනි විජේසිංහ 
පුහුණු ජනජනමාධ්‍යවේදිනී

Wednesday, 25 January 2023

සංස්කෘතික වේදය සහ එහි විවිධ එළඹුම්

සංස්කෘතික වේදය සහ එහි විවිධ එළඹුම් 
සංස්කෘතික වේදය මගින් සංස්කෘතිය පිළිබඳ විද්‍යාත්මක පදනමක් ඔස්සේ හැදෑරීම සිදු වේ.  මේ හරහා සංස්කෘවේදය  මගින් සංස්කෘතිය පැවැත්ම රටාවන් අඛණ්ඩතාව පර්යේෂණාත්මක ලෙස හැදෑරීම සිදුවේ. සංස්කෘතිකවේදය මගින් සංස්කෘතිය පිළිබඳව විද්‍යාත්මක අවබෝධය විශ්ලේෂණය සහ පුරෝකථනය කිරීමට හැකියාව ලැබෙන අතර සංස්කෘතික අංශයන් පිළිබඳව පමණක් අවධානය යොමු කළ හැකි විනයක අවශ්‍යතාව හඳුනා ගනු ලැබුවේ සංස්කෘතිකවේදය විසිනි. 

Culturlogy යන පදය තුළ logy යන විවරණය එක්වීම මගින් විද්‍යාත්මක එළඹුමක් (Scientific Approach) ලැබී ඇත.

සමකාලීන සමාජ විද්‍යාවන් ගත් විට සංස්කෘතික වේදය යන වචනය භාවිතයට ගෙන ඇත්තේ ඇමරිකානු මානව විද්‍යාඥ ලෙස්ලි වයිට් විසිනි. ඔහු එය සංස්කෘතික ක්ෂේත්‍රයක් ලෙස සංස්කෘතික අධ්‍යයනය කරනු ලබන විද්‍යා ශාස්ත්‍රයක් ලෙස අර්ථ දක්වා ඇත. 

සංස්කෘතික වේදය මානව වර්ගයා තුළ පාරදෘශ්‍යයක් ලෙස සංස්කෘතීන්හි විවිධත්වය සහ ඒවාගේ අන්තර් ක්‍රියාකාරීත්වයන් පිළිබඳව විමර්ශනය කරනු ලබයි. වයිට්ගේ නිරීක්ෂණයන්ට අනුව ටයිලර් විසින් 1872 දී primitive culture යන කෘතියෙන් සංස්කෘතිකවේදය අර්ථ දක්වා ඇත්තේ සංස්කෘතික විද්‍යාව (Science of culture) වශයෙනි. 

කල්පයක අඳින්න 

මෙම සංස්කෘතික වේදය විවිධ එළඹුම් ඔස්සේ සාකච්ඡා කළ හැකිය එහිදී මානව විද්‍යාත්මක ප්‍රවේශය ( Antropological Approach) , දාර්ශනික ප්‍රවේශය , සමාජ විද්‍යාත්මක ක්‍රමය , මනෝවිද්‍යාත්මක එළඹුම් සෞන්දර්යාත්මක එළඹුම් , යටතේ විමසිය හැක. මෙම එක් එක් එළඹුම් තුලදි විවිධාකාරයේ   සංස්කෘතිකවේදය පිළිබඳ ව සාකච්ඡා කර ඇත. 

මානව විද්‍යාත්මක එළඹුමක් සමඟ කෙසේද සංස්කෘතිය බැඳී තිබෙන ආකාරය වැදගත් වේ. ග්‍රීක භාෂාවෙන් උපුටාගත්  Antropos යන වචනයෙහි අර්ථය මානව යන්නයි. Logy යන්න අධ්‍යයනය යන අදහසයි. 

Antropology මානවයා පිළිබඳ හැදෑරීම

මානවයා එසේ නැතිනම් මනුෂ්‍යයා පිළිබඳව හැදෑරීම මානව විද්‍යාව ලෙස අර්ථ දැක්විය හැකිය. එනම් අතීත ආද්‍යතන  මිනිසාගේ මානව හැසිරීම සහ මානවයාගේ සමාජ ක්‍රියාකාරීත්වය පිළිබඳව විද්‍යාත්මක අධ්‍යනය  කිරීමක් මෙහිදී සිදුවේ. 

මානවයා එක් එක් සංස්කෘතියට අයත් යැයි විශේෂ කළ නොහැකිය. ඔහු මේ මොහොතේ ජීවත් වන්නාවූ සංස්කෘතිය කුමක්ද එයට අනුගත වනු ඇත. මානව විද්‍යාව තුළ සංස්කෘතියේ එළඹුම් කුමන ආකාරයට වර්ධනය වී ඇති ද යන කාරණාව මෙහිදී වැදගත් වනු ඇත. එමගින් මානවයා පිළිබඳ අධ්‍යනයක් වනු ලබයි. මිනිසා යනු සංස්කෘතික සත්වයෙකි.සංස්කෘතියෙන් තොර පැවැත්මක් ඔහුට හිමි නොවේ. ඔහු කොතැනක වාසය කරනු ලැබුවද කුමන හෝ සංස්කෘතික පරිසරයකට අයත් වනු ඇත. මානවයා සහ සංස්කෘතිය ලෙස එම අංගයන් ද්විත්වය එකිනෙක විභේදනය කළ නොහැකිය. 

මෙම එළඹුම් මගින් භාෂාවෙ වැදගත්කම මෙන්ම සංස්කෘතිය විසින් මානවයා සහ විශ්වය සමග පවත්නා අන්තර් සබඳතාව කෙසේ නිර්වචනය කර ඇති  කාරණාව වැදගත් වේ. මානවයන් සංස්කෘතියෙන් වෙන් කර හඳුනා ගත නොහැකි කල්හී මානව සම්භවය සිට සමකාලීන සංස්කෘතික සහ සමාජ ජීවිතය දක්වා මානව අත්දැකීම් එහි සමස්ථය ගවේෂණය කිරීම සංස්කෘතිය තුළ මානව විද්‍යාත්මක එළඹුම් සාකච්ඡාවට බඳුන් කරනු ලබයි. 

මානව විද්‍යාඥයන් විසින් ආනුභාවික පර්යේෂණ (Emperical Research)  නිරත වීමේදී සංස්කෘතිය යන කාරණාව බෙහෙවින් වැදගත් වනු ඇත. 

මානව චරිතයේ සියළු ක්‍රියාවලියන් සහ හැසිරීම් සංස්කෘතියේ අන්තර්ගත වන්නාසේම සංස්කෘතියෙන් තොරව භාෂාවන් ද උත්පාදනය වන්නේ නැත. 

මානව විද්‍යාව එළඹුම් තුලදී සංස්කෘතික අධ්‍යනය කිරීම උදෙසා ජෛව විද්‍යාත්මක සමාජීය සංස්කෘතික ඓතිහාසික භාෂාමය සංචාරණය ද්‍රව්‍යමය තාක්ෂණික ප්‍රවේශයන් ආදිය වැදගත් වේ. 

සංස්කෘතික මානව විද්‍යාව මගින් සංස්කෘතියේ අන්තර්ගත වන්නේ කුමන අංශයෙන්ද ඒ සෑම අංශයක් පිළිබඳවම මෙම එළඹුම් ඔස්සේ  සාකච්ඡා කරයි. මෙහිදී සම්මතයන් වටිනාකම් මෙන්ම සාරධර්ම පිළිබඳව ද අධ්‍යයනය කරයි. 

භාෂාමය මානව විද්‍යාව මගින් දැන් මෙම ක්ෂේත්‍රය යටතේ සාකච්ඡා කළ හැකිය. එනම් භාෂාව යන කාරණාව තුළින් ලෝකයේ මිනිසුන් වුවද වර්ගයන් වලට කණ්ඩනය වී ඇත. 

කොරියන් භාෂාව කොරියන් මිනිසුන් 
දෙමළ භාෂාව දෙමළ මිනිසුන් 

මානවයා පිළිබඳ සාකච්ඡා කිරීමේ දී භාෂාව මූලික මේ භාෂාව යනු සංස්කෘතික අංගයකි. සිග්මන් ෆ්‍රොයිඩ් පවසන පරිදි සංස්කෘතියක් නොමැති නම් අප තිරිසන් සතුන් විය හැකිය. මිනිසුන් කණ්ඩායමක් ලෙස සංස්කෘතිය බෙදා ගැනීම සිදුවෙයි. තනි පුද්ගලයෙක් මගින් සංස්කෘතියක් ගොඩ නැංවිය නොහැක. ඒ සඳහා පුද්ගල කණ්ඩායමක් අත්‍යාවශ්‍ය වනු ඇත. මානවයා වෙනස් වීමේ දී එය හරහා බැඳුණු සංස්කෘතික කාරණා ද වෙනස් වනු ඇත. විශේෂයෙන් මෙම මානවයා විසින් සංස්කෘතිය යම් යම් කොටස් වෙනස් කරන්නේ යම් සේද ඒ සඳහා අන්තර් සම්බන්ධ වූ අනෙක් සියලුම කොටස් වෙනස් වනු ඇත.  

මානව විද්‍යාත්මක එළඹුම යටතේ ඇති ප්‍රධානතම උපකුලකයක් ලෙස සංස්කෘතික මානව විද්‍යාව පිළිබඳ එළඹුම මේ ආකාරයෙන් විමසිය හැක. 


සංස්කෘතිය යන කාරණාව මානව මානවවිද්‍යා අන්තර්ගතයෙහි බෙදීම් සහගතය. සංස්කෘතිය පිළිබඳව හදාරන මානව විද්‍යාඥයින් මේ පිළිබඳව එකඟතාවයක් නොමැත. ඇතැම් මානව විද්‍යාඥයන් සංස්කෘතිය යන ද්‍රව්‍යමය කාරණාවක් මුල්කරගනිමින් සාකච්ඡා කරයි.

ජීව විද්‍යාත්මක එළඹුම ද වැදගත් වේ. මේ තුළ මානව පරිණාමයත් සමඟ සංස්කෘතිය වෙනස්වීම වෙනස් වීම යන කාරණය සාකච්ඡා කරනු ලබයි. මිනිසා සංස්කෘතික මිනිසෙක් වීමට ජීව විද්‍යාත්මක බලපෑමක් වන්නේ කෙසේද යන්න අධ්‍යනය කරයි. 

අතීත මුතුන් මිත්තන් කෙසේද ඔවුන්ගේ හැසිරීම කෙසේද ඔවුන් ජීවන රටාව තුළ ඔවුන් ආහාර අනුභව කර ඇත්තේ කෙසේද ජීවන වපසරිය තුළ ට පැමිණියේ කෙසේ ද යන්ද යන්න පිළිබඳව මෙම ලොවම තුළ වැදගත් වේ. අවසානයේ මේ සියලුම කාරණාවන් ඔස්සේ අපගේ සංස්කෘතිය පිළිබඳව අනන්‍ය සාධක ඉස්මතු වේ. නිදසුන් ලෙස පාහියන් වැනි ලෙන් අසලින් ධාන්‍ය ඇටයක් , භාවිතා කරන ලද ලී ආයුධයක් හෝ හමු වූ විට විද්‍යාඥයන් විසින් ඒවා රැගෙන ගොස් කාලය නිර්ණය කර බලයි.  

එම අවස්ථාවේදී ඔවුන් පර්යේෂණ මගින් සොයා ගන්නේ මානවයා ආහාර ගනු ඇත්තේ මොනවාද වගා කටයුතු සඳහා යොදාගෙන ඇති ආයුධ මොනවාද යන්නයි. එමගින් මානවයාගේ හැසිරීම නිර්ණය කළහැකි මෙවැනි දෑ ඔස්සේද අවසානයේ නිර්ණය වන්නේ ඔවුන්ගේ සංස්කෘතිය යි. 

ජීව විද්‍යාත්මක එළඹුම් ඔස්සේ තවදුරටත් සංස්කෘතිය පිළිබඳව අධ්‍යනය කිරීමේදී එක් එක් සංස්කෘතින් හමේ වර්ණය අනුව මුහුණේ හැඩය අනුව යනාදී සාධක මත සංස්කෘතික ලක්ෂණ ඉස්මතු වේ. 

චීන ජාතිකයින් , අප්‍රිකන් කළු ජාතිකයන් , අප්‍රිකන් කළු ජාතිකයින් 

මෙවැනි එළඹුම ඔස්සේ සංස්කෘතිය පිළිබඳව විවිධ කාරණා ඉස්මතු කරගත හැක. 

සංස්කෘතිකවේදය ආධ්‍යනය  කිරීමේ තවත් එළඹුමක් ලෙස   භාෂාමය එළඹුම වැදගත් වේ. මානවයා හට ආවේණික ආවේනික අනන්‍යතාවක් ලෙස භාෂාව හැඳින්විය හැකිය. එදාමෙදා තුර  ඉතිහාසයේ මිනිසා සොයාගත් අපූර්වතම මෙවලම භාෂාවයි. ලෝකය තුළ විවිධ භාෂාවන් කතා කරන ද සංස්කෘතියට අයත් විශාල මිනිසුන් කොට්ඨාසයක් ජීවත් වෙයි. 

නිදසුන් ලෙස ජපන් භාෂාව ජපන් ජාතිකයින් 
ජමන් භාෂාව ජමන් ජාතිකයින්

මෙම එක් එක් ජාතීන් ඒ ඒ ගොඩනඟා ගත් සංස්කෘතික අංගයන් තුළ  ජීවත් වේ. මෙම එළඹුම ඔස්සේ භාෂාව මගින් මානවයාට මානවයෙක් ලෙස සමාජගත වීමට අන්‍යතාව  කෙසේ බලපාන්නේද ලෝකයේ අදහස් බිහිවීම උදෙසා භාෂාව හේතුව ඇති ආකාරය භාෂාව ඒ ඒ තැන පුද්ගලයාගේ ජීවිතයට පෞද්ගලිකව බලපා ඇති ආකාරය මෙම එලැඹුමේ දී අධ්‍යයනය කරයි. 

විශේෂම කාරණාව වන්නේ පවතින සංස්කෘතිය වෙනස් කිරීමේ හැකියාව භාෂාවට ඇත. ඒ පිළිබඳව මෙම ප්‍රවේශය ඔස්සේ වැඩිදුර විමසීමට භාජනය කෙරේ. 

නිදසුන් ලෙස යාපනයේ  දෙමළ ප්‍රජාව සහ කඳුකරයේ දෙමළ ප්‍රජාව අතර භාවිතාවන දෙමළ භාෂාව තුළ විවිධත්වයක් දක්නට ලැබෙන අතර ඔවුන් භාෂාව භාවිතා කිරීමේ දී එය මනාව හඳුනාගත හැකිය. ඒ කොට්ඨාස දෙක අතර සංස්කෘතියේද විවිධ තා හඳුනාගත හැක. තවදුරටත් ශ්‍රී ලංකාවේ එකෙක් ප්‍රදේශයන්ගේ් එක් ප්‍රදේශයන්ගේ පිහිටීම එනම් උඩරට පහතරට ආදී වෙනස් කම් ඔස්සේ භාෂා වෙනස්කම් හඳුනා ගත හැක. (නුවර - යන්ඩ , එන්ඩ , කන්ඩ, මාළු , මාතර - ඔහේ , ව්‍යංජන) 

සංස්කෘතික වේදය පිළිබඳව සාකච්ඡා කළ හැකි තවත් එළඹුමක් ලෙස මනෝවිද්‍යාත්මක  ප්‍රවේශය හඳුනාගත හැක. මෙම එළඹුම මගින් සංස්කෘතික Cultural ice burg සංකල්පය වැදගත් වේ. 

මිනිසුන්ගේ සිතිවිලි හැඟීම් කෙලෙස සංස්කෘතියට බලපාන්නේ ද යන්න මෙම එළඹුම ඔස්සේ සාකච්ඡා කරයි. සංස්කෘතිය තුල  මනෝ විද්‍යාවේ ප්‍රධානතම කාරණාව වන්නේ මනස සංස්කෘතියෙන් වෙන් කළ නොහැකි කාරණාවක් ලෙස දැකීමයි. 



නිදසුන් ලෙස සිග්මන් ෆ්‍රොයිඩ් කරුණු ඉදිරිපත් කර ඇති ආකාරය අනුව මනසේ  Id සංස්කාරය තුළ තුළ අවිඥාණික ත්ත්වය ක්‍රියාත්මක වේ. එය හරහා මිනිසාගේ Id මගින් කාමාසක්ත හැඟීම් සාක්ෂාත් කර කරගැනීමට පෙළඹුන ද ඇතැම් අවස්ථාවන්හිදී සංස්කෘතිය යන කාරණාව මගින් Id පාලනය විය හැකියි. 

එනම් සංස්කෘතිය යන සාධකය තුළ id යටපත් වීම සිදු වේ. මෙහිදී Id , Ego ,supper ego යන මනස ඉස්සර තුන හරහා සංස්කෘතිය තුළ මිනිසා හැසිරිය යුතු ආකාරය ආයාසයෙන් පාලනය වීමක් සිදුවෙයි. 

එහිදී සංස්කෘතිය යන කාරණය ප්‍රබල වේ. 

රිචඩ්ට අනුව මනෝවිද්‍යාත්මක ප්‍රවේශයේදී සංස්කෘතික සම්ප්‍රදායන් සහ සමාජ භාවිතයක් මගින් මිනිස් මනස නියාමනය කරලීම හා පරිවර්තනය සිදු කරන ආකාරය අධ්‍යනය කරනු ලබයි. 

සංස්කෘතික භේදය පිළිබඳව එහි විවිධ එළඹුම් ඔස්සේ අධ්‍යනය කිරීමේ දී සමාජ විද්‍යාත්මක එළඹුම ද වැදගත් වේ. මෙම එළඹුම ඔස්සේ සංස්කෘතිය සහ සමාජය අතර පවතින සබඳතාව වැදගත් වේ. සමාජ විද්‍යාත්මක ක්ෂේත්‍රය  තුළ සංස්කෘතිය විශ්ලේෂණය කරන්නේ මිනිසුන්ගේ ජීවන රටාව අනන්‍යතාවයන් චින්තනයන් පද්ධතියන් ගෙන් එක්වූ ප්‍රපංචයක් ලෙස ය. සමාජයේ බිහි වීම උදෙසා සංස්කෘතිය බලපා ඇත. 

නිදසුන් ලෙස සමලිංගික ප්‍රජාවට අනන්‍ය වූ සංස්කෘතියක් දක්නට ලැබෙන අතර ඔවුන් සමාජය තුළ වෙන්කර වෙන් කර හඳුනා ගැනීම උදෙසා මෙම සංස්කෘතික ලක්ෂණයන් වැදගත් වේ. සංස්කෘතිය සහ සමාජය එකිනෙක වෙන් කළ නොහැකිය. එය ගසට පොත්ත මෙන් අනුපූරකය. 



ඉහත කාරණාවන් පිළිබඳව තවදුරටත් විමසීමේදී සෞන්දර්යාත්මක එළඹුම ද වැදගත් වේ. (Aeathetic Approach) 

සංස්කෘතිය 
සාරධර්ම 
සිරිත් විරිත්
ඇඳුම් පැළදුම් 
කලාව 

සෞන්දර්ය හා සංස්කෘතිය අතර අවියෝජනීය සම්බන්ධතාවක් දක්නට ලැබේ. ඒ හරහා සෞන්දර්යය තුළ අන්තර්ගත කලාව හා සංස්කෘතිය තුළ සෞන්දර්යය පිළිබඳව පුළුල් වපසරියක් කරා සාකච්ඡා කළ හැක. 

නිදසුන් ලෙස සතියේ දී නිර්මාණය වන්නා වූ විහාර බිතු සිතුවම් සීගිරි බිතු සිතුවම් මගින් ඓතිහාසිකව පිළිබිඹු වන කාරණා සමකාලීනව අධ්‍යනය කළ හැකිය. එමඟින් එකල සංස්කෘතික රටාවන් කලාවන් සෞන්දර්ය යොදාගෙන ඇති ආකාරය හඳුනාගත හැක. 







Thursday, 11 August 2022

මානසික ආතති ඇති වීම සඳහා ජන මාධ්‍යයේ ක්‍රියාකාරිත්වය ද හේතු වෙයි.

මානසික ආතති ඇති වීම සඳහා ජන මාධ්‍යයේ ක්‍රියාකාරිත්වය ද හේතු වෙයි. 

අධි අතන යෙ සිව්වන ආණ්ඩුව ලෙසින් නම් කරන්නේ ජනමාධ්‍යයි. මිනිසාගේ තොරතුරු පිපාසය සංසිඳුවීම උදෙසා ජනමාධ්‍ය මගින් ඉටු කරනු ලබන මෙහෙවර අතිමහත්ය. ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය හමුවේ ප්‍රධාන ජනමාධ්‍ය ත්‍රිත්වයක් හඳුනාගත හැකිය. වර්තමානයේ පවතින මාධ්‍ය ක්‍රියාකාරීත්වය සමාජ ක්‍රමය තුල අධිපතිත්වයක් ජනමාධ්‍ය මගින් ඉස්මතු කරනු ලබයි. එම අධිපතිවාදය මීඩියා හෙජමොනිය යන  සංකල්පය නමින් නම් කළ හැක. 
එය හරහා ග්‍රාහකයා කිසියම් වහල් භවයකට නැතුව කර ගැනීම උදෙසා ප්‍රයත්න දන්න ආකාරය ජනමාධ්‍ය ජන මාධ්‍ය ක්‍රියා කරනු ලබන ආකාරය අනුව පැහැදිලි වේ. 

අතීතයේ මෙන් ඔබ විසිඑක්වන සියවස පැමිණෙන විට ආර්ථික බලපෑම සමාජ ක්‍රියාකාරීත්වය හමුවේ විශාල වශයෙන් මාධ්‍ය ගණනාවක් බිහිව ඇත. ග්‍රාහකයන් හට තමන් තොරතුරු ලබා ගත යුත්තේ කුමන ජනමාධ්‍ය මගින් ද යන්න  උභතෝකෝටික ප්‍රශ්නයට මුහුණ දීමට සිදුව ඇති අතර ම එකම සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු ලබා ගත හැකි මාධ්‍යයන් විශාල ප්‍රමාණයක් විශ්ව ව්‍යාප්ත වී ඇත. 

ඒ හරහා සත්‍යය මෙන්ම අසත්‍යද විවිධාකාරයේ හැඩ රාමු තුලින් සමාජ ගත කිරීමගත කිරීමට ද බොහෝ ජනමාධ්‍ය පෙළඹී තිබේ  එය ප්‍රබල ලෙස සමාජය තුළ පීඩනයක් එල්ල කරන්නකි. 

අද්‍යතනයෙහි ජනයා තම ජීවන චර්යාවද ජනමාධ්‍ය හේතුවෙන් වෙනසකට භාජනය කොට ගෙන ඇත. එහිදී ජනමාධ්‍ය මගින් මිනිසා පාලනය කරන ආකාරය මනාව හඳුනාගත හැකිය. මෙමගින් මානසික ආතතිය ඇති වීම සඳහා ජනමාධ්‍යයේ ප්‍රබල ක්‍රියාකාරිත්වය හේතු වී ඇත. ජනමාධ්‍ය යනු කිසියම් රටක වගකීමක් සහිත ආයතනයකි. එවැනි ආයතන මගින් ග්‍රාහකයා තුළ මානසික ආතතිය රෝපණය කළ යුතුය. මේ අද්‍යතන සමාජයේ කතාබහට ලක් කළ යුතු කාරණාවකි. 



මානසික ආතතිය යනු 

What is stress 

Stress is the feeling of being overwhelmed or unable to cope with mental or emotional pressure. 

මානසික ආතතියේ ලක්ෂණ (How can identify the sign of stress) 

නිරන්තර කනස්සල්ල හෝ කාන්තාව පිළිබඳ හැඟීම් (Feelings of constant worry or anxiety ) 

යටපත් වී ඇති හැඟීම් (Feeling of being overwhelmed) 

අවධානය යොමු කිරීමේ අපහසුතාව (Difficulty concentrating)

මනෝභාවය වෙනස් වීම (Mood swing) 

කෝපයක් හෝ කෙටි කෝපයක් තිබීම (Irritability or having a shirt temper) 

ලිහිල් කිරීමට අපහසු වීම (Difficulty Relaxing) 

මානසික අවපීඩනය  (Depression) 

හීන ආත්මඅභිමානය (lowself esteem)

ජනමාධ්‍ය ග්‍රහකයන් කුඩා ළමුන් හෝ වැඩිහිටියන් විය හැකිය. නමුත් ඇතැම් ජන මාධ්‍යයන් ඉලක්ක  ග්‍රහකයන් නොසලකා හැර කටයුතුකරන ආකාරය හඳුනාගත හැකිය. ඒ සඳහා ජනමාධ්‍ය සංදේශ ප්‍රබල බලපෑමක් සිදු කරනු ලබන ආකාරය ද හඳුනාගත හැකිය. මානසික ආතතිය ඇති කිරීම උදෙසා ජනමාධ්‍ය සංදේශ ඉවහල් වේ.

කිසියම් පුද්ගලයකුට පවතින මානසික ආතති තත්වයක් සමනය කර ගැනීම උදෙසා ජනමාධ්‍ය ඵලදායීව භාවිතා කළ හැකිය. ඒ සඳහා ග්‍රාහකයා නිසි මාධ්‍ය සාක්ෂරතාවයකින්  (Media  Literacy) හා නිසි මාධ්‍ය අධ්‍යාපනයකින් සමන්විත වීම වැදගත් කාරණාවකි. 

මෙම මානසික ආතතිය පිළිබඳව පිළිබඳ විමර්ශනයට භාජනය කිරීමෙහි දී මානසික ආතතිය ඇති කිරිම සඳහා හේතු වන ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය පිළිබඳව විමසා බැලීම වැදගත් වේ. 



ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය (Media Activism) 

සමකාලීන සංහතික මාධ්‍ය ක්‍රියා කරන ආකාරය ශාස්ත්‍රීය වෘත්තීය හෝ ග්‍රාහක තලයේ සිට විමසන විට ජනමාධ්‍යවලින් විය යුතු යැයි සිතන සහ ඉගෙනගත් ප්‍රමිතිතීන් නිර්ණායකයන් මාධ්‍ය භාෂාව සමාජයට සිදුවන කාර්යභාරය පිළිබඳ ආදිය පිළිබඳව විමසිලිමත් දෑසින් බලන විට සමාජ යථාර්ථයට සාපේක්ෂව ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය සෑම ජනයාම ප්‍රශ්න කළ හැකි තත්වයට පැමිණ ඇත. 

ස්පිනෝසා නම් දාර්ශනිකයා වරක් පැවසුවේ අප යම් දෙයක් දෙස බලා එය අපට අදාළ කරගනිමින් සතුටු වීම හෝ කණගාටු වීම නොව වැදගත් වන්නේ ඒ තේරුම් ගැනීම බවයි. 

විශේෂයෙන්ම ජනමාධ්‍ය ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය උදෙසා විශාල නිදහසක් හිමිව ඇත. කැමති අදහසක් මාධ්‍ය කරුවන්ට පැවසිය හැක. ජන විඥානය උදෙසා බලපෑමක් කිරීමට ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වයට හැක. විශේෂයෙන්ම රාජ්‍ය ව්‍යවස්ථාදායකය විධායකය බලපෑම් කළ හැකි ප්‍රබල සංරචකයක් ලෙස ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය හැඳින්විය හැකිය. 

ජනමාධ්‍ය මෙහිදී ක්‍රියා කරන්නේ සමාජ ආයතන ලෙසය. එහි ප්‍රධාන ලක්ෂණ වන්නේ එහි ධනේශ්වර ආර්ථිකයත් සමග බිහිවී වර්ධනය වී පරිණාමය වන ප්‍රපංචයක් වීමයි. එසේම ධනේශ්වර ක්‍රමයේ ඇති රීතීන් නියමයන් හැසිරීම් ආදී සියලුම ලක්ෂණ එයාකාරයෙන්ම හෝ ඊට ඉතාමත් ආසන්න ස්වරූපයෙන් මෙම නූතන ජනමාධ්‍ය ක්‍රියාත්මක වේ. 

එවිට ධනවාදයේ මූලික ලක්ෂණය වන ලාභ ඉපැයීම මෙම ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය හරහා අනුගමනය කරමින් පවතී. වැදගත්ම කාරණය වන්නේ ධනවාදය තුළදී  නිෂ්පාදනය කෙරෙන වෙළෙඳ වටිනාකමක් දිය හැකි ජනතාව ආකර්ෂණය කරගන්නා නිපැයුමි ය. එහිදී ධනවාදය මගින් ක්‍රියාත්මක වන බහුජාතික සමාගම් සිය වාහකයක් ලෙස ජනමාධ්‍ය යොදා ගනු ඇත. 

ඒ අනුව මාධ්‍ය, මාධ්‍යවේදියා ඔවුන්ගේ පඨිත ග්‍රාහකයා ඔවුන් අතර ඇති සම්බන්ධතාව ආදී සියල්ල වෙළඳ කරණය වීම ආරම්භ වී ඇත. 

එය ඇතැම් විට මාධ්‍ය පිළිබඳව ඇති සම්භාව්‍ය ප්‍රවේශ සඳහන් වන අයුරින් මාධ්‍යයේ වගකීම සමාජ සංවර්ධනය සඳහා මෙන්ම මෙන්ම මනුෂ්‍යයන්ගේ බුද්ධිය ආධ්‍යාත්මය වර්ධනය ට තොරතුරු සම්පාදනයට දෛනික කටයුතු පහසු කිරීම කිරීමට වැදගත් වන නූතනවාදී ආයතනය යන සංකල්පයෙන් මිදී යයි. 

මෙම මදි ක්‍රියාකාරීත්වය හරහා හා ආර්ථික හරහා ආර්ථික සමාජය පුද්ගලයන් සහ යහපැවැත්ම සඳහා ප්‍රබල බලපෑමක් කරනු ලබන අතර එවැනි කාරණා සියල්ලෙහිම බලපෑම මගින් ග්‍රාහකයාගේ මානසික ආතතිය දිනෙන් දින වර්ධනය වන බව හදුනා ගත හැක. 


⁣පුහුණු ජනමාධ්‍ය වේදිනී 
⁣ඩබ් ඒ කසුනි විජේසිංහ
ජනමාධ්‍ය අධ්‍යනාංශය  
කොළඹ විශ්වවිද්‍යාලය 



Friday, 7 January 2022

දැන්වීම්කරණ ආයතනයකට (Advertising Agency) පර්යේෂණ (Research) අවශ්‍ය වන්නේ ඇයි

 දැන්වීම්කරණ ආයතනයකට (Advertising Agency) පර්යේෂණ (Research) අවශ්‍ය වන්නේ ඇයි
දැන්වීම්කරණ ආයතනයක් යනු දැන්වීම් ප්‍රචාරණය කරන ලබන ආයතනයකි. වර්තමානය වන විට විද්‍යාව ඉතා ඉහල තැනකට වී ඇත. එහිදී ප්‍රාථමික මට්ටමේ සිට විද්‍යාව එම ස්ථානය කරා නැගී සිටීම උදෙසා නිරීක්ෂණ හරහා පර්යේෂණ හරහා නිගමනයන් හේතු වී තිබේ. ඒ සඳහා පද්ධතිය කරන යකට යොමු වූ දැනුමක් අත්‍යවශ්‍ය වේ. එහිදී දැන්වීම්කරණය (Advertising) ක්ෂේත්‍රය තුළ තුළද පර්යේෂණ සිදුකිරීම අත්‍යවශ්‍ය වේ. එය හේතුකොට ගනිමින්  දැන්වීම්කරණ ආයතනයක් ගත් කල පර්යේෂණ ක්‍රමවේදයන් දැන්වීම්කරණ දැන්වීම් කරන ආයතනයකට බෙහෙවින් අත්‍යාවශ්‍ය වේ. 


එවිට දැන්වීම්කරණ ආයතනයක් විසින් පර්යේෂණ පවත්වාගෙන යාමෙන් ආයතන හා සමගාමීව සමගාමී මෙම පර්යේෂණ කටයුතු සිදුකරනු ලබයි. වැරදි තොරතුරු පර්යේෂණයන් හරහා ලැබුණොත් වැරදි නිගමනයන් කලා එළඹිය හැකිය. එසේ නිගමනය වැරදි සහගත වුවහොත් නිෂ්පාදන (Product) කාරණාව බෙහෙවින් බලපානු ලබයි. එහිදී දැන්වීම්කරණ දැන්වීම් කරන ආයතනයකට  පර්යේෂණ පිළිබඳ අවධානය යොමු නොකරමින් කටයුතු කළ නොහැකිය. අප ජීවත්වන සමාජය සෑම අවස්ථාවක් තුළම වෙනසකට භාජනය වේ. එම වෙනස්වීම් මගහැර යාම හරහා අනාගතයේ අපේක්ෂා කරන ඉලක්ක කරා ළඟාවීමට නොහැකි විය හැකිය. ඒ සඳහා දත්තයන් (Data) අවශ්‍ය වේ. එහිදී  ඒ ඒ කුමන කාල වකවානුව තුළ ද වැඩි වශයෙන් අලෙවි වන භාණ්ඩය කුමක්ද එම නිෂ්පාදනය වැඩි වශයෙන් මිලදී ගනුයේ කුමන පාර්ශවයන් ද යන්න වැදගත් වේ. එය හරහා  Data Process මගෙන් දැනුමක් නිෂ්පාදනය වේ. එමගින් නිගමනයකට එළඹීමට හැකියාව ඇති අතරම input output process පිළිබඳව තීරණ ගැනීම වැදගත් වේ. 

එහිදී දැන්වීම්කරණ දැන්වීම් කරන ආයතනයකට නිෂ්පාදන (Products) වෙළෙඳපොළ තුළට ගෙන යාමට වැඩි වශයෙන් අලෙවිකරණය ඉහලට ගෙන ඒම උදෙසා පර්යේෂණ (Research)  අත්‍යවශ්‍ය වේ.

5.1 
එහිදී පර්යේෂණයන් වැදගත් වේ. ඓතිහාසික භෞතික වාදය පර්යේෂණ ආරම්භ වීම සඳහා බලපාන ලද අතර පර්යේෂණ ප්‍රධාන කොටස් දෙකක් ඇත. ඒවා නම් Fundemental Research සහ Applied Research වේ. අපට යම් ගැටලුවක් ඇත. එම ගැටලුව විසඳා ගැනීමට දැනුමක් නොමැත එම අවස්ථාව Fundemental Research තුළ සිදුකරනු ලබයි. 

අපට ගැටළුවක් ලුවක් පවතින අතර එම ගැටලුව අප සතු දැනුම භාවිතා කරමින් විසඳාගත හැකි නම් ඒ අවස්ථාව සඳහා Applied Research භාවිතා කරනු ලබයි. දැන්වීම්කරණ ක්ෂේත්‍රය (Advertising Field) තුළ  Marketing Research යන්න වැදගත් වේ එහිදී එම පර්යේෂණයන් ප්‍රමාණාත්මක ක්‍රමවේදය ඔස්සේ ද ගුණාත්මක ක්‍රමවේදය ඔස්සේ ද සිදු කළ හැකිය. 

ප්‍රමාණාත්මක ක්‍රමවේදය තුළ පර්යේෂණයන් සිදු කිරීමෙහි දී ප්‍රශ්ණාවලියක් හරහා සිදුකල හැකිය. (සංඛ්‍යා සමග ගනුදෙනු කළ හැකිය) ගුණාත්මක ක්‍රමවේද ඔස්සේ පර්යේෂණයන් සිදු කරන විට නිරීක්ෂණ සම්මුඛ සාකච්ඡා ශේත්‍ර අධ්‍යන ගවේෂණාත්මක අධ්‍යයන වැනි ක්‍රමවේදයන් භාවිතා කළ හැකිය. (මේ තුළ වචන සමඟ ගනුදෙනු කරයි) 

දැන්වීම්කරණ ආයතනයක් තුළ පර්යේෂණ පර්යේෂණයන් යන අත්‍යාවශ්‍ය කාරණයක් වේ. දැන්වීම්කරණ ආයතනයක් තුළ පර්යේෂණ ක්‍රමවේදයන් භාවිතා කිරීම මගින් වෙළෙඳ දැන්වීම් සඳහා වැය කරනු ලබන මුදල ඉතාමත් ඵලදායී ආකාරයට හැසිරවීමට හැකි ය. (The Optimum unitilization of advertising budget) 

එමෙන්ම අදාළ දැන්වීම් කරන ක්‍රියාවලිය තුළදී එම දැන්වීම්කරණය සිදු කිරීමට සුදුසුම මාධ්‍ය කුමක්ද යන්න පිළිබඳ ව තෝරා ගැනීම බෙහෙවින් වැදගත් වේ ඒ සඳහා පර්යේෂණ අත්‍යවශ්‍ය වේ. (The choice of media in implementing an advertising campaign) එනම් නිදසුන් ලෙස අදාළ දැන්වීම් කරණය සිදු කිරීම සඳහා වඩාත් සුදුසු වන්නේ මුද්‍රිත (Print media)  මාධ්‍ය ද ද සමාජ මාධ්‍ය (Social media)  ද යන්න තීරණය කිරීමේ හැකියාව ලැබේ. 

විශේෂයෙන්ම ඉලක්ක ප්‍රජාව (Target Audience) ඉදිරිපත් කරන ලද දැන්වීම එම ප්‍රජාවට කෙසේ බලපාන්නේද බලපාන්නේ ද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීම උදෙසා පර්යේෂණ ක්‍රියාදාමය බෙහෙවින් දැන්වීම්කරණ දැන්වීම් කරන ආයතනයකට වැදගත් වේ. (The Effects of advertising on the target audience) එපමණක් නොව දැන්වීම්කරණ ආයතනයක් වියදම් කරනු ලබන මුදල පලදායී ලෙස වියදම් කිරීම සඳහා පර්යේෂණ ක්‍රියාදාමය බෙහෙවින් වැදගත් වේ. (To bring cost effectiveness in advertising) මෙම දැන්වීම්කරණ ආයතන තුළ පර්යේෂණ සිදුකිරීමෙහිදී  පර්යේෂණ ක්‍රමවේදයන් විවිධාකාර වේ. එහිදී මෙම පර්යේෂණ ක්‍රමවේදයන් පිළිබඳව විමසා බැලීම වැදගත් වේ. ප්‍රධාන වශයෙන් පර්යේෂණ ක්‍රමවේද හතරක් ඇත. 

1). Product Appeal research 
2). Advertising message (Copy tasting) research 
4). Advertising media selection research 
5). Advertising effectiveness research 

Product Appeal research යන නිෂ්පාදනය පිළිබඳව පාරිභෝගිකයෙකුට තිබෙන අදහස (Idea) වේ. උදාහරණයක් ලෙස කම්ෆර්ට්  නිෂ්පාදන ගතහොත් පාරිභෝගිකයෙකුට සිතිය හැක්කේ තමාගේ ඇඳුම්-පැළඳුම් රැකදීමට එය සුදුසු බවයි. තව ද කිසියම් දන්තාලේපයක් ගත්කල තවත් කෙනෙකුට සිතිය හැක්කේ එමගින් තම දත් පෙල  සුපිරි සිදු වෙන බවයි. තවද තවත් පාරිභෝගිකයෙකුට සිටිය හැක්කේ එහි හොඳ සුවඳක් ඇති බවයි. එනම් පාරිභෝගිකයා (Customer) හට අදාළ නිෂ්පාදනය සම්බන්ධයෙන්  තිබෙන Appeal වැදගත් වේ. 

Advertising message (Copy testing) Research යන්න ද වැදගත් වේ. එනම් අදාළ දැන්වීම් තුලින් පැවසීමට උත්සාහ කරන ලද්දේ කුමක්ද යන්න  (copy) එහිදී වැදගත් වනු ඇත.  මෙහි අදියර කීපයකි. 


එහිදී පර්යේෂණයන් වැදගත් වේ. ඓතිහාසික භෞතික වාදය පර්යේෂණ ආරම්භ වීම සඳහා බලපාන ලද අතර පර්යේෂණ ප්‍රධාන කොටස් දෙකක් ඇත. ඒවා නම් Fundemental Research සහ Applied Research වේ. අපට යම් ගැටලුවක් ඇත. එම ගැටලුව විසඳා ගැනීමට දැනුමක් නොමැත එම අවස්ථාව Fundemental Research තුළ සිදුකරනු ලබයි. 

අපට ගැටළුවක් ලුවක් පවතින අතර එම ගැටලුව අප සතු දැනුම භාවිතා කරමින් විසඳාගත හැකි නම් ඒ අවස්ථාව සඳහා Applied Research භාවිතා කරනු ලබයි. දැන්වීම්කරණ ක්ෂේත්‍රය (Advertising Field) තුළ  Marketing Research යන්න වැදගත් වේ එහිදී එම පර්යේෂණයන් ප්‍රමාණාත්මක ක්‍රමවේදය ඔස්සේ ද ගුණාත්මක ක්‍රමවේදය ඔස්සේ ද සිදු කළ හැකිය. 

ප්‍රමාණාත්මක ක්‍රමවේදය තුළ පර්යේෂණයන් සිදු කිරීමෙහි දී ප්‍රශ්ණාවලියක් හරහා සිදුකල හැකිය. (සංඛ්‍යා සමග ගනුදෙනු කළ හැකිය) ගුණාත්මක ක්‍රමවේද ඔස්සේ පර්යේෂණයන් සිදු කරන විට නිරීක්ෂණ සම්මුඛ සාකච්ඡා ශේත්‍ර අධ්‍යන ගවේෂණාත්මක අධ්‍යයන වැනි ක්‍රමවේදයන් භාවිතා කළ හැකිය. (මේ තුළ වචන සමඟ ගනුදෙනු කරයි) 

දැන්වීම්කරණ ආයතනයක් තුළ පර්යේෂණ පර්යේෂණයන් යන අත්‍යාවශ්‍ය කාරණයක් වේ. දැන්වීම්කරණ ආයතනයක් තුළ පර්යේෂණ ක්‍රමවේදයන් භාවිතා කිරීම මගින් වෙළෙඳ දැන්වීම් සඳහා වැය කරනු ලබන මුදල ඉතාමත් ඵලදායී ආකාරයට හැසිරවීමට හැකි ය. (The Optimum unitilization of advertising budget) 

එමෙන්ම අදාළ දැන්වීම් කරන ක්‍රියාවලිය තුළදී එම දැන්වීම්කරණය සිදු කිරීමට සුදුසුම මාධ්‍ය කුමක්ද යන්න පිළිබඳ ව තෝරා ගැනීම බෙහෙවින් වැදගත් වේ ඒ සඳහා පර්යේෂණ අත්‍යවශ්‍ය වේ. (The choice of media in implementing an advertising campaign) එනම් නිදසුන් ලෙස අදාළ දැන්වීම් කරණය සිදු කිරීම සඳහා වඩාත් සුදුසු වන්නේ මුද්‍රිත (Print media)  මාධ්‍ය ද ද සමාජ මාධ්‍ය (Social media)  ද යන්න තීරණය කිරීමේ හැකියාව ලැබේ. 

විශේෂයෙන්ම ඉලක්ක ප්‍රජාව (Target Audience) ඉදිරිපත් කරන ලද දැන්වීම එම ප්‍රජාවට කෙසේ බලපාන්නේද බලපාන්නේ ද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීම උදෙසා පර්යේෂණ ක්‍රියාදාමය බෙහෙවින් දැන්වීම්කරණ දැන්වීම් කරන ආයතනයකට වැදගත් වේ. (The Effects of advertising on the target audience) එපමණක් නොව දැන්වීම්කරණ ආයතනයක් වියදම් කරනු ලබන මුදල පලදායී ලෙස වියදම් කිරීම සඳහා පර්යේෂණ ක්‍රියාදාමය බෙහෙවින් වැදගත් වේ. (To bring cost effectiveness in advertising) මෙම දැන්වීම්කරණ ආයතන තුළ පර්යේෂණ සිදුකිරීමෙහිදී  පර්යේෂණ ක්‍රමවේදයන් විවිධාකාර වේ. එහිදී මෙම පර්යේෂණ ක්‍රමවේදයන් පිළිබඳව විමසා බැලීම වැදගත් වේ. ප්‍රධාන වශයෙන් පර්යේෂණ ක්‍රමවේද හතරක් ඇත. 

1). Product Appeal research 
2). Advertising message (Copy tasting) research 
4). Advertising media selection research 
5). Advertising effectiveness research 

Product Appeal research යන නිෂ්පාදනය පිළිබඳව පාරිභෝගිකයෙකුට තිබෙන අදහස (Idea) වේ. උදාහරණයක් ලෙස කම්ෆර්ට්  නිෂ්පාදන ගතහොත් පාරිභෝගිකයෙකුට සිතිය හැක්කේ තමාගේ ඇඳුම්-පැළඳුම් රැකදීමට එය සුදුසු බවයි. තව ද කිසියම් දන්තාලේපයක් ගත්කල තවත් කෙනෙකුට සිතිය හැක්කේ එමගින් තම දත් පෙල  සුපිරි සිදු වෙන බවයි. තවද තවත් පාරිභෝගිකයෙකුට සිටිය හැක්කේ එහි හොඳ සුවඳක් ඇති බවයි. එනම් පාරිභෝගිකයා (Customer) හට අදාළ නිෂ්පාදනය සම්බන්ධයෙන්  තිබෙන Appeal වැදගත් වේ. 

Advertising message (Copy testing) Research යන්න ද වැදගත් වේ. එනම් අදාළ දැන්වීම් තුලින් පැවසීමට උත්සාහ කරන ලද්දේ කුමක්ද යන්න  (copy) එහිදී වැදගත් වනු ඇත.  මෙහි අදියර කීපයකි. 


1). Copy Testing 
2). Before test or pre testing 
3). Portfolio test 
4). Consumer jury tests 
5). Rating scales
6). Simulated sales test 
7). Psychological test 


දැන්වීම් සමාජයට මුදා හැරීමට ප්‍රථම එම අදහස පිළිබඳව (Concept) අනෙකා දරන අදහස මෙහිදී වැදගත් වේ. එහි දී ඉහතින් සඳහන් කරන ලද පළවන හා දෙවන කාරණාවන් මූලික වනු ඇත. ඉන් පසුව නිෂ්පාදනය දැනට කුමක්ද ඉටුකර ඇත්තේ සහ අනාගතය තුළ තුල සිදුකරන දෙය Portfolio Test හරහා සිදුකරනු ලබයි. මෙම එක් එක් අදියරයන් තුළ පර්යේෂණ සිදු කරනු ලබයි. 

Concumer jury test වැදගත් වේ එමඟින් පාරිභෝගිකයාගේ කැමැත්ත විමසීමට භාජනය කරනු ලබන අතර නිදසුන් ලෙස ඔබ මේ රසයට කැමති ද යන්න ආදී ලෙස විමසීමක් සිදු කරයි. ඒ හරහා ද පර්යේෂණයක් සිදු කළ හැක. තවද Rating scales හරහා ඔබ මෙතනදි මෙම නිෂ්පාදනය සඳහා ලබා දෙනු ලබන අගය (Ratings)  කොපමණද යන්න විමසා බැලීම පර්යේෂණය හරහා සිදු කෙරේ. 


උදාහරණ ලෙස Apps store හරහා කිසියම් යෙදුමක් භාගත (Download) කිරීම සිදු කළ විට එමගින් අප වෙත එන තරු සලකුණු කිහිපයක් හරහා එම යෙදුම සම්බන්ධයෙන් අපගේ අගයන් (Ratings)  ලබා දිය හැක. එය  1 , 2 , 3 , 4 යන අගයන් වලින් හෝ තරු සලකුණු මගින් ඇතුලත් කළ හැක. 

Simulated scale test හරහා වැඩි වශයෙන් උත්තේජනය වන්නේ වැඩි වශයෙන් මිලදී ගෙන ඇත්තේ මොනවාද යන්න තීරණය කරයි. ඕනෑම පුද්ගලයකු ඕනෑම ක්‍රියාවලියක් සිදු කිරීමෙහි දී මනෝවිද්‍යාත්මක පදනම වැදගත් වේ. හරහා psychological tests මූලික වේ. Consumer තුළ තිබෙන අදහස මෙහිදී විමසා බලයි. ඒ අනුව Advertising message (copy testing) research තුළ අංග ගණනාවක් යටතේ පර්යේෂණයන් සිදු කරනු ලබයි. 


තවදුරටත් Advertising selection  research හරහා අදාළ වෙළද දැන්වීම පළ කිරීමට යොදා ගන්නා මාධ්‍ය සඳහා පර්යේෂණ සිදු කළ හැකිය. Advertising effectiveness research හරහා නිෂ්පාදනය වෙළඳපොල තුළ වෙළෙඳපොළ තුළ තිබියදී ම පර්යේෂණ සිදුකළ බැලිය හැක. 

තවදුරටත් දැන්වීම්කරණ ආයතනයක් තුළ පර්යේෂණ සිදු කිරීමෙහි දී අරමුණු හා අවස්ථා  (Aims and opportunities) මත පර්යේෂණ සිදු කළ හැකිය. 


1).  Historical research 
2). Experimental research 
3). Descriptive research 
4). Critical research 
5.) Analytical research 

ඓතිහාසික දත්ත මත පර්යේෂණ කිරීම වැදගත් වේ. එය historical research තුළ සිදු කරනු ලබයි. ඒ අනුව ඒ හරහා ඓතිහාසික දත්ත මත පර්යේෂණ සිදු කිරීම සිදුවේ.  අතීතයේදී සිදු වන ලද කාරණාවන් පර්යේෂණ සඳහා බෙහෙවින් වැදගත් වනු ඇත. 

Experimental research ද වැදගත් වනු ඇත ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් (Product or service) වෙළඳපොළට නිකුත් කිරීමේ දී අත්හදාබැලීම් පර්යේෂණ සිදු කරනු ලබයි. නිදසුන් ලෙස කොකාකෝලා වෙළදපලට හදුන්වා දීමෙන් පසුව කොකාකෝලා සමාගම විසින් Kickcola යනුවෙන් නිෂ්පාදනයක් වෙළඳපොලට හඳුන්වා දුන් අතර ඒ හරහා අත්හදා බැලීමේ පර්යේෂණ සිදු කරන ලදී. 


තවද මන්චි ආයතනය විසින් හඳුන්වා දෙනු ලැබූ Curry Puff හඳුන්වා දුන් කාලවකවානුව තුළ විවිධාකාරයේ අත්හදාබැලීමේ පර්යේෂණ සිදුකරන ලද අතර එය අසාර්ථක වීම හේතු කොට ගනිමින් එම නිෂ්පාදනය අලෙවි නොකිරීම සිදුවිය. 

යම් නිෂ්පාදනයක් වෙළඳපොලට නිකුත් කිරීම එහිදී එම නිෂ්පාදනය තිබෙන අඩුපාඩු (Issues) මොනවාද  සම්බන්ධතා (relationships) කුමන ආකාරයකට පවත්වාගෙන යන්නේ ද පිළිබඳව පිලිබඳව විචාරාත්මක පර්යේෂණ ක්‍රමවේදය තුළ වැදගත් වේ. නිදසුන් ලෙස Ancor නිෂ්පාදන විවිධ මාදිලින්  හරහා පාරිභෝගිකයාට මිලදී ගැනීමට අවස්ථා උදා වී ඇත. (Ancor 1+ , Ancor shape up) එහිදී ඉලක්ක පාරිභෝගිකයා සමඟ ගනුදෙනු කරන ලබන ආකාරය වැදගත් වේ. 

විවරණාත්මක පර්යේෂණය හෙවත් Critical research භාණ්ඩයක් හෝ සේවාවක් පාරිභෝගිකයා සතු කිරීම මෙහි දී වැදගත් වේ. එනම් භාණ්ඩයේ මිල සහ භාණ්ඩ මිලදී ගන්නා ප්‍රමාණය අතර විවරණාත්මකව විශ්ලේෂණය කරයි. මේ සඳහා Components දෙකක් පමණක් භාවිතා කිරීම සිදුවේ. 

අරමුණු හා අවස්ථා මත පර්යේෂණයක් සිදු කිරීමෙහි දී විග්‍රාහත්මක පර්යේෂණ ක්‍රමවේදය වැදගත් වෙයි. (Analytical research) මේ තුළ descriptive research මෙන් සංඛ්‍යා දත්ත මත පර්යේෂණ සිදු කරනු ලබයි. වැඩි වශයෙන් විකිණි ඇත්තේ කුමන කාල වකවානුවක් තුළ ද කුමන පාර්ශ්වයන් ද වැඩි වශයෙන් මිලදී ගෙන ඇත්තේ යන්න මෙහිදී පර්යේෂණයට භාජනය කරනු ලබයි. 
ඒ සඳහා හේතු වූ කාරණා මොනවාද යන්න පිළිබඳ විග්‍රාහත්මක පර්යේෂණයේ දී පර්යේෂණයට භාජනය කළ හැක. 


තවදුරටත් මෙම පර්යේෂණ ක්‍රමවේදයන් පිළිබඳව පිළිබඳව විමසා බැලීමේදී ත්‍රිවිධාකාරයේ පර්යේෂණක් හඳුනාගත හැකිය. 

1). Pre Research 
2). Continues Research 
3). Post research 

පූර්ව පර්යේෂණ එනම් pre research භාණ්ඩය වෙළඳපලට වෙළෙඳ පොළට නිකුත් කිරීමට ප්‍රථම සිදු කළ හැකි පර්යේෂණ ක්‍රම වේදයකි. එහිදී අත්හදා අත්හදාබැලීමේ පර්යේෂණ සිදු කළ හැකිය. ප්‍රචාරණය වන අතරතුර පර්යේෂණ සිදු කළ සිදුකළ හැකි අතර එය Continues research ලෙස හඳුන්වනු ලබයි. එනම් මෙම රසයට මෙම සුවඳට පාරිභෝගිකයා කැමති ද යන්න හඳුනාගැනීම සඳහා  පර්යේෂණ ක්‍රමවේද යොදා ගත හැක.
Post research හරහා කරන ලබන්නේ යොදාගත් යොදාගත් සංකල්පය වෙතත් මාධ්‍ය ක්‍රියාකාරීත්වය කෙලෙසද ග්‍රාහකයා තෘප්තිමත් භාවයට පත් වනවාද නැද්ද යන්න පිළිබඳව පර්යේෂණ මගින් විමසා බැලීමයි.  

තවදුරටත් observations  සහ participation හරහා පර්යේෂණයන් සිදු කළ හැකිය. observation හරහා නිරීක්ෂණ ආකෘතිය මගින් ප්‍රශ්නාවලීයක් දියත් කළ හැකි අතර අර්ධ ආකෘතිය මගින් විවෘත ප්‍රශ්න (open questions) , (open ended questions) හරහා පර්යේෂණයක් සිදු කළ හැකිය. නිදසුන් ලෙස වෙළඳ දැන්වීමක් පෙන්වා ප්‍රශ්න ඇසිය හැකිය. සහභාගිත්වය එනම් participation හරහා පූර්ණව සහභාගිවිය හැකිය. නැතිනම් සහභාගි නොවිය හැකිය. නැතිනම් සහභාගිත්ව නිරීක්ෂණ ක්‍රමවේදය ඔස්සේ පුද්ගලයා ප්‍රතිචාර දක්වන ආකාරය (Movements / reactions) හරහා පර්යේෂණයන් සිදු කිරීම කළ හැකිය. දැන්වීම් කරන ආයතනයකට පර්යේෂණ අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා මනා ලෙස සුදුසු පර්යේෂණ ක්‍රමවේදය යොදාගත  යුතුය. එහිදී ඉහත සඳහන් ආකාරයට පර්යේෂණ ක්‍රමවේදයන් හඳුනාගත හැක. 

ඩබ්.ඒ කසුනි නිමල්කා විජේසිංහ 
ජනමාධ්‍ය අධ්‍යනාංශය 
කොළඹ විශ්ව විද්‍යාලය 
ශ්‍රී පාලි මණ්ඩපය 

ගවේෂණාත්මක වාර්තාකරණය

ගවේෂණාත්මක වාර්තාකරණය ගවේශනාත්මක වාර්තාකරණය යනු කිසියම් සිද්ධියක්, අවස්ථාවක් හෝ පුද්ගලයෙකු පිලිබඳ ගැඹුරින් සොයා බලා වාර්තා කිරීම...