Tuesday, 23 May 2023

28 චිත්‍රපටය පිළිබඳව මනෝවිශ්ලේෂනාත්මක විග්‍රහයක්

28 චිත්‍රපටය පිළිබඳව මනෝවිශ්ලේෂනාත්මක විග්‍රහයක්

අධ්‍යතන  සිනමා කර්මාන්තය කාලීන ප්‍රස්තුත යන් මුල් කොට ගනිමින් පුද්ගල මනස තුළ ඇති මානසික ප්‍රතිරූපය නිර්මාණාත්මක කලා කෘතීන් බවට පරිවර්තනය කිරීම දක්නට ලැබේ. 28 චිත්‍රපටය යනු එවැන්නකි. එම චිත්‍රපටය තුළින් විචාරශීලී දෘෂ්ටියක් ප්‍රේක්ෂක මනසේ සන්තර්පනය කිරීමට දායකත්වය සපයනු ලැබේ. සමස්ත ලෝකය තුළ පැවැත්ම නිර්මාණය වන්නේ සත්වයන්ගේ සහ ශාකයන්ගේ පැවැත්ම මතයි. සංසර්ගය නැතහොත්  සංසේචනය හේතුකොට ගනිමින් විශ්වය පරිණාමය සිදු වෙමින් පවතී. ලිංගිකත්වය නමැති අතිශයෙන් සභාවක කාරණාව බරපතළ ප්‍රශ්නයක් බවට පරිවර්තනය කර ගනිමින් මනෝ මූලික චරිත කිහිපයක් හරහා ඉස්මතු කිරීමට ප්‍රසන්න ජයකොඩි උත්සාහ දරා ඇත. 
දූෂණය ලිංගික අපචාර දිනපතා සිදුවන සිදු වන විට එය සුලබ පුවතක් වීමේ ඛේදවාචකය සාමාන්‍ය සාමාජීය මානසිකත්වය තුළ සාමාන්‍යකරණයට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය 28 චිත්‍රපටය ඇසුරිනි රෝපණය වේ. 


28 චිත්‍රපටය තුළ අන්තර්ගත වන්නා වූ චරිත කිහිපය අතුරින් පෘථග්ජන මිනිසාගේ මානසික ස්වරූපය මැනවින් ඉස්මතු කොට ඇත. විශේෂයෙන් 28 ලෙසින් මෙම චිත්‍රපටය නම් කර ප්‍රේක්ෂකයා හට ලැබීමට සැලැස්වීම හරහා ඔවුනට මානසිකව යමක් සිටීමට උත්සාහ කරවීමත් චිත්‍රපට  අධ්‍යක්ෂකවරයා විසින් සිදු කොට ඇත. එය හුදෙක් ඉලක්කමක් නොවේ. 28 මගෙන් ස්ත්‍රියගේ ඔසප් චක්‍රය සංකේතාත්මකව ඉදිරිපත් කරයි. එමගින් ස්ත්‍රියව ඉස්මතු කොට ඇත. එනම් මෙම චිත්‍රපටය හරහා සමාජය තුළ කාන්තාවකට ප්‍රසිද්ධියේ ප්‍රකාශ  කිරීමට නොහැකි හැඟීම් මනෝභාවයන් සිතවිලි සියල්ල "සුද්දී" නම් යන චරිතය හරහා ඉස්මතු කිරීමට උත්සාහ ගෙන ඇත. 

මරණයට පත් වූ කාන්තාවකගේ පාපොච්චාරණයක් හරහා සමස්ත චිත්‍රපටය ඉදිරියට රැගෙන යනු ලබයි. එනම් සැබෑ කාන්තාවකට තම සිතැඟි තම මතයන් තම දෘෂ්ටිවාදයන් පවතින සමාජය තුළ එළිදැක්වීමට තිබෙන ඉඩකඩ සීමා සහිත බව ඉස්මතු කිරීමට ප්‍රසන්න ජයකොඩි සියලුම උත්සාහ දරා ඇති ආකාරය හඳුනාගත හැකිය. කාන්තාවක් යනු දැඩි ලෙස සමාජයේ දුක් ගැහැට විඳින දුෂ්කර ජීවිතයක් ගත කරනු ලබන කොට්ඨාසයකි. එම සමස්ත කාන්තාවකගේ යටි සිත තුළ පවතින සමාජයට එක එල්ලේ ප්‍රකාශ කිරීමට අපහසු සිතිවිලි සුද්දි නම් චරිතය හරහා යථාර්තවාදීව ප්‍රේක්ෂක මනසට හැඟෙන ආකාරය⁣ට ඉස්මතු කොට තිබේ. 

සමස්ත චිත්‍රපටය තුළින් සංකේතාත්මකව විවිධ අදහස් ඉස්මතු කරයි. ඇරිස්ටෝටල් පවසන අයුරින් බලය පිළිබඳ ආශාව , ධනය පිළිබඳ ආශාව , ලිංගිකත්වය පිළිබඳ ආශාව පෘථග්ජන මානසිකත්වය තුළ පවතී. ලාංකික සමාජය එලෙස ගත් කල ලිංගිකත්වය පිළිබඳ ආශාව තිබුණද ඒ පිළිබඳ මනා දැනුමක් නොමැති බව මෙම 28 චිත්‍රපටය මිය ගිය සුද්දීගේ පාපොච්චාරණය අැසුරින් හෙළිවේ. 

"ඒකට පළමු වැරදිකාරයා මං හිතන්නේ අපේ ඉස්කෝලේ 9 පංතියේ විද්‍යාව ටීචර් කියලා"

"දැන් මට අවුරුදු තිස් අටක් මට තාමත් ඒ පාඩම උගන්නලා නෑ"

ෆ්‍රොයිඩ් දක්වන පරිදි මිනිස් අභ්‍යන්තරිකව මානසිකත්වය තුළ දැඩි ලෙස අන්තර්ගත වන්නේ අවිඥාණයයි. ඒ තුළින් ඉස්මතු වන්නා වූ ලිංගිකත්වය කුතුහලය කෙතරම් ද යත් එයද සුද්දි නම් චරිතය මගින් ඉස්මතු කරන්නේ ඇගේ පාපොච්චාරණය හරහා ය. 

"අපි ඉස්සෙල්ලාම පෙරළුවේ විද්‍යාපති අගටම තිබුන ප්‍රජනන පාඩම"

ලාංකීය අධ්‍යාපන ක්‍රමය තුළ හිඩස මෙම පාඩමයි. එය සමාජය ඉස්මතු කරමින් ප්‍රේක්ෂකයා ගේ සිතෙහි කිසියම් මනෝමූලික ප්‍රශ්නාර්ථයක් ඉස්මතු කිරීමට අධ්‍යක්ෂවරයා උත්සාහ දරා ඇත. විශේෂයෙන්ම ගත් කළ සමාජය තුළ කතා බහට ලක්විය යුතු කාරණාවන් සංස්කෘතිය සභ්‍යත්වය වැනි කාරණාවන් හේතුවෙන් හකුලා ගන්නා විට එය පුද්ගල මනසට කෙතරම් ආකාරයේ බලපෑමක් සිදු කළ හැකි දැයි යන්න මෙම 28 චිත්‍රපටය කදිම නිදසුනකි. එයට හේතු ප්‍රත්‍ය වන ලාංකීය සමාජය තුළ ලිංගිකත්වය යන කාරණය ලිංගික විකෘතියක් ලෙස පෘථග්ජන මානසිකත්වය තුළ රෝපණය වී ඇති නිසාවෙනි. 

28 සිනමා නිර්මාණය ආරම්භ වන්නේ පතලය තම ලද පුත්‍රයා මනී සමඟ  ස්ත්‍රියකගේ හැටහතර මායම් පිළිබඳව අබසිරි වර්ණනාවක සිටින විට තම පියා විසින් සුද්දිගේ මරණය සලකන විට අවුරුදු ගණනාවකට පෙර අතුරුදහන් වූ සුද්දි නැවත සොයාගෙන යාම අරමුණු වන අතර එවිට අබසිරිගේ මනෝමූලික අභ්‍යන්තර හැඟීම් ක්‍රියා කරන්නේ දුක තුනී කර ගත් අව්‍යාජ ගැමියෙකු ලෙසිනි. 

"මේ දවස් වල පත්තර වල ස්ත්‍රී දූෂණ මිනීමැරුම් ලිංගික අපචාර ලිපියක් දෙකක් වරදින්නේම නෑ" 

පෞරුෂය පිළිබඳ පිළිබද ප්‍රොයිඩඳ ප්‍රොයිඩ්ගේ මතයට අනුව ගත් කළ ඉඩ් සංස්කාරය ක්‍රියාත්මක වන ආකාරය අවස්ථා කිහිපයක දී මෙම චිත්‍රපටය තුළ ඉස්මතු කිරීමට ප්‍රසන්න ජයකොඩි උත්සාහ දරා ඇත. සේයා සදෙව්ම් ඝාතනය යාපනයේ පාසල් දැරියකගේ ඝාතනය , බලහත්කාර කම කාන්තා ලිංගික සූරාකෑම යන අපරාධයන් පරපීඩක කාමුකත්වය නිරූපණය කරයි. එහි ප්‍රධානතම මෙවලම ඉඩ් සංස්කාරයයි. එහෙම නිර්මාණාත්මක විස්මිත කිරීමට කටයුතු කරමි ප්‍රසන්න ජයකොඩි උත්සාහ දරන්නේ යටිපෙළ සමාජයට අවබෝධ කරවීමයි. 

පෘථග්ජන මිනිසා යනු කාමභෝගී ජීවිතයක් ගත කිරීමට ඇල්මක් දක්වන ලද සත්වයෙකි. සිය මනස තුළ ආශක්ත වන්නා වූ හැඟීම් එක එල්ලේ ප්‍රකාශක නොහැක්කේ සමාජ සංස්කෘතික රාමුව සහ සදාචාර විරෝධී වීම හේතුවෙනි. ෆ්‍රොයිඩ් මනෝ විශ්ලේෂණවාදය තුළ ඉතාමත් ප්‍රබල ලෙස ඉස්මතු කර දක්වයි. සුද්දී නම් මියගිය කාන්තාවගේ පාපොච්චාරණය හරහා ඉස්මතු වන්නේ සමස්ත චිත්‍රපටය තුළින් ම කිසියම් පහරක් මිනිසාගේ මානසිකත්වය තුළ  තිබෙන ඉඩ්  සංස්කාරය ට පහරක් එල්ල කරමිණි. 

"අපේ රටේ තමන් ගැන ඇත්ත කියන්න පණ තියෙන මනුස්සයෙකුට බැහැ" 

28 චිත්‍රපටය තුළ පිරිමින්ගේ පමණක් නොව කාන්තාවන්ගේ කාන්තාවන්ගේ පාපොච්චාරණයයි මනෝභාවයන් සඳහා ඉඩකඩ අවස්ථාව ලබා දීම දක්නට ඇත. අබසිරි විසින් සුද්දිගේ නිර්වත ප්‍රථමවරට දකින්නේ මල් ශාලාව තුලදීය. සුදිදීගේ නිරැවත් සිරැර දුටු අබසිරි පවසන්නේ,




........................................



නමුදු සුද්දීගේ මළ සිරුර අසල කිසිවකු නොසිටින අවස්ථාවේ ක්‍රියා කරන ලද ආකාරය හරහා මිනිසාගේ අතෘප්තකර මානසික  ආශාවන් සංතෘප්ත කර ගැනීමට යාම ද පොදුවේ සමාජය තුළින් අසන්නට දකින්නට ලැබෙන කාරණාවකි. 
එය 28 චිත්‍රපටය හරහා එළි දැකීමට ප්‍රසන්න ජයකොඩි උත්සාහ කර ඇති ආකාරය අපූරුවයි. එනම් පුද්ගල අවිඥානය තුළ ලිංගික හැඟීම් තෘප්තිමත් කර ගැනීමට මළමිනියක් හෝ ප්‍රමාණවත් බව නිර්මාණකරුවන් සමාජයට ඉංග්‍රීසීන් පවසයි. 

මෙම 28 චිත්‍රපටය හරහා ස්ත්‍රියකගේ මනෝභාවය ස්ත්‍රී ලාලිත්‍ය සංයමයකින් යුක්තව සමාජයට ගෙන හැර පායි විශේෂයෙන්ම ස්ත්‍රියක් ප්‍රසිද්ධ නොකරන යට සිරිතක් මනාව ඉස්මතු කරන්නේ සමස්ත කාන්තා සමාජය ම ඉස්මතු කරමිනි. සමාජය තුළ ඇති සමාජ මානසිකත්වය නිර්මාණය වී ඇත්තේ ද කාන්තාව යනු පුතෙක් වෙළඳ භාණ්ඩයක් යයි යැයි හංවඩු ගසමිනි. 


"එයා මාව කසාද බඳිනවා කිව්වම මගෙත් එක්ක හිටපු කොල්ලො දෙන්නගෙ ඇස් උඩ ගියා" 

මෙම චිත්‍රපටය තුළ හමුවන තවත් එක් ප්‍රබල චරිතයක් ලෙස අබසිරිගේ පියා ඉස්මතු වේ. සුද්දිගේ මාමණ්ඩිය ග්‍රාමීය වැසියකු ලෙස ඔහුගේ අභ්‍යන්තරික මානසිකත්වය ක්‍රියා කරන ආකාරය මෙම චිත්‍රපටය තුළ දී වැදගත් වෙයි. එමෙන්ම ප්‍රසිද්ධ ස්ථානයක් තුළ දිය නෑමේදී මෙන්ම පෞද්ගලික අවකාශයක් වන නාන කාමරය තුළ දී ඇයට එකම අර්බුදයකට මුහුණ දීමට සිදුවේ. එනම් පුද්ගල යටි සිත තුළ ඇති ලිංගික ආශාවන්ගේ ආශාවන් ගේ ගොදුරක්  බවට ඇය පත්වීමයි. තවත් විටක එම නාන කාමරය පුද්ගල යටි සිත තුල  ඇති ගුප්ත ලිංගික ආශාවන් සංකේතවත් වන බවද දැක්විය හැක. එනම් මිනිස් මනස තුළ ඇති එම ලිංගික කාමුක හැඟීම් යම්කිසි පුද්ගලයකුගේ පෞද්ගලික අවකාශ වලට එල්බ ගැනීමට තරම්, පුද්ගල මනස ක්‍රියා කරන ආකාරය නිරෑපණය කිරීම හරහා පුද්ගල අවිඥානයේ ප්‍රබලත්වය මෙම චිත්‍රපටය ඇසුරින් මැනවින් නිරූපණය වේ. 

සුද්දීගේ මළ සිරුර නිවසට රැගෙන පැමිණි අවස්ථාවෙහි දී සිය මාමණ්ඩිය කඳු මුවාව දෙස බලා සිටින්නේ තමා වරදක් නොකළ සුචරිත පුද්ගලයෙකු ලෙසය. එවිට ක්ෂණයෙන් කැමරා කෝණය මාමණ්ඩිය දෙස එල්ල කරන කැමරාකරුවා  නැවතත් කැමරා කෝණය නාන කාමරය දෙස දෙසට එල්ල කරමින් කැමරාව හසු කර ගන්නේ නාන කාමරයෙන් පිටත දිය සෙවල වලින් පිරි ජරාජීර්න  වී ගොස් ඇති ආකාරය යි. එය සංකේතාත්මකව ඉස්මතු කරන්නේ පුද්ගල මනසයි. ව්‍යවහාරයේ පවතින "අභ්‍යන්තර සිතේ කැඩපත මුහුණ යන ප්‍රකාශය" එමගින් ප්‍රත්‍යක්ෂ වේ.  දියසෙවෙල මගෙන් නිර්මාණකරුවා ඉස්මතු කරන්නේ මානසික භාවයන් දියසෙවෙල වලට සමාන කරමිණි. එනම් මිනිසාගේ අභ්‍යන්තරය කිලිටිවීම  වීම හරහා අපගේ මානසික භාවයන් තුළ ද දියසෙවල අකුසල් හිත ක්‍රියාත්මක වීමේ ස්වභාවය ප්‍රබල ලෙස සංකේතාත්මකව සතු කරයි. 

එමෙන්ම සමස්ත චිත්‍රපටයේම සංසිද්ධියක් ලෙස මළ මිනියක් රැගෙන යන අයුරු දක්නට ලැබේ. එමඟින් යම් කිසි යම්කිසි ආකාරයකට පෘථග්ජන මානසිකත්වය තුළ කිසියම් ගැටළුවක් ඇති වීම සංකේතවත් කරයි. එනම් මිනී පෙට්ටිය මාර්ගයෙන් පහළට ඇද වැටීම හලට ඇද වැටීම හරහා ගැටළුව ඇතිවී එම ගැටලුව හරහා තව ගැටලු නිර්මාණය වීම පුද්ගල මනසට බද්ධ කර ඇති ආකාරය හඳුනාගත හැක. පුද්ගල මනස ද එබඳු වෙයි. මනුෂ්‍ය ජීවිතය තුළ ප්‍රශ්න ගැටලු ගැටලු මතු වූ විට එම ගැටලුවලින් මිදීමට උත්සාහ නොකරන අතර ප්‍රශ්න තුළ සිටිමින් එම ගැටළු හරහා තවත් ගැටලු ඇති කර ගනිමින් මිනිසා ජීවිත කාලය පුරාම ප්‍රශ්නය සමඟ කාලය ගත කරයි. එය අත්හැරිය නොහැකි එමගින් පුද්ගල මනෝභාවයක් සංකේතාත්මක ඉස්මතු කිරීමට නිර්මාණකරුවා දරා ඇති උත්සාහය අගනේය. එම මිනිපෙට්ටිය මගින් පුද්ගල ජීවිතය තුළ ඇතිවන්නාවු ප්‍රශ්න ගැටළු ඉස්මතු කිරීමට නිර්මාණකරුවා කටයුතු කර තිබේ. 

ස්ත්‍රී අරභයා වන පුරුෂ කියැවීම කිසියම් මානසිකත්වයක පවතින බව 28 චිත්‍රපටය ආරම්භයේදීම ප්‍රේක්ෂකයාට ගෙනහැර පායි. එය අබසිරිගේ පරම්පරාවද මාලිගය පරම්පරාව ද එක ලෙසින් කාන්තාවන් යන්න රාමුගත මානසිකත්වයක් 64මායම් හරහා ඉස්මතු කොට තිබේ. ස්ත්‍රී අරභයා වන පුරුෂ කියවීම වෙනස් වේ එය කිසියම් පුද්ගලයා මානසිකත්වයකින් රාමුගත කොට කාන්තා මේ අනුව මෙවැන්නක් යන්න වග නිරූපණය කොට ඇත. අශෝක හඳගමයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද අසන්ධිමිත්තා චිත්‍රපටය තුළ ස්ත්‍රිය අරභයා වන පුරුෂ කියවීම හසුකර ගනු  පිණිස අසන්ධිමිත්තාගේ ශරීර ස්වරූපය උපයෝගී කරගැනීමේ අවස්ථාව කරා යාමට හඳගමයන් වෑයම් කරන බවක් පෙනේ. මෙහිදී නිර්මාණ කරුවන් දෙදෙනා විසින් එකිනෙකට වෙනස් මානසික ප්‍රස්තුත ප්‍රස්තුතයක් අරඹයා කාන්තාව නිර්මාණය කර ඇති අයුරු හඳුනාගත හැක. 

චිත්‍රපටය ආරම්භයේ දී මියගිය සුද්දිගේ පාපොච්චාරණය හරහා මෘත ශරීරාගාරයේ ස්ත්‍රීන් මිය යාමට හේතුව විවේචනාත්මකව විස්තර කරනු ලබයි. එවැනි ප්‍රස්තුත හරහා නිර්මානකරුවා සැබෑ සමාජ යථාර්ථය ඔස්සේ පුද්ගල අදම මානසිකත්වයත් , පරපීඩක කාමුකත්වයත් මනාව ඉස්මතු කොට ඇත. එසේම මළ මිනී මගින් සාමාජීය පුද්ගල මනෝභාවයන් ප්‍රබල ලෙ ඉස්මතු වේ. 

මනෝ විශ්ලේෂණාත්මක ව විග්‍රහ කිරීමේදී අබසිරිගේ සිත තුළ තුල තෙරපෙන මානසික ගැටුම සමස්ත චිත්‍රපටයේ ඉදිරියට රැගෙන යාම සඳහා මනා පිටුවහලක් සහ දායකත්වයක් සපයයි. 







No comments:

Post a Comment

ගවේෂණාත්මක වාර්තාකරණය

ගවේෂණාත්මක වාර්තාකරණය ගවේශනාත්මක වාර්තාකරණය යනු කිසියම් සිද්ධියක්, අවස්ථාවක් හෝ පුද්ගලයෙකු පිලිබඳ ගැඹුරින් සොයා බලා වාර්තා කිරීම...