Tuesday, 7 December 2021

දර්ශනවාදයේ මූලික ප්‍රශ්නය

දර්ශනවාදයේ මූලික ප්‍රශ්නය 

විවිධාකාරයේ දර්ශනවාදයන් ඇත. එම දර්ශනයන් විවිධාකාර මත ඔස්සේ නිර්මාණය වී ඇත. මෙම දර්ශනවාදය පහළ වන්නේ පුද්ගලයන් ඔස්සේය. විශේෂයෙන්ම විවිධ දාර්ශනික ගුරුකුල බිහිව ඇත. එහිදී දර්ශනවාදයේ මූලික ප්‍රශ්නය වැදගත් වේ. කෙසේ වෙතත් දර්ශනවාදයේ මූලික ප්‍රශ්නය යන්න සාකච්ඡා කිරීමෙහි දී දර්ශනවාදය යනු කුමක්ද යන්න පිළිබඳ ව වැදගත් වේ. දර්ශනවාදය තුල අන්තර්ගත වන ලද විශේෂය ක්ෂේත්‍රය   විවිධ විද්වතුන් නැතිනම් දර්ශනවාදීන් විවිධාකාරයෙන්  විග්‍රහ කොට ඇත. දර්ශනවාදය යනු ජීවත්වන සමාජය චින්තනයේ තිබෙන වඩාත් පොදු දෑ හදාරන්නකි. පොදු දෑ ලෙස පරිණාමය භවය කාලය වැනි දෑ හැඳින්විය හැක. 

එහිදී දර්ශනය යනු කුමක්ද (What is philosophy) යන්න වැදගත් වේ. විද්‍යාවන්ගේ විද්‍යාව (Science of sciences) ලෙස හඳුන්වනු ලබයි. (Philosopia-ග්‍රීක අර්ථය) එනම් දැනුමට ඇති ආලය කැමැත්ත දර්ශනවාද යයි. 


දර්ශනවාදයේ විෂය ක්ෂේත්‍රය   අවුරුදු 2500ක සිටම හදාරනු ලබයි. විශේෂයෙන්ම දර්ශනවාදයේ මූලික ප්‍රශ්නය හැරුණුකොට සදාකාලික ප්‍රශ්න දර්ශනවාදය තුළ හැදෑරීම සිදු වේ.  දර්ශනවාදය පුද්ගල ජීවිතය හා සම්බන්ධ වේ. මෙලොවට මනුෂ්‍යයා පහල වූ විගස දර්ශනවාදයක් පහල නොවුණු අතර ස්වභාවදහම ඉදිරියේ අසරණ භාවයට පත් වීම හේතුකොට ගනිමින් දේවල් තේරුම් ගැනීමට නොහැකිවීම හේතුවෙන් දර්ශනවාදය අත්‍යවශ්‍ය විය. 


ලෝක දෘෂ්ටිය දර්ශනය සමඟ සම්බන්ධ වේ. නමුත් දර්ශනය ලෝක දෘෂ්ටියට වඩා එහා ගිය දෙයක් වෙයි. දර්ශනවාදය මුල් කාලයේ පහළ වූයේ යුරෝපයේ බවට මූලික අදහස වන අතර එයට ප්‍රතිවිරුද්ධ අදහස වන්නේ දර්ශනවාදය පහළ වූයේ පෙර දිග යන්නයි. විවිධාකාරයේ දර්ශනවාදයන් ලොව පහළ වී ඇති අතරම ඒ සියලු දර්ශනයන් මනසින් ග්‍රහණය කරගෙන සිටීමට එතරම් පහසු නොවේ. නමුත් කිසියම් ආකාරයකට එම දර්ශනයන් දැක ගැනීමට අවශ්‍ය වේ. ඒ සඳහා ක්‍රමවේදයක් ඇත. එහිදී දර්ශනවාදයේ මූලික ප්‍රශ්නය වැදගත් වේ. 

එය ඉදිරිපත් වන්නේ නූතන යුගයේදී ය එනම් ක්‍රමවේදය නිර්මාණය වන්නේ නූතන යුගය තුළ ය. ද්‍රව්‍ය විඥ්ඥානයට දක්වන සම්බන්ධතාවය වැදගත් වේ. එහිදී ලෝකයට මුල්වෙලා තිබෙන්නේ කුමක් ද යන්න වැදගත් වෙයි.ඒ  ද්‍රව්‍ය ද      විඥ්ඥානය  ද එසේත් නැතිනම් ස්වභාව ධර්මයද ආත්මය ද මොළය ද සිතිවිලි ද යන්න එනම් කිසි දෙයක පැවැත්මට හේතුව කුමක්ද  යන්න වැදගත් වෙයි. 

එනම් දර්ශනවාදයේ මූලික ප්‍රශ්නය වන්නේ විශ්වයට මුල්වෙලා තිබෙන්නේ ද්‍රව්‍යයද මානසික සිතිවිලි එනම්    විඥ්ඥානය ද යන්නයි. ද්‍රව්‍යවාදය පවසන්නේ ලෝකය බිහිවීමට මුල් වී ඇත්තේ ද්‍රව්‍ය බවයි විඥානවාදීන් පවසන්නේ ලෝකයේ බිහිවීමට මුල් වී ඇත්තේ   විඥ්ඥානයට  බවයි. එනම් මේ හරහා ගුරුකුල ද්විත්වයක් නිර්මාණය විය. 


ලෝකය දෙවියන් වහන්සේ මවන ලදී එය විඥ්ඥාන වාදයයි. ප්ලේටෝ පවසන්නේ ලෝකයට මුල් වන්නේ ද්‍රව්‍ය නොව අදහස් බව යි එනම් සියල්ල ම හට ගනුයේ  විඥ්ඥානයෙන් බවයි. 


ද්‍රව්‍ය වාදීන් එනම් භෞතිකවාදීන්ගේ පදනම වන්නේ ද්‍රව්‍ය ලෝකය බිහිවීමට පදනම වන බවයි. මිනිසාත් විඥ්ඥායෙන් බැහැරව එහි බලපෑමක් නොමැතිව නොමැතිව පවතින දේ වාස්තවික දේ  ලෙස කියයි. එවැනිදෑ ද්‍රව්‍යමය වස්තූන් හා ප්‍රපංච ලෙසින් හඳුන්වනු ලබයි. 
බාහිර ලෝකයේ සඳහා ද්‍රව්‍ය සහ  විඥ්ඥානය යන කරුණු දෙක ම බලපාන බව විශ්වාස කිරීම (Dualism) වේ. 

ලෝකයේ සඳහා කාරණාවන් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් බලපෑ බව ඇදහීම pulralism වේ. ලෝකය බිහිවීමට මූලික වූයේත් ද්‍රව්‍ය බවත් ලෝකය මිනිසාට දැකගත හැකි බවත් ද්‍රව්‍ය වාදීන් ඉදිරිපත්  කර ඇත.
විඥ්ඥානවාදීන් පවසන්නේ මිනිසාට ලෝකය දැක ගත නොහැකි බවයි. එනම් ඔවුන් තවදුරටත් තව දුරටත් පවසන්නේ ලෝකය බිහිවීමට මූලික වූයේ මනස බවයි. 

මෙය ඥානවිභාගත්මක පැතිකඩ ලෙසින් හඳුන්වයි. 
විඥ්ඥානවාදීන් තුළ එමානුවෙල් ඛාන් වැදගත් වේ. එහිදී ඔවුන්ගේ අදහස් සබන් වන්නේ වන්නේ මියගිය පසු නැවත ඉපදෙනවා ද නැද්ද යන වග මිනිසාට දැනගත නොහැකි බවයි. ලෝකය අවසානයක් තිබේද නැද්ද ජීවිතයේ අර්ථය කුමක්ද යන්න වග මෙහිදී වැදගත් වේ. 

භෞතිකවාදීන් පවසන්නේ ස්වභාවදහම දීර්ඝකාලීන පුද සංකීර්ණ වවූද සම්බන්ධ වූ දෙයෙහි අග්‍ර පක්ෂය මිනිස් බුද්ධිය බවයි. එම බුද්ධිය තනි පුද්ගලයෙක් ලෙස මෙන්ම සමස්තයක් ලෙස මානව සංහතිය  ස්වභාවදහම සහ ලෝකයේ සැඟවී තිබෙන රහස් මිනිස් බුද්ධියට තිබෙන බවයි. තනි පුද්ගලයෙකු වුවද ඔහුට දැවැන්ත ලෙස සිතිය හැක. ඒ සඳහා මිනිස් බුද්ධිය මගින් දර්ශනය කලාව වැනි දෑ විවිධ විෂයයන් බිහිකර ඇත. එනම් එය හරහා ද්‍රව්‍ය විවිධ පැතිකඩ හදුනා ගැනීමට හැකි වනුයේ රසායනික විද්‍යාවේ ද්‍රව්‍යයේ රසායනික ස්වරූපය ජෛව විද්‍යාවෙන් ද්‍රව්‍යයේ ජෛව ස්වරූපය යාන්ත්‍රික විද්‍යාවෙන් ද්‍රව්‍යයේ යාන්ත්‍රික ස්වරූපය හඳුනාගත හැකිය. 




සන්නාමයක් යනු What is a Brand

සන්නාමයක් යනු What is a brand 

සන්නාම යන්න සරලවම අර්ථකථනය කිරීමේ දී කිසියම් නිෂ්පාදිතයක් වෙළඳපොල තුළ ඇති අනෙකුත් නිෂ්පාදිතයන් ගෙන් වෙන් කොට හඳුනා ගැනීමට හැකියාවක් ඇත්තේ යම්සේද ඒ සන්නාම හේතුවෙනි. අලෙවිකරණය තුළදී තුල දී වැදගත් ප්‍රධානතම අංග දෙකක් ලෙස නිෂ්පාදිතය සහ සන්නාමය වැදගත් වේ. එහිදී සන්නාමයට වැඩි වැදගත්කමක් ඇත. එනම් පාරිභෝගිකයා අදාළ භාණ්ඩය හෝ සේවාව ක්ෂණිකවම වැළඳ ගැන ව වැළඳ ගැනීමට සන්නාමය බෙහෙවින් වැදගත්ය. සන්නාමය ප්‍රධාන වශයෙන් කරුණු තුනක් සුසංයෝග වී ඇත. එනම් 

1). පොරොන්දුව  - promise 
2). අවශ්‍යතාවන් - Needs 
3). හැඟීම් - Emotions 

එම කාරණාවන් ප්‍රබල සන්නාමයක් ගොඩ නැගීමට හේතු වේ. දැන්වීම් ප්‍රචාරණය හරහා සන්නාම ගොඩනැඟිය හැකිය. දිගුකාලීන වශයෙන් වෙළඳ සල තුළ කිසියම් නිෂ්පාදනයක් ස්ථාපිත වීම තුළ එම නිෂ්පාදනය සඳහා පෞරුෂයක් ආරූඪ වේ. සන්නාම ගොඩනැඟීම සඳහා භාවිතා කළ යුතු ක්‍රමවේද ඇත. 

1). නිරන්තර යාවත්කාලීන වීම 
2). සන්නාම ආධිපත්‍යය පැතිර වීම 
3). කඩිනම් උපයෝගීතාව 

සන්නාමයක් යනු සදහට ම පවතින දෙයක් බවට සහතික කළ හැකිය. නිෂ්පාදිතය භෞතික සහ භෞතික නොවන ආකාරයෙන් පැවතිය හැකි අතර ම සන්නාමය අයත් වන්නේ මෙම කරුණ ද්විත්වයට එපිටෙන් වඩාත් ගැඹුරු අර්ථයක් ඇති කරුණක් ලෙස ය. ස්පර්ශ කළ හැකි දෙයක් නොවනු ඇත. (එනම් භෞතිකයක් නොවේ.) කිසියම් නිෂ්පාදනයක් සඳහා ජීවය ලබා දෙන ලබන්නේ නිෂ්පාදකයින් විසිනි. නමුත් විශේෂත්වය වන්නේ සන්නාමය සඳහා ජීවය ලබා දෙනු ලබන්නේ පාරිභෝගිකයින් විසිනි. 


වර්තමානය වන විට භාණ්ඩයක් මිලදී ගැනීමට යාමේදී බොහෝ පිරිස් සිය අවධානය  සන්නාමය වෙත යොමු කරනු ලබයි. සෑම සන්නාමයක් ම ගත් කළ වෙළඳපොල තුළ කිසියම් වටිනාකමක් එකතු වී ඇත. සන්නාමයේ යන වචනය භාවිතා කිරීමට පැමිණ ඇත්තේ 1927 ත් 1925 ත් අතර කාල වකවානුව තුළදී ය. ඒ වෙළඳපොළ තුළ ඇති වීමත් සමගය. 

විශේෂයෙන්ම කිසියම් භාණ්ඩයක හෝ සේවාවක ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය පිළිබඳව සාකච්ඡා කරන විට සන්නාමය අත්‍යවශ්‍ය වේ. සන්නාමයක ට ඇත්තේ සංකේතමය වටිනාකමක් වුවද එම වටිනාකමට මිලක් නියම කළ නොහැකි විය හැකිය. එනම් එය භෞතික වස්තුවක් නොවන නිසාය. 

2016 වසර වන විට ලොව වැඩිම වටිනාකමක් සහිත සන්නාමය ලෙස ඇපල් (Apple)  සන්නාමය හැඳින්විය හැකිය. එපමණක්ම නොව ලොව පුරා වැඩිම වටිනාකමක් සහිත සන්නාම බවට ගූගල් මයික්‍රසොෆ්ට් , කොකාකෝලා , ෆේස්බුක් ,  ටොයෝටා වැනි සන්නාමයන්  පත්ව ඇත. මෙම සන්නාමයන් ඕනෑම පුද්ගලයෙක් වඩාත් පහසුවෙන් හඳුනා ගන්නා සන්නාමයන් වෙයි. 

ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් අලෙවි කරනු ලබන ආයතනයක් සඳහා සන්නාමය බෙහෙවින් වැදගත් වේ. සන් නාමයට  හානි වීමටද සන්නාමය ඉහල තත්වයකට ගෙන ඒමට ද ප්‍රධාන වගකීම ඒ ඒ ආයතන සතුව ඇත. 

දැන්වීම්කරණය තුළ ATL / BTL ක්‍රමවේදය

දැන්වීම්කරණය තුළ ATL / BTL ක්‍රමවේදය 

අලෙවිකරණ උපායමාර්ග කාණ්ඩ දෙකකට අයත් වේ. විශේෂයෙන්ම පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය යනු නිරන්තරයෙන් වෙනස් වන්නකි ඉන්පසුව අලෙවිකරුවන් විසින් එම භාණ්ඩ හා සේවාවන් පාරිභෝගික අවශ්‍යතා උදෙසා එය ඒ ක්‍රියාමාර්ග ගන්නා ලද අතර එහදී ATL සහ BTL  ලෙස ක්‍රමවේද දෙකක් හඳුනාගත හැකිය. 

ATL - Above the line 
BTL - Before the line

ATL රේඛාවට ඉහළින් මෙමගින් නිෂ්පාදනය ඇති හැකියාව පිළිබඳව දැනුවත් කිරීම සිදු කරනු ලබයි මෙමගින් මෙමගින් පාරිභෝගිකයා වෙළඳසැල වෙත රැගෙන ඒම සඳහා ක්‍රියා කිරීම සිදුවේ. මෙමගින් සියලුම ප්‍රවර්ධන පණිවිඩ ඉලක්කගත නොවේ. එනම් එයින් අදහස් කරනු ලබන්නේ නිශ්චිත කණ්ඩායමකට යොමු නොවන බවයි. ATL මගින් TV , Radio , Print යනාදී මාධ්‍ය ප්‍රචාරය සඳහා යොදා ගැනීම සිදුවේ. 

BTL රේකාවට පහලින් එනම් මෙමගින් විශේෂිත පාරිභෝගික කණ්ඩායම් වෙත අවධානය යොමු කෙරේ. එය අතිශයින් ඉලක්ක ගත කර ඇති ක්‍රමවේදයන් යොදාගනු ලබයි. මෙහිදී වෙළඳ දැන්වීම් නිර්මාණය කිරීම උදෙසා මනෝවිද්‍යාත්මක ලක්ෂණ සැලකිල්ලට ගනු ලබයි. මෙ⁣මගින් සන්නිවේදන පුද්ගලීකරණය වේ. BTL සඳහා නිදසුන් ලෙස public relation , Sales promotion , Personal selling යොදා ගන් ලබයි. එසේම සෘජු අලෙවිකරණය මේ තුළ දක්නට ලැබේ. එනම් කෙටිපණිවිඩ ,    ඊ මේල් , සමාජ මාධ්‍ය පලකිරීම් මේ තුළ වැදගත් වේ. 

මෙම සංකල්පය ද්විත්වයට අමතරව TTL ලෙස සංකල්පයක් ඇත. එම සංකල්පය ATL , BTL උපාය මාර්ග ද්විත්වය ඒකාබද්ද වන ප්‍රවේශයකි. මෙමගින වෙළඳපොළ සම්බන්දයෙන් පූර්ණ වශයෙන් දෘෂ්ටියකින් යුක්තව පාරිභෝගිකයා වෙත ළඟාවීමට අවස්ථාව අලෙවිකරැවාට ලබා දීම සිදුවේ. මෙය රඳා පවතින්නේ අලෙවිකරැවන් මතය. එනම් පාරිභෝගිකයා තේරැම් ගැනීම මතය. 

දැන්වීම්කරණ ක්‍රියාවලියට අදාල නීති (law) සහ ආචාරධර්ම (Ethics)

 දැන්වීම්කරණ ක්‍රියාවලියට අදාල නීති (law) සහ ආචාරධර්ම (Ethics) 

කිසියම් රාජ්‍යයක් ගත්තද එම රාජ්‍යයේ පැවැත්ම උදෙසා හඳුන්වාදුන් නීති පද්ධතියෙන් දක්නට ලැබේ. කිසියම් සමාජයක පැවැත්ම උදෙසා නීති අත්‍යවශ්‍යවේ. කුමන ආකාරය ආයතනයක් ගත් කල එම ආයතනයේ පැවැත්ම ස්ථාවර කර ගැනීම උදෙසා නීති  (Law) ආචාරධර්ම  (Ethics) හඳුන්වා දී තිබීම දැකගත හැකිය.  ඒ අනුව එක් එක් ක්‍රියා වලින් සමාජයට හානිකර නොවන මට්ටමින් පවත්වාගෙන යෑම උදෙසා එම ක්‍රියාවලියට යටත් වූ කිසියම් නීතියමය සහ ආචාරධර්ම ගණනාවකට අනුගත වෙමින් ඒ අනුව ක්‍රියාත්මක වීම හඳුනා ගත හැකි ය. ඒ අනුව දැන්වීම්කරණ ක්‍රියාවලිය වූ කලී එවැන්නකි. දැන්වීමක් නිර්මාණය කිරීමේ දී කිසියම් නීති රාමුවක් තුළ ආචාර ධර්ම පද්ධතියකට යටත් වෙමින් කටයුතු කරනු ලබයි. 

නීතිය යනු ආයතන ගණනාවක් මඟින් යහපත උදෙසා  පනවනු ලබන රීතී පද්ධතියක් නීතිය ලෙස හැඳින්වේ.
එලෙස සැම ක්ෂේත්රය ම හා බැඳිච්ච නීති රීති සමුදායක් ඇත. ආචාර ධර්මයක් කඩ වූ විට නීතියෙන් දඬුවම් පැමිණවීමට නොහැකිය. නැවැත්විය හැක්කේ සමාජය තුළින් පැන නගින විරෝධතාවයකට පමණි. 

සෑම ආයතනයක් සතු වම ආචාරධර්ම පද්ධතියෙන් දක්නට ලැබේ. පාසලක් රාජ්‍ය ආයතනයක් හෝ වෙන යම් මාධ්‍ය ආයතනයක් ද ගත්කල ඒ ඒ ආයතනයට ආවේණික ආචාර ධර්ම පද්ධතීන් හඳුනාගත හැක. නිදසුන් ලෙස ස්වාධීන රුපවාහිනි රෑපවාහිනී සංස්ථාව සතුව කොළපාට පොතක් යන නමින් පොතක් ඇති අතර එහිදී එම පොත තුළ ස්වාධීන රූපවාහිනිය සම්බන්ධයෙන් ඇති ආචාරධර්ම  අන්තර්ගත වේ. ඒ තුළ දහවල් ආහාරය අනුභව කරනු ලබන අවස්ථාව කාල වේලාව තුළ විකාශය කළ නොහැකි දැන්වීම් අන්තර්ගත කළ ඇති අතර එය පුද්ගලික මාධ්‍ය වර්ධනය සමඟ ම මෙය වර්ධනය කිරීම සිදුවිය. 

1980 අංක 27 දරන සුවඳ විලවුන් සහ ඖෂධ පනත මගින් රූපලාවන්‍ය හා සම්බන්ධ පනත ගත් විට රූපලාවන්‍ය ද්‍රව්‍ය යටතේ සත්‍ය ප්‍රචාරය කිරීම සහතික කර ඇත. මෙය අධ්‍යතනය වන විට තාක්ෂණික කාරණාවන් නිසා මග හැර ඇත. නමුදු මෙම පනත පසෙකලා රූපලාවන්‍ය සම්බන්ධයෙන් සිදු කරනු ලබන දැන්වීම් ක්‍රියාත්මක වන ආකාරය දැකගත හැක. බොහෝමයක් රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතා කිරීමේ දී අතුරු ආබාධ රාශියක් ඇති විය හැකිය. ඒ එම ද්‍රව්‍යයන් සැකසීමේදී භාවිතා කරනු ලබන අධික රසායනික සාන්ද්‍රණයන් හේතුවෙනි. නමුදු මෙම දැන්වීම් තුලින් සමාජගත කරනු ලබන්නේ මෙම නිෂ්පාදන 100%  ප්‍රතිශතයක් ශරීරයට සුදුසු වන බව අගවමිනි.  නමුත් ජනප්‍රිය සංස්කෘතිය පාදක කොට ගනිමින් පාරිභෝගිකයා දැන්වීම්කරණ ක්‍රියාවලිය මගින් සහ දැන්වීම්කරණය ගොදුරක් බවට පත්ව ඇති ආකාරය හඳුනාගත හැක. 

විශේෂයෙන්ම ඇතැම් රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවි කිරීම සඳහා සිදුකරනු ලබන දැන්වීම් තුලින් ඉස්මතු කරන්නේ මෙම නිෂ්පාදනය සමස්ත වශයෙන් නිර්මාණය කර ඇත්තේ ස්වභාවික අමුද්‍රව්‍ය වෙතින් පමණක් බවයි. නමුදු එහි කල් පැවැත්ම උදෙසා කෙතරම් රසායනික ද්‍රව්‍ය විවිධ සුවඳ ද්‍රාවණයන් පිළිබඳ ව කිසිවෙක් ප්‍රශ්න කිරීමට පෙළඹෙන්නේ නැත. 

සත්‍යය කාරණාව වන්නේ එම රූපලාවණ්‍ය ද්‍රව්‍ය තුල සමස්ත වශයෙන් ම ස්වාභාවික ද්‍රව්‍යයන් පමණක් අඩංගු නොවන බවයි. එය විවේචනයට ලක් කළ යුතු කාරණාවකි. ඒ අනුව රූපලාවණ්‍ය ද්‍රව්‍ය යටතේ සත්‍ය ප්‍රචාරණය කිරීම සහතික කිරීම යන කාරණාව බිඳ වැටී ඇත.

නිදසුන් ලෙස fair and lovely භාවිතා කිරීමට දැන්වීම්කරණ ක්‍රියාවලිය මගින් සමාජය පොළඹවනු ලබයි ඒ තුළ රසායනික ද්‍රව්‍ය අඩංගු වන බව ද ස්වභාවික ද්‍රව්‍ය නොමැති බවද පාරිභෝගිකයා දැනුවත් වුවද දිගින් දිගටම පාරිභෝගිකයා එය මිලදී ගැනීමට පෙළඹේ. දින හතක් ඇතුළත මුහුණ පැහැපත් කරන්නේ කෙසේද එය සිදුවන්නේ කෙලෙසද අතුරැ ආබාධ සහිතද යන කාරණාව ප්‍රශ්න කිරීමට පාරිභෝගිකයා කටයුතු නොකරන්න තෙක් මෙවැනි දැන්වීම් රාශියක් සමාජය තුළ ව්‍යාප්ත වීම වැළැක්විය නොහැකි කාරණාවකි. විශේෂයෙන්ම එම නිෂ්පාදන තුළ අධික ලෙස රසදිය (Mercury) අඩංගු වන බැවින් ද ඒ හරහා අප ශරීරයේ මෙලනින් සාන්ද්‍රනය ට බලපෑමක් කළ හැකි බව ද ජනයා තේරුම් ගැනීමට බුද්ධිමත්කමක් තිබුණද ඒ සඳහා මිනිසා හඬක් නැගීමට පෙළඹෙන්නේ නැත. 

ස්වීඩනය තුළ අවුරුදු 12 න් පහළ ළමුන්ට ආහාර දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත. ඕස්ට්‍රේලියාවේ පෙර පාසල් තිබෙන ස්ථානයන්හි ළමුන් සම්බන්ධයෙන් දැන්වීම් ප්‍රචාරය කිරීම තහනම් කර ඇත. බෙල්ජියමේ ළමුන්ගේ වැඩසටහන් ක්‍රියාත්මක වන වේලාවන් සහ Golden hours කුඩා ළමුන් හා සම්බන්ධ වන දැන්වීම් ප්‍රචාරය කිරීම තහනම් වේ. 

නමුත් එවැනි ක්‍රියාදාමයක් මේ රට හා සැසඳීමේ දී මෙරට දක්නට නොලැබේ. නිදසුන් ලෙස මෙරට නාලිකා ගත් කල වයස  අවුරුදු 12 න් පහළ ළමුන් උදෙසා ආහාර දැන්වීම් ප්‍රචාරය කරනු ලබන ආකාරය දැක ගත හැකිය. එසේම ළමා වැඩසටහන් ක්‍රියාත්මක වන විට එම කාල වකවානුව තුළ සහ Golden Hours ගත් කල වැඩි වශයෙන් ළමුන් හා සම්බන්ධ දැන්වීම් ප්‍රචාරය කරනු ලබයි. ඒ අනුව පෙනී යන්නේ රාජ්‍යයෙන්  රාජ්‍යට දැන්වීම්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති නීතිරීති සහ ආචාර ධර්ම පද්ධතින්  වෙනස් වන ආකාරයයි. 

ලංකාව තුළ ළමුන් වෙළඳ දැන්වීම් වෙළඳ දැන්වීම් වලට සහභාගී වීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතුය යන ආචාර ධර්ම පද්ධතියධර්ම පද්ධතියක් ඇත. නමුත් මෙරට විකාශය වන බොහොමයක් වෙළඳ දැන්වීම් තුළ ළමුන් වැඩිහිටියන් සේ ක්‍රියා කරන ආකාරය හුවා දක්වමින් ඔවුන්ගේ ළමා මනස දැන්වීම තුළ ඉදිරිපත් නොකරන සංස්කෘතියක් බිහි ව ඇත. ඇතැම් දැන්වීම් අනෙකා සමග බෙදාහදා ගැනීම යන සංකල්පය  ළමයාට පුරුදු පුහුණු නොකොට සියල්ල තමන් සතුව තබා ගනිමින් ආත්මාර්ථකාමීව ජීවත්වීම උදෙසා වැරදි සහගත ආදර්ශයන් ළමුන් වෙත ලබා දෙයි. ළමයා වෙතින් සමාජය වෙත ලබාදිය යුත්තේ යහපත් ආදර්ශයන් පමණකි. එය රටක ඉදිරිගමනට බෙහෙවින් බලපානු ලබයි. 

දැන්වීම්කරණය යන්න පාරිභෝගිකයාගේන් කෙළවර වනු ලබන දෙයක් නොවනු ඇත. දැන්වීම්කරණයේ ස්වරූපයන් ද වෙනස් වේ. අද්‍යතනය වන විට දැන්වීම් තෝරා බේරා ග්‍රහණය කර ගැනීමට මිනිසා කිසියම්  බුද්ධිමය මට්ටමකින් ජීවත් වෙයි. 

මෙහිදී වැදගත් වන්නේ සමාජ මාධ්‍ය හරහා වෙළද දැන්වීම් වෙළඳ දැන්වීම් ප්‍රචාරය වීමේ දී  එයට ආචාර ධර්ම පණ වන ආකාරය පිළිබඳවයි. ප්‍රධාන මාධ්‍යය තුළ තහනමට ලක් කරනු ලැබුවද සමාජ මාධ්‍ය තුළ තහනම් කිරීම උදෙසා ප්‍රබල කතිකාවතක් අවශ්‍ය වේ. 

2003 පාරිභෝගික සේවා අධිකාරිය හරහා එම පනත් යටතේ පාරිභෝගිකයන් හට පැමිණිලි කළ හැකිය. නමුත් අද්‍යතනය වන විට එය අක්‍රීය වී ඇත සමාජය නිර්වින්දනය වී ඇත. 

මෙම දැන්වීම් කරන ක්‍රියාවලිය තුළ සිදු වන නීතිමය ආචාර ආචාරධර්ම කඩවීම් සම්බන්ධයෙන් රජය මඟින් මැදිහත්වීමක් අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා ප්‍රබල ශක්තිමත් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම උදෙසා පවතින ආණ්ඩුව කටයුතු කිරීම වැදගත් වේ. එසේම වාරණයක් අත්‍යාවශ්‍යමය ඇමරිකාව තුළ තුළ නීතියක් රැගෙන එන ලද්දේ පැයකට විකාශනය කළ හැක්කේ දැන්වීම් විනාඩි 10 ක පමණ කාල පරාසයක් තුළ පමණයි. යනුවෙනි. නමුත් ලංකාව තුල එය සහමුලින්ම වෙනස් වන අතර තරගකාරී ආර්ථික ක්‍රියාවලිය හමුවේ සෑම විනාඩි තිහක් ගත්විට 50% ක් වැඩසටහන වැඩසටහන ද ඉතුරු 50% දැන්වීම් සඳහා ද කාල වේලාව යොදා ගන්නා ආකාරයයි. දැන්වීම් සඳහා යොදා ගන්නා කාලවේලාව 50% හෝ ඊට වැඩි විය හැක. 

මෙරට පුවත්පත් ගත් විට එහි සියයට හැටක් කර්තෘ අන්තර්ගතය තිබේ. සියයට හතළිහක් දැන්වීම් අන්තර්ගතය තිබේ. මුල් කාලයේදී එය දක්නට ලැබුණ ද පසුකාලීනව වන විටත් එම ක්‍රියාවලිය දක්නට නොලැබිණි. පසුව ආයතනයක උවමනාවන් හා ලාභ අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගනිමින් එම ක්‍රියාවලිය අද වන විට වෙනස් වී ඇත. නිදසුන් ලෙස ඉරිදා ලංකාදීප පුවත්පත ගත්විට දැන්වීම්කරණ ක්‍රියාවලිය උදෙසා වෙනත් පුවත්පත් මුද්‍රණය කර ඇති ආකාරය හඳුනාගත හැක. (ඉටුපිට / ලහිපිට) 

මේ ආකාරයට දැන්වීම්කරණ ක්‍රියාවලිය අධ්‍යතනය වන විට දැඩි ලෙස ආර්ථිකය හා මූල්‍ය  සාධකයන් උදෙසා වැඩි වශයෙන් ක්‍රියාත්මක වන ලද්දක් වන අතර ඒ හා නීති සහ ආචාරධර්ම වර්තමානය වන විට හුදු සංකල්පයක් පමණක් බවට පත්ව ඇති ආකාරය හඳුනාගත හැක. 




සංහතික මාධ්‍යයේ ප්‍රභවය හා විකාශය

සංහතික මාධ්‍යයේ ප්‍රභවය හා විකාශය

සංහතික මාධ්‍යයේ ප්‍රභවය හා විකාශය මානව  ප්‍රගමනයට  බලපාන ආකාරය
ප්‍රාග් ඓතිහාසික යුගයේ දී  මානවයා සිය සන්නිවේදන කටයුතු අවාචික සංඥා සංකේත යොදා ගනිමින් එකිනෙකා සමග සන්නිවේදනය කර ගන්නා ලදී. මානවයා තම දේශගුණික හා කාලගුණික තොරතුරු ශ්‍රාවකයෙකුට හෝ තමාට ම සන්නිවේදනය කර ගනු ලැබුවේ භාෂාවේ ප්‍රභවය ට පෙරාතුව සිට ය. එනම් ප්‍රාථමික සංඥා සංකේත ආරම්භ වී  වාචික සන්නිවේදනය ද බිහිවී දියුණු විය. මේ ජීව  විද්‍යාත්මකව හඳුන්වන්නේ උත්තේජන ප්‍රතිචාර තත්වයක් ලෙසය. මුල් කාලයේ දී  දී මෙහි පැවති අතිශය ප්‍රාථමික ස්වරූපයකි එනම් අංගචලන , විවිධ ශබ්ද ගිනිමැලය , වන සන්නිවේදන උපක්‍රමයි. එ නම් සතුන් භාවිතා කරමින් අතීතයේ පැවති දූත සන්නිවේදනය අඩබෙර , හූ කීම කොළඅතු ඒල්ලිම , ඝණ්ඨාව විවිධ පාට වර්ග වලින් කරනු ලැබූ සංඥා , හංවඩු ගැසීම ආදි ය ප්‍රාථමික සන්නිවේදන ස්වරූප යෙදී සන්නිවේදන කාර්යය ඉටු කරන්නට විය. තව දුරටත් අතීතයේදී අල්තමීරා ලැස්කෝ ගල් ගුහා ආදියෙහි අඳින ලද සිතුවම් පිළිබඳ විමර්ශනය කිරීමේ දී අතීතයේ ප්‍රාග් මානවයා තම සිතෙහි හටගත් සිතුවිලි සන්නිවේදනය හරහා අනිකාට ප්‍රකාශ කිරීමට ගත් උත්සාහය අගනේ ය. 

සංහතික මාධ්‍යයේ ප්‍රභවය පිළිබඳ විමසා බැලීමේදී වටහා ගත හැකි කරුණ නම් ඒ සැනකින් සංවර්ධනය නොවූවක් යන්නයි. අතීතයේ සිට වර්තමානය දක්වා ගමන් කිරීමේදී සංනිවේදනය යනු විවිධාකාරයෙන් වෙනස් වෙමින් විවේචනයට ලක් වෙමින් විවිධ විද්වතුන්ගේ විවිධ අදහස් තුළට තුළට භාජනය වෙමින් පැමිණි සංකල්පයකි. මෙම සන්නිවේදන යන සංකල්පය හරහා "සංහතික මාධ්‍ය මාධ්‍ය" සුවිශේෂී අංග නිර්මාණය වී ඇත. 

ඒ අනුව සන්නිවේදනය පිළිබඳව විවිධ විද්වතුන් විවිධ අදහස් පලකොට ඇත මෙහිදී නිර්වචන කෙරෙහි අවධානය යොමු කිරීමට ප්‍රථම සන්නිවේදනය අර්ථ විමසා බැලීම වැදගත් වේ සන්නිවේදන යන්න හැඳින්වීම සඳහා ඉංග්‍රීසි භාෂාවේ "communication" යන අර්ථය භාවිතා කෙරේ මෙහිදී වචනය ඛණ්ඩනය කර බැලීමේදී , munis යනු කිසියම් කාර්යයක් කරන්නා හැඳින්වීමට ලතින් භාෂාවේ එන වචනයකි. Communis යනු වෙන් ගම්‍ය කෙ රෙන්නේ බොහෝ පිරිසක් අතර රැඳී  ඇත යන්නයි. එමෙන් ම විකාශනය යන අර්ථය උද්දීපනය කරයි. Communicare යන්නෙන් හුවමාරු කරගැනීම බෙදාගැනීම හෝ පොදු බවට පත් පත් කිරීම ඇමැතීම යන ආදිය අරැත් ගම්‍යවේ. ඉහත අර්ථය වර්ධනය බිම ආශ්‍රිතව communication  යන්න බිහි වී ඇත. සිංහල භාෂාවේදී මෙය විඥාපනය සම්ප්‍රේෂණ යනාදී ලෙස ද හඳුන්වනු ලබයි. 

තව දුරටත් විග්‍රහ කිරීමේ දී සං - නි යන උපසර්ග දෙකෙන් නිර්මාණය වී ඇති පදයක් බව පෙනේ. "විද්" වේදනය යන ධාතුවෙන්  සකස් වී ඇති අතර "සං" යන උපසර්ගයෙන් සම්බන්ධ වූ ඒකා බද්ධ වූ යන අර්ථයත් ප්‍රක්ෂේපණය වේ. මෙහි සරල අර්ථය වන්නේ අදහස් තොරතුරු මත හා දැනුම යනාදිය  මනා ලෙස හුවමාරු කර ගැනීමේ නැතිනම් සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රියාවලිය යන්න යි. මෙය අතීතයේදී සංඥා සංකේත නිර්මාණය නිර්මාණ සන්නිවේදනය ඔස්සේ ද සිදුවිය. 

සන්නිවේදනය පිළිබඳ නිර්වචන රැසක් නිර්මාණය වී ඇත  
"Who said it , what was said , in what channel it was said to whom it was said and with what effect"  
  
Harold Lasswell 

"ඔබ්බට ගොස් සුරක්ෂිත කර ගැනීමත් උපකාරවන උපක්‍රම සන්නිවේදන ඇතුලට වැටේ" 
සමාජ විද්‍යාඥ චාල්ස් කුලී 

පුද්ගලයන් දෙදෙනෙකු අතර එක සමාන මනෝ වෘත්තයක් ඇතිකරලීම සන්නිවේදනයයි 
මහාචාර්ය විල්බර් ශ්‍රාම්


සන්නිවේදන යනු කුමක්ද යන්න  පිලිබඳව ගැඹුරින් විග්‍රහ කිරීමේ දී පෙනී යන්නේ එය අදාළ සමාජ වපසරියට අනුකූල වන බැවින් මිනිස්සුන්ගේ භෞතික හා අධ්‍යාත්මික ක්‍රියාකාරීත්වය සමඟ බද්ධ වී ඇති බවත්ය.

ඉතිහාසය විමසන විට දුර හා වාචක වාසකම් ගැන ගැන ආරම්භව සන්නිවේදන ශඛ්‍යතාවය පසුකාලීනව මාධ්‍යයක් බිහිවීම දක්වා පරිවර්තනය වූ වා යැයි පැවසිය හැකිය . 
සංහතික මාධ්‍ය පිළිබඳ විමසීමට ප්‍රථම මාධ්‍ය යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න විමසා බැලිය හැක. ග්‍රාහකයා හා යථාර්ථයට මැදිහත් වන ඕනෑම දෙයක් මාධ්‍ය ලෙස හඳුන්වනු ලබයි. 16 වන සියවසේ දී මෙය සන්නිවේදනයට එකතු වී ඇති අතර අප සාමාන්‍ය ජීවිතයේදී භාවිතා කර ලබන මාධ්‍යය වන්නේ පංචේන්ද්‍රිය යි. 

සංහතික මාධ්‍යයේ ප්‍රභවය හා විකාශනය මානව ප්‍රගමනයට බලපාන ආකාරය 

ජනමාධ්‍ය සංහතික මාධ්‍ය බවට පරිවර්තනය 

මිනිස් සමාජය පරිණාමය හා විකාශනයත් සමඟ සන්නිවේදන මාධ්‍යන් ද ක්‍රමයෙන් විකාශනය විය. ඒ අනුව මානව සමාජ පරිණාමය යුග හතරක් ඔස්සේ දැක්විය හැක . 

පූර්ව නූතන යුගය 
මධ්‍යතන යුගය 
නූතන යුගය 
පශ්චාත් නූතන යුගය 


මේ රාජාණ්ඩු ක්‍රමයක් පැවැති පූර්ව නූතන යුගයේ දී මානවයාගේ අවශ්‍යතා ඉතා සරල විය. එමෙන් ම අදෘශ්‍යමාන බලවේග පිළිබඳව දැඩිව විශ්වාස කරමින් දේව ධර්ම වාදය ප්‍රචලිතව පැවතුණි. වැඩවසම් ආර්ථික ක්‍රමයක් පවතින මෙම අවධිය තුළ ජන කථා ගැමි නාටක කෝලම් සොකරි ශාන්තිකර්ම වැනි ජන මාධ්‍ය (falk media)පැවතුණි 

පසුකාලීනව ක්‍රමක්‍රමයෙන් සමාජය සංවර්ධනය වීමත් සමඟ ම මානව සමාජය ද ක්‍රම ක්‍රමයෙන් වෙනස් විය. 
ජනග්‍රහනය සීඝ්‍රයෙන් වර්ධනය වීමත් සමඟම එතෙක් භාවිතා කළ සන්නිවේදන ස්වරූප තවදුරටත් ප්‍රමාණවත් නොවුනි. යනු ක්‍රම ක්‍රමයෙන් විවිධ භාෂාවන් බිහි කර ගනිමින් එය හා සම්බන්ධ අක්ෂර මාලාවන් ගොඩනගා ගනිමින් ලිඛිත සන්නිවේදනයට මුල පිරිය. තවද සායි ලූන්  වැන්නන් කඩදාසි සොයා ගැනීම වැනි වැදගත් සොයාගැනීම් ද මෙම යුගයේ දී සිදුවිය. ඉන් පසු යුගය මධ්‍යතන යුගය යි. 
මෙම යුගයේදී ආගම විසින් මානව ක්‍රියාකාරකම් නියාමනය කිරීමේ දී හා හැසිරවීමේ දී දැවැන්ත භූමිකාවක් ඉසිලීය. මිනිසුන්ගේ පාරභෞතික ජීවිතයට සම්බන්ධ යම් යම් ගතිකයන් සහ අභිප්‍රේරණයන් මෙහෙය වන පාලනය කරන සාධකයක් ලෙස කතෝලික ආගම එකල පැවතිණි . සරල නිෂ්පාදන ක්‍රියාවලියක් පැවති මෙම යුගයේදී මුද්‍රිත සන්නිවේදනයට මූලාරම්භයක් ලැබිණි. ඒ ක්‍රි.ව 1447 දී ගුටෙන්බර්ග් විසින් මුද්‍රණ තාක්ෂණය සොයා ගැනීමත් සමගය. (ඇමුණුම-2) මෙසේ ජනමාධ්‍ය යන ක්‍රම ක්‍රමයෙන් ප්‍රසාරණය වන්නට පටන් ගැනිණි . මානව සන්නිවේදනය හැරවුම් ලක්ෂයක් සනිටුහන් වන්නේ මධ්‍යතන යුගයේ සිට නූතන යුගය දක්වා පරිණාමය වීමේ දී ය. එනම් පුනරුද අවධියේ 16 වෙන සත වර්ෂයේ අග භාගයේ සිට  17 වන ශතවර්ෂය ශතවර්ෂය කාලය තුළ විශාල වශයෙන් වෙනස් වෙනස්කම් ලොව පුරා ඇති විය. ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වීමත් සමඟ සරල නිෂ්පාදන මාදිලිය අභාවයට යමින් ඒ වෙනුවට සංකීර්ණ ධනේශ්වර නිෂ්පාදන මාධ්‍යයක් බිහිවන්නට පටන් ගැනුනි. පෙර ආගමකට තිබූ තිබූ තැනම එකල දර්ශනයට විද්‍යාවට හා තර්කයට හිමි විය. ආර්ථික දේශපාලනික වශයෙන් අත්තනෝමතික රාජ්‍ය පාලනය වෙනුවට යම්කිසි යම් කිසි ආකාරයක නිදහස් ලිබරල් හෝ අඩු වැඩි වශයෙන් ප්‍රජාතාන්ත්‍රික ගත ලක්ෂණ ඇති දේශපාලන රාජ්‍යයක් පැවති මෙම යුගයේ චින්තනය මර්දනය කිරීම හා නිදහස් සිතිවිලි විනාශ කිරීම වෙනුවට නව අදහස් ඇති කරන නව චින්තනයන් බිහිවිය. ඒ අනුව රූසෝ ජෝන් ලොක් වෝල්ටෙයාර් ආදී නිදහස් චින්තකයන් සමාජයට ප්‍රවිෂ්ඨ විය. මෙම නූතන යුගයේ ආරම්භයත් සමඟම "සංහතිකත්වය" (massness) යන සංකල්පය බිහි වන්නට විය. මේ කාර්මික විප්ලවය සහ යුරෝපයේ නිෂ්පාදන මාධ්‍යයන්ගේ වර්ධනය විද්‍යාව හා තාක්ෂණ ප්‍රගතිය හා සංස්කෘතික නවෝදය මුල්කරගෙන බිහි විය. මේ සමගම එතෙක් පැවති ජන මාධ්‍යයන් (Falk media) තව දුරටත් ප්‍රමාණවත් නොවීය. එසේ සංකීර්ණ මානව සමාජ පද්ධතියක පද්ධතියක සාම ස්වභාවය ආරක්ෂා කර ගැනීමට නූතන යුගයේ සඳහා නවම මාධ්‍යන්ගේ අවශ්‍යතාවය මතුවිය. එම නව මාධ්‍ය ලෙස "සංහතික මාධ්‍ය" (mass media) සංකල්පය වර්ධනය විය. ඒත් සමගම පුවත්පත සඟරාව මුද්‍රිත මාධ්‍යයන් මෙන්ම රූපවාහිනිය ගුවන්විදුලිය යන විද්‍යුත් මාධ්‍ය ලොවට දායාද විය. යුරෝපයේ සංවර්ධනයේ පැතිකඩයන් සංකල්පීකරණය කිරීමේදී හා න්‍යාය ගත කිරීමේ දී මෙම Mass යන සංකල්පය මතු විය. Mass යන්න ජනයා හෙවත් පුද්ගලයන් නොවේ. එය එකට ඒකරාශී වූ ගොනු ගොනු වූ තමන්ගේ ආත්මය අහිමි කරගත් කරගත් ආත්මය සමාජය කරණයට හසුවූ හසු වූ සංහතියක් හෝඩිය රොත්තක් ලෙස හැඳින්විය හැකිය. මෙම නූතන යුගයේ බිහිවූ masses ට පවතින්නේ මධ්‍යතන යුගයේ සිටි ජනයාට මෙන් යාන්ත්‍රික සබඳතාවක් නො වේ. ඔවුන් ගේ සබඳතාවන් ඓන්ද්‍රිය වශයෙන් එකිනෙකාගේ ක්‍රියාකාරීත්වය අනෙකාට සම්බන්ධ වේ. ජනයා තුළ පුද්ගල වශයෙන් (individual) සිටියත් සහතිකයන් තුළ පුද්ගල සාධකය ඉතා අවම මට්ටමක පවතී. එහි දී වැඩිපුර ඉස්මතු වන්නේ සමූහය (Group)  වේ. පුද්ගලික ගුණාංග අලපීකරණය  වී සංහතික ගුණාංග බහුලීකරණය විය. විශේෂයෙන් සංහතිකයන්  අතර වෙනස්කම් අවම වේ. ඔවුන්ගේ පරිභෝජනය, හැසිරීම්, චින්තනය එකම මට්ටමක පවතී එම නිසා පෙරකී ජනයාගේ සංහතිකයන් සම්පූර්ණයෙන් වෙනස් වේ. සිය තත්වය , ස්ථිර ක්‍රියාකාරීත්වයෙන් පරිබාහිරව තමන් පිළිබඳවම ආ කල්පනය කිරීමට සමත් ය. 

ඒ අනුව අතීතයේ දී  ජනයා එකිනෙකා අතර තොරතුරු හුවමාරු කරගැනීම සඳහා ජානම ගැනීම සඳහා ජනමාධ්‍ය භාවිතා කළ ද පසුකාලීන කාලීනව සමාජ සංකීර්ණයන් ගේ ප්‍රතිඵලයක් ලෙස සංහතික යන සංකල්පය නිර්මාණය විය. එනම් විශාල ප්‍රජාවකට ආමන්ත්‍රණය කරනු ලබන මාධ්‍ය සංහතික මාධ්‍ය නමින් අරුත් ගන්වයි. එනම් අතීතයේදී සන්නිවේදන ක්‍රම සඳහා භාවිතා කළ විවිධ ජන ජන සන්නිවේදන ක්‍රම යනු සන්නිවේදන ක්‍රමයන් වර්තමානයට ප්‍රායෝගික නොවේ . එනම් පූර්ව නූතන යුගයේදී ඇතිවූ Falk song , Falk media , Falk Dance,  Falk drama එනම් ජන ගී ජන කතා ජන නැටුම් ජන නාට්‍ය වලට එහා ගිය පුළුල් වූත් සංකීර්ණ වූත් ප්‍රබල වූත් මාධ්‍ය මාධ්‍ය රැසක් නූතන යුගයේ දී හා පශ්චාත් නූතන යුගයේදී බිහි වී තිබේ . 
සංහතික සන්නිවේදනය හේතුකොට ගෙන සංහතික මාධ්‍ය නිර්මාණය විය. 

මහාචාර්ය විමල් දිසානායකයන් දක්වන පරිදි විසිරී පැතිරී සිටින අති විශාල ග්‍රාහක පිරිසක් වෙත සැනෙකින් ළඟාවීමේ හැකියාව සංහතික සන්නිවේදනය සතු ය. 


කසුනි විජේසිංහ 
⁣ජනමාධ්‍ය අධ්‍යනාංශය 
කොළඹ විශ්වවිද්‍යාලය 

Sunday, 14 November 2021

අසම්මත ⁣පෙම

අසම්මත පෙම

රසක් අග මුතු ඇමිණු අඩසඳක සේයාව 
හිතක් මත පිණි පිපුණ මතක පද ඡායාව 
අසම්මත හිත ඇතුලේ රසක් මත වියරැව 
හිත ඇතුලෙ කටු ඇණින නොදැන නොදැනිව

මලේ රේණු බිඳී විසිරී ගියා  
ගතේ රැහිරැ දැවි දැවී මියැදුනා 
ළබැඳි ඈ තව තවත් අමාවක සඳ වුනා 
ජීවන යාතිකා බැමි බිඳී බොර වුනා 

සිතට සිත නොදැනීව එක සිතක මත් වුනා 
කිරි රැහිරැ ළමැද මැද ගුලි වෙවී බොඳ වුනා
නාඳුනන ආලයට කනකොකා හැඬළුවා 
හිමිදිරියෙ පිපුණ පිණි සැනින් විසිරී ගියා

කසුනි විජේසිංහ 

Saturday, 30 October 2021

රටක් විදියට ආර්ථිකය අතින් ⁣මෙවැනි පසුබෑමකට ලක්වීමට ණය ගැනී⁣ම් ක්‍රියාවලියම කියන්න අපට බෑ

ආර්ථිකය අතින් ශ්‍රී ලංකාව මේ වන විටත් දුෂ්කරතා රැසකට මුහුණ දී තිබෙනවා. ඒ පිළිබඳව සමාජය තුළ විවිධ අදහස් මතිමතාන්තර ඉදිරිපත් වෙමින් ද  පවතිනවා.  මේ ඒ පිළිබඳව බැංකු ක්ෂේත්‍රයේ විධායක නිළධාරියෙක් වන චානුක ජයසිංහ මහතා දැක්වූ අදහස්

ආයුබෝවන් ඔබතුමන්ට
ආයුබෝවන්

ඔබතුමන්ගේ  සම්පූර්ණ නම මොකද්ද?
මහතන්ත්‍රි විදනගේ මලික් චානුක ජයසංක

ඔබේ  සේවා කාලය වසර කීයක්ද සහ මෙම ක්ෂේත්‍රය තුළ ඔබට ඇති අත්දැකීම් මොනවගේද?

දැනට මේ ක්ෂේත්‍රයේ අවුරුදු පහක පමන සේවා කාලයක් කටයුතු කරනව, මගේ සේවා කාලයෙන් වැඩි කාලයක් යොමු වෙන්නෙ  ණය අයකිරීම් අංශය වෙත.

ආර්ථික ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වෙන ඔබ, මෙරට ආර්ථික ක්‍රියාවලිය සම්බන්ධයෙන් දරන අදහස මොනවගේද?
1978 විවෘත ආර්ථිකයකට පිවිසෙන අපි ගෙවුනු දශක තුනක පමණ කාලයක විවිධ පාලකයක් විවිධ දේශපාලන පක්ෂ තුලින් පාලනය වෙමින් අද වෙන විටත් දියුණු වෙමින් පවතින රටක් ලෙස තවමත් ඉදිරියට ගමන් කරන රටක්. රට තුල පවතින ආර්ථික ක්‍රියාවලිය තුල අපිට සතුටුදායක මට්ටමක එය ක්‍රියත්මකවන බවක් අපට පෙනෙන්නට නැහැ.
අපේ රටේ අර්ථිකය විදේශ ණය මත යැපෙන තත්වයක් මේ වන විට දක්නට ලැබෙන්නෙ. ඒ වගේම රට තුල නිශ්පාදනයට වඩා ආනයනය කිරීමට විශාල නැඹුරුවක් පෙන්නනව. මේ කරුණු රටේ ඉදිරි ආර්ථිකයට විශාල ලෙස බලපෑම් එල්ල කරාවි.


කොරෝනා ව්‍යාප්තියත් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වයට දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතිනවා ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ මතය මොකද්ද?

අනිවාර්යෙන්ම කොරෝනා ව්‍යාප්තිය  ලංකාවේ අර්ථිකයට පමනක් නොවේ, ගෝලිය ආර්ථිකයටත් එය විශාල බලපෑමක් එල්ල කලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ නැත්නම් MHF ඇස්තමේන්තු කරන විදියට ගෝලිය අර්ථිකය 4% 4.5 % පමණ පහත වැටී තියනව. ලොකයේ විශාල නිශ්පාදන ආර්ථික තියන රටවල් විදියට ඉතාලිය බ්‍රිතාන්‍ය  වගේ රටවලුත් එයට මුහුන දෙනව. මේ ගෝලිය වශයෙන් එල්ල වන බලපෑම අපිටද රටක් වශයෙන් මේ වන විට එල්ල වෙනව. අපි හැමෝටම දකින්න ලැබෙන විශාල උද්දමනය ඒකට හොදම උදාහරණයක්. සංචාරක ක්ෂේත්‍රයේ දීර්ඝ කාලින පසුබෑම තව තවත් අපේ අර්ථිකය පහලට ඇද යාමට ප්‍රදාන හේතුවක්


කොරෝනා වෛරසය හමුවේ දකුණු ආසියාවේ ආර්ථිකය බරපතළ පසුබෑමකට ලක්ව තිබෙන බව ලෝක බැංකුව අනතුරු අඟවලා තිබෙනවා. ඔබතුමන් සිතන පරිදි ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය එම ක්‍රියාවලියට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවද?

ඔව් අපි කලින් කතා කලා වගේම මේ ගොලීය වශයෙන් පවතින අර්බුදය දකුනු ආසියානු කාලපය ද ඒ අයුරින් ගිලගත්තා. දැන් අපි බැලුවොත් දකුණු ආසියාවේ විශාලම ආර්ථිකය හිමි ඉන්දියාව දිහා, ඉන්දියාව මේ ප්‍රශ්නෙදි මහජන සෞඛ්‍ය හා ආර්ථික වශයෙන් විශාල අර්බුදයකට මුහුන දෙනවා. අපේ රටේ ආර්ථිකයද  මේ වෙලාවේ විශාල අර්ථික පසුබෑමක තියනවා. අපිට තියන ඩොලර් හිඟය මේ කරුනු මනාව පැහැදිලි කරනව. අපිට ආනයන පවා සීමා කිරීමට සිදුවුනා මේ තත්වය මත. මේ වගේ තත්ව තුල අපි තේරුම් ගන්න ඕන අපි රටක් වශයෙන් කොතනද ඉන්නෙ කියන එක, රටේ අපනයන මීට වඩා ශක්තිමක් කල යුතුයි. ඉදිරි ආර්ථික ගමනකට.


ආර්ථික ක්ෂේත්‍රයේ වෘත්තිකයෙකු ලෙස ණය ගැනීම යන කාරණාව රටක් වශයෙන්  දකින්නේ කොහොමද? ණය ගැනීමේ ක්‍රියාවලිය හොඳද?

ඔබ අහනව ණය ගැනිමේ ක්‍රියාවලිය හොදද කියලා, ඇත්තටම මෙම ණය ගැනීමේ ක්‍රියාවලිය ආර්ථිකයක් පවත්වා ගැනීමට අතවශ්‍ය ක්‍රියාවලියක් ලෙස මම හදුනගන්නෙ.
ආර්ථික  නිශ්පාදන ක්‍රීයාවලිය ඉදිරියට ගෙනයාමට මෙය ප්‍රබල සාදකයක්. මහ බැංකුව පසුගිය කාලය තුල ප්‍රතිපත්ති අනුපාත වෙනස් කරමින් මේ ආර්ථික ඉදිරියට ගෙනයාමට අවස්ථා ඇතිකලා. ඒ තුල සුලු හා මද්‍ය පරීමාණ ව්‍යාපාරිකයින් ණය ක්‍රියාවලිය තුලින් තමන්ගෙ ව්‍යාපාර කටයුතු දියණු කිරීමට විශාල නැඹුරුවක් පෙන්නුම් කලා.
මෙතනදි වැදගත් කාරනය තමයි අපි ලබා ගන්න ණය යොදයවන්නෙ කුමක් සදහාද යන්න, අපි රටක් වශයෙන් අද විශාල ණය බරක් දරනව. එතකොට අපිට නැවත හැරිල බලන්න වෙනව ඒ ණය යොදවල තියෙන්නෙ කොතනටද.. අපි ඒ තුලින් ආර්ථික දියුණුවක් ලබලා තියනවද? අද අපේ රටේ ආර්ථිකය මේ වගේ තත්වයකට පත්වෙන්න හේතුවක් වෙලා තියනව මේ තත්වයන්, අපි මේ වන විට රටක් වශයෙන් පරිභෝජනයට පවා ණය ගන්න ත්ත්වයකට පත්වෙලා තියනව. රටක් වශයෙන් අපි ලබාගත් ණය හරි නියාමනයක් විය යුතුයි. කෙසේ නමුත් රට තුල ව්‍යපාරික ක්ෂේත්‍රයෙන් ආර්ථිකයට ලැබෙන දායකත්වයට මේ ණය ක්‍රියාවලිය ඉතාමත්වැදගත්.
ඩොලර්යෙහි අගයත් සමග ණය ගැනීමේ ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික පසුබෑමකට ලක් වීමේ අවදානම මොනවගේද?

සරලවම අපි මේ තත්වය තුල විශාල අවධානමකට ගමන් කරනවා. ඩොලරයේ අගය අපිට පාලනය කල නොහැකි ලෙස ඉහල යනවා. මේ තත්වය වළක්වා ගන්න කෙටි කාලීන හා දිගු කාලින සැලසුම් වලට අපි යා යුතුයි. සංචාරක කර්මාන්තයෙන් මේ සදහා පිළිතුරු සෙවිය යුතුයි. ඒ වගේම ආනයන මත යැපීම සහ අපනයන වර්ධනය කෙරෙහි අපි අවදානය යොමු කරන්න ඕන.

ඇයි ශ්‍රී ලංකාව  තුළ අපනයන කෙරෙහි අවධානය අවම මට්ටමක පවතින්නෙ

මේකට ප්‍රධාන හේතුවක් විදියට දකින්න පුලුවන් අපි අපනයන වැඩි කරන්න දීර්ඝ කාලයක ඉදන් සැලසුම් කරල නෑ, අපි එකම විදියට ඉදිරියට යන්න ගියාම අපිට අනිත් රටවල් වල තරගකාරීත්වයට මුහුන දෙන්න බැරි වෙලා තියනව. විශේෂයෙන් අපි අලුත් තාක්ෂණය උපයෝගී කරගන්න ඕන අපේ අපනයන ආර්ථිකය ශක්තිමත් කරගන්න.
අපි තාක්ෂණය උපයෝගී කරගෙන අපේ නිෂ්පාදන පිරිවැය අවම කරගන්න ඕන, අනිත් රටවල් අපිට වඩා අඩු පිරිවැයකින් නිෂ්පාදනය කරනව නම් අපි ඒකට මුහුන දෙන්න සූදානම් වෙන්න ඕන. අපනයන කෙරෙහි  ව්‍යපාරිකයන් දිරිමත් කල යුතුයි. ඒ සඳහා අදාල අයතනයන් සැලසුම් එක්ක යන්න වෙනව. අනෙක් රටවල් කෘෂිකාර්මාන්තයට යොදා ගන්න තාක්ෂණය අපි තවමත් භාවිත කරන් නෑ. අපනයන අවම මට්ටමක පවතින්න මේ වගේ කරුනු බලපාල තියනව.
ඉදිරියට අපි අපේ ශක්තීන් හඳුනාගෙන ඒ ඒ අපනයන ක්ෂේත්‍රයන්ට ගැලපෙන විදියට සැලසුම් එක්ක කටයුතු කිරීම වැදගත් වේවි.

ඔබතුමන්ට හැඟෙන පරිදි ශ්‍රී ලංකාවේ ආර්ථිකය අතින් පසුබෑමකට ලක් වන්නේ මෙම ණය ගැනීමේ ක්‍රියාවලිය හරහා පමණක්ම ද?

රටක් විදියට ආර්ථික අතින් මෙවැනි තත්වයක පසුවීමට හේතුව ණය ගැනීමේ ක්‍රියාවලියම කියන්න අපට බෑ, රටක් වශයෙන් ලබාගත් ණය අපි හරි ප්‍රතිපත්තියක් ඇතුව යෙදවිය යුතුයි.
අපේ රට නිෂ්පාදන හා සේවා අර්ථිකයක් පිලිබඳව මීට වඩා සැලසුම් සහගතව ක්‍රියාමාර්ග ගත යුතුයි. අපි රටේ සම්පත් වලිනුත් හරියාකර ප්‍රයෝජනයක් ගන්නෙ නෑ. කෘෂිකාර්මික පැත්තෙන් ගත්තත් අපි ඉන්න ඕන තැන නෙමෙයි ඉන්නෙ කියන එක අපිට පෙනෙන්න තියන දෙයක්. ආර්ථික වශයෙන් පසුබෑමක ඉන්නෙ, එදා සිට අද දක්වා අපි ආර්ථිකයට හසුරවපු ආකාරය මේ කරුනුත් එක්ක බලපාල තියනව.


ණය මත ක්‍රියාත්මක වන පරිභෝජන ආර්ථිකයක් තමයි මෙරට ක්‍රියාත්මක වන්නේ , එහිදී ආනයනයට ඇබ්බැහිවීම තුළදී කොරෝනාසමයේ  මෙරට ජනයාට යම් යම් අපහසුතා සඳහා මුහුණ දීමට සිදුවුණා ඔබතුමන්  කොහොමද එම ක්‍රියාවලිය දකින්නේ.

ඔව් අපි අද දවස වන විටත් මේ ප්‍රශ්නෙට මූහුන දෙනව. අපි මේ කරුන දිහා එක උදාහරණයක් අරන් බැලුවොත්, ඇත්තටම අපි සහල් ආනයනය කල යුතු රටක්ද? ඒ වගේ එකින් එක බැලුවොත් අපි මෙතරන් ආනයන මත යැපිය යුතුද යන්න ගැන ප්‍රශ්නාර්ථයක් මතු වෙනවා.
රටේ නිශ්පාදන ආර්ථිකයට ගැන හිතන් නැතුන ආනයන මත තව දුරටත් යැපෙනව නම් මේ වගෙ තත්ත්ව වලට ඉතිරියේදීත් මුහුන පාන්න වෙනවා.

අවසාන වශයෙන් ඔබතුමා වගකීමක් සහිත පුරවැසියෙක් ලෙස මෙරට ජනතාවට දියහැකි උපදෙසක් තිබෙනවද?

ඒක ඇත්තටම ප්‍රශ්නයකට සීමා කරන්න පුලුවන් දෙයක් නෙමේ, රටේ පුරවැසියන් ගත්තොත් එක් එක් අය එක් එක් ක්ෂේත්‍රයන් වල තමයි නිරත වෙන්නෙ. මේ එක් එක් පුරවැසියගෙ වගකීම එකිනෙකට වෙනස් වෙන්න පුලුවන් ,නමුත් වැදගත් වෙන්නෙ මේ හැමෝගෙම එකතුව රටක් විදියට ශක්තිමත් වෙන තැනකට ඉලක්කගත විය යුතුයි. ඒ දේ වෙන්න නම් ඒ සදහා හරි නියාමන යාන්ත්‍රනයකුත් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. දැනට පවතින තත්ත්වයක් එක්ක ගත්තම අපනයන ක්ෂේත්‍රයන් ,සංචාරක කර්මාන්තය, නිෂ්පාදන ක්ෂේත්‍රයන් ඉදිරියට ගෙනියන්න කටයුතු කල යුතුයි. අවසාන වශයෙන් අපි එකිනෙකා තමා තුලින් අවශ්‍ය වගකීම් ඉටුකරමින් එක් අරමුණකට කටයුතු කල යුතුයි. ඒ සදහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම බලධාරීන් සතු වගකීමක්.


                                      🖋සටහන
                                      කසුනි විජේසිංහ

ගවේෂණාත්මක වාර්තාකරණය

ගවේෂණාත්මක වාර්තාකරණය ගවේශනාත්මක වාර්තාකරණය යනු කිසියම් සිද්ධියක්, අවස්ථාවක් හෝ පුද්ගලයෙකු පිලිබඳ ගැඹුරින් සොයා බලා වාර්තා කිරීම...