දැන්වීම්කරණ ක්‍රියාවලියට අදාල නීති (law) සහ ආචාරධර්ම (Ethics)
කිසියම් රාජ්‍යයක් ගත්තද එම රාජ්‍යයේ පැවැත්ම උදෙසා හඳුන්වාදුන් නීති පද්ධතියෙන් දක්නට ලැබේ. කිසියම් සමාජයක පැවැත්ම උදෙසා නීති අත්‍යවශ්‍යවේ. කුමන ආකාරය ආයතනයක් ගත් කල එම ආයතනයේ පැවැත්ම ස්ථාවර කර ගැනීම උදෙසා නීති (Law) ආචාරධර්ම (Ethics) හඳුන්වා දී තිබීම දැකගත හැකිය. ඒ අනුව එක් එක් ක්‍රියා වලින් සමාජයට හානිකර නොවන මට්ටමින් පවත්වාගෙන යෑම උදෙසා එම ක්‍රියාවලියට යටත් වූ කිසියම් නීතියමය සහ ආචාරධර්ම ගණනාවකට අනුගත වෙමින් ඒ අනුව ක්‍රියාත්මක වීම හඳුනා ගත හැකි ය. ඒ අනුව දැන්වීම්කරණ ක්‍රියාවලිය වූ කලී එවැන්නකි. දැන්වීමක් නිර්මාණය කිරීමේ දී කිසියම් නීති රාමුවක් තුළ ආචාර ධර්ම පද්ධතියකට යටත් වෙමින් කටයුතු කරනු ලබයි.
නීතිය යනු ආයතන ගණනාවක් මඟින් යහපත උදෙසා පනවනු ලබන රීතී පද්ධතියක් නීතිය ලෙස හැඳින්වේ.
එලෙස සැම ක්ෂේත්රය ම හා බැඳිච්ච නීති රීති සමුදායක් ඇත. ආචාර ධර්මයක් කඩ වූ විට නීතියෙන් දඬුවම් පැමිණවීමට නොහැකිය. නැවැත්විය හැක්කේ සමාජය තුළින් පැන නගින විරෝධතාවයකට පමණි.
සෑම ආයතනයක් සතු වම ආචාරධර්ම පද්ධතියෙන් දක්නට ලැබේ. පාසලක් රාජ්‍ය ආයතනයක් හෝ වෙන යම් මාධ්‍ය ආයතනයක් ද ගත්කල ඒ ඒ ආයතනයට ආවේණික ආචාර ධර්ම පද්ධතීන් හඳුනාගත හැක. නිදසුන් ලෙස ස්වාධීන රුපවාහිනි රෑපවාහිනී සංස්ථාව සතුව කොළපාට පොතක් යන නමින් පොතක් ඇති අතර එහිදී එම පොත තුළ ස්වාධීන රූපවාහිනිය සම්බන්ධයෙන් ඇති ආචාරධර්ම අන්තර්ගත වේ. ඒ තුළ දහවල් ආහාරය අනුභව කරනු ලබන අවස්ථාව කාල වේලාව තුළ විකාශය කළ නොහැකි දැන්වීම් අන්තර්ගත කළ ඇති අතර එය පුද්ගලික මාධ්‍ය වර්ධනය සමඟ ම මෙය වර්ධනය කිරීම සිදුවිය.
1980 අංක 27 දරන සුවඳ විලවුන් සහ ඖෂධ පනත මගින් රූපලාවන්‍ය හා සම්බන්ධ පනත ගත් විට රූපලාවන්‍ය ද්‍රව්‍ය යටතේ සත්‍ය ප්‍රචාරය කිරීම සහතික කර ඇත. මෙය අධ්‍යතනය වන විට තාක්ෂණික කාරණාවන් නිසා මග හැර ඇත. නමුදු මෙම පනත පසෙකලා රූපලාවන්‍ය සම්බන්ධයෙන් සිදු කරනු ලබන දැන්වීම් ක්‍රියාත්මක වන ආකාරය දැකගත හැක. බොහෝමයක් රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතා කිරීමේ දී අතුරු ආබාධ රාශියක් ඇති විය හැකිය. ඒ එම ද්‍රව්‍යයන් සැකසීමේදී භාවිතා කරනු ලබන අධික රසායනික සාන්ද්‍රණයන් හේතුවෙනි. නමුදු මෙම දැන්වීම් තුලින් සමාජගත කරනු ලබන්නේ මෙම නිෂ්පාදන 100% ප්‍රතිශතයක් ශරීරයට සුදුසු වන බව අගවමිනි. නමුත් ජනප්‍රිය සංස්කෘතිය පාදක කොට ගනිමින් පාරිභෝගිකයා දැන්වීම්කරණ ක්‍රියාවලිය මගින් සහ දැන්වීම්කරණය ගොදුරක් බවට පත්ව ඇති ආකාරය හඳුනාගත හැක.
විශේෂයෙන්ම ඇතැම් රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවි කිරීම සඳහා සිදුකරනු ලබන දැන්වීම් තුලින් ඉස්මතු කරන්නේ මෙම නිෂ්පාදනය සමස්ත වශයෙන් නිර්මාණය කර ඇත්තේ ස්වභාවික අමුද්‍රව්‍ය වෙතින් පමණක් බවයි. නමුදු එහි කල් පැවැත්ම උදෙසා කෙතරම් රසායනික ද්‍රව්‍ය විවිධ සුවඳ ද්‍රාවණයන් පිළිබඳ ව කිසිවෙක් ප්‍රශ්න කිරීමට පෙළඹෙන්නේ නැත.
සත්‍යය කාරණාව වන්නේ එම රූපලාවණ්‍ය ද්‍රව්‍ය තුල සමස්ත වශයෙන් ම ස්වාභාවික ද්‍රව්‍යයන් පමණක් අඩංගු නොවන බවයි. එය විවේචනයට ලක් කළ යුතු කාරණාවකි. ඒ අනුව රූපලාවණ්‍ය ද්‍රව්‍ය යටතේ සත්‍ය ප්‍රචාරණය කිරීම සහතික කිරීම යන කාරණාව බිඳ වැටී ඇත.
නිදසුන් ලෙස fair and lovely භාවිතා කිරීමට දැන්වීම්කරණ ක්‍රියාවලිය මගින් සමාජය පොළඹවනු ලබයි ඒ තුළ රසායනික ද්‍රව්‍ය අඩංගු වන බව ද ස්වභාවික ද්‍රව්‍ය නොමැති බවද පාරිභෝගිකයා දැනුවත් වුවද දිගින් දිගටම පාරිභෝගිකයා එය මිලදී ගැනීමට පෙළඹේ. දින හතක් ඇතුළත මුහුණ පැහැපත් කරන්නේ කෙසේද එය සිදුවන්නේ කෙලෙසද අතුරැ ආබාධ සහිතද යන කාරණාව ප්‍රශ්න කිරීමට පාරිභෝගිකයා කටයුතු නොකරන්න තෙක් මෙවැනි දැන්වීම් රාශියක් සමාජය තුළ ව්‍යාප්ත වීම වැළැක්විය නොහැකි කාරණාවකි. විශේෂයෙන්ම එම නිෂ්පාදන තුළ අධික ලෙස රසදිය (Mercury) අඩංගු වන බැවින් ද ඒ හරහා අප ශරීරයේ මෙලනින් සාන්ද්‍රනය ට බලපෑමක් කළ හැකි බව ද ජනයා තේරුම් ගැනීමට බුද්ධිමත්කමක් තිබුණද ඒ සඳහා මිනිසා හඬක් නැගීමට පෙළඹෙන්නේ නැත.
ස්වීඩනය තුළ අවුරුදු 12 න් පහළ ළමුන්ට ආහාර දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත. ඕස්ට්‍රේලියාවේ පෙර පාසල් තිබෙන ස්ථානයන්හි ළමුන් සම්බන්ධයෙන් දැන්වීම් ප්‍රචාරය කිරීම තහනම් කර ඇත. බෙල්ජියමේ ළමුන්ගේ වැඩසටහන් ක්‍රියාත්මක වන වේලාවන් සහ Golden hours කුඩා ළමුන් හා සම්බන්ධ වන දැන්වීම් ප්‍රචාරය කිරීම තහනම් වේ.
නමුත් එවැනි ක්‍රියාදාමයක් මේ රට හා සැසඳීමේ දී මෙරට දක්නට නොලැබේ. නිදසුන් ලෙස මෙරට නාලිකා ගත් කල වයස අවුරුදු 12 න් පහළ ළමුන් උදෙසා ආහාර දැන්වීම් ප්‍රචාරය කරනු ලබන ආකාරය දැක ගත හැකිය. එසේම ළමා වැඩසටහන් ක්‍රියාත්මක වන විට එම කාල වකවානුව තුළ සහ Golden Hours ගත් කල වැඩි වශයෙන් ළමුන් හා සම්බන්ධ දැන්වීම් ප්‍රචාරය කරනු ලබයි. ඒ අනුව පෙනී යන්නේ රාජ්‍යයෙන් රාජ්‍යට දැන්වීම්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති නීතිරීති සහ ආචාර ධර්ම පද්ධතින් වෙනස් වන ආකාරයයි.
ලංකාව තුළ ළමුන් වෙළඳ දැන්වීම් වෙළඳ දැන්වීම් වලට සහභාගී වීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතුය යන ආචාර ධර්ම පද්ධතියධර්ම පද්ධතියක් ඇත. නමුත් මෙරට විකාශය වන බොහොමයක් වෙළඳ දැන්වීම් තුළ ළමුන් වැඩිහිටියන් සේ ක්‍රියා කරන ආකාරය හුවා දක්වමින් ඔවුන්ගේ ළමා මනස දැන්වීම තුළ ඉදිරිපත් නොකරන සංස්කෘතියක් බිහි ව ඇත. ඇතැම් දැන්වීම් අනෙකා සමග බෙදාහදා ගැනීම යන සංකල්පය ළමයාට පුරුදු පුහුණු නොකොට සියල්ල තමන් සතුව තබා ගනිමින් ආත්මාර්ථකාමීව ජීවත්වීම උදෙසා වැරදි සහගත ආදර්ශයන් ළමුන් වෙත ලබා දෙයි. ළමයා වෙතින් සමාජය වෙත ලබාදිය යුත්තේ යහපත් ආදර්ශයන් පමණකි. එය රටක ඉදිරිගමනට බෙහෙවින් බලපානු ලබයි.
දැන්වීම්කරණය යන්න පාරිභෝගිකයාගේන් කෙළවර වනු ලබන දෙයක් නොවනු ඇත. දැන්වීම්කරණයේ ස්වරූපයන් ද වෙනස් වේ. අද්‍යතනය වන විට දැන්වීම් තෝරා බේරා ග්‍රහණය කර ගැනීමට මිනිසා කිසියම් බුද්ධිමය මට්ටමකින් ජීවත් වෙයි.
මෙහිදී වැදගත් වන්නේ සමාජ මාධ්‍ය හරහා වෙළද දැන්වීම් වෙළඳ දැන්වීම් ප්‍රචාරය වීමේ දී එයට ආචාර ධර්ම පණ වන ආකාරය පිළිබඳවයි. ප්‍රධාන මාධ්‍යය තුළ තහනමට ලක් කරනු ලැබුවද සමාජ මාධ්‍ය තුළ තහනම් කිරීම උදෙසා ප්‍රබල කතිකාවතක් අවශ්‍ය වේ.
2003 පාරිභෝගික සේවා අධිකාරිය හරහා එම පනත් යටතේ පාරිභෝගිකයන් හට පැමිණිලි කළ හැකිය. නමුත් අද්‍යතනය වන විට එය අක්‍රීය වී ඇත සමාජය නිර්වින්දනය වී ඇත.
මෙම දැන්වීම් කරන ක්‍රියාවලිය තුළ සිදු වන නීතිමය ආචාර ආචාරධර්ම කඩවීම් සම්බන්ධයෙන් රජය මඟින් මැදිහත්වීමක් අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා ප්‍රබල ශක්තිමත් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම උදෙසා පවතින ආණ්ඩුව කටයුතු කිරීම වැදගත් වේ. එසේම වාරණයක් අත්‍යාවශ්‍යමය ඇමරිකාව තුළ තුළ නීතියක් රැගෙන එන ලද්දේ පැයකට විකාශනය කළ හැක්කේ දැන්වීම් විනාඩි 10 ක පමණ කාල පරාසයක් තුළ පමණයි. යනුවෙනි. නමුත් ලංකාව තුල එය සහමුලින්ම වෙනස් වන අතර තරගකාරී ආර්ථික ක්‍රියාවලිය හමුවේ සෑම විනාඩි තිහක් ගත්විට 50% ක් වැඩසටහන වැඩසටහන ද ඉතුරු 50% දැන්වීම් සඳහා ද කාල වේලාව යොදා ගන්නා ආකාරයයි. දැන්වීම් සඳහා යොදා ගන්නා කාලවේලාව 50% හෝ ඊට වැඩි විය හැක.
මෙරට පුවත්පත් ගත් විට එහි සියයට හැටක් කර්තෘ අන්තර්ගතය තිබේ. සියයට හතළිහක් දැන්වීම් අන්තර්ගතය තිබේ. මුල් කාලයේදී එය දක්නට ලැබුණ ද පසුකාලීනව වන විටත් එම ක්‍රියාවලිය දක්නට නොලැබිණි. පසුව ආයතනයක උවමනාවන් හා ලාභ අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගනිමින් එම ක්‍රියාවලිය අද වන විට වෙනස් වී ඇත. නිදසුන් ලෙස ඉරිදා ලංකාදීප පුවත්පත ගත්විට දැන්වීම්කරණ ක්‍රියාවලිය උදෙසා වෙනත් පුවත්පත් මුද්‍රණය කර ඇති ආකාරය හඳුනාගත හැක. (ඉටුපිට / ලහිපිට)
මේ ආකාරයට දැන්වීම්කරණ ක්‍රියාවලිය අධ්‍යතනය වන විට දැඩි ලෙස ආර්ථිකය හා මූල්‍ය සාධකයන් උදෙසා වැඩි වශයෙන් ක්‍රියාත්මක වන ලද්දක් වන අතර ඒ හා නීති සහ ආචාරධර්ම වර්තමානය වන විට හුදු සංකල්පයක් පමණක් බවට පත්ව ඇති ආකාරය හඳුනාගත හැක.
No comments:
Post a Comment