සන්නාමයක් යනු What is a brand
සන්නාම යන්න සරලවම අර්ථකථනය කිරීමේ දී කිසියම් නිෂ්පාදිතයක් වෙළඳපොල තුළ ඇති අනෙකුත් නිෂ්පාදිතයන් ගෙන් වෙන් කොට හඳුනා ගැනීමට හැකියාවක් ඇත්තේ යම්සේද ඒ සන්නාම හේතුවෙනි. අලෙවිකරණය තුළදී තුල දී වැදගත් ප්‍රධානතම අංග දෙකක් ලෙස නිෂ්පාදිතය සහ සන්නාමය වැදගත් වේ. එහිදී සන්නාමයට වැඩි වැදගත්කමක් ඇත. එනම් පාරිභෝගිකයා අදාළ භාණ්ඩය හෝ සේවාව ක්ෂණිකවම වැළඳ ගැන ව වැළඳ ගැනීමට සන්නාමය බෙහෙවින් වැදගත්ය. සන්නාමය ප්‍රධාන වශයෙන් කරුණු තුනක් සුසංයෝග වී ඇත. එනම්
1). පොරොන්දුව - promise
2). අවශ්‍යතාවන් - Needs
3). හැඟීම් - Emotions
එම කාරණාවන් ප්‍රබල සන්නාමයක් ගොඩ නැගීමට හේතු වේ. දැන්වීම් ප්‍රචාරණය හරහා සන්නාම ගොඩනැඟිය හැකිය. දිගුකාලීන වශයෙන් වෙළඳ සල තුළ කිසියම් නිෂ්පාදනයක් ස්ථාපිත වීම තුළ එම නිෂ්පාදනය සඳහා පෞරුෂයක් ආරූඪ වේ. සන්නාම ගොඩනැඟීම සඳහා භාවිතා කළ යුතු ක්‍රමවේද ඇත.
1). නිරන්තර යාවත්කාලීන වීම
2). සන්නාම ආධිපත්‍යය පැතිර වීම
3). කඩිනම් උපයෝගීතාව
සන්නාමයක් යනු සදහට ම පවතින දෙයක් බවට සහතික කළ හැකිය. නිෂ්පාදිතය භෞතික සහ භෞතික නොවන ආකාරයෙන් පැවතිය හැකි අතර ම සන්නාමය අයත් වන්නේ මෙම කරුණ ද්විත්වයට එපිටෙන් වඩාත් ගැඹුරු අර්ථයක් ඇති කරුණක් ලෙස ය. ස්පර්ශ කළ හැකි දෙයක් නොවනු ඇත. (එනම් භෞතිකයක් නොවේ.) කිසියම් නිෂ්පාදනයක් සඳහා ජීවය ලබා දෙන ලබන්නේ නිෂ්පාදකයින් විසිනි. නමුත් විශේෂත්වය වන්නේ සන්නාමය සඳහා ජීවය ලබා දෙනු ලබන්නේ පාරිභෝගිකයින් විසිනි.
වර්තමානය වන විට භාණ්ඩයක් මිලදී ගැනීමට යාමේදී බොහෝ පිරිස් සිය අවධානය සන්නාමය වෙත යොමු කරනු ලබයි. සෑම සන්නාමයක් ම ගත් කළ වෙළඳපොල තුළ කිසියම් වටිනාකමක් එකතු වී ඇත. සන්නාමයේ යන වචනය භාවිතා කිරීමට පැමිණ ඇත්තේ 1927 ත් 1925 ත් අතර කාල වකවානුව තුළදී ය. ඒ වෙළඳපොළ තුළ ඇති වීමත් සමගය.
විශේෂයෙන්ම කිසියම් භාණ්ඩයක හෝ සේවාවක ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය පිළිබඳව සාකච්ඡා කරන විට සන්නාමය අත්‍යවශ්‍ය වේ. සන්නාමයක ට ඇත්තේ සංකේතමය වටිනාකමක් වුවද එම වටිනාකමට මිලක් නියම කළ නොහැකි විය හැකිය. එනම් එය භෞතික වස්තුවක් නොවන නිසාය.
2016 වසර වන විට ලොව වැඩිම වටිනාකමක් සහිත සන්නාමය ලෙස ඇපල් (Apple) සන්නාමය හැඳින්විය හැකිය. එපමණක්ම නොව ලොව පුරා වැඩිම වටිනාකමක් සහිත සන්නාම බවට ගූගල් මයික්‍රසොෆ්ට් , කොකාකෝලා , ෆේස්බුක් , ටොයෝටා වැනි සන්නාමයන් පත්ව ඇත. මෙම සන්නාමයන් ඕනෑම පුද්ගලයෙක් වඩාත් පහසුවෙන් හඳුනා ගන්නා සන්නාමයන් වෙයි.
ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් අලෙවි කරනු ලබන ආයතනයක් සඳහා සන්නාමය බෙහෙවින් වැදගත් වේ. සන් නාමයට හානි වීමටද සන්නාමය ඉහල තත්වයකට ගෙන ඒමට ද ප්‍රධාන වගකීම ඒ ඒ ආයතන සතුව ඇත.
No comments:
Post a Comment