Tuesday, 23 May 2023

ගුවන්විදුලිය , රූපවාහිනිය , පුවත්පත සහ නව මාධ්‍යන්හි සම්මුඛ සාකච්ඡාවක් මෙහෙයවන්නෙකු සතු විය යුතු ගුණාංග.

ගුවන්විදුලිය , රූපවාහිනිය , පුවත්පත සහ නව මාධ්‍යන්හි සම්මුඛ සාකච්ඡාවක් මෙහෙයවන්නෙකු සතු විය යුතු ගුණාංග. 


සම්මුඛ සාකච්ඡා ප්‍රවර්ගයන් ගණනාවක් මාධ්‍යමය ක්‍රියාවලිය තුළ හඳුනාගත හැකිය කිසියම් අරමුණක් සඳහා මෙන්ම ජනතාව අපේක්ෂා කරනු ලබන තොරතුරු ලබා ගැනීම උදෙසා මෙලෙස සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සිදුවේ. "Conversation with the purpose" යන කාරණාව මෙම සම්මුඛ සාකච්ඡාව තුළ භාවිත කළ යුතුය. මෙම සම්මුඛ සාකච්ඡාවන් මුද්‍රිත මාධ්‍ය තුළ මෙන්ම විද්‍යුත් මාධ්‍ය තුළ ද මැනවින් ක්‍රියාත්මක වන අතර ගුවන් විදුලි රූපවාහිනිය පවත් පත්තර එවැනි මාධ්‍ය මෙන්ම නව මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවක් මෙහෙයවන්න සතුව විශේෂ ගුණාංග සමුදායක් තිබීම වැදගත් වේ. එවැනි ගුණාංග අනුගමනය කිරීම හරහා අදාළ සමඟ සාකච්ඡාව සාර්ථකව නිම නිම කිරීමට සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන්නාට හැකිවේ. 


ප්‍රධාන වශයෙන් සමඟ සාකච්ඡා මෙහෙයවන්නා තුළ හොඳ අත්දැකීම් මෙන්ම සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන්නා වූ විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් තිබූ වැදගත් කාරණාවකි. මෙහි ප්‍රධාන කාරණාව වන්නේ ප්‍රශ්න ඇසීමයි. එම ක්‍රියාවලිය තුළ සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන්නා සතුව තිබිය යුතු ප්‍රධාන ගුණාංගයක් ලෙස (Principles object) කුසලතා සහිත ප්‍රශ්න කිරීම (Skill full questions) වැදගත් වේ. එම ප්‍රශ්න කිරිම මගින් සමග සමඟ සාකච්ඡාවේ අරමුණ සාකච්ඡා කර ගැනීමටත් ජනතාව අපේක්ෂා කරන්නා වූ තොරතුරු ලබා ගැනීමට ද හැකි විය යුතුය. 


ප්‍රශ්න අසන්නා සතුව එනම් සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන්න සතු පෞද්ගලික මත තිබිය හැකිය. (Opinions,attitudes) නමුත් සම්මුඛ සාකච්ඡා ක්‍රියාවලියට  (process) එම අදහස් මතිමතාන්තර තුළින් තීරණ සඳහා එළඹීම නොකළ යුතුය. 

එමෙන්ම සමඟ සාකච්ඡාවට ලක් වන්නා ව උත්තේජනය කළ යුතු අතරම ඔහු හෝ ඇයව හොඳින් නිරීක්ෂණය කිරීමට කටයුතු කළ යුතුය. එමඟින් සමග සාකච්ඡාවට සහභාගී වන්න කෙලෙස පිළිතුරු සැපයුවත් ශරීරය ලක්ෂණ හරහා එය එසේමද යන්න නිර්ණය කරගත හැක. 
ඒ අනුව තවදුරටත් සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන්න සතුව පහත සඳහන් කාරණාවන් සම්මුඛ සාකච්ඡාවට භාජනය වන්නා විසින් ඉදිරිපත් කරනු ලබන තොරතුරු සහ මතයන් කෙරෙහි නො තිබීම වැදගත් වනු ඇත. මෙය සම්මුඛ සාකච්ඡා මෙහෙයවන්නා සතු විය යුතු තවත් වැදගත් ගුණාංගයකි. 

Interest 
Opinion 
Attitude 



ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදන ක්‍රියාවලිය තුළ නිශ්පාදකයා විසින් මිනිස් කටහඬ (voice) සංගීතය (Music) සහ ශබ්ද ප්‍රයෝග (SFX) භාවිතයට ගනු ලබන ආකාරය

ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදන ක්‍රියාවලිය තුළ නිශ්පාදකයා විසින් මිනිස් කටහඬ (voice) සංගීතය (Music) සහ ශබ්ද ප්‍රයෝග (SFX) භාවිතයට ගනු ලබන ආකාරය

ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදන ක්‍රියාවලිය සරල ක්‍රියාවලියක් නොවනු ඇත. කිසියම් වැඩසටහනක් නිෂ්පාදනය කිරීමේ අදියර කීපයක් යටතේ සිදුවීමේදී  ඒ ඒ වැඩසටහන් මනාව ග්‍රාහක ආකර්ශනය  රඳවා තබාගැනීම යන කාරණය අධ්‍යතනය වන  විට විශාල අභියෝගයක් බවට පත්ව ඇත්තේ හතු පිපෙන්නාක් මෙන් ගුවන් විදුලි නාලිකාවන්  රැසක් බිහිවී තිබීම හා ගුවන්විදුලි වැඩසටහන් සමග අනිකුත් මාධ්‍යයන් තරඟකාරීත්වයක්  ලබා දෙන බැවිනි. කෙසේ වෙතත් ගුවන් විදුලිය අනිකුත් මාධ්‍යයට සාපේක්ෂ ව තරගකාරීත්වයක් ලබා දෙන බැවිනි. කෙසේ වෙතත් ගුවන් විදුලිය අනෙකුත් මාධ්‍යයන්ට සාපේක්ෂව තරගකාරී මාධ්‍යයක් වන බැවින් ග්‍රාහකයා රඳවා තබා ගැනීම උදෙසා විවිධාකාර උපක්‍රම වැඩසටහන් නිෂ්පාදකයන් විසින් සිදුකරනු ලබයි. ඒ තුළ ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදන ක්‍රියාවලිය තුළ නිශ්පාදකයා විසින් මිනිස් කටහඬ (voice)  සංගීතය (Music) සහ ශබ්ද ප්‍රයෝග (SFX) ඉතාම සූක්ෂ්මව යොදා ගන්නා ආකාරය හඳුනාගත හැක. 

ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදනයේ දී වැදගත්ම ප්‍රමුඛතම කාරණාව වන්නේ කටහඬයි(Voice). යම්කිසි ගුවන් විදුලි නාලිකාවක් සඳහා සමග පරීක්ෂණ පැවැත්වීමේදී ද කටහඬ ප්‍රමුඛ සාධකය බවට පත්වේ. නිවැරදි උච්චාරණය හඬ පාලනය කටහඬ උස් පහත් බව වැඩසටහන නිෂ්පාදනය තුළ බෙහෙවින් වැදගත් වේ. නිවැරදි උච්චාරණය හඬ පාලනය කටහඬ උස් පහත් බව වැඩසටහන් නිෂ්පාදනය තුළ බෙහෙවින් වැදගත් වනු ඇත. 

විශේෂයෙන්ම වැඩසටහන් සඳහා කටහඬ යොදා ගන්නා ආකාරය ඉතාමත් සුවිශේෂී වේ. නිදසුන් ලෙස ප්‍රවෘත්තිමය වැඩසටහන් සඳහා වඩාත් පාර්ශව දනවන පැහැදිලි ගැඹුරු හඬක් ප්‍රයෝජනවත් වන අතර නාට්‍යමය වැඩසටහන් සඳහා ඒ ඒ චරිතයට සුදුසු  කටහඬ යොදා ගනු ලබයි. 

එසේම විචිත්‍රාංග වැඩසටහන් වාර්තා වැඩසටහන් ආදී වැඩසටහන් හි  ග්‍රාහක සිත උද්දීපනය කර ගන්නා ආකාරයට කටහඬ භාවිතා කිරීම සිදුවේ. නිදසුන් ලෙස ටාසන් බාප්පා , පටි රෝල්  ,  අරා පැස්බරා වැනි ගුවන් විදුලි වැඩසටහන් තුළ කටහඬ භාවිතා කිරීම සුවිශේෂී හැකියාවන් හඳුනා ගත හැක. 

විශේෂයෙන්ම ගුවන් විදුලිය යනු චතුර කථන මාධයකි. මෙහිදී  සංගීතාත්මක කටහඬක් තිබීම ද අවශ්‍ය වේ. ශ්‍රාවකයෝ සංදේශය ග්‍රහණය කර ගන්නට එය ඉවහල් වනු ඇත.  කලකට පෙර විසූ ශ්‍රේෂ්ඨ ගුවන් විදුලි ඉදිරිපත් කරන්නෙකු වූ ජ්‍යෙප්රි වික්ස් පැවසූයේ ඔබේ කටහඬ සංගීත භාණ්ඩයක් ලෙස පවත්වාගෙන යන්න එයින් ගීත තනු වාදනය කරන්න යනුවෙනි. 

ගුවන් විදුලි මාධ්‍යයට ග්‍රාහකයා සමීප වීම උදෙසා උපකාර කරන්නාවූ ප්‍රධානතම මෙවලම වන්නේ කටහඬයි.එසේ වීම හේතුවෙන් කටහඬ විවිධාකාරයෙන් යුතුව ගුවන් විදුලිය තුළ භාවිත කළ හැකිය. කටහඬ විචිත්‍රවත් ලෙස ගුවන්විදුලි නාට්‍ය ද භාවිතා කරනු ලබයි. එවැනි ගුවන්විදුලි නාට්‍ය කිහිපයක් මෙසේය. 


උදා - සාගරය සේ ආදරේ 
          සේයා 
          මුවන් පැලැස්ස 
          අනුත්තරා 
           සිහින මන්දාකිණි 

ගුවන්විදුලි  වැඩසටහන් නිෂ්පාදන ක්‍රියාවලිය තුල සංගීතය (Music) ඉතාමත් වැදගත් සුසංයෝගයකි. සංගීතය යනු පෙරින් විස්තර කරන ලද කටහඬ උත්තේජනයට ප්‍රධාන සුසංයෝගයක් ලෙස සඳහන් කළ හැක. 

සංගීතය ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදන ක්‍රියාවලිය තුළ විවිධ කාරණාවන් හි දී යොදා ගනු ඇත. සංගීතය යනු ගුවන් විදුලි මාධ්‍යය තුළ ඉතාම ලාභදායී සුසංයෝගයකි. සියලුම වැඩසටහන් ප්‍රවර්ගයන් සඳහා සංගීත යොදාගනු ලබයි. Comming soon , jingles ආදිය සඳහා සදහා සංගීතය යොදා ගැනීම සිදුවේ. 

එමෙන්ම වැඩසටහන් තුළ අවස්ථානුකූලව භාවය ස්මතු කිරීම උදෙසා සංවේදය භාවිතා කරනු ලබයි. 

නිදසුන් ලෙස ගුවන් විදුලි නාට්‍යයක චරිතයක දුක්මුසු අවස්ථාවක් ග්‍රාහක හදවතට දැනෙන ලෙස උද්දීපනය කිරීම උදෙසා සංගීතය යොදා ගනු ලබයි. විශේෂයෙන්ම ගුවන් විදුලි වැඩසටහන් තුළ වැඩි වශයෙන් සංගීතමය වැඩසටහන් සඳහා අවකාශය සලසා ඇති ආකාරය හඳුනාගත හැකිය. 

උදා - hiru fm top 40 
          Sha fm top 20 
          Siyatha fm 20 twenty 

වැනි සංගීතමය  රේඩියෝ වැඩසටහන් හඳුනා ගත හැක. 

ඕනෑම රටක ගුවන්විදුලි මාධ්‍යයෙහි වැඩසටහන් ආකෘතිය සලසා බැලීමේදී සංගීතය වැදගත් තැනක් ගනී. ප්‍රතිශතයක් ලෙස ගත් කල ගුවන්විදුලි  විකාශන කාල වේලාවෙන් 50% ක් සංගීතය සඳහා වෙන් වී ඇත. 

නිදසුන් ලෙස මෙවැනි සංගීත  වැඩසටහන් උදෑසන දහවල් සැඳෑ රාත්‍රී ආදී කාලපරාසයන් සඳහා විවිධ වැඩසටහන් තේමාව යටතේ යොදාගනිමින් විකාශනය කරනු ලබයි. 

සංහතික මාධ්‍යයේ ප්‍රභවය හා විකාශය

සංහතික මාධ්‍යයේ ප්‍රභවය හා විකාශය
සංහතික මාධ්‍යයේ ප්‍රභවය හා විකාශය මානව  ප්‍රගමනයට  බලපාන ආකාරය
ප්‍රාග් ඓතිහාසික යුගයේ දී  මානවයා සිය සන්නිවේදන කටයුතු අවාචික සංඥා සංකේත යොදා ගනිමින් එකිනෙකා සමග සන්නිවේදනය කර ගන්නා ලදී. මානවයා තම දේශගුණික හා කාලගුණික තොරතුරු ශ්‍රාවකයෙකුට හෝ තමාට ම සන්නිවේදනය කර ගනු ලැබුවේ භාෂාවේ ප්‍රභවය ට පෙරාතුව සිට ය. එනම් ප්‍රාථමික සංඥා සංකේත ආරම්භ වී  වාචික සන්නිවේදනය ද බිහිවී දියුණු විය. මේ ජීව  විද්‍යාත්මකව හඳුන්වන්නේ උත්තේජන ප්‍රතිචාර තත්වයක් ලෙසය. මුල් කාලයේ දී  දී මෙහි පැවති අතිශය ප්‍රාථමික ස්වරූපයකි එනම් අංගචලන , විවිධ ශබ්ද ගිනිමැලය , වන සන්නිවේදන උපක්‍රමයි. එ නම් සතුන් භාවිතා කරමින් අතීතයේ පැවති දූත සන්නිවේදනය අඩබෙර , හූ කීම කොළඅතු ඒල්ලිම , ඝණ්ඨාව විවිධ පාට වර්ග වලින් කරනු ලැබූ සංඥා , හංවඩු ගැසීම ආදි ය ප්‍රාථමික සන්නිවේදන ස්වරූප යෙදී සන්නිවේදන කාර්යය ඉටු කරන්නට විය. තව දුරටත් අතීතයේදී අල්තමීරා ලැස්කෝ ගල් ගුහා ආදියෙහි අඳින ලද සිතුවම් පිළිබඳ විමර්ශනය කිරීමේ දී අතීතයේ ප්‍රාග් මානවයා තම සිතෙහි හටගත් සිතුවිලි සන්නිවේදනය හරහා අනිකාට ප්‍රකාශ කිරීමට ගත් උත්සාහය අගනේ ය. 

සංහතික මාධ්‍යයේ ප්‍රභවය පිළිබඳ විමසා බැලීමේදී වටහා ගත හැකි කරුණ නම් ඒ සැනකින් සංවර්ධනය නොවූවක් යන්නයි. අතීතයේ සිට වර්තමානය දක්වා ගමන් කිරීමේදී සංනිවේදනය යනු විවිධාකාරයෙන් වෙනස් වෙමින් විවේචනයට ලක් වෙමින් විවිධ විද්වතුන්ගේ විවිධ අදහස් තුළට තුළට භාජනය වෙමින් පැමිණි සංකල්පයකි. මෙම සන්නිවේදන යන සංකල්පය හරහා "සංහතික මාධ්‍ය මාධ්‍ය" සුවිශේෂී අංග නිර්මාණය වී ඇත. 

ඒ අනුව සන්නිවේදනය පිළිබඳව විවිධ විද්වතුන් විවිධ අදහස් පලකොට ඇත මෙහිදී නිර්වචන කෙරෙහි අවධානය යොමු කිරීමට ප්‍රථම සන්නිවේදනය අර්ථ විමසා බැලීම වැදගත් වේ සන්නිවේදන යන්න හැඳින්වීම සඳහා ඉංග්‍රීසි භාෂාවේ "communication" යන අර්ථය භාවිතා කෙරේ මෙහිදී වචනය ඛණ්ඩනය කර බැලීමේදී , munis යනු කිසියම් කාර්යයක් කරන්නා හැඳින්වීමට ලතින් භාෂාවේ එන වචනයකි. Communis යනු වෙන් ගම්‍ය කෙ රෙන්නේ බොහෝ පිරිසක් අතර රැඳී  ඇත යන්නයි. එමෙන් ම විකාශනය යන අර්ථය උද්දීපනය කරයි. Communicare යන්නෙන් හුවමාරු කරගැනීම බෙදාගැනීම හෝ පොදු බවට පත් පත් කිරීම ඇමැතීම යන ආදිය අරැත් ගම්‍යවේ. ඉහත අර්ථය වර්ධනය බිම ආශ්‍රිතව communication  යන්න බිහි වී ඇත. සිංහල භාෂාවේදී මෙය විඥාපනය සම්ප්‍රේෂණ යනාදී ලෙස ද හඳුන්වනු ලබයි. 

තව දුරටත් විග්‍රහ කිරීමේ දී සං - නි යන උපසර්ග දෙකෙන් නිර්මාණය වී ඇති පදයක් බව පෙනේ. "විද්" වේදනය යන ධාතුවෙන්  සකස් වී ඇති අතර "සං" යන උපසර්ගයෙන් සම්බන්ධ වූ ඒකා බද්ධ වූ යන අර්ථයත් ප්‍රක්ෂේපණය වේ. මෙහි සරල අර්ථය වන්නේ අදහස් තොරතුරු මත හා දැනුම යනාදිය  මනා ලෙස හුවමාරු කර ගැනීමේ නැතිනම් සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රියාවලිය යන්න යි. මෙය අතීතයේදී සංඥා සංකේත නිර්මාණය නිර්මාණ සන්නිවේදනය ඔස්සේ ද සිදුවිය. 

සන්නිවේදනය පිළිබඳ නිර්වචන රැසක් නිර්මාණය වී ඇත  
"Who said it , what was said , in what channel it was said to whom it was said and with what effect"  
  
Harold Lasswell 

"ඔබ්බට ගොස් සුරක්ෂිත කර ගැනීමත් උපකාරවන උපක්‍රම සන්නිවේදන ඇතුලට වැටේ" 
සමාජ විද්‍යාඥ චාල්ස් කුලී 

පුද්ගලයන් දෙදෙනෙකු අතර එක සමාන මනෝ වෘත්තයක් ඇතිකරලීම සන්නිවේදනයයි 
මහාචාර්ය විල්බර් ශ්‍රාම්


සන්නිවේදන යනු කුමක්ද යන්න  පිලිබඳව ගැඹුරින් විග්‍රහ කිරීමේ දී පෙනී යන්නේ එය අදාළ සමාජ වපසරියට අනුකූල වන බැවින් මිනිස්සුන්ගේ භෞතික හා අධ්‍යාත්මික ක්‍රියාකාරීත්වය සමඟ බද්ධ වී ඇති බවත්ය.

ඉතිහාසය විමසන විට දුර හා වාචක වාසකම් ගැන ගැන ආරම්භව සන්නිවේදන ශඛ්‍යතාවය පසුකාලීනව මාධ්‍යයක් බිහිවීම දක්වා පරිවර්තනය වූ වා යැයි පැවසිය හැකිය . 
සංහතික මාධ්‍ය පිළිබඳ විමසීමට ප්‍රථම මාධ්‍ය යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න විමසා බැලිය හැක. ග්‍රාහකයා හා යථාර්ථයට මැදිහත් වන ඕනෑම දෙයක් මාධ්‍ය ලෙස හඳුන්වනු ලබයි. 16 වන සියවසේ දී මෙය සන්නිවේදනයට එකතු වී ඇති අතර අප සාමාන්‍ය ජීවිතයේදී භාවිතා කර ලබන මාධ්‍යය වන්නේ පංචේන්ද්‍රිය යි. 

සංහතික මාධ්‍යයේ ප්‍රභවය හා විකාශනය මානව ප්‍රගමනයට බලපාන ආකාරය 

ජනමාධ්‍ය සංහතික මාධ්‍ය බවට පරිවර්තනය 

මිනිස් සමාජය පරිණාමය හා විකාශනයත් සමඟ සන්නිවේදන මාධ්‍යන් ද ක්‍රමයෙන් විකාශනය විය. ඒ අනුව මානව සමාජ පරිණාමය යුග හතරක් ඔස්සේ දැක්විය හැක . 

පූර්ව නූතන යුගය 
මධ්‍යතන යුගය 
නූතන යුගය 
පශ්චාත් නූතන යුගය 


මේ රාජාණ්ඩු ක්‍රමයක් පැවැති පූර්ව නූතන යුගයේ දී මානවයාගේ අවශ්‍යතා ඉතා සරල විය. එමෙන් ම අදෘශ්‍යමාන බලවේග පිළිබඳව දැඩිව විශ්වාස කරමින් දේව ධර්ම වාදය ප්‍රචලිතව පැවතුණි. වැඩවසම් ආර්ථික ක්‍රමයක් පවතින මෙම අවධිය තුළ ජන කථා ගැමි නාටක කෝලම් සොකරි ශාන්තිකර්ම වැනි ජන මාධ්‍ය (falk media)පැවතුණි 

පසුකාලීනව ක්‍රමක්‍රමයෙන් සමාජය සංවර්ධනය වීමත් සමඟ ම මානව සමාජය ද ක්‍රම ක්‍රමයෙන් වෙනස් විය. 
ජනග්‍රහනය සීඝ්‍රයෙන් වර්ධනය වීමත් සමඟම එතෙක් භාවිතා කළ සන්නිවේදන ස්වරූප තවදුරටත් ප්‍රමාණවත් නොවුනි. යනු ක්‍රම ක්‍රමයෙන් විවිධ භාෂාවන් බිහි කර ගනිමින් එය හා සම්බන්ධ අක්ෂර මාලාවන් ගොඩනගා ගනිමින් ලිඛිත සන්නිවේදනයට මුල පිරිය. තවද සායි ලූන්  වැන්නන් කඩදාසි සොයා ගැනීම වැනි වැදගත් සොයාගැනීම් ද මෙම යුගයේ දී සිදුවිය. ඉන් පසු යුගය මධ්‍යතන යුගය යි. 
මෙම යුගයේදී ආගම විසින් මානව ක්‍රියාකාරකම් නියාමනය කිරීමේ දී හා හැසිරවීමේ දී දැවැන්ත භූමිකාවක් ඉසිලීය. මිනිසුන්ගේ පාරභෞතික ජීවිතයට සම්බන්ධ යම් යම් ගතිකයන් සහ අභිප්‍රේරණයන් මෙහෙය වන පාලනය කරන සාධකයක් ලෙස කතෝලික ආගම එකල පැවතිණි . සරල නිෂ්පාදන ක්‍රියාවලියක් පැවති මෙම යුගයේදී මුද්‍රිත සන්නිවේදනයට මූලාරම්භයක් ලැබිණි. ඒ ක්‍රි.ව 1447 දී ගුටෙන්බර්ග් විසින් මුද්‍රණ තාක්ෂණය සොයා ගැනීමත් සමගය. (ඇමුණුම-2) මෙසේ ජනමාධ්‍ය යන ක්‍රම ක්‍රමයෙන් ප්‍රසාරණය වන්නට පටන් ගැනිණි . මානව සන්නිවේදනය හැරවුම් ලක්ෂයක් සනිටුහන් වන්නේ මධ්‍යතන යුගයේ සිට නූතන යුගය දක්වා පරිණාමය වීමේ දී ය. එනම් පුනරුද අවධියේ 16 වෙන සත වර්ෂයේ අග භාගයේ සිට  17 වන ශතවර්ෂය ශතවර්ෂය කාලය තුළ විශාල වශයෙන් වෙනස් වෙනස්කම් ලොව පුරා ඇති විය. ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වීමත් සමඟ සරල නිෂ්පාදන මාදිලිය අභාවයට යමින් ඒ වෙනුවට සංකීර්ණ ධනේශ්වර නිෂ්පාදන මාධ්‍යයක් බිහිවන්නට පටන් ගැනුනි. පෙර ආගමකට තිබූ තිබූ තැනම එකල දර්ශනයට විද්‍යාවට හා තර්කයට හිමි විය. ආර්ථික දේශපාලනික වශයෙන් අත්තනෝමතික රාජ්‍ය පාලනය වෙනුවට යම්කිසි යම් කිසි ආකාරයක නිදහස් ලිබරල් හෝ අඩු වැඩි වශයෙන් ප්‍රජාතාන්ත්‍රික ගත ලක්ෂණ ඇති දේශපාලන රාජ්‍යයක් පැවති මෙම යුගයේ චින්තනය මර්දනය කිරීම හා නිදහස් සිතිවිලි විනාශ කිරීම වෙනුවට නව අදහස් ඇති කරන නව චින්තනයන් බිහිවිය. ඒ අනුව රූසෝ ජෝන් ලොක් වෝල්ටෙයාර් ආදී නිදහස් චින්තකයන් සමාජයට ප්‍රවිෂ්ඨ විය. මෙම නූතන යුගයේ ආරම්භයත් සමඟම "සංහතිකත්වය" (massness) යන සංකල්පය බිහි වන්නට විය. මේ කාර්මික විප්ලවය සහ යුරෝපයේ නිෂ්පාදන මාධ්‍යයන්ගේ වර්ධනය විද්‍යාව හා තාක්ෂණ ප්‍රගතිය හා සංස්කෘතික නවෝදය මුල්කරගෙන බිහි විය. මේ සමගම එතෙක් පැවති ජන මාධ්‍යයන් (Falk media) තව දුරටත් ප්‍රමාණවත් නොවීය. එසේ සංකීර්ණ මානව සමාජ පද්ධතියක පද්ධතියක සාම ස්වභාවය ආරක්ෂා කර ගැනීමට නූතන යුගයේ සඳහා නවම මාධ්‍යන්ගේ අවශ්‍යතාවය මතුවිය. එම නව මාධ්‍ය ලෙස "සංහතික මාධ්‍ය" (mass media) සංකල්පය වර්ධනය විය. ඒත් සමගම පුවත්පත සඟරාව මුද්‍රිත මාධ්‍යයන් මෙන්ම රූපවාහිනිය ගුවන්විදුලිය යන විද්‍යුත් මාධ්‍ය ලොවට දායාද විය. යුරෝපයේ සංවර්ධනයේ පැතිකඩයන් සංකල්පීකරණය කිරීමේදී හා න්‍යාය ගත කිරීමේ දී මෙම Mass යන සංකල්පය මතු විය. Mass යන්න ජනයා හෙවත් පුද්ගලයන් නොවේ. එය එකට ඒකරාශී වූ ගොනු ගොනු වූ තමන්ගේ ආත්මය අහිමි කරගත් කරගත් ආත්මය සමාජය කරණයට හසුවූ හසු වූ සංහතියක් හෝඩිය රොත්තක් ලෙස හැඳින්විය හැකිය. මෙම නූතන යුගයේ බිහිවූ masses ට පවතින්නේ මධ්‍යතන යුගයේ සිටි ජනයාට මෙන් යාන්ත්‍රික සබඳතාවක් නො වේ. ඔවුන් ගේ සබඳතාවන් ඓන්ද්‍රිය වශයෙන් එකිනෙකාගේ ක්‍රියාකාරීත්වය අනෙකාට සම්බන්ධ වේ. ජනයා තුළ පුද්ගල වශයෙන් (individual) සිටියත් සහතිකයන් තුළ පුද්ගල සාධකය ඉතා අවම මට්ටමක පවතී. එහි දී වැඩිපුර ඉස්මතු වන්නේ සමූහය (Group)  වේ. පුද්ගලික ගුණාංග අලපීකරණය  වී සංහතික ගුණාංග බහුලීකරණය විය. විශේෂයෙන් සංහතිකයන්  අතර වෙනස්කම් අවම වේ. ඔවුන්ගේ පරිභෝජනය, හැසිරීම්, චින්තනය එකම මට්ටමක පවතී එම නිසා පෙරකී ජනයාගේ සංහතිකයන් සම්පූර්ණයෙන් වෙනස් වේ. සිය තත්වය , ස්ථිර ක්‍රියාකාරීත්වයෙන් පරිබාහිරව තමන් පිළිබඳවම ආ කල්පනය කිරීමට සමත් ය. 

ඒ අනුව අතීතයේ දී  ජනයා එකිනෙකා අතර තොරතුරු හුවමාරු කරගැනීම සඳහා ජානම ගැනීම සඳහා ජනමාධ්‍ය භාවිතා කළ ද පසුකාලීන කාලීනව සමාජ සංකීර්ණයන් ගේ ප්‍රතිඵලයක් ලෙස සංහතික යන සංකල්පය නිර්මාණය විය. එනම් විශාල ප්‍රජාවකට ආමන්ත්‍රණය කරනු ලබන මාධ්‍ය සංහතික මාධ්‍ය නමින් අරුත් ගන්වයි. එනම් අතීතයේදී සන්නිවේදන ක්‍රම සඳහා භාවිතා කළ විවිධ ජන ජන සන්නිවේදන ක්‍රම යනු සන්නිවේදන ක්‍රමයන් වර්තමානයට ප්‍රායෝගික නොවේ . එනම් පූර්ව නූතන යුගයේදී ඇතිවූ Falk song , Falk media , Falk Dance,  Falk drama එනම් ජන ගී ජන කතා ජන නැටුම් ජන නාට්‍ය වලට එහා ගිය පුළුල් වූත් සංකීර්ණ වූත් ප්‍රබල වූත් මාධ්‍ය මාධ්‍ය රැසක් නූතන යුගයේ දී හා පශ්චාත් නූතන යුගයේදී බිහි වී තිබේ . 
සංහතික සන්නිවේදනය හේතුකොට ගෙන සංහතික මාධ්‍ය නිර්මාණය විය. 

මහාචාර්ය විමල් දිසානායකයන් දක්වන පරිදි විසිරී පැතිරී සිටින අති විශාල ග්‍රාහක පිරිසක් වෙත සැනෙකින් ළඟාවීමේ හැකියාව සංහතික සන්නිවේදනය සතු ය. 


කසුනි විජේසිංහ 
පුහුණු ජනජනමාධ්‍යවේදී 

වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලියක් සාර්ථක කර ගැනීමේදී ග්‍රාහක කැමැත්ත ගොඩනැංවීමෙහිලා මනෝවිද්‍යාත්මක කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්කම

 වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලියක් සාර්ථක කර ගැනීමේදී ග්‍රාහක කැමැත්ත ගොඩනැංවීමෙහිලා මනෝවිද්‍යාත්මක කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්කම 

වෙළද දැන්වීලද දැන්වීමක් යනු පාරිභෝගිකයාට තම නිෂ්පාදන හා සේවා හඳුන්වා දිය හැකි මාද්‍යකි. එය ප්‍රබලතම මාධ්‍යයක් ලෙස හැඳින්විය හැකිය. ප්‍රධාන මාධ්‍යයන් ත්‍රිත්වය ඔස්සේ විවිධාකාරයෙන් වෙලද දැන්වීම් ක්‍රියාත්මක වේ. වෙළද දැන්වීම ප්‍රධානතම කාරණාව වන්නේ පාරිභෝගික ආකර්ෂණය යි. මෙය මිලක් ගෙවා නිකුත් කරනු ලබන නිවේදනයක් ලෙස ද අර්ථකථනය කළ හැකිය. සන්නිවේදන ක්‍රියාවලිය අනුව ගත් කළ මෙය ඒක මාර්ගික සන්නිවේදනය කින් පුද්ගලික නොවන ලෙස දැන්වීම්කරණ සිදුකළ හැකිය. එමෙන්ම දැන්වීම් යනු ප්‍රවර්ධන උපකරණයකි. වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ දැන්වීම් අදාල පාරිභෝගිකයා වෙත ගෙන යාමේ වාහකයා ලෙස මාධ්‍ය ක්‍රියා කරනු ලබයි. මෙම මාධ්‍ය ක්‍රියාවලිය තුළ එහි සැකැස්ම නිර්මාණය වී තිබෙන්නේ වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලියට සමගාමීවය. 

වර්තමානය වන විට මාධ්‍යන්හි පැවැත්ම තීරණය කරන සාධකය ලෙස වෙළඳ දැන්වීම් ප්‍රචාරණය හැඳින්විය හැක. 

මෙහිදී මෙම මාධ්‍ය නරඹන කියවන ශ්‍රවණය කරන ග්‍රාහකයා තුළ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම උදෙසා පෙළඹවීමක් සිදුකරන ක්‍රියාවලිය තුළ කැමති නිෂ්පාදන යන කාරණාව ප්‍රබල වෙයි.  එහිදී ග්‍රාහක සිත තුළ කැමැත්ත ගොඩනැංවීම සඳහා වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම වෙනුවෙන් මනෝ විද්‍යාත්මක කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ.

සාමාන්‍ය ජීවිතයේ දී පාරිභෝගිකයාට අවශ්‍ය වන්නා වූ යම් යම් නිෂ්පාදන අලලා කරනු ලබන වෙළඳ දැන්වීම් මෙන්ම අනිකුත් සෑම ප්‍රචාරණයකදීම ග්‍රාහක කැමැත්ත ඉතා වැදගත් කාරණාවක් බවට පත්වේ. මෙහිදී බාල මහලු තරුණ වැඩිහිටි  ඕනෑම කණ්ඩායමක අවධානය දිනා ගැනීමේ හැකියාව වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලිය සතු විය යුතුය.


වෙළෙඳ දැන්වීම් තුළ  මනෝවිද්‍යාත්මක කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුය. 


පුද්ගලයෙක් වැටහීමක් ඇති කර ගනු ලබන්නේ ඇසීම දැනීම ගඳසුවඳ ස්පර්ශය නදී පංචේන්ද්‍රයන් පංචේන්ද්‍රයන් ගේ දැනුම මතය. මිනිසුන්ගේ මෙම පංචෙන්ද්‍රිය වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ වැදගත් වේ. යම්කිසි අරමුණක් කෙරෙහි ඇතිවන කැමැත්ත උත්තේජනය නම් වේ. එම කැමැත්ත ඇසීම දැකීම ස්පර්ශයද සුවද ආදී කුමන හෝ මාධ්‍යයක් මගින් ග්‍රහණය කර ගනු ලබන්නකි. ඊට ප්‍රතිචාර ලෙස යම් යම් ක්‍රියාවන් හි නිරත වේ. එය ප්‍රතිචාරයයි. මේ දේ ජනමාධ්‍ය මගින් විසුරුවා හරින විවිධ සංදේශවල අවධානය යොමුවීම මනෝවිද්‍යාත්මක කාරණාව මත රඳා පවතී. එය උත්තේජන ප්‍රතිචාර ක්‍රියාවලි යටතේ සිදු වනු ඇත.  

රූපවාහිනිය ගත්කල ග්‍රාහකයාගේ සියලුම ඉන්ද්‍රයන් ස්පර්ශ කිරීමට සමත් වන එකම මාධ්‍ය මෙය වීම හේතුකොට ගනිමින් වෙළඳ දැන්වීම් ප්‍රචාරණය ක්‍රියාවලියත් වඩා සාර්ථක ආකාරයට මෙම මාධ්‍ය තුලින් සිදු කර ගත හැක. 

බොහෝ වෙළෙඳ දැන්ඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලියක් දුටුවිට රූපවාහිනි නරඹන්නා එය වැළඳගනී. මාස්ලෝගේ අවශ්‍යතා ධූරාවලිය මත අවශ්‍යතා ඉටු කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම පෙළඹවීම යන කාරණාව සිදුවේ. මෙයද මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියකි. 

වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලිය තුළදී වෙළඳ දැන්වීමක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය තුළ   AIDA සංකල්පය  වැදගත් වේ. 

A- Attention 
I - interest 
D - Desire 
A- Action 

ඒ අනුව වෙළඳ දැන්වීමක් මගින් අවධානය යොමු කරවා ගැනීමට උනන්දුව රඳවා තබා ගැනීම අපි ලක්ෂය ජනනය වීම ක්‍රියාත්මක වීම පෙළඹවීම යනාදී කාරණා වෙළෙඳ දැන්වීම් මගින් සිදුකරනු ලබයි එහිදී ඒබ්‍රහම් කාඩිනල් පවසන ආකාරයට පුද්ගලයාගේ චර්යාව හෙවත් හැසිරීම් රටාව ඔහුගේ පෞරුෂත්වයට හා ඔහුගේ ජීවත් වන පරිසරයේ ප්‍රතිඵලයක් වේ. 

එමෙන්ම අලෙවිකරණ සන්නිවේදන ග්‍රන්ථයෙහි සඳහන්  රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ අදහසකට අනුව විද්යුත් මාධ්‍යයෙහි දැන්වීම් නිදසුන් කොට ගනිමින් ග්‍රාහකයාගේ අවශ්‍යතාවයට වඩා මානසික සන්තර්පණය ද තම ව්‍යාපාරික අභිලාෂය ඉටු කර ගැනීමට දරන ප්‍රයත්නයක් ලෙස දක්වයි. 

වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ මනෝවිද්‍යාත්මක කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමේ දී ග්‍රහක ආකර්ෂණය උදෙසා වෙලද දැන්වීම් තුළ ලිංගිකත්වය උත්තේජනය කරමින් වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීම හඳුනාගත හැකිය. විශේෂයෙන්ම තොල් ආලේපන මෙන්ම සුවඳ විලවුන්  නිෂ්පාදන සඳහා ග්‍රාහක කැමැත්ත ගොඩනැංවීම ලිංගිකත්වය උත්තේජනය වන ලෙස ගොඩ නැංවීම සිදුවේ. රූපවාහිනිය ගත් කළ වෙළඳ දැන්වීමක් ප්‍රචාරය වන්නේ කිසියම් විරාමයක් අතරතුර දී ය. එම විරාමය තුළ ද ග්‍රාහක අවධානය යොමු කරවා ගත හැකි ලෙස වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරයි. එවැනි කාරණාවන් හරහා මිනිසාගේ ID වෙත ආමන්ත්‍රණය කරමින් ඇතැම් වෙළඳ දැන්වීම් ප්‍රචාරණය කිරීමට වෙළඳ දැන්වීම් නිර්මාණකරුවන් කටයුතු කරයි. 


කැමැත්ත ගොඩ නැංවීමෙහිලා විකාශය සිදු කරනු ලබන වෙළඳ දැන්වීම් බොහෝමයක් තුළ අවධානය යොමු කළ යුත්⁣තේ මින්සාගේ හැඟීම් හා ආශාවන් වෙත ඉලක්ක කර ගන්මින් වෙළඳ දැන්වීම් ප්‍රචාරණය කිරීමයි. 

ළමුන් වෙනුවෙන් නිර්මාණය කරන වෙළඳ දැන්වීම් තුළ ළමා ලෝකය විදහා පාමින් විවිධ වර්ණයෙන් භාවිතා කරමින් දැන්වීම් ප්‍රචාරණය කළ යුතුය. 

උදා - රිස්බරි පෙබල්ස් වෙළඳ දැන්වීම 

වෙළඳ දැන්වීම් විසින් සමාජය හැඩ ගස්වා ඇත. එය ගෝලීය සංස්කෘතියේ කොටසක් බවට පත්ව ඇති අතර වෙලද දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ සිතීම් සහ හැඟීම්  යන  ව කාරණා ද්විත්වයටම  අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන්ම හැඟීම් අවුස්සන දැන්වීම් විවිධ තේමා භාවිතා කරමින්  ප්‍රචාරණය කිරීම සිදු කිරීම හරහා ග්‍රාහක කැමැත්ත අවධානය ගොඩ නංවා ගත හැක. 

වෙළඳ දැන්වීමක ඇති චිත්තවේගීය ප්‍රතිචාරය වෙළඳ දැන්වීමේ සත්‍ය අන්තර්ගතයට වඩා භාණ්ඩයක් මිලදී ගැනීමේ පාරිභෝගිකයාගේ අභිප්‍රාය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරයි. 

විශේෂයෙන්ම වර්ණ භාවිතා මහ රහා ග්‍රහ කැමැත්ත ගොඩනැංවීමෙහිලා මනෝවිද්‍යාත්මක කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් දැන්වීම නිර්මාණය කළ හැකිය. නිදසුන් ලෙස දැන්වීමක් නිර්මාණය කිරීමේදී ග්‍රාහක සිත කැමැත්ත ජනිත වන ආකාරයට වාරණයන් භාවිතා කිරීම සිදු කළ යුතුය. ග්‍රාහක කැමත්ත  ලබාගැනීමට වර්ණ වෙනස ද උපකාරී වනු ඇත. 

විශේෂයෙන්ම චිත්තවේගීය ප්‍රතිචාරයට අනුව වෙළඳ දැන්වීම් නිර්මාණය හා ප්‍රචාරණය සිදු කළ යුතුය සංවේදනාත්මක ප්‍රතිචාරයන් යන වෙළෙඳ දැන්වීම් අත්දැකීමෙන් පසු පුද්ගලයෙක් සංවේදනය වීම හෝ ඊට සමීප වීම බව දැනීමයි. දැන්වීමෙහි ළමයින් සුරතල් සතුන් දරුවන් ගේ රූප රාමු ඡායාරූප යොදා ගනිමින් එය සාක්ෂාත් කර ගැනීමට කටයුතු කිරීම වැදගත් වේ. 


වෙළඳ දැන්වීම තුළ නිර්මාණශීලීත්වය කාරණය බෙහයන කාරණය බෙහෙවින් වැදගත් වනු ඇත එය ද මනෝ විද්‍යාත්මක කාරනාවකි වෙළද දැන්වීමක් මගින් ආමන්ත්‍රණය කරන්නේ මිනිසාගේ මනසට ය. එවිට නිර්මාණශීලී භාවය බෙහෙවින් වැදගත් වේ. විශේෂයෙන්ම කටහඬ ස්වරය කතා වස්තුව පසුබිම් සංගීතය වෙළඳ දැන්වීම් ප්‍රචාරණය ක්‍රියාවලිය තුළ ග්‍රාහක කැමැත්ත ගොඩනැංවීම ලා වැදගත් වේ. 

ප්‍රීතිය පුදුම වැනි කාරණාවන් කෙරෙහි වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ අවධානය යොමු කළ යුතුය. එවැනි කාරණා සියල්ලම අයත් වන්නේ මිනිස් චිත්ත වේගයන් හා සමගාමී වීම වැදගත් කාරණයකි. ඒ හරහා මනෝවිද්‍යාත්මක කරුණු කෙරෙහි එලෙස  අවධානය යොමු කළ යුතුය. එලෙස සාර්ථක වූ වෙළඳ වෙළෙඳ දැන්වීම් ප්‍රමාණයක් සඳහා උදාහරණ ලෙස, 

Dove's 
Coca cola "Happines Factory" 
Google "Friends forever"





කසුනි විජේසිංහ 
පුහුණු මාමාධ්‍යවේදී 
කොළඹ විශ්වවිද්‍යාලය 
ජනමාධ්‍ය අධ්‍යනාංශය 

පුද්ගල සමාජයීයකරනුයෙහිලා තත සංස්කෘතික සාධක බැහැර කළ නොහැකිය.

 පුද්ගල සමාජයීයකරනුයෙහිලා තත සංස්කෘතික සාධක බැහැර කළ නොහැකිය.  

පුද්ගල සමාජය කරණයෙහිලා සංස්කෘතික සාධක වැදගත්ය.  පුද්ගලයා හැදී වැඩෙන්නේ සමාජය තුළ ය. මෙම සමාජය මගින් පුද්ගල සමාජීයකරණයහිලා විවිධ කාරණාවන් සිදුකරනු ලබයි. පුද්ගල සමාජය කරණය පිළිබඳව සාකච්ඡා කිරීමේදී සමාජගත වීම යන ක්‍රියාවලිය වැදගත් වේ. 

සමාජයීයකරනය  ලෙස සරලව අර්ථ දැක්විය හැක්කේ පවුල මිතුරන් සගයන් හෝ වෙනත් කණ්ඩායමක් වත් අයත් වන කණ්ඩායමක නීති රීති  හුරු පුරුදු සහ සාරධර්ම ඉගෙනීමේ ක්‍රියාවලියකි. 

සමාජීයකරණය පිළිබඳව එලෙස ඉදිරිපත් වූ නිර්වචන මෙසේය. රොබර්ට් කාර්ටන් සමාජීයකරණය අර්ථ දක්වා ඇත්තේ මෙසේය.

The process beginning during childhood by which individual acquire the valuable habit and attitudes of a society but certainly deadline with shame and its boundaries is soon a constant factor in the socialization of the child because and rules everywhere. 


සමාජීය කරණයෙහිලා  මූලික අරමුණ තුනක් හඳුනාගත හැකිය. එනම් ආවේග පාලනය ඉගැන්වීම (Teaching impulse control) හෘද සාක්ෂිය වර්ධනය කිරීම ඇතැම් සමාජ භූමකාවන් ඉටු කිරීමට මිනිසුන් සූදානම් කිරීම. (Developing a conscience preparing people to perform certain social roles) විවිධ මූලාශ්‍ර පිළිබඳ වටිනාකම් සහ තේරැම බෙදා ගැනීම (Cultivating shared sources of meaning and value). 

මෙම සමාජීයකරණය යන ක්‍රියාවලිය සංස්කෘතික වශයෙන් විශේෂිත වේ. 

මෙම සමාජීයකරණය යන සංකල්පය සමාජානුයෝජන සංකල්පය ලෙසින්ද අර්ථ දැක්විය හැක. 
මෙහිදී පුද්ගලයා සමාජයට අනුගත කරන්නේ කෙලෙසද යන්න වැදගත්වේ. 

මෙම සමාජීයකරණය සඳහා සංස්කෘතියේ සාධකයන්ගේ වැදගත්කම පිළිබඳව සාකච්ජා කිරීමේදී, සංස්කෘතිය එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට සම්ප්‍රේෂණය වීමක් ලෙසද සමාජීයකරණය හැඳින්විය හැකිය. නිදසුන් ලෙස කුඩාදරැවන් නිවැරදිව ආහාර ගන්නා ආකාරය පිළිබඳව දරැවාට ඉගැන්වීම සිදු කෙරෙයි. 

මෙමගින් දරැවා සමාජීයකරණය ක්‍රියාවලියට භාජනයවේ. එපමනක් නොව යෞවන වියේ පසුවන ගැහැනු දරැවන් හට ඔබින ලෙස නිවැරදිව ඇඳුම් පැළඳුම් භාවිතා කරන ආකාරය පිළබඳව මව පියා උපදෙස් දෙයි. මෙවැනි ක්‍රියාවලීන් හරහා සමාජීයකරණ ක්‍රියාවලිය තුළ සංස්කෘතිය නොසලකා කටයුතු නොකල හැකි බව හැඟේ. 

මානසික ආතතිය ඇති වීම සඳහා ජන මාධ්‍යයේ ක්‍රියාකාරිත්වය

මානසික ආතතිය ඇති වීම සඳහා ජන මාධ්‍යයේ ක්‍රියාකාරිත්වය 


මානසික ආතතිය ඇති කිරීම සඳහා විවිධ හේතු කාරණා වන් ඇත. නමුත් වර්තමානය වන විට මිනිසාගේ මානසික ආතතිය තව තවත් වර්ධනය කිරීම උදෙසා ජනමාධ්‍ය විසින් ආර්ථික සමාජීය හා සංස්කෘතික වශයෙන් කටයුතු කරනු ලබයි. ජනමාධ්‍ය සතු ආචාර ධර්ම පිළිබඳව පිරික්සීමේදී සීමිත වශයෙන් පනවා ඇති ආචාර ආචාරධර්ම පද්ධතියක් ක්‍රියාත්මක වේ. අද්‍යතනයේ ජනමාධ්‍යයේ ප්‍රභලත්වය කෙතරම්දයත් බලයේ පවතින ආණ්ඩු බලයෙන් පහ කිරීමටත් නව ආණ්ඩු බලයට පත් කිරීමේ ප්‍රවාහයක් ලෙස ක්‍රියාත්මක වේ. විශේෂයෙන් ම එමගින් සිව්වන ආණ්ඩුව සතු ප්‍රභලත්වය හඳුනාගත හැක. 

පුවත්පත ගුවන්විදුලිය රූපවාහිනිය යන (සංහතික මාධ්‍ය ) ජනමාධ්‍ය ගත් විට ජනමාධ්‍ය සංදේශ මඟින් ජනතාවට ප්‍රබල වශයෙන් බලපෑමක් කළ හැකිය. ප්‍රධානතම වශයෙන් රූපවාහිනිය ගත් කල  ජනතාවගේ මනසට ප්‍රබල බලපෑමක් කළ හැකිය. විශේෂයෙන්ම දැන්වීම්කරණය , ටෙලිනාට්‍ය, ප්‍රවෘත්ති යනාදී වැඩසටහන් මගින් මිනිසාගේ මානසික ආතතිය තව තවත් උග්‍ර අතට පත් කරනු ලබයි. 


වෙළඳ දැන්වීම් ගත්කල මිනිසාට දැඩි පෙලඹවීම පෙලඹවීම සිදුකරනු ලබයි. අධි පරිභෝජන රටාවකට හුරු කරමින් තමන් උපයන සියලුම ධනය අධි පරිභෝජන රටාව හමුවේ සුනුවිසුනු වී යයි. ඒ හරහා කුටුම්භය අභ්‍යන්තරයේ විශාල ගැටලු රාශියක් මෙන්ම අධික ලෙස ආතතියෙන් පිරී පවතින ස්ථානයක් බවට පත්ව ඇත. ජනමාධ්‍ය වෙළඳ දැන්වීම්කරණය මගින් මිනිස් ආර්ථික ක්‍රියාවලිය හරහා මානසික ආතති  තත්ත්වයට නැඹුරු වෙයි. 

විශේෂයෙන්ම පුවත්පත ගුවන් ගුවන්විදුලිය රූපවාහිනිය ගත් කල ගත්කල ප්‍රචණ්ඩත්වය අන්තර්ගත මාධ්‍ය අන්තර්ගතයත් ද විශාල ප්‍රමාණයක් ඇත මෙමගින් මානසික ආතතිය ඇති විය හැක. 

විශේෂයෙන්ම ප්‍රවෘත්ති අන්තර්ගතය දේශපාලන වැඩසටහන අන්තර්ගතය ළමා වැඩසටහන් ටෙලි නාට්‍ය සහ චිත්‍රපට අන්තර්ගතයත් එහිදී වැදගත් වේ. එවැනි අන්තර්ගතයන්ට හරහාද  මානසික ආතතිය ඇති විය හැකිය. ප්‍රවෘත්ති සිරස් තල මගින් මිනිස් මනසට බලපෑමක් කළ හැකිය. එය ප්‍රබල ලෙස මානසික ආතතියට බලපෑම කරයි. 

උදා - සිය දියණිය අපයෝජනයට ලක් කළ පියා පොලිසිය විසින් සොයයි. 

හිස නැති මළ සිරුරක් පෑලියගොඩින් 

හෝකන්දර සය දෙනෙක් කපා කොටා ඝාතනය කෙරේ

සිය මිණිබිරිය අපයෝජනය කළ පුද්ගලයෙක් ගාල්ලෙන්

මෙවැනි ප්‍රවෘත්ති අන්තර්ගතය මගින් ග්‍රාහකයාගේ මානසිකත්වයට බලපෑමක් සිදුකළ හැකිය. මෙවැනි අනතුරු අපටත් සිදුවේදැයි ඇති වෙන හැඟීම හරහා මානසික ආතතිය නිර්මාණය විය හැක. 

දේශපාලන වැඩසටහන් මගින් ද ග්‍රාහක මනස ව්‍යාකූලත්වයට පත් වේ. 

නිදසුන් ලෙස රතු ඉර , බලය , අළුත් පාර්ලිමේන්තුව , කතිකාව 

එම ඇතිවෙන මානසික ව්‍යාකූලත්වය මගින් මානසික ආතතිය ග්‍රාහක මනස තුළ නිර්මාණය විය හැක. 

ළමුන් තුළ ඇති මානසික ආතතිය විශේෂම රූපවාහිනිය මගින් ඇති කරයි. කාටූන් වැඩසටහන් මගින් ප්‍රචණ්ඩත්වය කරයි. ඒ හරහා දරුවා තුළ ඇතිවුණ ප්‍රචණ්ඩත්වය මගින් දෙමව්පියන් තුළ තම දරුවන්ගේ ප්‍රචණ්ඩත්වය හේතුකොට ගනිමින්  මානසික ආතතියක් නිර්මාණය විය හැක. 

විශේෂයෙන්ම ජන මාධ්ය සංදේශ තුළ විවිධාර්ථ තිබිය හැක වැරදි ලෙස තොරතුරු ගොනු කර සන්දේශ සකසා තිබිය හැක. එමෙන්ම සන්දේශයන්හි තොරතුරු විකෘති කොට සහ ග්‍රාහක අත්දැකීම් පසුතලය ට නොගැලපෙන සංදේශ ග්‍රාහක ගත කළ හැක.  ඒ හරහා ද ග්‍රාහකයා තුළ මානසික ආතතිය නිර්මාණය වේ. 


මේ හරහා ග්‍රාහකයා හට සති තොරතුරු කුමක්ද අසත්‍ය තොරතුරු කුමක්ද යන්න සංචාරණය කරගැනීමෙහි දී කරගැනීම් එහිදී මානසික ආතතිය නිර්මාණය විය හැක. 

මානසික ආතතිය ඇති වීම උදෙසා ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය  හේතුවේ යන වග ඇතැම් පුද්ගලයින් හට විහිලු දනවන කාරණාවක් විය හැක. නමුත් එම ක්‍රියාකාරීත්වය ඇතුළත් ඇතුළත් ඒ ගවේෂණය කිරීමේදී හඳුනා ගත හැක්කේ ජන මාධ්ය සන්දේශ ප්‍රබල වශයෙන් ග්‍රාහක මනසට ප්‍රබල බලපෑමක් ඇති කරනු ලබන බවයි. තොරතුරු ලබා ගැනීමේ ක්‍රියාවලිය තුළ ජනතාව තම තොරතුරු පිපාසය සංසිඳුවා ගැනීම උදෙසා ජනමාධ්‍ය මත යැපේ. එය නොවැලැක්විය හැකි කාරණාවක් බවට අධ්‍යතනය වන විට පත්ව ඇත. එම මානසික බලපෑම හේතුකොට ගනිමින් සහ නිරන්තරයෙන් ජනමාධ්‍ය ජන මාධ්ය සන්දේශ ග්‍රහණය කර ගැනීමේදී පාඨකයා ශ්‍රාවකයා ප්‍රේක්ෂකයා යන ත්‍රිවිධාකාර ග්‍රාහකයන් තුළ මානසික ආතතිය රෝපණය කරමින් එය මිනිස් ජීවිතයට බලපෑම් සහගත තත්වයක් නිර්මාණය කරවීම උදෙසා හේතු විය හැක.
එය මිනිසාගේ පෞද්ගලික ජීවිතයට සහ සාමාජීය ජීවිතයට ප්‍රබල ලෙස බලපෑම් මත කරන්නත් විය හැක. මානසික ආතතිය ඇති වීම මගින් පුද්ගලයකු සියදිවි නසාගැනීමේ තත්වයක් දක්වා එය වර්ධනය විය හැක. එහිදී කුඩා දරුවන් හෝ වේවා ජනමාධ්‍ය පරිශීලනය කිරීමේ දී වැඩිහිටියන් වශයෙන් ඔවුන් පිළිබඳ නිරන්තර අවබෝධයකින් සහ නිරීක්ෂණාත්මක දෑසකින් අවධානය යොමු කිරීම බෙහෙවින් වැදගත් වනු ඇත. ග්‍රාහකයා මාධ්‍ය  පරිශීලනය කිරීමේ දී, පරිශීලනය කළ යුත්තේ කුමක්ද ග්‍රහණය කරගත යුත්තේ කුමක්ද යන්න පිලිබදව නිසි අවබෝධයකින් යුතුව කටයුතු කිරීම වැදගත් වේ.  එ් හේතුවෙන් ග්‍රාහකයා තුළ මාධ්‍ය සාක්ෂරතාවය බෙහෙවින් වැදගත් වනු ඇත. මාධ්‍ය සාක්ෂරතාවය ලබා ගැනීමට නම් මාධ්‍ය අධ්‍යාපනය බෙහෙවින් වැදගත් වේ. එවිට මාධ්‍ය හැසිරෙන ආකාරය අවබෝධ කරගනිමින් තම මනස එම සන්දේශයන් ගෙන් බලපෑමක් ඇති නොවීම උදෙසා ගොඩනංවා ගැනීමට ග්‍රාහකයාට හැකියාව  අවස්ථාව උදාවනු ඇත. 


කසුනි විජේසිංහ 
පුහුණු ජනමාධ්‍යවේදී
කොළඹ විශ්වවිද්‍යාලය 
ජනමාධ්‍ය අධ්‍යනාංශය 

ජනමාධ්‍ය සංදේශයේ ආධිපත්‍ය

ජනමාධ්‍ය සංදේශයේ ආධිපත්‍ය 


ජනමාධ්‍ය සිය ආධිපත්‍යයේ ලෝකය පුරා ව්‍යාප්ත කර ගනිමින් සිය කර්තව්‍යයන් හි නිරත වන ආකාරය හඳුනාගත හැකිය. රාජ්‍යයන්හි  ආධිපත්‍ය භෞතිකව සටන් කිරීම හරහා ලබාගන්නා වෙනවාට රාජ්‍යයන්ට තවත් රාජ්‍යයන් නතු කරගැනීම උදෙසා අවශ්‍ය අංගෝපාංගයන් ගෝලීය මාධ්‍ය ක්‍රියාකාරීත්වය සපයා ඇත. 

එම ආධිපත්‍යය ජන මාධ්‍ය සන්දේශයන්හි ගැබ්ව ඇත්තේ බහු ජාතික සමාගම් හා සමගාමී වෙමින් ආධිපත්‍ය පතුරුවන  ක්‍රියාවලිය වඩාත් දැනෙන නොදැනෙන ආකාරයෙනි. මාධ්‍ය සහ එහි ක්‍රියාකාරිත්වය විවිධ ක්ෂේත්‍ර කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කළ බව  ලෝක ශිෂ්ඨාචාරයේ   ඉතිහාසය නිරීක්ෂණය කිරීමේ දී ප්‍රත්‍යක්ෂ වේ. 

විශේෂයෙන්ම රූපවාහිනිය සංදේශ මඟින් මානව සංස්කෘතියේ පැවැත්මට අලුත් ස්වරූපයක් නිර්මාණය කර ඇත නිදසුන් ලෙස අධි පරිභෝජන රටාව හැඳින්විය හැකිය.  මිනිසාගේ සංස්කෘතිය මත ඇති කරනු ලබන මෙම බලපෑම ඔවුන්ගේ වෙළෙඳපොළ අරමුණ ඉටුකර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දෙයි. එම අධි පරිභෝජන රටාව ආර්ථිකය හා   සැසඳීමේදී  මෙම ක්‍රියාවලිය මගින් මිනිසා තුළ මානසික ආතතිය නිර්මාණය විය හැක. 

කුඩා දරුවන් ප්‍රචණ්ඩකාරී ලෙස තම ජීවිත පැවැත්ම ගත කිරීම උදෙසා ජන මාධ්‍යයේ ක්‍රියාකාරිත්වය හේතු වී ඇත 

උදා - Cartoon 

මෙමගින් ළමුන් හට මෙන්ම දෙමව්පියන්ට ද මානසික ආතතියක් නිර්මාණය විය හැක. 

මාධ්‍ය මගින් ග්‍රාහක ගත කරනු ලබන සෑම ශානරයක්ම මානසික ආතතිය නිර්මාණය කළ හැක. ඒ මාධ්‍ය සන්දේශයන්හි ප්‍රබලත්වයයි. මෙම ජනමාධ්‍ය සංදේශ මගින් මිනිසාගේ හර පද්ධතීන් ආක්‍රමණය කොට ඒ සමග ඔහුගේ ඇති බැඳීම දුරස් කිරීමට ක⁣ටයුතු කරයි. 

වර්තමානයේ බොහෝ දුරකට න්‍යෂ්ටික පවුල් ඇත. එම පවුල් වපසරිය තුල දෙමව්පියන් මාධ්‍ය කෙරෙහි නතු වීමේදී දරැවන් හට තම සිතැඟි නිසිලෙස තම දෙමව්පියන් සමග කතාබහ කොට විසඳා ගැනීමට ඇති කාල වේලාව හිඟවී යාම හේතුවෙන් දරුවන් හට එය මහත් ලෙස පීඩා ගෙන දෙන කාරණාවක් විය හැක. 


කසුනි විජේසිංහ
පුහුණු ජනමාධ්‍යවේදී
කොළඹ විශ්වවිද්‍යාලය 
ජනමාධ්‍ය අධ්‍යනාංශය 

ගවේෂණාත්මක වාර්තාකරණය

ගවේෂණාත්මක වාර්තාකරණය ගවේශනාත්මක වාර්තාකරණය යනු කිසියම් සිද්ධියක්, අවස්ථාවක් හෝ පුද්ගලයෙකු පිලිබඳ ගැඹුරින් සොයා බලා වාර්තා කිරීම...