ජනමාධ්‍ය සංදේශයේ ආධිපත්‍ය
ජනමාධ්‍ය සිය ආධිපත්‍යයේ ලෝකය පුරා ව්‍යාප්ත කර ගනිමින් සිය කර්තව්‍යයන් හි නිරත වන ආකාරය හඳුනාගත හැකිය. රාජ්‍යයන්හි ආධිපත්‍ය භෞතිකව සටන් කිරීම හරහා ලබාගන්නා වෙනවාට රාජ්‍යයන්ට තවත් රාජ්‍යයන් නතු කරගැනීම උදෙසා අවශ්‍ය අංගෝපාංගයන් ගෝලීය මාධ්‍ය ක්‍රියාකාරීත්වය සපයා ඇත.
එම ආධිපත්‍යය ජන මාධ්‍ය සන්දේශයන්හි ගැබ්ව ඇත්තේ බහු ජාතික සමාගම් හා සමගාමී වෙමින් ආධිපත්‍ය පතුරුවන ක්‍රියාවලිය වඩාත් දැනෙන නොදැනෙන ආකාරයෙනි. මාධ්‍ය සහ එහි ක්‍රියාකාරිත්වය විවිධ ක්ෂේත්‍ර කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කළ බව ලෝක ශිෂ්ඨාචාරයේ ඉතිහාසය නිරීක්ෂණය කිරීමේ දී ප්රත්යක්ෂ වේ.
විශේෂයෙන්ම රූපවාහිනිය සංදේශ මඟින් මානව සංස්කෘතියේ පැවැත්මට අලුත් ස්වරූපයක් නිර්මාණය කර ඇත නිදසුන් ලෙස අධි පරිභෝජන රටාව හැඳින්විය හැකිය. මිනිසාගේ සංස්කෘතිය මත ඇති කරනු ලබන මෙම බලපෑම ඔවුන්ගේ වෙළෙඳපොළ අරමුණ ඉටුකර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දෙයි. එම අධි පරිභෝජන රටාව ආර්ථිකය හා සැසඳීමේදී මෙම ක්‍රියාවලිය මගින් මිනිසා තුළ මානසික ආතතිය නිර්මාණය විය හැක.
කුඩා දරුවන් ප්‍රචණ්ඩකාරී ලෙස තම ජීවිත පැවැත්ම ගත කිරීම උදෙසා ජන මාධ්‍යයේ ක්‍රියාකාරිත්වය හේතු වී ඇත
උදා - Cartoon
මෙමගින් ළමුන් හට මෙන්ම දෙමව්පියන්ට ද මානසික ආතතියක් නිර්මාණය විය හැක.
මාධ්‍ය මගින් ග්රාහක ගත කරනු ලබන සෑම ශානරයක්ම මානසික ආතතිය නිර්මාණය කළ හැක. ඒ මාධ්‍ය සන්දේශයන්හි ප්රබලත්වයයි. මෙම ජනමාධ්‍ය සංදේශ මගින් මිනිසාගේ හර පද්ධතීන් ආක්‍රමණය කොට ඒ සමග ඔහුගේ ඇති බැඳීම දුරස් කිරීමට කටයුතු කරයි.
වර්තමානයේ බොහෝ දුරකට න්‍යෂ්ටික පවුල් ඇත. එම පවුල් වපසරිය තුල දෙමව්පියන් මාධ්‍ය කෙරෙහි නතු වීමේදී දරැවන් හට තම සිතැඟි නිසිලෙස තම දෙමව්පියන් සමග කතාබහ කොට විසඳා ගැනීමට ඇති කාල වේලාව හිඟවී යාම හේතුවෙන් දරුවන් හට එය මහත් ලෙස පීඩා ගෙන දෙන කාරණාවක් විය හැක.
කසුනි විජේසිංහ
පුහුණු ජනමාධ්‍යවේදී
කොළඹ විශ්වවිද්‍යාලය
ජනමාධ්‍ය අධ්‍යනාංශය
No comments:
Post a Comment