පුද්ගල සමාජයීයකරනුයෙහිලා තත සංස්කෘතික සාධක බැහැර කළ නොහැකිය.
පුද්ගල සමාජය කරණයෙහිලා සංස්කෘතික සාධක වැදගත්ය. පුද්ගලයා හැදී වැඩෙන්නේ සමාජය තුළ ය. මෙම සමාජය මගින් පුද්ගල සමාජීයකරණයහිලා විවිධ කාරණාවන් සිදුකරනු ලබයි. පුද්ගල සමාජය කරණය පිළිබඳව සාකච්ඡා කිරීමේදී සමාජගත වීම යන ක්‍රියාවලිය වැදගත් වේ.
සමාජයීයකරනය ලෙස සරලව අර්ථ දැක්විය හැක්කේ පවුල මිතුරන් සගයන් හෝ වෙනත් කණ්ඩායමක් වත් අයත් වන කණ්ඩායමක නීති රීති හුරු පුරුදු සහ සාරධර්ම ඉගෙනීමේ ක්‍රියාවලියකි.
සමාජීයකරණය පිළිබඳව එලෙස ඉදිරිපත් වූ නිර්වචන මෙසේය. රොබර්ට් කාර්ටන් සමාජීයකරණය අර්ථ දක්වා ඇත්තේ මෙසේය.
The process beginning during childhood by which individual acquire the valuable habit and attitudes of a society but certainly deadline with shame and its boundaries is soon a constant factor in the socialization of the child because and rules everywhere.
සමාජීය කරණයෙහිලා මූලික අරමුණ තුනක් හඳුනාගත හැකිය. එනම් ආවේග පාලනය ඉගැන්වීම (Teaching impulse control) හෘද සාක්ෂිය වර්ධනය කිරීම ඇතැම් සමාජ භූමකාවන් ඉටු කිරීමට මිනිසුන් සූදානම් කිරීම. (Developing a conscience preparing people to perform certain social roles) විවිධ මූලාශ්‍ර පිළිබඳ වටිනාකම් සහ තේරැම බෙදා ගැනීම (Cultivating shared sources of meaning and value).
මෙම සමාජීයකරණය යන ක්‍රියාවලිය සංස්කෘතික වශයෙන් විශේෂිත වේ.
මෙම සමාජීයකරණය යන සංකල්පය සමාජානුයෝජන සංකල්පය ලෙසින්ද අර්ථ දැක්විය හැක.
මෙහිදී පුද්ගලයා සමාජයට අනුගත කරන්නේ කෙලෙසද යන්න වැදගත්වේ.
මෙම සමාජීයකරණය සඳහා සංස්කෘතියේ සාධකයන්ගේ වැදගත්කම පිළිබඳව සාකච්ජා කිරීමේදී, සංස්කෘතිය එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට සම්ප්‍රේෂණය වීමක් ලෙසද සමාජීයකරණය හැඳින්විය හැකිය. නිදසුන් ලෙස කුඩාදරැවන් නිවැරදිව ආහාර ගන්නා ආකාරය පිළිබඳව දරැවාට ඉගැන්වීම සිදු කෙරෙයි.
මෙමගින් දරැවා සමාජීයකරණය ක්‍රියාවලියට භාජනයවේ. එපමනක් නොව යෞවන වියේ පසුවන ගැහැනු දරැවන් හට ඔබින ලෙස නිවැරදිව ඇඳුම් පැළඳුම් භාවිතා කරන ආකාරය පිළබඳව මව පියා උපදෙස් දෙයි. මෙවැනි ක්‍රියාවලීන් හරහා සමාජීයකරණ ක්‍රියාවලිය තුළ සංස්කෘතිය නොසලකා කටයුතු නොකල හැකි බව හැඟේ.
No comments:
Post a Comment