භාෂාවේ කාර්යයභාරය
භාෂාව යනු මානවයා විසින් ඔවුන් අතර අදහස් හුවමාරු කර ගන්නා වූ ප්‍රධානතම මාර්ගය වේ. වාග් විද්‍යාවේදී භාෂාව ලෙස අදහස් කරන්නේ “ශබ්ධ උච්ඡාරණය හා ශ්‍රවණය මගින් මිනිසුන් අතර අන්‍යෝන්‍ය වශයෙන් අදහස් හා හැඟීම් හුවමාරු කර ගන්නා මාර්ගය” ලෙසයි. එඩ්වඩ් සැපීර්ගේ අදහසට අනුව “භාෂාව යනු පැහැදිලි ලෙසම මානවීය වූ සහජයෙන් ලැබිය නොහැකි, ප්‍රයක්නයෙන් නිපදවනු ලබන සංකේත යොදා ගනිමින් අදහස් ආවේග හා ආශාවන් සන්නිවේදනය කරන ක්‍රමයකි”. මෙමගින් ප්‍රකාශ වන්නේ අදහස්, ආවේග, හා ආශාවන් සන්නිවේදනය කළ හැකි අතර ඒවා ප්‍රයත්නයෙන් බිහිවන බවයි. මේ තුළ භාෂාවේ කාර්යයභාරය හා ස්වභාවය පිළිබඳ සඳහන් වේ.
බාසාව බිහිවන්නේ යම් සමාජ කාර්යයභාරයක් ඉටුකර ගැනීඹ සඳහාය. ඒ අනුව බාසාව සතු සමාජ කාර්යයභාරය ඉතා පුළුල්ව සාකච්ඡාවට බඳුන් වේ. ඒ හැම කාර්යයක් මගින්ම පුද්ගල යහපැවැත්ම හා සමාජ කාර්යභාරය සලකා බලයි. භාෂාව මගින් වඩා සංකීර්ණ වූද, දීර්ඝ වූද පණිවුඩ අනන්‍යයන් වෙත පැමිණවිය හැකිය. මෙවැනි හැකියාවක් මනුෂ්‍ය භාෂාව සතුවීම නිසා එකිනෙකා අතර අදහස් හුවමාරුවෙන් සමාජ සහයෝගීතාව ජනිත කර ගානීමට මිනිසාට හැකිවිය. මේ අනුව සාමූහික ප්‍රයත්න සැලසුම් කිරීමටත්, එමඟින් එක් පුද්ගලයෙකු තනිව කරන ප්‍රයත්න මෙන් නොව බොහෝ දෙනෙකුගේ සහයෝගීතාවයෙන් කෙරෙන ප්‍රයත්න මගින් වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට ද ඉඩ සැලසුණි.මෙබඳු ශ්‍රම සංසජ්ජයක දී ශාරීරික ශක්තිය එකතු කිරීම පමණක් නොව බුද්ධි ශක්තිය එකතු කිරීමක් ද සිදුවේ. එහෙයින් භාෂාව උපයෝගී කරගෙන ශිෂ්ටාචාරයේ ප්‍රගතිය සඳහා සාමූහිකව ක්‍රියා කිරීමට ද මානව සමාජයට හැකිවිය.
සාමූහික කටයුතුවලදී එකිනෙකා අතර ආරවුල් හෝ ගැටුම් ඇති නොවන ආකාරයට කටයුතු සංවිධානය කිරීමට ද භාෂාව ප්‍රයෝජනවත් වේ. සමූහයාගේ පරමාර්ථය ඉෂ්ඨ කෙරෙන අතර පුද්ගලයාගේ සන්තුෂ්ටියට ද බැධා නොවන අයුරිනි කටයුතු සැලසුම් කළ හැක්කේ සංකීර්ණ අදහස් හුවමාරුවක් මගිනි. මේ කාර්යය සඳහා ද භාෂාව මහෝපකාරී වේ.
සංකිර්ණ අදහස් හා දීර්ඝ අර්ථාවලීන් ගැබ් කර ගැනීමට භාෂාවට හැකිවූ හෙයින් මානව ශිෂ්ටාචාරයේ ඉදිරි ගමනට ද එය ආධාරකයක් විය. යම් යම් කරුණු පිළිබඳව දිගින් දිගට සිතීමටත්, වඩා සංකීර්ණ අන්දමින් ඒවා සලකා බැලීමටක් භාෂාව මිනිසාට උපකාරී විය. ඒ අනුව ප්‍රාකෘතික තත්ත්වයේ සිට සංවර්ධිත ශිෂ්ටාචාරයක් කරා පිය නැගීමට භාෂාව උපකාරී වූ බව පෙනේ.
දැනුම් සම්භාරය තැන්පත් කිරීමට ආධාරක වූ හෙයින් ද භාෂාව මානව ශිෂ්ටාචාරයේ ඉදිරි ගමනට රුකුලක් විය. එක් පරම්පරාවක් විසින් සිය අත්හදාබැලීම්වලින් සොයා ගත් දේ අනෙක් පරම්පරාවට ප්‍රදානය කිරීම සඳහා භාෂාව උපයෝගී කර ගත්තේය. පළමුවෙන් මෙම පාරම්පරික ඥාන ප්‍රදානය සිදු වූයේ මුඛ මාධ්‍යෙයනි. මුඛ පරමිපරාව යනුවෙන් පැවසෙනුයේ එසේ පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන දැනුමයි. මුලදී එම පාරම්පරික දැනුම කටපාඩමින් දිගින් දිගට පවත්වාගෙන එන ලදී.
අපටද උරුමකම් ඇති භාරතීය සම්ප්‍රධායෙහි දී කජපාඩම් කරගත හැකි සූත්‍ර විලාසයෙන් විවිධාකාර ඥාන වස්තූන් දිගින් දිගට පවත්වාගෙන යන ලදී. බෞද්ධ දාර්ශනික චින්තනය මුල් අවුරුදු පන්සියයක් පමණ කාලය මුළුල්ලේ පවත්වාගෙන එන ලද්දේ එබඳු සූත්‍ර මගිනි. එම බෞද්ධ සූත්‍රයන්හි සැලැස්ම නිරන්තර පුනරුච්ඡාරණ සහිතව සැලසුම් වී ඇත්තේ කටපාඩමින් පවත්වා ගැනීමට පහසු ආකාරයෙන් යැයි කිවහැකිය. පසුව මිනිසා ලේඛන ශිල්පය නිපදවා ගත් විට ඥාන සම්භාරය තැන්පත් කිරීමේ කාර්යය වඩා කාර්යක්ෂම මෙන්ම අති විශාල පරිමාණයකින් කිරීමට ද හැකිවුණි. කටපාඩමින් පවත්වා ගත හැකි දැනුම මෙන් නොව නොවරදින නිශ්චිත ලෙසකට දැනුම ඉදිරිපත් කතිරීමට ලේඛන ශිල්පයට හැකිවිය. එසේම කටපාඩමින් පවත්වා ගත හැකි දේට වඩා සිය, දහස් ගණනින් විශාල වූ දැනුම් සම්භාරයක් ලේඛන මාධ්‍යෙයන් පවත්වා ගෙන ඒමට හැකිවිය. පුස්තකාලයක තැන්පත් වී ඇති පොත් සම්භාරයෙන් ඒ කෙතරම් විශාල ප්‍රමාණයක දැනුමක් ද යන්න නිශ්චිත කළ හැකිය.
මේ අයුරින් භාෂා මාධ්‍ය විසින් දැන්මු සම්භාරයබ එකතු කිරීමට ඉඩසලසා දීම මානව ශිෂ්ටාචාරයේ ඉදිරි ගමනට හේතු විය. මුල් පරම්පරාවක දැනුම උපයෝගී කර ගන්නා දෙවන පරම්පරාවට මුල් පරම්පරාවේ උදවිය කළ අත්හදා බැලීම් හෝ ගවේෂණ නැවත නොකොට ඔවුන් සොයා දැනගත් කරුණු පාදක කොටගෙන ඊළඟ පියවර තැබීමට හැකිවේ. මෙසේ එක් එක් පරම්පරාව විසින් තමාට පෙර සිටි අය පැමිණි ඥාන මට්ටමේ සිට ඉන් ඉදිරියට යාමෙන් නිරන්තර ඥාන සංවර්ධන ප්‍රෙව්ශයක් පවත්වාගෙන යාමට මනුශ්‍ය වර්ගයාට හැකි වූයේ භාෂාව උපයෝගී කරගෙනය.
භාෂාවේ තවත් කාර්යයක් ලෙස සැලකෙන මානව සංස්කෘති ප්‍රවාහය මගින් මානව ශිෂ්ටාචාරයේ ප්‍රගතිය සදහා එහි ආරම්භයේ සිට අද දක්වා ඉටුවී ඇති සේවය හා වැදගත්කම අද්විතීය වූවකි. භාෂාව නිර්වචනයේ දී සංස්කෘතික කොටස්කරුවන් වශයෙන් යන්නෙන් අවධාරණය කෙරෙන්නේ සෙසු භාෂා කාර්යයන් වුවද ඊට සම්බන්ධ වන හෙයිනි. පුද්ගලයෙකු සමාජයට අනුගත වීමේදී ක්‍රියාමාර්ග දෙකක් අනුගමනය කරයි. එනම්,
01. උත්පත්තියෙන් උරුම කර ගන්නා ජීවාණු මගින් වැඩීම, හැසිරීඹ පාලනය කරනු ලැබීම.
02. ඒ ඒ සංස්කෘතිය විසින් ප්‍රදානය කරනු ලබන ඥාන සම්භාරය.
මෙහිදී දෙවන කරුණ සඵල කර ගැනීම ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලිය මගින් සිදුවේ. ඒ සඳහා ප්‍රධාන මාධ්‍යය වන්නේ භාෂාවයි. මේ හේතුවෙන් මානව විද්‍යාඥයෝ භාෂාව සංස්කෘථියේ වාහකයයි යනුවෙන් හඳුන්වති. ඉදිරි පරපුරට සංස්කෘතික දායාද පවරාදීමේ කාර්යය සිදුකරසු ලබන්නේ භාෂාව මගිනි.මේ අනුව සමාජය බිද නොවැටෙන පරිදි යහතින් පවත්වාගෙන යාම සදහා භාෂාව බොහෝ සෙයින් උපකාරී වේ. බ්ලොග් සහ ටෙග්‍රර් විසින් භාෂාව පිළිබද දක්වන අදහස වන්නේ සමාජය බිඳ නොවැටෙන පරිදි යහතින් පවත්වාගෙන යාමේ කාර්යය භාෂාවේ නම්වන බවයි.
No comments:
Post a Comment