ශ්‍රී ලාංකේය ලාංකීය සමාජ සන්දර්භය තුළ නව මාධ්‍යයන්ගේ බිහිවීම සහ විකාශනය
ශ්‍රී ලංකාවේ සමාජ සන්දර්භය තුළ නව මාධ්‍යයන්ගේ ව්‍යාප්තිය පිළිබඳව විමසීමේ දී ගෝලියකරණ තාක්ෂණය වර්ධනය වේගයත් සමඟ ම රටවල් දැඩි ලෙස කාර්මීකරණය වීමේ සන්නිවේදනයේ පෘථුල ඵලදායිතාවය හේතු කර ගනිමින් රටවල් පුරා නව මාධ්‍ය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම සිදු විය. මෙරට නව මාධ්‍ය වර්ධනය වීමට ප්‍රථම පැවතියේ සාම්ප්‍රදායික මාධ්‍ය සහ නූතන මාධ්‍යයි. සාම්ප්‍රදායක මාධ්‍යය යන්න හැඳින්වීමේදී අතීත ජනයා සිය සන්නිවේදන කටයුතු උදෙසා යොදා ගන්නා ලද සන්නිවේදන උපක්‍රම හැඳින්විය හැක. නිදසුන් ලෙස නිවසක බෝවන රෝගියෙක් සිටින විට කොහොඹ අත්තක් නිවස ඉදිරිපිට එල්ලීම වැනි දෑ හැඳින්විය හැකිය. ඉන්පසුව ජනගහනය වැඩිවීමත් සමඟම මිනිසාගේ සංනිවේදන අවශ්‍යතා පෘථුල ලෙස වර්ධනය වීම සිදු වූ අතර එම අවශ්‍යතාවන් හරහා යටත් විජිත ප්‍රතිපත්තීන් විවෘත ආර්ථිකය වැනි සංසිද්ධීන් හරහා මෙරටට නූතන මාධ්‍යන්ගේ ආගමනය සිදුවිය. නූතන මාධ්‍ය වශයෙන් ක්‍රියාකාරීත්වය අනුව ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය දැක්විය හැක. එනම් මුද්‍රිත මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය ලෙසයි. එහිදී මුද්‍රිත මාධ්‍ය ලෙස පුවත්පත (News paper) විද්‍යුත් මාධ්‍ය ලෙස රූපවාහිනිය (Television) හා ගුවන්විදුලිය (Radio) වැදගත් වේ.
මෙම සෙසු මාධ්‍ය මාධ්‍යයන් අභිබවා අද්‍යතනය වන විට ශ්‍රී ලාංකීය සමාජ සන්දර්භය තුළ සන්නිවේදන සම්බන්ධතා ඉතාමත් සීඝ්‍රයෙන් පැතිර යාමටත් ලෝකය හා සම්බන්ධ වීමට මෙරට ජනයාට අවස්ථාවක් ලැබීමට හේතුවූයේ නව මාධ්‍යයන්ගේ ආගමනයත් සමගය. මෙහි දී මෙරට ජනයා හට ගෝලීයකරණ වපසරිය තුළ ජාල ගත සම්බන්ධතා ගොඩනගා ගැනීමට අවස්ථාවක් සැලසෙන ලදී
එහිදී නව මාධ්‍ය යනු තොරතුරු හුවමාරු කර ගනු ලබන හෝ විනෝදාස්වාදය සපයන නවීන ක්‍රමවේදයක් ලෙස හැඳින්විය හැකි අතරම නිදසුන් ලෙස අන්තර්ජාලය හා ස්මාර්ට් ජංගම දුරකථන (Smart Phone) හරහා නව මාධ්‍ය තාක්ෂණය අත්පත් කරගත හැකි වේ. එනම් තවදුරටත් නව මාධ්‍ය යනු අන්තර් ජාලය වැනි ඉලෙක්ට්‍රොනික අන්තර් ක්‍රියාකාරී මාධ්‍යයක් වෙයි.
(1 කොටස)
WA කසුනි නිමල්කා විජේසිංහ
No comments:
Post a Comment