ග්‍රාහකයා අතනැහැර අනුග්‍රාහකයා තෘප්තිමත් කිරීම වානිජ සේවා ගුවන්විදුලි සංකල්පයේ මුඛ්‍ය අරමුණ වී ඇත.
ජනමාධ්‍යවේදයේ ප්‍රජා සමාජය එක් සමාජ ආයතනයක් වශයෙන් ක්‍රියාත්මක වේ. එනම් ජනමාධ්‍ය රටක සිව්වන ආණ්ඩුව ලෙස ආමන්ත්‍රණය කරන්නේ එහෙයිනි. මෙලොවට ගුවන් විදුලිය ආගමනයත් සමගම යටත් යටත්විජිතකරණය අතුරු ප්‍රතිඵලයක් ලෙස ද ලෝ පුරා ගුවන් විදුලිය විශාල වශයෙන් ව්‍යාප්ත වූයේ ලෝක යුද සමය හේතු කොට ගනිමිනි. සමාජය තුළ ව්‍යුහයන්ට තීරණාත්මක බලපෑමක් සිදු කිරීමටත් හැකියාවක් ඇති ප්‍රබල මාධ්‍යයක් ලෙස ගුවන්විදුලි අර්ථකථනය කර දැක්විය හැක. ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය තුළ හඬ මූලික කොටගත් මෙලමක් ලෙස ගුවන් විදුලිය හැඳින්විය හැකිය. මෙහිදී එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට සන්දේශය රැගෙන යාමේ ක්‍රියාවලිය එනම් සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රියාවලිය මෙම මාධ්‍යය තුළ රැහැන් රහිතව සිදුවේ.
ශ්‍රව්‍ය මාධ්‍යයක් වන ගුවන්විදුලිය ප්‍රථමයෙන් ලොව පුරා ව්‍යාප්ත වූයේ, මහජන සේවා මාධ්‍ය (Public Service Broadcasting) පදනම් කොට ගනිමිනි. එසේ බිහි වූ ප්‍රබල ගුවන්විදුලි සේවාවක් වන BBC (British Broadcasting Coporation) ගුවන් විදුලි නාලිකාව නිදසුන් ලෙස දැක්විය හැක. මේ ගුවන් විදුලි සේවාව පවත්වාගෙන යෑම සිදු කරන ලද්දේ බලපත්‍ර ක්‍රමයක් හරහා ය. එය පසුකාලීනව ගෝලීයකරණය සමාජ අවශ්‍යතා නිර්මාණය වීමත් ගුවන්විදුලි සේවා පවත්වා ගෙන යාම අර්බුදය පැනනැගීම හේතු කොට ගනිමින් මෙම සංකල්පය වෙතින් ගුවන්විදුලි මාධ්‍ය දුරස්ථව පවතී.
ලෝක ගුවන්විදුලි අධ්‍යයනය කිරීම කිරීමේ දී බ්‍රිතාන්‍ය හා ඇමෙරිකානු ගුවන් විදුලිය හඳුනාගත හැකිය. එහිදී ඇමරිකාව තුළ වාණිජ සේවා ගුවන්විදුලිය ආරම්භ වන අතර බ්‍රිතාන්‍යයේ මහජන සේවා ගුවන්විදුලිය ආරම්භ විය. (මෙම සංකල්පය ශ්‍රී ලංකාව තුළ ද මහජන සේවා ගුවන්විදුලිය ආරම්භ වීමට හේතු විය.)
විශේෂයෙන්ම යුනෙස්කෝ සංවිධානය (United Nations Educational Scientific And Cultural Organization) ලෝකයේ තිබෙන ගුවන්විදුලි සේවා වර්ගීකරණය කරන ලදී.
පෞද්ගලික හිමිකාරත්වය සහිත වාණිජ ගුවන්විදුලි සේවා (Commercial Broadcasting Channels With Private Ownership)
රාජ්‍ය හිමිකාරිත්වය සහිත ගුවන් විදුලි
(State owned radio)
ජාතික මහජන සේවා ගුවන්විදුලිය
(National Public Service Radio)
විකල්ප ගුවන්විදුලි
(Alternative Radio)
වානිජ ගුවන්විදුලි සේවාවන් හි මූලික පදනම වන්නේ දැන්වීම්ය. ඒ හරහා අනුග්‍රහකයා තෘප්තිමත් කිරීමට කටයුතු කරයි. නමුත් ග්‍රාහකයා අතනොහැර කටයුතු කිරීමට වානිජ ගුවන්විදුලි සේවා පෙළඹේ.
5.1
1920 නොවැම්බර් වෙස්ටිංහවුස් හි ගුවන්විදුලි මධ්‍යස්ථානය KDKA ජනාධිපතිවරණ ප්‍රතිඵල විකාශය කරමින් එක්සත් ජනපදයේ පළමු වාණිජ ගුවන් විදුලිය බවට පත්විය.
මෙරට වාණිජ ගුවන් ද සේවාවන් හි ආරම්භක පදනම සනිටුහන් වීම පිළිබඳව විමසීමේ දී 1951 වෙළෙඳ සේවය ආරම්භ වන තෙක් ම මෙරට වාණිජ සේවා ගුවන් විදුලියක් නොතිබුණි. විශේෂයෙන්ම ගුවන්විදුලිය දේශපාලනය කරණය වන්නේ 1967 ගුවන්විදුලි සංස්ථා පනත හරහා ය.
ජේ ආර් ජයවර්ධන මහතා මෙරට විවෘත ආර්ථික ක්‍රමවේදය හඳුන්වාදීම හරහා හදුන්වා දීම හරහා මෙරට වාණිජ සේවා ගුවන්විදුලි සේවා නිර්මාණය වීමට පදනම නිර්මාණය විය. ඒ හරහා ඇති වූ ආර්ථික පදනම හේතුකොට ගනිමින් ග්‍රාහකයා අතනැහැර අනුග්‍රාහකයා තෘප්තිමත් කිරීම උදෙසා වාණිජ ගුවන් ද සේවා කටයුතු කරන ලදී.
එස් එම් අනුනවය (Fm 99) ලංකාවේ ප්‍රථම පෞද්ගලික ගුවන් විදුලියයි. විශේෂයෙන් ඉසිර ගුවන් විදුලිය ද පෞද්ගලික නාලිකාවක් වූ අතර එය ටෙලිෂාන් ආයතන විසින් ආරම්භ කරනු ලැබූවකි. 1992 දෙසැම්බර් 10 වනදා මහරාජා සංවිධානය yes එෆ් එම් ආරම්භ කරන ලද්දේ ඉංග්‍රීසි අසන්නන් වෙනුවෙනි. එහි සිංහල විකාශය සිරස නමින් ආරම්භ කරනුයේ 1993 අප්‍රේල් 13 වන දා ය. එය අත්හදා බැලීමේ නාලිකාවක් ලෙස ඔවුන් විසින් හඳුන්වා දෙන ලදී. මේ ආකාරයට මේ රට වාණිජ ගුවන්විදුලි සේවා ආරම්භ වීම සඳහා පදනම නිර්මාණය විය.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ද මුල් කාලීනව මහජන සේවා මාධ්‍යයක් බවට පරිවර්තනය වූවද අද්‍යතනය වන විට එහි එම සංකල්පය ක්‍රියාත්මක කරවීම බැහැර වී ඇත. එම ගුවන්විදුලියට ප්‍රධාන අභියෝගයක් එල්ල කරන ලදී වාණිජ ගුවන්විදුලි සේවාවන් ගේ ආගමනයයි. ඒ හරහා ග්‍රාහකයා රඳවා තබා ගැනීමට මුල් කාලීනව ක්‍රියා කිරීම අඩු වුවද පසුකාලීන ව වාණිජ මාධ්‍යන්ගේ ආගමනයත් සමගම ඒ ඒ මාධ්‍ය අතර පවතින තරගකාරීත්වය හේතු කොට ගනිමින් වාණිජ අරමුණු මුදුන්පත් කරගනිමින් ද ග්‍රාහකයා ද අත නොහැර කටයුතු කිරීමට වානිජ ගුවන්විදුලි සේවා කටයුතු කරනු ලබයි.
ප්‍රධාන වශයෙන්ම ආර්ථික ගෝලීයකරණ පසුබිම තුළ තාක්ෂණික උපකරණ යන්හි පැවැත්ම උදෙසා වාණිජ ගුවන්විදුලි මාධ්‍ය බොහොමයක් මුදල් මත යැපේ. එම අපේක්ෂාවන් ප්‍රබල වශයෙන් ළඟා කරගනු ලබන්නේ අනුග්‍රාහකයාගේ දායකත්වය යටතේ ය.
අද්‍යතනය වන විට වාණිජ සේවා ගුවන්විදුලි ආයතනයක් ගත්කල ශ්‍රම දායකත්වය එනම් එම ගුවන් විදුලිය ආයතනය තුළ රැකියාවල නිරතවන පිරිස් ඉතා ඉහළ අගයක් ගනු ලබයි. එවැනි කාරණා පදනම් කරගනිමින් අද්‍යතනය ග්‍රාහකයා ද මනාව හසුරුවා ගනිමින් ආර්ථිකයෙන් නවමු ක්‍රියාකාරිත්වය හේතු කොට ගනිමින් සේවකයන් තෘප්තිමත් කිරීම උදෙසා අනුග්‍රහයෙන් හට වැඩි අවධානයක් යොමු කිරීමට වාණිජ සේවා මාධ්‍ය කටයුතු කරයි.
ජර්ගන් හරබර් මාස් ඉදිරිපත් කරන ලද Pubic Sphere හෙවත් මහජන අවකාශය මෙම ක්‍රියාකාරීත්වය හමුවේ අභියෝගයකට ලක් වී ඇත.
වාණිජ ගුවන්විදුලි මාධ්‍ය අද්‍යතනයේ ප්‍රධාන වශයෙන් යැපෙන්නේ අනුග්‍රාහකයා මතය ඔවුන් තෘප්තිමත් කිරීම උදෙසා ගුවන් කාලය වැඩි වශයෙන් යොදවමින් ඔවුන්ගේ දායකත්වය වැඩි වශයෙන් ළඟා කොට ගැනීමට උත්සාහ ගනු ලබයි.
ඇතැම් විට වාණිජ ගුවන්විදුලි සේවා ගත්කල ඔවුන්ගේ ගුවන් විදුලි වැඩසටහන අතරතුර සමාජයට අහිතකර වර්ගය ආහාරයක් වුවද ඉතාම ගුණදායක යැයි පවසමින් ග්‍රාහකයා වෙත එය මිලදී ගැනීමට පොළඹවනු ලබයි. අද්‍යතනයේ එවැනි ආකාරයට ප්‍රබල වශයෙන් ගුවන්විදුලි නාලිකා තුළ ක්‍රියාත්මක වේ.
අනුග්‍රහකයා විසින් ඉදිරිපත් කරන ලද භාණ්ඩයක් හෝ සේවාවක් කිසියම් අහිතකර තත්ත්වයක් ඇති නම් මෙම වාණිජ ගුවන්විදුලි මාධ්‍ය ඒ පිළිබඳව සමාජයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වන්නේ අදාළ අනුග්‍රාහකයාගේ දායකත්වය තම නාලිකාව වෙත තව තවත් දායක කර ගැනීමේ අපේක්ෂාවෙනි.
වර්තමානය වන විට ග්‍රාහකයා පිළිබඳව ද සැලකිලිමත් වෙමින් අනුග්‍රාහකයාගේ අභිමතය උදෙසා කටයුතු කරනු ලබන්නේ වාණිජ ගුවන්විදුලි මාධ්‍යයේ පදනම මුදල් වන බැවිනි. කෙසේ වෙතත් මෙම වාණිජ සේවා ගුවන් විදුලිය මගින් ග්‍රාහකයා අත නැහැර විවිධ ආකාරයේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදුවේ. නිදසුන් ලෙස දෙරණ එෆ් එම් සියවන වර්ෂ පූර්ණ සමරන අවස්ථාව තුළ ග්‍රහකයන් සිය දෙනකුට යතුරුපැදි සියයක් ලබාදීම හැඳින්විය හැක. එපමණක්ම නොව ශ්‍රී එෆ්එම් බඩු මල්ල ග්‍රාහකයා වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබයි. මේ ආකාරට වානිජ ගුවන්විදුලි සේවා ග්‍රාහකයා අතනොහැර කටයුතු කිරීමට පෙළඹී ඇත.
මුල්කාලීනව ජනමාධ්‍ය අපේක්ෂාව වූයේ, ග්‍රාහකයා හට තොරතුරු සම්පාදනය අධ්‍යාපනය ලබාදීම වැනි කාරණා සඳහා ප්‍රමුඛත්වයක් ලබා දීමයි. නමුත් වර්තමානය වන විට පෙළඹවීම විනෝදාස්වාදය සම්පාදනයෙන් පමණක් අරමුණු කොට ගනිමින් වාණිජ නාලිකාවන් වැඩසටහන් විකාශය කරවීම සිදු කරයි. එවැනි ක්‍රියාකාරීත්වයක් වාණිජ ගුවන්විදුලිය හරහා ක්‍රියාත්මක වේ. එනම් ග්‍රාහකයා ද පොළඹවා ගනු ලබන්නේ අනුග්‍රාහකයා තෘප්තිමත් කිරීමේ අදහසිනි.
කලකට පෙර අනුග්‍රාහකයා වෙනුවෙන් එනම් ඔවුන්ගේ භාණ්ඩ හා සේවා වෙනුවෙන් කාලවේලාවක් වෙන් කළා වුවද වර්තමානය වන විට නිවේදකයා හෝ නිවේදිකාව විසින් සෘජුවම අනුග්‍රාහකයා තෘප්තිමත් කරනු ලබන්නේ ග්‍රාහකයා හට ප්‍රබල පෙළඹවීමක් සිදු කරමිනි. නමුත් ග්‍රාහකයා සිතනුයේ තමන් හට අවැසි භාණ්ඩ හා සේවා නිෂ්පාදනයන් පිළිබඳව කිසියම් දැනුවත් කිරීමක් පමණක් සිදු කරනු ලබන බවයි. එම ක්‍රියාවලිය සඳහා සමස්ත වශයෙන් ම හේතුව වන්නේ වාණිජ ගුවන්විදුලි සේවා සියල්ලම ආර්ථිකයේ ප්‍රබල මූල්‍යමය සැපයුම්කරුවෙකු බවට පත්වීමයි. අනුග්‍රහකයින් මෙන්ම ග්‍රාහකයින් ද වානිජ සේවා ගුවන්විදුලි ආයතනයකට බෙහෙවින් වැදගත් වේ. එසේ වීමට හේතු වන්නේ හතු පිපෙන්නාක් මෙන් වාණිජකරණය සමඟම වානිජ ගුවන්විදුලි මාධ්‍ය යනු රැසක් හඳුනා ගැනීමට හැකි වීම මගිනි.
විශේෂයෙන්ම කිසියම් වාණිජසේවා ගුවන්විදුලි නාලිකාවක් විනාඩි 30ක කිසියම් විකාශනයක් සිදුකරනවා නම්. ඉන් විනාඩි 15ක කාලයක් අනුග්‍රාහක දැන්වීම් විකාශනය සඳහා යොමු කෙරේ. මේ අනුව ඉස්මතුවන ගැටලුවක් වන්නේ, වානිජ ගුවන්විදුලි මාධ්‍ය සත්‍ය වශයෙන්මවශයෙන් ම කටයුතු කරන්නේ අනුග්‍රාහකයා තෘප්තිමත් කිරීම සඳහා පමණක්ද යන්නයි.
නමුත් වර්තමානයේ පවතින වාණිජ ගුවන්විදුලි සේවා අතර ඇති ප්‍රබල තරගකාරීත්වයට හේතු වී ඇත්තේ ග්‍රාහකයාට සංඛ්‍යාත පරාසය වෙනස් කිරීම සඳහා ගතවන්නේ මිනිත්තුවකටත් වඩා අඩු කාලයක් වන බැවිනි. මේ නිසා වත්මන් ගුවන් විදුලි නාලිකා ග්‍රාහකයා ද තමන්ට මාධ්‍ය වෙත රඳවා ගනිමින් අනුග්‍රාහකයා ද තෘප්තිමත් කරමින් ප්‍රබල ලෙස අනෙකුත් වාණිජ මාධ්‍ය අභිබවා කටයුතු කිරීමට වෙහෙසෙයි. එනම් වාණිජ ගුවන්විදුලි සේවාවක පදනම නිර්මාණය කිරීම සඳහා ග්‍රාහකයා මෙන්ම අනුග්‍රහකයා ගේ දායකත්වය ප්‍රබල ලෙසම වැදගත් වේ යන්න හඳුනාගත හැක.
ගොඩක් වටිනව අක්කෙ මේ කරුණු❤️🔥
ReplyDeleteTHANKS
Delete