Friday, 7 January 2022

දැන්වීම්කරණ ආයතනයකට (Advertising Agency) පර්යේෂණ (Research) අවශ්‍ය වන්නේ ඇයි

 දැන්වීම්කරණ ආයතනයකට (Advertising Agency) පර්යේෂණ (Research) අවශ්‍ය වන්නේ ඇයි
දැන්වීම්කරණ ආයතනයක් යනු දැන්වීම් ප්‍රචාරණය කරන ලබන ආයතනයකි. වර්තමානය වන විට විද්‍යාව ඉතා ඉහල තැනකට වී ඇත. එහිදී ප්‍රාථමික මට්ටමේ සිට විද්‍යාව එම ස්ථානය කරා නැගී සිටීම උදෙසා නිරීක්ෂණ හරහා පර්යේෂණ හරහා නිගමනයන් හේතු වී තිබේ. ඒ සඳහා පද්ධතිය කරන යකට යොමු වූ දැනුමක් අත්‍යවශ්‍ය වේ. එහිදී දැන්වීම්කරණය (Advertising) ක්ෂේත්‍රය තුළ තුළද පර්යේෂණ සිදුකිරීම අත්‍යවශ්‍ය වේ. එය හේතුකොට ගනිමින්  දැන්වීම්කරණ ආයතනයක් ගත් කල පර්යේෂණ ක්‍රමවේදයන් දැන්වීම්කරණ දැන්වීම් කරන ආයතනයකට බෙහෙවින් අත්‍යාවශ්‍ය වේ. 


එවිට දැන්වීම්කරණ ආයතනයක් විසින් පර්යේෂණ පවත්වාගෙන යාමෙන් ආයතන හා සමගාමීව සමගාමී මෙම පර්යේෂණ කටයුතු සිදුකරනු ලබයි. වැරදි තොරතුරු පර්යේෂණයන් හරහා ලැබුණොත් වැරදි නිගමනයන් කලා එළඹිය හැකිය. එසේ නිගමනය වැරදි සහගත වුවහොත් නිෂ්පාදන (Product) කාරණාව බෙහෙවින් බලපානු ලබයි. එහිදී දැන්වීම්කරණ දැන්වීම් කරන ආයතනයකට  පර්යේෂණ පිළිබඳ අවධානය යොමු නොකරමින් කටයුතු කළ නොහැකිය. අප ජීවත්වන සමාජය සෑම අවස්ථාවක් තුළම වෙනසකට භාජනය වේ. එම වෙනස්වීම් මගහැර යාම හරහා අනාගතයේ අපේක්ෂා කරන ඉලක්ක කරා ළඟාවීමට නොහැකි විය හැකිය. ඒ සඳහා දත්තයන් (Data) අවශ්‍ය වේ. එහිදී  ඒ ඒ කුමන කාල වකවානුව තුළ ද වැඩි වශයෙන් අලෙවි වන භාණ්ඩය කුමක්ද එම නිෂ්පාදනය වැඩි වශයෙන් මිලදී ගනුයේ කුමන පාර්ශවයන් ද යන්න වැදගත් වේ. එය හරහා  Data Process මගෙන් දැනුමක් නිෂ්පාදනය වේ. එමගින් නිගමනයකට එළඹීමට හැකියාව ඇති අතරම input output process පිළිබඳව තීරණ ගැනීම වැදගත් වේ. 

එහිදී දැන්වීම්කරණ දැන්වීම් කරන ආයතනයකට නිෂ්පාදන (Products) වෙළෙඳපොළ තුළට ගෙන යාමට වැඩි වශයෙන් අලෙවිකරණය ඉහලට ගෙන ඒම උදෙසා පර්යේෂණ (Research)  අත්‍යවශ්‍ය වේ.

5.1 
එහිදී පර්යේෂණයන් වැදගත් වේ. ඓතිහාසික භෞතික වාදය පර්යේෂණ ආරම්භ වීම සඳහා බලපාන ලද අතර පර්යේෂණ ප්‍රධාන කොටස් දෙකක් ඇත. ඒවා නම් Fundemental Research සහ Applied Research වේ. අපට යම් ගැටලුවක් ඇත. එම ගැටලුව විසඳා ගැනීමට දැනුමක් නොමැත එම අවස්ථාව Fundemental Research තුළ සිදුකරනු ලබයි. 

අපට ගැටළුවක් ලුවක් පවතින අතර එම ගැටලුව අප සතු දැනුම භාවිතා කරමින් විසඳාගත හැකි නම් ඒ අවස්ථාව සඳහා Applied Research භාවිතා කරනු ලබයි. දැන්වීම්කරණ ක්ෂේත්‍රය (Advertising Field) තුළ  Marketing Research යන්න වැදගත් වේ එහිදී එම පර්යේෂණයන් ප්‍රමාණාත්මක ක්‍රමවේදය ඔස්සේ ද ගුණාත්මක ක්‍රමවේදය ඔස්සේ ද සිදු කළ හැකිය. 

ප්‍රමාණාත්මක ක්‍රමවේදය තුළ පර්යේෂණයන් සිදු කිරීමෙහි දී ප්‍රශ්ණාවලියක් හරහා සිදුකල හැකිය. (සංඛ්‍යා සමග ගනුදෙනු කළ හැකිය) ගුණාත්මක ක්‍රමවේද ඔස්සේ පර්යේෂණයන් සිදු කරන විට නිරීක්ෂණ සම්මුඛ සාකච්ඡා ශේත්‍ර අධ්‍යන ගවේෂණාත්මක අධ්‍යයන වැනි ක්‍රමවේදයන් භාවිතා කළ හැකිය. (මේ තුළ වචන සමඟ ගනුදෙනු කරයි) 

දැන්වීම්කරණ ආයතනයක් තුළ පර්යේෂණ පර්යේෂණයන් යන අත්‍යාවශ්‍ය කාරණයක් වේ. දැන්වීම්කරණ ආයතනයක් තුළ පර්යේෂණ ක්‍රමවේදයන් භාවිතා කිරීම මගින් වෙළෙඳ දැන්වීම් සඳහා වැය කරනු ලබන මුදල ඉතාමත් ඵලදායී ආකාරයට හැසිරවීමට හැකි ය. (The Optimum unitilization of advertising budget) 

එමෙන්ම අදාළ දැන්වීම් කරන ක්‍රියාවලිය තුළදී එම දැන්වීම්කරණය සිදු කිරීමට සුදුසුම මාධ්‍ය කුමක්ද යන්න පිළිබඳ ව තෝරා ගැනීම බෙහෙවින් වැදගත් වේ ඒ සඳහා පර්යේෂණ අත්‍යවශ්‍ය වේ. (The choice of media in implementing an advertising campaign) එනම් නිදසුන් ලෙස අදාළ දැන්වීම් කරණය සිදු කිරීම සඳහා වඩාත් සුදුසු වන්නේ මුද්‍රිත (Print media)  මාධ්‍ය ද ද සමාජ මාධ්‍ය (Social media)  ද යන්න තීරණය කිරීමේ හැකියාව ලැබේ. 

විශේෂයෙන්ම ඉලක්ක ප්‍රජාව (Target Audience) ඉදිරිපත් කරන ලද දැන්වීම එම ප්‍රජාවට කෙසේ බලපාන්නේද බලපාන්නේ ද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීම උදෙසා පර්යේෂණ ක්‍රියාදාමය බෙහෙවින් දැන්වීම්කරණ දැන්වීම් කරන ආයතනයකට වැදගත් වේ. (The Effects of advertising on the target audience) එපමණක් නොව දැන්වීම්කරණ ආයතනයක් වියදම් කරනු ලබන මුදල පලදායී ලෙස වියදම් කිරීම සඳහා පර්යේෂණ ක්‍රියාදාමය බෙහෙවින් වැදගත් වේ. (To bring cost effectiveness in advertising) මෙම දැන්වීම්කරණ ආයතන තුළ පර්යේෂණ සිදුකිරීමෙහිදී  පර්යේෂණ ක්‍රමවේදයන් විවිධාකාර වේ. එහිදී මෙම පර්යේෂණ ක්‍රමවේදයන් පිළිබඳව විමසා බැලීම වැදගත් වේ. ප්‍රධාන වශයෙන් පර්යේෂණ ක්‍රමවේද හතරක් ඇත. 

1). Product Appeal research 
2). Advertising message (Copy tasting) research 
4). Advertising media selection research 
5). Advertising effectiveness research 

Product Appeal research යන නිෂ්පාදනය පිළිබඳව පාරිභෝගිකයෙකුට තිබෙන අදහස (Idea) වේ. උදාහරණයක් ලෙස කම්ෆර්ට්  නිෂ්පාදන ගතහොත් පාරිභෝගිකයෙකුට සිතිය හැක්කේ තමාගේ ඇඳුම්-පැළඳුම් රැකදීමට එය සුදුසු බවයි. තව ද කිසියම් දන්තාලේපයක් ගත්කල තවත් කෙනෙකුට සිතිය හැක්කේ එමගින් තම දත් පෙල  සුපිරි සිදු වෙන බවයි. තවද තවත් පාරිභෝගිකයෙකුට සිටිය හැක්කේ එහි හොඳ සුවඳක් ඇති බවයි. එනම් පාරිභෝගිකයා (Customer) හට අදාළ නිෂ්පාදනය සම්බන්ධයෙන්  තිබෙන Appeal වැදගත් වේ. 

Advertising message (Copy testing) Research යන්න ද වැදගත් වේ. එනම් අදාළ දැන්වීම් තුලින් පැවසීමට උත්සාහ කරන ලද්දේ කුමක්ද යන්න  (copy) එහිදී වැදගත් වනු ඇත.  මෙහි අදියර කීපයකි. 


එහිදී පර්යේෂණයන් වැදගත් වේ. ඓතිහාසික භෞතික වාදය පර්යේෂණ ආරම්භ වීම සඳහා බලපාන ලද අතර පර්යේෂණ ප්‍රධාන කොටස් දෙකක් ඇත. ඒවා නම් Fundemental Research සහ Applied Research වේ. අපට යම් ගැටලුවක් ඇත. එම ගැටලුව විසඳා ගැනීමට දැනුමක් නොමැත එම අවස්ථාව Fundemental Research තුළ සිදුකරනු ලබයි. 

අපට ගැටළුවක් ලුවක් පවතින අතර එම ගැටලුව අප සතු දැනුම භාවිතා කරමින් විසඳාගත හැකි නම් ඒ අවස්ථාව සඳහා Applied Research භාවිතා කරනු ලබයි. දැන්වීම්කරණ ක්ෂේත්‍රය (Advertising Field) තුළ  Marketing Research යන්න වැදගත් වේ එහිදී එම පර්යේෂණයන් ප්‍රමාණාත්මක ක්‍රමවේදය ඔස්සේ ද ගුණාත්මක ක්‍රමවේදය ඔස්සේ ද සිදු කළ හැකිය. 

ප්‍රමාණාත්මක ක්‍රමවේදය තුළ පර්යේෂණයන් සිදු කිරීමෙහි දී ප්‍රශ්ණාවලියක් හරහා සිදුකල හැකිය. (සංඛ්‍යා සමග ගනුදෙනු කළ හැකිය) ගුණාත්මක ක්‍රමවේද ඔස්සේ පර්යේෂණයන් සිදු කරන විට නිරීක්ෂණ සම්මුඛ සාකච්ඡා ශේත්‍ර අධ්‍යන ගවේෂණාත්මක අධ්‍යයන වැනි ක්‍රමවේදයන් භාවිතා කළ හැකිය. (මේ තුළ වචන සමඟ ගනුදෙනු කරයි) 

දැන්වීම්කරණ ආයතනයක් තුළ පර්යේෂණ පර්යේෂණයන් යන අත්‍යාවශ්‍ය කාරණයක් වේ. දැන්වීම්කරණ ආයතනයක් තුළ පර්යේෂණ ක්‍රමවේදයන් භාවිතා කිරීම මගින් වෙළෙඳ දැන්වීම් සඳහා වැය කරනු ලබන මුදල ඉතාමත් ඵලදායී ආකාරයට හැසිරවීමට හැකි ය. (The Optimum unitilization of advertising budget) 

එමෙන්ම අදාළ දැන්වීම් කරන ක්‍රියාවලිය තුළදී එම දැන්වීම්කරණය සිදු කිරීමට සුදුසුම මාධ්‍ය කුමක්ද යන්න පිළිබඳ ව තෝරා ගැනීම බෙහෙවින් වැදගත් වේ ඒ සඳහා පර්යේෂණ අත්‍යවශ්‍ය වේ. (The choice of media in implementing an advertising campaign) එනම් නිදසුන් ලෙස අදාළ දැන්වීම් කරණය සිදු කිරීම සඳහා වඩාත් සුදුසු වන්නේ මුද්‍රිත (Print media)  මාධ්‍ය ද ද සමාජ මාධ්‍ය (Social media)  ද යන්න තීරණය කිරීමේ හැකියාව ලැබේ. 

විශේෂයෙන්ම ඉලක්ක ප්‍රජාව (Target Audience) ඉදිරිපත් කරන ලද දැන්වීම එම ප්‍රජාවට කෙසේ බලපාන්නේද බලපාන්නේ ද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීම උදෙසා පර්යේෂණ ක්‍රියාදාමය බෙහෙවින් දැන්වීම්කරණ දැන්වීම් කරන ආයතනයකට වැදගත් වේ. (The Effects of advertising on the target audience) එපමණක් නොව දැන්වීම්කරණ ආයතනයක් වියදම් කරනු ලබන මුදල පලදායී ලෙස වියදම් කිරීම සඳහා පර්යේෂණ ක්‍රියාදාමය බෙහෙවින් වැදගත් වේ. (To bring cost effectiveness in advertising) මෙම දැන්වීම්කරණ ආයතන තුළ පර්යේෂණ සිදුකිරීමෙහිදී  පර්යේෂණ ක්‍රමවේදයන් විවිධාකාර වේ. එහිදී මෙම පර්යේෂණ ක්‍රමවේදයන් පිළිබඳව විමසා බැලීම වැදගත් වේ. ප්‍රධාන වශයෙන් පර්යේෂණ ක්‍රමවේද හතරක් ඇත. 

1). Product Appeal research 
2). Advertising message (Copy tasting) research 
4). Advertising media selection research 
5). Advertising effectiveness research 

Product Appeal research යන නිෂ්පාදනය පිළිබඳව පාරිභෝගිකයෙකුට තිබෙන අදහස (Idea) වේ. උදාහරණයක් ලෙස කම්ෆර්ට්  නිෂ්පාදන ගතහොත් පාරිභෝගිකයෙකුට සිතිය හැක්කේ තමාගේ ඇඳුම්-පැළඳුම් රැකදීමට එය සුදුසු බවයි. තව ද කිසියම් දන්තාලේපයක් ගත්කල තවත් කෙනෙකුට සිතිය හැක්කේ එමගින් තම දත් පෙල  සුපිරි සිදු වෙන බවයි. තවද තවත් පාරිභෝගිකයෙකුට සිටිය හැක්කේ එහි හොඳ සුවඳක් ඇති බවයි. එනම් පාරිභෝගිකයා (Customer) හට අදාළ නිෂ්පාදනය සම්බන්ධයෙන්  තිබෙන Appeal වැදගත් වේ. 

Advertising message (Copy testing) Research යන්න ද වැදගත් වේ. එනම් අදාළ දැන්වීම් තුලින් පැවසීමට උත්සාහ කරන ලද්දේ කුමක්ද යන්න  (copy) එහිදී වැදගත් වනු ඇත.  මෙහි අදියර කීපයකි. 


1). Copy Testing 
2). Before test or pre testing 
3). Portfolio test 
4). Consumer jury tests 
5). Rating scales
6). Simulated sales test 
7). Psychological test 


දැන්වීම් සමාජයට මුදා හැරීමට ප්‍රථම එම අදහස පිළිබඳව (Concept) අනෙකා දරන අදහස මෙහිදී වැදගත් වේ. එහි දී ඉහතින් සඳහන් කරන ලද පළවන හා දෙවන කාරණාවන් මූලික වනු ඇත. ඉන් පසුව නිෂ්පාදනය දැනට කුමක්ද ඉටුකර ඇත්තේ සහ අනාගතය තුළ තුල සිදුකරන දෙය Portfolio Test හරහා සිදුකරනු ලබයි. මෙම එක් එක් අදියරයන් තුළ පර්යේෂණ සිදු කරනු ලබයි. 

Concumer jury test වැදගත් වේ එමඟින් පාරිභෝගිකයාගේ කැමැත්ත විමසීමට භාජනය කරනු ලබන අතර නිදසුන් ලෙස ඔබ මේ රසයට කැමති ද යන්න ආදී ලෙස විමසීමක් සිදු කරයි. ඒ හරහා ද පර්යේෂණයක් සිදු කළ හැක. තවද Rating scales හරහා ඔබ මෙතනදි මෙම නිෂ්පාදනය සඳහා ලබා දෙනු ලබන අගය (Ratings)  කොපමණද යන්න විමසා බැලීම පර්යේෂණය හරහා සිදු කෙරේ. 


උදාහරණ ලෙස Apps store හරහා කිසියම් යෙදුමක් භාගත (Download) කිරීම සිදු කළ විට එමගින් අප වෙත එන තරු සලකුණු කිහිපයක් හරහා එම යෙදුම සම්බන්ධයෙන් අපගේ අගයන් (Ratings)  ලබා දිය හැක. එය  1 , 2 , 3 , 4 යන අගයන් වලින් හෝ තරු සලකුණු මගින් ඇතුලත් කළ හැක. 

Simulated scale test හරහා වැඩි වශයෙන් උත්තේජනය වන්නේ වැඩි වශයෙන් මිලදී ගෙන ඇත්තේ මොනවාද යන්න තීරණය කරයි. ඕනෑම පුද්ගලයකු ඕනෑම ක්‍රියාවලියක් සිදු කිරීමෙහි දී මනෝවිද්‍යාත්මක පදනම වැදගත් වේ. හරහා psychological tests මූලික වේ. Consumer තුළ තිබෙන අදහස මෙහිදී විමසා බලයි. ඒ අනුව Advertising message (copy testing) research තුළ අංග ගණනාවක් යටතේ පර්යේෂණයන් සිදු කරනු ලබයි. 


තවදුරටත් Advertising selection  research හරහා අදාළ වෙළද දැන්වීම පළ කිරීමට යොදා ගන්නා මාධ්‍ය සඳහා පර්යේෂණ සිදු කළ හැකිය. Advertising effectiveness research හරහා නිෂ්පාදනය වෙළඳපොල තුළ වෙළෙඳපොළ තුළ තිබියදී ම පර්යේෂණ සිදුකළ බැලිය හැක. 

තවදුරටත් දැන්වීම්කරණ ආයතනයක් තුළ පර්යේෂණ සිදු කිරීමෙහි දී අරමුණු හා අවස්ථා  (Aims and opportunities) මත පර්යේෂණ සිදු කළ හැකිය. 


1).  Historical research 
2). Experimental research 
3). Descriptive research 
4). Critical research 
5.) Analytical research 

ඓතිහාසික දත්ත මත පර්යේෂණ කිරීම වැදගත් වේ. එය historical research තුළ සිදු කරනු ලබයි. ඒ අනුව ඒ හරහා ඓතිහාසික දත්ත මත පර්යේෂණ සිදු කිරීම සිදුවේ.  අතීතයේදී සිදු වන ලද කාරණාවන් පර්යේෂණ සඳහා බෙහෙවින් වැදගත් වනු ඇත. 

Experimental research ද වැදගත් වනු ඇත ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් (Product or service) වෙළඳපොළට නිකුත් කිරීමේ දී අත්හදාබැලීම් පර්යේෂණ සිදු කරනු ලබයි. නිදසුන් ලෙස කොකාකෝලා වෙළදපලට හදුන්වා දීමෙන් පසුව කොකාකෝලා සමාගම විසින් Kickcola යනුවෙන් නිෂ්පාදනයක් වෙළඳපොලට හඳුන්වා දුන් අතර ඒ හරහා අත්හදා බැලීමේ පර්යේෂණ සිදු කරන ලදී. 


තවද මන්චි ආයතනය විසින් හඳුන්වා දෙනු ලැබූ Curry Puff හඳුන්වා දුන් කාලවකවානුව තුළ විවිධාකාරයේ අත්හදාබැලීමේ පර්යේෂණ සිදුකරන ලද අතර එය අසාර්ථක වීම හේතු කොට ගනිමින් එම නිෂ්පාදනය අලෙවි නොකිරීම සිදුවිය. 

යම් නිෂ්පාදනයක් වෙළඳපොලට නිකුත් කිරීම එහිදී එම නිෂ්පාදනය තිබෙන අඩුපාඩු (Issues) මොනවාද  සම්බන්ධතා (relationships) කුමන ආකාරයකට පවත්වාගෙන යන්නේ ද පිළිබඳව පිලිබඳව විචාරාත්මක පර්යේෂණ ක්‍රමවේදය තුළ වැදගත් වේ. නිදසුන් ලෙස Ancor නිෂ්පාදන විවිධ මාදිලින්  හරහා පාරිභෝගිකයාට මිලදී ගැනීමට අවස්ථා උදා වී ඇත. (Ancor 1+ , Ancor shape up) එහිදී ඉලක්ක පාරිභෝගිකයා සමඟ ගනුදෙනු කරන ලබන ආකාරය වැදගත් වේ. 

විවරණාත්මක පර්යේෂණය හෙවත් Critical research භාණ්ඩයක් හෝ සේවාවක් පාරිභෝගිකයා සතු කිරීම මෙහි දී වැදගත් වේ. එනම් භාණ්ඩයේ මිල සහ භාණ්ඩ මිලදී ගන්නා ප්‍රමාණය අතර විවරණාත්මකව විශ්ලේෂණය කරයි. මේ සඳහා Components දෙකක් පමණක් භාවිතා කිරීම සිදුවේ. 

අරමුණු හා අවස්ථා මත පර්යේෂණයක් සිදු කිරීමෙහි දී විග්‍රාහත්මක පර්යේෂණ ක්‍රමවේදය වැදගත් වෙයි. (Analytical research) මේ තුළ descriptive research මෙන් සංඛ්‍යා දත්ත මත පර්යේෂණ සිදු කරනු ලබයි. වැඩි වශයෙන් විකිණි ඇත්තේ කුමන කාල වකවානුවක් තුළ ද කුමන පාර්ශ්වයන් ද වැඩි වශයෙන් මිලදී ගෙන ඇත්තේ යන්න මෙහිදී පර්යේෂණයට භාජනය කරනු ලබයි. 
ඒ සඳහා හේතු වූ කාරණා මොනවාද යන්න පිළිබඳ විග්‍රාහත්මක පර්යේෂණයේ දී පර්යේෂණයට භාජනය කළ හැක. 


තවදුරටත් මෙම පර්යේෂණ ක්‍රමවේදයන් පිළිබඳව පිළිබඳව විමසා බැලීමේදී ත්‍රිවිධාකාරයේ පර්යේෂණක් හඳුනාගත හැකිය. 

1). Pre Research 
2). Continues Research 
3). Post research 

පූර්ව පර්යේෂණ එනම් pre research භාණ්ඩය වෙළඳපලට වෙළෙඳ පොළට නිකුත් කිරීමට ප්‍රථම සිදු කළ හැකි පර්යේෂණ ක්‍රම වේදයකි. එහිදී අත්හදා අත්හදාබැලීමේ පර්යේෂණ සිදු කළ හැකිය. ප්‍රචාරණය වන අතරතුර පර්යේෂණ සිදු කළ සිදුකළ හැකි අතර එය Continues research ලෙස හඳුන්වනු ලබයි. එනම් මෙම රසයට මෙම සුවඳට පාරිභෝගිකයා කැමති ද යන්න හඳුනාගැනීම සඳහා  පර්යේෂණ ක්‍රමවේද යොදා ගත හැක.
Post research හරහා කරන ලබන්නේ යොදාගත් යොදාගත් සංකල්පය වෙතත් මාධ්‍ය ක්‍රියාකාරීත්වය කෙලෙසද ග්‍රාහකයා තෘප්තිමත් භාවයට පත් වනවාද නැද්ද යන්න පිළිබඳව පර්යේෂණ මගින් විමසා බැලීමයි.  

තවදුරටත් observations  සහ participation හරහා පර්යේෂණයන් සිදු කළ හැකිය. observation හරහා නිරීක්ෂණ ආකෘතිය මගින් ප්‍රශ්නාවලීයක් දියත් කළ හැකි අතර අර්ධ ආකෘතිය මගින් විවෘත ප්‍රශ්න (open questions) , (open ended questions) හරහා පර්යේෂණයක් සිදු කළ හැකිය. නිදසුන් ලෙස වෙළඳ දැන්වීමක් පෙන්වා ප්‍රශ්න ඇසිය හැකිය. සහභාගිත්වය එනම් participation හරහා පූර්ණව සහභාගිවිය හැකිය. නැතිනම් සහභාගි නොවිය හැකිය. නැතිනම් සහභාගිත්ව නිරීක්ෂණ ක්‍රමවේදය ඔස්සේ පුද්ගලයා ප්‍රතිචාර දක්වන ආකාරය (Movements / reactions) හරහා පර්යේෂණයන් සිදු කිරීම කළ හැකිය. දැන්වීම් කරන ආයතනයකට පර්යේෂණ අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා මනා ලෙස සුදුසු පර්යේෂණ ක්‍රමවේදය යොදාගත  යුතුය. එහිදී ඉහත සඳහන් ආකාරයට පර්යේෂණ ක්‍රමවේදයන් හඳුනාගත හැක. 

ඩබ්.ඒ කසුනි නිමල්කා විජේසිංහ 
ජනමාධ්‍ය අධ්‍යනාංශය 
කොළඹ විශ්ව විද්‍යාලය 
ශ්‍රී පාලි මණ්ඩපය 

Tuesday, 7 December 2021

භාෂාවේ කාර්යයභාරය

භාෂාවේ කාර්යයභාරය


භාෂාව යනු මානවයා විසින් ඔවුන් අතර අදහස් හුවමාරු කර ගන්නා වූ ප්‍රධානතම මාර්ගය වේ. වාග් විද්‍යාවේදී භාෂාව ලෙස අදහස් කරන්නේ “ශබ්ධ උච්ඡාරණය හා ශ්‍රවණය මගින් මිනිසුන් අතර අන්‍යෝන්‍ය වශයෙන් අදහස් හා හැඟීම් හුවමාරු කර ගන්නා මාර්ගය” ලෙසයි. එඩ්වඩ් සැපීර්ගේ අදහසට අනුව “භාෂාව යනු පැහැදිලි ලෙසම මානවීය වූ සහජයෙන් ලැබිය නොහැකි, ප්‍රයක්නයෙන් නිපදවනු ලබන සංකේත යොදා ගනිමින් අදහස් ආවේග හා ආශාවන් සන්නිවේදනය කරන ක්‍රමයකි”. මෙමගින් ප්‍රකාශ වන්නේ අදහස්, ආවේග, හා ආශාවන් සන්නිවේදනය කළ හැකි අතර ඒවා ප්‍රයත්නයෙන් බිහිවන බවයි. මේ තුළ භාෂාවේ කාර්යයභාරය හා ස්වභාවය පිළිබඳ සඳහන් වේ.
බාසාව බිහිවන්නේ යම් සමාජ කාර්යයභාරයක් ඉටුකර ගැනීඹ සඳහාය. ඒ අනුව බාසාව සතු සමාජ කාර්යයභාරය ඉතා පුළුල්ව සාකච්ඡාවට බඳුන් වේ. ඒ හැම කාර්යයක් මගින්ම පුද්ගල යහපැවැත්ම හා සමාජ කාර්යභාරය සලකා බලයි. භාෂාව මගින් වඩා සංකීර්ණ වූද, දීර්ඝ වූද පණිවුඩ අනන්‍යයන් වෙත පැමිණවිය හැකිය. මෙවැනි හැකියාවක් මනුෂ්‍ය භාෂාව සතුවීම නිසා එකිනෙකා අතර අදහස් හුවමාරුවෙන් සමාජ සහයෝගීතාව ජනිත කර ගානීමට මිනිසාට හැකිවිය. මේ අනුව සාමූහික ප්‍රයත්න සැලසුම් කිරීමටත්, එමඟින් එක් පුද්ගලයෙකු තනිව කරන ප්‍රයත්න මෙන් නොව බොහෝ දෙනෙකුගේ සහයෝගීතාවයෙන් කෙරෙන ප්‍රයත්න මගින් වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට ද ඉඩ සැලසුණි.මෙබඳු ශ්‍රම සංසජ්ජයක දී ශාරීරික ශක්තිය එකතු කිරීම පමණක් නොව බුද්ධි ශක්තිය එකතු කිරීමක් ද සිදුවේ. එහෙයින් භාෂාව උපයෝගී කරගෙන ශිෂ්ටාචාරයේ ප්‍රගතිය සඳහා සාමූහිකව ක්‍රියා කිරීමට ද මානව සමාජයට හැකිවිය.
සාමූහික කටයුතුවලදී එකිනෙකා අතර ආරවුල් හෝ ගැටුම් ඇති නොවන ආකාරයට කටයුතු සංවිධානය කිරීමට ද භාෂාව ප්‍රයෝජනවත් වේ. සමූහයාගේ පරමාර්ථය ඉෂ්ඨ කෙරෙන අතර පුද්ගලයාගේ සන්තුෂ්ටියට ද බැධා නොවන අයුරිනි කටයුතු සැලසුම් කළ හැක්කේ සංකීර්ණ අදහස් හුවමාරුවක් මගිනි. මේ කාර්යය සඳහා ද භාෂාව මහෝපකාරී වේ.
සංකිර්ණ අදහස් හා දීර්ඝ අර්ථාවලීන් ගැබ් කර ගැනීමට භාෂාවට හැකිවූ හෙයින් මානව ශිෂ්ටාචාරයේ ඉදිරි ගමනට ද එය ආධාරකයක් විය. යම් යම් කරුණු පිළිබඳව දිගින් දිගට සිතීමටත්, වඩා සංකීර්ණ අන්දමින් ඒවා සලකා බැලීමටක් භාෂාව මිනිසාට උපකාරී විය. ඒ අනුව ප්‍රාකෘතික තත්ත්වයේ සිට සංවර්ධිත ශිෂ්ටාචාරයක් කරා පිය නැගීමට භාෂාව උපකාරී වූ බව පෙනේ.
දැනුම් සම්භාරය තැන්පත් කිරීමට ආධාරක වූ හෙයින් ද භාෂාව මානව ශිෂ්ටාචාරයේ ඉදිරි ගමනට රුකුලක් විය. එක් පරම්පරාවක් විසින් සිය අත්හදාබැලීම්වලින් සොයා ගත් දේ අනෙක් පරම්පරාවට ප්‍රදානය කිරීම සඳහා භාෂාව උපයෝගී කර ගත්තේය. පළමුවෙන් මෙම පාරම්පරික ඥාන ප්‍රදානය සිදු වූයේ මුඛ මාධ්‍යෙයනි. මුඛ පරමිපරාව යනුවෙන් පැවසෙනුයේ එසේ පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන දැනුමයි. මුලදී එම පාරම්පරික දැනුම කටපාඩමින් දිගින් දිගට පවත්වාගෙන එන ලදී.
අපටද උරුමකම් ඇති භාරතීය සම්ප්‍රධායෙහි දී කජපාඩම් කරගත හැකි සූත්‍ර විලාසයෙන් විවිධාකාර ඥාන වස්තූන් දිගින් දිගට පවත්වාගෙන යන ලදී. බෞද්ධ දාර්ශනික චින්තනය මුල් අවුරුදු පන්සියයක් පමණ කාලය මුළුල්ලේ පවත්වාගෙන එන ලද්දේ එබඳු සූත්‍ර මගිනි. එම බෞද්ධ සූත්‍රයන්හි සැලැස්ම නිරන්තර පුනරුච්ඡාරණ සහිතව සැලසුම් වී ඇත්තේ කටපාඩමින් පවත්වා ගැනීමට පහසු ආකාරයෙන් යැයි කිවහැකිය. පසුව මිනිසා ලේඛන ශිල්පය නිපදවා ගත් විට ඥාන සම්භාරය තැන්පත් කිරීමේ කාර්යය වඩා කාර්යක්ෂම මෙන්ම අති විශාල පරිමාණයකින් කිරීමට ද හැකිවුණි.  කටපාඩමින් පවත්වා ගත හැකි දැනුම මෙන් නොව නොවරදින නිශ්චිත ලෙසකට දැනුම ඉදිරිපත් කතිරීමට ලේඛන ශිල්පයට හැකිවිය. එසේම කටපාඩමින් පවත්වා ගත හැකි දේට වඩා සිය, දහස්  ගණනින් විශාල වූ දැනුම් සම්භාරයක් ලේඛන මාධ්‍යෙයන් පවත්වා ගෙන ඒමට හැකිවිය. පුස්තකාලයක තැන්පත් වී ඇති පොත් සම්භාරයෙන් ඒ කෙතරම් විශාල ප්‍රමාණයක දැනුමක් ද යන්න නිශ්චිත කළ හැකිය.
මේ අයුරින් භාෂා මාධ්‍ය විසින් දැන්මු සම්භාරයබ එකතු කිරීමට ඉඩසලසා දීම මානව ශිෂ්ටාචාරයේ ඉදිරි ගමනට හේතු විය. මුල් පරම්පරාවක දැනුම උපයෝගී කර ගන්නා දෙවන පරම්පරාවට මුල් පරම්පරාවේ උදවිය කළ අත්හදා බැලීම් හෝ ගවේෂණ නැවත නොකොට ඔවුන් සොයා දැනගත් කරුණු පාදක කොටගෙන ඊළඟ පියවර තැබීමට හැකිවේ. මෙසේ එක් එක් පරම්පරාව විසින් තමාට පෙර සිටි අය පැමිණි ඥාන මට්ටමේ සිට ඉන් ඉදිරියට යාමෙන් නිරන්තර ඥාන සංවර්ධන ප්‍රෙව්ශයක් පවත්වාගෙන යාමට මනුශ්‍ය වර්ගයාට හැකි වූයේ භාෂාව උපයෝගී කරගෙනය.
භාෂාවේ තවත් කාර්යයක් ලෙස සැලකෙන මානව සංස්කෘති ප්‍රවාහය මගින් මානව ශිෂ්ටාචාරයේ ප්‍රගතිය සදහා එහි ආරම්භයේ සිට අද දක්වා ඉටුවී ඇති සේවය හා වැදගත්කම අද්විතීය වූවකි. භාෂාව නිර්වචනයේ දී සංස්කෘතික කොටස්කරුවන් වශයෙන් යන්නෙන් අවධාරණය කෙරෙන්නේ සෙසු භාෂා කාර්යයන් වුවද ඊට සම්බන්ධ වන හෙයිනි. පුද්ගලයෙකු සමාජයට අනුගත වීමේදී ක්‍රියාමාර්ග දෙකක් අනුගමනය කරයි. එනම්,

01.  උත්පත්තියෙන් උරුම කර ගන්නා ජීවාණු මගින් වැඩීම, හැසිරීඹ පාලනය කරනු ලැබීම.
02.  ඒ ඒ සංස්කෘතිය විසින් ප්‍රදානය කරනු ලබන ඥාන සම්භාරය.

මෙහිදී දෙවන කරුණ සඵල කර ගැනීම ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලිය මගින් සිදුවේ. ඒ සඳහා ප්‍රධාන මාධ්‍යය වන්නේ භාෂාවයි. මේ හේතුවෙන් මානව විද්‍යාඥයෝ භාෂාව සංස්කෘථියේ වාහකයයි යනුවෙන් හඳුන්වති. ඉදිරි පරපුරට සංස්කෘතික දායාද පවරාදීමේ කාර්යය සිදුකරසු ලබන්නේ භාෂාව මගිනි.මේ අනුව සමාජය බිද නොවැටෙන පරිදි යහතින් පවත්වාගෙන යාම සදහා භාෂාව බොහෝ සෙයින් උපකාරී වේ. බ්ලොග් සහ ටෙග්‍රර් විසින් භාෂාව පිළිබද දක්වන අදහස වන්නේ සමාජය බිඳ නොවැටෙන පරිදි යහතින් පවත්වාගෙන යාමේ කාර්යය භාෂාවේ නම්වන බවයි.

ශ්‍රී ලාංකේය ලාංකීය සමාජ සන්දර්භය තුළ නව මාධ්‍යයන්ගේ බිහිවීම සහ විකාශනය

ශ්‍රී ලාංකේය ලාංකීය සමාජ සන්දර්භය තුළ නව මාධ්‍යයන්ගේ බිහිවීම සහ විකාශනය 
ශ්‍රී ලංකාවේ සමාජ සන්දර්භය තුළ නව මාධ්‍යයන්ගේ ව්‍යාප්තිය පිළිබඳව විමසීමේ දී ගෝලියකරණ තාක්ෂණය වර්ධනය වේගයත් සමඟ ම රටවල් දැඩි ලෙස කාර්මීකරණය වීමේ සන්නිවේදනයේ පෘථුල  ඵලදායිතාවය හේතු කර ගනිමින් රටවල් පුරා නව මාධ්‍ය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම සිදු විය. මෙරට නව මාධ්‍ය වර්ධනය වීමට ප්‍රථම පැවතියේ  සාම්ප්‍රදායික මාධ්‍ය සහ නූතන මාධ්‍යයි. සාම්ප්‍රදායක මාධ්‍යය යන්න  හැඳින්වීමේදී අතීත ජනයා සිය සන්නිවේදන කටයුතු උදෙසා යොදා ගන්නා ලද සන්නිවේදන උපක්‍රම හැඳින්විය හැක. නිදසුන් ලෙස නිවසක බෝවන රෝගියෙක් සිටින විට කොහොඹ අත්තක් නිවස ඉදිරිපිට එල්ලීම වැනි දෑ හැඳින්විය හැකිය. ඉන්පසුව ජනගහනය වැඩිවීමත් සමඟම මිනිසාගේ සංනිවේදන අවශ්‍යතා පෘථුල ලෙස වර්ධනය වීම සිදු වූ අතර එම අවශ්‍යතාවන් හරහා යටත් විජිත  ප්‍රතිපත්තීන්  විවෘත ආර්ථිකය වැනි සංසිද්ධීන් හරහා මෙරටට නූතන මාධ්‍යන්ගේ ආගමනය සිදුවිය.  නූතන මාධ්‍ය වශයෙන් ක්‍රියාකාරීත්වය අනුව ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය දැක්විය හැක. එනම් මුද්‍රිත මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය ලෙසයි. එහිදී මුද්‍රිත මාධ්‍ය ලෙස පුවත්පත (News paper) විද්‍යුත් මාධ්‍ය ලෙස රූපවාහිනිය (Television) හා ගුවන්විදුලිය (Radio)  වැදගත් වේ. 

මෙම සෙසු මාධ්‍ය මාධ්‍යයන් අභිබවා අද්‍යතනය වන විට ශ්‍රී ලාංකීය සමාජ සන්දර්භය තුළ සන්නිවේදන සම්බන්ධතා ඉතාමත් සීඝ්‍රයෙන් පැතිර යාමටත් ලෝකය හා සම්බන්ධ වීමට මෙරට ජනයාට අවස්ථාවක් ලැබීමට හේතුවූයේ නව මාධ්‍යයන්ගේ  ආගමනයත් සමගය.  මෙහි දී මෙරට ජනයා හට ගෝලීයකරණ වපසරිය තුළ ජාල ගත සම්බන්ධතා ගොඩනගා ගැනීමට අවස්ථාවක් සැලසෙන ලදී 

එහිදී නව මාධ්‍ය යනු තොරතුරු හුවමාරු කර ගනු  ලබන හෝ විනෝදාස්වාදය සපයන නවීන ක්‍රමවේදයක් ලෙස හැඳින්විය හැකි අතරම නිදසුන් ලෙස  අන්තර්ජාලය හා ස්මාර්ට් ජංගම දුරකථන (Smart Phone)  හරහා නව මාධ්‍ය  තාක්ෂණය අත්පත් කරගත හැකි වේ. එනම් තවදුරටත් නව මාධ්‍ය යනු අන්තර් ජාලය වැනි ඉලෙක්ට්‍රොනික අන්තර් ක්‍රියාකාරී මාධ්‍යයක් වෙයි. 

(⁣1 කොටස)  

WA කසුනි නිමල්කා විජේසිංහ 


ග්‍රාහකයා අතනැහැර අනුග්‍රාහකයා තෘප්තිමත් කිරීම වානිජ සේවා ගුවන්විදුලි සංකල්පයේ මුඛ්‍ය අරමුණ වී ඇත.

ග්‍රාහකයා අතනැහැර අනුග්‍රාහකයා තෘප්තිමත් කිරීම වානිජ සේවා ගුවන්විදුලි සංකල්පයේ මුඛ්‍ය අරමුණ වී ඇත.  

ජනමාධ්‍යවේදයේ ප්‍රජා සමාජය එක් සමාජ ආයතනයක් වශයෙන් ක්‍රියාත්මක වේ. එනම් ජනමාධ්‍ය රටක සිව්වන ආණ්ඩුව ලෙස ආමන්ත්‍රණය කරන්නේ එහෙයිනි. මෙලොවට ගුවන් විදුලිය ආගමනයත් සමගම යටත් යටත්විජිතකරණය අතුරු ප්‍රතිඵලයක් ලෙස ද ලෝ පුරා ගුවන් විදුලිය විශාල වශයෙන් ව්‍යාප්ත වූයේ ලෝක යුද සමය හේතු කොට ගනිමිනි. සමාජය තුළ ව්‍යුහයන්ට තීරණාත්මක බලපෑමක් සිදු කිරීමටත් හැකියාවක් ඇති ප්‍රබල මාධ්‍යයක් ලෙස ගුවන්විදුලි අර්ථකථනය කර දැක්විය හැක. ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය තුළ හඬ මූලික කොටගත් මෙලමක් ලෙස ගුවන් විදුලිය හැඳින්විය හැකිය. මෙහිදී එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට සන්දේශය රැගෙන යාමේ ක්‍රියාවලිය එනම් සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රියාවලිය මෙම මාධ්‍යය තුළ රැහැන් රහිතව සිදුවේ. 

ශ්‍රව්‍ය මාධ්‍යයක් වන ගුවන්විදුලිය ප්‍රථමයෙන් ලොව පුරා ව්‍යාප්ත වූයේ, මහජන සේවා මාධ්‍ය (Public Service Broadcasting) පදනම් කොට ගනිමිනි. එසේ බිහි වූ ප්‍රබල ගුවන්විදුලි සේවාවක් වන BBC (British Broadcasting Coporation) ගුවන් විදුලි නාලිකාව නිදසුන් ලෙස දැක්විය හැක. මේ ගුවන් විදුලි සේවාව පවත්වාගෙන යෑම සිදු කරන ලද්දේ බලපත්‍ර ක්‍රමයක් හරහා ය. එය පසුකාලීනව ගෝලීයකරණය සමාජ අවශ්‍යතා නිර්මාණය වීමත් ගුවන්විදුලි සේවා පවත්වා ගෙන යාම අර්බුදය පැනනැගීම හේතු කොට ගනිමින් මෙම සංකල්පය වෙතින් ගුවන්විදුලි මාධ්‍ය දුරස්ථව පවතී. 

ලෝක ගුවන්විදුලි අධ්‍යයනය කිරීම කිරීමේ දී බ්‍රිතාන්‍ය හා ඇමෙරිකානු ගුවන් විදුලිය හඳුනාගත හැකිය. එහිදී ඇමරිකාව තුළ වාණිජ සේවා ගුවන්විදුලිය ආරම්භ වන අතර බ්‍රිතාන්‍යයේ  මහජන සේවා ගුවන්විදුලිය ආරම්භ විය. (මෙම සංකල්පය ශ්‍රී ලංකාව තුළ ද මහජන සේවා ගුවන්විදුලිය ආරම්භ වීමට හේතු විය.) 

විශේෂයෙන්ම යුනෙස්කෝ සංවිධානය  (United Nations Educational Scientific And Cultural Organization) ලෝකයේ තිබෙන ගුවන්විදුලි සේවා වර්ගීකරණය කරන ලදී. 

පෞද්ගලික හිමිකාරත්වය සහිත වාණිජ ගුවන්විදුලි සේවා (Commercial Broadcasting Channels With Private Ownership) 

රාජ්‍ය හිමිකාරිත්වය සහිත ගුවන් විදුලි 
(State owned radio) 

ජාතික මහජන සේවා ගුවන්විදුලිය 
(National Public Service Radio)

විකල්ප ගුවන්විදුලි 
(Alternative Radio)


වානිජ ගුවන්විදුලි සේවාවන් හි මූලික පදනම වන්නේ දැන්වීම්ය. ඒ හරහා අනුග්‍රහකයා තෘප්තිමත් කිරීමට කටයුතු කරයි. නමුත් ග්‍රාහකයා අතනොහැර කටයුතු කිරීමට වානිජ ගුවන්විදුලි සේවා පෙළඹේ. 

5.1

1920 නොවැම්බර් වෙස්ටිංහවුස් හි ගුවන්විදුලි මධ්‍යස්ථානය KDKA ජනාධිපතිවරණ ප්‍රතිඵල විකාශය කරමින් එක්සත් ජනපදයේ පළමු වාණිජ ගුවන් විදුලිය බවට පත්විය. 

මෙරට වාණිජ ගුවන් ද සේවාවන් හි ආරම්භක පදනම සනිටුහන් වීම පිළිබඳව විමසීමේ දී 1951 වෙළෙඳ සේවය ආරම්භ වන තෙක් ම මෙරට වාණිජ සේවා ගුවන් විදුලියක් නොතිබුණි. විශේෂයෙන්ම ගුවන්විදුලිය දේශපාලනය කරණය වන්නේ 1967 ගුවන්විදුලි සංස්ථා පනත හරහා ය. 

ජේ ආර් ජයවර්ධන මහතා මෙරට විවෘත ආර්ථික ක්‍රමවේදය හඳුන්වාදීම හරහා  හදුන්වා දීම හරහා මෙරට වාණිජ  සේවා ගුවන්විදුලි සේවා නිර්මාණය වීමට පදනම නිර්මාණය විය. ඒ හරහා ඇති වූ ආර්ථික පදනම හේතුකොට ගනිමින් ග්‍රාහකයා අතනැහැර අනුග්‍රාහකයා තෘප්තිමත් කිරීම උදෙසා වාණිජ ගුවන් ද සේවා කටයුතු කරන ලදී. 

එස් එම් අනුනවය (Fm 99)  ලංකාවේ ප්‍රථම පෞද්ගලික ගුවන් විදුලියයි.  විශේෂයෙන් ඉසිර ගුවන් විදුලිය  ද පෞද්ගලික නාලිකාවක් වූ අතර එය ටෙලිෂාන්  ආයතන විසින් ආරම්භ කරනු ලැබූවකි. 1992  දෙසැම්බර් 10 වනදා මහරාජා සංවිධානය yes එෆ් එම් ආරම්භ කරන ලද්දේ ඉංග්‍රීසි අසන්නන් වෙනුවෙනි. එහි සිංහල විකාශය සිරස නමින් ආරම්භ කරනුයේ 1993 අප්‍රේල් 13 වන දා ය. එය අත්හදා බැලීමේ නාලිකාවක් ලෙස ඔවුන් විසින් හඳුන්වා දෙන ලදී. මේ ආකාරයට මේ රට වාණිජ ගුවන්විදුලි සේවා ආරම්භ වීම සඳහා පදනම නිර්මාණය විය. 

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ද මුල් කාලීනව මහජන සේවා මාධ්‍යයක් බවට පරිවර්තනය වූවද  අද්‍යතනය වන විට එහි එම සංකල්පය ක්‍රියාත්මක කරවීම බැහැර වී ඇත. එම  ගුවන්විදුලියට ප්‍රධාන අභියෝගයක් එල්ල කරන ලදී වාණිජ ගුවන්විදුලි සේවාවන් ගේ ආගමනයයි. ඒ හරහා ග්‍රාහකයා රඳවා තබා ගැනීමට මුල් කාලීනව ක්‍රියා කිරීම අඩු වුවද  පසුකාලීන ව වාණිජ මාධ්‍යන්ගේ ආගමනයත් සමගම ඒ ඒ මාධ්‍ය අතර පවතින තරගකාරීත්වය හේතු කොට ගනිමින් වාණිජ අරමුණු මුදුන්පත් කරගනිමින් ද ග්‍රාහකයා ද අත නොහැර කටයුතු කිරීමට වානිජ ගුවන්විදුලි සේවා කටයුතු කරනු ලබයි.  

ප්‍රධාන වශයෙන්ම ආර්ථික ගෝලීයකරණ පසුබිම තුළ තාක්ෂණික උපකරණ යන්හි පැවැත්ම උදෙසා වාණිජ ගුවන්විදුලි මාධ්‍ය බොහොමයක් මුදල් මත යැපේ. එම අපේක්ෂාවන් ප්‍රබල වශයෙන් ළඟා කරගනු ලබන්නේ අනුග්‍රාහකයාගේ දායකත්වය යටතේ ය. 

අද්‍යතනය වන විට වාණිජ සේවා ගුවන්විදුලි ආයතනයක් ගත්කල  ශ්‍රම දායකත්වය එනම් එම ගුවන් විදුලිය ආයතනය තුළ රැකියාවල නිරතවන පිරිස් ඉතා ඉහළ අගයක් ගනු ලබයි. එවැනි කාරණා පදනම් කරගනිමින් අද්‍යතනය ග්‍රාහකයා ද මනාව හසුරුවා ගනිමින්  ආර්ථිකයෙන් නවමු ක්‍රියාකාරිත්වය හේතු කොට ගනිමින් සේවකයන් තෘප්තිමත් කිරීම උදෙසා අනුග්‍රහයෙන් හට වැඩි අවධානයක් යොමු කිරීමට වාණිජ සේවා මාධ්‍ය කටයුතු කරයි. 

ජර්ගන් හරබර් මාස් ඉදිරිපත් කරන ලද Pubic Sphere හෙවත් මහජන අවකාශය මෙම ක්‍රියාකාරීත්වය හමුවේ අභියෝගයකට ලක් වී ඇත. 


වාණිජ ගුවන්විදුලි මාධ්‍ය අද්‍යතනයේ ප්‍රධාන වශයෙන් යැපෙන්නේ අනුග්‍රාහකයා මතය ඔවුන් තෘප්තිමත් කිරීම උදෙසා ගුවන් කාලය වැඩි වශයෙන් යොදවමින් ඔවුන්ගේ දායකත්වය වැඩි වශයෙන් ළඟා කොට ගැනීමට උත්සාහ ගනු ලබයි. 

ඇතැම් විට වාණිජ ගුවන්විදුලි සේවා ගත්කල ඔවුන්ගේ ගුවන් විදුලි වැඩසටහන අතරතුර සමාජයට අහිතකර වර්ගය ආහාරයක් වුවද ඉතාම ගුණදායක යැයි පවසමින් ග්‍රාහකයා වෙත එය මිලදී ගැනීමට පොළඹවනු ලබයි. අද්‍යතනයේ එවැනි ආකාරයට ප්‍රබල වශයෙන් ගුවන්විදුලි නාලිකා තුළ ක්‍රියාත්මක වේ.

අනුග්‍රහකයා විසින් ඉදිරිපත් කරන ලද භාණ්ඩයක් හෝ සේවාවක් කිසියම් අහිතකර තත්ත්වයක් ඇති නම් මෙම වාණිජ ගුවන්විදුලි මාධ්‍ය ඒ පිළිබඳව සමාජයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වන්නේ අදාළ අනුග්‍රාහකයාගේ දායකත්වය  තම නාලිකාව වෙත තව තවත් දායක කර ගැනීමේ අපේක්ෂාවෙනි. 


වර්තමානය වන විට ග්‍රාහකයා පිළිබඳව ද සැලකිලිමත් වෙමින්  අනුග්‍රාහකයාගේ අභිමතය උදෙසා කටයුතු කරනු ලබන්නේ වාණිජ ගුවන්විදුලි මාධ්‍යයේ පදනම මුදල් වන බැවිනි. කෙසේ වෙතත් මෙම වාණිජ සේවා ගුවන් විදුලිය මගින් ග්‍රාහකයා අත නැහැර විවිධ ආකාරයේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදුවේ. නිදසුන් ලෙස දෙරණ එෆ් එම් සියවන වර්ෂ පූර්ණ සමරන අවස්ථාව තුළ ග්‍රහකයන් සිය දෙනකුට යතුරුපැදි සියයක් ලබාදීම හැඳින්විය හැක. එපමණක්ම නොව ශ්‍රී එෆ්එම් බඩු මල්ල ග්‍රාහකයා වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබයි. මේ ආකාරට වානිජ ගුවන්විදුලි සේවා ග්‍රාහකයා අතනොහැර කටයුතු කිරීමට පෙළඹී ඇත. 


මුල්කාලීනව ජනමාධ්‍ය අපේක්ෂාව වූයේ, ග්‍රාහකයා හට තොරතුරු සම්පාදනය අධ්‍යාපනය ලබාදීම වැනි කාරණා සඳහා ප්‍රමුඛත්වයක් ලබා දීමයි. නමුත් වර්තමානය වන විට පෙළඹවීම විනෝදාස්වාදය සම්පාදනයෙන්  පමණක් අරමුණු කොට ගනිමින් වාණිජ නාලිකාවන් වැඩසටහන් විකාශය කරවීම සිදු කරයි. එවැනි ක්‍රියාකාරීත්වයක් වාණිජ ගුවන්විදුලිය හරහා ක්‍රියාත්මක වේ. එනම් ග්‍රාහකයා ද පොළඹවා ගනු ලබන්නේ අනුග්‍රාහකයා තෘප්තිමත් කිරීමේ අදහසිනි. 

කලකට පෙර අනුග්‍රාහකයා වෙනුවෙන් එනම් ඔවුන්ගේ භාණ්ඩ හා සේවා වෙනුවෙන් කාලවේලාවක් වෙන් කළා වුවද වර්තමානය වන විට නිවේදකයා හෝ නිවේදිකාව විසින් සෘජුවම අනුග්‍රාහකයා තෘප්තිමත් කරනු ලබන්නේ ග්‍රාහකයා හට ප්‍රබල පෙළඹවීමක් සිදු කරමිනි. නමුත් ග්‍රාහකයා සිතනුයේ තමන් හට අවැසි භාණ්ඩ හා සේවා නිෂ්පාදනයන් පිළිබඳව කිසියම් දැනුවත් කිරීමක් පමණක් සිදු කරනු ලබන බවයි. එම ක්‍රියාවලිය සඳහා සමස්ත වශයෙන් ම හේතුව  වන්නේ වාණිජ  ගුවන්විදුලි සේවා සියල්ලම ආර්ථිකයේ ප්‍රබල මූල්‍යමය සැපයුම්කරුවෙකු බවට පත්වීමයි. අනුග්‍රහකයින් මෙන්ම ග්‍රාහකයින් ද වානිජ සේවා ගුවන්විදුලි ආයතනයකට බෙහෙවින් වැදගත් වේ. එසේ වීමට හේතු වන්නේ හතු පිපෙන්නාක් මෙන්  වාණිජකරණය සමඟම වානිජ ගුවන්විදුලි මාධ්‍ය යනු රැසක් හඳුනා ගැනීමට හැකි වීම මගිනි. 

විශේෂයෙන්ම කිසියම් වාණිජසේවා ගුවන්විදුලි නාලිකාවක්  විනාඩි 30ක කිසියම් විකාශනයක් සිදුකරනවා නම්. ඉන් විනාඩි 15ක කාලයක් අනුග්‍රාහක දැන්වීම් විකාශනය සඳහා යොමු කෙරේ. මේ අනුව ඉස්මතුවන ගැටලුවක් වන්නේ, වානිජ ගුවන්විදුලි මාධ්‍ය සත්‍ය වශයෙන්මවශයෙන් ම කටයුතු කරන්නේ අනුග්‍රාහකයා තෘප්තිමත් කිරීම සඳහා පමණක්ද යන්නයි. 

නමුත් වර්තමානයේ පවතින වාණිජ ගුවන්විදුලි සේවා අතර ඇති ප්‍රබල තරගකාරීත්වයට හේතු වී ඇත්තේ ග්‍රාහකයාට සංඛ්‍යාත පරාසය වෙනස් කිරීම සඳහා ගතවන්නේ මිනිත්තුවකටත් වඩා අඩු කාලයක් වන බැවිනි. මේ නිසා වත්මන් ගුවන් විදුලි නාලිකා ග්‍රාහකයා ද තමන්ට මාධ්‍ය වෙත රඳවා ගනිමින් අනුග්‍රාහකයා ද තෘප්තිමත් කරමින් ප්‍රබල ලෙස අනෙකුත් වාණිජ මාධ්‍ය අභිබවා කටයුතු කිරීමට වෙහෙසෙයි. එනම් වාණිජ ගුවන්විදුලි සේවාවක පදනම නිර්මාණය කිරීම සඳහා ග්‍රාහකයා මෙන්ම අනුග්‍රහකයා ගේ දායකත්වය ප්‍රබල ලෙසම වැදගත් වේ යන්න හඳුනාගත හැක. 

දර්ශනවාදයේ මූලික ප්‍රශ්නය

දර්ශනවාදයේ මූලික ප්‍රශ්නය 

විවිධාකාරයේ දර්ශනවාදයන් ඇත. එම දර්ශනයන් විවිධාකාර මත ඔස්සේ නිර්මාණය වී ඇත. මෙම දර්ශනවාදය පහළ වන්නේ පුද්ගලයන් ඔස්සේය. විශේෂයෙන්ම විවිධ දාර්ශනික ගුරුකුල බිහිව ඇත. එහිදී දර්ශනවාදයේ මූලික ප්‍රශ්නය වැදගත් වේ. කෙසේ වෙතත් දර්ශනවාදයේ මූලික ප්‍රශ්නය යන්න සාකච්ඡා කිරීමෙහි දී දර්ශනවාදය යනු කුමක්ද යන්න පිළිබඳ ව වැදගත් වේ. දර්ශනවාදය තුල අන්තර්ගත වන ලද විශේෂය ක්ෂේත්‍රය   විවිධ විද්වතුන් නැතිනම් දර්ශනවාදීන් විවිධාකාරයෙන්  විග්‍රහ කොට ඇත. දර්ශනවාදය යනු ජීවත්වන සමාජය චින්තනයේ තිබෙන වඩාත් පොදු දෑ හදාරන්නකි. පොදු දෑ ලෙස පරිණාමය භවය කාලය වැනි දෑ හැඳින්විය හැක. 

එහිදී දර්ශනය යනු කුමක්ද (What is philosophy) යන්න වැදගත් වේ. විද්‍යාවන්ගේ විද්‍යාව (Science of sciences) ලෙස හඳුන්වනු ලබයි. (Philosopia-ග්‍රීක අර්ථය) එනම් දැනුමට ඇති ආලය කැමැත්ත දර්ශනවාද යයි. 


දර්ශනවාදයේ විෂය ක්ෂේත්‍රය   අවුරුදු 2500ක සිටම හදාරනු ලබයි. විශේෂයෙන්ම දර්ශනවාදයේ මූලික ප්‍රශ්නය හැරුණුකොට සදාකාලික ප්‍රශ්න දර්ශනවාදය තුළ හැදෑරීම සිදු වේ.  දර්ශනවාදය පුද්ගල ජීවිතය හා සම්බන්ධ වේ. මෙලොවට මනුෂ්‍යයා පහල වූ විගස දර්ශනවාදයක් පහල නොවුණු අතර ස්වභාවදහම ඉදිරියේ අසරණ භාවයට පත් වීම හේතුකොට ගනිමින් දේවල් තේරුම් ගැනීමට නොහැකිවීම හේතුවෙන් දර්ශනවාදය අත්‍යවශ්‍ය විය. 


ලෝක දෘෂ්ටිය දර්ශනය සමඟ සම්බන්ධ වේ. නමුත් දර්ශනය ලෝක දෘෂ්ටියට වඩා එහා ගිය දෙයක් වෙයි. දර්ශනවාදය මුල් කාලයේ පහළ වූයේ යුරෝපයේ බවට මූලික අදහස වන අතර එයට ප්‍රතිවිරුද්ධ අදහස වන්නේ දර්ශනවාදය පහළ වූයේ පෙර දිග යන්නයි. විවිධාකාරයේ දර්ශනවාදයන් ලොව පහළ වී ඇති අතරම ඒ සියලු දර්ශනයන් මනසින් ග්‍රහණය කරගෙන සිටීමට එතරම් පහසු නොවේ. නමුත් කිසියම් ආකාරයකට එම දර්ශනයන් දැක ගැනීමට අවශ්‍ය වේ. ඒ සඳහා ක්‍රමවේදයක් ඇත. එහිදී දර්ශනවාදයේ මූලික ප්‍රශ්නය වැදගත් වේ. 

එය ඉදිරිපත් වන්නේ නූතන යුගයේදී ය එනම් ක්‍රමවේදය නිර්මාණය වන්නේ නූතන යුගය තුළ ය. ද්‍රව්‍ය විඥ්ඥානයට දක්වන සම්බන්ධතාවය වැදගත් වේ. එහිදී ලෝකයට මුල්වෙලා තිබෙන්නේ කුමක් ද යන්න වැදගත් වෙයි.ඒ  ද්‍රව්‍ය ද      විඥ්ඥානය  ද එසේත් නැතිනම් ස්වභාව ධර්මයද ආත්මය ද මොළය ද සිතිවිලි ද යන්න එනම් කිසි දෙයක පැවැත්මට හේතුව කුමක්ද  යන්න වැදගත් වෙයි. 

එනම් දර්ශනවාදයේ මූලික ප්‍රශ්නය වන්නේ විශ්වයට මුල්වෙලා තිබෙන්නේ ද්‍රව්‍යයද මානසික සිතිවිලි එනම්    විඥ්ඥානය ද යන්නයි. ද්‍රව්‍යවාදය පවසන්නේ ලෝකය බිහිවීමට මුල් වී ඇත්තේ ද්‍රව්‍ය බවයි විඥානවාදීන් පවසන්නේ ලෝකයේ බිහිවීමට මුල් වී ඇත්තේ   විඥ්ඥානයට  බවයි. එනම් මේ හරහා ගුරුකුල ද්විත්වයක් නිර්මාණය විය. 


ලෝකය දෙවියන් වහන්සේ මවන ලදී එය විඥ්ඥාන වාදයයි. ප්ලේටෝ පවසන්නේ ලෝකයට මුල් වන්නේ ද්‍රව්‍ය නොව අදහස් බව යි එනම් සියල්ල ම හට ගනුයේ  විඥ්ඥානයෙන් බවයි. 


ද්‍රව්‍ය වාදීන් එනම් භෞතිකවාදීන්ගේ පදනම වන්නේ ද්‍රව්‍ය ලෝකය බිහිවීමට පදනම වන බවයි. මිනිසාත් විඥ්ඥායෙන් බැහැරව එහි බලපෑමක් නොමැතිව නොමැතිව පවතින දේ වාස්තවික දේ  ලෙස කියයි. එවැනිදෑ ද්‍රව්‍යමය වස්තූන් හා ප්‍රපංච ලෙසින් හඳුන්වනු ලබයි. 
බාහිර ලෝකයේ සඳහා ද්‍රව්‍ය සහ  විඥ්ඥානය යන කරුණු දෙක ම බලපාන බව විශ්වාස කිරීම (Dualism) වේ. 

ලෝකයේ සඳහා කාරණාවන් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් බලපෑ බව ඇදහීම pulralism වේ. ලෝකය බිහිවීමට මූලික වූයේත් ද්‍රව්‍ය බවත් ලෝකය මිනිසාට දැකගත හැකි බවත් ද්‍රව්‍ය වාදීන් ඉදිරිපත්  කර ඇත.
විඥ්ඥානවාදීන් පවසන්නේ මිනිසාට ලෝකය දැක ගත නොහැකි බවයි. එනම් ඔවුන් තවදුරටත් තව දුරටත් පවසන්නේ ලෝකය බිහිවීමට මූලික වූයේ මනස බවයි. 

මෙය ඥානවිභාගත්මක පැතිකඩ ලෙසින් හඳුන්වයි. 
විඥ්ඥානවාදීන් තුළ එමානුවෙල් ඛාන් වැදගත් වේ. එහිදී ඔවුන්ගේ අදහස් සබන් වන්නේ වන්නේ මියගිය පසු නැවත ඉපදෙනවා ද නැද්ද යන වග මිනිසාට දැනගත නොහැකි බවයි. ලෝකය අවසානයක් තිබේද නැද්ද ජීවිතයේ අර්ථය කුමක්ද යන්න වග මෙහිදී වැදගත් වේ. 

භෞතිකවාදීන් පවසන්නේ ස්වභාවදහම දීර්ඝකාලීන පුද සංකීර්ණ වවූද සම්බන්ධ වූ දෙයෙහි අග්‍ර පක්ෂය මිනිස් බුද්ධිය බවයි. එම බුද්ධිය තනි පුද්ගලයෙක් ලෙස මෙන්ම සමස්තයක් ලෙස මානව සංහතිය  ස්වභාවදහම සහ ලෝකයේ සැඟවී තිබෙන රහස් මිනිස් බුද්ධියට තිබෙන බවයි. තනි පුද්ගලයෙකු වුවද ඔහුට දැවැන්ත ලෙස සිතිය හැක. ඒ සඳහා මිනිස් බුද්ධිය මගින් දර්ශනය කලාව වැනි දෑ විවිධ විෂයයන් බිහිකර ඇත. එනම් එය හරහා ද්‍රව්‍ය විවිධ පැතිකඩ හදුනා ගැනීමට හැකි වනුයේ රසායනික විද්‍යාවේ ද්‍රව්‍යයේ රසායනික ස්වරූපය ජෛව විද්‍යාවෙන් ද්‍රව්‍යයේ ජෛව ස්වරූපය යාන්ත්‍රික විද්‍යාවෙන් ද්‍රව්‍යයේ යාන්ත්‍රික ස්වරූපය හඳුනාගත හැකිය. 




සන්නාමයක් යනු What is a Brand

සන්නාමයක් යනු What is a brand 

සන්නාම යන්න සරලවම අර්ථකථනය කිරීමේ දී කිසියම් නිෂ්පාදිතයක් වෙළඳපොල තුළ ඇති අනෙකුත් නිෂ්පාදිතයන් ගෙන් වෙන් කොට හඳුනා ගැනීමට හැකියාවක් ඇත්තේ යම්සේද ඒ සන්නාම හේතුවෙනි. අලෙවිකරණය තුළදී තුල දී වැදගත් ප්‍රධානතම අංග දෙකක් ලෙස නිෂ්පාදිතය සහ සන්නාමය වැදගත් වේ. එහිදී සන්නාමයට වැඩි වැදගත්කමක් ඇත. එනම් පාරිභෝගිකයා අදාළ භාණ්ඩය හෝ සේවාව ක්ෂණිකවම වැළඳ ගැන ව වැළඳ ගැනීමට සන්නාමය බෙහෙවින් වැදගත්ය. සන්නාමය ප්‍රධාන වශයෙන් කරුණු තුනක් සුසංයෝග වී ඇත. එනම් 

1). පොරොන්දුව  - promise 
2). අවශ්‍යතාවන් - Needs 
3). හැඟීම් - Emotions 

එම කාරණාවන් ප්‍රබල සන්නාමයක් ගොඩ නැගීමට හේතු වේ. දැන්වීම් ප්‍රචාරණය හරහා සන්නාම ගොඩනැඟිය හැකිය. දිගුකාලීන වශයෙන් වෙළඳ සල තුළ කිසියම් නිෂ්පාදනයක් ස්ථාපිත වීම තුළ එම නිෂ්පාදනය සඳහා පෞරුෂයක් ආරූඪ වේ. සන්නාම ගොඩනැඟීම සඳහා භාවිතා කළ යුතු ක්‍රමවේද ඇත. 

1). නිරන්තර යාවත්කාලීන වීම 
2). සන්නාම ආධිපත්‍යය පැතිර වීම 
3). කඩිනම් උපයෝගීතාව 

සන්නාමයක් යනු සදහට ම පවතින දෙයක් බවට සහතික කළ හැකිය. නිෂ්පාදිතය භෞතික සහ භෞතික නොවන ආකාරයෙන් පැවතිය හැකි අතර ම සන්නාමය අයත් වන්නේ මෙම කරුණ ද්විත්වයට එපිටෙන් වඩාත් ගැඹුරු අර්ථයක් ඇති කරුණක් ලෙස ය. ස්පර්ශ කළ හැකි දෙයක් නොවනු ඇත. (එනම් භෞතිකයක් නොවේ.) කිසියම් නිෂ්පාදනයක් සඳහා ජීවය ලබා දෙන ලබන්නේ නිෂ්පාදකයින් විසිනි. නමුත් විශේෂත්වය වන්නේ සන්නාමය සඳහා ජීවය ලබා දෙනු ලබන්නේ පාරිභෝගිකයින් විසිනි. 


වර්තමානය වන විට භාණ්ඩයක් මිලදී ගැනීමට යාමේදී බොහෝ පිරිස් සිය අවධානය  සන්නාමය වෙත යොමු කරනු ලබයි. සෑම සන්නාමයක් ම ගත් කළ වෙළඳපොල තුළ කිසියම් වටිනාකමක් එකතු වී ඇත. සන්නාමයේ යන වචනය භාවිතා කිරීමට පැමිණ ඇත්තේ 1927 ත් 1925 ත් අතර කාල වකවානුව තුළදී ය. ඒ වෙළඳපොළ තුළ ඇති වීමත් සමගය. 

විශේෂයෙන්ම කිසියම් භාණ්ඩයක හෝ සේවාවක ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය පිළිබඳව සාකච්ඡා කරන විට සන්නාමය අත්‍යවශ්‍ය වේ. සන්නාමයක ට ඇත්තේ සංකේතමය වටිනාකමක් වුවද එම වටිනාකමට මිලක් නියම කළ නොහැකි විය හැකිය. එනම් එය භෞතික වස්තුවක් නොවන නිසාය. 

2016 වසර වන විට ලොව වැඩිම වටිනාකමක් සහිත සන්නාමය ලෙස ඇපල් (Apple)  සන්නාමය හැඳින්විය හැකිය. එපමණක්ම නොව ලොව පුරා වැඩිම වටිනාකමක් සහිත සන්නාම බවට ගූගල් මයික්‍රසොෆ්ට් , කොකාකෝලා , ෆේස්බුක් ,  ටොයෝටා වැනි සන්නාමයන්  පත්ව ඇත. මෙම සන්නාමයන් ඕනෑම පුද්ගලයෙක් වඩාත් පහසුවෙන් හඳුනා ගන්නා සන්නාමයන් වෙයි. 

ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් අලෙවි කරනු ලබන ආයතනයක් සඳහා සන්නාමය බෙහෙවින් වැදගත් වේ. සන් නාමයට  හානි වීමටද සන්නාමය ඉහල තත්වයකට ගෙන ඒමට ද ප්‍රධාන වගකීම ඒ ඒ ආයතන සතුව ඇත. 

දැන්වීම්කරණය තුළ ATL / BTL ක්‍රමවේදය

දැන්වීම්කරණය තුළ ATL / BTL ක්‍රමවේදය 

අලෙවිකරණ උපායමාර්ග කාණ්ඩ දෙකකට අයත් වේ. විශේෂයෙන්ම පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය යනු නිරන්තරයෙන් වෙනස් වන්නකි ඉන්පසුව අලෙවිකරුවන් විසින් එම භාණ්ඩ හා සේවාවන් පාරිභෝගික අවශ්‍යතා උදෙසා එය ඒ ක්‍රියාමාර්ග ගන්නා ලද අතර එහදී ATL සහ BTL  ලෙස ක්‍රමවේද දෙකක් හඳුනාගත හැකිය. 

ATL - Above the line 
BTL - Before the line

ATL රේඛාවට ඉහළින් මෙමගින් නිෂ්පාදනය ඇති හැකියාව පිළිබඳව දැනුවත් කිරීම සිදු කරනු ලබයි මෙමගින් මෙමගින් පාරිභෝගිකයා වෙළඳසැල වෙත රැගෙන ඒම සඳහා ක්‍රියා කිරීම සිදුවේ. මෙමගින් සියලුම ප්‍රවර්ධන පණිවිඩ ඉලක්කගත නොවේ. එනම් එයින් අදහස් කරනු ලබන්නේ නිශ්චිත කණ්ඩායමකට යොමු නොවන බවයි. ATL මගින් TV , Radio , Print යනාදී මාධ්‍ය ප්‍රචාරය සඳහා යොදා ගැනීම සිදුවේ. 

BTL රේකාවට පහලින් එනම් මෙමගින් විශේෂිත පාරිභෝගික කණ්ඩායම් වෙත අවධානය යොමු කෙරේ. එය අතිශයින් ඉලක්ක ගත කර ඇති ක්‍රමවේදයන් යොදාගනු ලබයි. මෙහිදී වෙළඳ දැන්වීම් නිර්මාණය කිරීම උදෙසා මනෝවිද්‍යාත්මක ලක්ෂණ සැලකිල්ලට ගනු ලබයි. මෙ⁣මගින් සන්නිවේදන පුද්ගලීකරණය වේ. BTL සඳහා නිදසුන් ලෙස public relation , Sales promotion , Personal selling යොදා ගන් ලබයි. එසේම සෘජු අලෙවිකරණය මේ තුළ දක්නට ලැබේ. එනම් කෙටිපණිවිඩ ,    ඊ මේල් , සමාජ මාධ්‍ය පලකිරීම් මේ තුළ වැදගත් වේ. 

මෙම සංකල්පය ද්විත්වයට අමතරව TTL ලෙස සංකල්පයක් ඇත. එම සංකල්පය ATL , BTL උපාය මාර්ග ද්විත්වය ඒකාබද්ද වන ප්‍රවේශයකි. මෙමගින වෙළඳපොළ සම්බන්දයෙන් පූර්ණ වශයෙන් දෘෂ්ටියකින් යුක්තව පාරිභෝගිකයා වෙත ළඟාවීමට අවස්ථාව අලෙවිකරැවාට ලබා දීම සිදුවේ. මෙය රඳා පවතින්නේ අලෙවිකරැවන් මතය. එනම් පාරිභෝගිකයා තේරැම් ගැනීම මතය. 

ගවේෂණාත්මක වාර්තාකරණය

ගවේෂණාත්මක වාර්තාකරණය ගවේශනාත්මක වාර්තාකරණය යනු කිසියම් සිද්ධියක්, අවස්ථාවක් හෝ පුද්ගලයෙකු පිලිබඳ ගැඹුරින් සොයා බලා වාර්තා කිරීම...