Tuesday, 7 December 2021

භාෂාවේ කාර්යයභාරය

භාෂාවේ කාර්යයභාරය


භාෂාව යනු මානවයා විසින් ඔවුන් අතර අදහස් හුවමාරු කර ගන්නා වූ ප්‍රධානතම මාර්ගය වේ. වාග් විද්‍යාවේදී භාෂාව ලෙස අදහස් කරන්නේ “ශබ්ධ උච්ඡාරණය හා ශ්‍රවණය මගින් මිනිසුන් අතර අන්‍යෝන්‍ය වශයෙන් අදහස් හා හැඟීම් හුවමාරු කර ගන්නා මාර්ගය” ලෙසයි. එඩ්වඩ් සැපීර්ගේ අදහසට අනුව “භාෂාව යනු පැහැදිලි ලෙසම මානවීය වූ සහජයෙන් ලැබිය නොහැකි, ප්‍රයක්නයෙන් නිපදවනු ලබන සංකේත යොදා ගනිමින් අදහස් ආවේග හා ආශාවන් සන්නිවේදනය කරන ක්‍රමයකි”. මෙමගින් ප්‍රකාශ වන්නේ අදහස්, ආවේග, හා ආශාවන් සන්නිවේදනය කළ හැකි අතර ඒවා ප්‍රයත්නයෙන් බිහිවන බවයි. මේ තුළ භාෂාවේ කාර්යයභාරය හා ස්වභාවය පිළිබඳ සඳහන් වේ.
බාසාව බිහිවන්නේ යම් සමාජ කාර්යයභාරයක් ඉටුකර ගැනීඹ සඳහාය. ඒ අනුව බාසාව සතු සමාජ කාර්යයභාරය ඉතා පුළුල්ව සාකච්ඡාවට බඳුන් වේ. ඒ හැම කාර්යයක් මගින්ම පුද්ගල යහපැවැත්ම හා සමාජ කාර්යභාරය සලකා බලයි. භාෂාව මගින් වඩා සංකීර්ණ වූද, දීර්ඝ වූද පණිවුඩ අනන්‍යයන් වෙත පැමිණවිය හැකිය. මෙවැනි හැකියාවක් මනුෂ්‍ය භාෂාව සතුවීම නිසා එකිනෙකා අතර අදහස් හුවමාරුවෙන් සමාජ සහයෝගීතාව ජනිත කර ගානීමට මිනිසාට හැකිවිය. මේ අනුව සාමූහික ප්‍රයත්න සැලසුම් කිරීමටත්, එමඟින් එක් පුද්ගලයෙකු තනිව කරන ප්‍රයත්න මෙන් නොව බොහෝ දෙනෙකුගේ සහයෝගීතාවයෙන් කෙරෙන ප්‍රයත්න මගින් වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට ද ඉඩ සැලසුණි.මෙබඳු ශ්‍රම සංසජ්ජයක දී ශාරීරික ශක්තිය එකතු කිරීම පමණක් නොව බුද්ධි ශක්තිය එකතු කිරීමක් ද සිදුවේ. එහෙයින් භාෂාව උපයෝගී කරගෙන ශිෂ්ටාචාරයේ ප්‍රගතිය සඳහා සාමූහිකව ක්‍රියා කිරීමට ද මානව සමාජයට හැකිවිය.
සාමූහික කටයුතුවලදී එකිනෙකා අතර ආරවුල් හෝ ගැටුම් ඇති නොවන ආකාරයට කටයුතු සංවිධානය කිරීමට ද භාෂාව ප්‍රයෝජනවත් වේ. සමූහයාගේ පරමාර්ථය ඉෂ්ඨ කෙරෙන අතර පුද්ගලයාගේ සන්තුෂ්ටියට ද බැධා නොවන අයුරිනි කටයුතු සැලසුම් කළ හැක්කේ සංකීර්ණ අදහස් හුවමාරුවක් මගිනි. මේ කාර්යය සඳහා ද භාෂාව මහෝපකාරී වේ.
සංකිර්ණ අදහස් හා දීර්ඝ අර්ථාවලීන් ගැබ් කර ගැනීමට භාෂාවට හැකිවූ හෙයින් මානව ශිෂ්ටාචාරයේ ඉදිරි ගමනට ද එය ආධාරකයක් විය. යම් යම් කරුණු පිළිබඳව දිගින් දිගට සිතීමටත්, වඩා සංකීර්ණ අන්දමින් ඒවා සලකා බැලීමටක් භාෂාව මිනිසාට උපකාරී විය. ඒ අනුව ප්‍රාකෘතික තත්ත්වයේ සිට සංවර්ධිත ශිෂ්ටාචාරයක් කරා පිය නැගීමට භාෂාව උපකාරී වූ බව පෙනේ.
දැනුම් සම්භාරය තැන්පත් කිරීමට ආධාරක වූ හෙයින් ද භාෂාව මානව ශිෂ්ටාචාරයේ ඉදිරි ගමනට රුකුලක් විය. එක් පරම්පරාවක් විසින් සිය අත්හදාබැලීම්වලින් සොයා ගත් දේ අනෙක් පරම්පරාවට ප්‍රදානය කිරීම සඳහා භාෂාව උපයෝගී කර ගත්තේය. පළමුවෙන් මෙම පාරම්පරික ඥාන ප්‍රදානය සිදු වූයේ මුඛ මාධ්‍යෙයනි. මුඛ පරමිපරාව යනුවෙන් පැවසෙනුයේ එසේ පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන දැනුමයි. මුලදී එම පාරම්පරික දැනුම කටපාඩමින් දිගින් දිගට පවත්වාගෙන එන ලදී.
අපටද උරුමකම් ඇති භාරතීය සම්ප්‍රධායෙහි දී කජපාඩම් කරගත හැකි සූත්‍ර විලාසයෙන් විවිධාකාර ඥාන වස්තූන් දිගින් දිගට පවත්වාගෙන යන ලදී. බෞද්ධ දාර්ශනික චින්තනය මුල් අවුරුදු පන්සියයක් පමණ කාලය මුළුල්ලේ පවත්වාගෙන එන ලද්දේ එබඳු සූත්‍ර මගිනි. එම බෞද්ධ සූත්‍රයන්හි සැලැස්ම නිරන්තර පුනරුච්ඡාරණ සහිතව සැලසුම් වී ඇත්තේ කටපාඩමින් පවත්වා ගැනීමට පහසු ආකාරයෙන් යැයි කිවහැකිය. පසුව මිනිසා ලේඛන ශිල්පය නිපදවා ගත් විට ඥාන සම්භාරය තැන්පත් කිරීමේ කාර්යය වඩා කාර්යක්ෂම මෙන්ම අති විශාල පරිමාණයකින් කිරීමට ද හැකිවුණි.  කටපාඩමින් පවත්වා ගත හැකි දැනුම මෙන් නොව නොවරදින නිශ්චිත ලෙසකට දැනුම ඉදිරිපත් කතිරීමට ලේඛන ශිල්පයට හැකිවිය. එසේම කටපාඩමින් පවත්වා ගත හැකි දේට වඩා සිය, දහස්  ගණනින් විශාල වූ දැනුම් සම්භාරයක් ලේඛන මාධ්‍යෙයන් පවත්වා ගෙන ඒමට හැකිවිය. පුස්තකාලයක තැන්පත් වී ඇති පොත් සම්භාරයෙන් ඒ කෙතරම් විශාල ප්‍රමාණයක දැනුමක් ද යන්න නිශ්චිත කළ හැකිය.
මේ අයුරින් භාෂා මාධ්‍ය විසින් දැන්මු සම්භාරයබ එකතු කිරීමට ඉඩසලසා දීම මානව ශිෂ්ටාචාරයේ ඉදිරි ගමනට හේතු විය. මුල් පරම්පරාවක දැනුම උපයෝගී කර ගන්නා දෙවන පරම්පරාවට මුල් පරම්පරාවේ උදවිය කළ අත්හදා බැලීම් හෝ ගවේෂණ නැවත නොකොට ඔවුන් සොයා දැනගත් කරුණු පාදක කොටගෙන ඊළඟ පියවර තැබීමට හැකිවේ. මෙසේ එක් එක් පරම්පරාව විසින් තමාට පෙර සිටි අය පැමිණි ඥාන මට්ටමේ සිට ඉන් ඉදිරියට යාමෙන් නිරන්තර ඥාන සංවර්ධන ප්‍රෙව්ශයක් පවත්වාගෙන යාමට මනුශ්‍ය වර්ගයාට හැකි වූයේ භාෂාව උපයෝගී කරගෙනය.
භාෂාවේ තවත් කාර්යයක් ලෙස සැලකෙන මානව සංස්කෘති ප්‍රවාහය මගින් මානව ශිෂ්ටාචාරයේ ප්‍රගතිය සදහා එහි ආරම්භයේ සිට අද දක්වා ඉටුවී ඇති සේවය හා වැදගත්කම අද්විතීය වූවකි. භාෂාව නිර්වචනයේ දී සංස්කෘතික කොටස්කරුවන් වශයෙන් යන්නෙන් අවධාරණය කෙරෙන්නේ සෙසු භාෂා කාර්යයන් වුවද ඊට සම්බන්ධ වන හෙයිනි. පුද්ගලයෙකු සමාජයට අනුගත වීමේදී ක්‍රියාමාර්ග දෙකක් අනුගමනය කරයි. එනම්,

01.  උත්පත්තියෙන් උරුම කර ගන්නා ජීවාණු මගින් වැඩීම, හැසිරීඹ පාලනය කරනු ලැබීම.
02.  ඒ ඒ සංස්කෘතිය විසින් ප්‍රදානය කරනු ලබන ඥාන සම්භාරය.

මෙහිදී දෙවන කරුණ සඵල කර ගැනීම ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලිය මගින් සිදුවේ. ඒ සඳහා ප්‍රධාන මාධ්‍යය වන්නේ භාෂාවයි. මේ හේතුවෙන් මානව විද්‍යාඥයෝ භාෂාව සංස්කෘථියේ වාහකයයි යනුවෙන් හඳුන්වති. ඉදිරි පරපුරට සංස්කෘතික දායාද පවරාදීමේ කාර්යය සිදුකරසු ලබන්නේ භාෂාව මගිනි.මේ අනුව සමාජය බිද නොවැටෙන පරිදි යහතින් පවත්වාගෙන යාම සදහා භාෂාව බොහෝ සෙයින් උපකාරී වේ. බ්ලොග් සහ ටෙග්‍රර් විසින් භාෂාව පිළිබද දක්වන අදහස වන්නේ සමාජය බිඳ නොවැටෙන පරිදි යහතින් පවත්වාගෙන යාමේ කාර්යය භාෂාවේ නම්වන බවයි.

ශ්‍රී ලාංකේය ලාංකීය සමාජ සන්දර්භය තුළ නව මාධ්‍යයන්ගේ බිහිවීම සහ විකාශනය

ශ්‍රී ලාංකේය ලාංකීය සමාජ සන්දර්භය තුළ නව මාධ්‍යයන්ගේ බිහිවීම සහ විකාශනය 
ශ්‍රී ලංකාවේ සමාජ සන්දර්භය තුළ නව මාධ්‍යයන්ගේ ව්‍යාප්තිය පිළිබඳව විමසීමේ දී ගෝලියකරණ තාක්ෂණය වර්ධනය වේගයත් සමඟ ම රටවල් දැඩි ලෙස කාර්මීකරණය වීමේ සන්නිවේදනයේ පෘථුල  ඵලදායිතාවය හේතු කර ගනිමින් රටවල් පුරා නව මාධ්‍ය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම සිදු විය. මෙරට නව මාධ්‍ය වර්ධනය වීමට ප්‍රථම පැවතියේ  සාම්ප්‍රදායික මාධ්‍ය සහ නූතන මාධ්‍යයි. සාම්ප්‍රදායක මාධ්‍යය යන්න  හැඳින්වීමේදී අතීත ජනයා සිය සන්නිවේදන කටයුතු උදෙසා යොදා ගන්නා ලද සන්නිවේදන උපක්‍රම හැඳින්විය හැක. නිදසුන් ලෙස නිවසක බෝවන රෝගියෙක් සිටින විට කොහොඹ අත්තක් නිවස ඉදිරිපිට එල්ලීම වැනි දෑ හැඳින්විය හැකිය. ඉන්පසුව ජනගහනය වැඩිවීමත් සමඟම මිනිසාගේ සංනිවේදන අවශ්‍යතා පෘථුල ලෙස වර්ධනය වීම සිදු වූ අතර එම අවශ්‍යතාවන් හරහා යටත් විජිත  ප්‍රතිපත්තීන්  විවෘත ආර්ථිකය වැනි සංසිද්ධීන් හරහා මෙරටට නූතන මාධ්‍යන්ගේ ආගමනය සිදුවිය.  නූතන මාධ්‍ය වශයෙන් ක්‍රියාකාරීත්වය අනුව ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය දැක්විය හැක. එනම් මුද්‍රිත මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය ලෙසයි. එහිදී මුද්‍රිත මාධ්‍ය ලෙස පුවත්පත (News paper) විද්‍යුත් මාධ්‍ය ලෙස රූපවාහිනිය (Television) හා ගුවන්විදුලිය (Radio)  වැදගත් වේ. 

මෙම සෙසු මාධ්‍ය මාධ්‍යයන් අභිබවා අද්‍යතනය වන විට ශ්‍රී ලාංකීය සමාජ සන්දර්භය තුළ සන්නිවේදන සම්බන්ධතා ඉතාමත් සීඝ්‍රයෙන් පැතිර යාමටත් ලෝකය හා සම්බන්ධ වීමට මෙරට ජනයාට අවස්ථාවක් ලැබීමට හේතුවූයේ නව මාධ්‍යයන්ගේ  ආගමනයත් සමගය.  මෙහි දී මෙරට ජනයා හට ගෝලීයකරණ වපසරිය තුළ ජාල ගත සම්බන්ධතා ගොඩනගා ගැනීමට අවස්ථාවක් සැලසෙන ලදී 

එහිදී නව මාධ්‍ය යනු තොරතුරු හුවමාරු කර ගනු  ලබන හෝ විනෝදාස්වාදය සපයන නවීන ක්‍රමවේදයක් ලෙස හැඳින්විය හැකි අතරම නිදසුන් ලෙස  අන්තර්ජාලය හා ස්මාර්ට් ජංගම දුරකථන (Smart Phone)  හරහා නව මාධ්‍ය  තාක්ෂණය අත්පත් කරගත හැකි වේ. එනම් තවදුරටත් නව මාධ්‍ය යනු අන්තර් ජාලය වැනි ඉලෙක්ට්‍රොනික අන්තර් ක්‍රියාකාරී මාධ්‍යයක් වෙයි. 

(⁣1 කොටස)  

WA කසුනි නිමල්කා විජේසිංහ 


ග්‍රාහකයා අතනැහැර අනුග්‍රාහකයා තෘප්තිමත් කිරීම වානිජ සේවා ගුවන්විදුලි සංකල්පයේ මුඛ්‍ය අරමුණ වී ඇත.

ග්‍රාහකයා අතනැහැර අනුග්‍රාහකයා තෘප්තිමත් කිරීම වානිජ සේවා ගුවන්විදුලි සංකල්පයේ මුඛ්‍ය අරමුණ වී ඇත.  

ජනමාධ්‍යවේදයේ ප්‍රජා සමාජය එක් සමාජ ආයතනයක් වශයෙන් ක්‍රියාත්මක වේ. එනම් ජනමාධ්‍ය රටක සිව්වන ආණ්ඩුව ලෙස ආමන්ත්‍රණය කරන්නේ එහෙයිනි. මෙලොවට ගුවන් විදුලිය ආගමනයත් සමගම යටත් යටත්විජිතකරණය අතුරු ප්‍රතිඵලයක් ලෙස ද ලෝ පුරා ගුවන් විදුලිය විශාල වශයෙන් ව්‍යාප්ත වූයේ ලෝක යුද සමය හේතු කොට ගනිමිනි. සමාජය තුළ ව්‍යුහයන්ට තීරණාත්මක බලපෑමක් සිදු කිරීමටත් හැකියාවක් ඇති ප්‍රබල මාධ්‍යයක් ලෙස ගුවන්විදුලි අර්ථකථනය කර දැක්විය හැක. ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය තුළ හඬ මූලික කොටගත් මෙලමක් ලෙස ගුවන් විදුලිය හැඳින්විය හැකිය. මෙහිදී එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට සන්දේශය රැගෙන යාමේ ක්‍රියාවලිය එනම් සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රියාවලිය මෙම මාධ්‍යය තුළ රැහැන් රහිතව සිදුවේ. 

ශ්‍රව්‍ය මාධ්‍යයක් වන ගුවන්විදුලිය ප්‍රථමයෙන් ලොව පුරා ව්‍යාප්ත වූයේ, මහජන සේවා මාධ්‍ය (Public Service Broadcasting) පදනම් කොට ගනිමිනි. එසේ බිහි වූ ප්‍රබල ගුවන්විදුලි සේවාවක් වන BBC (British Broadcasting Coporation) ගුවන් විදුලි නාලිකාව නිදසුන් ලෙස දැක්විය හැක. මේ ගුවන් විදුලි සේවාව පවත්වාගෙන යෑම සිදු කරන ලද්දේ බලපත්‍ර ක්‍රමයක් හරහා ය. එය පසුකාලීනව ගෝලීයකරණය සමාජ අවශ්‍යතා නිර්මාණය වීමත් ගුවන්විදුලි සේවා පවත්වා ගෙන යාම අර්බුදය පැනනැගීම හේතු කොට ගනිමින් මෙම සංකල්පය වෙතින් ගුවන්විදුලි මාධ්‍ය දුරස්ථව පවතී. 

ලෝක ගුවන්විදුලි අධ්‍යයනය කිරීම කිරීමේ දී බ්‍රිතාන්‍ය හා ඇමෙරිකානු ගුවන් විදුලිය හඳුනාගත හැකිය. එහිදී ඇමරිකාව තුළ වාණිජ සේවා ගුවන්විදුලිය ආරම්භ වන අතර බ්‍රිතාන්‍යයේ  මහජන සේවා ගුවන්විදුලිය ආරම්භ විය. (මෙම සංකල්පය ශ්‍රී ලංකාව තුළ ද මහජන සේවා ගුවන්විදුලිය ආරම්භ වීමට හේතු විය.) 

විශේෂයෙන්ම යුනෙස්කෝ සංවිධානය  (United Nations Educational Scientific And Cultural Organization) ලෝකයේ තිබෙන ගුවන්විදුලි සේවා වර්ගීකරණය කරන ලදී. 

පෞද්ගලික හිමිකාරත්වය සහිත වාණිජ ගුවන්විදුලි සේවා (Commercial Broadcasting Channels With Private Ownership) 

රාජ්‍ය හිමිකාරිත්වය සහිත ගුවන් විදුලි 
(State owned radio) 

ජාතික මහජන සේවා ගුවන්විදුලිය 
(National Public Service Radio)

විකල්ප ගුවන්විදුලි 
(Alternative Radio)


වානිජ ගුවන්විදුලි සේවාවන් හි මූලික පදනම වන්නේ දැන්වීම්ය. ඒ හරහා අනුග්‍රහකයා තෘප්තිමත් කිරීමට කටයුතු කරයි. නමුත් ග්‍රාහකයා අතනොහැර කටයුතු කිරීමට වානිජ ගුවන්විදුලි සේවා පෙළඹේ. 

5.1

1920 නොවැම්බර් වෙස්ටිංහවුස් හි ගුවන්විදුලි මධ්‍යස්ථානය KDKA ජනාධිපතිවරණ ප්‍රතිඵල විකාශය කරමින් එක්සත් ජනපදයේ පළමු වාණිජ ගුවන් විදුලිය බවට පත්විය. 

මෙරට වාණිජ ගුවන් ද සේවාවන් හි ආරම්භක පදනම සනිටුහන් වීම පිළිබඳව විමසීමේ දී 1951 වෙළෙඳ සේවය ආරම්භ වන තෙක් ම මෙරට වාණිජ සේවා ගුවන් විදුලියක් නොතිබුණි. විශේෂයෙන්ම ගුවන්විදුලිය දේශපාලනය කරණය වන්නේ 1967 ගුවන්විදුලි සංස්ථා පනත හරහා ය. 

ජේ ආර් ජයවර්ධන මහතා මෙරට විවෘත ආර්ථික ක්‍රමවේදය හඳුන්වාදීම හරහා  හදුන්වා දීම හරහා මෙරට වාණිජ  සේවා ගුවන්විදුලි සේවා නිර්මාණය වීමට පදනම නිර්මාණය විය. ඒ හරහා ඇති වූ ආර්ථික පදනම හේතුකොට ගනිමින් ග්‍රාහකයා අතනැහැර අනුග්‍රාහකයා තෘප්තිමත් කිරීම උදෙසා වාණිජ ගුවන් ද සේවා කටයුතු කරන ලදී. 

එස් එම් අනුනවය (Fm 99)  ලංකාවේ ප්‍රථම පෞද්ගලික ගුවන් විදුලියයි.  විශේෂයෙන් ඉසිර ගුවන් විදුලිය  ද පෞද්ගලික නාලිකාවක් වූ අතර එය ටෙලිෂාන්  ආයතන විසින් ආරම්භ කරනු ලැබූවකි. 1992  දෙසැම්බර් 10 වනදා මහරාජා සංවිධානය yes එෆ් එම් ආරම්භ කරන ලද්දේ ඉංග්‍රීසි අසන්නන් වෙනුවෙනි. එහි සිංහල විකාශය සිරස නමින් ආරම්භ කරනුයේ 1993 අප්‍රේල් 13 වන දා ය. එය අත්හදා බැලීමේ නාලිකාවක් ලෙස ඔවුන් විසින් හඳුන්වා දෙන ලදී. මේ ආකාරයට මේ රට වාණිජ ගුවන්විදුලි සේවා ආරම්භ වීම සඳහා පදනම නිර්මාණය විය. 

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ද මුල් කාලීනව මහජන සේවා මාධ්‍යයක් බවට පරිවර්තනය වූවද  අද්‍යතනය වන විට එහි එම සංකල්පය ක්‍රියාත්මක කරවීම බැහැර වී ඇත. එම  ගුවන්විදුලියට ප්‍රධාන අභියෝගයක් එල්ල කරන ලදී වාණිජ ගුවන්විදුලි සේවාවන් ගේ ආගමනයයි. ඒ හරහා ග්‍රාහකයා රඳවා තබා ගැනීමට මුල් කාලීනව ක්‍රියා කිරීම අඩු වුවද  පසුකාලීන ව වාණිජ මාධ්‍යන්ගේ ආගමනයත් සමගම ඒ ඒ මාධ්‍ය අතර පවතින තරගකාරීත්වය හේතු කොට ගනිමින් වාණිජ අරමුණු මුදුන්පත් කරගනිමින් ද ග්‍රාහකයා ද අත නොහැර කටයුතු කිරීමට වානිජ ගුවන්විදුලි සේවා කටයුතු කරනු ලබයි.  

ප්‍රධාන වශයෙන්ම ආර්ථික ගෝලීයකරණ පසුබිම තුළ තාක්ෂණික උපකරණ යන්හි පැවැත්ම උදෙසා වාණිජ ගුවන්විදුලි මාධ්‍ය බොහොමයක් මුදල් මත යැපේ. එම අපේක්ෂාවන් ප්‍රබල වශයෙන් ළඟා කරගනු ලබන්නේ අනුග්‍රාහකයාගේ දායකත්වය යටතේ ය. 

අද්‍යතනය වන විට වාණිජ සේවා ගුවන්විදුලි ආයතනයක් ගත්කල  ශ්‍රම දායකත්වය එනම් එම ගුවන් විදුලිය ආයතනය තුළ රැකියාවල නිරතවන පිරිස් ඉතා ඉහළ අගයක් ගනු ලබයි. එවැනි කාරණා පදනම් කරගනිමින් අද්‍යතනය ග්‍රාහකයා ද මනාව හසුරුවා ගනිමින්  ආර්ථිකයෙන් නවමු ක්‍රියාකාරිත්වය හේතු කොට ගනිමින් සේවකයන් තෘප්තිමත් කිරීම උදෙසා අනුග්‍රහයෙන් හට වැඩි අවධානයක් යොමු කිරීමට වාණිජ සේවා මාධ්‍ය කටයුතු කරයි. 

ජර්ගන් හරබර් මාස් ඉදිරිපත් කරන ලද Pubic Sphere හෙවත් මහජන අවකාශය මෙම ක්‍රියාකාරීත්වය හමුවේ අභියෝගයකට ලක් වී ඇත. 


වාණිජ ගුවන්විදුලි මාධ්‍ය අද්‍යතනයේ ප්‍රධාන වශයෙන් යැපෙන්නේ අනුග්‍රාහකයා මතය ඔවුන් තෘප්තිමත් කිරීම උදෙසා ගුවන් කාලය වැඩි වශයෙන් යොදවමින් ඔවුන්ගේ දායකත්වය වැඩි වශයෙන් ළඟා කොට ගැනීමට උත්සාහ ගනු ලබයි. 

ඇතැම් විට වාණිජ ගුවන්විදුලි සේවා ගත්කල ඔවුන්ගේ ගුවන් විදුලි වැඩසටහන අතරතුර සමාජයට අහිතකර වර්ගය ආහාරයක් වුවද ඉතාම ගුණදායක යැයි පවසමින් ග්‍රාහකයා වෙත එය මිලදී ගැනීමට පොළඹවනු ලබයි. අද්‍යතනයේ එවැනි ආකාරයට ප්‍රබල වශයෙන් ගුවන්විදුලි නාලිකා තුළ ක්‍රියාත්මක වේ.

අනුග්‍රහකයා විසින් ඉදිරිපත් කරන ලද භාණ්ඩයක් හෝ සේවාවක් කිසියම් අහිතකර තත්ත්වයක් ඇති නම් මෙම වාණිජ ගුවන්විදුලි මාධ්‍ය ඒ පිළිබඳව සමාජයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වන්නේ අදාළ අනුග්‍රාහකයාගේ දායකත්වය  තම නාලිකාව වෙත තව තවත් දායක කර ගැනීමේ අපේක්ෂාවෙනි. 


වර්තමානය වන විට ග්‍රාහකයා පිළිබඳව ද සැලකිලිමත් වෙමින්  අනුග්‍රාහකයාගේ අභිමතය උදෙසා කටයුතු කරනු ලබන්නේ වාණිජ ගුවන්විදුලි මාධ්‍යයේ පදනම මුදල් වන බැවිනි. කෙසේ වෙතත් මෙම වාණිජ සේවා ගුවන් විදුලිය මගින් ග්‍රාහකයා අත නැහැර විවිධ ආකාරයේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදුවේ. නිදසුන් ලෙස දෙරණ එෆ් එම් සියවන වර්ෂ පූර්ණ සමරන අවස්ථාව තුළ ග්‍රහකයන් සිය දෙනකුට යතුරුපැදි සියයක් ලබාදීම හැඳින්විය හැක. එපමණක්ම නොව ශ්‍රී එෆ්එම් බඩු මල්ල ග්‍රාහකයා වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබයි. මේ ආකාරට වානිජ ගුවන්විදුලි සේවා ග්‍රාහකයා අතනොහැර කටයුතු කිරීමට පෙළඹී ඇත. 


මුල්කාලීනව ජනමාධ්‍ය අපේක්ෂාව වූයේ, ග්‍රාහකයා හට තොරතුරු සම්පාදනය අධ්‍යාපනය ලබාදීම වැනි කාරණා සඳහා ප්‍රමුඛත්වයක් ලබා දීමයි. නමුත් වර්තමානය වන විට පෙළඹවීම විනෝදාස්වාදය සම්පාදනයෙන්  පමණක් අරමුණු කොට ගනිමින් වාණිජ නාලිකාවන් වැඩසටහන් විකාශය කරවීම සිදු කරයි. එවැනි ක්‍රියාකාරීත්වයක් වාණිජ ගුවන්විදුලිය හරහා ක්‍රියාත්මක වේ. එනම් ග්‍රාහකයා ද පොළඹවා ගනු ලබන්නේ අනුග්‍රාහකයා තෘප්තිමත් කිරීමේ අදහසිනි. 

කලකට පෙර අනුග්‍රාහකයා වෙනුවෙන් එනම් ඔවුන්ගේ භාණ්ඩ හා සේවා වෙනුවෙන් කාලවේලාවක් වෙන් කළා වුවද වර්තමානය වන විට නිවේදකයා හෝ නිවේදිකාව විසින් සෘජුවම අනුග්‍රාහකයා තෘප්තිමත් කරනු ලබන්නේ ග්‍රාහකයා හට ප්‍රබල පෙළඹවීමක් සිදු කරමිනි. නමුත් ග්‍රාහකයා සිතනුයේ තමන් හට අවැසි භාණ්ඩ හා සේවා නිෂ්පාදනයන් පිළිබඳව කිසියම් දැනුවත් කිරීමක් පමණක් සිදු කරනු ලබන බවයි. එම ක්‍රියාවලිය සඳහා සමස්ත වශයෙන් ම හේතුව  වන්නේ වාණිජ  ගුවන්විදුලි සේවා සියල්ලම ආර්ථිකයේ ප්‍රබල මූල්‍යමය සැපයුම්කරුවෙකු බවට පත්වීමයි. අනුග්‍රහකයින් මෙන්ම ග්‍රාහකයින් ද වානිජ සේවා ගුවන්විදුලි ආයතනයකට බෙහෙවින් වැදගත් වේ. එසේ වීමට හේතු වන්නේ හතු පිපෙන්නාක් මෙන්  වාණිජකරණය සමඟම වානිජ ගුවන්විදුලි මාධ්‍ය යනු රැසක් හඳුනා ගැනීමට හැකි වීම මගිනි. 

විශේෂයෙන්ම කිසියම් වාණිජසේවා ගුවන්විදුලි නාලිකාවක්  විනාඩි 30ක කිසියම් විකාශනයක් සිදුකරනවා නම්. ඉන් විනාඩි 15ක කාලයක් අනුග්‍රාහක දැන්වීම් විකාශනය සඳහා යොමු කෙරේ. මේ අනුව ඉස්මතුවන ගැටලුවක් වන්නේ, වානිජ ගුවන්විදුලි මාධ්‍ය සත්‍ය වශයෙන්මවශයෙන් ම කටයුතු කරන්නේ අනුග්‍රාහකයා තෘප්තිමත් කිරීම සඳහා පමණක්ද යන්නයි. 

නමුත් වර්තමානයේ පවතින වාණිජ ගුවන්විදුලි සේවා අතර ඇති ප්‍රබල තරගකාරීත්වයට හේතු වී ඇත්තේ ග්‍රාහකයාට සංඛ්‍යාත පරාසය වෙනස් කිරීම සඳහා ගතවන්නේ මිනිත්තුවකටත් වඩා අඩු කාලයක් වන බැවිනි. මේ නිසා වත්මන් ගුවන් විදුලි නාලිකා ග්‍රාහකයා ද තමන්ට මාධ්‍ය වෙත රඳවා ගනිමින් අනුග්‍රාහකයා ද තෘප්තිමත් කරමින් ප්‍රබල ලෙස අනෙකුත් වාණිජ මාධ්‍ය අභිබවා කටයුතු කිරීමට වෙහෙසෙයි. එනම් වාණිජ ගුවන්විදුලි සේවාවක පදනම නිර්මාණය කිරීම සඳහා ග්‍රාහකයා මෙන්ම අනුග්‍රහකයා ගේ දායකත්වය ප්‍රබල ලෙසම වැදගත් වේ යන්න හඳුනාගත හැක. 

දර්ශනවාදයේ මූලික ප්‍රශ්නය

දර්ශනවාදයේ මූලික ප්‍රශ්නය 

විවිධාකාරයේ දර්ශනවාදයන් ඇත. එම දර්ශනයන් විවිධාකාර මත ඔස්සේ නිර්මාණය වී ඇත. මෙම දර්ශනවාදය පහළ වන්නේ පුද්ගලයන් ඔස්සේය. විශේෂයෙන්ම විවිධ දාර්ශනික ගුරුකුල බිහිව ඇත. එහිදී දර්ශනවාදයේ මූලික ප්‍රශ්නය වැදගත් වේ. කෙසේ වෙතත් දර්ශනවාදයේ මූලික ප්‍රශ්නය යන්න සාකච්ඡා කිරීමෙහි දී දර්ශනවාදය යනු කුමක්ද යන්න පිළිබඳ ව වැදගත් වේ. දර්ශනවාදය තුල අන්තර්ගත වන ලද විශේෂය ක්ෂේත්‍රය   විවිධ විද්වතුන් නැතිනම් දර්ශනවාදීන් විවිධාකාරයෙන්  විග්‍රහ කොට ඇත. දර්ශනවාදය යනු ජීවත්වන සමාජය චින්තනයේ තිබෙන වඩාත් පොදු දෑ හදාරන්නකි. පොදු දෑ ලෙස පරිණාමය භවය කාලය වැනි දෑ හැඳින්විය හැක. 

එහිදී දර්ශනය යනු කුමක්ද (What is philosophy) යන්න වැදගත් වේ. විද්‍යාවන්ගේ විද්‍යාව (Science of sciences) ලෙස හඳුන්වනු ලබයි. (Philosopia-ග්‍රීක අර්ථය) එනම් දැනුමට ඇති ආලය කැමැත්ත දර්ශනවාද යයි. 


දර්ශනවාදයේ විෂය ක්ෂේත්‍රය   අවුරුදු 2500ක සිටම හදාරනු ලබයි. විශේෂයෙන්ම දර්ශනවාදයේ මූලික ප්‍රශ්නය හැරුණුකොට සදාකාලික ප්‍රශ්න දර්ශනවාදය තුළ හැදෑරීම සිදු වේ.  දර්ශනවාදය පුද්ගල ජීවිතය හා සම්බන්ධ වේ. මෙලොවට මනුෂ්‍යයා පහල වූ විගස දර්ශනවාදයක් පහල නොවුණු අතර ස්වභාවදහම ඉදිරියේ අසරණ භාවයට පත් වීම හේතුකොට ගනිමින් දේවල් තේරුම් ගැනීමට නොහැකිවීම හේතුවෙන් දර්ශනවාදය අත්‍යවශ්‍ය විය. 


ලෝක දෘෂ්ටිය දර්ශනය සමඟ සම්බන්ධ වේ. නමුත් දර්ශනය ලෝක දෘෂ්ටියට වඩා එහා ගිය දෙයක් වෙයි. දර්ශනවාදය මුල් කාලයේ පහළ වූයේ යුරෝපයේ බවට මූලික අදහස වන අතර එයට ප්‍රතිවිරුද්ධ අදහස වන්නේ දර්ශනවාදය පහළ වූයේ පෙර දිග යන්නයි. විවිධාකාරයේ දර්ශනවාදයන් ලොව පහළ වී ඇති අතරම ඒ සියලු දර්ශනයන් මනසින් ග්‍රහණය කරගෙන සිටීමට එතරම් පහසු නොවේ. නමුත් කිසියම් ආකාරයකට එම දර්ශනයන් දැක ගැනීමට අවශ්‍ය වේ. ඒ සඳහා ක්‍රමවේදයක් ඇත. එහිදී දර්ශනවාදයේ මූලික ප්‍රශ්නය වැදගත් වේ. 

එය ඉදිරිපත් වන්නේ නූතන යුගයේදී ය එනම් ක්‍රමවේදය නිර්මාණය වන්නේ නූතන යුගය තුළ ය. ද්‍රව්‍ය විඥ්ඥානයට දක්වන සම්බන්ධතාවය වැදගත් වේ. එහිදී ලෝකයට මුල්වෙලා තිබෙන්නේ කුමක් ද යන්න වැදගත් වෙයි.ඒ  ද්‍රව්‍ය ද      විඥ්ඥානය  ද එසේත් නැතිනම් ස්වභාව ධර්මයද ආත්මය ද මොළය ද සිතිවිලි ද යන්න එනම් කිසි දෙයක පැවැත්මට හේතුව කුමක්ද  යන්න වැදගත් වෙයි. 

එනම් දර්ශනවාදයේ මූලික ප්‍රශ්නය වන්නේ විශ්වයට මුල්වෙලා තිබෙන්නේ ද්‍රව්‍යයද මානසික සිතිවිලි එනම්    විඥ්ඥානය ද යන්නයි. ද්‍රව්‍යවාදය පවසන්නේ ලෝකය බිහිවීමට මුල් වී ඇත්තේ ද්‍රව්‍ය බවයි විඥානවාදීන් පවසන්නේ ලෝකයේ බිහිවීමට මුල් වී ඇත්තේ   විඥ්ඥානයට  බවයි. එනම් මේ හරහා ගුරුකුල ද්විත්වයක් නිර්මාණය විය. 


ලෝකය දෙවියන් වහන්සේ මවන ලදී එය විඥ්ඥාන වාදයයි. ප්ලේටෝ පවසන්නේ ලෝකයට මුල් වන්නේ ද්‍රව්‍ය නොව අදහස් බව යි එනම් සියල්ල ම හට ගනුයේ  විඥ්ඥානයෙන් බවයි. 


ද්‍රව්‍ය වාදීන් එනම් භෞතිකවාදීන්ගේ පදනම වන්නේ ද්‍රව්‍ය ලෝකය බිහිවීමට පදනම වන බවයි. මිනිසාත් විඥ්ඥායෙන් බැහැරව එහි බලපෑමක් නොමැතිව නොමැතිව පවතින දේ වාස්තවික දේ  ලෙස කියයි. එවැනිදෑ ද්‍රව්‍යමය වස්තූන් හා ප්‍රපංච ලෙසින් හඳුන්වනු ලබයි. 
බාහිර ලෝකයේ සඳහා ද්‍රව්‍ය සහ  විඥ්ඥානය යන කරුණු දෙක ම බලපාන බව විශ්වාස කිරීම (Dualism) වේ. 

ලෝකයේ සඳහා කාරණාවන් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් බලපෑ බව ඇදහීම pulralism වේ. ලෝකය බිහිවීමට මූලික වූයේත් ද්‍රව්‍ය බවත් ලෝකය මිනිසාට දැකගත හැකි බවත් ද්‍රව්‍ය වාදීන් ඉදිරිපත්  කර ඇත.
විඥ්ඥානවාදීන් පවසන්නේ මිනිසාට ලෝකය දැක ගත නොහැකි බවයි. එනම් ඔවුන් තවදුරටත් තව දුරටත් පවසන්නේ ලෝකය බිහිවීමට මූලික වූයේ මනස බවයි. 

මෙය ඥානවිභාගත්මක පැතිකඩ ලෙසින් හඳුන්වයි. 
විඥ්ඥානවාදීන් තුළ එමානුවෙල් ඛාන් වැදගත් වේ. එහිදී ඔවුන්ගේ අදහස් සබන් වන්නේ වන්නේ මියගිය පසු නැවත ඉපදෙනවා ද නැද්ද යන වග මිනිසාට දැනගත නොහැකි බවයි. ලෝකය අවසානයක් තිබේද නැද්ද ජීවිතයේ අර්ථය කුමක්ද යන්න වග මෙහිදී වැදගත් වේ. 

භෞතිකවාදීන් පවසන්නේ ස්වභාවදහම දීර්ඝකාලීන පුද සංකීර්ණ වවූද සම්බන්ධ වූ දෙයෙහි අග්‍ර පක්ෂය මිනිස් බුද්ධිය බවයි. එම බුද්ධිය තනි පුද්ගලයෙක් ලෙස මෙන්ම සමස්තයක් ලෙස මානව සංහතිය  ස්වභාවදහම සහ ලෝකයේ සැඟවී තිබෙන රහස් මිනිස් බුද්ධියට තිබෙන බවයි. තනි පුද්ගලයෙකු වුවද ඔහුට දැවැන්ත ලෙස සිතිය හැක. ඒ සඳහා මිනිස් බුද්ධිය මගින් දර්ශනය කලාව වැනි දෑ විවිධ විෂයයන් බිහිකර ඇත. එනම් එය හරහා ද්‍රව්‍ය විවිධ පැතිකඩ හදුනා ගැනීමට හැකි වනුයේ රසායනික විද්‍යාවේ ද්‍රව්‍යයේ රසායනික ස්වරූපය ජෛව විද්‍යාවෙන් ද්‍රව්‍යයේ ජෛව ස්වරූපය යාන්ත්‍රික විද්‍යාවෙන් ද්‍රව්‍යයේ යාන්ත්‍රික ස්වරූපය හඳුනාගත හැකිය. 




සන්නාමයක් යනු What is a Brand

සන්නාමයක් යනු What is a brand 

සන්නාම යන්න සරලවම අර්ථකථනය කිරීමේ දී කිසියම් නිෂ්පාදිතයක් වෙළඳපොල තුළ ඇති අනෙකුත් නිෂ්පාදිතයන් ගෙන් වෙන් කොට හඳුනා ගැනීමට හැකියාවක් ඇත්තේ යම්සේද ඒ සන්නාම හේතුවෙනි. අලෙවිකරණය තුළදී තුල දී වැදගත් ප්‍රධානතම අංග දෙකක් ලෙස නිෂ්පාදිතය සහ සන්නාමය වැදගත් වේ. එහිදී සන්නාමයට වැඩි වැදගත්කමක් ඇත. එනම් පාරිභෝගිකයා අදාළ භාණ්ඩය හෝ සේවාව ක්ෂණිකවම වැළඳ ගැන ව වැළඳ ගැනීමට සන්නාමය බෙහෙවින් වැදගත්ය. සන්නාමය ප්‍රධාන වශයෙන් කරුණු තුනක් සුසංයෝග වී ඇත. එනම් 

1). පොරොන්දුව  - promise 
2). අවශ්‍යතාවන් - Needs 
3). හැඟීම් - Emotions 

එම කාරණාවන් ප්‍රබල සන්නාමයක් ගොඩ නැගීමට හේතු වේ. දැන්වීම් ප්‍රචාරණය හරහා සන්නාම ගොඩනැඟිය හැකිය. දිගුකාලීන වශයෙන් වෙළඳ සල තුළ කිසියම් නිෂ්පාදනයක් ස්ථාපිත වීම තුළ එම නිෂ්පාදනය සඳහා පෞරුෂයක් ආරූඪ වේ. සන්නාම ගොඩනැඟීම සඳහා භාවිතා කළ යුතු ක්‍රමවේද ඇත. 

1). නිරන්තර යාවත්කාලීන වීම 
2). සන්නාම ආධිපත්‍යය පැතිර වීම 
3). කඩිනම් උපයෝගීතාව 

සන්නාමයක් යනු සදහට ම පවතින දෙයක් බවට සහතික කළ හැකිය. නිෂ්පාදිතය භෞතික සහ භෞතික නොවන ආකාරයෙන් පැවතිය හැකි අතර ම සන්නාමය අයත් වන්නේ මෙම කරුණ ද්විත්වයට එපිටෙන් වඩාත් ගැඹුරු අර්ථයක් ඇති කරුණක් ලෙස ය. ස්පර්ශ කළ හැකි දෙයක් නොවනු ඇත. (එනම් භෞතිකයක් නොවේ.) කිසියම් නිෂ්පාදනයක් සඳහා ජීවය ලබා දෙන ලබන්නේ නිෂ්පාදකයින් විසිනි. නමුත් විශේෂත්වය වන්නේ සන්නාමය සඳහා ජීවය ලබා දෙනු ලබන්නේ පාරිභෝගිකයින් විසිනි. 


වර්තමානය වන විට භාණ්ඩයක් මිලදී ගැනීමට යාමේදී බොහෝ පිරිස් සිය අවධානය  සන්නාමය වෙත යොමු කරනු ලබයි. සෑම සන්නාමයක් ම ගත් කළ වෙළඳපොල තුළ කිසියම් වටිනාකමක් එකතු වී ඇත. සන්නාමයේ යන වචනය භාවිතා කිරීමට පැමිණ ඇත්තේ 1927 ත් 1925 ත් අතර කාල වකවානුව තුළදී ය. ඒ වෙළඳපොළ තුළ ඇති වීමත් සමගය. 

විශේෂයෙන්ම කිසියම් භාණ්ඩයක හෝ සේවාවක ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය පිළිබඳව සාකච්ඡා කරන විට සන්නාමය අත්‍යවශ්‍ය වේ. සන්නාමයක ට ඇත්තේ සංකේතමය වටිනාකමක් වුවද එම වටිනාකමට මිලක් නියම කළ නොහැකි විය හැකිය. එනම් එය භෞතික වස්තුවක් නොවන නිසාය. 

2016 වසර වන විට ලොව වැඩිම වටිනාකමක් සහිත සන්නාමය ලෙස ඇපල් (Apple)  සන්නාමය හැඳින්විය හැකිය. එපමණක්ම නොව ලොව පුරා වැඩිම වටිනාකමක් සහිත සන්නාම බවට ගූගල් මයික්‍රසොෆ්ට් , කොකාකෝලා , ෆේස්බුක් ,  ටොයෝටා වැනි සන්නාමයන්  පත්ව ඇත. මෙම සන්නාමයන් ඕනෑම පුද්ගලයෙක් වඩාත් පහසුවෙන් හඳුනා ගන්නා සන්නාමයන් වෙයි. 

ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් අලෙවි කරනු ලබන ආයතනයක් සඳහා සන්නාමය බෙහෙවින් වැදගත් වේ. සන් නාමයට  හානි වීමටද සන්නාමය ඉහල තත්වයකට ගෙන ඒමට ද ප්‍රධාන වගකීම ඒ ඒ ආයතන සතුව ඇත. 

දැන්වීම්කරණය තුළ ATL / BTL ක්‍රමවේදය

දැන්වීම්කරණය තුළ ATL / BTL ක්‍රමවේදය 

අලෙවිකරණ උපායමාර්ග කාණ්ඩ දෙකකට අයත් වේ. විශේෂයෙන්ම පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය යනු නිරන්තරයෙන් වෙනස් වන්නකි ඉන්පසුව අලෙවිකරුවන් විසින් එම භාණ්ඩ හා සේවාවන් පාරිභෝගික අවශ්‍යතා උදෙසා එය ඒ ක්‍රියාමාර්ග ගන්නා ලද අතර එහදී ATL සහ BTL  ලෙස ක්‍රමවේද දෙකක් හඳුනාගත හැකිය. 

ATL - Above the line 
BTL - Before the line

ATL රේඛාවට ඉහළින් මෙමගින් නිෂ්පාදනය ඇති හැකියාව පිළිබඳව දැනුවත් කිරීම සිදු කරනු ලබයි මෙමගින් මෙමගින් පාරිභෝගිකයා වෙළඳසැල වෙත රැගෙන ඒම සඳහා ක්‍රියා කිරීම සිදුවේ. මෙමගින් සියලුම ප්‍රවර්ධන පණිවිඩ ඉලක්කගත නොවේ. එනම් එයින් අදහස් කරනු ලබන්නේ නිශ්චිත කණ්ඩායමකට යොමු නොවන බවයි. ATL මගින් TV , Radio , Print යනාදී මාධ්‍ය ප්‍රචාරය සඳහා යොදා ගැනීම සිදුවේ. 

BTL රේකාවට පහලින් එනම් මෙමගින් විශේෂිත පාරිභෝගික කණ්ඩායම් වෙත අවධානය යොමු කෙරේ. එය අතිශයින් ඉලක්ක ගත කර ඇති ක්‍රමවේදයන් යොදාගනු ලබයි. මෙහිදී වෙළඳ දැන්වීම් නිර්මාණය කිරීම උදෙසා මනෝවිද්‍යාත්මක ලක්ෂණ සැලකිල්ලට ගනු ලබයි. මෙ⁣මගින් සන්නිවේදන පුද්ගලීකරණය වේ. BTL සඳහා නිදසුන් ලෙස public relation , Sales promotion , Personal selling යොදා ගන් ලබයි. එසේම සෘජු අලෙවිකරණය මේ තුළ දක්නට ලැබේ. එනම් කෙටිපණිවිඩ ,    ඊ මේල් , සමාජ මාධ්‍ය පලකිරීම් මේ තුළ වැදගත් වේ. 

මෙම සංකල්පය ද්විත්වයට අමතරව TTL ලෙස සංකල්පයක් ඇත. එම සංකල්පය ATL , BTL උපාය මාර්ග ද්විත්වය ඒකාබද්ද වන ප්‍රවේශයකි. මෙමගින වෙළඳපොළ සම්බන්දයෙන් පූර්ණ වශයෙන් දෘෂ්ටියකින් යුක්තව පාරිභෝගිකයා වෙත ළඟාවීමට අවස්ථාව අලෙවිකරැවාට ලබා දීම සිදුවේ. මෙය රඳා පවතින්නේ අලෙවිකරැවන් මතය. එනම් පාරිභෝගිකයා තේරැම් ගැනීම මතය. 

දැන්වීම්කරණ ක්‍රියාවලියට අදාල නීති (law) සහ ආචාරධර්ම (Ethics)

 දැන්වීම්කරණ ක්‍රියාවලියට අදාල නීති (law) සහ ආචාරධර්ම (Ethics) 

කිසියම් රාජ්‍යයක් ගත්තද එම රාජ්‍යයේ පැවැත්ම උදෙසා හඳුන්වාදුන් නීති පද්ධතියෙන් දක්නට ලැබේ. කිසියම් සමාජයක පැවැත්ම උදෙසා නීති අත්‍යවශ්‍යවේ. කුමන ආකාරය ආයතනයක් ගත් කල එම ආයතනයේ පැවැත්ම ස්ථාවර කර ගැනීම උදෙසා නීති  (Law) ආචාරධර්ම  (Ethics) හඳුන්වා දී තිබීම දැකගත හැකිය.  ඒ අනුව එක් එක් ක්‍රියා වලින් සමාජයට හානිකර නොවන මට්ටමින් පවත්වාගෙන යෑම උදෙසා එම ක්‍රියාවලියට යටත් වූ කිසියම් නීතියමය සහ ආචාරධර්ම ගණනාවකට අනුගත වෙමින් ඒ අනුව ක්‍රියාත්මක වීම හඳුනා ගත හැකි ය. ඒ අනුව දැන්වීම්කරණ ක්‍රියාවලිය වූ කලී එවැන්නකි. දැන්වීමක් නිර්මාණය කිරීමේ දී කිසියම් නීති රාමුවක් තුළ ආචාර ධර්ම පද්ධතියකට යටත් වෙමින් කටයුතු කරනු ලබයි. 

නීතිය යනු ආයතන ගණනාවක් මඟින් යහපත උදෙසා  පනවනු ලබන රීතී පද්ධතියක් නීතිය ලෙස හැඳින්වේ.
එලෙස සැම ක්ෂේත්රය ම හා බැඳිච්ච නීති රීති සමුදායක් ඇත. ආචාර ධර්මයක් කඩ වූ විට නීතියෙන් දඬුවම් පැමිණවීමට නොහැකිය. නැවැත්විය හැක්කේ සමාජය තුළින් පැන නගින විරෝධතාවයකට පමණි. 

සෑම ආයතනයක් සතු වම ආචාරධර්ම පද්ධතියෙන් දක්නට ලැබේ. පාසලක් රාජ්‍ය ආයතනයක් හෝ වෙන යම් මාධ්‍ය ආයතනයක් ද ගත්කල ඒ ඒ ආයතනයට ආවේණික ආචාර ධර්ම පද්ධතීන් හඳුනාගත හැක. නිදසුන් ලෙස ස්වාධීන රුපවාහිනි රෑපවාහිනී සංස්ථාව සතුව කොළපාට පොතක් යන නමින් පොතක් ඇති අතර එහිදී එම පොත තුළ ස්වාධීන රූපවාහිනිය සම්බන්ධයෙන් ඇති ආචාරධර්ම  අන්තර්ගත වේ. ඒ තුළ දහවල් ආහාරය අනුභව කරනු ලබන අවස්ථාව කාල වේලාව තුළ විකාශය කළ නොහැකි දැන්වීම් අන්තර්ගත කළ ඇති අතර එය පුද්ගලික මාධ්‍ය වර්ධනය සමඟ ම මෙය වර්ධනය කිරීම සිදුවිය. 

1980 අංක 27 දරන සුවඳ විලවුන් සහ ඖෂධ පනත මගින් රූපලාවන්‍ය හා සම්බන්ධ පනත ගත් විට රූපලාවන්‍ය ද්‍රව්‍ය යටතේ සත්‍ය ප්‍රචාරය කිරීම සහතික කර ඇත. මෙය අධ්‍යතනය වන විට තාක්ෂණික කාරණාවන් නිසා මග හැර ඇත. නමුදු මෙම පනත පසෙකලා රූපලාවන්‍ය සම්බන්ධයෙන් සිදු කරනු ලබන දැන්වීම් ක්‍රියාත්මක වන ආකාරය දැකගත හැක. බොහෝමයක් රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතා කිරීමේ දී අතුරු ආබාධ රාශියක් ඇති විය හැකිය. ඒ එම ද්‍රව්‍යයන් සැකසීමේදී භාවිතා කරනු ලබන අධික රසායනික සාන්ද්‍රණයන් හේතුවෙනි. නමුදු මෙම දැන්වීම් තුලින් සමාජගත කරනු ලබන්නේ මෙම නිෂ්පාදන 100%  ප්‍රතිශතයක් ශරීරයට සුදුසු වන බව අගවමිනි.  නමුත් ජනප්‍රිය සංස්කෘතිය පාදක කොට ගනිමින් පාරිභෝගිකයා දැන්වීම්කරණ ක්‍රියාවලිය මගින් සහ දැන්වීම්කරණය ගොදුරක් බවට පත්ව ඇති ආකාරය හඳුනාගත හැක. 

විශේෂයෙන්ම ඇතැම් රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවි කිරීම සඳහා සිදුකරනු ලබන දැන්වීම් තුලින් ඉස්මතු කරන්නේ මෙම නිෂ්පාදනය සමස්ත වශයෙන් නිර්මාණය කර ඇත්තේ ස්වභාවික අමුද්‍රව්‍ය වෙතින් පමණක් බවයි. නමුදු එහි කල් පැවැත්ම උදෙසා කෙතරම් රසායනික ද්‍රව්‍ය විවිධ සුවඳ ද්‍රාවණයන් පිළිබඳ ව කිසිවෙක් ප්‍රශ්න කිරීමට පෙළඹෙන්නේ නැත. 

සත්‍යය කාරණාව වන්නේ එම රූපලාවණ්‍ය ද්‍රව්‍ය තුල සමස්ත වශයෙන් ම ස්වාභාවික ද්‍රව්‍යයන් පමණක් අඩංගු නොවන බවයි. එය විවේචනයට ලක් කළ යුතු කාරණාවකි. ඒ අනුව රූපලාවණ්‍ය ද්‍රව්‍ය යටතේ සත්‍ය ප්‍රචාරණය කිරීම සහතික කිරීම යන කාරණාව බිඳ වැටී ඇත.

නිදසුන් ලෙස fair and lovely භාවිතා කිරීමට දැන්වීම්කරණ ක්‍රියාවලිය මගින් සමාජය පොළඹවනු ලබයි ඒ තුළ රසායනික ද්‍රව්‍ය අඩංගු වන බව ද ස්වභාවික ද්‍රව්‍ය නොමැති බවද පාරිභෝගිකයා දැනුවත් වුවද දිගින් දිගටම පාරිභෝගිකයා එය මිලදී ගැනීමට පෙළඹේ. දින හතක් ඇතුළත මුහුණ පැහැපත් කරන්නේ කෙසේද එය සිදුවන්නේ කෙලෙසද අතුරැ ආබාධ සහිතද යන කාරණාව ප්‍රශ්න කිරීමට පාරිභෝගිකයා කටයුතු නොකරන්න තෙක් මෙවැනි දැන්වීම් රාශියක් සමාජය තුළ ව්‍යාප්ත වීම වැළැක්විය නොහැකි කාරණාවකි. විශේෂයෙන්ම එම නිෂ්පාදන තුළ අධික ලෙස රසදිය (Mercury) අඩංගු වන බැවින් ද ඒ හරහා අප ශරීරයේ මෙලනින් සාන්ද්‍රනය ට බලපෑමක් කළ හැකි බව ද ජනයා තේරුම් ගැනීමට බුද්ධිමත්කමක් තිබුණද ඒ සඳහා මිනිසා හඬක් නැගීමට පෙළඹෙන්නේ නැත. 

ස්වීඩනය තුළ අවුරුදු 12 න් පහළ ළමුන්ට ආහාර දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත. ඕස්ට්‍රේලියාවේ පෙර පාසල් තිබෙන ස්ථානයන්හි ළමුන් සම්බන්ධයෙන් දැන්වීම් ප්‍රචාරය කිරීම තහනම් කර ඇත. බෙල්ජියමේ ළමුන්ගේ වැඩසටහන් ක්‍රියාත්මක වන වේලාවන් සහ Golden hours කුඩා ළමුන් හා සම්බන්ධ වන දැන්වීම් ප්‍රචාරය කිරීම තහනම් වේ. 

නමුත් එවැනි ක්‍රියාදාමයක් මේ රට හා සැසඳීමේ දී මෙරට දක්නට නොලැබේ. නිදසුන් ලෙස මෙරට නාලිකා ගත් කල වයස  අවුරුදු 12 න් පහළ ළමුන් උදෙසා ආහාර දැන්වීම් ප්‍රචාරය කරනු ලබන ආකාරය දැක ගත හැකිය. එසේම ළමා වැඩසටහන් ක්‍රියාත්මක වන විට එම කාල වකවානුව තුළ සහ Golden Hours ගත් කල වැඩි වශයෙන් ළමුන් හා සම්බන්ධ දැන්වීම් ප්‍රචාරය කරනු ලබයි. ඒ අනුව පෙනී යන්නේ රාජ්‍යයෙන්  රාජ්‍යට දැන්වීම්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති නීතිරීති සහ ආචාර ධර්ම පද්ධතින්  වෙනස් වන ආකාරයයි. 

ලංකාව තුළ ළමුන් වෙළඳ දැන්වීම් වෙළඳ දැන්වීම් වලට සහභාගී වීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතුය යන ආචාර ධර්ම පද්ධතියධර්ම පද්ධතියක් ඇත. නමුත් මෙරට විකාශය වන බොහොමයක් වෙළඳ දැන්වීම් තුළ ළමුන් වැඩිහිටියන් සේ ක්‍රියා කරන ආකාරය හුවා දක්වමින් ඔවුන්ගේ ළමා මනස දැන්වීම තුළ ඉදිරිපත් නොකරන සංස්කෘතියක් බිහි ව ඇත. ඇතැම් දැන්වීම් අනෙකා සමග බෙදාහදා ගැනීම යන සංකල්පය  ළමයාට පුරුදු පුහුණු නොකොට සියල්ල තමන් සතුව තබා ගනිමින් ආත්මාර්ථකාමීව ජීවත්වීම උදෙසා වැරදි සහගත ආදර්ශයන් ළමුන් වෙත ලබා දෙයි. ළමයා වෙතින් සමාජය වෙත ලබාදිය යුත්තේ යහපත් ආදර්ශයන් පමණකි. එය රටක ඉදිරිගමනට බෙහෙවින් බලපානු ලබයි. 

දැන්වීම්කරණය යන්න පාරිභෝගිකයාගේන් කෙළවර වනු ලබන දෙයක් නොවනු ඇත. දැන්වීම්කරණයේ ස්වරූපයන් ද වෙනස් වේ. අද්‍යතනය වන විට දැන්වීම් තෝරා බේරා ග්‍රහණය කර ගැනීමට මිනිසා කිසියම්  බුද්ධිමය මට්ටමකින් ජීවත් වෙයි. 

මෙහිදී වැදගත් වන්නේ සමාජ මාධ්‍ය හරහා වෙළද දැන්වීම් වෙළඳ දැන්වීම් ප්‍රචාරය වීමේ දී  එයට ආචාර ධර්ම පණ වන ආකාරය පිළිබඳවයි. ප්‍රධාන මාධ්‍යය තුළ තහනමට ලක් කරනු ලැබුවද සමාජ මාධ්‍ය තුළ තහනම් කිරීම උදෙසා ප්‍රබල කතිකාවතක් අවශ්‍ය වේ. 

2003 පාරිභෝගික සේවා අධිකාරිය හරහා එම පනත් යටතේ පාරිභෝගිකයන් හට පැමිණිලි කළ හැකිය. නමුත් අද්‍යතනය වන විට එය අක්‍රීය වී ඇත සමාජය නිර්වින්දනය වී ඇත. 

මෙම දැන්වීම් කරන ක්‍රියාවලිය තුළ සිදු වන නීතිමය ආචාර ආචාරධර්ම කඩවීම් සම්බන්ධයෙන් රජය මඟින් මැදිහත්වීමක් අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා ප්‍රබල ශක්තිමත් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම උදෙසා පවතින ආණ්ඩුව කටයුතු කිරීම වැදගත් වේ. එසේම වාරණයක් අත්‍යාවශ්‍යමය ඇමරිකාව තුළ තුළ නීතියක් රැගෙන එන ලද්දේ පැයකට විකාශනය කළ හැක්කේ දැන්වීම් විනාඩි 10 ක පමණ කාල පරාසයක් තුළ පමණයි. යනුවෙනි. නමුත් ලංකාව තුල එය සහමුලින්ම වෙනස් වන අතර තරගකාරී ආර්ථික ක්‍රියාවලිය හමුවේ සෑම විනාඩි තිහක් ගත්විට 50% ක් වැඩසටහන වැඩසටහන ද ඉතුරු 50% දැන්වීම් සඳහා ද කාල වේලාව යොදා ගන්නා ආකාරයයි. දැන්වීම් සඳහා යොදා ගන්නා කාලවේලාව 50% හෝ ඊට වැඩි විය හැක. 

මෙරට පුවත්පත් ගත් විට එහි සියයට හැටක් කර්තෘ අන්තර්ගතය තිබේ. සියයට හතළිහක් දැන්වීම් අන්තර්ගතය තිබේ. මුල් කාලයේදී එය දක්නට ලැබුණ ද පසුකාලීනව වන විටත් එම ක්‍රියාවලිය දක්නට නොලැබිණි. පසුව ආයතනයක උවමනාවන් හා ලාභ අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගනිමින් එම ක්‍රියාවලිය අද වන විට වෙනස් වී ඇත. නිදසුන් ලෙස ඉරිදා ලංකාදීප පුවත්පත ගත්විට දැන්වීම්කරණ ක්‍රියාවලිය උදෙසා වෙනත් පුවත්පත් මුද්‍රණය කර ඇති ආකාරය හඳුනාගත හැක. (ඉටුපිට / ලහිපිට) 

මේ ආකාරයට දැන්වීම්කරණ ක්‍රියාවලිය අධ්‍යතනය වන විට දැඩි ලෙස ආර්ථිකය හා මූල්‍ය  සාධකයන් උදෙසා වැඩි වශයෙන් ක්‍රියාත්මක වන ලද්දක් වන අතර ඒ හා නීති සහ ආචාරධර්ම වර්තමානය වන විට හුදු සංකල්පයක් පමණක් බවට පත්ව ඇති ආකාරය හඳුනාගත හැක. 




සංහතික මාධ්‍යයේ ප්‍රභවය හා විකාශය

සංහතික මාධ්‍යයේ ප්‍රභවය හා විකාශය

සංහතික මාධ්‍යයේ ප්‍රභවය හා විකාශය මානව  ප්‍රගමනයට  බලපාන ආකාරය
ප්‍රාග් ඓතිහාසික යුගයේ දී  මානවයා සිය සන්නිවේදන කටයුතු අවාචික සංඥා සංකේත යොදා ගනිමින් එකිනෙකා සමග සන්නිවේදනය කර ගන්නා ලදී. මානවයා තම දේශගුණික හා කාලගුණික තොරතුරු ශ්‍රාවකයෙකුට හෝ තමාට ම සන්නිවේදනය කර ගනු ලැබුවේ භාෂාවේ ප්‍රභවය ට පෙරාතුව සිට ය. එනම් ප්‍රාථමික සංඥා සංකේත ආරම්භ වී  වාචික සන්නිවේදනය ද බිහිවී දියුණු විය. මේ ජීව  විද්‍යාත්මකව හඳුන්වන්නේ උත්තේජන ප්‍රතිචාර තත්වයක් ලෙසය. මුල් කාලයේ දී  දී මෙහි පැවති අතිශය ප්‍රාථමික ස්වරූපයකි එනම් අංගචලන , විවිධ ශබ්ද ගිනිමැලය , වන සන්නිවේදන උපක්‍රමයි. එ නම් සතුන් භාවිතා කරමින් අතීතයේ පැවති දූත සන්නිවේදනය අඩබෙර , හූ කීම කොළඅතු ඒල්ලිම , ඝණ්ඨාව විවිධ පාට වර්ග වලින් කරනු ලැබූ සංඥා , හංවඩු ගැසීම ආදි ය ප්‍රාථමික සන්නිවේදන ස්වරූප යෙදී සන්නිවේදන කාර්යය ඉටු කරන්නට විය. තව දුරටත් අතීතයේදී අල්තමීරා ලැස්කෝ ගල් ගුහා ආදියෙහි අඳින ලද සිතුවම් පිළිබඳ විමර්ශනය කිරීමේ දී අතීතයේ ප්‍රාග් මානවයා තම සිතෙහි හටගත් සිතුවිලි සන්නිවේදනය හරහා අනිකාට ප්‍රකාශ කිරීමට ගත් උත්සාහය අගනේ ය. 

සංහතික මාධ්‍යයේ ප්‍රභවය පිළිබඳ විමසා බැලීමේදී වටහා ගත හැකි කරුණ නම් ඒ සැනකින් සංවර්ධනය නොවූවක් යන්නයි. අතීතයේ සිට වර්තමානය දක්වා ගමන් කිරීමේදී සංනිවේදනය යනු විවිධාකාරයෙන් වෙනස් වෙමින් විවේචනයට ලක් වෙමින් විවිධ විද්වතුන්ගේ විවිධ අදහස් තුළට තුළට භාජනය වෙමින් පැමිණි සංකල්පයකි. මෙම සන්නිවේදන යන සංකල්පය හරහා "සංහතික මාධ්‍ය මාධ්‍ය" සුවිශේෂී අංග නිර්මාණය වී ඇත. 

ඒ අනුව සන්නිවේදනය පිළිබඳව විවිධ විද්වතුන් විවිධ අදහස් පලකොට ඇත මෙහිදී නිර්වචන කෙරෙහි අවධානය යොමු කිරීමට ප්‍රථම සන්නිවේදනය අර්ථ විමසා බැලීම වැදගත් වේ සන්නිවේදන යන්න හැඳින්වීම සඳහා ඉංග්‍රීසි භාෂාවේ "communication" යන අර්ථය භාවිතා කෙරේ මෙහිදී වචනය ඛණ්ඩනය කර බැලීමේදී , munis යනු කිසියම් කාර්යයක් කරන්නා හැඳින්වීමට ලතින් භාෂාවේ එන වචනයකි. Communis යනු වෙන් ගම්‍ය කෙ රෙන්නේ බොහෝ පිරිසක් අතර රැඳී  ඇත යන්නයි. එමෙන් ම විකාශනය යන අර්ථය උද්දීපනය කරයි. Communicare යන්නෙන් හුවමාරු කරගැනීම බෙදාගැනීම හෝ පොදු බවට පත් පත් කිරීම ඇමැතීම යන ආදිය අරැත් ගම්‍යවේ. ඉහත අර්ථය වර්ධනය බිම ආශ්‍රිතව communication  යන්න බිහි වී ඇත. සිංහල භාෂාවේදී මෙය විඥාපනය සම්ප්‍රේෂණ යනාදී ලෙස ද හඳුන්වනු ලබයි. 

තව දුරටත් විග්‍රහ කිරීමේ දී සං - නි යන උපසර්ග දෙකෙන් නිර්මාණය වී ඇති පදයක් බව පෙනේ. "විද්" වේදනය යන ධාතුවෙන්  සකස් වී ඇති අතර "සං" යන උපසර්ගයෙන් සම්බන්ධ වූ ඒකා බද්ධ වූ යන අර්ථයත් ප්‍රක්ෂේපණය වේ. මෙහි සරල අර්ථය වන්නේ අදහස් තොරතුරු මත හා දැනුම යනාදිය  මනා ලෙස හුවමාරු කර ගැනීමේ නැතිනම් සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රියාවලිය යන්න යි. මෙය අතීතයේදී සංඥා සංකේත නිර්මාණය නිර්මාණ සන්නිවේදනය ඔස්සේ ද සිදුවිය. 

සන්නිවේදනය පිළිබඳ නිර්වචන රැසක් නිර්මාණය වී ඇත  
"Who said it , what was said , in what channel it was said to whom it was said and with what effect"  
  
Harold Lasswell 

"ඔබ්බට ගොස් සුරක්ෂිත කර ගැනීමත් උපකාරවන උපක්‍රම සන්නිවේදන ඇතුලට වැටේ" 
සමාජ විද්‍යාඥ චාල්ස් කුලී 

පුද්ගලයන් දෙදෙනෙකු අතර එක සමාන මනෝ වෘත්තයක් ඇතිකරලීම සන්නිවේදනයයි 
මහාචාර්ය විල්බර් ශ්‍රාම්


සන්නිවේදන යනු කුමක්ද යන්න  පිලිබඳව ගැඹුරින් විග්‍රහ කිරීමේ දී පෙනී යන්නේ එය අදාළ සමාජ වපසරියට අනුකූල වන බැවින් මිනිස්සුන්ගේ භෞතික හා අධ්‍යාත්මික ක්‍රියාකාරීත්වය සමඟ බද්ධ වී ඇති බවත්ය.

ඉතිහාසය විමසන විට දුර හා වාචක වාසකම් ගැන ගැන ආරම්භව සන්නිවේදන ශඛ්‍යතාවය පසුකාලීනව මාධ්‍යයක් බිහිවීම දක්වා පරිවර්තනය වූ වා යැයි පැවසිය හැකිය . 
සංහතික මාධ්‍ය පිළිබඳ විමසීමට ප්‍රථම මාධ්‍ය යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න විමසා බැලිය හැක. ග්‍රාහකයා හා යථාර්ථයට මැදිහත් වන ඕනෑම දෙයක් මාධ්‍ය ලෙස හඳුන්වනු ලබයි. 16 වන සියවසේ දී මෙය සන්නිවේදනයට එකතු වී ඇති අතර අප සාමාන්‍ය ජීවිතයේදී භාවිතා කර ලබන මාධ්‍යය වන්නේ පංචේන්ද්‍රිය යි. 

සංහතික මාධ්‍යයේ ප්‍රභවය හා විකාශනය මානව ප්‍රගමනයට බලපාන ආකාරය 

ජනමාධ්‍ය සංහතික මාධ්‍ය බවට පරිවර්තනය 

මිනිස් සමාජය පරිණාමය හා විකාශනයත් සමඟ සන්නිවේදන මාධ්‍යන් ද ක්‍රමයෙන් විකාශනය විය. ඒ අනුව මානව සමාජ පරිණාමය යුග හතරක් ඔස්සේ දැක්විය හැක . 

පූර්ව නූතන යුගය 
මධ්‍යතන යුගය 
නූතන යුගය 
පශ්චාත් නූතන යුගය 


මේ රාජාණ්ඩු ක්‍රමයක් පැවැති පූර්ව නූතන යුගයේ දී මානවයාගේ අවශ්‍යතා ඉතා සරල විය. එමෙන් ම අදෘශ්‍යමාන බලවේග පිළිබඳව දැඩිව විශ්වාස කරමින් දේව ධර්ම වාදය ප්‍රචලිතව පැවතුණි. වැඩවසම් ආර්ථික ක්‍රමයක් පවතින මෙම අවධිය තුළ ජන කථා ගැමි නාටක කෝලම් සොකරි ශාන්තිකර්ම වැනි ජන මාධ්‍ය (falk media)පැවතුණි 

පසුකාලීනව ක්‍රමක්‍රමයෙන් සමාජය සංවර්ධනය වීමත් සමඟ ම මානව සමාජය ද ක්‍රම ක්‍රමයෙන් වෙනස් විය. 
ජනග්‍රහනය සීඝ්‍රයෙන් වර්ධනය වීමත් සමඟම එතෙක් භාවිතා කළ සන්නිවේදන ස්වරූප තවදුරටත් ප්‍රමාණවත් නොවුනි. යනු ක්‍රම ක්‍රමයෙන් විවිධ භාෂාවන් බිහි කර ගනිමින් එය හා සම්බන්ධ අක්ෂර මාලාවන් ගොඩනගා ගනිමින් ලිඛිත සන්නිවේදනයට මුල පිරිය. තවද සායි ලූන්  වැන්නන් කඩදාසි සොයා ගැනීම වැනි වැදගත් සොයාගැනීම් ද මෙම යුගයේ දී සිදුවිය. ඉන් පසු යුගය මධ්‍යතන යුගය යි. 
මෙම යුගයේදී ආගම විසින් මානව ක්‍රියාකාරකම් නියාමනය කිරීමේ දී හා හැසිරවීමේ දී දැවැන්ත භූමිකාවක් ඉසිලීය. මිනිසුන්ගේ පාරභෞතික ජීවිතයට සම්බන්ධ යම් යම් ගතිකයන් සහ අභිප්‍රේරණයන් මෙහෙය වන පාලනය කරන සාධකයක් ලෙස කතෝලික ආගම එකල පැවතිණි . සරල නිෂ්පාදන ක්‍රියාවලියක් පැවති මෙම යුගයේදී මුද්‍රිත සන්නිවේදනයට මූලාරම්භයක් ලැබිණි. ඒ ක්‍රි.ව 1447 දී ගුටෙන්බර්ග් විසින් මුද්‍රණ තාක්ෂණය සොයා ගැනීමත් සමගය. (ඇමුණුම-2) මෙසේ ජනමාධ්‍ය යන ක්‍රම ක්‍රමයෙන් ප්‍රසාරණය වන්නට පටන් ගැනිණි . මානව සන්නිවේදනය හැරවුම් ලක්ෂයක් සනිටුහන් වන්නේ මධ්‍යතන යුගයේ සිට නූතන යුගය දක්වා පරිණාමය වීමේ දී ය. එනම් පුනරුද අවධියේ 16 වෙන සත වර්ෂයේ අග භාගයේ සිට  17 වන ශතවර්ෂය ශතවර්ෂය කාලය තුළ විශාල වශයෙන් වෙනස් වෙනස්කම් ලොව පුරා ඇති විය. ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වීමත් සමඟ සරල නිෂ්පාදන මාදිලිය අභාවයට යමින් ඒ වෙනුවට සංකීර්ණ ධනේශ්වර නිෂ්පාදන මාධ්‍යයක් බිහිවන්නට පටන් ගැනුනි. පෙර ආගමකට තිබූ තිබූ තැනම එකල දර්ශනයට විද්‍යාවට හා තර්කයට හිමි විය. ආර්ථික දේශපාලනික වශයෙන් අත්තනෝමතික රාජ්‍ය පාලනය වෙනුවට යම්කිසි යම් කිසි ආකාරයක නිදහස් ලිබරල් හෝ අඩු වැඩි වශයෙන් ප්‍රජාතාන්ත්‍රික ගත ලක්ෂණ ඇති දේශපාලන රාජ්‍යයක් පැවති මෙම යුගයේ චින්තනය මර්දනය කිරීම හා නිදහස් සිතිවිලි විනාශ කිරීම වෙනුවට නව අදහස් ඇති කරන නව චින්තනයන් බිහිවිය. ඒ අනුව රූසෝ ජෝන් ලොක් වෝල්ටෙයාර් ආදී නිදහස් චින්තකයන් සමාජයට ප්‍රවිෂ්ඨ විය. මෙම නූතන යුගයේ ආරම්භයත් සමඟම "සංහතිකත්වය" (massness) යන සංකල්පය බිහි වන්නට විය. මේ කාර්මික විප්ලවය සහ යුරෝපයේ නිෂ්පාදන මාධ්‍යයන්ගේ වර්ධනය විද්‍යාව හා තාක්ෂණ ප්‍රගතිය හා සංස්කෘතික නවෝදය මුල්කරගෙන බිහි විය. මේ සමගම එතෙක් පැවති ජන මාධ්‍යයන් (Falk media) තව දුරටත් ප්‍රමාණවත් නොවීය. එසේ සංකීර්ණ මානව සමාජ පද්ධතියක පද්ධතියක සාම ස්වභාවය ආරක්ෂා කර ගැනීමට නූතන යුගයේ සඳහා නවම මාධ්‍යන්ගේ අවශ්‍යතාවය මතුවිය. එම නව මාධ්‍ය ලෙස "සංහතික මාධ්‍ය" (mass media) සංකල්පය වර්ධනය විය. ඒත් සමගම පුවත්පත සඟරාව මුද්‍රිත මාධ්‍යයන් මෙන්ම රූපවාහිනිය ගුවන්විදුලිය යන විද්‍යුත් මාධ්‍ය ලොවට දායාද විය. යුරෝපයේ සංවර්ධනයේ පැතිකඩයන් සංකල්පීකරණය කිරීමේදී හා න්‍යාය ගත කිරීමේ දී මෙම Mass යන සංකල්පය මතු විය. Mass යන්න ජනයා හෙවත් පුද්ගලයන් නොවේ. එය එකට ඒකරාශී වූ ගොනු ගොනු වූ තමන්ගේ ආත්මය අහිමි කරගත් කරගත් ආත්මය සමාජය කරණයට හසුවූ හසු වූ සංහතියක් හෝඩිය රොත්තක් ලෙස හැඳින්විය හැකිය. මෙම නූතන යුගයේ බිහිවූ masses ට පවතින්නේ මධ්‍යතන යුගයේ සිටි ජනයාට මෙන් යාන්ත්‍රික සබඳතාවක් නො වේ. ඔවුන් ගේ සබඳතාවන් ඓන්ද්‍රිය වශයෙන් එකිනෙකාගේ ක්‍රියාකාරීත්වය අනෙකාට සම්බන්ධ වේ. ජනයා තුළ පුද්ගල වශයෙන් (individual) සිටියත් සහතිකයන් තුළ පුද්ගල සාධකය ඉතා අවම මට්ටමක පවතී. එහි දී වැඩිපුර ඉස්මතු වන්නේ සමූහය (Group)  වේ. පුද්ගලික ගුණාංග අලපීකරණය  වී සංහතික ගුණාංග බහුලීකරණය විය. විශේෂයෙන් සංහතිකයන්  අතර වෙනස්කම් අවම වේ. ඔවුන්ගේ පරිභෝජනය, හැසිරීම්, චින්තනය එකම මට්ටමක පවතී එම නිසා පෙරකී ජනයාගේ සංහතිකයන් සම්පූර්ණයෙන් වෙනස් වේ. සිය තත්වය , ස්ථිර ක්‍රියාකාරීත්වයෙන් පරිබාහිරව තමන් පිළිබඳවම ආ කල්පනය කිරීමට සමත් ය. 

ඒ අනුව අතීතයේ දී  ජනයා එකිනෙකා අතර තොරතුරු හුවමාරු කරගැනීම සඳහා ජානම ගැනීම සඳහා ජනමාධ්‍ය භාවිතා කළ ද පසුකාලීන කාලීනව සමාජ සංකීර්ණයන් ගේ ප්‍රතිඵලයක් ලෙස සංහතික යන සංකල්පය නිර්මාණය විය. එනම් විශාල ප්‍රජාවකට ආමන්ත්‍රණය කරනු ලබන මාධ්‍ය සංහතික මාධ්‍ය නමින් අරුත් ගන්වයි. එනම් අතීතයේදී සන්නිවේදන ක්‍රම සඳහා භාවිතා කළ විවිධ ජන ජන සන්නිවේදන ක්‍රම යනු සන්නිවේදන ක්‍රමයන් වර්තමානයට ප්‍රායෝගික නොවේ . එනම් පූර්ව නූතන යුගයේදී ඇතිවූ Falk song , Falk media , Falk Dance,  Falk drama එනම් ජන ගී ජන කතා ජන නැටුම් ජන නාට්‍ය වලට එහා ගිය පුළුල් වූත් සංකීර්ණ වූත් ප්‍රබල වූත් මාධ්‍ය මාධ්‍ය රැසක් නූතන යුගයේ දී හා පශ්චාත් නූතන යුගයේදී බිහි වී තිබේ . 
සංහතික සන්නිවේදනය හේතුකොට ගෙන සංහතික මාධ්‍ය නිර්මාණය විය. 

මහාචාර්ය විමල් දිසානායකයන් දක්වන පරිදි විසිරී පැතිරී සිටින අති විශාල ග්‍රාහක පිරිසක් වෙත සැනෙකින් ළඟාවීමේ හැකියාව සංහතික සන්නිවේදනය සතු ය. 


කසුනි විජේසිංහ 
⁣ජනමාධ්‍ය අධ්‍යනාංශය 
කොළඹ විශ්වවිද්‍යාලය 

Sunday, 14 November 2021

අසම්මත ⁣පෙම

අසම්මත පෙම

රසක් අග මුතු ඇමිණු අඩසඳක සේයාව 
හිතක් මත පිණි පිපුණ මතක පද ඡායාව 
අසම්මත හිත ඇතුලේ රසක් මත වියරැව 
හිත ඇතුලෙ කටු ඇණින නොදැන නොදැනිව

මලේ රේණු බිඳී විසිරී ගියා  
ගතේ රැහිරැ දැවි දැවී මියැදුනා 
ළබැඳි ඈ තව තවත් අමාවක සඳ වුනා 
ජීවන යාතිකා බැමි බිඳී බොර වුනා 

සිතට සිත නොදැනීව එක සිතක මත් වුනා 
කිරි රැහිරැ ළමැද මැද ගුලි වෙවී බොඳ වුනා
නාඳුනන ආලයට කනකොකා හැඬළුවා 
හිමිදිරියෙ පිපුණ පිණි සැනින් විසිරී ගියා

කසුනි විජේසිංහ 

Saturday, 30 October 2021

රටක් විදියට ආර්ථිකය අතින් ⁣මෙවැනි පසුබෑමකට ලක්වීමට ණය ගැනී⁣ම් ක්‍රියාවලියම කියන්න අපට බෑ

ආර්ථිකය අතින් ශ්‍රී ලංකාව මේ වන විටත් දුෂ්කරතා රැසකට මුහුණ දී තිබෙනවා. ඒ පිළිබඳව සමාජය තුළ විවිධ අදහස් මතිමතාන්තර ඉදිරිපත් වෙමින් ද  පවතිනවා.  මේ ඒ පිළිබඳව බැංකු ක්ෂේත්‍රයේ විධායක නිළධාරියෙක් වන චානුක ජයසිංහ මහතා දැක්වූ අදහස්

ආයුබෝවන් ඔබතුමන්ට
ආයුබෝවන්

ඔබතුමන්ගේ  සම්පූර්ණ නම මොකද්ද?
මහතන්ත්‍රි විදනගේ මලික් චානුක ජයසංක

ඔබේ  සේවා කාලය වසර කීයක්ද සහ මෙම ක්ෂේත්‍රය තුළ ඔබට ඇති අත්දැකීම් මොනවගේද?

දැනට මේ ක්ෂේත්‍රයේ අවුරුදු පහක පමන සේවා කාලයක් කටයුතු කරනව, මගේ සේවා කාලයෙන් වැඩි කාලයක් යොමු වෙන්නෙ  ණය අයකිරීම් අංශය වෙත.

ආර්ථික ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වෙන ඔබ, මෙරට ආර්ථික ක්‍රියාවලිය සම්බන්ධයෙන් දරන අදහස මොනවගේද?
1978 විවෘත ආර්ථිකයකට පිවිසෙන අපි ගෙවුනු දශක තුනක පමණ කාලයක විවිධ පාලකයක් විවිධ දේශපාලන පක්ෂ තුලින් පාලනය වෙමින් අද වෙන විටත් දියුණු වෙමින් පවතින රටක් ලෙස තවමත් ඉදිරියට ගමන් කරන රටක්. රට තුල පවතින ආර්ථික ක්‍රියාවලිය තුල අපිට සතුටුදායක මට්ටමක එය ක්‍රියත්මකවන බවක් අපට පෙනෙන්නට නැහැ.
අපේ රටේ අර්ථිකය විදේශ ණය මත යැපෙන තත්වයක් මේ වන විට දක්නට ලැබෙන්නෙ. ඒ වගේම රට තුල නිශ්පාදනයට වඩා ආනයනය කිරීමට විශාල නැඹුරුවක් පෙන්නනව. මේ කරුණු රටේ ඉදිරි ආර්ථිකයට විශාල ලෙස බලපෑම් එල්ල කරාවි.


කොරෝනා ව්‍යාප්තියත් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වයට දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතිනවා ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ මතය මොකද්ද?

අනිවාර්යෙන්ම කොරෝනා ව්‍යාප්තිය  ලංකාවේ අර්ථිකයට පමනක් නොවේ, ගෝලිය ආර්ථිකයටත් එය විශාල බලපෑමක් එල්ල කලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ නැත්නම් MHF ඇස්තමේන්තු කරන විදියට ගෝලිය අර්ථිකය 4% 4.5 % පමණ පහත වැටී තියනව. ලොකයේ විශාල නිශ්පාදන ආර්ථික තියන රටවල් විදියට ඉතාලිය බ්‍රිතාන්‍ය  වගේ රටවලුත් එයට මුහුන දෙනව. මේ ගෝලිය වශයෙන් එල්ල වන බලපෑම අපිටද රටක් වශයෙන් මේ වන විට එල්ල වෙනව. අපි හැමෝටම දකින්න ලැබෙන විශාල උද්දමනය ඒකට හොදම උදාහරණයක්. සංචාරක ක්ෂේත්‍රයේ දීර්ඝ කාලින පසුබෑම තව තවත් අපේ අර්ථිකය පහලට ඇද යාමට ප්‍රදාන හේතුවක්


කොරෝනා වෛරසය හමුවේ දකුණු ආසියාවේ ආර්ථිකය බරපතළ පසුබෑමකට ලක්ව තිබෙන බව ලෝක බැංකුව අනතුරු අඟවලා තිබෙනවා. ඔබතුමන් සිතන පරිදි ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය එම ක්‍රියාවලියට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවද?

ඔව් අපි කලින් කතා කලා වගේම මේ ගොලීය වශයෙන් පවතින අර්බුදය දකුනු ආසියානු කාලපය ද ඒ අයුරින් ගිලගත්තා. දැන් අපි බැලුවොත් දකුණු ආසියාවේ විශාලම ආර්ථිකය හිමි ඉන්දියාව දිහා, ඉන්දියාව මේ ප්‍රශ්නෙදි මහජන සෞඛ්‍ය හා ආර්ථික වශයෙන් විශාල අර්බුදයකට මුහුන දෙනවා. අපේ රටේ ආර්ථිකයද  මේ වෙලාවේ විශාල අර්ථික පසුබෑමක තියනවා. අපිට තියන ඩොලර් හිඟය මේ කරුනු මනාව පැහැදිලි කරනව. අපිට ආනයන පවා සීමා කිරීමට සිදුවුනා මේ තත්වය මත. මේ වගේ තත්ව තුල අපි තේරුම් ගන්න ඕන අපි රටක් වශයෙන් කොතනද ඉන්නෙ කියන එක, රටේ අපනයන මීට වඩා ශක්තිමක් කල යුතුයි. ඉදිරි ආර්ථික ගමනකට.


ආර්ථික ක්ෂේත්‍රයේ වෘත්තිකයෙකු ලෙස ණය ගැනීම යන කාරණාව රටක් වශයෙන්  දකින්නේ කොහොමද? ණය ගැනීමේ ක්‍රියාවලිය හොඳද?

ඔබ අහනව ණය ගැනිමේ ක්‍රියාවලිය හොදද කියලා, ඇත්තටම මෙම ණය ගැනීමේ ක්‍රියාවලිය ආර්ථිකයක් පවත්වා ගැනීමට අතවශ්‍ය ක්‍රියාවලියක් ලෙස මම හදුනගන්නෙ.
ආර්ථික  නිශ්පාදන ක්‍රීයාවලිය ඉදිරියට ගෙනයාමට මෙය ප්‍රබල සාදකයක්. මහ බැංකුව පසුගිය කාලය තුල ප්‍රතිපත්ති අනුපාත වෙනස් කරමින් මේ ආර්ථික ඉදිරියට ගෙනයාමට අවස්ථා ඇතිකලා. ඒ තුල සුලු හා මද්‍ය පරීමාණ ව්‍යාපාරිකයින් ණය ක්‍රියාවලිය තුලින් තමන්ගෙ ව්‍යාපාර කටයුතු දියණු කිරීමට විශාල නැඹුරුවක් පෙන්නුම් කලා.
මෙතනදි වැදගත් කාරනය තමයි අපි ලබා ගන්න ණය යොදයවන්නෙ කුමක් සදහාද යන්න, අපි රටක් වශයෙන් අද විශාල ණය බරක් දරනව. එතකොට අපිට නැවත හැරිල බලන්න වෙනව ඒ ණය යොදවල තියෙන්නෙ කොතනටද.. අපි ඒ තුලින් ආර්ථික දියුණුවක් ලබලා තියනවද? අද අපේ රටේ ආර්ථිකය මේ වගේ තත්වයකට පත්වෙන්න හේතුවක් වෙලා තියනව මේ තත්වයන්, අපි මේ වන විට රටක් වශයෙන් පරිභෝජනයට පවා ණය ගන්න ත්ත්වයකට පත්වෙලා තියනව. රටක් වශයෙන් අපි ලබාගත් ණය හරි නියාමනයක් විය යුතුයි. කෙසේ නමුත් රට තුල ව්‍යපාරික ක්ෂේත්‍රයෙන් ආර්ථිකයට ලැබෙන දායකත්වයට මේ ණය ක්‍රියාවලිය ඉතාමත්වැදගත්.
ඩොලර්යෙහි අගයත් සමග ණය ගැනීමේ ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික පසුබෑමකට ලක් වීමේ අවදානම මොනවගේද?

සරලවම අපි මේ තත්වය තුල විශාල අවධානමකට ගමන් කරනවා. ඩොලරයේ අගය අපිට පාලනය කල නොහැකි ලෙස ඉහල යනවා. මේ තත්වය වළක්වා ගන්න කෙටි කාලීන හා දිගු කාලින සැලසුම් වලට අපි යා යුතුයි. සංචාරක කර්මාන්තයෙන් මේ සදහා පිළිතුරු සෙවිය යුතුයි. ඒ වගේම ආනයන මත යැපීම සහ අපනයන වර්ධනය කෙරෙහි අපි අවදානය යොමු කරන්න ඕන.

ඇයි ශ්‍රී ලංකාව  තුළ අපනයන කෙරෙහි අවධානය අවම මට්ටමක පවතින්නෙ

මේකට ප්‍රධාන හේතුවක් විදියට දකින්න පුලුවන් අපි අපනයන වැඩි කරන්න දීර්ඝ කාලයක ඉදන් සැලසුම් කරල නෑ, අපි එකම විදියට ඉදිරියට යන්න ගියාම අපිට අනිත් රටවල් වල තරගකාරීත්වයට මුහුන දෙන්න බැරි වෙලා තියනව. විශේෂයෙන් අපි අලුත් තාක්ෂණය උපයෝගී කරගන්න ඕන අපේ අපනයන ආර්ථිකය ශක්තිමත් කරගන්න.
අපි තාක්ෂණය උපයෝගී කරගෙන අපේ නිෂ්පාදන පිරිවැය අවම කරගන්න ඕන, අනිත් රටවල් අපිට වඩා අඩු පිරිවැයකින් නිෂ්පාදනය කරනව නම් අපි ඒකට මුහුන දෙන්න සූදානම් වෙන්න ඕන. අපනයන කෙරෙහි  ව්‍යපාරිකයන් දිරිමත් කල යුතුයි. ඒ සඳහා අදාල අයතනයන් සැලසුම් එක්ක යන්න වෙනව. අනෙක් රටවල් කෘෂිකාර්මාන්තයට යොදා ගන්න තාක්ෂණය අපි තවමත් භාවිත කරන් නෑ. අපනයන අවම මට්ටමක පවතින්න මේ වගේ කරුනු බලපාල තියනව.
ඉදිරියට අපි අපේ ශක්තීන් හඳුනාගෙන ඒ ඒ අපනයන ක්ෂේත්‍රයන්ට ගැලපෙන විදියට සැලසුම් එක්ක කටයුතු කිරීම වැදගත් වේවි.

ඔබතුමන්ට හැඟෙන පරිදි ශ්‍රී ලංකාවේ ආර්ථිකය අතින් පසුබෑමකට ලක් වන්නේ මෙම ණය ගැනීමේ ක්‍රියාවලිය හරහා පමණක්ම ද?

රටක් විදියට ආර්ථික අතින් මෙවැනි තත්වයක පසුවීමට හේතුව ණය ගැනීමේ ක්‍රියාවලියම කියන්න අපට බෑ, රටක් වශයෙන් ලබාගත් ණය අපි හරි ප්‍රතිපත්තියක් ඇතුව යෙදවිය යුතුයි.
අපේ රට නිෂ්පාදන හා සේවා අර්ථිකයක් පිලිබඳව මීට වඩා සැලසුම් සහගතව ක්‍රියාමාර්ග ගත යුතුයි. අපි රටේ සම්පත් වලිනුත් හරියාකර ප්‍රයෝජනයක් ගන්නෙ නෑ. කෘෂිකාර්මික පැත්තෙන් ගත්තත් අපි ඉන්න ඕන තැන නෙමෙයි ඉන්නෙ කියන එක අපිට පෙනෙන්න තියන දෙයක්. ආර්ථික වශයෙන් පසුබෑමක ඉන්නෙ, එදා සිට අද දක්වා අපි ආර්ථිකයට හසුරවපු ආකාරය මේ කරුනුත් එක්ක බලපාල තියනව.


ණය මත ක්‍රියාත්මක වන පරිභෝජන ආර්ථිකයක් තමයි මෙරට ක්‍රියාත්මක වන්නේ , එහිදී ආනයනයට ඇබ්බැහිවීම තුළදී කොරෝනාසමයේ  මෙරට ජනයාට යම් යම් අපහසුතා සඳහා මුහුණ දීමට සිදුවුණා ඔබතුමන්  කොහොමද එම ක්‍රියාවලිය දකින්නේ.

ඔව් අපි අද දවස වන විටත් මේ ප්‍රශ්නෙට මූහුන දෙනව. අපි මේ කරුන දිහා එක උදාහරණයක් අරන් බැලුවොත්, ඇත්තටම අපි සහල් ආනයනය කල යුතු රටක්ද? ඒ වගේ එකින් එක බැලුවොත් අපි මෙතරන් ආනයන මත යැපිය යුතුද යන්න ගැන ප්‍රශ්නාර්ථයක් මතු වෙනවා.
රටේ නිශ්පාදන ආර්ථිකයට ගැන හිතන් නැතුන ආනයන මත තව දුරටත් යැපෙනව නම් මේ වගෙ තත්ත්ව වලට ඉතිරියේදීත් මුහුන පාන්න වෙනවා.

අවසාන වශයෙන් ඔබතුමා වගකීමක් සහිත පුරවැසියෙක් ලෙස මෙරට ජනතාවට දියහැකි උපදෙසක් තිබෙනවද?

ඒක ඇත්තටම ප්‍රශ්නයකට සීමා කරන්න පුලුවන් දෙයක් නෙමේ, රටේ පුරවැසියන් ගත්තොත් එක් එක් අය එක් එක් ක්ෂේත්‍රයන් වල තමයි නිරත වෙන්නෙ. මේ එක් එක් පුරවැසියගෙ වගකීම එකිනෙකට වෙනස් වෙන්න පුලුවන් ,නමුත් වැදගත් වෙන්නෙ මේ හැමෝගෙම එකතුව රටක් විදියට ශක්තිමත් වෙන තැනකට ඉලක්කගත විය යුතුයි. ඒ දේ වෙන්න නම් ඒ සදහා හරි නියාමන යාන්ත්‍රනයකුත් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. දැනට පවතින තත්ත්වයක් එක්ක ගත්තම අපනයන ක්ෂේත්‍රයන් ,සංචාරක කර්මාන්තය, නිෂ්පාදන ක්ෂේත්‍රයන් ඉදිරියට ගෙනියන්න කටයුතු කල යුතුයි. අවසාන වශයෙන් අපි එකිනෙකා තමා තුලින් අවශ්‍ය වගකීම් ඉටුකරමින් එක් අරමුණකට කටයුතු කල යුතුයි. ඒ සදහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම බලධාරීන් සතු වගකීමක්.


                                      🖋සටහන
                                      කසුනි විජේසිංහ

Friday, 24 September 2021

සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය සමාජයේ සමාජ ආර්ථික පසුබිම සහ එහි මාධ්‍ය හා සන්නිවේදන ක්‍රියාවලිය

සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය සමාජයේ සමාජ ආර්ථික පසුබිම සහ එහි මාධ්‍ය හා සන්නිවේදන ක්‍රියාවලිය

සමාජයක් යනු සංකීර්ණ ජන සබඳතා හා ආයතනික රටාවන්ගෙන් ගැවසී ගත් සාරවත් ඒකකයකිග එනම් යම් සමාජ ක්‍රියාවන් හා ඒවායේ ප්‍රතිඵල ලෙසින් ගොඩ නැගී පවතින සංධිස්ථානයේ සමස්ත සමස්ථ සංකලනයකිග මෙම ක්‍රියාවන් හා සබඳතා වල එක්තරා පෙළ ගැස්මක් දැකිය හැකි වේග එම සමාජ සංකූලතා පදනම් කර ගනිමින් සමාජයේ නිර්මාණය වේග අතීතයේ දී ලාංකීය ජන සමාජය තුළ තුලදී භාවිතා කරන දේ සාම්ප්‍රදායික මාධ්‍ය එහිදී සාම්ප්‍රදායික සමාජය තුළදී මිනිසුන් සිය මූලික අවශ්‍යතා පමණක් පරිපූර්ණත්වයට පත්කර ගැනීමට උත්සාහ කර ගැනීමට උත්සාහ ගන්නා ලදීග සාම්ප්‍රදායික ශ්‍රී ලංකා ජන සමාජයේ කැපී පෙනෙන ත්‍රිත්වයක් ලෙස යටත් විජිත යුගයට පෙර යටත් විජිත යුගය යටත් යටත් විජිත යුගයට පසු හැඳින්විය හැකිය.


එම යුගයන් ත්‍රිත්වය අභ්‍යන්තරය ශ්‍රී ලාංකීය සමාජයේ සමාජ ආර්ථික පසුබිම සහ එහි මාධ්‍ය හා සන්නිවේදන ක්‍රියාවලිය අධ්‍යයනය කළ හ සීමාව බිඳවැටීම දක්වා එය ලංකාවට පැමිණි ප්‍රථම ආර්යයන් පිරිස විෂය අතුරු කණ්ඩායම පෙන්නමු විජය පැමිණීමට ප්‍රථම මෙහි මානවයා වාසය කළ බව සඳහන් වේග අනෙක් තොරතුරු නම් රාවණා සම්බන්ධයෙන් ගොඩ නැගී තිබු කතා පුවත්ය එසේම බුදුන් වහන්සේ ලංකාවට තෙවන වරට වැඩම කිරීම සිදු වීම හරහා එකල මෙරට ගෝත්‍ර වශයෙන් ගස් ගල් වන්දනාමාන කරන මිනිසුන් කොට්ඨාස සිටි බව ඓතිහාසික සාක්ෂි හරහා සාක්ෂාත් කරගත හැකියග

එසේම විජයකුමරු මෙරටට පැමිණීමට ප්‍රථම ඉන්දු-ආර්ය සම්ප්‍රදායක් මෙහි පැවති බව සෙල්ලිපි හි සඳහන් වේ. සාම්ප්‍රදායික සමාජය පිළිබඳව තවදුරටත් විග්‍රහ කිරීමේ දී ජනවාස බිහි වීම සහ පඬුවස් දෙව් භද්දකච්චානා යන ආර්යයන්ගේ පැමිණීම සඳහන් කළ හැකිය. 


එහිදී මෙම සාම්ප්‍රදායික සමාජය තුළ මුල් බැසගත් සම්ප්‍රදායන් ඇදහිලි හා විශ්වාස ශූන්‍ය වී යන ලද්දේ මහින්දා ගමනයත් සමඟයග එහිදී මෙරට බුදු දහම පැමිණීම හරහා බෞද්ධ පුනර්ජීවයක් ඇති වියග එතෙක් ගස් ගල් වන්දනා මාන කරන  මිනිසුන් හට ජාතික ආගමක් හිමිවියග එසේම බුදුදහමට අනුග්‍රහය දැක්වීමට රාජත්වය ලබා ගැනීමට හේතුවක් විජය ඉන්පසුව මෙම සමාජ තුල ආර්ය ජනාවාස පරිවර්තනය විය.



ඉන් පසු සංඝමිත්තා තෙරණින් පැමිණීමත් සමඟම ශ්‍රෙි්ණි  සහ කුල ක්‍රමය සාම්ප්‍රදායික සමාජය තුළ මුල් බැස ගන්නා ලදීග කුල ක්‍රමය හරහා රාජකාරි ක්‍රමය ආරම්භ වියග එසේම කලාව ගෘහ නිර්මාණ ශිල්පය සාහිත්‍ය යන සංකල්පයක් දියුණු වීම දියුණුවීම මෙකල ආරම්භ වීයග ඒ හරහා සන්නිවේදන ක්‍රියාවලිය ආරම්භ විය.


 එසේම අක්ෂර කලාව දියුණු වීම හරහා සන්නිවේදනයට රුකුලක් විය. එපමනක් නොව සමාජ ආර්ථිකය පිළිබඳ විග්‍රහ කිරීමේ දී කෘෂිකර්මාන්තය  ආරම්භ වීය. ගමයි පන්සලයි වැවයි දා ගැබයි  යන සංකල්පය පෝෂණය කරන අත්තිවාරම නිර්මාණය වූයේ මෙම කාල වකවානුව තුළ යග මුල් කාලීනව ඉතිහාසඥයන්ගේ මතය වූයේ ඓතිහාසික වශයෙන් සිංහල කුල ක්‍රමය හින්දු කුල ක්‍රමය මගින් බිඳී ආවක් බවයිග බෞද්ධ වංශ කතා වල කතා වල රජ පාර්ශව පිළිබඳව වංශය කුලයින් ගැන ද ඇතැම් අවස්ථාවල චණ්ඩාලයන් පිළිබඳ ව සඳහන්  වියග කුල ක්‍රමය මතවාදයෙන් නිර්මාතෘවරයන් ලෙස සැලකෙන බ්‍රහ්මයන් විටින් විට ලංකාවේ සිටි බවට නොයෙක් උදාහරණ ඇතග කලබලකාරී දේශපාලන පසුතලය යටතේ සංක්‍රමණිකයින් ගෝත්‍ර වන ක්‍රියාකාරීත්වය හා දකුණු ඉන්දීය බලපෑම් නිසා කුලවාදය ක්‍රමයෙන් ලාංකීය සමාජයේ මුල් බැසගන්නට ඇතැයි  එම්ගයුගද සිල්වා පවසයිග (ද සිල්වා 1998 . 76) එහිදී සංඝමිත්තා තෙරණින් ආගමනය පෙන්වා දිය හැකිය.


පැරණි සාහිත්‍ය මූලාශ්‍ර හා සෙල්ලිපි වැනි ඓතිහාසික මූලාශ්‍ර විමසීමෙන් පසුව වත්මන් ඉතිහාසඥයන් වැඩි දෙනෙක් ඉදිරිපත් කර ඇති නිගමනය නම් සිංහල කුල ක්‍රමය ඇතැම් උතුරු හා දකුණු ඉන්දීය බලපෑම් සහිත ව එනමුත් ලංකාවේ සමාජ දේශපාලන පක්ෂ වලට අනුරූප ලෙස ස්වාධීනව වර්ධනය වී ඇති බවයිග (ද සිල්වා 1998 . 147) 


මෙයාකාරයට කුල පදනම ලාංකීය සාම්ප්‍රදායික සමාජය තුළ ගොඩ නැගුණද වඩාත් විධිමත් අයුරින් කුලය පදනම් වූ වැඩවසම් සමාජ ක්‍රමයක් බිහි වූයේ මහනුවර අවධියේ බව පෙනේ රජ මාළිගාවේ හා රාජ්‍යයේ විවිධ අවශ්‍යතාවන් සඳහා සේවාවන් ලබා ගැනීම පිණිස කුල යොදා ගනු ලැබීම මහනුවර යුගයේදී වඩාත් දක්නට ලැබේග සේවා ලබාගැනීම සඳහා ඒ ඒ කුල ”කුල බද්ද” නම් සංවිධානයකට අනුයුක්ත කර තිබුණි උදාහරණ ලෙස කොට්ටල් බද්ද ල බඩහැල බද්දදැක්විය හැකියග (පීරිස් .ල  2001 . 189)  මේ හරහා සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය සමාජයේ සමාජ ආර්ථික පසුබිම විග්‍රහ කළ හැකි යග


එකල කුල ක්‍රමය හා ඉඩම් භුක්තිය අතර කිට්ටු සබඳතාවක් පැවතුණි. වී කුඹුරු භුක්තිය රාජකාරී ක්‍රමයට දේ සිදුවියග කුලහීනයන් තම කුල කාර්යය ඉෂ්ඨ කළේ එම කාර්යය ඉඩම් භුක්තිය වෙනුවට කළ යුත්තක් වශයෙන් සලකා ගෙනයග එකෙක් කුලයෙන් සාපේක්ෂ සමාජ තත්වය පැහැදිලි තත්ත්වය පැහැදිලිව දැක්විණි (යාල්මාන්ල.2004. 106) 


එසේම එකල පැවති රජුගේ සිට වැසියාට එල්ල වන ඒක මාර්ග මාර්ග සන්නිවේදන ක්‍රියාවලියක් පමණි මිහිඳු හිමියන් විසින් මෙරටට ගෙන එන ලද්දේ තේරවාදී බුදු දහමයිග  පසුකාලීනව වළගම්බා රජු දවස මාතලේ අළු විහාරයේ දී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන ලදී.

එහිදී  සන්නිවේදන ක්‍රියාවලිය පිළිබඳ විමසීමේ දී ආගම සංස්කෘතිය සාහිත්‍ය අවශ්‍යතා උදෙසා සන්නිවේදනය අවශ්‍ය වියග අවශ්‍යවිය එම කාලවකවානුව කාල වකවානුවට පෙර මෙරට ප්‍රාග් මානවයා වාසය කරල ද බව කරල ද පුරාවිද්‍යා කැණීම්වලින් හෙළි එහිදී මෙරට ගල්ගුහා පිළිබඳව විමර්ශනයක යෙදුණු බෙල් මහතා සහ ඩී ජී සෙලිග්මාන් ල බෙන්ඩා සෙලිග්මාන් විසින් ඉදිරිපත් කරන ලද දෑ වැදගත් වේග එහිදී ගල් ගුහා දෙවර්ගයක් හඳුනා ගත හැකග එය වැද්දන් විසින් නිර්මාණය කරන ලද ගල් ගුහා සහ ප්‍රාග් මානවයා විසින් නිර්මාණය කරන ලද ගල් ගුහාය. 


එහිදී මහා බ්‍රාහ්මණ සමාජය තුළ දී දක්නට ලැබුණු සාක්ෂියක් වන්නේ කාන්තාවන් ළමුන් සහ වයස්ගත මිනිසුන් වැඩි වශයෙන් ගල් ගුහා තුළ ජීවත් වූ බවයිග හොඳට වැටුණු ශක්තිමත් පිරිමි නිරන්තරයෙන් සිදු කරන ලද්දේ දඩයම් කිරීමයි එම ගල් ගුහා සිතුවම් හි දක්නට ලැබෙන දඩයම් කිරීම විදහාපාන දුණු ඊතල රුවා ගත්  ගත් දඩයම්කරුවන් බැරි ස්වරූප ඇති විවිධ නිර්මාණයන් යග එහිදී අපට විද්‍යාමාන වන්නේ එකල භාවිත සමාජ ජීවන රටාවයි. 


එහිදී ප්‍රාථමික ජන සමාජය සමාජය ට මුද්‍රණය බලපෑම අවශ්‍ය වූයේ ඇයිද ඇයි ද යන ගැටලුව සඳහා කාරණා හතරක් වැදගත් වේග ඒවා නම් ආගමික අවශ්‍යතා ල අධ්‍යාපනය අවශ්‍යතා ල සාහිත්‍ය අවශ්‍යතා එදිනෙදා  ජීවිත අවශ්‍යතාය. 


යටත්විජිත යුගයේදී නූතන මාධ්‍යයන්ගෙන් ආගමනය සිදුවිය. එහිදී එයට පෙර එනම් යටත් යටත්විජිත යුගයට පෙර අවධිය තවදුරටත් විග්‍රහ කිරීමේ දී සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය සමාජය සමාජ ආර්ථික පසුබිම සහ එහි මාධ්‍ය හා සන්නිවේදන ක්‍රියාවලිය වැදගත් වේග


එකල ඉහළ සිට පහළට සන්නිවේදනයක් පැවතිණි පැවැතිණි. රජු විසින් එකල සමාජයෙහි දී බුදුදහමට රාජ අනුග්‍රහය ලබා දිය යුතුය යෙදී ආගම විසින්ද රාජත්වයට අවශ්‍ය සහාය ලබාදීම එකල කැපී පෙනෙන ලක්ෂණයකි. වර්තමානයේ ද එම ලක්ෂණ අඩු වැඩි වශයෙන් දක්නට ලැබේ.


සත්ව ලෝකයේ අන්‍ය ජීවීන්ගෙන් මානව වර්ගයා වෙසෙසා හඳුනා ගැනීමේ මුඛ්‍ය ලක්ෂණය භාෂාවයි. මිනිසාගේ අපරිමිත අනුභූතියට විෂය වන කවර අත්දැකීමක් වුව ප්‍රකාශනය උදෙසා භාවිත වන භාෂාව සංස්කෘතික වූ අර්ථාන්විත සංකේත පද්ධතියකි. එය භාෂණය හා ලේඛනය වශයෙන් දෙවැදෑරුම් වන්නකි. 


ලේඛනය බිහි වනුයේ භාෂණයේ පශ්චාත් ඵලයක් වශයෙනිග භාෂාවේ චිරස්ථිතිය තහවුරු කරන ලේඛනය මානව චින්තනයේ අග්‍රගණ්‍ය සංස්කෘතික ඵලයයිග ලේඛනයේ ආදිතම සාධක පිළිබඳ මතාන්තර විවාදාපන්න වේග බැබිලෝනියාවල මිසරයල ස්පාඤ්ඤය වැනි රටවල ඉපැරණි බිතුසිතුවම්වල නිරූපිත චිත්‍රාක්ෂර ලේඛනයේ ආදිතම ස්වරූපය ප්‍රකට කරන බව පුරාවිද්‍යාඥ මතයකිග පසුව සංකේතාක්ෂරල ශබ්දාක්ෂරල කූඤ්ඤාක්ෂර වැනි අක්ෂර ක්‍රමවේද භාවිත වූ බව සැලකේග එමෙන්ම තවත් මතයකට අනුව මොහෙන්ජදාරෝ හරප්පා ශිෂ්ටාචාරයෙන් හමුවන ක්‍රිගපූග 3000 ට වඩා පැරණි චිත්‍රාක්ෂර විශ්වීය. ලේඛනයේ ප්‍රාරම්භය බවද දැක්වේග ශ්‍රීමත් සර්වපල්ලි රාධක්‍රිෂ්ණ දක්වන පරිදි ජ්‍යෝතිශ්ශාස්ත්‍රයේ සහ මායා ශාස්ත්‍රයේ මෙන්ම ලේඛනයේද ආරම්භය ආසියාවයි.


ඉන්දු යුරෝපීය භාෂා පවුලෙහි ආර්ය හෙවත් ඉන්දු ඓරාණීය ශාඛාගත නූතන ඉන්දු ආර්ය යුගයට අයත් භාෂාවක් වන සිංහලය ප්‍රාකෘත භාෂා සම්භවයකින් යුක්ත වන්නකිග මහා වංශානුගතව ක්‍රිගපූග 06 වන සියවසේ සිදු වූ විජයාගමනයත් සමඟ සිංහල වංශයේ ප්‍රවෘත්තිය මෙරට සංස්ථාපිත වියග සිංහල භාෂාවේ භාවිතය ද එවක පටන්ම සිදු වන්නට ඇති බව සාහිත්‍යමය මූලාශ්‍ර මඟින් පැහැදිළි වේග නමුදු සිංහල භාෂාවේ ලේඛනාත්මක සාධක ප්‍රාථමිකව හා ස්ථාවරව ප්‍රකට වනුයේ මහින්දාගමනයෙන් පසුව ඇති වූ සංස්කෘතික ප්‍රබෝධයත් සමඟයග


ක්‍රි.පූ 03 වන සියවසට අයත් ලාංකේය පුරා ලේඛනයන්හි ආදිතම සාධක පිරික්සීමෙන් ප්‍රකට වනුයේ මෙම අක්ෂර බ්‍රාහ්මී අක්ෂර හෙවත් අශෝකාක්ෂර හා සාමිප්‍ය බවයිග බ්‍රහ්ම දේශයේ හෙවත් බ්‍රහ්මාවර්තයේ ඇති වුණු හෙයින් බ්‍රාහ්මී නම් වූ මෙම අකුරු ක්‍රමයෙන් දියුණු වී මනුෂ්‍යයාගේ පැතිරීමත් සමඟ ඒ ඒ රටවලට සංක්‍රමණය වී යෑයිද කලින් කල රටින් රට ඒ අක්ෂරවල ස්වරූපයද වෙනස් වීමෙන් නා නා ප්‍රකාර අක්ෂර විශේෂ ඇති වී යෑයිද පුරාවිද්‍යා මතයයිග සිංහලය ද එවැන්නක් බැව් විල්හෙල්ම් ගෛගර් විසින් ආදි සිංහල භාෂාව සිංහල ප්‍රාකෘත විශේෂයක් යෑයි හැඳින්වීමෙන් පෙනේ.


පුරාවිද්‍යාඥ මතයනට අනුව මානව ඉතිහාසයේ මූලාරම්භයේ පටන්ම මිනිසා භාෂණයට අමතරව විවිධ ලි‘ත ක්‍රම භාවිත කළ බවට ක්‍රිගපූග 03 වන සියවසට එහා ගිය සාධක ලංකාවෙන් හමු වන බව සඳහන් වේ.


පුරා ශිලා යුගයට තරම් ඈතට දිවෙන ලේඛන කලාවක් පිළිබඳ අවිධිමත් තොරතුරු එහි දක්නට ලැබෙන බව සඳහන් වේග දැදුරු ඔය මධ්‍ය නිම්නයේ පිහිටි අරන්කැලේ සහ ගනේවිහාර යන පුරා විද්‍යා ස්ථානවල තිබූ ගල් ලෙන් සහ තවත් එබඳු ස්ථාන කිහිපයක චිත්‍ර සටහන් හමු වී ඇත. එමෙන්ම දොරවක කන්ද කැණීමේදී නව ශිලා යුගයට අයත් සංකේත රූප හමු වී ඇත. එමෙන්ම ප්‍රොටෝ ඓතිහාසික යුගයේ බවට අනුමාන කළ හැකි මුද්‍ර සහිත වළං කැබලි හමුවීමෙන්ද පැරණි තඹ කාසිවල දැක්වෙන සංකේත නිරූපණයෙන්ද ලේඛන කලාවක ප්‍රාථමික අවස්ථා ලාංකේය ප්‍රාග් ශිෂ්ටාචාර යුගයේ පැවති බව පෙනේ.


කෙසේ වතුදු සිංහල ලේඛන කලාව පිළිබඳ ප්‍රත්‍යක්ෂ සාධක හමු වනුයේ මහින්දාගමනයත් සමඟ රචිත පුරා ලිපි මඟින් ඇරඹි ලේඛන සම්ප්‍රදායය තුළයග ශිලා පුවරු හා මැටි පුවරු වැනි ස්ථාවර මාධ්‍යයන් හැරුණු කොට සිංහල ලේඛනය උදෙසා භාවිත ජංගම මාධ්‍යයන් වනුයේ තල් කොළල ලී පතුරුල වළංල තහඩුල උණ පතුරුල රෙදිල වැටකේ සහ ගඩොල් ආදියයිග මෙයිනුදු පෘතුගීසි සමයේ මුද්‍රණ කර්මාන්තය ඇරඹෙන තුරු ලංකාවේ බහුල ව්‍යාප්ත ලේඛන මාධ්‍යය වූයේ තල් කොළ ආශ්‍රයෙන් නිර්මිත වූ පුස් කොළ ලේඛනයයි.


එකල සාම්ප්‍රදායික සමාජයේ සන්නිවේදන ක්‍රියාවලිය සඳහා දායක වූ එක් මාධ්‍යයක් ලෙස පුස්කොළ පොත් ලේඛන කලාව හැඳින්විය හැකිය.


මලයානම් භාෂාවෙන් ඕනා ලෙස හඳුන්වනු හදුන්වනු ලබයි. මෙහි ඉතිහාසය වළගම්බා රජ දවස දක්වා දිවයයි පුස්කොළ පොත යනු වැලිපිල්ලේ අකුරු ලිවීමේ කලාව තවදුරටත් දිගු වීමකි භානක පරපුර මුඛ පරම්පරාගතව පැවත ගෙන ආ ථෙරවාදී බුදු දහම මාතලේ අලුවිහාරයේ දී ග්‍රන්ථාරූඩ කරන ලදී. එලෙස ග්‍රන්ථාරූඪ කිරීම සඳහා සඳහාද මෙම පුස්කොළ පොත් යොදා ගන්නා ලදී.


එපමනක් නොව නක්ෂත්‍රය සටහන් යන්ත්‍ර මන්ත්‍ර ආයුර්වේද බුද්ධ දේශනාවන් රාජ්‍යත්වයට අදාළ තොරතුරු සංරක්ෂණය කිරීම සඳහා පුස්කොළ පොත් ලේඛන කලාව භාවිතා කොට ඇතග උතුරු ඉන්දියාවේ මේවා නිර්මාණය කිරීම සඳහා කුජ පත්‍ර නමින් හඳුන්වන ලද ශාක විශේෂක් භාවිතා කර ඇතග එය පී ඩී එෆ් වීරසූරිය මහතා එතුමා විසින් රචිත ලේඛන පුරාණය යන කෘතිය සඳහන් කර ඇත.


තවද ඒවා නිර්මාණය කිරීම අතීතයේදී වැටකෙයියා ශාක පත්‍ර යොදාගෙන ඇතග එසේම පුද්ගල පුතා තිබෙන වාර ගණන අනුව විවිධාකාරයේ විවිධාකාරයේ නිර්වචන සන්නිවේදන ඉදිරිපත් කර ඇතග :ගුරුවරැන් හට වාට හයකි  ල  රජුනට වට හතකි ල විරසක පුද්ගලයිනට වට එකකි*


චුල්ලවග්ග විනය පොත පැරණිතම පුස්කොළ පොත වේ පොත වේග එම පොත ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇතග විජය කුමරා විසින් මදුරා පුරයට අසුන වීමේ දී වීමේ දී හසුන් භාවිතා කර ඇත ඒ සඳහා මෙම තල් පත් භාවිතා කොට ඇතග එසේම පණ්ඩුකාභය රජු හට අභය රජ්ජුරුවන් විසින් මෙවැනි එක හසුන්පත් ලියා එවා ඇති බව ඉතිහාසය පිරික්සීමෙන් වටහා ගත හැකියග මෙරට පැමිණ තිබූ පුස්කොළ පොත වන්නේ දඹදෙණි යුගයේ ලියා ඇති විසුද්ධිමාර්ග සන්නස බව ඇතැම් කෘති තුළ සඳහන් වේග එම පුස්කොළ පොත් වහන්සේ වසර අටසියක් පැරණිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාපීඨයෙහි එය ආරක්ෂිතව පවතීග එය අතීතයේදී මෙන් වර්තමානයේ පුස්කොළ ලේඛණ කලාව ව්‍යාප්ත ව පවතින්නේ නැතග

පොත් කම්බාරි පුස්කොළ පොතක නිමාව විචිත්‍රවත් වන්නේ කම්බා යුගලයෙනිග පිට කවරයක් ලෙසට භාවිත වන එය පුස්කොළ පොතට අලංකාරයක් සේම ආරක්ෂාවක්ද සපයයිග මේ සඳහා බොහෝවිට දැව භාවිත කළද සතුන්ගේ හම්ල ඇත් දත්ල රන්ල රිදීල පිත්තලල වැනි ද්‍රව්‍යයන්ගෙන්ද නිර්මාණය වනු දක්නට ලැබෙයිග පාරම්පරික මෝස්තරල කැටයම්ල සැරසිලි ක්‍රම සහ වර්ණ ගැන්වූ විචිත්‍රවත් චිත්‍රවලින් පොත් කම්බාව අලංකාර වනු දක්නට ලැබෙයිග එසේම සමහර පුස්තකයන්හි වටිනා මැණික් වර්ග ඔබ්බවා කළ කම්බාවන්ගෙන් ඒ ඒ පොත්වල වටිනාකම තීව්‍ර කිරීමට ශිල්පීහු උත්සාහ කළ බවක්ද පෙනෙයිග

මිනිසා තම දැනුම සංරක්ෂණය කිරීම උදෙසා භාවිත කළ ප්‍රධානතම ක්‍රමවේදය ලේඛනයයිග පාරිසරික සාධක මත එක් එක් භාෂාගත ලේඛනයන්හි මාධ්‍යයන් විවිධ වියග ඒ අතර ඉන්දියාවල ලංකාවල බුරුමයල තායිලන්තය වැනි ඝර්ම කලාපීය රටවල මේ සඳහා භාවිත කළ ප්‍රමුඛ මාධ්‍යය වූයේ තල සහ තල් වෘක්ෂ පත්‍රයිග ලේඛන කාර්යයේ දී තල කොළය හඳුන්වන්නේ පුස් කොළය නමිනිගිපුස් කොළය‘ පිළිබඳව වියතුන් විවිධ අදහස් පළ කරනු ලැබෙයිග ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයේිපුස්‘ යන ධාතුවට අර්ථකතන සපයනුයේිකිසිවක් නොලියන ලද හිස් තල් කොළය‘ යනුවෙනිග


ර්‍ණපුස්කොළ පොත් ලිවීමේ කාර්යය සඳහා ලබා ගනු ලබන ද්‍රව්‍යය තල ගොබයයිග පත්‍ර අසූවක් සියයක් පමණ ඇති තල ගොබයේ එක් එක් පත්‍රයේ ඉරටුව ඉවත් කොට කොළය දැවටුමක් ලෙස ඔතනු ලබේග එමිදැවටුම‘ ලොකු දිය හැලියක තබා පැය කිහිපයක් මද ගින්නේ තම්බනු ලැබේග ඒ අරුතින් තැම්බූ කොළය පිසූ කොළයල පුස් කොළය වන්නට ඇතැයි සිතන්නට කිසිවකු පෙළඹෙන්නට බැරි නැතග ර්‍ණ


පිස දැමීමෙහි හෙවත් පිරිසිදු කිරීමාර්ථයේදිපුස්‘ යන්න යෙදෙන බවට මතයකිග එමෙන්ම කිසිවක් නොලියූ හෙයින් හෝ අපිරිසිදු දෑ ඉවත් කොට පිරිසිදු කරන ලද හෙයින්ිපුස්‘ යන්නට හිස් යන අර්ථයද හිමි වන බව සඳහන් වේග 19 වන සියවසේ මුල් භාගයේ සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂය සැපයූ බෙන්ජමින් ක්ලප් දේවගැති තුමා පුස්කොළය යන්නට අර්ථ දක්වන්නේිලිවීමට හෝ උල් කටුවෙන් සිරීමට පිළියෙල කරගන්නා හිස් කොළය‘ යන්නයිග


පුස්කොළ ලේඛනය පිළිබඳ ආදිතම සාධක හමුවනුයේ දෙවනපෑතිස් සමයේ සිදු වූ මහින්දාගමනයෙන් පසුවයග ශ්‍රී මහා බෝධි ශාඛාගමනයේදී සිදු වූ අටළොස් කුලයන්ගේ සම්ප්‍රාප්තියේදී ග්‍රන්ථකරණයේ විශේෂඥයින්ද මෙරටට පැමිණෙන්ට ඇති අතර පුස්කොළ ලේඛන සම්ප්‍රදායයද ඒ හරහා ආරම්භ වන්නට ඇතග ආදියේ පටන් මුඛ්‍ය වශයෙන් බෞද්ධාගමික ධර්ම පරිවහනයෙහි ලා උපයුක්ත වූ පුස්කොළ පොත් ලේඛනය පිළිබඳ මූලිකත්වය දැරුවේ භික්ෂූන් වහන්සේලායග


ර්‍ණආදියේ සිංහල රජුන් සන්නස් දීම සඳහා බෙහෙවින් ගත්තේ තල් පතයිග එහෙත් නිශ්ශංක මල්ල රජතුමා එබඳු දීමනාවක් සඳහා තල්පත නොමනා යෑයි කියා රන්ල රිදීල තඹ ඈ පත් භාවිතය ඇරඹීයග තල්පත වේයන් මීයන් කන හෙයිනුත් සන්නස ලබන්නාට වැඩි සැලකිළි දැක්විය යුතු හෙයිනුත් එසේ කිරීම මනා බවයි රජුගේ හැඟීම වූයේග ර්‍ණ


මහනුවර යුගයේ දී එනම් කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේ දී පන්හිඳල විජිනිපත් වැනි භාණ්ඩ භික්ෂූන්ට පූජා කළ බවත් නරේන්ද්‍රසිංහ රජතුමා නියමකන්ද විද්‍යාස්ථානය පිහිටුවා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයටම තුන් මසකට වරක් පොත් ලිවීම සඳහා පුස්කොළ පන්සියය බැගින් සැපයූ බවත් කාන්තාවන්ගේ සහායද මේ සඳහා ලැබුණු බවත් ඉතිහාසයේ සඳහන් වේග මෙලෙස ලාංකේය ලේඛන කලාවේ ප්‍රමුඛ මාධ්‍යය වූ පුස්කොළ පොත් ලේඛනය ලන්දේසි යටත් විජිත සමයේදී මුද්‍රණ කර්මාන්තය ඇති වීමත් සමඟ යල් පැන ගිය සම්ප්‍රදායයක් ලෙස අක්‍රීය වියග පුස්කොළ පොත් නිර්මාණකරණය සහ ලේඛනය උදෙසා පුස් කොළය සකස් කර ගැනීම සංකීර්ණ ක්‍රියාවලියක ප්‍රතිඵලයකිග ශාස්ත්‍රානුකූල ක්‍රියාවලියක් වන තල පත්‍ර සකස් කිරීම හා දේශීය වූ සංස්කෘතික ලක්ෂණ නොමදව බද්ධ වී ඇතග තත් ක්‍රියාවලිය මෙසේ පටිපාටිගත කළ හැකියග


තවද එකල සන්නිවේදනය කරන ද තවත් ආකාරයකි සීගිරි කුරුටු ගීත මුල් මුල්කාලීනව ප්‍රබෝධ පරිහරණය කිරීමට පමණක් නිර්මාණය කරන ලද සීගිරි කුරැටු ගීත  පසුකාලීනව සාමාන්‍ය හුදී ජනයාට  අධ්‍යනය කිරීමට පහසු වන ආකාරයට රචනා කරන ලදීග 1956 දි සෙනරත් පරණවිතාන මහතා එම සීගිරි කුරුටු ගීත පරිවර්තනය කර ලදීග ක්‍රිස්තු වර්ෂ 473 සිට 491 දක්වා රජ කළ මහා කාශ්‍යප රජ සමයේ දී කල සීගිරියේ චිත්‍ර පසුව ජගත් පූජිත කලා නිර්මාණ බවට පත් වියග සීගිරිය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සුවිශේෂ ස්ථානයක් ගනු ලබන අතර ම සිංහල සාහිත්‍යය හා භාෂාව ගැන කතා කරන විට සුවිශේෂ ස්ථානයක් සීගිරි කුරුටු ගීවලට හිමි වේග මෙම ගීවලින් බොහොමයක් 8ල 9 හා10 වැනි සියවස්වලට අයත් වේග සීගිරි ගී ලියා ඇත්තේ සීගිරියේ කැටපත් පවුර මත යග


පැරණි සිංහල සාහිත්‍යය අතුරින් විශිෂ්ට කවීත්වයක් හා අපුර්ව ප්‍රතිභා ශක්තියක් සීගිරි ගී තුළින් පිළිබිඹු වේග මේ තුළින් එකළ කවීන්ගේ අව්‍යාජ කවීත්වය හා අනූන ස්වාධීනත්වය හෙළි වේග මතුපිටින් පෙනෙන අදහසට වඩා ගැඹුරු අදහසක් මෙම ගී තුළින් මතු වේග සීගිරි ගී බොහොමයක් අපුර්ව චමත්කාරයක් ද විශිෂ්ට කවීත්වයක් ද ඉමහත් ප්‍රතිභා ශක්තියක් ද ගැබ් වී ඇතග සීගිරි බිතුසිතුවම්වලින් විචිත්‍රණය කොට ඇති කතුන් ද අවට පරිසරය ආදී විවිධ තේමාවන් ද යොදා ගෙන මේ ගී රචනා කොට ඇතග මෙකල කවීන් තම සිත් තුළ පහළ වූ අදහස් කෙටි කොට පිඬු කොට දක්වා ඇත්තේ සීගිරි කැටපත් පවුරේ ගී ලිවීම අතිශයින් ම දුෂ්කර හෙයිනිග කවිය පිළිබඳ මහා පරිචයක් කාව්‍යකරණයේ ඉමහත් හැකියාවක් හා භාෂා පටුත්වයක් මින් හෙළි වේග ව්‍යංගාර්ථයෙන් හා වක්ක්‍රෝක්තියෙන් ද පිරිපුන් ගී විශේෂයක් ලෙස සිගිරි ගී හැදින්වේග


මෙම සිගිරි ගීවලින් වැඩි කොටසක් ම ගීති නම් ඡන්දස් අලංකාරවලින් රචනා කරන ලද පද්‍ය යයිග යහ ගී පියුම් ගී මත්වල ගී කව් ගී උමතු ගී දුවඟ ගී යොන් ගී ආදී විවිධ විරිත්වලින් බැඳි මේ සීගිරි ගී පද්‍ය සංහ්‍රයක් ලෙස විභාග කර බැලිය හැකග එසේ සීගීරි ගී රචකයෝ තමන් ලියූ ගීවලට යටින් තමන්ගේ නම් ගොත් හා ග්‍රාම නාම සඳහන් කළහග තවෙකෙක් සිය නාමය යෙදීමට ප්‍රථම තම රැකියාව පවා සඳහන් කර ඇතග මෙසේ රචිත වූ සීගීරි ගී මෙරට විශිෂ්ට පුරා විද්‍යා ඉතිහාසඥයකු වන සෙනරත් පරණ විතාන ශුරීන් දශක දෙකක පමණ කාලයක් තුළ කියන සීගීරි ගී 685න් මුද්‍රණය කොට ඇතග

එපමණක් නොව එකල බහුල වශයෙන් සන්නිවේදනය සඳහා යොදාගන්නා ද තවත් අංගයක් වන්නේ තල්පත් වෙනුවට රන්පත් රිදී පත් තඹ පත් භාවිතා කිරීමයිග වල්ලිපුරම් රන්පත වන්නේ දැනට සොයාගෙන ඇති පැරණිතම රන්පත වේග ශුද්ධ වූ ලේඛනයක් රන්පත් හි එහි ගැබ් කොට ඇත තවදුරටත් නිදසුන් ලෙස පනා කඩුව තඹ සන්නස හැදින්විය හැකියග


සාම්ප්‍රදායික ජන සමාජයේ තවදුරටත් යොදා ගන්නා ලද සන්නිවේදන අංගයක් වන්නේ සෙල්ලිපි කලාවයිග මෙම සෙල්ලිපි බ්‍රාහ්මිය අක්ෂර යොදාගෙන නිර්මාණය කර ඇත මෙම සෙල්ලිපි වර්ග ගණනාවකි එනම්  ලෙන්ලිපි ගිරිලිපි පුවරුලිපි ටැම්ලිපි දැක්විය හැකියග ලෙන් ලිපි උදාහරණ ලෙස  රිටිගල මිහින්තලේ දැක්විය හැකියග ඒවා ලෙන් දොරටුවෙහි හා ලෙන් කටාරම් එහි නිර්මාණය කර ඇතග ගිරි ලිපි යනු විශාලතම පිහිටි ගල් පර්වත වල ලියන ලද ලිපි වේග නිදසුන් ලෙස තෝරගෙන දඹුල්ල සිතුල්පව්ව අම්පාර රජගල රජ කළ දැක්විය හැකියග


පුවරුලිපි හරහා බ්‍රාහ්මී අක්ෂර කලාවේ වර්ධනය සිදු විය සිදුවියග ඒ තුළ ප්‍රභූන්ගේ තොරතුරු නිර්මානාත්මක දේවල් අන්තර්ගත වේග නිදසුන් ලෙස මිහින්තලය පුවරු ලිපිය හඳුන්වා දිය හැකියග

එලෙසම ටැම් ලිපි සහ ආසන ලිපි දැක්විය හැකි යග ටැම් ලිපි යනු ගල් කණු ආශ්‍රය කරකණු ආශ්‍රය කර ගනිමින් නිර්මාණය කරන ලද සෙල්ලිපි විශේෂයකි නිදසුන් ලෙස බදුලු ටැම්ලිපිය කොන්ඩුවටුවාන බුද්ධංගල හෙළ ටැම් ලිපි දැක්විය හැකි ය ආසන ලිපි යනු මල් ආසන ආශ්‍රය කොට ගනිමින් නිර්මාණය කරන ලද සෙල් ලිපි විශේෂයකිග

මේ සෙල්ලිපි තුළ වැඩි වශයෙන් අන්තර්ගත වෙන්නේ වීම වැනි බෞද්ධාගමික තොරතුරුයග උදාහරණ ලෙස සිව්වනක් පිරිසගේ තොරතුරු විවිධ විහාරස්ථාන සම්බන්ධ තොරතුරු සිරිත් විරිත් පුද පූජා ආදිය පිළිබඳ තොරතුරු ආරාම පරිපාලනය කිරීම පිළිබඳව තොරතුරු ඇතුලත් වේග බදුලු ටැම් ටැම් ලිපිය නිර්මාණය කොට ඇත්තේ වෙළෙඳ අරමුණක් උදෙසා යග


තව දුරටත් විවිධ යුගයන් වලදී වලදී ලියැවී ඇ දී ලියවී ඇති පොත්පත් සාම්ප්‍රදායික සමාජය තුල සන්නිවේදනය ක්‍රියාවලිය පිළිබඳව විදහා පාන අපූරු අංගයන් යග අනුරාධපුර යුගයේ පිළිබඳව කතා කරන විට දීපවංශය සියවස  කර සිංහල අට්ඨකථා ධම්පියාඅටුවාගැටපදය මහාවංශය වැනි පුස්තකයන් හඳුන්වා දිය හැකග පොළොන්නරු යුගයේ පිළිබඳව කතිකා කරන විට ද්‍රවිඩ ආක්‍රමණ ඇරඹෙන්නේ මෙම කාල වකවානුවේ තුළයග දඹදෙණි යුගයෙහි දී කවිසිළුමිණ සද්ධර්ම රත්නාවලිය වැනි කෘතීන් හඳුන්වා දිය හැකි යග ගම්පොළ යුගය වන විට මයුර සන්දේශය තිසර සන්දේශය සද්ධර්මලංකාරය වැනි එසේම කෝට්ටේ යුගය වන විට  සිංහල සාහිත්යය ඉතිහාසය සාහිත්‍ය ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස එම යුගය හැඳින් වේග


එහිදී සාම්ප්‍රදායික ලංකා සමාජය තුල මිනිසළ මිනිසුන් විසින් ආගම සන්නිවේදනය කිරීම සඳහා ද නිර්මාණාත්මක නිමැවුම් නිර්මාණය කිරීම සඳහා ද සඳහා ද දේශපාලනික සන්නිවේදනය සඳහා ද මිනිසුන් තමන්ගේ එදිනෙදා ජන ජීවිතය හසුරුවා ගැනීම සඳහා ද මෙම සන්නිවේදන ය භාවිතා කොට ගෙන ඇතග ඒ සඳහා ඉහත සඳහන් කරන ලද කාරණාවන් වැදගත් වේ. 


වි⁣ජේසිංහ ඩබ්.ඒ.කේ.එන් 

University of colombo 




Saturday, 21 August 2021

අද්‍යතන වසංගත තත්වයන් හමුවේ සාම්ප්‍රදායික දැනුම හා මිත්‍යාව

අද්‍යතන වසංගත තත්වයන් හමුවේ සාම්ප්‍රදායික දැනුම හා මිත්‍යාව 


මිනිසා කාර්මික විප්ලවයට පෙර යුගය තුළදී ආධ්‍යාත්මක සංකල්පය උදෙසා නැඹුරු වී සිටි අතර සහ කාර්මික විප්ලවය නැගීමත් සමගම පුනරුදය මගින් මිනිසාගේ සිතීමේ අවකාශය පෘථුල විය. කාල් යාමේදී විද්‍යාව සහ  තාක්ෂණයේ දියුණුවත් සිදුවූ පෙරළියත් සමගම විද්‍යාඥයන් පර්යේෂකයින්ගේ විවිධ පර්යේෂණ සහ අත්හදා බැලීම් ක්‍රමවේදයන් මගින් වෛද්‍ය විද්‍යාව තුළ දැඩි ලෙස වෙනස්කම් රැසක් සිදු වීම දක්නට ලැබේ. එහිදී එක් එක් සංස්කෘතියට එක් එක් රාජයන්ට ආවේණික වූ දේශීය වෛද්‍ය සම්ප්‍රදාය මගින් ගොඩනැගුණු සාම්ප්‍රදායික දැනුම අභියෝගයට ලක් වීමක් සිදුවිය. 



වසංගත තත්වයන් ආරම්භ වීමත් සමඟම මිනිසා මෙම ක්‍රම ද්විත්ව ඔස්සේම එම වසංගතයට අදාළ ප්‍රතිකාර අපේක්ෂාවෙන් පෙළුනු අතර කෙසේ වෙතත් මෙම කොරෝනා වසන්ගතය මැඩපැවැත්වීමට අදාළ නිශ්චිත ඖෂධයක් තවමත් සොයාගෙන නොමැත. සොයා ගනු ලැබූ ඖෂධයන් ද මගින් සිදු වන්නේ වසංගතය පාලනය කිරීමක් පමණි. 



ඉංග්‍රීසි වෙදකම තුළ  කොරෝන වසංගතය මැඩපැවැත්වීමට  අදාල ඹෟෂධ රැසක් සොයා ගනු ලැබූ අතර  එම එන්නත් කරන ක්‍රියාවලිය මගින් සිදුවන්නේ වසංගත තත්වය පාලනය කිරීමක් පමණි. මෙම වසංගතය ලෝකයේ ව්‍යාප්තියත් සමග ම එය ලෝක ව්‍යාප්ත වසංගතයක් බවට පත් වී ඇත.  ව්‍යාප්ත වසංගතයක් ලෙස හඳුන්වන්නේ රාජ්‍යයන් ගණනාවකම එකම අවස්ථාවේ පැතිර යන රෝගයකි. කොරොනා වෛරසය පැතිරයාම ලෝක ව්‍යාප්ති වසංගතයක් (pandemic) බවට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත. 


මෙම වසංගත තත්වයන් හමුවේ ආසියාතික රාජ්‍යයන් (Asian Countries)  පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වනුයේ දේශීය වෛද්‍ය ක්‍රම සහ සාම්ප්‍රදායික දැනුම පදනම් කර ගනිමින් රෝගයට ප්‍රතිකාර කරනු ලබන රාජයන් හඳුනා ගැනීමට ලැබීම ය. විශේෂයෙන් ම සාම්ප්‍රදායික දැනුම තුළ රෝගය පාළනය කළ හැකි ක්‍රම හඳුනා ගැනීමට හැකියාව ලැබේ. නමුත් එමගින් ද වෛරස කෙතරම් දුරට මැඩ පැවැත්විය හැකිද යන්න ගැටුමක් ඉස්මතු වී තිබේ. 

සොයාගන්නා  ලද  දත්තයන් අනුව පැවසිය හැක්කේ මෙම සම්ප්‍රදායික දැනුම මගින්ද සිදු වන්නේ වසංගත තත්ත්වයන් පාලනය කිරීම හරහා මිනිසාගේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ඉහළ දැමීමක් සිදු වන බවයි. 

විවිධ බෙහෙත් කැඳ පාන වර්ග මගින් මිනිසාගේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ඉහළ නැංවීමට අදාළව සාම්ප්‍රදායික දැනුම මගින් ප්‍රතිකාර සිදු කරනු ලබයි. 

කෙසේ වෙතත් මිනිසාගේ මෙම අධ්‍යතන  වසංගත තත්වයන් හමුවේ ඇතැම් අවස්ථාවන්හිදී අසරණභාවයට ලක්වීමේ ප්‍රතිඵලයක් ලෙස අන්ධ භක්තිකයෙක් ලෙස ක්‍රියා කරන ආකාරය හඳුනා ගැනීමට ලැබී ඇත. නවීන විද්‍යාත්මක ක්‍රම ඔස්සේ වසංගත ක්‍රියාවලියට අදාළ ප්‍රතිකාර සොයා ගනු ලැබුවද දේශීය වෛද්‍ය  ප්‍රතිකාර මඟින් ම වසංගතයට පිළියම් සොයා ගනු ලැබුවද මිනිසා තවමත් පෙර තිබූ ගල් යුගය තුළම එල්බ ගෙන සිටින මානසික මට්ටමක ක්‍රියා කරනු ලබන ආකාරය පෙනී යයි. 

මෙලෙස මිනිසා මිත්‍යාව පසුපස හඹායන්නේ ඇයි ද යන වග ප්‍රශ්න කිරීමට කාලය එළඹී තිබේ.  විශේෂයෙන්ම පසුගිය කාල වකවානුව තුළ ඉන්දියාවේ කොව්ඩ් 19  වෛරසයක් ආරක්ෂා වීම සඳහා ඇතැම් ජනයා ගවයින්ගේ මළ සහ මුත්‍රා ශරීරයේ තවරා ගැනීම සහ භාවිතා කිරීම හැඳින්විය හැක. 

එහිදී වෛද්‍යවරුන් සදහන් කර ඇත්තේ කොව්ඩ් වෛරසයෙන්  ආරක්ෂාව ලැබීම සඳහා  සිදු කරනු ලබන එවැනි ක්‍රියාවන් හි දී කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බවයි.


 බටහිර ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ ඇතැම් පුද්ගලයින් සතියකට වරක් ගව ගොම හා මුත්‍රා මළ මගින් සිරුර ආවරණය කර ගැනීමට ගවගාල් වෙත යන්නේ  එය ඔවුන්ගේ ප්‍රතිශක්තිය ඉහළ නංවනු ඇතැයි බවට සහ කොරෝනා වෛරසයෙන් සුවය ලබා ගැනීමට උපකාරී වනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි. 


එමගින් මිනිසා තුළ තුළ අන්තර්ගත වනු ලබන මිත්‍යාව සහ ගෝත්‍රික මානසික චර්යාවෙන් මුදවා ගැනීමට අධිකාරිත්ව යක් සහිත මැදිහත්වීමක් අවශ්‍ය වනු ඇත. 

කොව්ඩ් ව්‍යාප්තිය සඳහා විකල්ප ප්‍රතිකාර ලබා ගැනීමට එරෙහිව ඉන්දියාවේ සහ ලොව පුරා සිටින වෛද්‍ය විශේෂඥයන් විසින් නැවත නැවතත් අනතුරු අඟවා ඇත්තේ මිත්‍යා විශ්වාස ව්‍යාජ ඖෂධ සඳහා නැඹුරු වීම මගින් වෙනත් රෝග තත්ත්වයන් හෝ අතුරු ආබාධ ඇති විය හැකි බවයි. එසේම කොව්ඩ් 19  වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිය ඉහල නැංවීම සඳහා ගවමළ හෝ මුත්‍රා ක්‍රියාකරන බවට ස්ථිර විද්‍යාත්මක සාක්ෂි නොමැති බවත් මෙමගින් වෙනත් රෝග සතුන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වීමට හැකියාවක් ඇති බවත් වෛද්‍යවරු පෙන්වා දෙයි. 

විශේෂයෙන්ම මෙරට කොරෝනා සුව කිරීම සඳහා වෛද්‍ය එලියන්ත වයිට් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද ගංගාවලට පැන් කල දැමීම මිත්‍යා සහගත ක්‍රියාවකි. එහිදී මෙරට සිටි ප්‍රධාන පෙළේ මැති ඇමැතිවරුන් විසින් එම එවන් කටයුතු සඳහා දායකත්වය සැපයීම සමස්ථ සමාජය ඉදිරියේ ම මිත්‍යාව වැපිරීමකි. 


මෙවන් කටයුතු මගින් පෙනී යන්නේ පාලකයන් පවා වසංගත තත්වයන් හමුවේ අන්ධ විශ්වාසයන්ගෙන් පසු වන බවයි. මෙමගින් වසංගතය හමුවේ සමස්ත සමාජයම අසරණභාවයට පත් වනු ඇත. 

විද්‍යාත්මක පදනමක පිහිටා සාකච්ඡා කරන කළ කලයක්  ජලයට දමා ලෙඩ සුව කළ හැකි නම් එවන් අවස්ථා ප්‍රකාශ කරන ලෙස ප්‍රශ්න කළ හැක. කෙසේ වෙතත්  විද්‍යාව හා තාක්ෂණය මෙතරම් ප්‍රමුඛ වී ඇති යුගයක මිනිසා ගෝත්‍රික මානසිකත්වය තුළ තවමත් ජීවත් වන්නේ ඇයි දැයි තවදුරටත් ප්‍රශ්න කළ හැකිය. ආදි ජනයා ජීවත් වූ ගස් ගල් වන්දනා මාන කරන යුගයකට අප නැවතත් ගමන් කරන්නේ ඇයිද. 

කෙසේ වෙතත් අවසානයේ ඉස්මතු කළ හැක්කේ මිනිසා මෙලෙස මිත්‍යාව පසුපස හඹායන්නේ ආධ්‍යාත්මික  ජීවිතය සුවපත් කර ගැනීම උදෙසා විය හැකි බවයි. එනම් රෝගී පුද්ගලයකු හට කායික මෙන්ම මානසික සුවය ද අත්‍යවශ්‍ය වේ. මෙලෙස අන්ධ භක්තික ක්‍රියාවලින් හරහා ඔවුන් මානසික සැනසීමක් අපේක්ෂා කෙරේ. 

ඩබ්.ඒ.කේ.එන් විජේසිංහ 
ඩබ්.ටී.එම්.ඩී දිල්හානි
ජනමාධ්‍ය අධ්‍යනාංශය 
කොළඹ විශ්වවිද්‍යාලය 

Saturday, 15 May 2021

සාර්ථක වෙන්න නම් හණමිටි අදහස් අතාරින්න

සාර්ථක වෙන්න නම් හණමිටි අදහස් අතාරින්න 
සාමාන්‍ය ජීවිතයේදී අප ගත කරන ජීවිතය කටුක වුවද එම කටුක ජීවිතය තුළ සැපවත් යැයි හංවඩු ගසනා මිනිසුන් ජීවත් වන ජීවත්වන ජීවිතයට වඩා සැපපහසු මානසික නිදහසක් තිබිය හැකිය. සාර්ථකත්වය කියලා මා හඳුන්වන්නේ කෙනකුට තම ජීවිතයේ තමා තෘප්තිමත් වන මට්ටම කරා පැමිණීමයි. නැතහොත් අනෙකා පසෙකලා තරගකාරී ජීවන රටාවක නිරත වන්නක් නොවේ. එසේනම් සාර්ථකවීමට ඇති ප්‍රබලතම අවිය වන්නේ තමා තුළ පවතින ධනාත්මක සිතිවිලි ය. ඍණාත්මක සිතිවිලි මඟින් පුද්ගලයා පසුබෑමට ලක් කිරීමට හැකිවන අතරම ධනාත්මක සිතුවිලි මගින් මඟින් පුගින් පුද්ගලයා පවතින තත්වයෙන් ඉහලට රැගෙන යාමේ ශක්තියක් ඇත. 

ප්‍රධාන වශයෙන් අපගේ සාර්ථකත්වයට පහර එල්ල කරනු ලබන්නේ අප අවට සිටින ලබන අප දන්නා හඳුනන සමීපතමයින්  විය හැකිය. කෙසේවෙතත් මා පවසන්නේ ධනාත්මක සිතිවිලි ඇති පුද්ගලයා හට එවැනි පුද්ගලයින් මඟහැර සාර්ථකත්වයේ හිනි පෙත්තට ගමන් කිරීමට හැකියාව ඇති බවයි. 

සැම පුද්ගලයකු සතුව ම දුර්වල  ශක්තියෙන් මෙන්ම ධනාත්මක ශක්තිය ද ඇත. නමුදු ස්වංව  මනස පාලනය මගින් දුර්වල සිතුවිලි පසෙක ලා සාර්ථකත්වයට ළඟා විය හැක. 

එක් ආකාරයකින් ගත්කල සාර්ථකත්වය යනු අප ජීවිතයේ අප අපේක්ෂා කරනු ලබන ඉලක්ක කරා ළඟා වීමයි. නමුත් සඵලදායී  සාර්ථකත්වය යනු අනෙකා විවේචනය කරමින් අනෙකා හෙළා දකිමින් අනෙකා දුර්වල කරමින් හා අනෙකා පාගා ගනිමින් ගමන් කරන සාර්ථකත්වය ගමන් මාර්ගය නොවේ. 

එවැනි මිනිසුන් ඕනෑම ස්ථානයක සමාජය හඳුනා ගත හැකිය. එසේම සාර්ථකත්වයට ලක්වීමෙන් ලබාගන්නා පුහු මාන්නය තුළින් ඔබගේ සෘණාත්මක දුර්වල සිතිවිලි අනෙකාට දිස්වේ. 
නමුත් ජීවිතයේ සාර්ථකත්වය යනුවෙන් මා අදහස් කරන්නේ භෞතික සම්පත් හෝ මිල මුදල් හෝ නොවන අතර මානසික නිදහස සතුට රැගත් ආද්‍යත්මික සුවය යි. කෙනෙක් යම් අවස්ථාවකදී මුදල් පසුපස තරයේ හඹායන්නේ නම් එතන පුද්ගලයා සතුව සාර්ථකත්වයට පත් වීමේ අවශ්‍යතාවයක් ඇති වූද සඵලදායී  සාර්ථකත්වයක් ලඟා නොකර ගන්නා පුද්ගලයෙකු බවට හැදින්විය හැක. 


ඩබ්.ඒ.කේ.එන් විජේසිංහ 
ජනමාධ්‍ය අධ්‍යනාංශය 
කොළඹ විශ්වවිද්‍යාලය 
ශ්‍රී පාලි මණ්ඩපය 


Friday, 14 May 2021

මෙම රෝගය ඔබටත් තිබේද? OCD - Obsessive Compulsive Disorder යනු කුමක්ද?

⁣මෙම රෝගය ඔබටත් තිබේද? OCD - obsessive compulsive disorder යනු කුමක්ද? 


 මානසික රෝග අතුරින්  OCD එසේත් නැතිනම් obsessive compulsive disorder යනු සමාජයේ බොහෝ දෙනෙක් සතුව පවතින මානසික රෝගයකි. මෙම මානසික රෝගය ඇති සුවිශේෂීතාව වන්නේ නිතර නිතර එකම පුරුද්දක් තුළ  අනවශ්‍ය ලෙස යෙදී සිටීමයි. එසේත් නැතිනම් පිරිසිදුකම ආරක්ෂාව යන ආදී පමණට වඩා සිතීම පමණට වඩා පිළිකුල් බව මෙම මානසික රෝගයේ දක්නට ලැබෙන රෝග ලක්ෂණ වෙයි. 


මෙම තත්ත්වයට මුහුණ දීමට ඔබට හෝ ඔබගේ සමීපතම කෙනෙකුට සිදුවිය හැක. නමුදු විශේෂත්වය වන්නේ සමාජයේ බොහෝ දෙනෙක් මෙය  රෝගී තත්ත්වයක් ලෙස හඳුනා ගෙන නොතිබීමයි. 

මෙම මානසික රෝගයෙන් පෙළෙන්නෙකු සිදු කරනු ලබන විවිධාකාරයේ චර්යාවන් මෙම රෝගී තත්ත්වය හරියාකාරව හඳුනා ගැනීමට බෙහෙවින් වැදගත් වේ. 

1) තම දෑත් දෙපා නිතර නිතර සේදීමට සිතීම. 


අපිරිසිදු වූ විට තම දෑත් දෙපා සේදීම සාමාන්‍ය කටයුතත්කි. එය හොඳ සෞඛ්‍ය පුරැද්දකි.  නමුත් මෙම රෝග ලක්ෂණය තුළ දවසට විසි තිස් වතාවක් තම දෑත් දෙපා සේදීම දක්නට ලැබේ. එසේම පොදු ස්ථාන තුළ ගැවසුන පමණින් තමන් විස බීජ වලින් වැසී ඇති බවයි එන හැඟීමක් ඔහුට හෝ ඇයට දැනේ. එය සාමාන්‍ය නොවන මානසික තත්ත්වයකි. කුණු විසබීජ තමන් අවට නොමැති පරිසරයක් නිරන්තරයෙන් පවත්වා ගැනීම මෙම මානසික රෝගී තත්වයේ මූලික ලක්ෂණයයි. 


2) සාමාන්‍ය ජීවිතයේදී මෙන්ම තම නිවස පිලිවෙලට පවත්වාගෙන යාම සාමාන්‍ය කාර්යභාරයකි. නමුත් හැඩතල වර්ණ අනවශ්‍ය ලෙස ගැලපීම සඳහා ඇති දැඩි අවශ්‍යතාවය. තමා යම් දෙයක් සිදු කළ විට එම කාර්යභාරය අවුල් වී ඇති නම් එනම් පිළිවෙළෙහි යම් වෙනස්කමක් සිදු වී ඇති නම් දැඩි නොරිස්සුම් කමකින් කටයුතු කිරීම මෙම OCD මානසික රෝගී තත්ත්වයේ ලක්ෂණයකි 


මෙම රෝගී ලක්ෂණය මෙම මානසික වගේ මුල් අවධිය තුළ දක්නට ලැබේ. නමුත් කල් යත්ම මෙම මානසික රෝගයක් උග්‍ර දෙසට නැඹුරු විය හැක. 

3) වසා ඇති දොරවල් සත්‍ය වශයෙන්ම වසා ඇති දෙ යන්න බව නිතර නිතර ප්‍රත්‍යක්ෂ කර ගැනීම.

වසා ඇති දොරක් එය සත්‍යවශයෙන්ම අවස්ථා ඇත ඇතැයි නිතර නිතර පිරික්සුම් කර බැලීම. මෙම රෝගයේ තවත් ලක්ෂණයකි. එපමනක් නොව නිවා දැමූ විදුලි බුබුළු ගෑස් ලිප් සත්‍ය වශයෙන්ම විසන්ධි කර ඇත්ද යන බව නිතර නිතර සොයා බැලීම මෙහිදී දක්නට ලැබේ. 


4) තමා ආදරය කරන දෙයකට හෝ පුද්ගලයකුට කුමක් හෝ හානියක් සිදුවී ඇතැයි සිතින් මවාගත් චිත්‍රයකට අනුව එම පුද්ගලයා හෝ දේ පිළිබඳව නිතර නිතර සොයා බැලීම 

නිදසුන් ලෙස රථවාහන ක ගමන් ගන්නා පුද්ගලයකුට නිතර නිතර දුරකතන ඇමතුම් ලබාදෙමින් ලබා දෙමින් ඔහු හූ හය හොඳින් සිටීදැයි නිතර නිතර විමසිලිමත් වීම. එපමණක් නොව තමා එක්රැස් කරන ලද මුදල් කවුරුන් හෝ විසින් සොරකම් කර ඇතැයි සිතා එම මුදල් නිතර නිතර ගණනය කිරීම මෙම රෝග ලක්ෂණය තුළ දක්නට ලැබේ. 


5) කෘමි සතුන්ට ඇතිවන අනවශ්‍ය බිය ඔවුන් සහමුලින්ම විනාශ කළ යුතුයැයි ඇතිවෙන හැඟීම. 


මෙහිදී මෙම OCD රෝගී තත්ත්වය ඇතිවීමට හේතු කවරේ ද යන්න පිළිබඳව විමසා බැලීම වැදගත් වේ. මෙම රෝගය ඇතිවීමට  හේතුව කුමක්ද යන ආකාරය පිළිබඳව නිශ්චිත හේතුවක් නැතත් ජාන මගින් නැතිනම්  පාරිසරික හෝ  තම මනස විසින්ම මෙහෙයවන්න බව අද්‍යතනය වන විට නිගමනය කර ඇත. 

මෙම රෝගී තත්ත්වය මැඩ පවත්වා ගැනීම සඳහා අදාල ප්‍රතිකාර ක්‍රම වැදගත් වේ. මෙම රෝගය ඖෂධීය ප්‍රතිකාරවලින් තොරව පහසුවෙන් සමනය කරගත හැකි මානසික රෝගයක් වේ. මෙහිදී ඵලදායි ප්‍රතිකාර ක්‍රමයක් ලෙස exposures and reassurance යන ප්‍රායෝගික ක්‍රියාදාමය හඳුනාගත හැක. මෙහිදී සිදුවන්නේ පුද්ගලයා සැකය බිය සිදුවන දේවල් හට එම පුද්ගලයා නිරාවරණය වීමට හැර එම කාරණය තුළ සත්‍ය වශයෙන්ම බියවීමට කිසිදු හේතුවක් නැති බව එම පුද්ගලයාට පසක් කර දීමයි. නිදසුන් ලෙස නිරන්තරයෙන් අතපය සෝදන පුද්ගලයෙකු නම් ඔහුට නිරන්තරයෙන් අතපය අත පය සේදීමට තරම් තම දෑත් දෙපා තුළ විසබීජ එක්රැස් වී නොමැති බව සත්‍ය වශයෙන්ම ඔහුටම පසක් වීමට අවස්ථාව සලසා ලබාදීමයි. එමෙන්ම හකරැල්ලන් කැරපොත්තන් වැනි සතුන් මගින් හානියක් නොවන බව ඔවුනට පසක් වීමට අවස්ථාව සලසා දීම. වසා ඇති දුර වල් පිළිබදොරවල් පිළිබදව නැවත නැවත පරික්ෂා කිරීමට අවශ්‍යතාවක් නොමැති බව ස්වයංව අවබෝධයක් ලබා දීම වැනි කාරණා හරහා මෙම රෝගී තත්ත්වයෙන් අදාළ පුද්ගලයා ගලවා ගැනීමට උපකාර වේ. 

මෙවැනි රෝග සඳහා සමාජයේ අවධානය අවම වීම හේතු කර ගනිමින් අදාල පුද්ගලයා මානසික වශයෙන් වඩාත් ව්‍යාකූල තත්ත්වයකට පත්වීම වලක්වා ගත නොහැක. නමුත් නිසි අවධානයකින් යුක්තව කටයුතු කිරීම මගින් එම පුද්ගලයන් මෙම මානසික රෝගී තත්වයෙන් ගලවා ගැනීමට හැකි වනු ඇත. මෙවැනි රෝග ඔබේ සමීපතමයන්ට ඇති නම් වඩාත් අවධානයකින් යුක්තව කටයුතු කිරීම ඔබ සතු වගකීමකි. මෙවැනි රෝග ලක්ෂණ ඔබටත් ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු යොමුවීම මගින් හෝ උපදේශක වරයෙකු හරහා ඔබේ මානසික හා සෞඛ්‍යය මට්ටම සුවදායී තත්ත්වයට පත්කර ගැනීම ඔබ සතු වගකීමකි.



ඩබ්.ඒ.කේ.එන්.විජේසිංහ 
ජනමාධ්‍ය අධ්‍යනාංශය 
කොළඹ විශ්වවිද්‍යාලය 
ශ්‍රී පාලි මණ්ඩපය

Sunday, 4 April 2021

ළමුන්ගේ චර්යාව කෙරෙහි රූපවාහිනියේ බලපෑම

ළමුන්ගේ  චර්යාව කෙරෙහි රූපවාහිනියේ බලපෑම 


     එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තියට අනුව වයස අවුරුදු 18 ට අඩු අයවලුන් ළමුන් ලෙස අර්ථකථනය කර ඇත. ළමයා යනු සෑම අවස්ථාවකම අත්හදා බලන්නෝ  වෙති. ළමයා කුඩා කල සිටම සමාජානුයෝජනය වනු ලබන්නේ කුටුම්භය හරහා ය. නමුදු අද්‍යතනය වන විට රූපවාහිනිය යනු නිවසේ ප්‍රධාන ස්ථානයක් අත්පත් කරගන්නා ලද ප්‍රබල සංහතික මාධ්‍යයක් (Mass Media) ලෙස හැඳින්විය හැක.  


නමුදු ළමයාගේ සමාජානුයෝජන ක්‍රියාවලිය පවුල තුළින් ගොඩ නැංවීම පසෙකලා එම කර්තව්‍ය සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ රූපවාහිනියයි. ළමයාගේ චර්යාව කෙරෙහි ප්‍රබල වශයෙන් සමාජානුයෝජන ක්‍රියාවලිය ඉවහල් වේ. වර්තමානයේ රූපවාහිනිය ඉතා තදබල ලෙස ළමයාගේ ජීවිතයට බද්ධ වී ඇත. බොහෝවිට ඔවුන් රූපවාහිනිය නරඹන්නේ වැඩිහිටි මගපෙන්වීම කින් හෝ අධීක්ෂණයකින් තොරව ය. ළමයා මහා සමාජය වෙත ගමන් කිරීමෙහිදී  සමාජානුයෝජන මාධ්‍යයක් ලෙස අද්‍යතන සමාජය තුළ රූපවාහිනියට ප්‍රබල ස්ථානයක් හිමිව ඇත.  


"පවුලක් තුළ සිටි නව පරම්පරාවක් සමාජානුයෝජනය වූ මාධ්‍යයන් රූපවාහිනී මාධ්‍ය සමඟ වෙනස් වී ඇත"  (විජේසිංහ, 2007). එහිදී පවුලට පැවතී තිබූ සමාජානුයෝජන කාර්යය සිදු කිරීමේ වගකීම අද්‍යතනය වන වන විට රූපවාහිනිය මගින් සිදු කරයි. 


දරුවා සමාජානුයෝජනය වීමේදී ඔහුගේ හෝ ඇයගේ චර්යාව වැදගත් වේ. බොහෝවිට නූතනයේ දරුවන් සමාජයට අනුගත වන්නේ රූපවාහිනිය  මගින් විකාශය කරනු ලබන විවිධ චරිතයට අනුගත වන ආකාරයට බව හඳුනාගත හැක.  මෙහිදී මාධ්‍යවේදියා අද ප්‍රබල වගකීමක් ඇත්තේ දරුවා එළඹෙන සමාජයට සදාචාර සම්පන්න පුරවැසියෙක් බවට පත් කිරීමයි. 


එහිදී මාධ්‍ය ආයතනය ද එළඹෙන  ලෝකයට අවාසිදායක නොවන අයුරින් කටයුතු කළ යුතු වන්නේ ළමයා සමස්ත සමාජයේ මූලබීජය වන බැවිනි. "අවුරුදු දෙකකට අඩු දරුවන් රූපවාහිනියෙන් නරඹන සෑම පැයකටම ඔවුන් උපතින් ලද කිසියම් දෙයකට අවධානය යොමු කිරීමේ ශක්තිය 10% කින් අඩු වන බව සියයට රෝහලේ වෛද්‍ය දිවිත්‍රි ක්‍රිස්ටාස් පීඩියට්‍රිස් වෛද්‍ය සඟරාවට ප්‍රකාශ කර තිබේ (ප්‍රනාන්දු, 2004). 


මේ හරහා හඳුනාගත හැක්කේ රූපවාහිනිය මගින් දරුවාට ප්‍රබල අවාසි සහගත තත්වයන් හට මුහුණ දීමට සිදුවන  ආකාරයයි. මේ අනුව දරුවාගේ වර්ධන අවධියේ වැදගත්ම කාල සීමාව මේ ලෙස මෙය හඳුනාගත හැකිය. අද්‍යතනය වන විට රූපවාහිනී නාලිකා ළමා මනසට නුසුදුසු ආකාරයට වැඩසටහන් නිෂ්පාදනය නොකිරීම ළමයාගේ අයහපත් චර්යා වලට බෙහෙවින් බලපා ඇත. එය දරුවාගේ මනසේ වර්ධනයට ද බෙහෙවින් අහිතකර ලෙස බලපෑම් ඇති කරනු ලබයි. 


රූපවාහිනියේ දිස්වන බොහොමයක් චරිත ළමයා අනුකරණය කිරීමට පෙළඹී ඇත. එහිදී දරුවා නිවැරැදි දෑ නොව වැරදි දෑ ක්ෂණිකව වැළඳ ගැනීමට පෙළඹේ. එක්සත් ජනපදයේ පෙන්වූ "බැට් මෑන්"  චිත්‍රපටයේ එම බැට්මෑන් චරිතය අනුකරණය කරනට යෑමෙන් ළමෝ 12 ක් මියගියහ. මලයාසියානු රූපවාහිනියෙ දුටු සුපර්මෑන් නම් වීරයාගේ චරිතය අනුකරණය කළ දරුවන් හතක් කඳු ගොඩනැගිලි වලින් බිමට පැනීමෙන් මියගිය බව තවත් ළමයෙක් සුපර්මැන් මෙන් මෝටර් රථයක් ඔසවන්නට ගොස් යන්තමින් දිවිගලවා ගත් බවත් ඉවාන් නැමැති තුන් හැවිරිදි ළමයෙකු සුපර්මෑන් අනුකරණය කරනට ගොස්  ඉහළ මාලයේ සිට බිමට පැන මිය ගිය බවත් ආදී ශෝචනීය පුවත්  මෑතක දී හඳුනා ගත හැක. මේ මඟින් හඳුනාගත හැක්කේ රූපවාහිනිය ළමයාගේ චර්යාව කෙරෙහි කෙතරම් බලපෑමක් ඇත කරනවාද යන්නයි. 


රූපවාහිනී විකාශනයන් හා එය දරුවන්ගේ දරුවන්ගේ චර්යාවන් වලට කෙතරම් බලපෑම් ඇති කරනවාද යන්න සමාජ විද්‍යාඥයන් සහ අධ්‍යාපනික විද්‍යාඥයෝ පර්යේෂණ සිදුකර ඇත. ප්‍රධාන වශයෙන්ම ළමයාගේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සඳහා හේතු වී ඇත්තේ රූපවාහිනිය බව නවතම පර්යේෂණ වාර්තාවන් අනූව හෙළිවී ඇත. 


ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා සම්බන්ධයෙන් අධ්‍යයනය කර බලන විට ඒවායෙහි ප්‍රචාරය වන බොහොමයක් වැඩසටහන් විදේශ රටවලින් ආනයනය කරන ලද වැඩසටහන් බව හඳුනාගත හැකි අතරම ඒවා මෙරට සංස්කෘතියට සහ සමාජ ක්‍රියාවලියට කෙලෙස බලපෑම් ඇති කරන්නේ ද යන්න පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ. බටහිර රටක ළමයකු හැදී වැඩෙන පරිසරය මෙරට හා සැසදීමේදී ප්‍රබල වෙනස්කම් හඳුනා ගත හැක. ඇමෙරිකන් ශිෂ්ටාචාරයට මිනීමැරීම විනෝදයකි. ඔවුන්ගේ ශිෂ්ටාචාරය ආරම්භ වන්නේ රතු ඉන්දියානුවන් මරා දැමීමෙනි. මේ නිසා ඔවුන් වන්දනාමාන කරන්නේ ගිනි අවියට ය. නමුත් උසස් සංස්කෘතියකට ආගමකට උරුමකම් කියන මේ රට වැසියන් මිනීමැරුම් අපරාධ භීෂණ ආදී සමාජය තුළ උසස් කොට නොසලකයි. මෙරට විකාශය කරවන  බොහොමයක් බටහිර වැඩසටහන් එරට සංස්කෘතියට සදාචාරයට අනුගත වන ආකාරයට නිර්මාණය කරන ලද්දාවූ වැඩසටහන්ය. නමුත් එම වැඩසටහන් මෙරට සදාචාරයට හා සංස්කෘතියට නොගැලපී හැක. මනෝ විද්‍යාඥයන් පවසන ආකාරයට ලමයින්ගේ චර්යාව කෙරෙහි සහ ළමුන්ගේ මනසට වඩාත් බලපෑම් ඇති කර හැකි වාරණයට ලක් කළ යුතු ප්‍රබල වැඩසටහනක් ලෙස කාටූන් වැඩසටහන් හැඳින්විය හැක. මුල්කාලයේදී මනෝවිද්‍යාඥයින්ගේ ත් අධ්‍යාපනඥයින්ගේ උපදෙස් පිට කාටුන් චිත්‍රපට නිපදවීම සිදු කළ ද අද්‍යතනයේ එවන් ක්‍රියාවලියක් හඳුනාගත නොහැක. පසුගිය කාල වකවානුව තුළ මෙරට සමාජ මාධ්‍යන්හි ළමුන් ප්‍රචණ්ඩත්වයක් ආරෝපණය කරගනිමින් විවිධ ආයුධයක් අතැතිව එකිනෙකාට තර්ජනාත්මකව බැන වැදීමට රූපවාහිනිය  මගින් ලබාදෙන සන්දේශයන් වක්‍රාකාරව හේතු වී ඇත. විශේෂයෙන්ම දරුවන්ගේ ලෝකයේ වීරයන් බවට පත්වී ඇත්තේ රූපවාහිනිය මගින් ඉදිරිපත් කරන ප්‍රචණ්ඩකාරී චරිතයන්ය. නූතනයේ දරුවන් වීරත්වය මනන ලබන්නේ ප්‍රචණ්ඩත්වය මතය. සිව්වන ආණ්ඩුව ලෙස අර්ථකථනය කරමින් මාධ්‍යයට එවැනි ආකාරයට ආමන්ත්‍රණය කරනු ලබන්නේ වගකීමක් සහිතව  සමාජය තුල  කටයුතු කළ යුතු බැවිනි. "හොඳම දේ දරුවන්ටයි" යනුවෙන්  වී. අයි ලෙනින් සඳහන් කර ඇත. මේ අනුව මාධ්‍ය හරහා හොඳම දේ පමණක් දරුවන් හට ලබා දීම වැදගත් වේ. එම වගකීම  රූපවාහිනියට පමණක් නොව සමස්ත මාධ්‍ය ක්‍රියාවලිය සතු වගකීමක් මෙන්ම යුතුකමක් ද වේ. 


විජේසිංහ ඩබ්.ඒ.කේ.එන්

ජනමාධ්‍ය අධ්‍යනාංශය 

කොළඹ විශ්වවිද්‍යාලය 

ශ්‍රී පාලි මණ්ඩපය 



මූලාශ්‍ර 

බණ්ඩාර ධම්මික ඩී.එම්.එස් , සිව්වන ආණ්ඩුව සහ අපරාධ , (2015) , ගොඩගේ සහ සහෝදරයෝ.

ගවේෂණාත්මක වාර්තාකරණය

ගවේෂණාත්මක වාර්තාකරණය ගවේශනාත්මක වාර්තාකරණය යනු කිසියම් සිද්ධියක්, අවස්ථාවක් හෝ පුද්ගලයෙකු පිලිබඳ ගැඹුරින් සොයා බලා වාර්තා කිරීම...