Saturday, 5 August 2023

ගවේෂණාත්මක වාර්තාකරණය

ගවේෂණාත්මක වාර්තාකරණය
ගවේශනාත්මක වාර්තාකරණය යනු කිසියම් සිද්ධියක්, අවස්ථාවක් හෝ පුද්ගලයෙකු පිලිබඳ ගැඹුරින් සොයා බලා වාර්තා කිරීමයි. “හෙළිදරව් සාහිත්‍යය” වශයෙන් ද හඳුන්වයි. ප්‍රවෘත්තියක් යනු මතුපිට සිදුවීමකි. එහිදී ඇසින් දකින, කනින් ඇසෙන දෙයක් පිළිබඳ අවධානය යොමුකරයි. සාමාන්‍ය පුවත් වාර්තාකරණයකදී
What - කුමක්ද
When - කවදාද?
Where - කොහෙද?
Who - කොහොමද?
Why - කුමකටද?
How - කෙසේද?

යන්න පිලිබඳව අවධානය සමව යොමු කරනු ලබන අතර ගවේශනාත්මක වාර්තාකරණයේ දී මූලික අවධානය යොමු කරනු ලබන්නේ “How” නැතහොත් “කෙසේද” යන්න පිළිබඳවයි.


කිසියම් වාර්තාකරණයක් ගවේශනාත්මක වාර්තාකරණයක් බවට පත් වීමට නම් මූලික නිර්ණායක ත්‍රිත්වයක් තෘප්ත කළ යුතුය. එනම් 
සඟවාගෙන සිටින රහසක් හෙළිකිරීම.
එය මහජන උනන්දුව පිණිස හේතුවන කරුණක් වීම.
වාර්තාකරු හෝ පුවත්පත විසින්ම තොරතුරු ගවේෂණය කොට හෙළිදරවු කිරීම.

කිසියම් පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් හෝ, පර්යේෂණ වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කිරීම ගවේශනාත්මක වාර්තාකරණයක් යටතට නොගැනේ. ප්‍රවෘත්තියක් අංකුරයක් ලෙස හැඳින්වේ නම්, ගවේශනාත්මක වාර්තාකරණයේ දී එකී අංකුරය අයත් බීජය සහ එහි වර්ධනය පිළිබඳ සොයා බලයි. මුල් යුගයේ ප්‍රවෘත්ති කලාව තුළ සිද්ධියක මතුපිට තත්ත්වය පමණක් වාර්තා කළ අතර කල් ගතවත්ම එය වෙනස් විය. සිද්ධියක මතුපිට අර්ථයට වඩා යමක් ඉස්මතු කිරීමට අවශ්‍යය විය. ගවේශනාත්මක වාර්තාකරණයේ අරමුණු වූයේ සමාජ අක්‍රමිකතා, හොර මැරකම් ආදිය හෙළිදරව් කොට ජනතා මතයක් නිර්මාණය කිරීමයි. එය සමාජ වගකීමක් වූ අතර එමෙන්ම කැපවීමෙන් කළයුතු කාර්යයක් ද විය.

ගවේශනාත්මක පුවත් වාර්තාකරණයේ ආරම්භය 20 වන සියවස දක්වා වේ. ඒ සඳහා M. ටර්බෙල්, ලින්කන් ස්ටෙන්ස්, රේස් ටැන්කර්ඩ් නම් ඇමරිකානු මාධ්‍යවේදීන් තිදෙනා මූලික විය. “History of the Standard Oil Company” සහ “Shame of the cities” ලිපි පෙළ මඟින් ගවේශනාත්මක වාර්තාකරණය ආරම්භ විය.

ගවේශනාත්මක වාර්තාකරණයේ දී ප්‍රවෘත්ති කලාවේදියා රහස් පරීක්ෂකයෙකු හා සම වේ. මාධ්‍ය කරුගේ තියුණු නිරීක්ෂණය සහ නිර්මාණශිලිත්වය ගවේශනාත්මක පුවත් සඳහා පදනම සපයයි. ඔහුගේ අරමුණ සිද්ධියට අදාළ පුද්ගලයින් නීතියේ රැහැනට හසු කිරීම නොව, ඔවුන්ගේ වැරැද්ද පිළිබඳ ජනතාවට හෙළිදරව් කොට වරදකරුවන් ජනතාව ඉදිරියේ නිරාවරණය කිරීමයි. මෙය සම්පුර්ණයෙන්ම 19 වන සියවසේ දී ඇමරිකාවේ ඇති වූ සමාජ ව්‍යාපාරයන්ගේ ප්‍රථිපලයකි. රාජ්‍ය නිලධාරින් පාලනයට නතු කිරීම, ආයතනික නිලධාරින් පමණ ඉක්මවා කෙරෙන කටයුතු පාලනය කිරීම හරහා ප්‍රජාතන්ත්‍රවාදී මුලාශ්‍රයක් සේ ක්‍රියාත්මක වේ.

ඇතැම් අවස්ථා වලදී පාලකයන්ගේ දෝෂ දර්ශනයට ලක් වූ අතර ඇමරිකානු ජනාධිපති තියොඩෝර් රූස්වෙල්ට් වරක් ප්‍රකාශ කළේ ගවේශනාත්මක වාර්තාකරණය කුණු කන්දල් අවිස්සිමක් බවයි.
ගවේශනාත්මක වාර්තාකරණයේ දී දේශීය මෙන්ම විදේශීය ප්‍රකට උදාහරණ බොහොමයක් දැකගත හැක.

විදේශීය උදාහරණ

ඇමරිකාවේ වෝටර්ගේට් සිද්ධිය

ඇමරිකාවේ වොටර්ගේට් සංකීර්ණයේ පිහිටි ඩිමොක්‍රටික් පක්ෂයේ ජාතික කමිටු කාර්යාලයේ ඉලෙක්ට්‍රොනික් මයික්‍රෝෆෝන් සවිකොට එහි වන සාකච්ඡා පටිගතකොට සවන්දී තිබිණි. වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ කාල් බන්ස්ටයින් සහ රොබට් වුඩිවර්ඩ් විසින් මේ පිලිබඳ ලිපි පෙළක් සම්පාදනය කළ අතර මෙහිදී ඇමරිකාවේ හිටපු ජනාධිපති රිචඩ් නික්සන් සහ CIA සංවිධානය වැරදිකරුවන් බවට පත්විය. ගවේශනාත්මක පුවත්පත් කලාවේ ආරම්භය ලෙස සැලකෙන ප්‍රකට සිදුවීම මෙය වන අතර මෙම හෙළිදරව් කිරීමත් සමඟම ජනාධිපති නික්සන්ට ඉල්ලා අස්වීමට සිදුවිය.

ඇමරිකාවේ පෙන්ටගන් රහස් වාර්තා හෙළිදරව් කිරීම.

පෙන්ටගන් වාර්තාව ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ආරක්ෂක ලේකම් රොබට් මැක්නමාරාගේ අධීක්ෂණයෙන් ඇමරිකාවේ වියට්නාමය සම්බන්ධ ප්‍රතිපත්තිය පිලිබඳ අධ්‍යයනයකි. එය 1967 වසරේ ආරම්භ කොට 1968 වසරේදී අවසන් කරන ලද පිටු 5000 කින් යුතු රහස්‍ය වාර්තාවකි. මේ මඟින් ඇමරිකාවේ දෙබිඩි පිළිවෙත මනාව ප්‍රදර්ශනය විය. ජෝන් කෙනඩිගේ පාලන සමයේ වියට්නාමයේ ඩියන් ඩියම්ගේ පාලනය පෙරලාදැමීම පිණිස ආර්ථික සම්බාධක පැනවීමත්, සිවිල් ජනයා පිලිබඳ නොසලකා වියට්නාමයට බෝම්බ දැමීම පිළිබඳවත් මෙම පෙන්ටගන් වාර්තා හරහා ඔප්පු වී තිබිණි.

විශ්‍රාමික ආරක්ෂක විචාරකයෙකු තවත් පුද්ගලයෙක් සමඟ එක්ව නිව්යෝර්ක් පුවත්පතට පිලිපෙලක් ලියූ අතර මෙම සිදුවීම පිලිබඳ වොෂින්ටන් පෝස්ට් පුවත්පතත් වාර්තාකරණයක් සිදුකෙරීය. රජය මඟින් මෙම පුවත්පත් වලට එරෙහිව තහනම් නියෝග ගැනීම පිණිස දිසා අධිකරණයට ගිය අතර පුවත්පත් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කෙරිය. 1971 වසරේදී මෙහි තීන්දුව ප්‍රකාශයට පත්කළ අතර නවදෙනෙකුගෙන් යුතු විනිසුරු මඩුල්ලෙන් හය දෙනෙකු ප්‍රකාශ කළේ ප්‍රකාශන නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති නිසා පුවත්පතට එරෙහිව වාරණ නියෝග නිකුත් කිරම ව්‍යවස්ථා විරෝධී බවයි.

නමුත් මේ පිළිබඳව ග්‍රීන් ප්‍රකාශ කරන්නේ මෙම සිද්ධිය ගවේෂණාත්මක වාර්තාකරණයක් නොවන බවයි. මන්ද පෙන්ටගන් වාර්තාව හරහා මේ පිලිබඳ ලිපි පළකලද එය වාර්තාකරු හෝ පුවත්පත විසින් කරුණු ගවේෂණය කොට වාර්තාකරණය කොට නොමැති බැවිනි.

දේශීය උදාහරණ

හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායකගේ සිද්ධිය

වික්ටර් අයිවන් විසින් රාවය පුවත්පත හරහා හිටපු මහේස්ත්‍රාත් වරයෙකු වූ ලෙනින් රත්නායකගේ ක්‍රියාකලාපය පිලිබඳ ගවේෂණය කොට වාර්තා කිරීම ගවේශනාත්මක පුවත් වාර්තාකරණයේ දේශීය උදාහරණ තුළ කැපී පෙනෙයි.

ලෙනින් රත්නායක මහව මහේස්ත්‍රාත්ව සිටි අවධියේ තමා ඉදිරියේ පැවති නඩුවක විත්තිකරුගේ බිරිඳව කටඋත්තරයක් ලබා ගැනීමට යැයි කියා තානයමකට කැඳවා සංසර්ගයේ යෙදීමට බලපෑම් කිරීම, තමා ඉදිරියේ විභාග වන නඩුවක විත්තිකාරියක බිය ගන්වා සංසර්ගයේ යෙදීම සහ ඔහු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සේවය කරමින් හිඳියදි මුල්‍ය වංචාවකට වැරදිකරු වූ බව හෙළිනොකොට මහේස්ත්‍රාත්වරයෙකු  බවට පත්වීම ලෙනින් රත්නායකට එල්ල වූ චෝදනායි. ඒවාට ඔහු වරදකරු වී පැවතිනි.

මිග් 27 ප්‍රහාරක යානා මිලදී ගැනීමේ ගිවිසුමට අදාළ සිද්ධිය

සන්ඩේ ටයිම්ස් හී උපදේශක කතෘ ඉක්බාල් අතාස් විසින් 2006 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මුලාශ්‍රයකින් මිග් 27 ප්‍රහාරක යානා මිලට ගැනීමේ ගිවිසුම පිළිබඳව හෙළිදරව්වක් කෙරිය. මෙය කතුවරයාට මරණ තර්ජන එල්ල වීමට තරම් බලපෑම්කාරී විය.

ගවේශනාත්මක පුවත් වාර්තාකරණයේ දැකිය හැකි ලක්ෂණ ලෙස පහත කරුණු දැක්විය හැක.  
සක්‍රිය බව
වැරදි හෙළිදරව් කිරීම
වගකීම් සහගත බව
ප්‍රථිපල ඉලක්ක කරගැනීම
වැඩි කාලයක් අවශ්‍යය වීම.
ගැඹුරු බව සහ පුළුල් බව.
වෙනස් කාලාන්ත පැවතීම.
ප්‍රතිරාමුගත කිරීම.


WA කසුනි නිමල්කා විජේසිංහ 
කොළඹ විශ්වවිද්‍යාලය 
ජනමාධ්‍ය අධ්‍යනාංශය 

ආර්ථිකය පිළිබඳ මාක්ස්වාදී න්‍යාය

ආර්ථිකය පිළිබඳ මාක්ස්වාදී න්‍යාය 
මාක්ස්වාදී ආර්ථික න්‍යායෙහි ඉතිහාසය පිළිබඳව භෞතිකවාදී විවරණය අතිරික්ත  විවරණය අතිරික්ත වටිනාකම් පිළිබඳ න්‍යාය  පන්ති සටන අරගලය පිළිබඳ න්‍යාය සහ ප්‍රාග්ධන රාශි කරණය ඔස්සේ ආර්ථිකය පිළිබඳව මාක්ස්වාදී න්‍යාය විග්‍රහ කර තිබේ. මාක්ස්වාදය යනු හුදෙක් ධනවාදය විවේචනය කිරීම සඳහා ඉදිරිපත් වූ න්‍යායක් ලෙස ද හැඳින්විය හැකිය. අර්නස්ට් මන්ඩෙල්  විසින් සම්පාදිත මාක්ස්වාදය ආර්ථික විග්‍රහය ග්‍රන්ථයෙහි මාක්ස්වාදී ආර්ථික න්‍යාය පිළිබඳව මෙලෙස විග්‍රහ කොට තිබේ. මාක්ස්වාදය පරිපූර්ණ දර්ශනයක් ලෙස ලෝකය වෙනස්කරන  විප්ලව දර්ශනයන්හි මාක්ස්වාදය අදහස් ඉදිරිපත් කර ඇත්තේ 1847 දී ඉදිරිපත් කරන ලද කොමියුනිස්ට් ප්‍රකාශනය යන ග්‍රන්ථය සහ 1867 දී මාක්ස් විසින් ඉදිරිපත් කරන ලද දාස් කැපිටාල් (Das capital) නැමැති ග්‍රන්ථයෙනි. මාක්ස්වාදය ගොඩනැගීමට මූලාශ්‍ර වී ඇත්තේ ජර්මානු දර්ශනවාදයේ ඉංග්‍රීසි ආර්ථික විද්‍යාව හා ප්‍රංශ දේශපාලනයයි. ආර්ථික සාධනය මුල්කරගෙන ඉතිහාසය හා ප්‍රමාණය පිළිබඳව පුළුල් දර්ශනයක් මෙමගින් ඉදිරිපත් කර ඇත. මාක්ස්වාදය ගොඩනැගී ඇත්තේ ද්විඝටනාත්මක භෞතික වාදය  පදනම් කරගෙනය. මාක්ස් සහ එංගල්ස් සමාජය දෙස බැලූ ආකාරය අපෝහක භෞතිකවාදය වේ. එනම් පුද්ගලයින් හා සිය  සමාජය දෙස බැලූ තාර්කික ක්‍රමයයි. ධනවාදී ආර්ථික චින්තනය නිවසින් මාක්ස්වාදය ප්‍රායෝගික තත්ත්වයට පත් නොවන බව ප්‍රකාශ කළ ද දෙවන ලෝක යුද්ධයෙන් පසු චීනය වැනි රටවල් සමාජවාදී රටවල් බවට පත් වී ඇත (මන්ඩෙල්,1980).

කාල් මාක්ස් විසින් ආර්ථිකය පිළිබඳව ඉදිරිපත් කළ අදහස් ඔහු විසින් 1867 දී ප්‍රකාශයට පත් කරන ලද Das capital නැමැති ග්‍රන්ථයේ ඇතුලත් වේ. මාක්ස්වාදී ආර්ථික චින්තනය ප්‍රධාන අංග කිහිපයක් යටතේ අවධානය යොමු කළ හැකිය.

ද්වීඝටනාත්මක භෞතිකවාදය 
ඉතිහාසය පිළිබඳව ද්‍රව්‍යාත්මක විග්‍රහය 
අතිරික්ත වටිනාකම් පිළිබඳ න්‍යාය 
සංචිත ශ්‍රම හමුදා පිළිබඳ සංකල්පය (මන්ඩෙල්,1980) 

මාක්ස් විසින් ඉදිරිපත් කරන ලද ආර්ථික චින්තනය තුළ අතිරික්ත වටිනාකම අවශ්‍ය ශ්‍රම කාලය යනාදී කාරණාවන් සුවිශේෂී වෙයි. නිරෝෂා නෙරංජලා දිසානායක විසින් සම්පාදිත සමකාලීන මාධ්‍ය න්‍යාය හා ව්‍යවහාර යන කෘතියෙහි දැක්වෙන්නේ, මාක්ස්ගේ ආර්ථික ආර්ථික න්‍යායෙහි මුල්ගල අතිරික්ත වටිනාකම පිළිබඳ නියාය බවයි. කම්කරුවාගේ ශ්‍රමයෙන් උපදවන ලද ප්‍රාග්ධනය කුඩා දේපල ළ හිමියන් විනාශ කරමින් ද විරැකියා ගත හමුදාවක් ඇති කරමින් කම්කරුවා මිරිකා දමයි. කම්කරුවෙකුට තම වැටුප වටිනාකම නිපදවීමට තම වැඩ දීමෙහි ගතවන කාලය අවශ්‍ය ශ්‍රම කාලය වශයෙන් සැලකේ (දිසානායක,2021). 

පී අතුකෝරාල විසින් රචිත නූතන දේශපාලනය හා සමාජ න්‍යාය ග්‍රන්ථයෙහි මාක්ස්වාදයේ විග්‍රහය පිළිබඳව මෙලෙස දැක්වේ. මාක්ස්වාදයේ විග්‍රහය තුළ තවත් වැදගත් අංශයක් වන්නේ පදනම සහ උපරි ව්‍යුහය යි. (Base and Supper structure) සමාජයක නිෂ්පාදන බලවේග සහ නිෂ්පාදන සම්බන්ධකම් ඇතුළත් ආර්ථික අත්තිවාරම පදනම (Base) ලෙසත් සැලකේ. එය තුලින් ගොඩනැගෙන නීති, ආයතන ආගම් සංස්කෘතිය හා දෘෂ්ටීන් යනාදිය උපරි ව්‍යූහය (Superstructure) ලෙසත් සැලකේ. සමාජයේ ආර්ථික පදනම හා උපරි ව්‍යුහය අනුව ඉතිහාසය විස්තර කිරීම මාක්ස්වාදය විග්‍රහය තවත් වැදගත් අංශයකි (අතුකෝරාල,2005).

මාක්ස් ආර්තික සංවර්ධනය සාකච්ඡාවට ගත්තේ සමාජ විකාශනයේ දී දැකිය හැකි නිෂ්පාදන මාදිලියනට සම්බන්ධ කරගෙන ය. සමාජ විකාශනය විවිධ අවස්ථාවන්හිදී ආර්ථික හා වෙනත් අංශයන්ගෙන් සක්‍රීය අවධීන් ඉතිහාසයේ දක්නට තිබේ. මාක්ස්ට අනුව ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය හුදෙක් සංඛ්‍යා හා දත්ත මගින් පමණක් පෙන්විය හැක්කක් නොවේ. එය ඓතිහාසිකව හා ව්‍යුහාත්මක වෙනස්කම් පන්ති සම්බන්ධතා සමඟ බද්ධ කර විග්‍රහ කළ යුත්තකි (දිසානායක,2021). 

ආර්ථිකයක් යනු කුමක්ද?

ආර්ථිකයක් යනු කුමක්ද?


භාණ්ඩ හා සේවා නිෂ්පාදනයෙහිලා සහ බෙදා හැරීමෙහිලා ක්‍රියා කරන සමාජ සංවිධානය ආර්ථිකයක් ලෙස හැඳින් වේ. නිෂ්පාදන ක්‍රියාවලිය හා සම්බන්ධව තීරණ ක්‍රියාවට නැංවීමෙහිලා පුද්ගලයන් ව්‍යාපාර ආයතන, රජය, සංස්ථා ආදිය සම්බන්ධ වන අතරම නීතිරිති යනාදිය ද බලපායි. මේ අනුව ආර්ථිකයක් යන්නෙන් භාණ්ඩ සම්පාදනයෙහිලා ක්‍රියා කරන පුද්ගල සහ ආයතන සංවිධානයන් අදහස් කෙරේ.  (දේවරක්කිත හිමි, 2010, පි.ටු.8) 


මූලික ආර්ථික ප්‍රශ්න

ඕනෑම සමාජයක මූලිකම ආර්ථික ප්‍රශ්නය හිඟකමයි. මේ නිසා සමාජයේ වෙසෙන පුද්ගලයන්ට උපරිම තෘප්තියක් ලබාගැනීම සඳහා හික සම්පත් යොදා ගැනීමේදී විසඳා ගැනීමට සිදුවන ප්‍රශ්න කීපයකි. ඒවා ආර්ථිකයක මුලික ප්‍රශ්න ලෙස හඳුන්වමු. ඒවා නම්,

1. කුමක් කොපමණ නිපදවිය යුතුද?

2. කෙසේ නිපදවිය යුතුද?

3. කවුරුන් සඳහා නිපදවිය යුතුද? යන්නයි.

කුමක් කොපමණ නිපදවිය යුතුද?

ආර්ථිකයක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා සම්පත් බෙදා හරින්නේ කෙසේද යන ගැටලුව මෙයින් විස්තර කෙරේ. සාපේක්ෂව සම්පත් හිඟ බැවින් යම් භාණ්ඩයක් නිපදවීමට සම්පත් වෙන් කළ විට අනිකුත් භාණ්ඩ නිෂ්පාදනය සඳහා වෙන්කළ හැකිව තිබූ සම්පත් කැප කිරීමක් සිදුවේ. එම නිසා මෙහිදී කුමක්, කොපමණ නිෂ්පාදනය කළ යුතුද යන ප්‍රශ්නය පැන නගී. එනම් නිෂ්පාදන හැකියා සීමා වක්‍රය (පර්යන්තය ) මත කුමන ලක්ෂ්‍යයක් තෝරා ගන්නේද යන ගැටලුවට මුහුණ දෙයි. අනාගත පරිභෝජනය සඳහා සම්පත් කැප කිරීම (වෙන් කිරීම) පිළිබඳ ගැටලුව ද මෙයට අදාළ වේ. ප්‍රාග්ධන භාණ්ඩ නිපදවීම, අනාගත පරිභෝජන භාණ්ඩ නිපදවීම වැඩි වීමට හේතු වේ. ඒ නිසා කොපමණ පරිභෝජන භාණ්ඩ නිපදවන්නේද කොපමණ ප්‍රාග්ධන භාණ්ඩ නිපදවන්නේද යන්න තීරණය කිරීමට සිදු වේ.

කෙසේ නිපදවිය යුතුද?

භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී විකල්ප ක්‍රම රාශියක් ඇත. එයින් කුමන ශිල්ප ක්‍රමයක් යොදා ගන්නේද යන ගැටලුවට මුහුණ දීමට 
සිදුවේ. මෙහිදී නිෂ්පාදනය කළ යුතු භාණ්ඩ තීරණය කිරීමෙන් පසුව සම්පත් වඩාත් කාර්යක්ෂමව යොදා ගැනීමට හැකි වන සේ
කෙසේ නිෂ්පාදනය කළ යුතු ද යන්න තීරණය කළ යුතු වේ. එනම්,


ශ්‍රම සුක්ෂ්ම නැතිනම් ප්‍රාග්ධන ශිල්ප ක්‍රමයක් යොදා ගන්නේද? 

පෞද්ගලික, සමුපකාර, සමාගම් ආදී කුමන සංවිධාන ක්‍රමයක් යොදා ගනු ලබන්නේද?

නිෂ්පාදන ස්ථාන ගත කිරීම සිදු කරනු ලබන්නේ කෙසේද?

මෙයට විසඳුම් සෙවීමේ ප්‍රධාන නිර්නායකය වන්නේ නිෂ්පාදන පිරිවැයයි. එසේම සාපේක්ෂව බහුල සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීමටත්, හිඟ සම්පත් පිරිමැසුම්දායක ලෙස භාවිතයට ගැනීමටත් හැකි වන පරිදි කුමන නිෂ්පාදන ක්‍රම භාවිතයට ගත හැකිද යන්න මෙහිදී සලකා බැලේ.  

කවුරුන් සඳහා නිපදවිය යුතුද?

නිෂ්පාදකයෝ නිෂ්පාදන හා බෙදා හැරීම් පිළිබඳ තීරණ ගැනීමේදී. එම භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව ඇත්තේ කාටද යන්න පිළිබඳව තීරණය කළ යුතුව ඇත. එනම් ජාතික ආදායම බෙදීයාම පිළිබඳව (ආදායම් ව්‍යාප්තිය) මෙහිදී සලකා බැලේ. කවර හෝ ආර්ථිකයක විවිධ ආදායම් කණ්ඩායම් සිටිය හැකිය.

එනම්,

1. වඩාත් දිළිඳ පංතිය

2. දිළිඳු පංතිය

4. මධ්‍යම පංතිය

5. ධනවත් පංති ආදී වශයෙනි

භූමිය හා ප්‍රාග්ධන වත්කම්වල හිමිකාරිත්වය, ශ්‍රමය, මානව ප්‍රාග්ධනය අනුව ඉපයීමේ හැකියාව විවිධ වේ. මේ අනුව විවිධ භාණ්ඩ සඳහා පවතින ඉල්ලුම විවිධ වේ. එබැවින් විවිධ පාරිභෝගික හා ප්‍රාග්ධන භාණ්ඩ මිලදී ගැනීමට ඇති හැකියාව හෙවත් ආදායම් බෙදීයාම පිළිබඳව, නිෂ්පාදකයින් නිෂ්පාදන තීරණ ගැණිමේදී පූර්ව දැනුමක් ලබාගත යුතුය යන්න මෙහිදී අවධාරණය කෙරේ. (දේවරක්කිත හිමි, 2010, පි.ටු.3-4) 

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය

සාර්ව ආර්ථික අරමුණු අත් කර ගැනීම සඳහා ආණ්ඩුවේ බදු අයකිරීම් සහ ණය ගැනීම්වල අදාළ වෙනස්කම් සිදු කිරිම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය වශයෙන් නිර්වචනය කළ හැකිය. ශක්තිමත් හා කිරසාර ආර්ථික වෘද්ධියක් ප්‍රවර්ධනය කිරීමටත්, දරිද්‍රතාව පහළ හෙළීමටත් ආණ්ඩුව විසින් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සුලබ ලෙස යොදා ගැනේ. 1930 ගණන් මැද භාගය වන තුරු පිළිගත් රාජ්‍ය මූල්‍ය මූලධර්මය වූයේ ආණ්ඩුවේ අයවැය ලේඛනය තුලනය කොට පවත්වා ගත යුතු බටය. තුලනය නොවුණු අයවැය ලේඛන ඉදිරිපත් කිරීම අයහසත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ලක්ෂණයක් ලෙස සලකනු ලැබීය. එහෙත් 1930 ගණන්වලින් පසුව බිහි වූ තේන්සියානු ආර්ථික න්‍යාය, රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තියට ප්‍රබල සාර්ව ආර්ථික ප්‍රතිපත්ති උපකරණයක් ලෙස භාවිතා කිරීමේ හැකියාවක් පවතින බව අවධාරණය කළේය. ආණ්ඩුවේ වියදම් සහ බදු අයකිරීම් වෙනස් කිරීම මගින් සමස්ත ඉල්ලුම උත්තේජනය කළ හැකි බව කේන්දියානු ආර්ථික න්‍යාය පෙත්වා දෙයි. ආණ්ඩුවේ වියදම් සහ බදු අයකිරීම්වල මට්ටම සහ ඒවායේ සංයුතිය වෙනස් කිරීමෙන් සමස්ත ඉල්ලුම හා නිමැවුම් මට්ටමත්, සේවා නියුක්තියත්, සම්පත් බෙදී යාමේ රටාවක්, ආදායම් ව්‍යාප්ති රටාවන් කෙරෙහි සැලකිය යුතු බලපෑපේ කළ හැකි වේ.

ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්තියක් වශයෙන් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති යොදා ගැනීමේ දී එහි ප්‍රධාන ස්වරූප තුනක් දක්නට ලැබේ. එනම් සංකෝචනාත්මක, ප්‍රසාරණාත්මක සහ මධ්‍යස්ත රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති වශයෙනි, කිසියම් රටක වාර්ෂික අයවැය ලේඛනය, එම රටේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ ස්වරූපය කැටි කොට දැක්වෙන ලේඛනයක් වේ. අයවැය ලේඛනය අතිරික්තයක් වාර්තා කරන විට, ඉන් ප්‍රකාශ වන්නේ ආණ්ඩුවේ වියදමට වඩා බදු අයකිරීම් විශාල බවත්, එබැවින් රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තිය සංකෝචනාත්මක එකක් බවත්ය. 


මක්නිසාද යත්, ආණ්ඩුවේ මිල දී ගැනීම් වලට වඩා බදු අය කිරීම විශාල වන විට, සමස්ත ඉල්ලුම කෙරෙහි සංකෝචනාත්මක බලපෑමක් ඇති කරන බැවිනි. මෙම තත්ත්වය යටතේ සමස්ත වියදම් ප්‍රවාහයට ඇතුළු කරන දැ (විදීම්)ට වඩා, සමස්ත වියදම් ප්‍රවාහයෙන් සිදුවන කාන්දුවීම (ගිලිහීම්) විශාල වේ. එවිට මුර්ත නිෂ්පාදිතය සහ සේවා නියුක්තිය කෙරෙහි සංකෝචනාත්මක බලපෑමක් හට ගනී.

අනිත් අතට, අයවැය ලේඛනය හිඟයක් වාර්තා කරන විට, එනම් බදු අය කිරිම්වලට වඩා ආණ්ඩුවේ වියදම විශාල වන විට, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ප්‍රසාරණාත්මක එකක් ලෙස සලකනු ලැබේ. බදු අය කිරිම්වලට වඩා වියදම් විශාල වන විට, සමස්ත ඉල්ලුම කෙරෙහි ප්‍රසාරණාත්මක බලපෑමක් ඇති වේ. සමස්ත වියදම් ප්‍රවාහයට ඇතුළු කරන දෑ (විදීම්) ඉන් තාන්දු වන ප්‍රමාණයට වඩා විශාල වන බැවින්, මූර්ත නිෂ්පාදිතය සහ සේවා නියුක්තිය ප්‍රසාරණය වේ.


අධ්‍යස්ත රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන ලක්‍ෂණය වනුයේ අයවැය ලේඛනය තුලිත මට්ටමක පවත්වා ගෙන යාමය. එහි දී ආණ්ඩුවේ වියදම මුළුමණින් ම බදු ආදායමෙන් පියවා ගනු ලැබේ. මෙබඳු අවස්ථාවක මූර්ත නිෂ්පාදිතය කෙරෙහි ඇති කරනු ලබන බලපෑම් උදාසීත එකකි. ආණ්ඩුවේ වියදම වැඩි වීම නිසා සමස්ත ඉල්ලුම කෙරෙහි ඇති වන ප්‍රසාරණාත්මක බලපෑම ඒ හා සමාන ප්‍රමාණයක බදු වැඩි කිරීමක් නිසා මුළුමනින් ම සමහන් වී නොයයි. වියදම සහ බදු සමාන අගයක් ගනු ලැබුව ද, වියදම නිසා හට ගන්නා ප්‍රසාරණාත්මක බලපෑම බදු නිසා හට ගන්නා සංකෝචනාත්මක බලපෑමට වඩා විශාලය. එබැවින් ඒවා එකිනෙක සනය වී නො යන අතර, වියදම වැඩි වූ ප්‍රමාණයෙන් ම මූර්ත නිෂ්පාදිතය ශුද්ධ වශයෙන් වැඩි වේ.

ආණ්ඩුවේ වියදම් සහ බදු වෙනස් වූ විට මූර්ත නිෂ්පාදිතය මත ඇති වන බලපෑම තීරණය වනුයේ ගුණකයේ විශාලත්වය මතය. ආණ්ඩුවේ වියදම වෙනස් වූ විට, නිෂ්පාදිතය මත ඇති වන බලපෑම, බදු වෙනස් වූ විට නිෂ්පාදිතය මත ඇති වන බලපෑමට වඩා විශාල වේ. මීට හේතුව ආණ්ඩුවේ වියදම් වෙනස් වූ විට එය සෘජුව ම සමස්ත ඉල්ලුමට බලපාන නමුදු, බදු වෙනස් වූ විට සමස්ත ඉල්ලුම සෘජුව ම එම ප්‍රමාණයෙන් වෙනස් නොවේ. බඳු වෙනස් වූ විට සෘජුව ම වෙනස් වනුයේ වැය කළ හැකි ආදායමයි. වැය කළ හැකි ආදායම වෙනස් වූ පසු එයට සංවේදී ව පරිභෝජන ඉල්ලුම ද්විතීයික වශයෙන් වෙනස් වේ. මේ නිසා ආණ්ඩුවේ වියදම් වෙනස් වූ විට ඇති වන ගුණක ප්‍රතිසාසයට වඩා, බුදු වෙනස් වූ විට හට ගන්නා ගුණක ප්‍රතිවිපාකය සාපේක්ෂ වශයෙන් කුඩා අගයක් ගනී. එබැවින් අයවැය ලේඛනයක්  තුලනය වුව ද, එහි කිසියම් ප්‍රමාණයක ප්‍රසාරණාත්මක බලපෑමක් පවතින බව මින් අදහස් කෙරේ.

සාර්ව ආර්ථික අරමුණු අත්කර ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය දායක වන ආකාරය විශ්ලේෂණය කරන විට එහි ස්වරූප දෙකක් හඳුනා ගත හැකිය. එනම්,

(1) ස්වයංක්‍රීය ස්ථායිකරණ ප්‍රතිපත්තිය (automatic stabilization policy)

(2) අභිමතානුසාරී ප්‍රතිපත්තිය (discretionary  policy) වශයෙනි.  (අතපත්තු, 2011, පි. 67-68-68) 

WA කසුනි නිමල්කා විජේසිංහ 
කොළඹ විශ්වවිද්‍යාලය 
ජනමාධ්‍ය අධ්‍යනාංශය 









දෙවන ලෝක යුද්ධය

දෙවන ලෝක යුද්ධය

ක්‍රි.ව. 1818 වන විට පළමුවන ලෝක මහා සංග්‍රාමය නිමවිය. පළමුවන ලෝක මහා සංග්‍රාමය අවසන් වී දශක දෙකක් ගත වන විට නැවතත් ලෝකයේ යුද ගිනිදැල් ඇවිලෙන පසුබිමක් සැකසෙමින් තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස නැවත ලෝක මහා සංග්‍රාමයක් ඇති විය. 1939පු සැප්තැම්බර් මස සිට 1945 අගෝස්තු දක්වා පුරා වසර හයක පමණ කාලයක් ලොව පුරා පැවැති මෙම බිහිසුණු සංග්‍රාමය දෙවන ලෝක මහා සංග්‍රාමය ලෙස හැදින්වේ.

දෙවන ලෝක සංග්‍රාමයට තුඩු දුන් හේතු

දෙවන ලෝක සංග්‍රාමය ආරම්භ වූයේ 1939 දී වුවත් එය ක්ෂණිකව ඇති වූ සිදු වීමක් නො වී ය. පළමුවන ලෝක සංග්‍රාමය අවසන් වී දශකයක් පමණ ගත වන විට යුරෝපයේ ඇතැම් රටවල ක්‍රියාකාරීත්වය සහ බලවත් රටවල් අතර තිබූ තරගකාරිත්වය නැවතත් යුද්ධයකට පසුබිම නිර්මාණය කළේ ය. මේ තත්ත්වය දෙස පරික්ෂාකාරීව බලන විට දෙවන ලෝක සංග්‍රාමය තුඩු දුන් හේතු කිහිපයක් හදුනාගත හැකි ය.

ජර්මනියේ හිට්ලර් බලවත්වීම හා ඔහුගේ ක්‍රියා කලාපය

පළමුවෙනි ලෝක සංග්‍රාමයෙන් පසු බටහිර රටවල් මැදිහත් වීමෙන් ජර්මනියේ ආණ්ඩුවක් පිහිටුවූ අතර එය වෛමාර් සමූහාණ්ඩුව ලෙස හැදින්වේ. සමකාලීනව ජර්මනිය මුහුණ දුන් ප්‍රශ්නවලට විසදුම් ලබාදීමට වෛමාර් සමූහණ්ඩුව අසමත් වීම නිසා ජර්මනිය තුළ හිට්ලර් වැන්නෙකු බලය ලබා ගත හැකි තත්ත්වයක් සකස් විය. වර්සෙල්ස් ගිවිසුම අනුව ජර්මනියට විශාල යුධ වන්දියක් ගෙවීමට සිදු විය. 1920  වර්ෂයෙන් පසු ජර්මනියේ ප්‍රාග්ධනය සම්පුර්ණයෙන් යුධ වන්දි ගෙවීමට වැය වීම නිසා වෛමාර් සමූහාණ්ඩුව ශීඝ්‍රයෙන් මුදල් අච්චු ගැසීමට පෙළඹුණි. මේ නිසා මුදලේ අගය ශීඝ්‍රයෙන් වැටී රට තුළ ඉහළ උද්ධමනයක් නිර්මාණය විය. රටේ භාණ්ඩ මිල ඉතා අධික ලෙස ඉහළ ගිය අතර විරැකියාව ද අතිවිශාල විය. හිට්ලර්ගේ අනුගාමිකයෝ මෙම තත්වය තම වාසිය හරවා ගත්හ. 1929 වර්ෂයේ දී ඇති වූ ලෝක ආර්ථික පරිහානිය ජර්මනියට ද තදින් බලපෑවේ ය.

මේ නිසා ජර්මනියේ රැකියා හිගය ඉහළ ගිය අතර භාණ්ඩ මිල ද වැඩි විය. ඇතැම් නගරවල කම්කරු වැඩවර්ජන පවා ඇති විය. ලෝකයේ බොහෝ රටවල් මෙම ආර්ථික පරිහානියට මුහුණ දුන් නමුත් හිට්ලර්ගේ අනුගාමිකයෝ ප්‍රජාතන්ත්‍රවාදී වෛමාර් රජයට ප්‍රශ්න විසදිය නො හැකි බව හුවා දැක්වුහ. 

දෙවන ලෝක යුද්ධයේ පාර්ශවකරුවන්

දෙවන ලෝක යුද්ධ පාර්ශ්වකරුවන්ගේ දායකත්වය.


මිත්‍ර බලවතුන්

ඇමෙරිකා එක්සත් ජනපදය

ප්‍රංශය

බ්‍රිතාන්‍ය

රුසියාව

අක්ෂ බලවතුන්

ජර්මනිය

ඉතාලිය

ජපානය

මිත්‍ර බලවතුන් - බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර ලිබරල් වාදී රටවල් බොහොමයක් මෙම මිත්‍ර බලවතුන්ගේ පක්ෂයට ඇතුළු විය. කොමියුනිස්ට්වාදී රුසියාව ද මිත්‍ර පක්ෂයට අයත් විය. 

දෙවන ලෝක මහා සංග්‍රාමයේ ප්‍රතිඵල

දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් ජර්මනිය, ඉතාලිය හා ජපානය අයත් වූ අක්ෂ පිල පරාජයට පත් විය.

එම යුද්ධය ලෝක ඉතිහාසයේ මෙතෙක් ඇති වූ බිහිසුණු ම සංග්‍රාමය විය. මෙම සංග්‍රාමයේ දී මිනිස් ජීවිත මිලියන 50කට වඩා විනාශ වූ බව සැලකේ. දේපල හා ධන විනාශය ගණනය කළ නො හැකි තරම් ය.

යුදෙව්වන් ඝාතනය කිරීමේ හිට්ලර්ගේ වැඩ පිළිවෙළ අනුව ජර්මනිය, පෝලන්තය, හංගේරියාව වැනි ජර්මන් බලය පැතිරිණු රටවල යුදෙව්වන් මිලියන ගණනක් නයිට් හමුදාව විසින් වද කදවුරුවලට ගාල් කර මරා දමන ලදි.

පරමාණු බෝම්බය යුධ අවියක් ලෙස භාවිත කරන ලද අතර ඉන් ඇති වූ බිහිසුණු විනාශයෙන් පරාජයට පත් වූවෝ පමණක් නොව ජය ලැබුවෝ ද මහත් කම්පනයට පත් වූහ. පරමාණු බෝම්බ හෙළීමෙන් අවස්ථාවේ විශාල ජීවිත ප්‍රමාණයක් විනාශ වූවා පමණක් නොව එහි භයානක ප්‍රතිඵල අනාගත පරම්පරාව කෙරෙහි ද ඇති විය. 

WA කසුනි විජේසිංහ
කොළඹ විශ්වවිද්‍යාලය 
ජනමාධ්‍ය අධ්‍යනාංශය 





ගෝලීයකරණය

ගෝලීයකරණය
ගෝලීයකරණය වූ කලී දේශ සීමාවලින් වෙන් ව පවත්නා ජාතික රාජ්‍යයන් ඒකාබද්ධ වීමේ ප්‍රවණතාවයි. ගෝලීයකරණ ක්‍රියාවලියේ ආර්ථික පැතිකඩක් සේ ම, සංස්කෘතිකමය හා දේශපාලනික පැතිකඩක් ද දක්නට ලැබේ. අප මෙහි දී විශේෂයෙන් අවධානය යොමු කරනුයේ ආර්ථික ගෝලීයකරණ (Economic Globalization) ක්‍රියාවලිය කෙරෙහිය. ආර්ථික ගෝලීයකරණය ඓතිහාසික ක්‍රියාවලියකි. මානව ශිෂ්ටාචාරයේ විවිධ අවධිවල, මිනිසා විසින් හඳුන්වා දෙන ලද නොයෙකුත් නවෝත්පාදන සහ තාක්ෂණිය සංවර්ධනයන් තුළින්, රටවල් අතර ආර්ථික සම්බන්ධතාවයන් ශක්තිමත් වනු දැකිය හැකිය. 16 වන සිය වස ආරම්භයේ දී සහ 19 වන සියවස අග භාගයේ දී ද, ගෝලීය කරණයේ ප්‍රතිඵල වශයෙන් රටවල් අතර ආර්ථික සම්බන්ධතාවන් ශක්තිමත් වූයේය. එහෙත් වර්තමාන ගෝලීයකරණ ක්‍රියාවලිය, ඓතිහාසික ව හට ගත් ගෝලීයකරණ ක්‍රියාවලියෙන් කරුණු කීපයත් නිසා වෙනස් වේ. වර්තමාන ගෝලීය කරණ ක්‍රියාවලිය සිදු වනුයේ අළුත් වෙළෙඳපොළවල් අළුත් මෙවලම්, අළුත් ක්‍රියාකාරකයන් හා අළුත් නීතිරීති පවතින පරිසරයක් තුළඟ වර්තමානයේ විදේශ විනිමය හා ප්‍රාග්ධන වෙළෙඳ පොළවල් දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර, ඕනෑම දුරස්තර ස්ථානයක පිහිටි වෙළෙඳ පොළක් සමඟ ඉතා පහසුවෙන් සම්බන්ධ වීමට ද, පිළිවන. අන්තර් ජාලය, ජංගම දුරකථනය හා විවිධ මාධ්‍ය ජාලයන් ඔස්සේ නිරතුරැවම තොරතුරු ගලා යාම කාර්යක්‍ෂම ට සිදු වේ. ජාතික රාජ්‍යයන් අභිබවා යා හැකි අධිකාරී බලයක් සහිත, ලෝක වෙළෙඳ සංවිධානය වැනි ජාත්‍යන්තර ආයතන අද බිහි වී තිබේ. ඇතැම් ජාතික රාජ්‍යයන්ටත් වඩා බලවත් බහු ජාතික සමාගම් වර්තමානයේ දක්නට ලැබේ. එසේ අන්තර් ජාතික රාජ්‍යය නොවන සංවිධාන ද මෙම ගෝලීයකරණ ක්‍රියාවලිය තව තවත් පාර්ශ්වීය ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ජාතික රාජ්‍යයන් බැඳී සිටීම කරන කොට ජාතික ප්‍රතිපත්ති අනුගමනය කිරීමට ඒ ඒ රටවලට ඇති සෛවරීත්වය කිසියම් දුරකට සීමා වී ඇත.  (අතපත්තු, 2011, පි.ටු 280). 


වර්තමාන අවධියෙහි ගෝලීයකරණ මූලික වශයෙන්ම තාක්‍ෂණය සහ ප්‍රතිපත්ති යන සාධක දෙක මත ක්‍රියාත්මක වේ. තාක්‍ෂණික සාධකය ගත් විට, එයින් අදහස් කෙරෙනුයේ ප්‍රධාන වශයෙන් ප්‍රවාහණ සහ සන්නිවේදන පිරිවැය අඩු වීම නිසා, ජාත්‍යන්තර නිෂ්පාදනය ඉතාමත් ඵලදායි කටයුත්තක් බවට පත්ව ඇති බවය. මුහුදු මාර්ගයෙන් භාණ්ඩ ප්‍රවාහණය කිරීමේ පිරිවැය. 1920-1990 අතර කාලය තුළ 70% කින් පහළ වැටී ඇති අතර, ගුවන් ප්‍රවාහණ පිරිවැය 1930-1990 කාලය තුළ 84% කින් පහළ වැටී ඇත. පරිගණක යන්ත්‍රවල මිල විශ්මයජනක ලෙස පහළ වැටී ඇත. විශේෂයෙන්ම තොරතුරු තාක්‍ෂණය සහ සංඛ්‍යාංක විප්ලවය (Digital Revolution) හේතු කොට ගෙන ගෝලීයකරණ ක්‍රියාවලිය මෑත කාලයේ දී අතාමත් තීව්‍ර ස්වරූපයක් ගෙන ඇත. තාක්ෂණික සංවර්ධනය, විශේෂයෙන් ම අන්තර් ජාලය සහ ජංගම දුරකථන ඇතුළු සංදේශන උපකරණ වල දියුණුව සහ ඒවායේ පිරිවැය සීඝ්‍රයෙන් පහත වැටීමේ ප්‍රවණතාව, ගෝලීය කරණය වීමේ වේගය හා ශීඝ්‍රතාව ඉහළ යාමට සහ ජන කොටස් අතර අන්තර් ක්‍රියාවලිය ගැඹුරු වීමට උපකාරී වී ඇත.

තාක්‍ෂණික අංශයේ හට ගත් වෙනස්කම් සේම ප්‍රතිපත්ති ක්‍ෂේත්‍රයේ හට ගත් වෙනස්කම් ද ගෝලීයකරණයට අවශ්‍ය ගාමක බලය සපයා තිබේ. ප්‍රතිපත්ති ක්‍ෂේත්‍රයන්හි ඇති වූ වෙනස්කම් අතර විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ, විධාන මගින් මෙහෙයවනු ලබන ආර්ථික ක්‍රම වෙනුවට, වෙළෙඳ පොළ බලවේග ඔස්සේ මෙහෙය වෙන ආර්ථික ක්‍රම කරා නැඹුරු වීමේ ප්‍රවණතාවක් 20 වන සිය වස අවසාන කාර්තුවේ දී ලොව පුරා පැතිරයාමයි. නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති බොහෝ රටවල ක්‍රියාවට නැගුණේය. නිර්බාධ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ ප්‍රතිඵලයක් වශයෙන් භාණ්ඩ හා සාධක වෙළෙඳපොළ සම්බන්ධ තරගකාරිත්වය වැඩි වී, නිෂ්පාදනය හා පරිභෝජන පර්යන්තයන් එපිට විතැන් වී තිබේ. ලෝකයේ ඕනෑම රටක ඇති භාණ්ඩයක් පරිභෝජනය කිරීමේ අවස්ථාව, වෙනත් රටක සිටින පාරිභෝගිකයෙකුට සැලසී තිබේ. නිෂ්පාදන ක්‍රියාවලිය අද විකේන්ද්‍රණය වී තිබේ. කිසියම් භාණ්ඩයක් නිෂ්පාදන ක්‍රියාවලිය, විවිධ අදියරයන්ට වෙන් කොට, ඒ ඒ අදියර වඩාත් කාර්යක්‍ෂම ව නිපදවිය හැකි ස්ථාන වලට නිෂ්පාදන ක්‍රියාවලිය විකේන්ද්‍රණය කිරීම තුළින් නිෂ්පාදන පිරිවැය අඩු කර ගැනීමට හැකි වී ඇත. ගෝලීයකරණය හේතු කොට ගෙන රටක් සතු සාධක උරුමය හා නිෂ්පාදන කර්මාන්ත අතර බැඳීම ලිහිල් වී තිබේ. ඊට හේතුව අමු ද්‍රව්‍ය, යන්ත්‍ර සුත්‍ර, සහ නොයෙකුත් සේවාවන් වඩාත් තරගකාරී මිලකට ජාත්‍යන්තරව ලබා ගත හැකි වීම සහ ප්‍රවාහණ පද්ධතීන්ගේ දියුණුව හේතු කොට ගෙන, සාධක මත යැපීමේ නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම වෙනස් වීමයි. නිර්බාධ ආර්ථික ප්‍රතිපත්ති යටතේ මෙම නිෂ්පාදන ක්‍රියාවලියේ විසේන්ද්‍රණය සඳහා පහසුකම් සැලසී තිබේ. (අතපත්තු, 2011, පි.ටු 281). 

ගෝලීයකරණයේ තීව්‍රතාව පිළිබිඹු කරන දර්ශක රාශියක් ඇත. උදාහරණ වශයෙන් වර්තමානයේ ලෝකයේ මුදල් වෙළෙඳපොළවල දිනයක දී හුවමාරුවක මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.5 කට වඩා විශාල බව පෙන්වා දිය හැකිය. ලෝකයේ වර්ෂයක් තුළ නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවා වලින් 1/5ක් පමණ ප්‍රමාණයක් වෙළෙඳාමට  යොමු කරනු ලැබේ. 
(අතපත්තු, 2011, පි.ටු . 281)

ගෝලීයකරණය සංවර්ධනය වන රට වලට ඉමහත් අභියෝග රැසක් දායාද කර ඇත. මෙම රටවලින් බොහෝමයක් ගෝලීයකරණ ක්‍රියාවලියේ දී ආන්තිකකරණයට මුහුණ පා ඇත. ඉහළ යමින් පවත්නා අසමානතාවන් තුළිත් සමාජ ගැටුම් පෝෂණය වී ඇත. අසමානතාවන් ආදායම්වලට පමණක් සීමා වී නොමැත. ආර්ථික වත්කම් සහ සමාජ තත්ත්වයන් කරාද එය පැතිර ඇත. (අතපත්තු, 2011, පි.ටු 283-284) 

ගෝලීයකරණයන් සමග ඇති වූ සීඝ්‍ර ආර්ථික වර්ධනය, පාරිසරික වශයෙන් අහිතකර ප්‍රතිවිපාක ලෝකයේ බිහි කොට ඇත. ගෝලීයකරණයේ ප්‍රතිඵලයක් වශයෙන්, එක් අතකින් ලෝකයේ ධනවත් හා දුප්පත් රටවල් අතර පරතරය වැඩි වෙමින් පවතී. දිළිඳු ජනගහනයේ වර්ධනය පාරිසරික වශයෙන් අහිතකර බලපෑම් ඇති කරයි. (අතපත්තු, 2011, පි.ටු 286). 



WA කසුනි විජේසිංහ
කොළඹ විශ්වවිද්‍යාලය 
ජනමාධ්‍ය අධ්‍යනාංශය 

දෑස් පිනවන දසුන් පෙන්වන සුන්දර හුලංගල

දෑස් පිනවන දසුන් පෙන්වන සුන්දර හුලංගල 

ශ්‍රී ලංකාවේ පවතින බොහෝමයක් සිත් ගත් ස්ථාන අතුරින් වැඩි දෙනෙකුගේ අවධානය දිනාගත් ආකර්ෂණීය  ස්ථාන රැසක් සහිත භූමි ප්‍රදේශ වශයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ උරුමකම් කියයි. එලෙස සංචාරකයින්ගේ නෙත් සිත් දිනාගත් තවත් සුන්දර ප්‍රදේශ පිළිබඳවයි අද පවසන්නේ. 


හුලන්ගල පුංචි ලෝකාන්තය පිහිටා තිබෙන්නේ සැලගම වතුයාය නකල්ස් කඳු වැටියේ දකුණු කෙළවරේ වන අතර එම ස්ථානයට කුරුණෑගල මෙන්ම මාතලේ සිට ද ළඟා විය හැකිය. මෙම කන්දට "නැව්ගල" ලෙසින්ද ආමන්ත්‍රණය කරයි. කඳු නගින්නන්ගේ සිත් දිනාගත් පාරාදීසයක් ලෙස ද මෙය හඳුන් විය හැක. දුරට බැලූ විට රුවලවිට රුවල් නැවක ස්වරූපයක් ගන්නා කඳු මුදුන් දෙකක් සහිත මෙම කඳුගැටය එසේ වීම හේතුවෙන් නැව්ගල ලෙසින් පැරැන්නන් හඳුන්වා ඇත. 

කුරුණෑගල සිට සමස්ත දුර කිලෝමීටර් හතළිහක් පමණ වේ. මෙය පිහිටා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නමුත් කන්ද පහළ කොටස පිහිටා ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කයට ය. සැලගම වතුයාය මැදින් ඔබ ගමන් ගන්නා රථයේම මෙම කඳු මුදුනට ළඟා විය හැකිය. බොහෝ දෙනෙකු මෙම කන්ද තරණය කරනු ලබන්නේ එම වතුයාය මැදින් වීම විශේෂත්වයකි. 

ඔබ මාතලේ සිට මෙම ස්ථානයට ළඟා වනවානම් මාතලේ සිට මහනුවර, යාපනය මහා මාර්ගය පලාපත්වෙල, ගලේවෙල පාර තල්ගොඩපිටිය, යටවත්ත, දොඹවෙල පාර සහ කැලේ මුල්ල පාර ඔස්සේ පලාපත්වෙල සහ යටවත්ත පසුකර මාතලේ දිස්ත්‍රික්කයේ සැලගම පිහිටි හුලංගල පුංචි ලෝකාන්තයට ළඟා විය හැක. 

විශේෂිතම කාරණාව වන්නේ මෙම කාල සීමාව තුළ එම වත්තට ඇතුලු වීමට අවසර ගත යුතුය. ඔබ කිසියම් රථයකින් කඳු මුදුනට යන්නේ නම් වාහනය සඳහා යම්කිසි මුදලක් අය කරයි. ඔබ ඔබගේ රථයේම කඳු මුදුනට ළඟා විය හැකි අතර තේ වතු තිබීම හේතුවෙන් පරිසරය සුන්දරත්වය අඩුවක් නොමැතිව විඳගැනීමට අවස්ථාව ලැබෙයි. 

පුංචි ලෝකාන්තයේ පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් හත්සිය හැටක්  (760m)
එනම් අඩි දෙදහස් පන්සියයක් (2,500) ක් උසිනි. 

මේ පුංචි ලෝකාන්තය මුදුනට ආපසු දැකගන්නට ලැබෙන නිදහස සුන්දරත්වය ඔබටත් එම ස්ථානයට ගොස් විඳගන්නට පුළුවන්. මෙම පුංචි ලෝකාන්තයේ මුදුන ට වයඹ හා මධ්‍යම  පළාත් හොදින් දිස් වනවා. ඒ අතුරින් නකල්ස් කඳු පන්තිය බිසෝගල දොලුකන්ද රිදි විහාරය රම්බඩගල්ල වැනි ස්ථාන රැසක් දැක බලා ගත හැක.

මෙහි සුන්දරත්වය විඳින අතරතුර ඔබට සැලගම වතුයායේ පිහිටා ඇති බිසෝ ඇල්ල ද පිවිසිය හැක. එම ස්ථානයට ළඟාවීම සඳහා වතුයායේ ලැයිම් නිවාස පිහිටි ස්ථානයෙන් දකුණට ගමන් කොට යටවත්ත හින්දු කෝවිල දක්වා ගමන් කළ යුතුය. කුරුණෑගල සිට ද ගමන් කළ හැකි ඉතාමත් රමණීය ස්ථානයක් ලෙස මෙම ස්ථානය පෙන්වා දිය හැක. 

හුලන්ගල පුංචි ලෝකාන්තය එය අවට මිටියාවත් විස්මිත දසුන් සහිත ප්‍රසිද්ධ දර්ශන වලින් එකකි.


ඔබ මෙහි සංචාරය කිරීම සඳහා Google Map  යොදා ගන්නේ නම් "Yatawatta weeraparakrama secondary school" යන්න ගමනාන්තය ලෙස සටහන් කළ යුතු අතර එම පාසල අසලින් සැලගම වෙත ළඟා විය හැක. 

එසේ නොමැතිව හුලංගල යන ගමනාන්තය ලෙස සටහන් කර Google Map භාවිත කළහොත් මාර්ගය වැරදීමට ඉඩ කඩ ඇති බවද කිව යුතුය. ඔබ පොදු ප්‍රවාහන සේවා භාවිතා කරමින් මෙහි සංචාරය කරන්නේ නම් මාතලේ බස් නැවතුම් පොලට පැමිණ පාරදෙක මාතලේ බස් රථයකට ගොඩ වැදී එම බස් රථයේ ගමනාන්තයන් බැසගත් පසු පා ගමනින් ඔබට හුලංගල තරණය ආරම්භ කළ හැක. 

රාත්‍රිය කඳවුරු බැඳ ගත් පසු  සුන්දර දිය ඇල්ලක් මුදුනේ සිට සුන්දරත්වය විඳීමේ අවකාශය මෙම ගමනේ දී ඔබට ලැබෙන තවත් එක් අත්දැකීමකි. 

එහිදී පරිසර දූෂණය කින් තොරව මෙම සුන්දර ස්ථාන නරඹා ආරක්ෂාකාරීව නැවත පැමිණීම ඔබගේ පූර්ණ වගකීමක් ද වේ. 

WA කසුනි විජේසිංහ 


Tuesday, 23 May 2023

සම්මුඛ සාකච්ඡාවක දී "සූදානම් වීම" (preperration) වැදගත්ම සාධකයයි.

සම්මුඛ සාකච්ඡාවක දී "සූදානම් වීම" (preperration) වැදගත්ම සාධකයයි.


සම්මුඛ සාකච්ඡාවක් කිරීම සඳහා හොඳ අත්දැකීමක් සහ ඒ පිළිබඳ මනා අවබෝධයක් තිබීම අත්‍යාවශ්‍ය කාරණයකි. සම්මුඛ සාකච්ඡාවක් යනු කුමක්ද යන්න බිම සී මෙහිදී මුහුණට මුහුණ මුණ ගැසී සිදු කරනු ලබන සාකච්ඡාවක් (Conversation) ලෙස සඳහන් කළ හැක. එපමණක් නොව පාර්ශව දෙකක් හෝ කිහිපයක් අතර මුහුණට මුහුණලා කෙරෙන තොරතුරු හුවමාරුවක් ලෙස ද සඳහන් කළ හැක. ක්ෂණික ප්‍රතිපෝෂණයක් ලැබෙන ප්‍රශ්නවලියක් වශයෙන් ද සඳහන් කළ හැක.

An interview is a essentially structured conversation where one participant ask questions and the other provide answers. 


ඒ අනුව සමඟ සාකච්ඡාවක් සිදු කිරීම සඳහා කිසියම් අරමුණක් තිබිය යුතුය. (Conversation with the purpose) ප්‍රධාන වශයෙන් සිදු කිරීමට බලාපොරොත්තු වන සාකච්ඡාවක් උදෙසා අරමුණක් තිබිය යුතුය.
ඒ අනුව සම්මුඛ සාකච්ඡාවක් යනු කිසියම් අරමුණක් සාධනය කර ගැනීම සඳහා පවත්වනු ලබන සංවිධානමය සාකච්ඡාවකි.  එහිදී මෙවැනි සම්මුඛ සාකච්ඡාවක් ආරම්භ කිරීමේදීත් සූදානම් වීම (preperration) වැදගත්ම සාධකයකි. 

සම්මුඛ සාකච්ඡාවක් සඳහා සූදානම් වීම භක්තියෙන් සහගත ක්‍රියාවලියක් ලෙස සඳහන් කළ හැකිය අද්‍යතනය වන විට මුහුණට මුහුණ (face to face) ක්‍රියාවලියෙන් ම ඉදිරි ඉන් ඔබ්බට ගොස් නව තාක්ෂණය හමුවේ විවිධ ආකෘති නිර්මාණය වී ඇත (eg- Skype interviews , zoom) නමුත් සමස්ත වශයෙන් ගත් ගත් කල සූදානම්වීම සම්මුඛ සාකච්ඡාවක දී මුඛය ක්‍රියාවලිය බවට පත්වේ. 

සම්මුඛ සාකච්ඡාව සිදුකිරීමේදී  සාර්ථකත්වයේ කුළුණු ත්‍රිත්වය (three keys of preperration) වැදගත් වේ. එනම් 

1step preparation
2step  preparation 
3step preparation 

සම්මුඛ සාකච්ඡා ක්‍රියාවලිය පුරාවට පෙර සූදානම් වීම වැදගත් වේ. විශේෂයෙන්ම සම්මුඛ සාකච්ඡාවක දී පචාවකදී පෙර සූදානම මගින් වඩාත් පලදායී ප්‍රශ්න ඇසීමට සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන්නාට   හැකිවේ. එවැනි සමග සාකච්ඡාවක් ග්‍රහක අවධානයෙන් ගිලිහී නොයනු ඇත. 

සම්මුඛ සාකච්ඡාව සඳහා පූර්ව සූදානම් වීමේ දී සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන්න තුළ සම්මුඛ සාකච්ඡාවේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නා වූ විෂය පථය සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් සහ මනා දැනීමක් අත්‍යවශ්‍ය වීම සමස්ත සම්මුඛ සාකච්ඡාවේ ඵලදායීතාවයට හේතුවනු ඇත. 


එමෙන්ම සම්මුඛ සාකච්ඡාව සිදු කරනු ලබන්නේ කාත් සමග ද සමඟ ද යන්න මෙහිදී වැදගත් වේ. ඒ සඳහා යොදා ගන්නා පුද්ගලා අදාළ ක්ෂේත්‍රය පිළිබඳ ව මනා අවබෝධයක් ද තිබිය යුතු වන අතර ඔහු ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් ප්‍රවීණයෙක් (Expert)  වීම වැදගත් කාරණයකි. සම්මුඛ සාකච්ඡාව සිදුකිරීම සඳහා සුදුසු වේලාවක් සූදානම් කර ගැනීම පෙර සූදානම දී අවධානය යොමු කළ යුතුය. එමෙන්ම සාකච්ඡාවට යොදා ගන්නා කාරණාවන් පිළිබඳව අවධානය යොමු කළ යුතුය. එනම් අදාළ අරමුණට අදාළව තොරතුරු ලබාගත හැකි ආකාරයෙන් ඇසීමට බලාපොරොත්තු වන්නා වූ ප්‍රශ්න ගොනු කර ගැනීම වැදගත් වේ විශේෂයෙන්ම ප්‍රජාව මොහුගෙන් කුමක්ද බලාපොරොත්තු වන්නේ යන්න සම්බන්ධයෙන් පුළුල් අවබෝධයකින් යුතුවකටයුතු කිරීමට  සම්මුඛ සාකච්ඡා මෙහෙයවන්නා  අවධානය යොමු කරමින් සම්මුඛ  සාකච්ඡාවට පෙර සූදානම් වීම වැදගත්ය. 

සම්මුඛ සාකච්ඡාව සිදුකරන අතරතුරදී සම්මුඛ සාකච්ඡාවට සහභාගී වන්නාගේ ශාරීරික භාෂාව (body language) කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ. එමෙන්ම සම්මුඛ සාකච්ඡාවට සහභාගී වන්නා දෙන පිළිතුරු හරහා නව ප්‍රශ්න ගොඩ නගමින් නව තොරතුරු ලබාගත යුතු අතර ඒ සඳහා පෙර සූදානමින් දී වඩාත් ඵලදායී ආකාරයට සූදානම් වීම වැදගත් වේ එසේම ඇහුම්කම් දීම (listening)  වැදගත් කාරණාවකි. 

ඉන්පසුව සම්මුඛ සාකච්ඡාව සඳහා Interview techniques භාවිතා කරමින් සමග සමග සාකච්ඡා විදිහට ගලාගෙන යෑම සිදු කළ යුතුය. Concentration and listing මෙහිදී වැදගත් වේ. සමස්ත අවධානය සම්මුඛ සාකච්ඡාවක් භාජනය වන්නාට ලබාදිය යුතුයි සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන අතරතුර සම්මුඛ සාකච්ඡාව අවසානයේ ද සූදානම් වීම යන කාරණය බෙහෙවින් වැදගත් වේ.  සවන්දීම ප්‍රධාන අංගයක් වනු ඇත ප්‍රශ්න ජාතික මනෝ විශ්ලේෂක මිචෙල් චියෝන් සමන් දෙන ආකාර ත්‍රිත්වයක් සඳහන් කරන ලදී.

casual listening 
semantic listening 
Reduce listening 

casual lestening හෙවත් ආපතික ශ්‍රවණය මගින් යමක් කරමින් අහු කම් දෙය හැකිය semanthi හෙවත් අර්ථ විචාරක ශ්‍රවණය මගින්, එනම් නිදසුන් ලෙස කෘෂිකර්ම කාර්මික ක්ෂේත්‍රය පිළිබඳව සාකච්ඡා කිරීමේ දී එම ක්ෂේත්‍රයට අදාළ පාරිභාෂික වචන මාලාවක් ඇත. එමින් සාකච්ඡාවට අර්ථ ගොඩ නංවා ගත හැක. ඒ සදහාද පෙර සූදානම් යන කාරණය බෙහෙවින් වැදගත්ය. 
reduce listening ඌනිත ශ්‍රවණය එනම් යම් යම් අවශ්‍යතා කාරණා පිළිබඳව පමණක් අවධානය යොමු කරයි. නිදසුන් ලෙස ගීතයක පද මාලාවට අවධානය යොමුකිරීම හැඳින්විය හැක. 

මෙලෙස අදාළ තොරතුරු සමඟ සාකච්ඡාව තුළ ගුරු කර කරගැනීමේදී සමස්ත සම්මුඛ සාකච්ඡාව පුරාවට සූදානම් වීම යන කාරණාව හරහා අවධානය යොමු කළ හැකිය ඒ අනුව 

praparation 
concentration
listening 

යනාදී සංකල්ප ත්‍රිත්වය සූදානම් වීම යන සංකල්පය තුළ අන්තර්ගත වේ. විශේෂයෙන්ම සම්මුඛ සාකච්ඡාවක් තුළ ප්‍රශ්න ඇසීම් එහිදී ප්‍රශ්න ඇසීම කාරණාව සිදුකළ යුත්තේ කියවන අසන පාඨකයා වෙනුවෙන් ය එහිදී සම්මුඛ සාකච්ඡාවකට සූදානම් වීම තුළ 

listening carefully 
Contact book buid up
Blind date 

යනාදී කාරණාවන් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය. Blind date යනුවෙන් සඳහන් කරන්නේ, වෙනත් කාරණාවන් පිළිබඳව නොව අදාළ කාරණාව පිළිබඳව පමණක් සිතීමයි. 

විශේෂෙන්ම පර්යේෂණ (research) සම්මුඛ සාකච්ඡාවට සූදානම් වීම තුළ දී වැදගත් කාරණාවකි. 

research යනු නැවත සොයා බැලීමකි එසේ නැතිනම් පවතින කරුණු තොරතුරු පිළිබඳව නැවත සොයා බැලීමක් කිරීමකි.  පවතින කරුණු තොරතුරු පිළිබඳව නැවත සොයා බැලීමක් කිරීමකි. පවතින දැනුම (existing knowledge) උපකල්පනයක් තිබිය හැක. සම්මුඛ සාකච්ඡාවක් සිදු කිරීමට ප්‍රථම පර්යේෂණ සිදුකිරිම සිදුකිරීම මගිම මගින් අදාළ සම්මුඛ සාකච්ඡාව මඟින් අරමුණු සාක්ෂාත් කර ගැනීමටත් අහන බලන ශ්‍රාවකයා පාඨකයා ප්‍රේක්ෂකයා වෙනුවෙන් ඔවුන් අපේක්ෂා කරනු ලබන තොරතුරු මනාව ලබා ගැනීමේ හැකියාව සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන්නට ලැබේ විශේෂයෙන්ම research හරහා සම්බන්ධ කුසලතා මනාව යොදා ගනිමින් එය කළ යුතුය. එය සඳහා පෙර සූදානම අත්‍යවශ්‍ය වේ. research  සඳහා සූදානම් වීමේ දී  ඒ පිළිබඳව මනා අවබෝධයකින් යුතුව කටයුතු කළ යුතුය. 


කසුනි විජේසිංහ 

ගුවන්විදුලිය , රූපවාහිනිය , පුවත්පත සහ නව මාධ්‍යන්හි සම්මුඛ සාකච්ඡාවක් මෙහෙයවන්නෙකු සතු විය යුතු ගුණාංග.

ගුවන්විදුලිය , රූපවාහිනිය , පුවත්පත සහ නව මාධ්‍යන්හි සම්මුඛ සාකච්ඡාවක් මෙහෙයවන්නෙකු සතු විය යුතු ගුණාංග. 


සම්මුඛ සාකච්ඡා ප්‍රවර්ගයන් ගණනාවක් මාධ්‍යමය ක්‍රියාවලිය තුළ හඳුනාගත හැකිය කිසියම් අරමුණක් සඳහා මෙන්ම ජනතාව අපේක්ෂා කරනු ලබන තොරතුරු ලබා ගැනීම උදෙසා මෙලෙස සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සිදුවේ. "Conversation with the purpose" යන කාරණාව මෙම සම්මුඛ සාකච්ඡාව තුළ භාවිත කළ යුතුය. මෙම සම්මුඛ සාකච්ඡාවන් මුද්‍රිත මාධ්‍ය තුළ මෙන්ම විද්‍යුත් මාධ්‍ය තුළ ද මැනවින් ක්‍රියාත්මක වන අතර ගුවන් විදුලි රූපවාහිනිය පවත් පත්තර එවැනි මාධ්‍ය මෙන්ම නව මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවක් මෙහෙයවන්න සතුව විශේෂ ගුණාංග සමුදායක් තිබීම වැදගත් වේ. එවැනි ගුණාංග අනුගමනය කිරීම හරහා අදාළ සමඟ සාකච්ඡාව සාර්ථකව නිම නිම කිරීමට සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන්නාට හැකිවේ. 


ප්‍රධාන වශයෙන් සමඟ සාකච්ඡා මෙහෙයවන්නා තුළ හොඳ අත්දැකීම් මෙන්ම සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන්නා වූ විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් තිබූ වැදගත් කාරණාවකි. මෙහි ප්‍රධාන කාරණාව වන්නේ ප්‍රශ්න ඇසීමයි. එම ක්‍රියාවලිය තුළ සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන්නා සතුව තිබිය යුතු ප්‍රධාන ගුණාංගයක් ලෙස (Principles object) කුසලතා සහිත ප්‍රශ්න කිරීම (Skill full questions) වැදගත් වේ. එම ප්‍රශ්න කිරිම මගින් සමග සමඟ සාකච්ඡාවේ අරමුණ සාකච්ඡා කර ගැනීමටත් ජනතාව අපේක්ෂා කරන්නා වූ තොරතුරු ලබා ගැනීමට ද හැකි විය යුතුය. 


ප්‍රශ්න අසන්නා සතුව එනම් සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන්න සතු පෞද්ගලික මත තිබිය හැකිය. (Opinions,attitudes) නමුත් සම්මුඛ සාකච්ඡා ක්‍රියාවලියට  (process) එම අදහස් මතිමතාන්තර තුළින් තීරණ සඳහා එළඹීම නොකළ යුතුය. 

එමෙන්ම සමඟ සාකච්ඡාවට ලක් වන්නා ව උත්තේජනය කළ යුතු අතරම ඔහු හෝ ඇයව හොඳින් නිරීක්ෂණය කිරීමට කටයුතු කළ යුතුය. එමඟින් සමග සාකච්ඡාවට සහභාගී වන්න කෙලෙස පිළිතුරු සැපයුවත් ශරීරය ලක්ෂණ හරහා එය එසේමද යන්න නිර්ණය කරගත හැක. 
ඒ අනුව තවදුරටත් සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන්න සතුව පහත සඳහන් කාරණාවන් සම්මුඛ සාකච්ඡාවට භාජනය වන්නා විසින් ඉදිරිපත් කරනු ලබන තොරතුරු සහ මතයන් කෙරෙහි නො තිබීම වැදගත් වනු ඇත. මෙය සම්මුඛ සාකච්ඡා මෙහෙයවන්නා සතු විය යුතු තවත් වැදගත් ගුණාංගයකි. 

Interest 
Opinion 
Attitude 



ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදන ක්‍රියාවලිය තුළ නිශ්පාදකයා විසින් මිනිස් කටහඬ (voice) සංගීතය (Music) සහ ශබ්ද ප්‍රයෝග (SFX) භාවිතයට ගනු ලබන ආකාරය

ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදන ක්‍රියාවලිය තුළ නිශ්පාදකයා විසින් මිනිස් කටහඬ (voice) සංගීතය (Music) සහ ශබ්ද ප්‍රයෝග (SFX) භාවිතයට ගනු ලබන ආකාරය

ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදන ක්‍රියාවලිය සරල ක්‍රියාවලියක් නොවනු ඇත. කිසියම් වැඩසටහනක් නිෂ්පාදනය කිරීමේ අදියර කීපයක් යටතේ සිදුවීමේදී  ඒ ඒ වැඩසටහන් මනාව ග්‍රාහක ආකර්ශනය  රඳවා තබාගැනීම යන කාරණය අධ්‍යතනය වන  විට විශාල අභියෝගයක් බවට පත්ව ඇත්තේ හතු පිපෙන්නාක් මෙන් ගුවන් විදුලි නාලිකාවන්  රැසක් බිහිවී තිබීම හා ගුවන්විදුලි වැඩසටහන් සමග අනිකුත් මාධ්‍යයන් තරඟකාරීත්වයක්  ලබා දෙන බැවිනි. කෙසේ වෙතත් ගුවන් විදුලිය අනිකුත් මාධ්‍යයට සාපේක්ෂ ව තරගකාරීත්වයක් ලබා දෙන බැවිනි. කෙසේ වෙතත් ගුවන් විදුලිය අනෙකුත් මාධ්‍යයන්ට සාපේක්ෂව තරගකාරී මාධ්‍යයක් වන බැවින් ග්‍රාහකයා රඳවා තබා ගැනීම උදෙසා විවිධාකාර උපක්‍රම වැඩසටහන් නිෂ්පාදකයන් විසින් සිදුකරනු ලබයි. ඒ තුළ ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදන ක්‍රියාවලිය තුළ නිශ්පාදකයා විසින් මිනිස් කටහඬ (voice)  සංගීතය (Music) සහ ශබ්ද ප්‍රයෝග (SFX) ඉතාම සූක්ෂ්මව යොදා ගන්නා ආකාරය හඳුනාගත හැක. 

ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදනයේ දී වැදගත්ම ප්‍රමුඛතම කාරණාව වන්නේ කටහඬයි(Voice). යම්කිසි ගුවන් විදුලි නාලිකාවක් සඳහා සමග පරීක්ෂණ පැවැත්වීමේදී ද කටහඬ ප්‍රමුඛ සාධකය බවට පත්වේ. නිවැරදි උච්චාරණය හඬ පාලනය කටහඬ උස් පහත් බව වැඩසටහන නිෂ්පාදනය තුළ බෙහෙවින් වැදගත් වේ. නිවැරදි උච්චාරණය හඬ පාලනය කටහඬ උස් පහත් බව වැඩසටහන් නිෂ්පාදනය තුළ බෙහෙවින් වැදගත් වනු ඇත. 

විශේෂයෙන්ම වැඩසටහන් සඳහා කටහඬ යොදා ගන්නා ආකාරය ඉතාමත් සුවිශේෂී වේ. නිදසුන් ලෙස ප්‍රවෘත්තිමය වැඩසටහන් සඳහා වඩාත් පාර්ශව දනවන පැහැදිලි ගැඹුරු හඬක් ප්‍රයෝජනවත් වන අතර නාට්‍යමය වැඩසටහන් සඳහා ඒ ඒ චරිතයට සුදුසු  කටහඬ යොදා ගනු ලබයි. 

එසේම විචිත්‍රාංග වැඩසටහන් වාර්තා වැඩසටහන් ආදී වැඩසටහන් හි  ග්‍රාහක සිත උද්දීපනය කර ගන්නා ආකාරයට කටහඬ භාවිතා කිරීම සිදුවේ. නිදසුන් ලෙස ටාසන් බාප්පා , පටි රෝල්  ,  අරා පැස්බරා වැනි ගුවන් විදුලි වැඩසටහන් තුළ කටහඬ භාවිතා කිරීම සුවිශේෂී හැකියාවන් හඳුනා ගත හැක. 

විශේෂයෙන්ම ගුවන් විදුලිය යනු චතුර කථන මාධයකි. මෙහිදී  සංගීතාත්මක කටහඬක් තිබීම ද අවශ්‍ය වේ. ශ්‍රාවකයෝ සංදේශය ග්‍රහණය කර ගන්නට එය ඉවහල් වනු ඇත.  කලකට පෙර විසූ ශ්‍රේෂ්ඨ ගුවන් විදුලි ඉදිරිපත් කරන්නෙකු වූ ජ්‍යෙප්රි වික්ස් පැවසූයේ ඔබේ කටහඬ සංගීත භාණ්ඩයක් ලෙස පවත්වාගෙන යන්න එයින් ගීත තනු වාදනය කරන්න යනුවෙනි. 

ගුවන් විදුලි මාධ්‍යයට ග්‍රාහකයා සමීප වීම උදෙසා උපකාර කරන්නාවූ ප්‍රධානතම මෙවලම වන්නේ කටහඬයි.එසේ වීම හේතුවෙන් කටහඬ විවිධාකාරයෙන් යුතුව ගුවන් විදුලිය තුළ භාවිත කළ හැකිය. කටහඬ විචිත්‍රවත් ලෙස ගුවන්විදුලි නාට්‍ය ද භාවිතා කරනු ලබයි. එවැනි ගුවන්විදුලි නාට්‍ය කිහිපයක් මෙසේය. 


උදා - සාගරය සේ ආදරේ 
          සේයා 
          මුවන් පැලැස්ස 
          අනුත්තරා 
           සිහින මන්දාකිණි 

ගුවන්විදුලි  වැඩසටහන් නිෂ්පාදන ක්‍රියාවලිය තුල සංගීතය (Music) ඉතාමත් වැදගත් සුසංයෝගයකි. සංගීතය යනු පෙරින් විස්තර කරන ලද කටහඬ උත්තේජනයට ප්‍රධාන සුසංයෝගයක් ලෙස සඳහන් කළ හැක. 

සංගීතය ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදන ක්‍රියාවලිය තුළ විවිධ කාරණාවන් හි දී යොදා ගනු ඇත. සංගීතය යනු ගුවන් විදුලි මාධ්‍යය තුළ ඉතාම ලාභදායී සුසංයෝගයකි. සියලුම වැඩසටහන් ප්‍රවර්ගයන් සඳහා සංගීත යොදාගනු ලබයි. Comming soon , jingles ආදිය සඳහා සදහා සංගීතය යොදා ගැනීම සිදුවේ. 

එමෙන්ම වැඩසටහන් තුළ අවස්ථානුකූලව භාවය ස්මතු කිරීම උදෙසා සංවේදය භාවිතා කරනු ලබයි. 

නිදසුන් ලෙස ගුවන් විදුලි නාට්‍යයක චරිතයක දුක්මුසු අවස්ථාවක් ග්‍රාහක හදවතට දැනෙන ලෙස උද්දීපනය කිරීම උදෙසා සංගීතය යොදා ගනු ලබයි. විශේෂයෙන්ම ගුවන් විදුලි වැඩසටහන් තුළ වැඩි වශයෙන් සංගීතමය වැඩසටහන් සඳහා අවකාශය සලසා ඇති ආකාරය හඳුනාගත හැකිය. 

උදා - hiru fm top 40 
          Sha fm top 20 
          Siyatha fm 20 twenty 

වැනි සංගීතමය  රේඩියෝ වැඩසටහන් හඳුනා ගත හැක. 

ඕනෑම රටක ගුවන්විදුලි මාධ්‍යයෙහි වැඩසටහන් ආකෘතිය සලසා බැලීමේදී සංගීතය වැදගත් තැනක් ගනී. ප්‍රතිශතයක් ලෙස ගත් කල ගුවන්විදුලි  විකාශන කාල වේලාවෙන් 50% ක් සංගීතය සඳහා වෙන් වී ඇත. 

නිදසුන් ලෙස මෙවැනි සංගීත  වැඩසටහන් උදෑසන දහවල් සැඳෑ රාත්‍රී ආදී කාලපරාසයන් සඳහා විවිධ වැඩසටහන් තේමාව යටතේ යොදාගනිමින් විකාශනය කරනු ලබයි. 

සංහතික මාධ්‍යයේ ප්‍රභවය හා විකාශය

සංහතික මාධ්‍යයේ ප්‍රභවය හා විකාශය
සංහතික මාධ්‍යයේ ප්‍රභවය හා විකාශය මානව  ප්‍රගමනයට  බලපාන ආකාරය
ප්‍රාග් ඓතිහාසික යුගයේ දී  මානවයා සිය සන්නිවේදන කටයුතු අවාචික සංඥා සංකේත යොදා ගනිමින් එකිනෙකා සමග සන්නිවේදනය කර ගන්නා ලදී. මානවයා තම දේශගුණික හා කාලගුණික තොරතුරු ශ්‍රාවකයෙකුට හෝ තමාට ම සන්නිවේදනය කර ගනු ලැබුවේ භාෂාවේ ප්‍රභවය ට පෙරාතුව සිට ය. එනම් ප්‍රාථමික සංඥා සංකේත ආරම්භ වී  වාචික සන්නිවේදනය ද බිහිවී දියුණු විය. මේ ජීව  විද්‍යාත්මකව හඳුන්වන්නේ උත්තේජන ප්‍රතිචාර තත්වයක් ලෙසය. මුල් කාලයේ දී  දී මෙහි පැවති අතිශය ප්‍රාථමික ස්වරූපයකි එනම් අංගචලන , විවිධ ශබ්ද ගිනිමැලය , වන සන්නිවේදන උපක්‍රමයි. එ නම් සතුන් භාවිතා කරමින් අතීතයේ පැවති දූත සන්නිවේදනය අඩබෙර , හූ කීම කොළඅතු ඒල්ලිම , ඝණ්ඨාව විවිධ පාට වර්ග වලින් කරනු ලැබූ සංඥා , හංවඩු ගැසීම ආදි ය ප්‍රාථමික සන්නිවේදන ස්වරූප යෙදී සන්නිවේදන කාර්යය ඉටු කරන්නට විය. තව දුරටත් අතීතයේදී අල්තමීරා ලැස්කෝ ගල් ගුහා ආදියෙහි අඳින ලද සිතුවම් පිළිබඳ විමර්ශනය කිරීමේ දී අතීතයේ ප්‍රාග් මානවයා තම සිතෙහි හටගත් සිතුවිලි සන්නිවේදනය හරහා අනිකාට ප්‍රකාශ කිරීමට ගත් උත්සාහය අගනේ ය. 

සංහතික මාධ්‍යයේ ප්‍රභවය පිළිබඳ විමසා බැලීමේදී වටහා ගත හැකි කරුණ නම් ඒ සැනකින් සංවර්ධනය නොවූවක් යන්නයි. අතීතයේ සිට වර්තමානය දක්වා ගමන් කිරීමේදී සංනිවේදනය යනු විවිධාකාරයෙන් වෙනස් වෙමින් විවේචනයට ලක් වෙමින් විවිධ විද්වතුන්ගේ විවිධ අදහස් තුළට තුළට භාජනය වෙමින් පැමිණි සංකල්පයකි. මෙම සන්නිවේදන යන සංකල්පය හරහා "සංහතික මාධ්‍ය මාධ්‍ය" සුවිශේෂී අංග නිර්මාණය වී ඇත. 

ඒ අනුව සන්නිවේදනය පිළිබඳව විවිධ විද්වතුන් විවිධ අදහස් පලකොට ඇත මෙහිදී නිර්වචන කෙරෙහි අවධානය යොමු කිරීමට ප්‍රථම සන්නිවේදනය අර්ථ විමසා බැලීම වැදගත් වේ සන්නිවේදන යන්න හැඳින්වීම සඳහා ඉංග්‍රීසි භාෂාවේ "communication" යන අර්ථය භාවිතා කෙරේ මෙහිදී වචනය ඛණ්ඩනය කර බැලීමේදී , munis යනු කිසියම් කාර්යයක් කරන්නා හැඳින්වීමට ලතින් භාෂාවේ එන වචනයකි. Communis යනු වෙන් ගම්‍ය කෙ රෙන්නේ බොහෝ පිරිසක් අතර රැඳී  ඇත යන්නයි. එමෙන් ම විකාශනය යන අර්ථය උද්දීපනය කරයි. Communicare යන්නෙන් හුවමාරු කරගැනීම බෙදාගැනීම හෝ පොදු බවට පත් පත් කිරීම ඇමැතීම යන ආදිය අරැත් ගම්‍යවේ. ඉහත අර්ථය වර්ධනය බිම ආශ්‍රිතව communication  යන්න බිහි වී ඇත. සිංහල භාෂාවේදී මෙය විඥාපනය සම්ප්‍රේෂණ යනාදී ලෙස ද හඳුන්වනු ලබයි. 

තව දුරටත් විග්‍රහ කිරීමේ දී සං - නි යන උපසර්ග දෙකෙන් නිර්මාණය වී ඇති පදයක් බව පෙනේ. "විද්" වේදනය යන ධාතුවෙන්  සකස් වී ඇති අතර "සං" යන උපසර්ගයෙන් සම්බන්ධ වූ ඒකා බද්ධ වූ යන අර්ථයත් ප්‍රක්ෂේපණය වේ. මෙහි සරල අර්ථය වන්නේ අදහස් තොරතුරු මත හා දැනුම යනාදිය  මනා ලෙස හුවමාරු කර ගැනීමේ නැතිනම් සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රියාවලිය යන්න යි. මෙය අතීතයේදී සංඥා සංකේත නිර්මාණය නිර්මාණ සන්නිවේදනය ඔස්සේ ද සිදුවිය. 

සන්නිවේදනය පිළිබඳ නිර්වචන රැසක් නිර්මාණය වී ඇත  
"Who said it , what was said , in what channel it was said to whom it was said and with what effect"  
  
Harold Lasswell 

"ඔබ්බට ගොස් සුරක්ෂිත කර ගැනීමත් උපකාරවන උපක්‍රම සන්නිවේදන ඇතුලට වැටේ" 
සමාජ විද්‍යාඥ චාල්ස් කුලී 

පුද්ගලයන් දෙදෙනෙකු අතර එක සමාන මනෝ වෘත්තයක් ඇතිකරලීම සන්නිවේදනයයි 
මහාචාර්ය විල්බර් ශ්‍රාම්


සන්නිවේදන යනු කුමක්ද යන්න  පිලිබඳව ගැඹුරින් විග්‍රහ කිරීමේ දී පෙනී යන්නේ එය අදාළ සමාජ වපසරියට අනුකූල වන බැවින් මිනිස්සුන්ගේ භෞතික හා අධ්‍යාත්මික ක්‍රියාකාරීත්වය සමඟ බද්ධ වී ඇති බවත්ය.

ඉතිහාසය විමසන විට දුර හා වාචක වාසකම් ගැන ගැන ආරම්භව සන්නිවේදන ශඛ්‍යතාවය පසුකාලීනව මාධ්‍යයක් බිහිවීම දක්වා පරිවර්තනය වූ වා යැයි පැවසිය හැකිය . 
සංහතික මාධ්‍ය පිළිබඳ විමසීමට ප්‍රථම මාධ්‍ය යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න විමසා බැලිය හැක. ග්‍රාහකයා හා යථාර්ථයට මැදිහත් වන ඕනෑම දෙයක් මාධ්‍ය ලෙස හඳුන්වනු ලබයි. 16 වන සියවසේ දී මෙය සන්නිවේදනයට එකතු වී ඇති අතර අප සාමාන්‍ය ජීවිතයේදී භාවිතා කර ලබන මාධ්‍යය වන්නේ පංචේන්ද්‍රිය යි. 

සංහතික මාධ්‍යයේ ප්‍රභවය හා විකාශනය මානව ප්‍රගමනයට බලපාන ආකාරය 

ජනමාධ්‍ය සංහතික මාධ්‍ය බවට පරිවර්තනය 

මිනිස් සමාජය පරිණාමය හා විකාශනයත් සමඟ සන්නිවේදන මාධ්‍යන් ද ක්‍රමයෙන් විකාශනය විය. ඒ අනුව මානව සමාජ පරිණාමය යුග හතරක් ඔස්සේ දැක්විය හැක . 

පූර්ව නූතන යුගය 
මධ්‍යතන යුගය 
නූතන යුගය 
පශ්චාත් නූතන යුගය 


මේ රාජාණ්ඩු ක්‍රමයක් පැවැති පූර්ව නූතන යුගයේ දී මානවයාගේ අවශ්‍යතා ඉතා සරල විය. එමෙන් ම අදෘශ්‍යමාන බලවේග පිළිබඳව දැඩිව විශ්වාස කරමින් දේව ධර්ම වාදය ප්‍රචලිතව පැවතුණි. වැඩවසම් ආර්ථික ක්‍රමයක් පවතින මෙම අවධිය තුළ ජන කථා ගැමි නාටක කෝලම් සොකරි ශාන්තිකර්ම වැනි ජන මාධ්‍ය (falk media)පැවතුණි 

පසුකාලීනව ක්‍රමක්‍රමයෙන් සමාජය සංවර්ධනය වීමත් සමඟ ම මානව සමාජය ද ක්‍රම ක්‍රමයෙන් වෙනස් විය. 
ජනග්‍රහනය සීඝ්‍රයෙන් වර්ධනය වීමත් සමඟම එතෙක් භාවිතා කළ සන්නිවේදන ස්වරූප තවදුරටත් ප්‍රමාණවත් නොවුනි. යනු ක්‍රම ක්‍රමයෙන් විවිධ භාෂාවන් බිහි කර ගනිමින් එය හා සම්බන්ධ අක්ෂර මාලාවන් ගොඩනගා ගනිමින් ලිඛිත සන්නිවේදනයට මුල පිරිය. තවද සායි ලූන්  වැන්නන් කඩදාසි සොයා ගැනීම වැනි වැදගත් සොයාගැනීම් ද මෙම යුගයේ දී සිදුවිය. ඉන් පසු යුගය මධ්‍යතන යුගය යි. 
මෙම යුගයේදී ආගම විසින් මානව ක්‍රියාකාරකම් නියාමනය කිරීමේ දී හා හැසිරවීමේ දී දැවැන්ත භූමිකාවක් ඉසිලීය. මිනිසුන්ගේ පාරභෞතික ජීවිතයට සම්බන්ධ යම් යම් ගතිකයන් සහ අභිප්‍රේරණයන් මෙහෙය වන පාලනය කරන සාධකයක් ලෙස කතෝලික ආගම එකල පැවතිණි . සරල නිෂ්පාදන ක්‍රියාවලියක් පැවති මෙම යුගයේදී මුද්‍රිත සන්නිවේදනයට මූලාරම්භයක් ලැබිණි. ඒ ක්‍රි.ව 1447 දී ගුටෙන්බර්ග් විසින් මුද්‍රණ තාක්ෂණය සොයා ගැනීමත් සමගය. (ඇමුණුම-2) මෙසේ ජනමාධ්‍ය යන ක්‍රම ක්‍රමයෙන් ප්‍රසාරණය වන්නට පටන් ගැනිණි . මානව සන්නිවේදනය හැරවුම් ලක්ෂයක් සනිටුහන් වන්නේ මධ්‍යතන යුගයේ සිට නූතන යුගය දක්වා පරිණාමය වීමේ දී ය. එනම් පුනරුද අවධියේ 16 වෙන සත වර්ෂයේ අග භාගයේ සිට  17 වන ශතවර්ෂය ශතවර්ෂය කාලය තුළ විශාල වශයෙන් වෙනස් වෙනස්කම් ලොව පුරා ඇති විය. ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වීමත් සමඟ සරල නිෂ්පාදන මාදිලිය අභාවයට යමින් ඒ වෙනුවට සංකීර්ණ ධනේශ්වර නිෂ්පාදන මාධ්‍යයක් බිහිවන්නට පටන් ගැනුනි. පෙර ආගමකට තිබූ තිබූ තැනම එකල දර්ශනයට විද්‍යාවට හා තර්කයට හිමි විය. ආර්ථික දේශපාලනික වශයෙන් අත්තනෝමතික රාජ්‍ය පාලනය වෙනුවට යම්කිසි යම් කිසි ආකාරයක නිදහස් ලිබරල් හෝ අඩු වැඩි වශයෙන් ප්‍රජාතාන්ත්‍රික ගත ලක්ෂණ ඇති දේශපාලන රාජ්‍යයක් පැවති මෙම යුගයේ චින්තනය මර්දනය කිරීම හා නිදහස් සිතිවිලි විනාශ කිරීම වෙනුවට නව අදහස් ඇති කරන නව චින්තනයන් බිහිවිය. ඒ අනුව රූසෝ ජෝන් ලොක් වෝල්ටෙයාර් ආදී නිදහස් චින්තකයන් සමාජයට ප්‍රවිෂ්ඨ විය. මෙම නූතන යුගයේ ආරම්භයත් සමඟම "සංහතිකත්වය" (massness) යන සංකල්පය බිහි වන්නට විය. මේ කාර්මික විප්ලවය සහ යුරෝපයේ නිෂ්පාදන මාධ්‍යයන්ගේ වර්ධනය විද්‍යාව හා තාක්ෂණ ප්‍රගතිය හා සංස්කෘතික නවෝදය මුල්කරගෙන බිහි විය. මේ සමගම එතෙක් පැවති ජන මාධ්‍යයන් (Falk media) තව දුරටත් ප්‍රමාණවත් නොවීය. එසේ සංකීර්ණ මානව සමාජ පද්ධතියක පද්ධතියක සාම ස්වභාවය ආරක්ෂා කර ගැනීමට නූතන යුගයේ සඳහා නවම මාධ්‍යන්ගේ අවශ්‍යතාවය මතුවිය. එම නව මාධ්‍ය ලෙස "සංහතික මාධ්‍ය" (mass media) සංකල්පය වර්ධනය විය. ඒත් සමගම පුවත්පත සඟරාව මුද්‍රිත මාධ්‍යයන් මෙන්ම රූපවාහිනිය ගුවන්විදුලිය යන විද්‍යුත් මාධ්‍ය ලොවට දායාද විය. යුරෝපයේ සංවර්ධනයේ පැතිකඩයන් සංකල්පීකරණය කිරීමේදී හා න්‍යාය ගත කිරීමේ දී මෙම Mass යන සංකල්පය මතු විය. Mass යන්න ජනයා හෙවත් පුද්ගලයන් නොවේ. එය එකට ඒකරාශී වූ ගොනු ගොනු වූ තමන්ගේ ආත්මය අහිමි කරගත් කරගත් ආත්මය සමාජය කරණයට හසුවූ හසු වූ සංහතියක් හෝඩිය රොත්තක් ලෙස හැඳින්විය හැකිය. මෙම නූතන යුගයේ බිහිවූ masses ට පවතින්නේ මධ්‍යතන යුගයේ සිටි ජනයාට මෙන් යාන්ත්‍රික සබඳතාවක් නො වේ. ඔවුන් ගේ සබඳතාවන් ඓන්ද්‍රිය වශයෙන් එකිනෙකාගේ ක්‍රියාකාරීත්වය අනෙකාට සම්බන්ධ වේ. ජනයා තුළ පුද්ගල වශයෙන් (individual) සිටියත් සහතිකයන් තුළ පුද්ගල සාධකය ඉතා අවම මට්ටමක පවතී. එහි දී වැඩිපුර ඉස්මතු වන්නේ සමූහය (Group)  වේ. පුද්ගලික ගුණාංග අලපීකරණය  වී සංහතික ගුණාංග බහුලීකරණය විය. විශේෂයෙන් සංහතිකයන්  අතර වෙනස්කම් අවම වේ. ඔවුන්ගේ පරිභෝජනය, හැසිරීම්, චින්තනය එකම මට්ටමක පවතී එම නිසා පෙරකී ජනයාගේ සංහතිකයන් සම්පූර්ණයෙන් වෙනස් වේ. සිය තත්වය , ස්ථිර ක්‍රියාකාරීත්වයෙන් පරිබාහිරව තමන් පිළිබඳවම ආ කල්පනය කිරීමට සමත් ය. 

ඒ අනුව අතීතයේ දී  ජනයා එකිනෙකා අතර තොරතුරු හුවමාරු කරගැනීම සඳහා ජානම ගැනීම සඳහා ජනමාධ්‍ය භාවිතා කළ ද පසුකාලීන කාලීනව සමාජ සංකීර්ණයන් ගේ ප්‍රතිඵලයක් ලෙස සංහතික යන සංකල්පය නිර්මාණය විය. එනම් විශාල ප්‍රජාවකට ආමන්ත්‍රණය කරනු ලබන මාධ්‍ය සංහතික මාධ්‍ය නමින් අරුත් ගන්වයි. එනම් අතීතයේදී සන්නිවේදන ක්‍රම සඳහා භාවිතා කළ විවිධ ජන ජන සන්නිවේදන ක්‍රම යනු සන්නිවේදන ක්‍රමයන් වර්තමානයට ප්‍රායෝගික නොවේ . එනම් පූර්ව නූතන යුගයේදී ඇතිවූ Falk song , Falk media , Falk Dance,  Falk drama එනම් ජන ගී ජන කතා ජන නැටුම් ජන නාට්‍ය වලට එහා ගිය පුළුල් වූත් සංකීර්ණ වූත් ප්‍රබල වූත් මාධ්‍ය මාධ්‍ය රැසක් නූතන යුගයේ දී හා පශ්චාත් නූතන යුගයේදී බිහි වී තිබේ . 
සංහතික සන්නිවේදනය හේතුකොට ගෙන සංහතික මාධ්‍ය නිර්මාණය විය. 

මහාචාර්ය විමල් දිසානායකයන් දක්වන පරිදි විසිරී පැතිරී සිටින අති විශාල ග්‍රාහක පිරිසක් වෙත සැනෙකින් ළඟාවීමේ හැකියාව සංහතික සන්නිවේදනය සතු ය. 


කසුනි විජේසිංහ 
පුහුණු ජනජනමාධ්‍යවේදී 

වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලියක් සාර්ථක කර ගැනීමේදී ග්‍රාහක කැමැත්ත ගොඩනැංවීමෙහිලා මනෝවිද්‍යාත්මක කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්කම

 වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලියක් සාර්ථක කර ගැනීමේදී ග්‍රාහක කැමැත්ත ගොඩනැංවීමෙහිලා මනෝවිද්‍යාත්මක කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්කම 

වෙළද දැන්වීලද දැන්වීමක් යනු පාරිභෝගිකයාට තම නිෂ්පාදන හා සේවා හඳුන්වා දිය හැකි මාද්‍යකි. එය ප්‍රබලතම මාධ්‍යයක් ලෙස හැඳින්විය හැකිය. ප්‍රධාන මාධ්‍යයන් ත්‍රිත්වය ඔස්සේ විවිධාකාරයෙන් වෙලද දැන්වීම් ක්‍රියාත්මක වේ. වෙළද දැන්වීම ප්‍රධානතම කාරණාව වන්නේ පාරිභෝගික ආකර්ෂණය යි. මෙය මිලක් ගෙවා නිකුත් කරනු ලබන නිවේදනයක් ලෙස ද අර්ථකථනය කළ හැකිය. සන්නිවේදන ක්‍රියාවලිය අනුව ගත් කළ මෙය ඒක මාර්ගික සන්නිවේදනය කින් පුද්ගලික නොවන ලෙස දැන්වීම්කරණ සිදුකළ හැකිය. එමෙන්ම දැන්වීම් යනු ප්‍රවර්ධන උපකරණයකි. වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ දැන්වීම් අදාල පාරිභෝගිකයා වෙත ගෙන යාමේ වාහකයා ලෙස මාධ්‍ය ක්‍රියා කරනු ලබයි. මෙම මාධ්‍ය ක්‍රියාවලිය තුළ එහි සැකැස්ම නිර්මාණය වී තිබෙන්නේ වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලියට සමගාමීවය. 

වර්තමානය වන විට මාධ්‍යන්හි පැවැත්ම තීරණය කරන සාධකය ලෙස වෙළඳ දැන්වීම් ප්‍රචාරණය හැඳින්විය හැක. 

මෙහිදී මෙම මාධ්‍ය නරඹන කියවන ශ්‍රවණය කරන ග්‍රාහකයා තුළ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම උදෙසා පෙළඹවීමක් සිදුකරන ක්‍රියාවලිය තුළ කැමති නිෂ්පාදන යන කාරණාව ප්‍රබල වෙයි.  එහිදී ග්‍රාහක සිත තුළ කැමැත්ත ගොඩනැංවීම සඳහා වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම වෙනුවෙන් මනෝ විද්‍යාත්මක කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ.

සාමාන්‍ය ජීවිතයේ දී පාරිභෝගිකයාට අවශ්‍ය වන්නා වූ යම් යම් නිෂ්පාදන අලලා කරනු ලබන වෙළඳ දැන්වීම් මෙන්ම අනිකුත් සෑම ප්‍රචාරණයකදීම ග්‍රාහක කැමැත්ත ඉතා වැදගත් කාරණාවක් බවට පත්වේ. මෙහිදී බාල මහලු තරුණ වැඩිහිටි  ඕනෑම කණ්ඩායමක අවධානය දිනා ගැනීමේ හැකියාව වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලිය සතු විය යුතුය.


වෙළෙඳ දැන්වීම් තුළ  මනෝවිද්‍යාත්මක කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුය. 


පුද්ගලයෙක් වැටහීමක් ඇති කර ගනු ලබන්නේ ඇසීම දැනීම ගඳසුවඳ ස්පර්ශය නදී පංචේන්ද්‍රයන් පංචේන්ද්‍රයන් ගේ දැනුම මතය. මිනිසුන්ගේ මෙම පංචෙන්ද්‍රිය වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ වැදගත් වේ. යම්කිසි අරමුණක් කෙරෙහි ඇතිවන කැමැත්ත උත්තේජනය නම් වේ. එම කැමැත්ත ඇසීම දැකීම ස්පර්ශයද සුවද ආදී කුමන හෝ මාධ්‍යයක් මගින් ග්‍රහණය කර ගනු ලබන්නකි. ඊට ප්‍රතිචාර ලෙස යම් යම් ක්‍රියාවන් හි නිරත වේ. එය ප්‍රතිචාරයයි. මේ දේ ජනමාධ්‍ය මගින් විසුරුවා හරින විවිධ සංදේශවල අවධානය යොමුවීම මනෝවිද්‍යාත්මක කාරණාව මත රඳා පවතී. එය උත්තේජන ප්‍රතිචාර ක්‍රියාවලි යටතේ සිදු වනු ඇත.  

රූපවාහිනිය ගත්කල ග්‍රාහකයාගේ සියලුම ඉන්ද්‍රයන් ස්පර්ශ කිරීමට සමත් වන එකම මාධ්‍ය මෙය වීම හේතුකොට ගනිමින් වෙළඳ දැන්වීම් ප්‍රචාරණය ක්‍රියාවලියත් වඩා සාර්ථක ආකාරයට මෙම මාධ්‍ය තුලින් සිදු කර ගත හැක. 

බොහෝ වෙළෙඳ දැන්ඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලියක් දුටුවිට රූපවාහිනි නරඹන්නා එය වැළඳගනී. මාස්ලෝගේ අවශ්‍යතා ධූරාවලිය මත අවශ්‍යතා ඉටු කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම පෙළඹවීම යන කාරණාව සිදුවේ. මෙයද මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියකි. 

වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලිය තුළදී වෙළඳ දැන්වීමක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය තුළ   AIDA සංකල්පය  වැදගත් වේ. 

A- Attention 
I - interest 
D - Desire 
A- Action 

ඒ අනුව වෙළඳ දැන්වීමක් මගින් අවධානය යොමු කරවා ගැනීමට උනන්දුව රඳවා තබා ගැනීම අපි ලක්ෂය ජනනය වීම ක්‍රියාත්මක වීම පෙළඹවීම යනාදී කාරණා වෙළෙඳ දැන්වීම් මගින් සිදුකරනු ලබයි එහිදී ඒබ්‍රහම් කාඩිනල් පවසන ආකාරයට පුද්ගලයාගේ චර්යාව හෙවත් හැසිරීම් රටාව ඔහුගේ පෞරුෂත්වයට හා ඔහුගේ ජීවත් වන පරිසරයේ ප්‍රතිඵලයක් වේ. 

එමෙන්ම අලෙවිකරණ සන්නිවේදන ග්‍රන්ථයෙහි සඳහන්  රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ අදහසකට අනුව විද්යුත් මාධ්‍යයෙහි දැන්වීම් නිදසුන් කොට ගනිමින් ග්‍රාහකයාගේ අවශ්‍යතාවයට වඩා මානසික සන්තර්පණය ද තම ව්‍යාපාරික අභිලාෂය ඉටු කර ගැනීමට දරන ප්‍රයත්නයක් ලෙස දක්වයි. 

වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ මනෝවිද්‍යාත්මක කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමේ දී ග්‍රහක ආකර්ෂණය උදෙසා වෙලද දැන්වීම් තුළ ලිංගිකත්වය උත්තේජනය කරමින් වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීම හඳුනාගත හැකිය. විශේෂයෙන්ම තොල් ආලේපන මෙන්ම සුවඳ විලවුන්  නිෂ්පාදන සඳහා ග්‍රාහක කැමැත්ත ගොඩනැංවීම ලිංගිකත්වය උත්තේජනය වන ලෙස ගොඩ නැංවීම සිදුවේ. රූපවාහිනිය ගත් කළ වෙළඳ දැන්වීමක් ප්‍රචාරය වන්නේ කිසියම් විරාමයක් අතරතුර දී ය. එම විරාමය තුළ ද ග්‍රාහක අවධානය යොමු කරවා ගත හැකි ලෙස වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරයි. එවැනි කාරණාවන් හරහා මිනිසාගේ ID වෙත ආමන්ත්‍රණය කරමින් ඇතැම් වෙළඳ දැන්වීම් ප්‍රචාරණය කිරීමට වෙළඳ දැන්වීම් නිර්මාණකරුවන් කටයුතු කරයි. 


කැමැත්ත ගොඩ නැංවීමෙහිලා විකාශය සිදු කරනු ලබන වෙළඳ දැන්වීම් බොහෝමයක් තුළ අවධානය යොමු කළ යුත්⁣තේ මින්සාගේ හැඟීම් හා ආශාවන් වෙත ඉලක්ක කර ගන්මින් වෙළඳ දැන්වීම් ප්‍රචාරණය කිරීමයි. 

ළමුන් වෙනුවෙන් නිර්මාණය කරන වෙළඳ දැන්වීම් තුළ ළමා ලෝකය විදහා පාමින් විවිධ වර්ණයෙන් භාවිතා කරමින් දැන්වීම් ප්‍රචාරණය කළ යුතුය. 

උදා - රිස්බරි පෙබල්ස් වෙළඳ දැන්වීම 

වෙළඳ දැන්වීම් විසින් සමාජය හැඩ ගස්වා ඇත. එය ගෝලීය සංස්කෘතියේ කොටසක් බවට පත්ව ඇති අතර වෙලද දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ සිතීම් සහ හැඟීම්  යන  ව කාරණා ද්විත්වයටම  අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන්ම හැඟීම් අවුස්සන දැන්වීම් විවිධ තේමා භාවිතා කරමින්  ප්‍රචාරණය කිරීම සිදු කිරීම හරහා ග්‍රාහක කැමැත්ත අවධානය ගොඩ නංවා ගත හැක. 

වෙළඳ දැන්වීමක ඇති චිත්තවේගීය ප්‍රතිචාරය වෙළඳ දැන්වීමේ සත්‍ය අන්තර්ගතයට වඩා භාණ්ඩයක් මිලදී ගැනීමේ පාරිභෝගිකයාගේ අභිප්‍රාය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරයි. 

විශේෂයෙන්ම වර්ණ භාවිතා මහ රහා ග්‍රහ කැමැත්ත ගොඩනැංවීමෙහිලා මනෝවිද්‍යාත්මක කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් දැන්වීම නිර්මාණය කළ හැකිය. නිදසුන් ලෙස දැන්වීමක් නිර්මාණය කිරීමේදී ග්‍රාහක සිත කැමැත්ත ජනිත වන ආකාරයට වාරණයන් භාවිතා කිරීම සිදු කළ යුතුය. ග්‍රාහක කැමත්ත  ලබාගැනීමට වර්ණ වෙනස ද උපකාරී වනු ඇත. 

විශේෂයෙන්ම චිත්තවේගීය ප්‍රතිචාරයට අනුව වෙළඳ දැන්වීම් නිර්මාණය හා ප්‍රචාරණය සිදු කළ යුතුය සංවේදනාත්මක ප්‍රතිචාරයන් යන වෙළෙඳ දැන්වීම් අත්දැකීමෙන් පසු පුද්ගලයෙක් සංවේදනය වීම හෝ ඊට සමීප වීම බව දැනීමයි. දැන්වීමෙහි ළමයින් සුරතල් සතුන් දරුවන් ගේ රූප රාමු ඡායාරූප යොදා ගනිමින් එය සාක්ෂාත් කර ගැනීමට කටයුතු කිරීම වැදගත් වේ. 


වෙළඳ දැන්වීම තුළ නිර්මාණශීලීත්වය කාරණය බෙහයන කාරණය බෙහෙවින් වැදගත් වනු ඇත එය ද මනෝ විද්‍යාත්මක කාරනාවකි වෙළද දැන්වීමක් මගින් ආමන්ත්‍රණය කරන්නේ මිනිසාගේ මනසට ය. එවිට නිර්මාණශීලී භාවය බෙහෙවින් වැදගත් වේ. විශේෂයෙන්ම කටහඬ ස්වරය කතා වස්තුව පසුබිම් සංගීතය වෙළඳ දැන්වීම් ප්‍රචාරණය ක්‍රියාවලිය තුළ ග්‍රාහක කැමැත්ත ගොඩනැංවීම ලා වැදගත් වේ. 

ප්‍රීතිය පුදුම වැනි කාරණාවන් කෙරෙහි වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ අවධානය යොමු කළ යුතුය. එවැනි කාරණා සියල්ලම අයත් වන්නේ මිනිස් චිත්ත වේගයන් හා සමගාමී වීම වැදගත් කාරණයකි. ඒ හරහා මනෝවිද්‍යාත්මක කරුණු කෙරෙහි එලෙස  අවධානය යොමු කළ යුතුය. එලෙස සාර්ථක වූ වෙළඳ වෙළෙඳ දැන්වීම් ප්‍රමාණයක් සඳහා උදාහරණ ලෙස, 

Dove's 
Coca cola "Happines Factory" 
Google "Friends forever"





කසුනි විජේසිංහ 
පුහුණු මාමාධ්‍යවේදී 
කොළඹ විශ්වවිද්‍යාලය 
ජනමාධ්‍ය අධ්‍යනාංශය 

පුද්ගල සමාජයීයකරනුයෙහිලා තත සංස්කෘතික සාධක බැහැර කළ නොහැකිය.

 පුද්ගල සමාජයීයකරනුයෙහිලා තත සංස්කෘතික සාධක බැහැර කළ නොහැකිය.  

පුද්ගල සමාජය කරණයෙහිලා සංස්කෘතික සාධක වැදගත්ය.  පුද්ගලයා හැදී වැඩෙන්නේ සමාජය තුළ ය. මෙම සමාජය මගින් පුද්ගල සමාජීයකරණයහිලා විවිධ කාරණාවන් සිදුකරනු ලබයි. පුද්ගල සමාජය කරණය පිළිබඳව සාකච්ඡා කිරීමේදී සමාජගත වීම යන ක්‍රියාවලිය වැදගත් වේ. 

සමාජයීයකරනය  ලෙස සරලව අර්ථ දැක්විය හැක්කේ පවුල මිතුරන් සගයන් හෝ වෙනත් කණ්ඩායමක් වත් අයත් වන කණ්ඩායමක නීති රීති  හුරු පුරුදු සහ සාරධර්ම ඉගෙනීමේ ක්‍රියාවලියකි. 

සමාජීයකරණය පිළිබඳව එලෙස ඉදිරිපත් වූ නිර්වචන මෙසේය. රොබර්ට් කාර්ටන් සමාජීයකරණය අර්ථ දක්වා ඇත්තේ මෙසේය.

The process beginning during childhood by which individual acquire the valuable habit and attitudes of a society but certainly deadline with shame and its boundaries is soon a constant factor in the socialization of the child because and rules everywhere. 


සමාජීය කරණයෙහිලා  මූලික අරමුණ තුනක් හඳුනාගත හැකිය. එනම් ආවේග පාලනය ඉගැන්වීම (Teaching impulse control) හෘද සාක්ෂිය වර්ධනය කිරීම ඇතැම් සමාජ භූමකාවන් ඉටු කිරීමට මිනිසුන් සූදානම් කිරීම. (Developing a conscience preparing people to perform certain social roles) විවිධ මූලාශ්‍ර පිළිබඳ වටිනාකම් සහ තේරැම බෙදා ගැනීම (Cultivating shared sources of meaning and value). 

මෙම සමාජීයකරණය යන ක්‍රියාවලිය සංස්කෘතික වශයෙන් විශේෂිත වේ. 

මෙම සමාජීයකරණය යන සංකල්පය සමාජානුයෝජන සංකල්පය ලෙසින්ද අර්ථ දැක්විය හැක. 
මෙහිදී පුද්ගලයා සමාජයට අනුගත කරන්නේ කෙලෙසද යන්න වැදගත්වේ. 

මෙම සමාජීයකරණය සඳහා සංස්කෘතියේ සාධකයන්ගේ වැදගත්කම පිළිබඳව සාකච්ජා කිරීමේදී, සංස්කෘතිය එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට සම්ප්‍රේෂණය වීමක් ලෙසද සමාජීයකරණය හැඳින්විය හැකිය. නිදසුන් ලෙස කුඩාදරැවන් නිවැරදිව ආහාර ගන්නා ආකාරය පිළිබඳව දරැවාට ඉගැන්වීම සිදු කෙරෙයි. 

මෙමගින් දරැවා සමාජීයකරණය ක්‍රියාවලියට භාජනයවේ. එපමනක් නොව යෞවන වියේ පසුවන ගැහැනු දරැවන් හට ඔබින ලෙස නිවැරදිව ඇඳුම් පැළඳුම් භාවිතා කරන ආකාරය පිළබඳව මව පියා උපදෙස් දෙයි. මෙවැනි ක්‍රියාවලීන් හරහා සමාජීයකරණ ක්‍රියාවලිය තුළ සංස්කෘතිය නොසලකා කටයුතු නොකල හැකි බව හැඟේ. 

මානසික ආතතිය ඇති වීම සඳහා ජන මාධ්‍යයේ ක්‍රියාකාරිත්වය

මානසික ආතතිය ඇති වීම සඳහා ජන මාධ්‍යයේ ක්‍රියාකාරිත්වය 


මානසික ආතතිය ඇති කිරීම සඳහා විවිධ හේතු කාරණා වන් ඇත. නමුත් වර්තමානය වන විට මිනිසාගේ මානසික ආතතිය තව තවත් වර්ධනය කිරීම උදෙසා ජනමාධ්‍ය විසින් ආර්ථික සමාජීය හා සංස්කෘතික වශයෙන් කටයුතු කරනු ලබයි. ජනමාධ්‍ය සතු ආචාර ධර්ම පිළිබඳව පිරික්සීමේදී සීමිත වශයෙන් පනවා ඇති ආචාර ආචාරධර්ම පද්ධතියක් ක්‍රියාත්මක වේ. අද්‍යතනයේ ජනමාධ්‍යයේ ප්‍රභලත්වය කෙතරම්දයත් බලයේ පවතින ආණ්ඩු බලයෙන් පහ කිරීමටත් නව ආණ්ඩු බලයට පත් කිරීමේ ප්‍රවාහයක් ලෙස ක්‍රියාත්මක වේ. විශේෂයෙන් ම එමගින් සිව්වන ආණ්ඩුව සතු ප්‍රභලත්වය හඳුනාගත හැක. 

පුවත්පත ගුවන්විදුලිය රූපවාහිනිය යන (සංහතික මාධ්‍ය ) ජනමාධ්‍ය ගත් විට ජනමාධ්‍ය සංදේශ මඟින් ජනතාවට ප්‍රබල වශයෙන් බලපෑමක් කළ හැකිය. ප්‍රධානතම වශයෙන් රූපවාහිනිය ගත් කල  ජනතාවගේ මනසට ප්‍රබල බලපෑමක් කළ හැකිය. විශේෂයෙන්ම දැන්වීම්කරණය , ටෙලිනාට්‍ය, ප්‍රවෘත්ති යනාදී වැඩසටහන් මගින් මිනිසාගේ මානසික ආතතිය තව තවත් උග්‍ර අතට පත් කරනු ලබයි. 


වෙළඳ දැන්වීම් ගත්කල මිනිසාට දැඩි පෙලඹවීම පෙලඹවීම සිදුකරනු ලබයි. අධි පරිභෝජන රටාවකට හුරු කරමින් තමන් උපයන සියලුම ධනය අධි පරිභෝජන රටාව හමුවේ සුනුවිසුනු වී යයි. ඒ හරහා කුටුම්භය අභ්‍යන්තරයේ විශාල ගැටලු රාශියක් මෙන්ම අධික ලෙස ආතතියෙන් පිරී පවතින ස්ථානයක් බවට පත්ව ඇත. ජනමාධ්‍ය වෙළඳ දැන්වීම්කරණය මගින් මිනිස් ආර්ථික ක්‍රියාවලිය හරහා මානසික ආතති  තත්ත්වයට නැඹුරු වෙයි. 

විශේෂයෙන්ම පුවත්පත ගුවන් ගුවන්විදුලිය රූපවාහිනිය ගත් කල ගත්කල ප්‍රචණ්ඩත්වය අන්තර්ගත මාධ්‍ය අන්තර්ගතයත් ද විශාල ප්‍රමාණයක් ඇත මෙමගින් මානසික ආතතිය ඇති විය හැක. 

විශේෂයෙන්ම ප්‍රවෘත්ති අන්තර්ගතය දේශපාලන වැඩසටහන අන්තර්ගතය ළමා වැඩසටහන් ටෙලි නාට්‍ය සහ චිත්‍රපට අන්තර්ගතයත් එහිදී වැදගත් වේ. එවැනි අන්තර්ගතයන්ට හරහාද  මානසික ආතතිය ඇති විය හැකිය. ප්‍රවෘත්ති සිරස් තල මගින් මිනිස් මනසට බලපෑමක් කළ හැකිය. එය ප්‍රබල ලෙස මානසික ආතතියට බලපෑම කරයි. 

උදා - සිය දියණිය අපයෝජනයට ලක් කළ පියා පොලිසිය විසින් සොයයි. 

හිස නැති මළ සිරුරක් පෑලියගොඩින් 

හෝකන්දර සය දෙනෙක් කපා කොටා ඝාතනය කෙරේ

සිය මිණිබිරිය අපයෝජනය කළ පුද්ගලයෙක් ගාල්ලෙන්

මෙවැනි ප්‍රවෘත්ති අන්තර්ගතය මගින් ග්‍රාහකයාගේ මානසිකත්වයට බලපෑමක් සිදුකළ හැකිය. මෙවැනි අනතුරු අපටත් සිදුවේදැයි ඇති වෙන හැඟීම හරහා මානසික ආතතිය නිර්මාණය විය හැක. 

දේශපාලන වැඩසටහන් මගින් ද ග්‍රාහක මනස ව්‍යාකූලත්වයට පත් වේ. 

නිදසුන් ලෙස රතු ඉර , බලය , අළුත් පාර්ලිමේන්තුව , කතිකාව 

එම ඇතිවෙන මානසික ව්‍යාකූලත්වය මගින් මානසික ආතතිය ග්‍රාහක මනස තුළ නිර්මාණය විය හැක. 

ළමුන් තුළ ඇති මානසික ආතතිය විශේෂම රූපවාහිනිය මගින් ඇති කරයි. කාටූන් වැඩසටහන් මගින් ප්‍රචණ්ඩත්වය කරයි. ඒ හරහා දරුවා තුළ ඇතිවුණ ප්‍රචණ්ඩත්වය මගින් දෙමව්පියන් තුළ තම දරුවන්ගේ ප්‍රචණ්ඩත්වය හේතුකොට ගනිමින්  මානසික ආතතියක් නිර්මාණය විය හැක. 

විශේෂයෙන්ම ජන මාධ්ය සංදේශ තුළ විවිධාර්ථ තිබිය හැක වැරදි ලෙස තොරතුරු ගොනු කර සන්දේශ සකසා තිබිය හැක. එමෙන්ම සන්දේශයන්හි තොරතුරු විකෘති කොට සහ ග්‍රාහක අත්දැකීම් පසුතලය ට නොගැලපෙන සංදේශ ග්‍රාහක ගත කළ හැක.  ඒ හරහා ද ග්‍රාහකයා තුළ මානසික ආතතිය නිර්මාණය වේ. 


මේ හරහා ග්‍රාහකයා හට සති තොරතුරු කුමක්ද අසත්‍ය තොරතුරු කුමක්ද යන්න සංචාරණය කරගැනීමෙහි දී කරගැනීම් එහිදී මානසික ආතතිය නිර්මාණය විය හැක. 

මානසික ආතතිය ඇති වීම උදෙසා ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය  හේතුවේ යන වග ඇතැම් පුද්ගලයින් හට විහිලු දනවන කාරණාවක් විය හැක. නමුත් එම ක්‍රියාකාරීත්වය ඇතුළත් ඇතුළත් ඒ ගවේෂණය කිරීමේදී හඳුනා ගත හැක්කේ ජන මාධ්ය සන්දේශ ප්‍රබල වශයෙන් ග්‍රාහක මනසට ප්‍රබල බලපෑමක් ඇති කරනු ලබන බවයි. තොරතුරු ලබා ගැනීමේ ක්‍රියාවලිය තුළ ජනතාව තම තොරතුරු පිපාසය සංසිඳුවා ගැනීම උදෙසා ජනමාධ්‍ය මත යැපේ. එය නොවැලැක්විය හැකි කාරණාවක් බවට අධ්‍යතනය වන විට පත්ව ඇත. එම මානසික බලපෑම හේතුකොට ගනිමින් සහ නිරන්තරයෙන් ජනමාධ්‍ය ජන මාධ්ය සන්දේශ ග්‍රහණය කර ගැනීමේදී පාඨකයා ශ්‍රාවකයා ප්‍රේක්ෂකයා යන ත්‍රිවිධාකාර ග්‍රාහකයන් තුළ මානසික ආතතිය රෝපණය කරමින් එය මිනිස් ජීවිතයට බලපෑම් සහගත තත්වයක් නිර්මාණය කරවීම උදෙසා හේතු විය හැක.
එය මිනිසාගේ පෞද්ගලික ජීවිතයට සහ සාමාජීය ජීවිතයට ප්‍රබල ලෙස බලපෑම් මත කරන්නත් විය හැක. මානසික ආතතිය ඇති වීම මගින් පුද්ගලයකු සියදිවි නසාගැනීමේ තත්වයක් දක්වා එය වර්ධනය විය හැක. එහිදී කුඩා දරුවන් හෝ වේවා ජනමාධ්‍ය පරිශීලනය කිරීමේ දී වැඩිහිටියන් වශයෙන් ඔවුන් පිළිබඳ නිරන්තර අවබෝධයකින් සහ නිරීක්ෂණාත්මක දෑසකින් අවධානය යොමු කිරීම බෙහෙවින් වැදගත් වනු ඇත. ග්‍රාහකයා මාධ්‍ය  පරිශීලනය කිරීමේ දී, පරිශීලනය කළ යුත්තේ කුමක්ද ග්‍රහණය කරගත යුත්තේ කුමක්ද යන්න පිලිබදව නිසි අවබෝධයකින් යුතුව කටයුතු කිරීම වැදගත් වේ.  එ් හේතුවෙන් ග්‍රාහකයා තුළ මාධ්‍ය සාක්ෂරතාවය බෙහෙවින් වැදගත් වනු ඇත. මාධ්‍ය සාක්ෂරතාවය ලබා ගැනීමට නම් මාධ්‍ය අධ්‍යාපනය බෙහෙවින් වැදගත් වේ. එවිට මාධ්‍ය හැසිරෙන ආකාරය අවබෝධ කරගනිමින් තම මනස එම සන්දේශයන් ගෙන් බලපෑමක් ඇති නොවීම උදෙසා ගොඩනංවා ගැනීමට ග්‍රාහකයාට හැකියාව  අවස්ථාව උදාවනු ඇත. 


කසුනි විජේසිංහ 
පුහුණු ජනමාධ්‍යවේදී
කොළඹ විශ්වවිද්‍යාලය 
ජනමාධ්‍ය අධ්‍යනාංශය 

ජනමාධ්‍ය සංදේශයේ ආධිපත්‍ය

ජනමාධ්‍ය සංදේශයේ ආධිපත්‍ය 


ජනමාධ්‍ය සිය ආධිපත්‍යයේ ලෝකය පුරා ව්‍යාප්ත කර ගනිමින් සිය කර්තව්‍යයන් හි නිරත වන ආකාරය හඳුනාගත හැකිය. රාජ්‍යයන්හි  ආධිපත්‍ය භෞතිකව සටන් කිරීම හරහා ලබාගන්නා වෙනවාට රාජ්‍යයන්ට තවත් රාජ්‍යයන් නතු කරගැනීම උදෙසා අවශ්‍ය අංගෝපාංගයන් ගෝලීය මාධ්‍ය ක්‍රියාකාරීත්වය සපයා ඇත. 

එම ආධිපත්‍යය ජන මාධ්‍ය සන්දේශයන්හි ගැබ්ව ඇත්තේ බහු ජාතික සමාගම් හා සමගාමී වෙමින් ආධිපත්‍ය පතුරුවන  ක්‍රියාවලිය වඩාත් දැනෙන නොදැනෙන ආකාරයෙනි. මාධ්‍ය සහ එහි ක්‍රියාකාරිත්වය විවිධ ක්ෂේත්‍ර කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කළ බව  ලෝක ශිෂ්ඨාචාරයේ   ඉතිහාසය නිරීක්ෂණය කිරීමේ දී ප්‍රත්‍යක්ෂ වේ. 

විශේෂයෙන්ම රූපවාහිනිය සංදේශ මඟින් මානව සංස්කෘතියේ පැවැත්මට අලුත් ස්වරූපයක් නිර්මාණය කර ඇත නිදසුන් ලෙස අධි පරිභෝජන රටාව හැඳින්විය හැකිය.  මිනිසාගේ සංස්කෘතිය මත ඇති කරනු ලබන මෙම බලපෑම ඔවුන්ගේ වෙළෙඳපොළ අරමුණ ඉටුකර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දෙයි. එම අධි පරිභෝජන රටාව ආර්ථිකය හා   සැසඳීමේදී  මෙම ක්‍රියාවලිය මගින් මිනිසා තුළ මානසික ආතතිය නිර්මාණය විය හැක. 

කුඩා දරුවන් ප්‍රචණ්ඩකාරී ලෙස තම ජීවිත පැවැත්ම ගත කිරීම උදෙසා ජන මාධ්‍යයේ ක්‍රියාකාරිත්වය හේතු වී ඇත 

උදා - Cartoon 

මෙමගින් ළමුන් හට මෙන්ම දෙමව්පියන්ට ද මානසික ආතතියක් නිර්මාණය විය හැක. 

මාධ්‍ය මගින් ග්‍රාහක ගත කරනු ලබන සෑම ශානරයක්ම මානසික ආතතිය නිර්මාණය කළ හැක. ඒ මාධ්‍ය සන්දේශයන්හි ප්‍රබලත්වයයි. මෙම ජනමාධ්‍ය සංදේශ මගින් මිනිසාගේ හර පද්ධතීන් ආක්‍රමණය කොට ඒ සමග ඔහුගේ ඇති බැඳීම දුරස් කිරීමට ක⁣ටයුතු කරයි. 

වර්තමානයේ බොහෝ දුරකට න්‍යෂ්ටික පවුල් ඇත. එම පවුල් වපසරිය තුල දෙමව්පියන් මාධ්‍ය කෙරෙහි නතු වීමේදී දරැවන් හට තම සිතැඟි නිසිලෙස තම දෙමව්පියන් සමග කතාබහ කොට විසඳා ගැනීමට ඇති කාල වේලාව හිඟවී යාම හේතුවෙන් දරුවන් හට එය මහත් ලෙස පීඩා ගෙන දෙන කාරණාවක් විය හැක. 


කසුනි විජේසිංහ
පුහුණු ජනමාධ්‍යවේදී
කොළඹ විශ්වවිද්‍යාලය 
ජනමාධ්‍ය අධ්‍යනාංශය 

28 චිත්‍රපටය පිළිබඳව මනෝවිශ්ලේෂනාත්මක විග්‍රහයක්

28 චිත්‍රපටය පිළිබඳව මනෝවිශ්ලේෂනාත්මක විග්‍රහයක්

අධ්‍යතන  සිනමා කර්මාන්තය කාලීන ප්‍රස්තුත යන් මුල් කොට ගනිමින් පුද්ගල මනස තුළ ඇති මානසික ප්‍රතිරූපය නිර්මාණාත්මක කලා කෘතීන් බවට පරිවර්තනය කිරීම දක්නට ලැබේ. 28 චිත්‍රපටය යනු එවැන්නකි. එම චිත්‍රපටය තුළින් විචාරශීලී දෘෂ්ටියක් ප්‍රේක්ෂක මනසේ සන්තර්පනය කිරීමට දායකත්වය සපයනු ලැබේ. සමස්ත ලෝකය තුළ පැවැත්ම නිර්මාණය වන්නේ සත්වයන්ගේ සහ ශාකයන්ගේ පැවැත්ම මතයි. සංසර්ගය නැතහොත්  සංසේචනය හේතුකොට ගනිමින් විශ්වය පරිණාමය සිදු වෙමින් පවතී. ලිංගිකත්වය නමැති අතිශයෙන් සභාවක කාරණාව බරපතළ ප්‍රශ්නයක් බවට පරිවර්තනය කර ගනිමින් මනෝ මූලික චරිත කිහිපයක් හරහා ඉස්මතු කිරීමට ප්‍රසන්න ජයකොඩි උත්සාහ දරා ඇත. 
දූෂණය ලිංගික අපචාර දිනපතා සිදුවන සිදු වන විට එය සුලබ පුවතක් වීමේ ඛේදවාචකය සාමාන්‍ය සාමාජීය මානසිකත්වය තුළ සාමාන්‍යකරණයට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය 28 චිත්‍රපටය ඇසුරිනි රෝපණය වේ. 


28 චිත්‍රපටය තුළ අන්තර්ගත වන්නා වූ චරිත කිහිපය අතුරින් පෘථග්ජන මිනිසාගේ මානසික ස්වරූපය මැනවින් ඉස්මතු කොට ඇත. විශේෂයෙන් 28 ලෙසින් මෙම චිත්‍රපටය නම් කර ප්‍රේක්ෂකයා හට ලැබීමට සැලැස්වීම හරහා ඔවුනට මානසිකව යමක් සිටීමට උත්සාහ කරවීමත් චිත්‍රපට  අධ්‍යක්ෂකවරයා විසින් සිදු කොට ඇත. එය හුදෙක් ඉලක්කමක් නොවේ. 28 මගෙන් ස්ත්‍රියගේ ඔසප් චක්‍රය සංකේතාත්මකව ඉදිරිපත් කරයි. එමගින් ස්ත්‍රියව ඉස්මතු කොට ඇත. එනම් මෙම චිත්‍රපටය හරහා සමාජය තුළ කාන්තාවකට ප්‍රසිද්ධියේ ප්‍රකාශ  කිරීමට නොහැකි හැඟීම් මනෝභාවයන් සිතවිලි සියල්ල "සුද්දී" නම් යන චරිතය හරහා ඉස්මතු කිරීමට උත්සාහ ගෙන ඇත. 

මරණයට පත් වූ කාන්තාවකගේ පාපොච්චාරණයක් හරහා සමස්ත චිත්‍රපටය ඉදිරියට රැගෙන යනු ලබයි. එනම් සැබෑ කාන්තාවකට තම සිතැඟි තම මතයන් තම දෘෂ්ටිවාදයන් පවතින සමාජය තුළ එළිදැක්වීමට තිබෙන ඉඩකඩ සීමා සහිත බව ඉස්මතු කිරීමට ප්‍රසන්න ජයකොඩි සියලුම උත්සාහ දරා ඇති ආකාරය හඳුනාගත හැකිය. කාන්තාවක් යනු දැඩි ලෙස සමාජයේ දුක් ගැහැට විඳින දුෂ්කර ජීවිතයක් ගත කරනු ලබන කොට්ඨාසයකි. එම සමස්ත කාන්තාවකගේ යටි සිත තුළ පවතින සමාජයට එක එල්ලේ ප්‍රකාශ කිරීමට අපහසු සිතිවිලි සුද්දි නම් චරිතය හරහා යථාර්තවාදීව ප්‍රේක්ෂක මනසට හැඟෙන ආකාරය⁣ට ඉස්මතු කොට තිබේ. 

සමස්ත චිත්‍රපටය තුළින් සංකේතාත්මකව විවිධ අදහස් ඉස්මතු කරයි. ඇරිස්ටෝටල් පවසන අයුරින් බලය පිළිබඳ ආශාව , ධනය පිළිබඳ ආශාව , ලිංගිකත්වය පිළිබඳ ආශාව පෘථග්ජන මානසිකත්වය තුළ පවතී. ලාංකික සමාජය එලෙස ගත් කල ලිංගිකත්වය පිළිබඳ ආශාව තිබුණද ඒ පිළිබඳ මනා දැනුමක් නොමැති බව මෙම 28 චිත්‍රපටය මිය ගිය සුද්දීගේ පාපොච්චාරණය අැසුරින් හෙළිවේ. 

"ඒකට පළමු වැරදිකාරයා මං හිතන්නේ අපේ ඉස්කෝලේ 9 පංතියේ විද්‍යාව ටීචර් කියලා"

"දැන් මට අවුරුදු තිස් අටක් මට තාමත් ඒ පාඩම උගන්නලා නෑ"

ෆ්‍රොයිඩ් දක්වන පරිදි මිනිස් අභ්‍යන්තරිකව මානසිකත්වය තුළ දැඩි ලෙස අන්තර්ගත වන්නේ අවිඥාණයයි. ඒ තුළින් ඉස්මතු වන්නා වූ ලිංගිකත්වය කුතුහලය කෙතරම් ද යත් එයද සුද්දි නම් චරිතය මගින් ඉස්මතු කරන්නේ ඇගේ පාපොච්චාරණය හරහා ය. 

"අපි ඉස්සෙල්ලාම පෙරළුවේ විද්‍යාපති අගටම තිබුන ප්‍රජනන පාඩම"

ලාංකීය අධ්‍යාපන ක්‍රමය තුළ හිඩස මෙම පාඩමයි. එය සමාජය ඉස්මතු කරමින් ප්‍රේක්ෂකයා ගේ සිතෙහි කිසියම් මනෝමූලික ප්‍රශ්නාර්ථයක් ඉස්මතු කිරීමට අධ්‍යක්ෂවරයා උත්සාහ දරා ඇත. විශේෂයෙන්ම ගත් කළ සමාජය තුළ කතා බහට ලක්විය යුතු කාරණාවන් සංස්කෘතිය සභ්‍යත්වය වැනි කාරණාවන් හේතුවෙන් හකුලා ගන්නා විට එය පුද්ගල මනසට කෙතරම් ආකාරයේ බලපෑමක් සිදු කළ හැකි දැයි යන්න මෙම 28 චිත්‍රපටය කදිම නිදසුනකි. එයට හේතු ප්‍රත්‍ය වන ලාංකීය සමාජය තුළ ලිංගිකත්වය යන කාරණය ලිංගික විකෘතියක් ලෙස පෘථග්ජන මානසිකත්වය තුළ රෝපණය වී ඇති නිසාවෙනි. 

28 සිනමා නිර්මාණය ආරම්භ වන්නේ පතලය තම ලද පුත්‍රයා මනී සමඟ  ස්ත්‍රියකගේ හැටහතර මායම් පිළිබඳව අබසිරි වර්ණනාවක සිටින විට තම පියා විසින් සුද්දිගේ මරණය සලකන විට අවුරුදු ගණනාවකට පෙර අතුරුදහන් වූ සුද්දි නැවත සොයාගෙන යාම අරමුණු වන අතර එවිට අබසිරිගේ මනෝමූලික අභ්‍යන්තර හැඟීම් ක්‍රියා කරන්නේ දුක තුනී කර ගත් අව්‍යාජ ගැමියෙකු ලෙසිනි. 

"මේ දවස් වල පත්තර වල ස්ත්‍රී දූෂණ මිනීමැරුම් ලිංගික අපචාර ලිපියක් දෙකක් වරදින්නේම නෑ" 

පෞරුෂය පිළිබඳ පිළිබද ප්‍රොයිඩඳ ප්‍රොයිඩ්ගේ මතයට අනුව ගත් කළ ඉඩ් සංස්කාරය ක්‍රියාත්මක වන ආකාරය අවස්ථා කිහිපයක දී මෙම චිත්‍රපටය තුළ ඉස්මතු කිරීමට ප්‍රසන්න ජයකොඩි උත්සාහ දරා ඇත. සේයා සදෙව්ම් ඝාතනය යාපනයේ පාසල් දැරියකගේ ඝාතනය , බලහත්කාර කම කාන්තා ලිංගික සූරාකෑම යන අපරාධයන් පරපීඩක කාමුකත්වය නිරූපණය කරයි. එහි ප්‍රධානතම මෙවලම ඉඩ් සංස්කාරයයි. එහෙම නිර්මාණාත්මක විස්මිත කිරීමට කටයුතු කරමි ප්‍රසන්න ජයකොඩි උත්සාහ දරන්නේ යටිපෙළ සමාජයට අවබෝධ කරවීමයි. 

පෘථග්ජන මිනිසා යනු කාමභෝගී ජීවිතයක් ගත කිරීමට ඇල්මක් දක්වන ලද සත්වයෙකි. සිය මනස තුළ ආශක්ත වන්නා වූ හැඟීම් එක එල්ලේ ප්‍රකාශක නොහැක්කේ සමාජ සංස්කෘතික රාමුව සහ සදාචාර විරෝධී වීම හේතුවෙනි. ෆ්‍රොයිඩ් මනෝ විශ්ලේෂණවාදය තුළ ඉතාමත් ප්‍රබල ලෙස ඉස්මතු කර දක්වයි. සුද්දී නම් මියගිය කාන්තාවගේ පාපොච්චාරණය හරහා ඉස්මතු වන්නේ සමස්ත චිත්‍රපටය තුළින් ම කිසියම් පහරක් මිනිසාගේ මානසිකත්වය තුළ  තිබෙන ඉඩ්  සංස්කාරය ට පහරක් එල්ල කරමිණි. 

"අපේ රටේ තමන් ගැන ඇත්ත කියන්න පණ තියෙන මනුස්සයෙකුට බැහැ" 

28 චිත්‍රපටය තුළ පිරිමින්ගේ පමණක් නොව කාන්තාවන්ගේ කාන්තාවන්ගේ පාපොච්චාරණයයි මනෝභාවයන් සඳහා ඉඩකඩ අවස්ථාව ලබා දීම දක්නට ඇත. අබසිරි විසින් සුද්දිගේ නිර්වත ප්‍රථමවරට දකින්නේ මල් ශාලාව තුලදීය. සුදිදීගේ නිරැවත් සිරැර දුටු අබසිරි පවසන්නේ,




........................................



නමුදු සුද්දීගේ මළ සිරුර අසල කිසිවකු නොසිටින අවස්ථාවේ ක්‍රියා කරන ලද ආකාරය හරහා මිනිසාගේ අතෘප්තකර මානසික  ආශාවන් සංතෘප්ත කර ගැනීමට යාම ද පොදුවේ සමාජය තුළින් අසන්නට දකින්නට ලැබෙන කාරණාවකි. 
එය 28 චිත්‍රපටය හරහා එළි දැකීමට ප්‍රසන්න ජයකොඩි උත්සාහ කර ඇති ආකාරය අපූරුවයි. එනම් පුද්ගල අවිඥානය තුළ ලිංගික හැඟීම් තෘප්තිමත් කර ගැනීමට මළමිනියක් හෝ ප්‍රමාණවත් බව නිර්මාණකරුවන් සමාජයට ඉංග්‍රීසීන් පවසයි. 

මෙම 28 චිත්‍රපටය හරහා ස්ත්‍රියකගේ මනෝභාවය ස්ත්‍රී ලාලිත්‍ය සංයමයකින් යුක්තව සමාජයට ගෙන හැර පායි විශේෂයෙන්ම ස්ත්‍රියක් ප්‍රසිද්ධ නොකරන යට සිරිතක් මනාව ඉස්මතු කරන්නේ සමස්ත කාන්තා සමාජය ම ඉස්මතු කරමිනි. සමාජය තුළ ඇති සමාජ මානසිකත්වය නිර්මාණය වී ඇත්තේ ද කාන්තාව යනු පුතෙක් වෙළඳ භාණ්ඩයක් යයි යැයි හංවඩු ගසමිනි. 


"එයා මාව කසාද බඳිනවා කිව්වම මගෙත් එක්ක හිටපු කොල්ලො දෙන්නගෙ ඇස් උඩ ගියා" 

මෙම චිත්‍රපටය තුළ හමුවන තවත් එක් ප්‍රබල චරිතයක් ලෙස අබසිරිගේ පියා ඉස්මතු වේ. සුද්දිගේ මාමණ්ඩිය ග්‍රාමීය වැසියකු ලෙස ඔහුගේ අභ්‍යන්තරික මානසිකත්වය ක්‍රියා කරන ආකාරය මෙම චිත්‍රපටය තුළ දී වැදගත් වෙයි. එමෙන්ම ප්‍රසිද්ධ ස්ථානයක් තුළ දිය නෑමේදී මෙන්ම පෞද්ගලික අවකාශයක් වන නාන කාමරය තුළ දී ඇයට එකම අර්බුදයකට මුහුණ දීමට සිදුවේ. එනම් පුද්ගල යටි සිත තුළ ඇති ලිංගික ආශාවන්ගේ ආශාවන් ගේ ගොදුරක්  බවට ඇය පත්වීමයි. තවත් විටක එම නාන කාමරය පුද්ගල යටි සිත තුල  ඇති ගුප්ත ලිංගික ආශාවන් සංකේතවත් වන බවද දැක්විය හැක. එනම් මිනිස් මනස තුළ ඇති එම ලිංගික කාමුක හැඟීම් යම්කිසි පුද්ගලයකුගේ පෞද්ගලික අවකාශ වලට එල්බ ගැනීමට තරම්, පුද්ගල මනස ක්‍රියා කරන ආකාරය නිරෑපණය කිරීම හරහා පුද්ගල අවිඥානයේ ප්‍රබලත්වය මෙම චිත්‍රපටය ඇසුරින් මැනවින් නිරූපණය වේ. 

සුද්දීගේ මළ සිරුර නිවසට රැගෙන පැමිණි අවස්ථාවෙහි දී සිය මාමණ්ඩිය කඳු මුවාව දෙස බලා සිටින්නේ තමා වරදක් නොකළ සුචරිත පුද්ගලයෙකු ලෙසය. එවිට ක්ෂණයෙන් කැමරා කෝණය මාමණ්ඩිය දෙස එල්ල කරන කැමරාකරුවා  නැවතත් කැමරා කෝණය නාන කාමරය දෙස දෙසට එල්ල කරමින් කැමරාව හසු කර ගන්නේ නාන කාමරයෙන් පිටත දිය සෙවල වලින් පිරි ජරාජීර්න  වී ගොස් ඇති ආකාරය යි. එය සංකේතාත්මකව ඉස්මතු කරන්නේ පුද්ගල මනසයි. ව්‍යවහාරයේ පවතින "අභ්‍යන්තර සිතේ කැඩපත මුහුණ යන ප්‍රකාශය" එමගින් ප්‍රත්‍යක්ෂ වේ.  දියසෙවෙල මගෙන් නිර්මාණකරුවා ඉස්මතු කරන්නේ මානසික භාවයන් දියසෙවෙල වලට සමාන කරමිණි. එනම් මිනිසාගේ අභ්‍යන්තරය කිලිටිවීම  වීම හරහා අපගේ මානසික භාවයන් තුළ ද දියසෙවල අකුසල් හිත ක්‍රියාත්මක වීමේ ස්වභාවය ප්‍රබල ලෙස සංකේතාත්මකව සතු කරයි. 

එමෙන්ම සමස්ත චිත්‍රපටයේම සංසිද්ධියක් ලෙස මළ මිනියක් රැගෙන යන අයුරු දක්නට ලැබේ. එමඟින් යම් කිසි යම්කිසි ආකාරයකට පෘථග්ජන මානසිකත්වය තුළ කිසියම් ගැටළුවක් ඇති වීම සංකේතවත් කරයි. එනම් මිනී පෙට්ටිය මාර්ගයෙන් පහළට ඇද වැටීම හලට ඇද වැටීම හරහා ගැටළුව ඇතිවී එම ගැටලුව හරහා තව ගැටලු නිර්මාණය වීම පුද්ගල මනසට බද්ධ කර ඇති ආකාරය හඳුනාගත හැක. පුද්ගල මනස ද එබඳු වෙයි. මනුෂ්‍ය ජීවිතය තුළ ප්‍රශ්න ගැටලු ගැටලු මතු වූ විට එම ගැටලුවලින් මිදීමට උත්සාහ නොකරන අතර ප්‍රශ්න තුළ සිටිමින් එම ගැටළු හරහා තවත් ගැටලු ඇති කර ගනිමින් මිනිසා ජීවිත කාලය පුරාම ප්‍රශ්නය සමඟ කාලය ගත කරයි. එය අත්හැරිය නොහැකි එමගින් පුද්ගල මනෝභාවයක් සංකේතාත්මක ඉස්මතු කිරීමට නිර්මාණකරුවා දරා ඇති උත්සාහය අගනේය. එම මිනිපෙට්ටිය මගින් පුද්ගල ජීවිතය තුළ ඇතිවන්නාවු ප්‍රශ්න ගැටළු ඉස්මතු කිරීමට නිර්මාණකරුවා කටයුතු කර තිබේ. 

ස්ත්‍රී අරභයා වන පුරුෂ කියැවීම කිසියම් මානසිකත්වයක පවතින බව 28 චිත්‍රපටය ආරම්භයේදීම ප්‍රේක්ෂකයාට ගෙනහැර පායි. එය අබසිරිගේ පරම්පරාවද මාලිගය පරම්පරාව ද එක ලෙසින් කාන්තාවන් යන්න රාමුගත මානසිකත්වයක් 64මායම් හරහා ඉස්මතු කොට තිබේ. ස්ත්‍රී අරභයා වන පුරුෂ කියවීම වෙනස් වේ එය කිසියම් පුද්ගලයා මානසිකත්වයකින් රාමුගත කොට කාන්තා මේ අනුව මෙවැන්නක් යන්න වග නිරූපණය කොට ඇත. අශෝක හඳගමයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද අසන්ධිමිත්තා චිත්‍රපටය තුළ ස්ත්‍රිය අරභයා වන පුරුෂ කියවීම හසුකර ගනු  පිණිස අසන්ධිමිත්තාගේ ශරීර ස්වරූපය උපයෝගී කරගැනීමේ අවස්ථාව කරා යාමට හඳගමයන් වෑයම් කරන බවක් පෙනේ. මෙහිදී නිර්මාණ කරුවන් දෙදෙනා විසින් එකිනෙකට වෙනස් මානසික ප්‍රස්තුත ප්‍රස්තුතයක් අරඹයා කාන්තාව නිර්මාණය කර ඇති අයුරු හඳුනාගත හැක. 

චිත්‍රපටය ආරම්භයේ දී මියගිය සුද්දිගේ පාපොච්චාරණය හරහා මෘත ශරීරාගාරයේ ස්ත්‍රීන් මිය යාමට හේතුව විවේචනාත්මකව විස්තර කරනු ලබයි. එවැනි ප්‍රස්තුත හරහා නිර්මානකරුවා සැබෑ සමාජ යථාර්ථය ඔස්සේ පුද්ගල අදම මානසිකත්වයත් , පරපීඩක කාමුකත්වයත් මනාව ඉස්මතු කොට ඇත. එසේම මළ මිනී මගින් සාමාජීය පුද්ගල මනෝභාවයන් ප්‍රබල ලෙ ඉස්මතු වේ. 

මනෝ විශ්ලේෂණාත්මක ව විග්‍රහ කිරීමේදී අබසිරිගේ සිත තුළ තුල තෙරපෙන මානසික ගැටුම සමස්ත චිත්‍රපටයේ ඉදිරියට රැගෙන යාම සඳහා මනා පිටුවහලක් සහ දායකත්වයක් සපයයි. 







කොත්මලේ ප්‍රජා ගුවන් විදුලි සේවය

කොත්මලේ ප්‍රජා ගුවන් විදුලි සේවය 
විද්‍යුත් සන්නිවේදනයේ ප්‍රබලතම ක්ෂේත්‍රය ගුවන් විදුලියයි. 

යුනෙස්කෝ සංවිධාන ලෝකයේ තිබෙන ගුවන්විදුලි සේවා ප්‍රධාන ශානර හතරක් යටතේ වර්ගීකරණය කර ඇත. (United nations Educational scientific and cultural organization) 

පෞද්ගලික හිමිකාරීත්වය සහිත වාණිජ ගුවන්විදුලි සේවා. 
(Commercial bordcast channels with private ownership) 

රාජ්‍ය හිමිකාරීත්වය සහිත ගුවන් විදුලිය 
State - owned Radio 

ජාතික මහජන සේවා ගුවන්විදුලි 
National public service Radio

විකල්ප ගුවන්විදුලි 
Alternative Radio

කොලින් ෆ්රේසර් (colin fraser) හා සෝනියා රෙසට්‍රපො එස්ටාඩා (sonia Restrepo Estrada) 
(2001) අනුව මහජන සේවා ගුවන්විදුලි සංකල්පය මත පදනම්ව ප්‍රජා ගුවන්විදුලි සේවා ක්‍රියාත්මක වේ. 

සමස්ථ  මහජනයාට මහජන සේවා ගුවන්විදුලි ක්‍රියාත්මක වන අතර එම මහජනතාවගේ විවිධ ස්තරයන් තෝරාගනිමින් සුවිශේෂී ප්‍රජා කණ්ඩායමකට ක්‍රියාත්මක වීම ප්‍රජා ගුවන් විදුලිය සිදුකරනු ලබයි. 




ප්‍රජාව හඳුනාගැනීම 

පොදු ගති ලක්ෂණ සහිත ජන කණ්ඩායමක් 
තෝරා ගත් භූමි ප්‍රදේශයක එකට ජීවත් වීම එකම වෘත්තියක හෝ ආර්ථික කාර්යක නියැලීම
එක සමාන සමාජ , ආර්ථික හෝ සංස්කෘතික ස්ථරයට අයත් වීම 
යම් පොදු අභිලාෂයන් සහ උවමනාවන් පැවතීම 

මෙලෙස ප්‍රජා  කණ්ඩායමක දැකගන්නට ලැබෙන මූලික  ලක්ෂණ කිහිපයකි. 
මෙවැනි ගති ලක්ෂණ සහිත ප්‍රජාවක් අතරින් ප්‍රජා ගුවන් ගුවන්විදුලි සේවයක්  බිහිවේ. 

ප්‍රජා ගුවන්විදුලිය හැඳින්වීම

ප්‍රජා ගුවන්විදුලි  මධ්‍යස්ථානයක් යනු ප්‍රජාව පිළිබඳව ප්‍රජාව විසින් ප්‍රජාව උදෙසා ප්‍රජාව තුළ ක්‍රියාත්මක කරන්නකි. 

ලුයී ටාබින් 

ප්‍රජා ගුවන්විදුලියක් යනු,

ප්‍රජා සහභාගිත්වය
ප්‍රජා හිමිකාරිත්වය හා කළමනාකාරීත්වය 
තෝරාගත් ප්‍රදේශයක් ආවරණය කිරීම 
සරල තාක්ෂණයක් භාවිතය
අඩු වියදම
කුඩා කාර්ය මණ්ඩලයක් සහිත වීම
ලාභ නොලැබීම 


ප්‍රජා ගුවන්විදුලි සංකල්පයේ ව්‍යාප්තිය 

1950 දශකයෙහි බොලිවියාවේ ආකර කම්කරුවන් ගේ හඬ ලෝකයේ ප්‍රථම ප්‍රජා (Voice of miners) සේවය යැයි බොහෝ දෙනා පිළිගැනේ. 

උදා - තම්බුලි ප්‍රජා ගුවන්විදුලි - පිලිපීනය
රේඩියෝ සාගර මාතා - නේපාලය
රේඩියෝ සුටාටෙන්ෂා - කොළොම්බියාව


ශ්‍රී ලංකාවේ ප්‍රජා ගුවන්විදුලි සේවා 

1977 පසු ශ්‍රී ලංකාවේ ඇති වූ සමාජ ආර්ථික වෙනස්කම් වල ප්‍රතිඵලයක් වශයෙන් මෙරට විද්‍යුත් ඒකාධිකාරිය හිමිකරගෙන සිටී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ගුවන්විදුලි  විකාශන කටයුතු විමධ්‍යගත කිරීමටත් ඒ තුළින් ප්‍රාදේශීය සහභාගිත්වය ගුවන්විදුලි මාධ්‍ය කෙරෙහි ලබා ගැනීමත් සලකා බලනු ලැබීය. 

ආසියාවේ ප්‍රථම ප්‍රජා ගුවන් විදුලිය බිහිවූයේ ශ්‍රී ලංකාවේය. 

1981 වර්ෂයේ  ආරම්භ වූ මහවැලි කඩිනම් ව්‍යාපාරය යටතේ බිහිවන ප්‍රජා ගුවන්විදුලි ලෙස, 

මහවැලි ප්‍රජා ගුවන්විදුලිය (1981) 
ගිරාඳුරුකෝට්ටේ ප්‍රජා ගුවන්විදුලිය (1986)
කොත්මලේ ප්‍රජා ගුවන්විදුලිය (1988)
ඌව ප්‍රජා ගුවන් විදුලිය  (2001-2003)
මහ ඉලුප්පල්ලම ප්‍රජා ගුවන්විදුලිය


කොත්මලේ ප්‍රජා ගුවන්විදුලිය (1988) 

මහවැලි ව්‍යාපාරය යටතේ සංවර්ධනය කරනු ලැබූ දෙවන විශාලතම ප්‍රජා ගුවන් විදුලි සේවය වන්නේ කොත්මලේ ප්‍රජා ගුවන් විදුලියයි. 

1989 ජනවාරි මස 17 දින මාවතුර ප්‍රදේශයේ ආරම්භ විය. 

කොත්මලේ වේල්ල ට ඉහලින් පිහිටි දොරගල ගම්මානේ වසා තිබූ තේ කර්මාන්ත ශාලාවක කාමරයක ඉදිකළ මැදිරියක සිට කොත්මලේ ප්‍රජා ගුවන් විදුලියේ විකාශන කටයුතු  ආරම්භ කරන ලදී. 

එවකට  ඉඩම් සංවර්ධන හා මහවැලි අමාත්‍යව සිටි ගාමණී අතුකෝරළ මහතා විසින් කොත්මලේ ප්‍රජා ගුවන් විදුලි සේවය විවෘත කර ඇත.  

මෙය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා යුනෙස්කෝවේ අරමුදල් සහිතව එසේම කොළඹ විශ්වවිද්‍යාලය ද අනුමැතිය සහිතව ආරම්භ කොට තිබේ.   



මධ්‍යම කඳුකරයේ මාවතුර ප්‍රදේශයේ පිහිටනු ලැබූ කොත්මලේ ප්‍රජා ගුවන් විදුලිය මගින් නාවලපිටිය ගම්පොල හැටන් සහ තිස්පනේ යන නගර හා ගම්මාන  60 පමණ ආවරණය කරනු ලබයි. 

කොත්මලේ ප්‍රජා ගුවන්විදුලි මධ්‍යස්ථාන අවට 15km අවට කලාපය තුල හමු වූ බොහෝ දෙනෙක් කොත්මලේ ප්‍රජා ගුවන්විදුලියට සවන් දී ඇති බව කොත්මලේ ප්‍රජා ගුවන් විදුලි ගුවන්විදුලි මධ්‍යස්ථානයේ ස්වේච්ඡා සේවිකාවක් වශයෙන් කටයුතු කළ ඕස්ට්‍රේලියානු ජාතික ටාන්‍යා නෙතලි ප්‍රකාශ කර තිබේ.  

කොත්මලේ ජලාශ ඉදි වීමත් සමඟම එම ප්‍රදේශවල ජනතාවගේ පාරම්පරික ඉඩම් ඔවුනට අහිමි වීමත්  සමඟ එය අවට පිහිටි තේ ඉඩම් වලින් කොටස් වශයෙන් එම ප්‍රජාවට ලබා දී තිබේ. 

මොවුන් මුල් මුල් කාලයේ නම් ගොවිතැන් හා සුළු අපනයන බෝග වගාවන් සඳහා අවශ්‍ය දැනුම ලබා ගැනීමටත් 

සමාජ පරිසරවල යහපත් අන්දමින් සමාජ ගතවීමටත් 

අවශ්‍ය උපදෙස් ලබා ගැනීමටත් 

හොඳ සමාජය තුළ යම් උසස් මට්ටමකට රැගෙන ඒමටත් 


යන කාරණා මූලික කොට ගෙන කොත්මලේ ප්‍රජා ගුවන් විදුලි සේවය ස්ථාපිත වී තිබේ. 



කොත්මලේ ප්‍රජා ගුවන් විදුලියෙහි ක්‍රියාකාරීත්වය

මුල් කාලයේ නව රාත්‍රි 7.00 සිට 8.00 දක්වා කාලයක් ඉතා කෙටි ගුවන් කාලයක් තුළ  විකාශන කටයුතු සිදු කළ අතර පසුකාලීනව රාත්‍රී විකාශනය, ආදී වශයෙන් විකාශනය කටයුතු සිදු කෙරිනි.  






















සන්නිවේදන ප්‍රතිපත්තින්හි /ක්‍රමවේදයන්හි ජාත්‍යන්තර පසුබිම සංවර්ධිත රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් ඇසුරින්

සන්නිවේදන ප්‍රතිපත්තින්හි /ක්‍රමවේදයන්හි ජාත්‍යන්තර පසුබිම සංවර්ධිත රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් ඇසුරින්
සංවර්ධිත රටවලට සාපේක්ෂව විධිමත් ආපදාකළමනාකරණ ව්‍යුහයක් ස්ථාපිත වී නොමැති සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රශස්ත මට්ටමේ අපදා සන්නිවේදන ජාලයක් ක්‍රියාත්මක නොවේ. 

සංවර්ධිත රටවලට සාපේක්ෂව සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් හි ආපදාවන්ට වැඩි වශයෙන් මුහුණ දී ජීවිත දේපළ හානි රාශියක් සිදු වන අයුරු හඳුනාගත හැකිය. 

යුරෝපය තුල බොහෝ රාජ්‍යයන්හි ඉතා ක්ෂණික වශයෙන් ක්‍රියාත්මක වන්නාවූ ජාතික ආපදා සන්නිවේදන පද්ධති හඳුන්වා දී තිබේ. ජාත්‍යන්තරය ගත්කල පරිපාලන හා දේශපාලන ආයතන ආරක්ෂක හා යුධ ආයතන හා මාධ්‍ය ආයතන මේ සඳහා ප්‍රධාන වේ. ඒ අතරිනුත් ප්‍රධාන කාර්යය සිදු කරන්න ලබන්නේ මාධ්‍ය ආයතන විසිනි. නමුත් සංවර්ධනය වෙමින් පවතින රටවල මෙවැනි කාරණා දක්නට ලැබුණද ඒවා විධිමත් ලෙස ක්‍රියාත්මක නොවන අයුරු හඳුනාගත හැක. 

පෙර පරිච්ඡේදයක සඳහන් කරන ලද පරිදි සංවර්ධිත රාජ්‍යයන් ආපදා සන්නිවේදන ප්‍රතිපත්තියෙන්හි මනා සැලසුම් සහගත භාවය හේතුවෙන් එම රාජ්‍යයන් හි දක්නට ලැබෙන ආපදා සන්නිවේදනය විධිමත්ව සිදු වන ක්‍රියාවලිය සංවර්ධනය වෙමින් පවතින රාජ යද්දි සත්‍ය සත්‍ය වශයෙන්ම සිදු වනවාද නැද්ද යන්න පිළිබඳව ගැටලු ගැටලු අද්‍යතනය වන විට ඉස්මතු වී පෙනෙන්නට තිබේ. 

විශේෂයෙන්ම ගත් කල බ්‍රිතාන්‍ය ඇමෙරිකානු රාජ්‍යයන් ආපදා සන්නිවේදන ක්‍රියාදාමයන්හි ආපදාවකට මුහුණ දෙන ප්‍රජාවගේ බිඳ වැටෙන මානසිකත්වය යහපත් අතර පරිවර්තනය කිරීමේ ක්‍රමවේදයන් ප්‍රතිපත්ති රාමුවක් තුළ කටයුතු කරයි. 

රටක් සංවර්ධනය කරා ගමන් කර දීමේදී ප්‍රජාවගේ සවිබල ගැන්වීමට බෙහෙවින් වැදගත් වන බව ජාත්‍යන්තර රටවල් අවබෝධ කරගෙන සිටී. නමුත් සංවර්ධනය වෙමින් පවතින රාජ තුළ එවැනි සරල කාරණාවන් පවා පසෙකලා ආර්ථික ක්‍රියාවලිය හමුවේ ජනමාධ්‍ය අද මාධ්‍ය කර්මාන්තය තුළ මුදල් පසුපස හඹායන ප්‍රවාහයක් බවට පරිවර්තනය වෙමින් තිබේ. 

ආපදා සෙනවි තැන ප්‍රතිපත්තීන්හි ජාත්‍යන්තර පසුබිම සංවර්ධනය වෙමින් පවතින රටවල් ඇසුරින් විග්‍රහ කිරීමේ දී ශ්‍රී ලංකාවේ වැදගත් වනු ඇත.  ශ්‍රී ලංකාවේ ස්වභාවික විපත් සම්බන්ධයෙන් සිදු වනුයේ ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලියක් පමණි. මෙරට ආපදාවන් කළමනාකරණය පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් 1990 දශකයේ ආපදා ආපදාකළමනාකරණ දර්ශකය ලෙස නම් කර තිබුණද තිබුණ ද එයින් පවා මෙරට ආපදා කලමනාකරණය පිළිබඳව පුළුල් කතිකාවතක් ඇති කිරීමට උනන්දුවක් ඇතිවූයේ නැත. 

2003 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකු මවිතයට පත් වෙමින් කිසිවකු නොසිතූ ප්‍රදේශ බොහෝමයක් නායයෑමට ලක් විය. ජල ගැනීම වලට ගොදුරු විය. දිනෙන් දින නොසිතන ආකාරයේ ස්වභාවික විපත් අත්විඳීමට සිදු වී ඇත්තේ ස්වාභාවික ආපදාවලින්  එල්ලවන අභියෝග ජය ගැනීමට තරම් ආපදා සන්නිවේදනය සම්බන්ධයෙන් මෙරට තුළ ප්‍රතිපත්තියක් නොමැති වීමේ ප්‍රතිවිපාකයන් ය. 

මෙරට තුළ සුබසාධන මධ්‍යස්ථාන වලට හා සෙසු විපතට පත්වූවන්ට සහන සැලසීමේ දී වියළි ආහාර ලබා දීමේ දී විෂමතා ඇති වීමට නිසි ආපදා කළමනාකරණ ප්‍රතිපත්තියක් නොමැති වීමේ අඩුව බෙහෙවින් බලපා තිබේ. ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කරන ලද 2005 අංක 13 දරණ ආපදාකළමනාකරණ ආපදාකළමනාකරණ පනතේ ප්‍රධාන අරමුණ පහකි. 

ජාතික ආපදා ආපදාකළමනාකරණ සභාවක් පිහිටුවීම
ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය පිහිටුවීම
තාක්ෂණික කමිටු පිහිටුවීම
ආපදාවන්ට වළඳ ලකාට සහන සේවා හා වන්දි ප්‍රදානය

ආපදාවක් වළක්වන විධිමත් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වීම තුළින් රට විධිමත් ලෙස සංවර්ධනය කිරීමට ද හැකි වේ. 

සංවර්ධිත රටවලට සාපේක්ෂව විධිමත් ආපදාකළමනාකරණ බිය යකෝ ස්ථාපිත වී නොමැති සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රශස්ත මට්ටමේ ආපදා සන්නිවේදන ජාලයක් ක්‍රියාත්මක නොවේ මූලික අවශ්‍යතාව සපුරා ගැනීමේ තරඟයට උර දී සිටින දියුණු වෙමින් පවතින තුන්වන ලෝකයේ රටවල ආපදා සන්නිවේදනය ලෙස ක්‍රියාත්මක වනුයේ කිසියම් ආපදාවක් සිදුවීමෙන් පසු වන සිද්ධි වාර්තා කරණය කි. ආපදාවන්ට පෙර හා පසු වශයෙන් විධිමත්ව කළමණාකරන රටාවක් ව්‍යාප්ත කරනවා සේම සන්නිවේදනයේ දී ද ගවේෂණාත්මක අර්ථකථන නොදී ආපදා පිළිබඳ උඩින් පල්ලෙන් වන අතපත ගෑමේ වාර්තාකරණයක් දක්නට ලැබේ. 

ඉදිරි වසර කිහිපය තුළ ලොව බොහොමයක් රටවල් ආපදාවලට නිරාවරණය වීමේ ඉඩ ප්‍රස්ථාව වැඩි හෙයින් බොහොමයක් දෙවැනි ලොව දියුණු වෙමින් පවතින රටවල් සඳහා විධිමත් ආපදාකළමනාකරණ ව්‍යුහයක් මෙන්ම ආපදා සන්නිවේදන ප්‍රතිපත්ති සැකසීමේ අවශ්‍යතාවයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පෙන්වා දී ඇත. 

WA කසුනි නිමල්කා විජේසිංහ
කොළඹ විශ්වවිද්‍යාලය 
ජනමාධ්‍ය අධ්‍යනාංශය 

ගවේෂණාත්මක වාර්තාකරණය

ගවේෂණාත්මක වාර්තාකරණය ගවේශනාත්මක වාර්තාකරණය යනු කිසියම් සිද්ධියක්, අවස්ථාවක් හෝ පුද්ගලයෙකු පිලිබඳ ගැඹුරින් සොයා බලා වාර්තා කිරීම...